Thursday, June 28, 2012

හිත මිතුරු සුළඟ......





කොහොමද හැමෝටම?
ඔන්න කාලෙකින් ආවා පුංචි කාලේ කරපු වැඩක් අද හදිස්සියේම මතක් වෙලා, ඒ දේ අකුරු කරලා යන්න. වැඩ අධික කමත් එක්කම බ්ලොග් ලිපි කියවන එක ටිකක් ප්‍රමාද වුනත් කොහොමහරි වෙලාව හොයාගෙන එව්වාත් කියවනවා. සමහර ලිපි කියවද්දී මැරෙන්න හිනා.. අන්තිමට ඔෆිසියේ උන්ගෙනුත් නොන්ඩි වෙනවා :( :පි
හරි දැන් එමු කතාවට.
මේ වෙද්දී මගේ වයස අවුරුදු 7 ක් . ඒ කියන්නේ මම 2 වසරේ. අපේ මල්ලි මොන්ටිසෝරියේ. අපේ පාරේ ගේ එහා පැත්තේ තිබුනා ගෙවල් දෙකක්. එක ගෙදරක හිටියා 5 වසරේ අයියා කෙනෙක්. අනිත් ගෙදර හිටියා 1 වසරේ මුස්ලිම් මල්ලි කෙනෙක්. ඉතින් අපි කට්ටිය තමයි සෙල්ලම් කරන්නේ. සෙල්ලම් කියුවේ ඉතින් ගල් 7 ගහනවා, ටකරං සෙල්ලම් කරනවා. සෙල්ලම් ගෙවල් හදනවා.හැංගිමුත්තං කරනවා. හැඟෙන්නේ මහපාරේ තමයි. ලොකු වතු නැහැ ඉතින් දුවන්න.නැත්තම් ගෙවල් අස්සේ. ගෙවල් ඉස්සරහා තියෙනවා මහා පාරට මුහුණලා අතුරු පාරක්. අන්න එකේ තමයි සෙල්ලේම් කරන්නේ.  ඉතින් අපි ඔක්කොම පොඩියි නේ.. අඬනවා කෑ ගහනවා. මගේ කට හෙන සද්දයි පොඩි කාලේ. කෑ ගහද්දි හීනියට සද්දෙට ඇහෙනවා. ඉතින් අනිත් උන් බයයි මම කෑ ගහද්දි. :D


අපේ ගෙදදරම සයිඩ් එකේ එළියේ තමයි අපි සෙල්ලම් ගෙවල් හදන්නේ. රෙදි වලින්. වහලට පැදුරක් දානවා. ඔහොම සෙල්ලම් ගේ හදන දවස් වලට අපි අපේ බාප්පිගේ පුතාටත් එන්න කියනවා. උදව්වට. එයා ඉන්නේ 3 වසරේ. එයාට ගස් වලට එහෙම නගින්න පුළුවන්. ඉතින් ඔහොම අපි හැම වාරයකදීම සෙල්ලම් ගෙයක් හැදුවා. ඒ කියන්නේ අව්රුද්දට 3 න් පාරක්. සෙල්ලම් ගේ හැදුවම මම තමයි අම්මා, අර අයියා තමයි තාත්තා. අපේ මල්ලි තමයි බබා. අර මුස්ලිම් මල්ලි තමයි එ‍හා ගෙදර මිනිහා. ඉතින් අපි රණ්ඩු කරගන්නවා එයා එක්ක අපේ ගෙදරට කුණු දානවා කියලා.
දවසක් අපේ බාප්පිගේ පුතා ඉන්න දවසක එයා නුලකට පොල්කටු දෙකක් ගැට ගහලා එක පොල්කට්ටක් එක්ක එයා අපේ ගේට්ටුව ගාවට ගිහින් ඔත්තු බලනවා. අපේ අයියා තමයි කඩාකප්පල්කාරයා.අපේ අයියා එනවද කියලා තමයි ඔත්තු බලන්නේ. එනවානම් පොල්කට්ටට කියනවා. අපි මෙහෙ ඉඳං අහගන්නවා. එත් ඇහෙන්නේ නැහැ. ඉතින් අයියා ඇවිත් ගේ කුඩුකරනකම්ම අපි දන්නේ නැහැ. එතකොට අපේ අයියාත් 5 වසරේ. එත් අපි එක්ක සෙල්ලම් බත් උයන අයියාත් අපේ අයියට බයයි.


