Friday, March 30, 2012

කවිය ඔබ









"ඔයා මොනවද කරන්නේ?"


"කවියක් ලිව්වා, අනේ හොඳද බලන්න"


"බාගයිනේ ලියලා තියෙන්නේ. "


"ඉතිරි ටික ලියන්න හිතට එන්නේ නෑනේ"


"චුට්ටක් කල්පනා කරලා ලියන්න"


"බෑ... ඔයාම ඉතිරි ටික ලියන්න. ඔයා මහ ලොකු කවිකාරයනේ"


"මම ඔය අනුන් ලියපු කවි බෑගවල අඩු පුරවන්න ගිහින් මගේ ප්‍රතිභා පූර්ණ කාව්‍යත්වය නැති කරගන්න කැමති නෑ හලෝ.. තේරුනාද? "


"මෙහෙමනේ. මේ කවිය ලියලා තියෙන්නේ අපි දෙන්නා ගැන. ඉතින් අන්තිමේදී අපි දෙන්නා එකතුවෙන වග කවියෙන් කියවෙන්න ඕනා."


"ඉතින් ඒක ඔයාටම පුලුවනිනේ, අවසානයේ අපි දෙන්නා කසාද බඳිමු කියලා ලියන්න."


"මට එහෙම ලියන්න පුළුවනි නම් ලියන්න ඕනානම් මම ඔයාට කියනවද? දෙන්න , දෙන්න මම බැරි කමට හරි ලියා ගන්නම්. ඔයාට මේක මදිකමක්නේ. ඉතින් යන්න මට ලියන්න දීලා."


"අයියෝ ඔච්චර තරහා ගන්නෙපා. කෝ දෙන්න මම ලියන්නම්. මේ කෙල්ල මහා ඇට්ටර කෙල්ලෙක්."






මටම හිමිවන ලෝකයක් ඇත ඒ ලොවේ රැජිණිය    වෙමි
සිතට සිත් වන සිතුම් පොදියක සිහින ගෙන එහි      අතුරමි
එසඳ ඔබ රන් කිරුළ ගෙන එන මගට හිනැහී දිව            එමී
ඔබම මිස මට මටම මිස ඔබ වෙනත් කෙනෙකුට නොව හිමී


Sunday, March 25, 2012

බලන බැල්මෙන් පෙම්වතා හදුනාගනිමු




බැල්ම කියන්නේ හුගාක් දෙනෙක්ගේ හිත පැහැර ගන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට කිසිදාක නොදුටු කෙනෙක් බලපු එක බැල්මකින් අපේ හිත් ඔවුන් කෙරෙහි බැදුනු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ "බැල්ම" කියන දේ ප්‍රබල දෙයක් කියන එකයි. ඒ කොහොම උනත් ආදරේ කරන දෙන්නෙක් අතර තියෙන සදාදරණිය බැල්ම ඔවුන්ගේ හිත් වලට කොයිතරම් සමීපද....?


ඉතින් ඔයාලගේ පෙම්වතා ඔයාලා දිහා බලනවා ඇත්තේ හුගාක් ආදරෙන් වෙන්න ඇති. එත් අමතක කරන්න එපා එයා ඔයාලා දිහා බලන බල්මෙනුත් ඔහුගේ හිත හදුනා ගන්න පුළුවන්.විශේෂයෙන් ඔහු ඔබ හා දොඩමලු වෙද්දී ඔබ දිහා බලන බැල්මෙන් හොඳේ. ඉතින් මම ඔයාලට ඒ ගැන කියලා දෙන්නම්.


දෑස් දෙස එක එල්ලේම බලාගෙන කතා කරන පෙම්වතා 


බුද්ධිමත් , ඒ වගේම අවංකයි. තම පෙම්වතියට වචනෙකින්වත් බොරුවක් නොකියන මොවුන් ආදරේට ආදරේ කරයි. අහිංසක ගතිගුණ තිබෙන අතර හිත නිතරම තැන්පත් , නිර්මානශිලියි. එහෙත් ඉක්මන් කෝපයට පත්වෙන මොවුන් බොහෝ විට තම මතය තහවුරු කරගැනීමට උත්සාහගනී. දුර දිග නොබලා වැඩ කරයි.


ඔබේ මුණ දෙස බලාගෙන දෑසින් ඉඟි බිඟි පාමින් කතා කරන පෙම්වතා


මදක් රාගධිකයි. එහෙත් එය ප්‍රදර්ශනය කිරීමට මැලි වේ. කැපී පෙනීමට කැමැත්තක් දක්වයි. සමාජයේ ඉඅනප්රිය පුද්ගලයින් බවට පත්වේ.මෙවැනි පුද්ගලයන් කාන්තාවන් අතරේ බොහෝ ජනප්‍රියයි. එහෙත් මුල් ආදරය අවසාන ආදරය කරගැනීමට උත්සාහගනී.ආදරයේ වියෝව දරාගැනීමට ඔවුන්ට ශක්තියක් නැත. ඒ නිසා පෙමින් පැරදුනු විටක පළි ගැනීමට උත්සාහගනී.


ඔබේ පපුව දෙස එක එල්ලේ බලාගෙන කතා කරන පෙම්වතා.


එතරම් අවංක නොවේ. රාගධිකයි. එකවර පෙම්වතියන් කිහිප දෙනෙක් වුවද ඇසුරු කිරීමට දක්ෂයි.නිර්මානශිලියි.කලාත්මක දේ ගැන වැඩි ඇල්මක් දක්වන අතර ඕනෑම දෙයක් ඉක්මනින් වටහා ගැනීමට ශක්තිය තිබේ.නිතරම පෙම්වතිය තනිකර ගැනීමට උත්සාහගනී.මෙවැනි පෙම්වතුගෙන් ඈත්වීම ඔබගේ ජිවිතයට යහපත්ය.


ඔබේ මුහුණ දෙස පමණක් බලාගෙන කතා කරන පෙම්වතා


ජිවිතයේ සියලු දුක්ගැහැට කර්මය අනුව සිදුවන බව කියයි. සිත එක තැනක රඳවා ගනී. පෙම්වතියට දැඩි ඇල්මක් දක්වයි. තීරණ ගැනීමේදී දෙවරක් සිතා නොබලයි. අවංක ගතිගුණ තිබෙන මොවුන් සමාජයේ කැපී පෙනෙයි.


ඔබ දෙස නොබලා බිම බලාගෙන කතා කරන පෙම්වතා


ලජ්ජාශිලිය. අවංක ගති පැවතුම් තිබේ. ආදරය කිරීමට දැඩි බියක් දක්වයි. එහෙත් පෙම්වතියට පැනට හා සමානව ආදරය කරයි.පුංචි දෙකට පවා හිත සසල කරගන්නා මොවුන් හිතින් බොහෝ විට දුක්විඳියි.


ඔබේ දෙකකුල් දෙස බලාගෙන කතා කරන පෙම්වතා


ජීවිතය ගැන අනන්තයටම සිතන්නන්ය. ආදරයට ආදරය කරයි. පෙම්වතියගෙන් සිදුවන පුංචි වෙනසක් වුවද වැඩියෙන් දැනෙයි. මිතුරන් වැඩිපුර හිටියත් සමීප කරගන්නේ  කිහිප දෙනෙකු පමණයි. ඔහු සැබෑ ආදරවන්තයෙකි.


නිශ්චිත ඉලක්කයක් නැතුව ඔබේ සිරුරේ ඕනෑම තැනක් බලාගෙන කතා කරන පෙම්වතා


නිතර තම අදහස් වෙනස් කරගැනී. ආදරය ගැන එතරම් දුරට විශ්වාසය නොතබයි. අනාගතය ගැන දැඩි බලාපොරොත්තු නැත. ලැබෙන ඕනෑම දෙයක් සතුටින් බාරගනී. ගුනවත්ය.


ප.ලි.
ඔන්න පෙම්වතියො මේක කියවලා පෙම්වතා ගැන හිතාගන්නකෝ හිකිස්‌.......,,,,
 පෙම්වත්තු නම් මට  ගුටි දෙන්න එයිද මන්දා :D

ප.ප.ලි. බොඳව ගිය දේදුනු අවසාන කොටසත් දැම්මා. බැලුවේ නැති අයට මෙන්න පාර.
 බොඳව ගිය දේදුනු- අවසාන කොටස

Friday, March 23, 2012

බොඳව ගිය දේදුනු - අවසාන කොටස





අඬන හැම හිතක්ම දවසක හිනා වෙනවා, ජිවිතේක තියෙන්නේ දුක් කඳුළු විතරක්ම නෙමෙයි.
ආදරේ කරන හිත් කඳුලින් දුකින් තෙත් උනාට කවදාහරි ඒ හිත් සතුටින් පිබිදෙනවා. 

