Saturday, January 21, 2012

නුවරට තනියක් නෑ.....

ඔබ ගියා යන්න
මටවත් නොකියාම...
කදුළු සුසුම් විතරමයි මට
ඔබේ සුවදක්වත් තිබුනේ නෑ තනියට..
කාලෙකට පස්සේ ආවා මං ආයෙත්
අපේ මේ පුරුදු ඉසව්වට..
වැව් රැළිති බිදෙමින් හැඩුවා
හීත පවනේ හී ගඩු පිපුනා...
ඉස්සර වාගේම..
තුරු සෙවනින් හිරු බිංදු වැටුණා...
අපි නැතත්
අපි හුන් තැන කවුදෝ උන්නා..
මටම මිසක් නුවරට
තනියක් නැහැ...
මේ කදුළු දුන්නේ ඔබ මට
හැමදාමත් අඩන්න....




ප.ලි. -කාලෙකට පස්සේ මම නුවර ගියා. පරණ මතකයන් ගොන්නක් හිතේ මතු උනා.. ඇයි නුවර ගියේ කියලා හිතුනා.

Thursday, January 19, 2012

වරුවකට අම්මා කෙනෙක් වුනෙමි..!!

ගිය ඉරිදා උදේ මම ගියා පුන්චිලාගේ ගෙදර.. හප්පේ ඉරිදා නිසා පොඩි එවුන් ඔක්කොම හිටියා. අහල පහල පොඩි ඈයොයි ඔක්කොම එහෙ. හරියට නිකන් ඩේකෙයාර් එකක් වගේ.මම හුගදවසකින් එයාලගේ ගෙදර ආවේ නැහැ කියලා පුංචි බැන බැන හිටියේ .  මම යද්දී පුංචි මාර්කට් ගිහින්. දොනියන්දා හිටියා අල්ලපු ගෙරද පොඩි කට්ටයත් එක්ක සෙල්ලම් කර කර.. මාව දැක්ක හැටියේ මේකිගේ වැඩේ ඇගේ එල්ලෙන එක. :))
මමත් ඉතින් පොඩි එකා වගේ සෙල්ලම් කරන්න ගියා. ටිකකින් එහා ගෙදර ඉන්න අක්කා කොහෙද යනවා කියලා ටිකකට බබාව බලාගන්න කියලා මට දීලා ගියා. හෆොයි. මාස 3 යි බබාට. පුංචිගේ පොඩි කෙල්ලලු වෙනදාත්  නිවාඩු දවස් වල බබාව බලා ගන්නේ. එකී තමයිලු දෙකම්මා :ඩි
මමත් ආසයි පොඩි බබාලාට. මමත් පැනලා බබා ව වඩාගත්තා :))



අනේ කොලු පැටියා ෂෝයි. එයාව වඩාගෙන මම හැමතැනම ඇවිද්දා. එයාගේ ඇගිලි රස්නෙයි. චුටි. පොඩි එකෙක්ව ගොඩාක් ලගින ආශ්‍රය කරපු පලවෙනි වතාව තමයි ඒ. අම්මෝ හරිම බරයි මාස 3 ක් උනාට චන්ඩි බන්ඩියාගේ.කොට් එකේ දැම්මට අඩනවා. වඩාගෙන එහෙට මෙහෙට ඇවිදින්න ඕනා මම. වඩාගෙන එක තැනක හිටියත් මේකා අඩනවා. පොඩි කාලේ ඉදන්ම රස්තියාදුව. එහෙට මෙහෙට කැරකිලාම කකුල් රිදෙන නිසා පොඩ්ඩක් වෙලා කොට් එකේ දාලා තිබ්බා. 


එතකොට අඩන්නේ මෙන්න මෙහෙමයි :((
පුංචිගේ පොඩි එක්කෙනයි මමයි  එකතු වෙලා බොහොම අමාරුවෙන් හිනැස්සුවා..





අනේ කොහොම කොහොමහරි දහදිය හෙලලා පොඩි කොල්ලාව නිදි කෙරෙව්වා.

හුරේ අපි දිනුම්...!!!
අනේ එත් එයා නිදාගත්තට පස්සේ අපිට ගොඩාක් පාලුයි. අපි ආපහු එයාව කොනිත්තලා ඇහැරවා ගත්තා.
ඒ ටික වෙලාවකින් එයාලගේ අම්මා ආවා. මට කියලා ගියා ඒ අක්කා නංගිට වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා කියලා :)))


