මම මේ කියන්න යන දේ ඔයාලා දන්නවා ඇති. නොදන්නවාත් ඇති.
කොහොම උනත් මෙයාල වෙනුවෙන් මම මගේ බ්ලොග් පිටුවක් වෙන් කරන්නේ මෙයාල ඒ තරමටම මට සුවිශේෂී නිසයි.
කුඩා කල සිටන්ම මගේ මිත්‍රයෝ.මගේ වැලි කෙලියේ යාළුවො,නෑදෑයෝ. පොඩි කාලේ ඉදන් දුකට සැපට එකට හිටියේ මේ අයියලා රොත්ත තමයි. ඉස්සර නත්තලට කැරොල් කියනවා අපි හැමෝම රැ 12 පුජාවෙන් පස්සේ. ඒ තරමටම පුදුම බැදීමක් අපි අතර තිබුනේ. අපි ලොකු වුනාට පස්සෙත් ඒ බැදීම පොඩ්ඩක්වත් අඩු වුනේ නැහැ. සංගීතයට පුදුම දක්ෂතාවයක්, ඒ නිසාම සංගීත කණ්ඩායමකුත් හදාගත්තා. Hard Black, සැරින් සැරේ tv එකෙත් පෙන්නලා තියෙනවා මෙයාලව. ඊයේ දිනයේ හදිස්සි මාරක අනතුරකින් මේ සහෝදරයන් අතරින් දෙන්නෙක් අපේ ජිවිත වලින් විතරක් නෙමෙයි මේ ලෝකෙන්ම සමුගෙන ගියා. හෂාන්ත අයියයි ෆ්‍රෑන්ක් අයියයි තමයි අපිව දාලා ජේසු ගාවට ගියේ.
හැම නත්තලකටම ෂෝ එකක් සංවිදානය කරනවා. මම ත් සංවිදායක මණ්ඩලේ ඉදලා තියෙනවා ඔකේ. හිහි. මේ 23 වෙනිදට තියන්න කියලා බැනර් ගහලාත් තිබුනේ.
හරිම එකමුතුව හරිම සංයමයකින් ඉදපු අයියලා කට්ටියක්. ඉතින් මේ බැදීම් නැති වෙනකොට හිතට පුදුමාකාර දුකක් දැනෙන්නේ.
නැති වුනු අනිත් අයියා ෆ්‍රෑන්ක් , අපේ ගෙදර නිතරම එනවා. අපේ බප්පිගේ පුතා එක්ක. හරිම හොද අයියා කෙනෙක්. එයාගෙත් තාත්ති නැහැ. දෙන්නගෙම වයස 23 යි.මේ අයියලා රොත්තම අපිට පුදුමාකාර ශක්තියක් වුනා අපේ තාත්ති නැති වුනු වෙලේ. හැම තැනටම දුවල පැනලා වැඩ කළා. මගේ හිත ගොඩාක් හැදුවා.
මුණු ඔක්කොම කුඩු පට්ටම් වෙලා ඒ මාරක අනතුරින්. එදා එයාල වෙඩින් එකකට ගිහින් සින්දු කියන්න. රෑ ගෙදර එද්දී තමයි ඩ්‍රයිවර් ට නින්ද ගිහින් අනතුර වෙලා තියෙන්නේ. අනතුර වුනු අනිත් අයියලා 6 දෙනාගෙන් එක්කෙනේක්ටවත් තාම සිහියක් ඇවිල්ලා නැහැ. එක්කෙනෙක්ගේ හක්ක පැනලා. එක්කෙනෙක්ගේ දිව කැපිලා. තව එක්කෙනෙක්ගේ දත් නැහැ. අනේ මෙහෙම වෙන්න තරම් ඒ අසරණයෝ කරපු පව මොකක්ද.
මැරුණු ශරීරෙට අන්දලා තියෙන්නේ වෙඩින් එකට ගත්ත ඇදුම. පෙට්ටිය වටේට වෙඩින් කාර්ඩ් වෙඩින් ක් පෙට්ටි තියලා. දැක්කම සංසාරේ එපා වෙනවා. පුංචි කාලේ ඉදන්ම මගේ ඇස් මානේ ඉදන් සෙල්ලම් කරපු අයියා නේද මේ කියල දැනෙනකොට ඇයි මෙහෙම නැති වෙන්න ඉපදෙන්නේ කියලා හිතෙනවා...
හ්ම්ම් ජිවිතේ හැටි ඔහොම තමයි කියලා හිත හදාගන්න අමාරුයි. කොහොම උනත් මේ සිද්දිය මුළු ගමම සසල කළා. මොකද මුළු ගමේම ආදරේ දිනාගත්ත දෙන්නෙක් තමයි අපිට නැති වුනේ.
මේ පහල තියෙන වීඩියෝ එක වෙඩින් එකකදී ගත්ත එකක්.. හ්ම්ම්/
පිනි මුතු කැට කදුළු බින්දු
කඩා හැලෙන ඇසිපිය උඩ
පරමලකින් සරසුවේ ඇයි
සුළග එක්ක විසිර යන්න
දෙව් මව් වෙත බාරදෙමින්
මතු උපදින හැම භවයේත්
ඔබ අප සහෝදරයන් වී
ඉපදෙමු යලි සතුටු සිතින්
ඔබට මොක් සුව...
ඉක්මනින් ආපහු ඉපදිලා එන්න අපි ලගට.
ජිවිතේ විදින්න බැරි උනත් ගොඩාක් කාලයක් ඔයාල අපේ ජිවිත වල හැමදාමත් කොටස්කාරයෝ.
ජිවිතේ සුන්දරයි කියන හැම අවස්ථාවකදීම අප ලබන එකම ජයග්‍රහණය කදුලත් වේදනාවත් පමණයි අයියේ.
You will always be in Our hearts...
Will always remember the time We had in same neighbourhood..
In sweena teacher's class...
In Leo and all the parties we had...
You were always there for friends...
A good son.. a good brother..
A good lover.. a great friend . and an awesome human being...
Still can't believe...
We will miss u...
RIP
