විහඟ කෞමදී මේ දෙන්නාගේ ජිවිත එයාලට ඕනා විදියට ගෙවුනේ නැහැ.. හැම දෙයක්ම සිද්ද වෙන්නේ ඉරණමේ තියෙන විදියට කියලා අපි හැමෝම හිතුවත් විහඟ ඒ ඉරණම පිළිගන්න සුදානම් වුනේ නැහැ.
සැහැල්ලුවෙන් ජිවිතේ ලස්සනට ගෙනිච්ච විහඟට මේ සිද්දවුණු දේවල් ගැන ඔහුගේ දෙමව්පියන් යාළුවන් ගොඩාක් කම්පා වුනා.

ඒ දේවල් එහෙම වෙද්දී රෝහල ඇතුලේ සිද්ද උනේ අපි කව්රුත් හිතුවේ නැති දෙයක්...

මේ ආදර කතාව කොහොම අවසන් වේවිද..
කුතුහලයෙන් පිරුණු මේ ආදර කතාවේ අවසානය මෙසේ සනිටුහන් කරන්නම්......


මුල් කොටස් බලන්න බැරි උනානම් මෙන්න පාර

බොඳව ගිය දේදුනු 1 කොටස
බොඳව ගිය දේදුනු 2 කොටස
බොඳව ගිය දේදුනු 3 කොටස
බොඳව ගිය දේදුනු 4 කොටස
බොඳව ගිය දේදුනු 5 කොටස
බොඳව ගිය දේදුනු 6 කොටස
බොඳව ගිය දේදුනු 7 කොටස

"ඔව් කෙල්ලේ ගයාන් වෙන කෙනෙක්ව බැන්දා?"


"මො මො ...කා ..කක්?" 

අද එතැන් සිට

කවි...කවි අනේ කෞමදී.....     ඩොක්ටර්.........

නැගිටින්න කවි අනේ ඇස් අරින්නකෝ........ 

විහඟ ත් නෙතුකිත් මාරුවෙන් මාරුවට කෑ ගැහුවා...
---------------------------------------------------------------------------------------------------------------------


"විහඟ"  "විහඟ"


"අහ්හ් වරෙන් කසුනෝ වරෙන්..."


විහඟ ඉන්න තත්වේ දන්නා නිසාම කසුන් ආවා විහඟලගේ ගෙදර.


"ආයෙමත් පිස්සු කෙලින්න ගත්තද? "


"කොහොමත් පිස්සුනේ බං"


"උඹ මැරෙන්නද හදන්නේ"


"මැරෙන්නේ නෑ.. මැරෙන්නේ නෑ.. තව මට විඳවන්න තියෙනවා.."


"උඹ විදෙව්වා කියලා මේ ලෝකේ කාටවත්ම පාඩුවක් වෙන්නේ නැහැ. ජීවිතේට මුණ දීපන් විහඟ..."


"මොනා මුණ දෙන්නද බං. "


අසිහියෙන් විහඟ ගොඩාක් දේවල් කියෙව්වා.කසුනුත් ඔහේ අහගෙන හිටියා. හිතක ඇවිලෙන ගින්දරක් මිනිහෙක්ව පුච්චලා අලුකරලා දාන්නේ කොහොමද කියලා කසුන් ඇස් දෙකෙන්ම දැක්කා...




විඳවන්න පුළුවන් හැම වේදනාවක්ම විහඟ මුළු හිතින්ම තුරුළු කරගෙන විදෙව්ව්වා.එත් ඒ කිසිම දෙයක් විහඟ ගේ අම්මා නම් ඉවසුවේ නැහැ. විහඟ කාමරේට වෙලා ඉන්න වෙලාවක අම්මා විහඟ ව හොයාගෙන කාමරේට ආවා...


"දරුවෙක් උස් මහත් වෙද්දී අම්මෙක් තාත්තෙක් ඒ දරුවා දිහා බලලා දාහක් හීන පුරනවා මගේ පුතේ.ජිවිතේ විඳපු හැම දුකක් කරදරයක්ම දරුවන්ගේ දෙපාමුල තියලා දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ සැනසීම විතරයි. මගේ පුතා මේ කරන දේවල් වලින් අපේ සැනසීම නැතිවෙලා.. අපිට ඒ සැනසීම ආපහු දෙන්න මගේ පුතේ... "


"අම්මා ටවත් බැරි උනාද මාව තේරුම් ගන්න අම්මේ. "


"මට පුතාව තේරෙනවා. එත් හැමදාම මෙහෙම ඉන්න බැහැනේ ඔයාට. කවදාහරි මේකේ අවසානයක් තියෙන්න ඕනා. ඒ අවසානය අද හෙටම වෙනවානම් මම කැමතියි. අම්මා ට තාත්තාට සලකන්න හිතනවානම්  ඒ දේ විතරක් අපිට කරන්න. හිතලා තීරණයක්‌ ගන්න"


එහෙම කියලා අම්මා කාමරෙන් ගියා.


"කෙල්ලේ ඇයි මට මෙහෙම කලේ..." විහඟ තමන්ටම මුමුණ ගත්තා.
ඔහු ගෙදරින් එලියට ආවා.. අරමුණක් නැතුව ඔහේ ඇවිදගෙන ගියා. පුංචි හුලන් රැල්ලක් ඔහු ගාවින් ඔච්චමට හිනා වෙලා වගේ දුවලා ගියා.. 
අහසට පොළොවට ගතු කියන මේ හුළඟ  හැම ආදර හිතක් ලඟම නැවතිලා මොනවදෝ රහසක් මුමුණනවා... විහඟ ගේ කෞමදිගේ ආදර හිත් ළඟ නැවතුනු මේ හුළඟම දැන් මහා කුණාටුවක් වෙලා මේ හිත් දෙකම අතරමං කරලා ඉවරයි.




විහඟ ඔහේ ඇවිදගෙන ගියා.. ඔහු නැවතිලා වට පිට බැලුවා. ගොඩාක් ලොකු සමීප බවක් ඔහුට දැනුනා. කෞමදී ලඟට ආවා වගේ හැඟීමක් ඔහුට දැනුනා. ඔහු ගියා කෞමදී ලඟට. හැම දෙයක්ම ඔහුට නැවත ඔහුගේ ඇස් ඉදිරිපිට මැවුනා.
-------------------------------------------------------------------------------------------------


"ඩොක්ටර් ඉක්මනට එන්න. කවි ට සිහිය නැති උනා වගේ උනා "


වෛද්‍යවරු එතනට යනකොටත් කවි හැමෝවම දාලා ගොඩාක් දුර ගිහින් ඉවරයි. ගොඩාක් උත්සහා කලත් ඇයගේ ජිවිතේ එතනින් නතරවෙලා ඉවරවෙලා තිබුනා.


"ඇයි ඩොක්ටර් මොකෝ කවිට"


". එයාට ඔහු නැතිවුණු දුක දරාගන්න බැරි උනා. මොකද එයා ඒ වෙලාවෙදිත් මානසික කැළඹීමකින් හිටියේ.මට කනගාටුයි මිස්ටර් විහඟ. එයා නැති උනා"


පැය ගානක් විහඟ කවිගේ මුණ අල්ලං කෑ ගහලා ඇඬුවා. එත් ඒ කිසිම දෙයක් කවිට ඇහුනේ නැහැ.  එදා ඉඳං අද දක්වා විහඟ කෞමදී ව මතකේ තියාගෙන විඳවනවා.






"අනේ ඇයි දෙයියනේ ඔයා මාව දාලා ගියේ.. මෙහෙම ජිවිතේ මාව තනිකලේ ඇයි..?"
හැමදාම කවිගේ සොහොන ළඟ ඉඳගෙන අහපු ප්‍රශ්නේ එදාත් විහඟ ඇහුවා. එත් හැමදාම වගේ උත්තරයක්‌ ලැබුනේ නැති ප්‍රශ්නයක් පිටින් විහඟ එහි තනි උනා.




ඔබ ගියා යන්න 
මටවත් නොකියාම 
කඳුළු සුසුම් විතරමයි මට
ඔබේ සුවඳවත තිබුනේ නැහැ තනියට.....
පුළුවනි නම් ඉස්සර වාගේ හිනැහෙමින්
මගේ හිතට ආදරයෙන් තුරුලුවෙන්න
ඔබ හිතට ආයෙමත් එන්න කියනවාද ?


