Saturday, April 28, 2012

යාපනේටත් ගියා 2

පොඩ්ඩක් පරක්කු උනා යාලුවනේ දෙවෙනි කොටස දෙන්න.. සමාව භජනය කරත්වා... :(


හරි ඔන්න එදා අපි අවසන් කලේ ප්‍රභාකරන්ගේ බංකරේ ගැන කියලා. 
කියෙව්වේ නැත්තම් කියවන්නකෝ මෙන්න මෙතනට ගිහින්




ප්‍රභාකරන්ගේ බංකරේ පළමු මහල විතරක් උඩට පිහිටන්නත් ඉතිරි තට්ටු තුන පොලොව යට පිහිටන්නත් හදලා තියෙනවා. පළමු කොටසේදී මම තට්ටු 4 ම පින්තුර මගින් පැහැදිලි කළා.

Sunday, April 22, 2012

සිහින උළලේ වර්ණා ගේ ප්‍රමාදය

සිහින උළෙලට මම ආවද? මම ආවේ නැතිලු.. අයියෝ එහෙනම් වර්ණා කියලා ආවේ කවුද? :පි

සිහින උළෙලට මෙදා සැරෙත් පරක්කු වී පැමිණීමේ කුසලානය මම දිනාගත්තා. මට හුරේ...  දකුණු කකුල පෙරට තබලා ක්‍රීඩාංගනනෙට එද්දිම යකඩ යකා කෑ ගැහුවේ නැතැයි ඔන්න අදත් වෙනදා වගේම වර්ණා පරක්කු වෙලා එනවා කියලා. ඒ වෙලේනම් පොලොව පලාගෙන යන්නට හිතුනා හිකිස්‌..පරක්කු  උනාත් ඉතින් ගොඩාක් අය එක්ක කතා කළා. මේ ඔයා වර්ණා නේද? ගොඩාක් අය ඇහුවා. මමත් ඉතින් සුපුරුදු සිරික්කිය දාලා කතා කළා. සමහර අයවනම් මට මතක නැහැ. සමහර අයව දන්නේ නැහැ. එත් ගොඩාක් අය එක්ක කතා කළා. ගාලු ගිය දාට වඩා සතුටක් මේ වෙද්දී හිතේ තියෙනවා. පරක්කු උනාත් ඉතින් මම ආවනේ :)

පරක්කු උනත් ඉතින් තරඟ දෙකකට සහභාගී උනා නාකියා එක්ක සහ පොඩි මෑන් සමග. කියන්න කනගාටුයි තරඟ දෙකම පරාදයි.. :'(

වැඩියේ මුකුත් කියන්නේ නැතුව මගේ පුංචි දුප්පත් කැමරාවෙන් ගත්ත පින්තුර දෙක තුනක් දාන්නම්. ගොඩාක් ගත්තේ නැහැ හැබැයි. 
ආව ගමන් ගියේ තුන් පා දිවීමට නාකිස්‌ එක්ක

පිටිපස්සවල් :පි

අපි අරහෙම කරමු නේද එතකොට අපි දිනයි :p


ඊළඟ තරගේ ටවත් යමු නේද ? ( කුමාරයා- දකුණු පස   )



රහසෙන් කියන්න අනිත් අයට ඇහෙයි


දේවා




අපි හතර දෙනාව ලස්සනට ගන්න හරිය :/

වම් පස සිට - හිතු, තරූ . චම්මා අයියා , සහ සිහින මදාරා



කන්න කන්න :පි
(නාකි )
හරිද නංගි හිනා උනා ඇතිද? දැන් ගන්න ෆොටෝ එක
(වෙනි)

මුළු ලෝකෙම මගේ බොලව් :පි



ඔයාට තේරෙන්නේ නැද්ද අනේ මෙතන අවුරුදු උත්සවයක්, මම පස්සේ කතා කරන්නම් :පි
(ඩිල්ශාන් මල්ලි)


ඔන්චිලි චිලි චිල්ල මලේ :) (නීනු අක්කා )


අන්න අන්න සුමිත් අයියා හිනා වෙන්න :පි (පවනි සමඟ සුමිත් අයියා)



අන්තිම පේලියේ කට්ටිය



ඇති අෆ්ෆා ෆොටෝ ගත්තා දැන් පාන් කියාගන්න බැරුව ඉන්නේ :D



ලොකුම බොරුව කියමින්


අදින්ඩෝ.................