දැන් ඔන්න ඊළඟ අවුරුද්දේ අපි ටිකක් දැන් ලොකුයි. මම 3 වසරේ. අපි එදාත් නිවාඩුකලේ සෙල්ලම් ගෙයක් හැදුවා. දැන් ඔන්න ගේ ඇතුලට වෙලා තමයි අපි දවල්ට බත් කන්නෙත්. අපේ ගේ ළඟ තියෙනවා ලොකු කඩයක්. අපි එදා සල්ලි එකතුකරලා ඒ කඩෙන් ජුජුබ්ස් ගෙනාවා. අපේ අයියා ඇවිත් මග රැකලා ඒවා අපෙන් උදුරගත්තා. ඒ කාලේ ඉඳන්ම අපේ අයියා හැමදෙයක්ම බන්කලොත් කරන්නා විදියට තමයි අපි හැදින්නුවේ.
අපේ ගේ ඉස්සරහා ගෙදර ඉන්නවා කෙට්ටු අන්කල් කෙනෙක්. එයාට අපි කියන්නේ ඇටකෝට්ටා කියලා. එයාට ටිකක් විතර පිස්සු. එයා හැමදාම ඒ පාර අතුගානවා. එයා කියනවා ඒ පාර එයාගේලු. අපි සෙල්ලම් කරනවට කැමැති නැහැ. ඒ පාර අපේ සීයාගේ පාරක්. සීයාගේ නමට රෙජිස්ටර් කරපු. එයා කියනවා සීයා එයාට පැවරුවාලු. කිසිම ලියකිවිල්ලක්වත් පෙන්නන්නේ නැහැ හැබැයි. ඉතින් අපි හිතන්නේ එයාට පිස්සු කියලා. පුංචි කාලේ සෙල්ලම් කරද්දී අපිට බනින නිසා අපේ අයියාට වඩා එයා තමයි අපේ ලොකුම හතුරා වෙලා හිටියේ. ඉතින් මේ හතුරට හොඳ පාඩමක් උගන්නන්න කියලා අපි රහසිගත ප්ලෑන් එකක් ගැහුවා. ඒ ගස්ලබු බෝම්බයක් හදලා ඇටකෝට්ටා  ගෙදරට දාන්න. ඉතින් අපි මුලින්ම ගස්ලබු ගෙඩියක් හොයාගත්තා ටිකක් අමු එකක්.ඊට පස්සේ එකේ මදය හෑරුවා උල් පිහියකින්. ඊට පස්සේ ගිනි පෙට්ටි 5 ක් ගෙනල්ලා ඒවල ගින්දර පත්තුවෙන කළු හිස කොටස සුරලා ගත්තා. ඊට පස්සේ ඒක කොලයක තියලා ගැටගහලා එකට නුලක් සම්බන්ද කරලා නුල එලියට හිටින්න අර කුඩු තියෙන කොලේ එකට දැම්මා. දැන් නුල පත්තු කරාම නුල ඇවිලිලා ගිහින් අර වෙඩි බෙහෙත් පත්තු වෙලා ඩොන් ගලා ගස්ලබු ගෙඩිය පුපුරයි. එතකොට ඇටකෝට්ටාගේ ගේ ගිනිගනී කියලා.
                             දැන් බොම්බේ ඇටකෝට්ටාගේ ගේ ඇතුලෙන් තියන ඒක තමයි ඊළඟ වැඩේ. අපි අර මුස්ලිම් පොඩි එකාව යැවුවා ඇන්ටි කියලා කතා කරන්න. ඊට පස්සේ ඇන්ටි ආවම බොලේ පිටිපස්සට ගියා කියලා ඇන්ටි බොලේ හොයන්න ගියාම ගේ ඇතුලෙන් අර බොම්බේ තියලා දුවලා එන්න.නුල දිගට දාලා තියෙන නිසා අපි නුල පත්තු කරලා ඈතට වෙලා කන් වහගෙන බලාගෙන හිටියා.


හෑ කිසිම සද්දයක් නැහැ අයියෝ අපේ බලාපොරොත්තු සුනේ සුන්. කෝකටත් තයිලේට  ඉන්න අර පොඩි එකාව යැව්වා බලාගෙන එන්න කියලා. මෙන්න මු ගස්ලබු ගෙඩියත් අරගෙනවා එනවා ගේ දොරකඩ තිබුනා කියලා. :((


කොහොම හරි අපේ ක්‍රියාව සාර්ථක උනේ නැහැ. අපි සෙල්ලම් ගෙදරට දුක් මුසු මුහුණින් එනකොට අපේ සෙල්ලම් ගෙදරත් විනාශ කරලා අපේ අයියා. ඔහොම්මම අපේ සෙල්ලම් ගේ හැදිල්ල නැවතුනා. අපිට ඇත්තටම එපා උනා. එත් හැමදාම සෙල්ලම් කරා.