-නිමි-






පසුවදන-



  • පුරා මාස දෙකක් මාගේ කුළුඳුල් නවකතාව සමඟ රැඳී සිටි ඔබ සැමට මුලින් ස්තුතිවන්ත වෙනවා.  මේ මම කුලුඳුලේ ලියපු කතාව. ගොඩාක් අඩුපාඩු තිබුනා. ඒවා ඔයාලා මට පෙන්නලා දුන්නා. ඒවා යම්තාක් දුරට හරිගස්සවාගෙන මම ඔන්න අද කතාව මෙලෙස නිමා කළා. මාගලක් වගේ දිග කාතාවක් ලියන්න අදහසක් තිබුනේ නැති නිසයි කතාව කොටස්‌ 8 කට සීමා කලේ.. ඉතුරු කොටස කවදාද දාන්නේ කියලා මට බැනපු  අයත් නැතුවා නෙමෙයි :P




  • දෙවෙනුව මම දන්නවා කට්ටිය දැන් කඩු කිනිසි උස්සන් මාව කොටන්න එයි. මොකද දුක හිතෙන අවසානයක් දුන්නු නිසා. :)
  • මෙහෙමයි මම මේ කතාවේ පලකරන්න කලින් ඉඳලම මුළු කතාවම ප්ලෑන් කළා. දුක හිතෙන අවසානයක් නිසා තමයි මම බොඳව ගිය දේදුනු කියලා නමත් යෙදුවේ. ඉතින් නමේ හැටියටම කතාව ඉවර කලේ එකයි. ළමායි සන්සුන් වෙන්න දැන් ඉතින් :)




  • තෙවෙනුව මේක මගේ ඇත්තම කතාවක් නෙමෙයි. මොකද ඉතින් මම තාම ජිවත් වෙනවානේ :D
  • මේක මම ගොතපු කතාවක්. එත් සමහර කොටස්‌, සමහර වචන මගේ ජීවිතේටත් සම්බන්දයි...
  • අවසාන කොටස ලියන්න කල්ගියේ පාඩම් වැඩ වගේකට හිර වෙලා හිටිය නිසා හොඳේ 



එහෙනම් මම කැපුනා :)



Saturday, March 10, 2012

චාටර් උනාද මන්දා අපි.. :P



හලෝ ළමයි කොහොමද? ඔන්න මම අද කියන්න යන්නේ මම ඉස්කෝලේ යන කාලේ කරපු පිස්සු වැඩක් ගැන. මගේ අර පට්ටපල් බොළඳ නවකතාව කියවන එක  මටම   බෝරිං හේ හේ..


රයිට් පටන් ගමු කොටන්න.


ඔන්න මේක වුනේ 2008 අව්රුද්දෙ. එතකොට අපි A/L කරන පොඩි උදවිය ඕන්. අර ඉස්කෝලේ 1 වසරේ ඉඳං  11 වසර වෙනකම්ම ලොකු අක්කලාට යටත්ව හිටිය නිසාද මන්දා පන්ති නායකයාට එහා ගිය ටිකක් ලොකු බලයක් අපේ සෙට් එකටම ලැබුනාම  ටිකක් හයි ලෙවල් එකේ හිටියේ ඒ අව්රුද්දේම :D ඒ ඉතින් ශිෂ්‍ය නායක පට්ටම. වාසනාවටද අවාසනාවටද මන්දා අපේ සයන්ස් පන්තියේ හිටිය 17 දෙනාගෙන් 15 කටම ඒ ශිෂ්‍යනායක පට්ටම හම්බුනා. අපේ ඉස්කෝලේ තිබුනා පාර්ලිමේන්තු ක්‍රමයක්. ඊට අමතරව විනය කමිටුවක්. එයාලව තමයි එක එක පන්තිවලට දාලා තියෙන්නේ. ඇමතිලා පන්ති බලන්නේ නැහැ. එයාලා ප්‍රධාන දේවල් විතරයි බලන්නේ.ජනාදිපති තමයි ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කියල හැදින්නුවේ. ඇමති මණ්ඩලය ඊට පස්සේ. විනය ඇමති, අධ්‍යාපන ඇමති, සෞක්‍ය ඇමති හෙවත් ටොයිලට් ඇමති :D, ක්‍රීඩා ඇමති, බාහිර කටයුතු ඇමති ඔන්න ඔය වගේ එකී මෙකි නොකී ඇමතිලා හිටියා. හැම සෙක්ෂන් එකටම නියෝජ්‍ය ඇමති කෙනෙකුත් හිටියා. විනය ඇමතිට නියෝජ්‍ය දෙන්නෙක් හිටියා. විනය ඇමතියි නියෝජ්‍ය දෙන්නයි කරන්නේ පාන්දරම ඉස්කෝලෙට ගිහින් මේන් ගේට් එක ලගට වෙලා ළමයින්ගේ නියපොතු බලනවා, ගවුම් බලනවා, සමහර දවස්වලට බෑග් බලනවා. කොටින්ම කියුවොත් විනය විරෝදී වැඩක් උනොත් සිස්ටර් ප්‍රින්සිපල් ට දැනුම්දෙන්න නියමිත වෙලා තියෙන්නේ ඒ තුන්දෙනාට. මගේ කරුමෙට මම විනය ඇමති උනා ඒ අව්රුද්දෙ. අපේ පන්තියේ ශිෂ්‍යනයකයෝ 15 දෙනාගෙන් 12 ක්ම ඇමතිලා සහ නියෝජ්‍ය.  අටුවා ටීකා ටික කියලා හිටියේ මම මේ කියන්න යන කාරණයට මම මොකද සම්බන්ද වුනේ කියලා දැනුම්දෙන්න. නැත්තම් ඔයාලා කියයි ඔයාලට තියෙන අයිතිය මොකක්ද කියලා :D


දැන් එමු කතාවට


අලි ඔලුව ආවම ඉතින් ළමයින්ගේ පන්ති වලට ගිහින් ලියුම් මාට්ටු වෙච්ච ඒවා වලට මිස් ලට නොකියා අපි ඉතින් අවවාද කරලා යවනවා. මේක මුලින්ම කියලා ඉන්නම්කො ඒ වෙද්දී අපේ පන්තියේ කාටත් සීරියස් රිලෙෂන්ශිප් එකක් කාටවත්ම තිබුනේ නැහැ. අනුන්ගේ ඇස් වල රොඩු අයින් කරන්න ඉස්සර වෙලා අපි අපේ ඇස් වල පොල් පරාල අයින්කරලා ඉන්න එපැයි. කොටින්ම මාව විනය ඇමති විදියට ගන්න කලින් ප්‍රින්සිපල් සහ ගුරුවරු මං ගැන විශේෂයෙන් හොයලා බැලුවා. අනිත් අය ගැනත් එසේමයි.


                                      ඔන්න ඉතින් ගුරුවරයෙක් ඒ කියන්නේ O/L පන්තියකට උගන්වන මිස් කෙනෙක් ඔන්න දවසක් ලැබ් එකට ඇවිත් කියුවා අහවල් පන්තියේ ළමයෙක් අහවල් බස් එකේ දිනපතාම පිරිමි ළමයෙක් එක්ක නොහොබිනා විදියට හැසිරෙනවා කියලා. ගොඩාක් අය දැකලා ඒ ගුරුතුමියට පැමිණිලි කරලා තිබුනා; අපිටත් ඉතින් මදැයි ඕක. :PP


වහාම ක්‍රියාත්මක වන පැරිදී ඒ බස් එකේ යන ළමයෙක්ගේ මාර්ගෙන් ඒ කෙල්ල හොයාගත්තා. ගෙන්නලා අවවාද දුන්නා. මගේ නියෝජ්‍ය දෙන්නා තමයි ඕක කලේ. එත් ඉතින් කෙල්ල ඒ කටයුත්ත නතර කරලා නැහැ. අපිට ඉතින් ප්‍රින්සිපල් ට කියන්න එවිඩන්ස් ඕනා. නැත්තම් එතුමියගෙන් අපිට බැනුම්. ඉතින් අපි පුංචි පහේ ප්ලෑනක් ගැහුවා. හොඳේ කියන්නේ ජනාදිපති තුමිය අපේ පන්තියේ නෙමෙයි උනාට අගමැතිනිය අපේ පන්තියේ. එත් ජනදිපතියත් අපේ ෆිට් එක. ඉතින් අවුලක් නැහැ.මේක ටිකක් භයානක වැඩක්. කොහොමහරි මේක අපේ තාත්තිත් දැනන් හිටියා. :D


මෙන්න මේකයි ප්ලෑන් එක.


මුස්ලිම් කබායක් පොරවාගත්ත තරුණියන් කිහිපදෙනේක්ගේ පැපරාසි සිහිනය. :O
හේ හේ ඔන්න ඕකයි ඔය සිහිනය.


අපේ පන්තියේ හිටියා මුස්ලිම් ළමයෙක්. අපි එයාට කියමුකෝ ෆාතිමා කියලා. ඇත්ත නම නෙමෙයි ඔන්න.එයා තමයි අපේ බැජ් එකට හිටපු එකම මුස්ලිම් ළමයා. ඔන්න ඉතින් ෆාතිමා කියුවා එයා දෙන්නම් කියලා අර කළු ලෝගු වගේ තියෙන ඇඳුම්. ඇස් විතරක් පෙන ඒවා. මෙන්න මේ වගේ .....


                            වැඩේට සෙට් උනේ 4 දෙනෙක්.මොකද ඇඳුම් 4 ක් තමයි තිබුනේ. ඔන්න ඉතින් මමයි , ෆාතිමායි, තව මගේ නියෝජ්‍ය දෙන්නයි ලැස්ති උනා පැපරාසි හීනෙට.. අයියෝ සල්ලි.