ලනුව කැඩෙයි ද :D


ප්‍රාර්ථනා අක්කේ කමෝන්







\
නාකියා අයියා ටොපි කන ගමන්

ඉතින් හැමෝටම ස්තුති සංවිදායක මණ්ඩලේ විශාල කැපවීමක් කළා රාජ් අයියා ප්‍රමුඛ.. ඒ හැමෝටමයි ආපු හැමෝටමයි ගොඩාක් ස්තුති  :)


ප.ලි. - යාපනේ ඉතිරි කොටස මීළඟට හොඳේ

Tuesday, April 17, 2012

යාපනේටත් ගියා 1


රයිට් ඕඕ පටාන් ගමු. 
මාරයා අයියා යාපනේ ගිහින් එහෙයි මෙහෙයි හැම දිහාවේම පින්තුර කෑලි දානවා. අපිව එක්කන් ගියෙත් නැහැ.  අපිත් ආසයි නොවැ යාපනේ බලන්ට.. කවදාවත් ගෙහුං නැහැනේ. කොටි ඉන්න කාලේ මඩු පල්ලි ගියාට මොකෑ  යාපනේ ගෙහුං නැහැනේ. ඉතින් මෑණියන්ට භාශාවක් දැම්මා අපිව ගෙනියන්ට කියලා. අපේ මෑණියන් ගෙහුං නැහැ, ඒ මදිවට අපේ මෑණියන්ගේ මෑණියන් ගෙහුනුත් නැහැ. ඉතින් කල්පනා කොර කොර හිටියා කස්ටියටම නිවාඩු තියෙන දවසක් සෙට් කොරාන යාපනේ ගෙහුං සබ්බ සකලමනාවම බලන්ට. හත්වලාමේ අපිටම සෙට් වෙන්ට කියලා අප්පේ හෙන සේනාවක් සෙට් උනා. අපේ ලොකු අම්මලාගේ වැඩිහිටි සංගමේ කට්ටියකුයි, තව කොළඹ උන්දලා ටිකුයි, අපේ ගෙවල් වල කට්ටියයි. 50 පැනලා :පි ඔක්කොම නාකි උන්දලා දුකේ බැරුවා.


 පනස් දෙනෙක්ව හසුරවන එක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. ඉතින් අපි විනෝද චාරිකා මෙහෙය වන කෙනෙක්ට වැඩේ බාරදුන්නා. ඔන්න ඉතින් කියාපු විදියටම 9 වෙනිදා පාන්දර 1 ට හෑ හෑ පුරා කියලා අපි ගමන පිටත් උනා. බලු තඩියෙක් ගෙදර ඉන්න නිසා අපේ මල්ලි සහභාගී උනේ නැහැ මේ චාරිකාවට. මුලින්ම ගියේ කොකවිල් කියන තැනට.. එහි කොටි හඬ කියලා තැනක් අපි දැක්කා. කොටින්ගේ සංඥා මධ්‍යස්ථානය.

එතන හමුදාවේ කෙනෙක් අපිට මේ ස්ථානයේ මැරුණු අපේ රටේ සොල්දාදුවෝ ගැන කියද්දී ඇස් වලට කඳුළු ආවේ නිතැතින්.. 60 කට වැඩි පිරිසක් මේ ස්ථානයේ අපේ රට වෙනුවෙන් දිවි පුදලා තියෙනවා..


ඊටපස්සේ අපි ගියා කොටින්ගේ පාර්ලිමේන්තුව බලන්න. 

හෙලිකොප්ටරයක සැකිල්ලක්

ඊට පස්සේ ඒ අසල තිබුණු ජන අවන්හලක් ළඟ අපි දවල්ට කාලා අපි ගියා ඉරණමඩු ජලාශය බලන්න. මේ ජලාශය තනිකරම කොටින් අල්ලාගෙන හිටිය ස්ථානයක්. දැන් එතන හමුදාවෙන් පවත්වාගෙන යන අවන්හලක් තියෙනවා. 


එතනත් මොනා මොනාහරි වළඳලා අපි ඊළඟට ගියේ තමිල් චෙල්වම් ගේ නිවාසය බලන්න. හමුදා බෝම්බ ප්‍රහාරෙකින් ගේ කුඩේ කුඩු වෙලා තිබුනේ. ගේ පොලොව යට කොටසකුත් තිබුනා. මේ ස්ථානයට එල්ල කරපු බෝම්බයකින් තමිල් චෙල්වම්ට තුවාල ලැබිලා රෝහලට ගෙනයන මොහොතේදී තමයි ඔහු අන්ත්‍රා වෙලා තියෙන්නේ. කොටින්ගේ හමුදා ඇඳුම් එහෙම තැනින් තැන විසිරිලා තිබුනා.