අද වෙද්දී ඒ අයියා පෞද්ගලික බැංකුවක රැකියාවක නිරත වෙනවා. මං තුමිත් එසේමයි. අර මුස්ලිම් මල්ලි ත් එසේමයි. අපේ මල්ලිත් බැංකු ආශ්‍රිතව ඉගෙනුමෙහි නිරත වෙනවා. ඒ මිතුදම එදා වගේම අදත් එහෙම්මම තියෙනවා. මුස්ලිම් මල්ලි මේ වෙද්දී ටිකක් දුර පලාතක ජිවත් වෙන්නේ. අද දවල් ඒ දෙන්නම මාව හොයාගෙන අපේ ඔෆිසියට ඇවිත් අපි කල්පිටියේ පොඩි සංචාරයක්ගියා. අපේ මල්ලිව 3g කෝල් එකක් මගින් සම්බන්ද කරගත්තා. 
ඒ මිතුදම හැමදාම අපේ හිත් තුල රැඳෙයි... ඒ මිතුදම් සුළඟ අපේ හිත් තුල හැමදාම අමරණීයව තියෙයි. අපේ ජිවිත කැඩිලා බිඳිලා ගියත් අපේ මිතුදම හැමදාම ශක්තිමත් එදා වගේම අදත් හැමදාමත්. ජිවිතේ නැති වුනු දේවල් වලට අඬන්න වැළපෙන්නේ නැතුව හැමදාම අපි ළඟ තියෙන අපිට නොපෙනෙන දේ හොයාගන්න උත්සහා කරන්න. අපේ මිතුදමත් ඒ වගේමයි. හිත මිතුරු සුළඟ හැමදාම අපේ හිත් වලට හමයි... :))



Thursday, June 7, 2012

___මගේ මැණික් කැටේ___



මම හැමදාම උදේම නැගිටිනකොට
මුළින්ම දකින ඔයාගේ මූන
ලස්සන සිතුවිලිවලින් පිරැණු 
ලස්සන දවසක් හදලා දෙනවා......
ඒ ඇයි දන්නවද
ඔයා තමයි මේ ලෝකේ ලස්සනම කෙනා..
ලස්සන කෙනෙක් දැක්කම මුළු දවසම ලස්සනයිනේ...
හැමදාම උදේට මම වැඩට යන්න හදද්දී
සාරි පොට ඉඔලා මගේ කම්මුල හපලා
මට සමුදෙනකොට...
මට දැනෙන්නේ මගේ ලෝකේ මට ඉන්න එකම කෙනා
ඹයයි කියලා..
ඔයාගේ උගුරේ කට්ටක් හිරවෙලා
මම නොසෑහෙන්න බය වුනු දා
දොස්තර කෙනෙක් නැති ඉරිදා දිනයේ අපි
තනි වුනා... 
ඔබ මගේ හුස්ම පොද වෙච්චි කොට 
මගේ හුස්ම වැටෙයිද?
කොච්චර කෙ‍සෙල් ගෙඩි ගිල්ලෙව්වත්
වැඩක් වුනේ නැති කොට
පාරේ යන හරක් ටිකකට කෑ ගහලා
කට්ට උගුරෙන් පහලට ගියාම
තුරැළු කරගෙන මම ඇඬුවේ දුකට නෙමෙයි
සංතෝසේ වැඩිකමට.
මගේ චූටි මැණික කියලා කතා කරනකොට 
දුවගෙන ඇවිත් ඔයා
මගේ ඇගේ එල්ලෙනකොට
හරි මැණික තමයි මූ කියලයි අම්මා විහිලු කරන්නේ..
ඒත් ඔයා මට මැණිකක්..
දන්නවද රණ්ඩු කරලයි මම ඔයාව ගත්තේ...
I never let you go….
ඔයා මගේ චූටි බ්ලෂ්……….. !!

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..


මල් කොල්ලෙක් මං


බුදු අම්මෝ :o
ලොම් හැලිලා ආපහු එනවාලු.. කටුවා කාලා වගේ හිටියේ දැන් නම් ටිකක් හොඳයි



Sunday, June 3, 2012

නින්දෙන් ඇවිදිනවද?