මෙන්න මේකයි සැලසුම. එදා අපි තෝරාගත්තේ නිවාඩු දෙන දවස.ඇඳුම් ටිකයි මේක්අප් බඩු ටිකයි, සපත්තු ටිකයි, අත් වලට ග්ලවුස් ඔක්කොම ෆාතිමා ලැස්ති කළා. ඔන්න ඒ ටික අපේ තාත්ති ලවා රෑට අපේ ගෙදර ගෙන්වීම පළමුවෙන්ම කලයුතු වැඩේ. මොකද  අපේ ගේ තමයි ඉස්කොලෙට ලඟම ගෙදර. විනාඩි 5 යි.
බෙල් එක ගහන්න පැය බාගෙකට කලින් ඉස්කෝලෙන් යෑම තමයි ඊලග ප්ලැන. එදා සිකුරාදා දවසක්. සාමාන්යෙන් සිකුරාදාට අපිට බස් එකේ යන පන්තියක් තියෙනවා. අපේ පන්තියෙන් 6 ක් විතර ඕකට යනවා. ඉතින් පන්ති යන දවසට වේලපහින් යන්න පුළුවන් විදියට අපි මිට කලින් සැලසුම් කරලා තිබුනේ.එක අවුලක් නැහැ. කෙලින්ම අපේ ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරගන්නවා. එතකොට දෙන්නෙක් අර ළමයා පස්සෙන් දාලා තියෙන්නේ. එයා එක්කම බස් ස්ටෑන්ඩ් එකට යෑම. එතකොට තව දෙන්නෙක් එයා නගින බස් එක ගාව ඉන්නවා. හරියටම එයා නැග්ගට පස්සේ අපිට කෝල් කරන විදියට. බස් එකේ අංක සටහන් සමග. පන්තියට යන 4 දෙනා කෙල්ල එක්ක ම බස් එකට නගිනවා. මොකද පන්තියත් තියෙන්නේ කෙල්ල යන බස් පාරෙමයි. ඔන්න කෝල් එක එනකොට දෙන්නෙක්  අපි 4 දෙනාව දාගෙන යන්න ඕනා ඒ බස් එක යන්න කලින්. අපි ගිහින් නගින්න ඕනා ඒ බස් එකේ. කෙල්ලට අඳුනගන්න බෑ. අපි ලෝගු පොරවන් ඉන්නේ. කෙල්ල ගාවින් හිටගෙන අර කොල්ලා එක්ක යනකොට ෆොටෝ දෙක තුනක් ගන්න තමයි තියෙන්නේ. අන්න ඕකයි සැලැස්ම.


ඔන්න පටං ගන්නකොටම වැඩේ හබක් උනා පලමු පියවර. ඒ කියන්නේ අපේ තාත්ති ලව්වා අර ෆාතිමාලගේ ගෙදරින් ඇඳුම් ගෙන්වීම. තාත්තිට යන්න බැහැ කියුවනේ. උදේට යන්නම් කියුවා.  උදේ මම නැගිටිනකොට තාත්ති නැහැ. අම්මි එපා කියලා තාත්තිට, එයා මාරු වෙලා වැඩට ගිහින්. බලන්නකෝ එකෙත් හැටි :/
ඉතින් ඉස්කෝලෙට ඇවිත් එහෙට ගිහින් ඇදුම් ඇඳගෙන යන විදියට ප්ලෑන් එක වෙනස් කළා. දෙවෙනියට හබක් උනේ වේලපහින් පනින වැඩේ. එදා අන්තිම දවස නිසා පන්තිවල ළමයි එලියට ගෙන්නවා විනය අයට කියුවා පන්ති වටේ ගිහින් පන්ති අතුගාලද අරවා මේවා බලන්න කියලා. කොහොමහරි පැය බාගයක් කලින් යන්න බැරි වුනා. විනාඩි 10 කට කලින් පැනගත්තා. දැන් පයින් විනාඩි 10 ක දුරක් තියෙනවා ෆාතිමාලගේ ගෙදරට.  ගේ ලඟට යද්දී මෙන්න කෝල් එක, කෙල්ල ඉස්කෝලෙන් පිටත් වෙලා යනවාලු. අපි දඩි බිඩි ගාලා ඉස්කෝලේ ඇඳුම් පිටින්ම අර ලෝගුවත් දාගෙන, ඇස් වලට මොනවදෝ ෆවුන්ඩේෂන් ක්‍රීම් ගාගෙන දැන් පයින්ම යන්නන ලෑස්ති වෙනවා බස් ස්ටෑන්ඩ් එකට. දැන් ඔන්න දෙවෙනි කෝල් එක කෙල්ල බස් එකට නැග්ගලු. ඔන්න ඉතින් අපි පාරේ දුවනවා. ඉතින් ටිකක් දුරයි. පයින්මනේ. ඔන්න බස් එක පිටත් වුනා කියුවා අපි එනකොටම. දැන් මොන සක්කරයට කියන්නද.හැබැයි වෙලාවට කෙල්ල යන්නේ කෙලින් පාර බස් එකක නෙමෙයි. හැරිලා යන බස් එකේ. කෙලින් පාර එකක ගියොත් ඒ බස් එකට වඩා වේගෙන් ගිහිල්ලා හන්දියේ ඉඳල කෙල්ලගේ බස් එකට නගින්න පුළුවන්. ඔන්න ඉතින් අපි ලොකු කොළඹ බස් එකකට නැග්ග. කොන්දොස්තරටත් කඩ්ඩෙන් තමයි ටෝක් කලේ. මොකද අපි දන්නා දෙමලක් නැහැ. :(
ඒ මදිවට මෙන්න මම ඉදගෙන හිටිය සීට් එකට එහා පැත්තෙන් දෙමල මිනිහෙක් මගෙන් මොනවදෝ දෙමලෙන් ඇහුවා. මට කරකියාගන්න දෙයක් නැහැ. මම ඒ පැත්ත බලලා ඔලුව හෙල්ලුවා :D



එත් අහෝ දුකකි අපි හන්දියෙන් බහිනකොට අර බස් එක ගිහින්. එදා කරුමෙට ඒ බස් එක ඉක්මනින් ගිහින්. මොකද අපි ආපහු බස් එක යන්න වෙලා ගියා. අපි හන්දියට වෙලා ඉන්නවා දැන් ආපස්සට ගෙදර යන්න. මලා අපේ  පන්තියට යන කොල්ලෝ සෙට් එක අනිත් බස් එකේ එතනින් බැස්සා. මුන්ට අපිව අදුනගන්න පුළුවන්. මොකද අපේ ඉස්කෝලේ සපත්තු නිසා. අපිට ඉතින් නොන්ඩි. කොහොමහරි මගේ යාලුවෙක්ගෙ ගෙදර ඉඳලා පන්ති ඉවරවෙන වෙලාවට අර යාලුවෝ එන බස් එකේම නැගලා ගෙදර ආවා. යාළුවො කියුවා කොල්ලා එදා ආවේ නැහැලු  බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන්ම. එයාලගේ පන්තිය ගාවින්ලු කොල්ලා නැග්ගේ කියලා කියුවා.






මෙන්න පහුවෙනිදා ආරංචි වෙනවා  බස් ස්ටෑන්ඩ් එකේ අපේ ඉස්කෝලේ නංගිලා අපිව අඳුනගෙන කියලා. ඉස්කෝලෙට මාට්ටු වුනොත් ඉතින් අනවසරෙන් කරපු වැඩක් නිසා ලෙඩ ගොඩයි. අපිව අදුනගෙන තියෙන්නේ අපි නැගපු කොළඹ බස් එකේ අපේ ෆිට් නංගිලා ටිකක් අපේ කටහඩින් අඳුනගෙන. කොහොමහරි ගොඩාක් කාලයක් යනකන් ඒ කියන්නේ දැනටත් අපි අපේ බොඳවුණු පැපරාසි සිහිනය ගැන කියා කියල විහිලු කරගන්නවා. මොකද මඟ දිගට හරි හරි වැඩ උනා. ලෝගු පැටලිලා වැටුනා. තුවාල උනා.  සපත්තු කැඩුනා. හේ හේ. තව තව ගොඩාක් උනා. ඒවා ඕනා නැහැ LD


කොහොමහරි ඉතින් අනිත් පන්තිවල හිටපු අපේ යාලු අනිත්  ශිෂ්‍ය නායිකාවෝ ටික මාස ගානක් යනකම් අපිට කින්ඩි දදා හිටියා. :(
ඔන්න ඕකයි කතාව. අසාසිටි ඔබ සැමට ස්තුති :D


හැබැයි එක දෙයක් ඉගෙන ගත්තා අම්මෝ ලව් එකකට බාධා කරන්න හොඳම නැහැ මොන අසන්වරයක් උනත් කියලා. 




Thursday, March 8, 2012

බොඳව ගිය දේදුනු - 7 වෙනි කොටස



                                                 


                                         කඳුළු දුම් පිහාගෙන එන අලුත් හුළඟ ඇඟට හරිම සනීපයි. ඉර එළියෙන් නැටවෙන මල්යාය මුළු හිතම සනසනවා. එත් ඒ කිසිම දෙකින් විහඟටත් කෞමදිටත් සැනසීමක් නැහැ.මේ බොඳ වෙලා ගිය දේදුන්න කවදා ආපහු විහඟ ගේ ජීවිතය එලිය කරයිද කියලා විහඟ මඟ බලාගෙනයි උන්නේ..