ඊටපස්සේ දැක්කා කිලිනොච්චියේ කොටි විසින් බෝම්බ හෙලලා බිම හෙලලා දාලා තියෙන වතුර ටැංකිය.


ඊටපස්සේ අපි ගියා ප්‍රභාකරන් තමන්ගේ පවුලේ අය සමග සිටි නිවසට. එකේ පොලොව යට එක තට්ටුවක් තියෙනවා.

මේ ප්‍රභාකරන්ගේ මිතුරෙකු විසින් ඔහුට උපන්දිනේට දෙනලද තෑග්ගක්.. කොටියෙක් :පි

පොලොව යට තට්ටුවේ ඔහුගේ කාමරය

වෙඩි නොවදින දොරවල්. සෙල්ලන් නෑ  ඈ :D

මේ තියෙන්නේ ගෙදර ඉදිරිපස පෙනුම.


ඊටපස්සේ අපි අපේ නවාතැනට ගියා. මුලතිව් වල. මුහුද ළඟ. පල්ලියකුත් ඒ අසල තිබුනා. පල්ලියක් කියුවට සුනාමියෙන් මැරුණු අය සිහිකරලා ඉදි කරපු පල්ලියක්.
රෑ ඉතින් පුටුවල්වල ඉඳගෙන පොඩි පැදුරු සාජ්ජයක් දැම්මා. සෙල්ලම් නෑ 50 ඈ..  අපි පියතුමෙක්වත් එක්කගෙන ගියා. උන්වහන්සේ හැමදාම උදේට පුජාවක් තියලා තමයි ගමන ආරම්භ කලේ .
පාන්දර 5 ට විතර මුලතිව් සුන්දරත්වය


පල්ලිය 
දෙවෙනි දවසේ අපි ගියේ ප්‍රභාකරන්ගේ බංකරය බලන්න. පොලොව යට අඩි 64 ක ප්‍රමාණයක තට්ටු 3 කින් සමන්විත පිටට පෙනෙන්නට එක තට්ටුවත් පමණක් ඇති මෙය හද්ද කැළෙක පිහිටලා තිබුනා. මේ යට තියෙන්නේ සැලැස්ම.



මේ සැලැස්මේ තියෙන හැමදෙයක්ම මේ හමුදාවේ අය අපිට පෙන්නුවා. බලු කුඩු ඉඳලා තිබිලා තියෙනවා. හමුදාවේ අය එනවා උන්ට තේරෙනවාලු. මේ බංකරේ වටේට රවුමට තාර පාරක් තියෙනවා. එකේ තමයි ප්‍රභා අයියා ජෝගින් කරන්න යොදාගෙන තියෙන්නේ. ඊට අමතරව අඩි 100 න් 100 ට කම්බි වැටවල් 4 ක් දමා තියෙනවා.. 











ඔන්න මහල් 4 තමයි උඩින් තියෙන්නේ. එක එක මහලේ එක එක දේවල් තියෙනවා. හැම මහලකටම ටොයිලට් එකක් තියෙනවා ටයිල්ස් වලින් හදලා තියෙන.  


4 වෙනි මහලේ ඉඳං කෙලින්ම රහස් මාර්ගයක් තියෙනවා උඩට යන්න. මේ පහලින් තියෙන්නේ  ඒ මාර්ගය.


වෙඩි නොවදින මුරකුටි වටේට 6 ක් පිහිටලා තියෙනවා. 


 අපි ඉතින් ඔව්වා ඇතුලට ගිහිල්ලත් පින්තුර ගත්තා. කවදා දැකපුවද :) මේ මුරකුටි වල විශේෂත්වයක් වෙන්නේ මෙහි වහල උස් පහත කරගන්න පුළුවන් එහි ඉන්න සෙබලාගේ උස අනුව... පට්ට පට පට නේද.. මාර මොලවල් තමයි මුන්ට තිබිලා තියෙන්නේ.


අයියෝ පොස්ට් එක දිග වැඩි උනාද මන්දා. දවස් 4 ක බලපුවා එක පොස්ට් එකකින් කියන්ට බෑ නොවැ. ඒ නිසා මීළඟ කොටස ඊළඟ පොස්ට් එකෙන්..


ප.ලි.- අර බක්මහ සිහින උළෙල තියෙනවාලු මේ මාසේ 22 වෙනිදට.  කුරේ ක්‍රීඩාංගනේ. යන්ට පාර දන්නේ නැති උන්දලා මෙතන කොටලා බලාගන්ට.


තව මෙතෙන්ට කොටලත් විස්තර දැනගන්න පුළුවන්. 


