කොහොමද හැමෝම හොදින් ඉන්නවා නේද.. නත්තල් නත්තල් කියා කියා උන්නා දැන් නත්තලුත් ඉවරයි ඔන්.
නත්තල් කියද්දී ඉතින් කෑම ජාති තමයි හැමවෙලේම මතක් වෙන්නේ. අපේ මල්ලි නම් නත්තල් වෙනකම් බලාගෙන ඉන්නේ නත්තලට හදන කෑම ටික කාගන්න.
ඔන්න ඉතින් වර්ණා ත් වර්නාගේ අම්මිත් එක්ක එකතුවෙලා නත්තලට කෑම ජාති ගොඩාක් හැදුවා.
එකින් එක හිමිට කියන්නම්කො.
ඔන්න අද පලවෙනි කෑම ජාතිය.මේක අතුරුපසක්. පත්තරේ තිබුනේ රෙසිපි එක. ඔන්න ඉතින් මම එක හැදුවා. දැන් කාලත් ඉවරයි. :D හොදට රසට තිබුණු නිසා හදන හැටි කියනම්. ඔයාලත් හදලා රසද කියලා කියන්නකෝ මට..
බටර්ස්කොච් මූස් (Butterscoth Moos) තමයි නම.
අවශ්‍ය ද්‍රව්‍ය-
බිත්තර කහමද 7 ක්
කිරි ලීටර 1 ක් (එල කිරි පැණි රස නැති.)
සිනි ග්රෑම් 350 ක් සහ වෙනම තව සිනි 200 ග්රෑම්
ජෙලටින් ග්රෑම් 40 ක්
ඇස්ට්‍රා 180 ක්
සාදන ක්‍රමය-
මුලින්ම සිනි ග්රෑම් 350 ලිප තබා සිනි මට්ටමට බාගයක් වෙන විදියට වතුර දාලා, ඒ කියන්නේ වතුර පොඩ්ඩක් වෙන්න, ලිපේ තියාගෙන එක දිගට හැදි ගාගෙන කැරමල් කරගන්න. කැරමල් වගේ එනකොට ලිපෙන් බාගෙන ඉක්මනට එකට බටර් ග්රෑම් 40 එකට දාගෙන දිය කරගන්න පහත රුපයේ ආකාරයට ඒවි එතකොට. ඔය මිශ්‍රණය පැත්තකින් තබාගන්න.
දැන් කිරි ලීටරය ලිපේ තබා උතුරවා ගන්න.කිරි උතුරවන විට ලිප නිවා දමන්න. දැන් එය පසෙකින් තබාගන්න.
බිත්තර කහමද ටිකට ඉතුරු සිනි ග්රෑම් 200 දමා හොදට බීට් කරගන්න.
ඉන්පසු එම බිත්තර සිනි මිශ්‍රණය උතුරුවා ගත්ත කිරි එකට දමන්න. ඒ මිශ්‍රණය දමන ගමන් හොදට මිශ්‍ර කරගන්න ඕනා.
දැන් එම මිශ්‍රණයට ජෙලටින් ටික කලින් උණුවතුර ටිකක දියකරගෙන එම ජෙලටින් ටික ඉහත මිශ්‍රණයට දමන්න.,,
හොදින් හැදිගාන්න.
ඉන්පසු කලින් සාදාගත් බටර් කැරමල් මිශ්‍රණය ද මෙයට එකතු කරන්න.හොදින් කලවම් කරගන්න. මෙය ක්‍රීම් එකක් තරමට සැකසේවි.
ඉන්පසු විනාඩියක් පමණ මෙම මිශ්‍රණය නැවත බිටරයකින් බීට් කරගන්න.
බටර් කේක් හෝ චොක්ලට් කේක් සිහින් තට්ටුවක් අතුරාගත් කැමති හැඩයේ බෝල් එකකට මෙමෙ මිශ්‍රණය දමා ශීතකරණයේ තබන්න. ජෙලි එකක් වගේ වෙනකම් මෙය සෙට් වේවි.. :))
 |
| හදිස්සි වැඩි කමට පින්තුරයක් ගන්න කලින්ම කපලා කෑවා :)) |
හදලා ගුණ දොස් කියන්නකෝ..
වර්ණා ට නත්තලට අම්මි ගෙන් තෑග්ගක් හම්බුනා. බ්‍රේස්ලට් එකක්. :)) I Love you ammi :))))