ආදරේ ජිවිතේ කරගත්තු කෙල්ලෙක්ගෙ කතාව
බොඳව ගිය දේදුනු අද 7 වෙනි කොටස...!!


මුල්කොටස් කියවන්න බැරි උනානම් මෙන්න පාර
බොඳව ගිය දේදුනු 1 කොටස
බොඳව ගිය දේදුනු 2 කොටස
බොඳව ගිය දේදුනු 3 කොටස
බොඳව ගිය දේදුනු 4 කොටස
බොඳව ගිය දේදුනු 5 කොටස
බොඳව ගිය දේදුනු 6 කොටස

කාලය ඉගිල්ලිලා ගියේ ගොඩාක් වේගෙන්.
එදා අහස ලස්සනට පායලා තිබුනා. විහඟ හිතුවේ නැහැ ඒ දවස විහඟට මෙච්චර සතුටු හිතෙන දවසක් කියලා ඒ වෙලාවේ. විහඟ රෝහල වෙත එදාත් ගියේ අදවත් කෞමදිට සිහිය එන්න කියලා දෙවියන්ට කියලයි. 



අද එතැන් සිට


අහසේ අදුරක්‌ වැහි වලාකුළු වලට වැහුනාම මුළු ලෝකෙම ඝන අන්ධකාරෙකින් වැහිලා ගියා. උණුහුම් හිත් දෙකක් විතරක් සදාකාලික පාරමිතාවක් පුරනවා..
 කෞමදී විහඟ
මේ ආදර කතාවට ඊළඟ මොහොතේ මොන විදියේ කුණාටුවක් කඩාපාත්වෙයිද? 


විහඟ රෝහල වෙත වෙනදාට වඩා වෙලාස්සනින් එදා ඇවිත් හිටියා. කෞමදිගේ මුණ දකින දකින වාරයක් පාසා විහඟට දැනුනේ වචනෙන් විස්තරකරගන්න බැරි දුකක්. මුළු හිතම දහස් වාරයක් අඩද්දී වැලපෙද්දී කවි ඒ කිසිම දෙයක් නෑසුණු ගානක හිටියා. 


"නින්දක් නැතිව ගෙවන මේ හැම රැයක්‌ම ඔයා මගේ ලඟම ඉන්නවා වගේ මට දැනෙනවා.  එත් මේ තනිකම ටික කාලෙකටනේ කියලා හිත හදාගන්නවා මම රත්තරන්"

විහඟ එහෙම කියලා කෞමදී ලග දනගහගෙන ගොඩාක් ඇඬුවා. ඉහලට ගත්ත හුස්මපොද පවා වසක් විසක් ගානටයි විහඟට දැනුනේ.. 
එකපාරටම කෙඳිරිලි හඬක් විහඟට ඇහුනා. ඒ ඇසිල්ලේම විහඟට කෞමදිගේ මුණ දිහා බැලුනා... 
දෙයියනේ.. කෞමදී ට සිහිය ඇවිත්.


"කොහොමද ඔයාට බබා''


කෞමදී ඇස් ඇරගන්න ලොකු වෙහෙසක් දැරුවා. එත් වචනයක් වත් මුවින් පිට කලේනම් නැහැ.


"ඉන්න මම ඩොක්ටර් ව එක්ක එන්නම් "


එහෙම කියලා විහඟ අසිහියෙන් වගේ කොරිඩෝව දිගේ දුවලා ගියා.විහඟ ගේ හිත සතුටින් පිරිලා ඉතිරිලයි තිබුනේ.
"නර්ස් නර්ස් ඩොක්ටර් අනේ බලන්න කෞමදිට සිහිය ඇවිත් වගේ " විහඟ කෑගැහුවා..


හැමෝම ඉක්‌මනින් ගියා කෞමදී ඉන්න කාමරේට..  කෞමදිට ඩොක්ටර් කතා කළා. ඒ වෙද්දී කෞමදී ඇස් ඇරලායි තිබුනේ.


"බයවෙන්න එපා කෞමදී. ඔයාට දැන් හොඳයි. ඔයා මාස 3 ක්‌ විතර සිහිය නැතුව කෝමා තත්වයකින් හිටියේ. දැන් මට කියන්න බලන්න ඔයාට මොනාද දැනෙන්නේ කියලා. Are you ok? "


"කොහෙද ඉන්නේ මම? කෝ ගයාන්?"


කෞමදී එහෙම අහද්දී විහඟ කරකියාගන්න දෙයක් නැතුව බලාගෙන උන්නා.


"බයවෙන්න එපා ඔයා ඉන්නේ හොස්පිට්ල් එකේ.. ඔයාට ඇක්සිඩන්ට් එකක් උනා. "


"කෝ ගයාන්?"


"කවුද ගයාන් කියන්නේ කෞමදී?" විහඟ එකපාරටම කෞමදිගෙන් ඇහුවා.


"ගයාන් කියන්නේ මම යාළුවෙලා ඉන්න කෙනා? කෝ එයා? 
ඔයා කවුද? ඩොක්ටර් කෙනෙක්ද?"


මුළු ලෝකෙම අඳුරු වෙලා ගියා වගේ විහඟට දැනුනා. විහඟ කෞමදී ලගට ගිහින් කෞමදිගේ අතකින් ඇල්ලුවා. ඒ වෙලාම කෞමදී අත අහකට ගත්තා.


"මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි. මම ඔයා ඔයා යාළුවෙලා ඉන්න කෙනා."


"පිස්සුද ඔයා කවුද මම ඔයාව දන්නෙවත් නැහැ. ඔයා ගයාන් නෙමෙයි."


"මේ බලන්න කෞමදී මට මේදේ කියන්න. මේ අව්රුද්ද මොකක්ද?"
ඩොක්ටර් කෞමදිගෙන් එහෙම ඇහුවා.


"මේ 2006 නේද "


විහඟ ගේ හිත දුර ඈතක අතරමං උනා. ඩොක්ටර් කියාපු කිසිම දෙයක් විහඟට ඇහුනේ නැහැ. මුළු ආත්මේ පුරාම දෝංකාර දෙනවා වගේ දැනුනා.සදහටම මුළු හිතම අයිතිකරලා දුන්නත් ඒ අයිතිවාසිකම අද කවි විහඟගේ දෙපාමුල අතැරලා යන්න ගිහින්.
අමුසොහොනක් මැද්දේ පිච්චිලා අලුවෙලා ගිය මගේ ආදරේට ජිවිතයක් නැහැ කියලා විහඟට හිතුනා. විහඟ ඒ මොහොතේම නැගිටලා කාමරෙන් එලියට ගියා.ඩොක්ටර් ඔහු පසුපසින් ආවා.


"මේ බලන්න මිස්ටර් විහඟ.. කෞමදිට අතීතය අමතක වෙලා.  අව්රුදු 6 ක අතීතයක් එයාට අමතක වෙලා තියෙන්නේ. මොලේට සිද්දවෙන බලවත් කම්පනයක් නිසා කෝමා තත්වයකින් පස්සේ මේ තත්වයක් ඇතිවෙන්න පුළුවන්. බයවෙන්න කාරියක් නෙමෙයි."


"මොනාද ඩොක්ටර් බයවෙන්න එපා කියන්නේ? එයාට මාව මතක නැහැ. එයාව මට කොච්චර වටිනවද කියලා ඔයාට තේරෙන්නේ නැහැ ඩොක්ටර්.ගයාන් කෙනෙක්ව අහන්නේ. ගයාන් බැඳලා ළමයිනුත් ඉන්නවා."
විහඟ වේගයෙන් කෑගැහුවා. ඔහුට ජිවිතයම එපා උනා.විහඟ ගේ ඇස් වල කඳුළු අතීත ආදරයක හැම මතක නවාතෑනක්ම හොය හොය දුක්වින්දා.හැම හිනයකටම ගිනි ඇවිලෙද්දී බිඳිලා ගිය හීන අතැරලා දාන්න විහඟට පුළුවන්කමක් තිබුනේ නැහැ.




විහඟ කෞමදිගේ කාමරේට ගියේ දුබලවූ හිතකින්. එත් සිතුවිලි වලට තමන්ව පාලනය කරන්න විහඟ ඉඩදුන්නේ නැහැ. කෞමදී ලඟට ගිහින් කෞමදිගේ ඇස් දෙක දිහා විහඟ කෙලින් බැලුවා.

"මේ බලන්න මම ඔයා කවුද කියලා දන්නේ නැහැ. මට දැනගන්න උවමනාවකුත් නැහැ. මට දැනගන්න ඕනා කෝ ගයාන් කියලයි. එයා මාව බලන්න ආවා නේද?"