වර්ණා ට තාම මව්තුමිය අවසර දුන්නේ නැති උනාට කට්ටියකට එනවා කියලා පොරොන්දු දුන්නු නිසා එන්ට වෙලා. :) කස්ටියගේ වැඩ බලන්න ඔයාලත් එදාට එන්න. බ්ලොග් එකක් ලියන්නේ නැති උනත් කමක් නැහැ. සමහර උන්දලා මාස 4 යි බ්ලොග් එකට අනේ මම පුංචි කියලා එන්නේ නැතිලු. සමහර උන්දලා දුර වැඩිලු. එහෙමනම් ඉතින් වර්නාටත් ඔය තැනට එන්න පැය 4 කට වඩා යනවානේ.. උදෙන්ම නැගිට්ටනම් හරි.. ගිය පාර වගේ මම පරක්කු වෙන්නේ නැතෝ :පි


එහෙනම් 22 හම්බෙමු කස්ටියම. එන්න බැරි අය කනගාටු වෙන්ට එපා. ලබන අවුරුද්දේදී සෙට් වෙන්ටකෝ :)
චෙරියෝ..............!!!!!!!!!!

Friday, April 6, 2012

යුද්දයේ බිහිසුණු අත්දැකීමක් වර්ණා ගේ දෑසින්




"දුවන්න දුවන්න ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන කරා යන්න. "

හමුදාවෙන් එක පිට එක හඬවල් නිකුත් කරයි. යුද්දය නිසා හැමතැනම මිනිස්සු කලබල වී පාරේ එහා මෙහා දුවති.

"නැන්දේ මෙහෙ එන්න ඔයා කොහෙද මේ අර කට්ටිය පස්සේ යන්නේ. අයියෝ කෝ අම්මි?"

"අම්මි නැහැනේ . මමත් මේ බැලුවේ කෝ අම්මි කියලා.."

මට උන්හිටි තැන් අමතක වූවාක් මෙන් විය. මගේ අම්මා මට පන මෙන් විය. 



"මේ ඔයා මෙතනම ඉන්න. මම අම්මිව හොයාගෙන එන්නම්. නෑ එක්කෝ ඔයාත් එන්න. නැත්තම් මෙයා එහෙ මෙහෙ යයි. "

අපි දෙදෙනා ශාලාවක් ඇතුලට ඉක්මනින් ගියෙමු. එය මිනිසුන්ගෙන් පිරී ඇත. මෙහි මාගේ අම්මා ව සෙවීම දියෙන් කිරි වෙන් කරවාගැනීමටත් වඩා අපහසුය. එහෙත් මම අම්මා ව සොයා නැන්දා සමග ඉදිරියට ඇදුනෙමි.
අහ්හ් මොකක් රොබට් පැටින්සන්.. අනේ මම ආසම නළුවා. 



"කට්ටිය මේ පැත්තෙන් එන්න. ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන කරා යන්න. "

මලා මු සිංහල කතා කරනවද. ලඟට යන්න ඕනා අත්සනක් ගන්න. 
"මේ ඔයා මොකද මෙතන හිටගෙන කරන්නේ? ඉක්මනින් මේ පැත්තෙන් එලියට යන්න. බෝම්බ ගහයි මෙතනට දැන් "

ඔහු එලෙස කියුවේ මාහටය. අනේ රොබට් පැටින්සන් මාත් එක්ක කතා කළා. ආසාවේ බැරුවා..

"යමු යමු නැන්දේ. මෙතෙන්ට දැන් බෝම්බ ගහනවලු.. "

 එකෙනෙහිම අපි සිටිය ශාලාව වෙතට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය. 

ඩොන් පටාස්... පට පට පට පට ඩොන්...

"අයියෝ මගේ කන "

මට ශබ්දයක් ඇසුනි. මම හනිකට නැගිට දකුණු පස බැලීමි. මාගේ දකුණු කකුල ළඟ නැන්දා වැටි සිටිනු දැක මම කලබල වීමි..

"අහ්හ් නැන්දා මට වඳිනවා වත්ද? :o නෑ එහෙම වෙන්න බෑ. බලන්න ඕනා මොකෝ මේ පොලොව සිපගෙන ඉන්නේ කියලා.

ඉන්පසු මම වට පිට බැලුවෙමි. මගේ දෙපස මල සිරුරු සිය ගණන් තිබෙනු දැක මම බියපත් වීමි. නැන්දා ව මම ඊළඟට ඔසවා ගත්තෙමි. නැන්දා ට සිහිය තිබෙනු දැක මම පස්වනාක් ප්‍රීතියෙන් ඉපිලී ගියෙමි. 