හීනෙන් ඇවිදීම ගැන මොනවද කියන්න දන්නේ? ඔයාලටත් අත්දැකීම් තියෙනවද? මගේ දැනීමේ හැටියට මෙය මානසික ආබාධයක්. 
අපි නිදාගනිද්දි මෙම නින්දට  අවධි කිහිපයක් තියෙනවා.REM   (rapid eye movement) ඇස් චලනයකින් සිද්දවෙන නින්ද සහ තද නින්ද. තද නින්දේදී සාමන්යෙන් හීන පේනවා අඩුයි. REM තත්වයේදී තමයි අපිට හීන පෙනෙන්නේ. මෙය අපි නිදාගන්න පැය 6 කදී අවධි වශයෙන් තමයි සිද්දවෙන්නේ. මගේ දැනුමේ හැටියට මම ඔච්චරයි ඒ ගැන දන්නේ. මීට වඩා හෝ මේ දේ වැරදිනම් දැනුවත් කරන ලෙස ඉල්ලනවා..


සාමන්යෙන් හීනෙන් ඇවිදීම සිදුවෙන්නේ(somnambulism) අධික මහන්සිය , අඩු නින්ද, සාංකාව වැනි තත්ත්ව වලදී. ඒ වගේම මත්පැන්, වේදනානාශක හෝ වෙනයම් බෙහෙත් මගින් ද, මානසික අවපිඩනතාවය වැනි හේතු නිසාද හීනෙන් ඇවිදීම සිද්දවෙන්න පුළුවන්.


හෑ කස්ටිය බැලුවද මේ මොකො අද හදිස්සියෙන් මම මේ හීනෙන් ඇවිදීම ගැන කියන්නේ කියලා. ?
මේකයි මමත් හීනෙන් ඇවිදිනවෝ :(
පුංචි කාලෙත් හීනෙන් ඇවිදින නිසා අපේ ආගමේ පියතුමෙකුට කියලා ආශිර්වාද කරගෙන මොකක්ද මන්දා එකක් බෙල්ලේ එල්ලුවා. ඊට පස්සේ එක නැවතුනා..


පස්සේ කාලෙක ගිය අවූරුද්දේදි වගේ මට රෑට එක පාරම ඇහැරෙන සිද්දියක් තිබුනා.. pray කරලම ඒ ගතිය නැවතුනා. දැන් මේ සති තුනකට කලින් ඉඳං වගේ මම රෑට මහා හයියෙන් කෑ ගහනවාලු. සතෙක් කියලා කෑ ගහගෙන ඇඳෙන් නැගිටලා එලියට එනවාලු. නෙට් ඒකෙන් එලියට ආවට පස්සේ මට මතක් වෙනවා මම බය උනා කියලා මොකට හරි.. ඊට කලින් කිසි දෙයක් මතක නැහැ. දවසක් නැගිටලා සාලේ ඉඳගෙන ඉන්නවාලු. අපේ මල්ලි රෑට පාඩම් කරන නිසා එයා මාව දැකලා බය වෙලා. මම ආපහු ගිහින් නිදාගෙන. මටනම් මතක නැහැ ඒ කිසි දෙයක්. ඊට පස්සේ අපි පල්ලියට ගිහින් Bless කරවගත්තා.ඊයෙත් නැගිටලා මම අයන් එක දාලා දොරවල් ඇරලා. අම්මි උදේ කවුද දොර ඇරියේ කියලා අහද්දිත් මම නෙමෙයි නිසා මම මුකුත් කියුවේ නැහැ. අම්මි මල්ලිට බැන බැන හිටියේ. පස්සේ බලද්දී නෙට් එක ගලවලා මගේ ඇඳේ. අද තමයි මට ගොඩාක් බය හිතුනේ. මට කිසි දෙයක් මතක නැති නිසා. කෑ ගහන එකනම් හැමදාම කරනවාලු. මේ නිසා අපේ අම්මි හෙන දුකින් ඉන්නේ. පල්ලියේ පියතුමා කියුවේ හරි ගියේ නැත්තම් වෛද්‍යවරයෙක්ව හමුවෙන්න කියලා. එත් ඉතින් බයයි. 
මාරුවීමක්‌ නිසා මේදවස් වල මම බස් එකේ වැඩට යනවා එනවා. අපේ පුන්චිලා නම් කියන්නේ මහන්සිය නිසා වෙන්න ඇති කියලා. 
මේ ගැන ටිකක් දන්නා අය දැනුවත් කරන්න කියලා ඉල්ලනවා. වෛද්‍යවරයෙක්ව හමුවිය යුතුද යන්න..


මොකද මම සෑහෙන්න වැටිලා ඉන්නේ මේ නිසා. උදේ නැගිටින්නේ පුදුම බයකින් මම රෑ කොහේ කොහේ ගියාද කියලා බය හිතෙනවා. අනේ දන්නා කෙනෙක් දැනුවත් කරන්න. 


මගේ යාලුවෙක්නම් කියුවා අනේ උඹ මොනා කියලා කෑ ගැහුවත් මගේ නම කියන්නනම් එපා කියලා :පි