කෞමදී එහෙම අහනකොට විහඟ ගේ ඇස් කෙවිලා කඳුලක් මෝදු උනා. එත් කඳුළු හංගන් විහඟ කතා කළා.


"ගයාන් කෙනෙක්ව මම දන්නේ නැහැ. නෙතුකි ඔයාගේ යාළුවාව මතකද? එයා දැන් එයි. ඔයා එයාගෙන් අහන්න ඕවා "


ඒ වෙලමයි නෙතුකි රෝහල කාමරය වෙත ආවේ.


"කවි අනේ දෙවියනේ ඔයා හොඳින්. විහඟ කෝල් කරපු ගමන්මයි මම මේ දුවලා ආවේ. කොහොමද කෙල්ලේ ඔයාට.."


"මම හොඳින් නෙතු. කෝ ගයාන් බං? මේ කව්රුත් ගයාන් ව දන්නේ නැහැලු බං "


නෙතුකිට විහඟ දිහා එකවරම බැලුනා. 


"නෙතු ටිකකට එලියට එන්න පුලුවන්ද?"
විහඟ එහෙම ඇහුවා


"මම ඉක්මනින් එන්නම් කෙල්ලේ."


එහෙම කියලා නෙතුකි විහඟ ගේ පස්සෙන් වැටුනා


"මොනාද විහඟ මේ වෙන්නේ? මොකද මෙයා දැන් ගයාන්ව අහන්නේ? එයා ගයාන්ගේ නම කියන්නවත් කැමති නැහැනේ."


"මේ මම කියන දේ හොදට පැහැදිලිව අහගන්න නෙතු. කෞමදිට අතීතේ අමතක වෙලා. සම්පුර්ණ අතිතේම නෙමෙයි. අවුරුදු 6 ක. එයා හිතන් ඉන්නේ මේ 2006 අවුරුද්ද කියලා."


නෙතුකිගේ ඇස් උඩ ගියා.. 


"මට කියන්න නෙතු , කෞමදියි ගයානුයි වෙන්වුණේ මොන අවුරුද්දේදීද?"


"මට මතක විදියට එයාලා යාලුවුනේ 2005, එතකොට වෙන් වුනේ දැනට අව්රුදු 3 කට කලින්. ඒ කියන්නේ 2009."


"එතකොට මේ වෙද්දී ගයානුයි කවි යි යාළුවෙලා අව්රුද්දක්.එයාට මාව මතකවත් නැහැ නෙතුකි. මට තේරෙන්නේ නැහැ මොනවද මේ වෙන්නේ කියලා. "




"බයවෙන්න එපා විහඟ. කවිට මතකය ඒවි. එක මට විශ්වාසයි. දැන් අපි කොහොමද මේක කවිට කියන්නේ?


"එකටයි මම ඔයාට එන්න කියුවේ නෙතු. එයාට මාව රුස්සන්නේ නැහැ. ඔයා කියන්න ඕනා එයාට"


"එයා කලබල වෙයිද කියලා බයයි මට. මම කියන්නම්. යමුකෝ. "


නෙතුකියි විහඟ යි කෞමදී ලඟට ගියා. 


"මොකක්ද බං උබටත් වෙලා තියෙනේ දේ? එක නෙමෙයි මේ මිස්ටර් කවද්ද මාව ඩිස්චාර්ජ් කරනවා කියුවේ.?


" හෙට යන්න පුළුවන් කියුවා  කෞමදී."


"නෙතුකි ගයාන් වැඩට ගිහිලද? මගේ කොල්ලා මාව බලන්න ආවේ නැති නිසා මම තරහා වුනා කියන්න හොඳේ."


"මේ අහපන් කෙල්ලේ, ගයාන් එන්නේ නැහැ. ඔයා ඇක්සිඩන්ට් වුනු වෙලාවේ ඔයාගේ මොලේට වුනු තෙරපුමක් හින්දා උඹට අව්රුදු 6 ක අතීතය අමතක වෙලා. මේ 2006 නෙමෙයි. මේ 2012."


"මොකක්?"


"ඔව් කෙල්ලේ ගයාන් වෙන කෙනෙක්ව බැන්දා?"


"මො මො ...කා ..කක්?"


මුළු ලෝකෙම එපා කියලා ලෝකෙටම වඩා ආදරේ කරපු ඔයා මට මෙහෙම කරයි කියලා මම හිතුවේ නැහැ රත්තරන්.


කෞමදිගේ ජීවිතේට?... එතකොට විහඟ? මේ දෙන්නාගේ ආදරේට මොනවා වේවිද?


අවසාන කොටසින් ඉක්මනින් හමුවෙමු ...









Monday, March 5, 2012

බොඳව ගිය දේදුනු - 6 වෙනි කොටස







ගහක වැලක මල් පූදින පාන්දර අවුරැල්ල ඇඟට  හරිම සනීපයි. ඒ අවුරැල්ලම ගින්දරක් වෙලා මධ්‍යහන ගිනියම් කරද්දී අවුරැල්ල සනීපයි කියුව හැමෝම කොහෙටහරි දුවන්නේ හෙවනක් හොයාගෙන. කෞමදිගේ ජීවිතේටත්  ගිනියම් අවුරැල්ලට බයේ හැංගෙන්න උනා. විහග ඒ ජිවිතේ ලැබෙනකම් පෙරුම්පිරුවත් දෙවියන්ට බුදුන්ට කියනවා හැරෙන්න වෙන කාටවත් ඒ පැතුම් කියන්න විහගට පුළුවන්කමක් තිබුනේ නැහැ.විහඟ ගේ හුස්ම පොදටත් ගිනි තියලයි කෞමදී මේ ඇස් පියාගෙන ඉන්නේ කියලා විහඟ දැන් දැන් තේරුම් අරගෙනයි ඉන්නේ...


ආදරේ ජිවිතේ කරගත්තු කෙල්ලෙක්ගෙ කතාව
බොඳව ගිය දේදුනු අද 6 වෙනි කොටස...!!


මුල් කොටස් කියවන්න බැරි උනානම් මෙන්න පාර
බොඳව ගිය දේදුනු 1 කොටස
බොඳව ගිය දේදුනු 2 කොටස
බොඳව ගිය දේදුනු 3 කොටස
බොඳව ගිය දේදුනු 4 කොටස
බොඳව ගිය දේදුනු 5 කොටස


දරාගන්න බැරි දුකක් සතුටක් එකම හිතක වැලපෙද්දී කඳුලට හිනාවට වෙනසක් නැතුව නවාතැන් දෙන්න ආදරයක් මඟ බලාගෙන ඉද්දි විහඟ කඳුලක් අරන් රෝහල වෙත ගියේ හිතේ දෙගිඩියාවෙන්.මොකද ඒ විහඟට ටිකකට කලින් ලැබුණු දුරකථන ඇමතුම නිසා. දාහක් බලාපොරොත්තු පොදි බැන්දත් ඒ හැම පැතුමක්ම දෙපාමුල විසිරිලා යනකොට විහඟ ඒ හැමදෙයක්ම ඉවසගෙන කෞමදී දිහා බලාගෙන හිටියා. ඒ අහිංසක මුණ විහඟ ගේ ජීවිතය වෙලා තිබුනා.


ඒ වෙලෙමයි වෛද්‍යවරයා රෝහල් කාමරය වෙත ආවේ.


"ඩොක්ටර් හදිස්සියේ එන්න කියලා පණිවුඩයක් එවලා තිබුනා? "


"ඔව් මිස්ටර් විහඟ මම එන්න කියුවේ පොඩි සතුටුදායක කාරණයක් කියන්න."


"ඒ මොකක්ද ඩොක්ටර්?" 
"අද උදේ නර්ස් මෙයාගේ සේලයින් එක මාරුකරන්න ආපු වෙලාවේ පේෂන්ට් ගේ ඇඟිලි හෙලවෙනවා දැකලා තියෙනවා. හැබැයි ටික වෙලාවක් විතරයි.
ඒ උනත් අපි විශ්වාස කරනවා කෞමදිට ඉක්මනින් සිහිය එයි කියලා. එයාගේ රිපොර්ට්ස් පොසිටිව් වේගෙනයි එන්නේ :) "


ඉහලට ගත්ත හුස්මපොද පහලට දමන්ටවත් විහඟට සිහියක් තිබුනේ නැහැ. ඒ තරමටම ඒ ආරංචිය විහඟ ට මුළු ලෝකයක් තරම් වුනා.
ඒ උනත් කවදා කෞමදී ට සිහිය ඒවිද කියලා විහඟ දුක් වුනා. කෞමදී දිහාවට හැරුණු විහඟ ඇගේ ඇඟිලි වලින් අල්ලන් එක ප්‍රාර්ථනාවක් කළා. ඒ ඉක්මනින් ඇයට සුව වෙන්න කියලයි.




-------------------------------------------------------------------------------------------------------------
"මචන් උබ අපිට කොලේ වහනවා."