"නැන්දේ නැන්දේ ඔයාට මොකද? නැගිටින්න. බෝම්බ ගහලා ඉවරයි.."

"අයියෝ කෙල්ලේ මගේ කන ඇතුලේ උණ්ඩයක් හිර වෙලා.මම මැරෙයි අයියෝ මගේ දේපල ටික මහලු මඩමකට ලියාපන්. "

"මේ පිස්සුද. අපි ඔය උණ්ඩේ ඉස්පිරිතාලෙකට ගිහින් එලියට ගම්මු.. යමු යමු හනිකට සුනංගු වෙයි නැත්තම්."

අපි දෙදෙනා ඉක්මනින් දිවවිත් පාරට ආවෙමු. මිනිසුන් සී සී කඩ දුවති. මම ඉක්මනින් ඇත දමා ත්‍රිවිලර් එකක් නවතා ගතිමි. ඉන්පසු අපි දෙදෙනා හනිකට එහි නැග ගත්තෙමු. 

"අහ්හ් මේ කවුද? මේ ඔයා ලකී ඩයස් නේද? මොකද මේ ත්‍රීවීල් එලවන්නේ ? "



"අයියෝ දැන් රඟපාලා විතරක් ජිවිතේ ඉස්සරහට ගෙනියන්න අමාරුයි දරුවෝ.එකයි මේ සයිඩ් ඒකෙන් මේකත් කරන්නේ. "

"හොඳා හොඳා අපිව ඉක්මණින් ඉස්පිරිතාලෙට ගෙනියන්නකෝ. මේ අපේ නැන්දාගේ කනේ උණ්ඩයක් හිර වෙලා."

" හොඳයි හොඳයි. ඔය යන ගමන් අටපට්ටමටත් ගොඩ වෙලා එමුද දරුවෝ. "

" අපෝ බෑ බෑ අපිට අම්මා හොයන්නත් යන්න තියෙනවා. "

අපි ඉක්මනින් ඉස්පිරිතාලෙට ගියෙමු. එහි සෙනග පිරී ඉතිරි ඇත. මෙහි බෙහෙත් ගැනීමට සිටියොත් නැන්දා වලපල්ලටත් මට නැන්දාගේ වයසටත් ඒමට පුළුවන්ය. ඒ නිසා අපි ගෙවන රෝහලකට ගියෙමු. එහෙත් මගේ අතේ පිච්චියක්වත් තිබුනේ නැත.

"හරි මෙතනින් නතර කරන්න.. ලකී ඩයස් හැබැයි අපි ගාව සල්ලි නැහැනේ දෙන්න."

" හත්වලාමේ සල්ලි නැත්තම් පාරට අත දැම්මේ මොකටද? "

"හදිස්සින්නේ. අපි අපිනේ අනේ පස්සේ සල්ලි බේරගමු."

"ඔයාලට සල්ලි නැත්ද? අහ්හ් එහෙනම් මෙන්න මේක තියාගනින්. "

එලෙස කියා මගේ ත මිටි මොලවා ඔහු විදුලි වේගයෙන් තුන්සක රියෙන් ඉගිල ගියේය.

"මලා රුපියල් 4500 ක්. හොඳ වෙලාවට.යමු යමු බෙහෙත් දාගමු "

එලෙස බෙහෙත් දමා අපි ගෙදර ආවෙමු. ඒ එද්දී අම්මා ගෙදර පැමිණ සිටියේය. 

"අම්මේ ඔයා ආවද? අපි හැමතැනම ඔයාව හෙව්වා."

"මමත් ඔයාලව හෙව්වා. මාව අතරමං උනානේ.ඉතින් මම කෙලින්ම ගෙදර ආවා. දන්නවද ත්‍රීවීල් එක එලෙව්වේ ලකී ඩයස්. "

"මලා අපිව ගෙනිච්චේත් එයානේ. සල්ලිත් දුන්නා අපිට. මට හිතෙන්නේ ඒ තාත්ති වෙන්න ඇති ඒ වෙලේ ලකී ඩයස් වෙලා එන්න ඇත්තේ "

-------------------------------------------------------------------------------------------------------------------------

"නැගිටිනවා නැගිටිනවා වෙලාව 6 යි."

හෑ එක හීනයක්ද? අපොයි ඒ කියන්නේ රොබට් පැටින්සන් හීනයක්ද? අනේ ඔයා මට හීනයක්‌ විතරයි :( තනි ඇහැට ඇඬේන්නේ :'(



ප.ලි.- සත්‍ය සිදුවීමකි. අද උදේ දැක්ක සිදුවීමකි. :පි