"එහෙම දෙයක් නැහැ බං"


"එහෙම නැත්තම් උබ මොකක්ද අර කෙල්ලෙක් ඔලුව උඩ තියාගෙන නටන නාඩගම.? උබ ට්‍රිප් එක යන්නත් ආවේ නැහැ. බලන බලන හැමවෙලේම මුඩ් ගහගෙන ඉන්නවා. කවුද බං ඔය කෙල්ල අපි නොදන්න"


"උබලට කියුවේ මම කෙල්ලෙක්ගෙන් මම යාලුවෙන්න ඇහුවා කියලා. උබලා මොකද නොදන්නවා වගේ අහන්නේ. අනික උබලට මොකද මම කොහේ ගියත්. "


"අනේ නිකන් පලයන් බං යන්න. උබ අපේ හොදම යාලුවා. තොපේ ඕනෑම මගුලකට අපි ඉන්නවා කියලා උබ අමතක කරා එහෙනම්  අහ්හ් ?"


"එහෙම දෙයක් නෙමෙයි මචන්ලා තෙරුම් ගනින්කෝ. ඒ කෙල්ල ඇක්සිඩන්ට් උනා එදාම.කෝමා එකක ඉන්නේ. එකයි මචන් මම මෙච්චර අප්සට් ඒකෙන් ඉන්නේ.මට තේරෙන්නේ නැහැ බං එකී මට කැමති කියලා කියුවෙත් නැහැ. එත් මම එයාට ආදරෙයි බං..
මචන් කසුන් උබත් ආදරේ කරනවනේ. උබට තේරෙනවනේ මම කියන දේ."


"මාර වැඩනේ බං උබටත් වෙන්නේ. හරි මචන් අවුල් ගන්න එපා. අපි ඉන්නවා උබත් එක්ක. ආදරේ කරන එක වැරද්දක් නෙමෙයි බං කවදාවත්. උබ ඕක අපිට කියන්න පරක්කු වෙච්ච එක තමයි වැරැද්ද."


"මට සමාවෙයන් මචන්ලා.. මට ඕනා උනේ නැහැ මගේ දුක හැමෝටම ප්‍රචාරය කරන්න "


විහඟට ඔහුගේ මිතුරන්ගෙන් ලැබුනේ ගොඩාක් ලොකු හයියක්.


මිතුරන්ගෙන් සමුඅරගෙන විහඟ කෙලින්ම ගියේ කෞමදී ව බලන්න රෝහලට. ඒ වෙද්දී කෞමදී ගේ ඇඳ ලග කෞමදිගේ හොදම යෙහෙළිය වන නෙතුකි හිටියා. එත් ඇය සිටියේ තනියම නම් නෙමෙයි. විහඟ එනවා නෙතුකියි අමුත්තා යි දැක්කා. 


"අහ්හ් විහඟ කොහොමද? කෞමදී ගැන මොනවද ඩොක්ටර්ස් ලා කියන්නේ? "


"ඉක්මනින් හොද වෙයිලු  කියනවා නෙතු, එක නෙමෙයි ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ව අපිට අදුන්වලා දෙන්නේ නැද්ද?"


"අහ්හ් මේ ඉන්නේ ගයාන්. හැබැයි මගේ බෝයි ෆ්‍රෙන්ඩ් නම් නෙමෙයි."


"මම කවි ගේ යාලුවෙක්"
විහඟ කතා කරන්නටත් කලින්ම ගයාන් උත්තර දුන්නා.


"ඔෆිස් එකේ යාලුවෙක් වෙන්න ඇති එහෙනම් "


"නැහැ. ඊටත් කලින් ඉදන්ම කවිව දන්නා කෙනෙක්.. නෙතුකි මම ගිහින් එන්නම්. බබා ව ගන්න තියෙනවා."


"හොදයි ගයාන්"


"ගිහින් එන්නම් විහඟ. බයවෙන්න එපා. කවිට ඉක්මනින් සනීප වෙනවා "
"තැන්ක්ස් ගයාන් ආවට.."


ගයාන් රෝහලෙන් පිටත්ව ගියේය. එත් විහඟ ගේ මුණේ ඇඳුනු ප්‍රශ්නේ නෙතුකිට තේරුම්ගන්න අපහසු උනේ නැහැ. 


"මට තේරෙනවා ඔයා අහන්න යන ප්‍රශ්නේ. ගයාන් කවුද කියන එකනේ. ගයාන් කියන්නේ කවි මුලින් යාළුවෙලා හිටිය කෙනා. ගොඩාක් කාලයක් ඉඳන්ම. ප්‍රශ්න වගයක් වෙලා ඒ දෙන්නා වෙන්උනා. ඊටපස්සේ කෞමදී කාතෙක්කවත් යාලුවුනේ නැහැ.එත් ගයාන් බැඳලා ළමයෙකුත් ඉන්නවා.."


"කවි ගේ හැසිරීමෙන් මට තේරුනා එයා ආදරේ කරලා විදවපු කෙනෙක් කියලා නෙතුකි. එත් මම ඒ ගැන එයාගෙන් අහලා එයාව අසරණ කරන්න කැමති උනේ නැහැ."


"ඒ දෙන්නා වෙන් උනාට පස්සේ කවදාවත් හම්බවුනේ නැහැ. කවි ගොඩාක් ආදරේ කළා ගයාන්ට. එයාට ගයාන් නැති අඩුව හැමදාම තිබුනා. එත් එයා හැමදේම අමතක කළා. ඒ ගයාන්ගේම හොඳට.ගොඩාක් විදෙව්වා මේ කෙල්ල. ඒත් එයා තාමත් හැමදාමත් විඳවනවා.."


හදවත පාරන වේදනාවන් හිතින් අමතක කරලා දාන්නත් බැරිනම් සදාකාලිකවම ඒ වේදනාව තුරුල් කරගෙන දුක්විඳින්නයි හිතකට සිද්දවෙන්නේ.කෞමදී ගැන විහඟ ට දැනුනේ පුදුම දුකක්. ඒ කෙල්ලගේ ජිවිතේ ලස්සන කරනවාමයි කියලා විහඟ කෞමදිගේ ඔලුවේ අත තියලා දිව්රුවා..


ඔහොම දවස දෙක තුනක්ම සාමාන්‍ය විදියට ගෙවිලා ගියා. කෞමදී ව බලන්න හැමෝම වගේ ආවා. ඒ අතරේ කෞමදිගේ ලොකු අයියා ත් රට ඉඳන් ආවා. කෞමදිගේ අම්මා තාත්තා හැරුනුකොට කෞමදී ට හිටියේ අයියා විතරයි.අම්මා තාත්තා නැති උනාට පස්සේ කෞමදිට ඉගැන්නුවේ, හැම කලේ කෞමදිගේ අයියා. එයාලාට වෙන කව්රුත් හිටියේ නැහැ. අයියා රට ගියාට පස්සෙයි කෞමදී තනි උනේ., එත් කෞමදිගේ අයියා කෞමදිට කිසිම අඩුවක් දැනෙන්න ඉඩ දුන්නේ නැහැ.


"මගේ නංගි ගොඩාක් දුක් වින්දා.මට මගේ ලඟට නංගිව ගන්න බැරි උනා. අම්මෙක් තාත්තෙක් නැතුව මම එයාව හැදුවේ මලක් වගේ. එත් එයාට ගයාන් නැති වුනු අඩුව ගොඩාක් බලපෑවා. ගයානුත් ඔයා වගේම එයා එක්ක හැමවෙලේම දුකට සැපට හිටියා. එත් එයා නංගිට කරපු දේ ඔයා නොකරයි කියලා මට හිතන්න බෑ. එත් දෙයක් මම දන්නවා. කවුරු නැතත් මගේ නංගිව මම පරිස්සම් කරනවා. "


"මට තේරෙනවා අයියා කියන දේ. එත් විශ්වාස කරන්න මාව. මගේ ජිවිතේ තියෙනකන් කෞමදී ව තනිකරන්නේ නැහැ. එක පොරොන්දුවක්."


කඳුලකට පුලුවන්නම් හදවතක් නතර කරන්න, මේ ලෝකේ හැම හදවතක්ම එකම මොහොතක නතර වෙලා යාවි. ඒ ආදරය අමතක කරනවාට වඩා මේ ජීවිතය අවසාන වෙනවානම් විහඟට එක සැපයි.


කාලය ඉගිල්ලිලා ගියේ ගොඩාක් වේගෙන්.
එදා අහස ලස්සනට පායලා තිබුනා. විහඟ හිතුවේ නැහැ ඒ දවස විහඟට මෙච්චර සතුටු හිතෙන දවසක් කියලා ඒ වෙලාවේ. විහඟ රෝහල වෙත එදාත් ගියේ අදවත් කෞමදිට සිහිය එන්න කියලා දෙවියන්ට කියලයි. 




විහඟ ගේ ඒ පැතුම එදා ඉටු වෙයිද?








අවසාන කොටසෙන් හමුවෙමු ඉක්මනට.... එත් කියන්න බෑ අවසාන කොටසම වේවිද කියලා :)





Thursday, March 1, 2012

බොඳව ගිය දේදුනු - 5 වෙනි කොටස






                                                      හරි පුදුමයි ජිවිතේ. හැමවෙලේම වෙන්නේ අපි නොහිතන නොපතන දේවල්. අපේ  ජීවිත වලටත් වෙන්නේ අන්න එහෙම දේවල්. නුලකින් මිදුණු සරුංගලයක් ඉබාගාතේ යනවා වගේ තමයි අපේ ජීවිතත් ඉබාගාතේ යන්නේ.. එත් අපි හිතුවොත් ඒ හැමදෙයක්ම අපිට වෙනස් කරගන්න පුළුවන් .. :)


ආදරේ ජිව්තේම කරගත්ත කෙල්ලෙක්ගෙ කතාව.
බොඳව ගිය දේදුනු.. අද 5 වෙනි කොටස.


මුල් කොටස් කියෙව්වේ නැත්තම් මෙන්න පාර....,


බොඳව ගිය දේදුනු 1 කොටස


බොඳව ගිය දේදුනු 2 කොටස


බොඳව ගිය දේදුනු 3 කොටස


බොඳව ගිය දේදුනු 4 කොටස





මම ඔහේ හිත හිත පාර පුරා ආවෙමි.  එපමණයි මට මතක. කොහෙන්දෝ ආපු වාහනයක් මාව යට කරගෙන ගොසින්ය. මට සිහියක් නැත. එහෙත් මට මාව පෙනුනි. මම බිම ලේ විලක් මැදවැතිර උන්නෙමි....

අද එතැන් සිට...

නර්ස් මෙයාගේ විස්තර හම්බුනේ නැද්ද?

නැහැනේ ඩොක්ටර්. කැලණියේ පන්සල ගාවලුනේ ඇක්ස්ඩන්ට් එක වෙලා තියෙන්නේ, මට හිතෙන්නේ මේ ගර්ල් පන්සල් ගිහින්, එකනේ මේ සුදු ඇදුම් ඇදගෙන ඉන්නේ. 

පර්ස් එකක්වත් ඉරිරිපත්කරලා නැහැ නේද? දැන් කොහොමද මේ ළමයාව අදුනගන්න නෑදැයෝන්ටවත් ඉන්ෆෝම් කරන්නේ?
කවුද හොස්පිට්ල් එකට බාරදීලා තියෙන්නේ?

ඩ්‍රයිවර්, වාහනය ගෙනිච්ච.

බලමුකෝ පොලිසියෙන් හොයයිනේ.. අනික කොහොමත් මෙයාට කවදා සිහිය එයිද කියලා කියන්න අමරුයි. Keep in touch.

හොදයි ඩොක්ටර්

අනතුරින් කෞමදී ජීවිතය බේරාගත්තේ පෙර පිනකට වාසනාවකට වගේ. පැය ගානක ශල්‍යකර්මයකට පස්සේ කෞමදිට යම්තාක් දුරට සුවය ලබුවාත් ඇයට සිහිය පැමිණ තිබුනේ නැහැ. වෛද්‍යවරුන්ගේ නිගමනය උනේ කෞමදී කෝමා තත්වයකින් සිටිනවා කියලයි. පොලිසිය මගින් කෞමදී වැඩකරන ස්ථානයට කෞමදිගේ මේ මාරාන්තික අනතුර දැන්වීමෙන් පසුව එමගින් විහඟ ටත් ඒ ආරංචිය ගිහින් තිබුනා. ඒ අනුව විහඟ ඇතුළුව කෞමදිගේ මිතුරු මිතුරියන්, බෝඩිමේ මිතුරියට කිහිපවිටක් කෞමදි ව බලන්න රෝහල ට පැමිණියත් ඒ අයට සතුටකට තිබුණු එකම කාරණය වුනේ කෞමදී මරණාසන්න තත්වයෙන් ගැලවීම පමණයි.





විගඟ හැමවෙලේම වගේ කෞමදී අසල රැඳුනේ සැබෑම සෙනෙහසකින් ආදරේකින්...

"කෞමදිට සිහිය එන්නේ නැති වෙයිද ඩොක්ටර්?"

විහඟ වෛද්‍යවරයාගෙන් එහෙම ඇහුවේ සැරයක් දෙසැරයක් නෙමෙයි. ඒ හැම මොහොතකම ඔහුගේ පිළිතුර උනේ..

"අපි කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම දීලා තියෙන්නේ මිස්ටර් විහඟ. අපිට තියෙන්නේ දැන් බලාගෙන ඉන්න එක විතරයි. එයාට සිහිය කොයි මොහොතක හරි එන්න පුළුවන්. දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ඉන්න."

හා හා පුරා කියලා විහඟ පැතුව කෞමදිගේ ආදරය ගැන ඔහු බලාපොරොත්තු තබන්නටත් ඉස්සෙල්ල ඒ සිහින මාලිගා ඔහුගේ ඇස් ඉස්සරහා කැඩිලා බිදිලා ගියා. කරන්න පුළුවන් හැම භාරහාරයක්ම ඔහු කෞමදී වෙනුවෙන් ඔප්පු කළා.

මේ විදියට දින සති ගෙවිලා ගියේ විහඟ ව ගොඩාක් හෙම්බත් කරමිනුයි. එත් ඔහුගේ හිතේ කෞමදී ගැන තිබුණු ආදරය ගලේ කෙටුව අකුරක් වගේ නොවෙනස්ව තිබුනා.

"පුතා"

"ඇයි අම්මේ?"

"මම මේ බලාගෙන ඉදලා බැරි කමට පුතාගෙන් මේ අහන්නේ. ඔයා දන්නවා මම හැමදේටම ඔයාට නිදහස දීලා තියෙන්නේ. ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ඔයා ගන්නේ නැහැ කියලාත් මම දන්නවා. එත් තාත්තාගේ යාලුවෙක් දැකලා තියෙනවා ඔයා හොස්පිට්ල් යනවා හැමදාම. මට දැනගන්න ඕනා ඒ ඇයි කියලා පුතේ? "

"අම්මේ මම මේ දේ අම්මා ට කියන්න කියලා හිටියේ අද නෙමෙයි. ගොඩාක් දවසක ඉදන්. එත් මේ ප්‍රශ්න මගේ ඔලුව හිරකරන් හිටියේ. මම ගැහැණු ළමයෙක්ට ආදරේ කරනවා."

"ඔය වයසේදී ආදරේ ඇතිවීම සාමාන්‍යයි දරුවෝ. ඔයා දන්නවානේ. අපි ආදර සම්බන්දතා වලට අකුල් හෙලන දෙමව්පියෝ නෙමෙයි කියලා.ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නේ? "

"මම මගේ ආදරේ කියුවා විතරයි අම්මේ. එයා උත්තරයක්‌ දෙන්න කලින් එයාව ඇක්සිඩන්ට් එකක් උනා"

"දෙයියනේ "

"ඔව් අම්මේ. දැන් මාස 3 ක් වෙනවා. එයා ට සිහියක් නැහැ. කෝමා එකක් "

හිත කලබල කරගන්න එපා පුතේ. මම හෙට එන්නම් ඒ දරුවාව බලන්න."

"ඇයි අම්මා මටම මෙහෙම වෙන්නේ?"


"දෙවියන්ගේ කැමැත්ත එකනම් අපිට වලක්වන්න බැහැනේ පුතේ. ශක්තිමත්වෙලා ඉන්නකෝ"

විහඟට කෞමදිව මුළු ජිවිතයම විය. එක ඇගිල්ලක් වත් හොල්ලයි කියලා හැම තප්පරයක්ම විහඟ කෞමදිගේ ඒ අහිංසක මුණ දිහා ඇසිපිය ගහන්නේ නැතුව බලාගෙන හිටපු වාර ගණන අනන්තයි.

අනේ මගේ මැණික එන්නකෝ. ඇයි මෙහෙම බුම්මගෙන ඉන්නේ. බලන්න ඔයා මට ආදරෙයි කියලා කියුවේ නැහැනේ. ඔයාගේ ඔය රෝසපාට තොල් වලින් ඒ දේ අහන්න බලන්න මම පෙරුම්පුරන තරමක්. ඔයා ගලක් වෙලා ඇයි මැණික.?

එක සැරයක් නෙමෙයි , සියදහස් වාරයක් විහඟ මේ විදියට කෞමදිට කොච්චර කතා කරන්න ඇද්ද? එත් ඒ හැම වචනයක්ම හුළගේ පාවුනු වචන පවට හැරවුනා මිසක් කවි ගේ සියපත් තුලට ගියේ නම් නැහැ.


එත් එක් දිනක් හදිස්සියේම විහඟ ගේ දුරකථනය නාදවිය.


මතුසම්බන්දයි






ප.ලි.- කාර්යබහුලතාවය නිසා අද කොටස ප්‍රමාණයෙන් ස්වල්ප බවත් මීලග කොටස ඉතා ඉක්මනින් මීටත් වඩා ප්‍රමාණයෙන් දිගින් වැඩි වන බවටත්, එය අවසානයට පෙර කොටස වන බවත් දැනුම්දෙමි.