Thursday, January 12, 2012

සුන්දර ගාලු ගමන

                                                                                                            
මොනා කියන්නද කොහොම කියන්නද හිතාගන්න බෑ අනේ අපොයි....!!!    :ඩි
කොහොමින් කොහොමහරි ගෙදෙට්ට බොරුවක් කියලා, මගේ අක්කා කෙනෙක්ව ලෑස්ති කරගත්තා 7 වෙනිදා ගාලු යන්න. බ්ලොග් කියුවම අපේ අම්මි අහයි ඒ මොන කුනුහරොපයක්ද කියලා. දැනටත් බුකිය ගැනමයි කතාව කියලා  නෑදෑයොත් මට බනින එකේ බ්ලොගයක් ගැන කියුවොත් තවත් අහගන්න පුළුවන්යැ හැක හැක..
6 වෙනිදාම මන්තුමි කොලබ බලා පිටත් උනේ අර පොරොන්දු උනාය කියන කිරිටෝපිය හදන්න බඩු ටිකත් අරගෙන. මගදී පොඩි මෑන් ට කොල් එකක් දාලා කොච්චරක් එනවද කියලාත් ඇහුවා ඔන්. ඔන්න ඉතින් අක්කලා ගේ ගෙදර ගෙහුං කිරිටෝපිය හැදුවා පදම වැරදුනා.. බුල්ටෝ වගේ උනා ගලේ ගැහුවත්  හපන්ඩ බැරි සයිස් එකට. අනේ අප්පේ පස්සේ තමයි හිතුනේ බුල්ටෝ ටික හරි ගෙන්න තිබුනානේ කියලා.
3.30 ට ඇහැරවන්න කියලා නිදාගත්තට වේලපහින් ඇහැරුනාත් අක්කා ගේ ගෙදරින් එල්ලවුණු යම් බාධාවක් නිසා පැය 3 ක් පමණ ප්‍රමාද උනා අපිට කොට්ටාවට එන්න.ඒ වෙලාවට හරි ආවේ රාජ් අයියාගේ සහ සදකිදුරා මල්ලිගේ පිහිටෙන්. ඒ ගැන මම ගොඩාක් කනගාටු වෙනවා සහ ඒ වෙනුවෙන් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඒ වෙලාවේ සමාවගන්න බැරි වුනේ ඒ වෙලේ පොඩ්ඩක් බයෙන් හිටපු නිසා. කවදාවත් නොදැකපු මිතුරන් සමුහයක් අතරේ මට කෑගහලා සමාව ඉල්ලන්න බැරි වුනා. එත් එකට මම දැන් ගොඩාක් කනගාටු වෙනවා. මම නිසා පරක්කු වුනු අයගෙන් මම සමාව ඉල්ලනවා හදවතින්ම. රාජ් අයියාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිව දාලා නොගියාට..මම දන්නවා එදා වුනු ලොකු වැරද්දක්. එත් මොනා කරන්නද දෙමව්පියෝ යටතේ අපි හැදෙන තාක්කල් එයාලගේ කීම අපිට ඉටුකරන්න වෙනවා.නැත්තම් අපි මහා ගුණමකු ළමයි වෙනවා.ඔන්න ඕකයි එදා වුනේ. ගොඩාක් අය අහලා තිබුනා කට්ටියගෙන් ඇයිඔයාල පරක්කු වුනේ කියලා. ඔන්න ඒ අයට දැනගැනීම පිණිස, මම නිසා තමයි පරක්කු වුනේ. ඒ පිලිබදව මගේ කනගාටුව.

බස් එකේ ගාලු එනකම්ම මට ඉතින් කනක් ඇහිලා ඉන්න හම්බුනේ නැහැ කිරිටෝපියක් ඉල්ලා ඉල්ලා.ඒ මදිවට මගේ මුනේ බෝඩිලෝෂන් අතුල්ලලා පොඩි උන් මට කරපු හදියක්.
සින්දු කියලා නටලා ගයලා, ඒ මදිවට අධිවේගියේ අධිවේගයෙන් එන්න බැරුව ත් අපි හිටියා. මගේ පළමු අධිවේගී අත්දැකීම :))
ගොඩාක් අය අදුනගත්තා. ඒ ගැන ගොඩාක් සතුටුයි.
ගාල්ලට ආවාට පස්සේ මුලින්ම කාලා එහෙම කට්ටියව අදුනගත්තා.හැමෝම ඇවිත් කතා කළා.


රසවත් සිද්දි ගොඩකුත් වුනා ඉතින්. :ඩි
ඒවා දැම්මොත් මේක මාගලක් වෙයි . ඒ නිසා නොදා ඉන්නවා :))
ආපහු ගෙවල් බලා එන්න බොහොම අමාරුවෙන් බහින්න වඩා නගින්න අමාරුවුණු කන්දකුත් නැගලා ඒ මහන්සියට තැබිලිත් බිලා ආපහු පයින් බස් එකට ගාටලා , බස් එකේදී කන පැලෙන්න සින්දු කියලා නටලා කාලා බිලා විනෝද වෙලා කොට්ටාවට ආවා. 
අනේ අර නාකි කොලුවා මට නටන්න එන්න්න කියලා පොරේ, හත්දෙයියනේ මම කොහොමද නාකියෙක් එක්ක නටන්නේ, මට බෑ :/ හැක හැක හැක...!!
මදි නොකියන්න නාකියා අයියා අපිට සින්දුවලට කතා ටිකක් නම් කියුවා.
ඒ අස්සෙන් මගෙන් අහනවා මොකක්ද බන් අර සින්දුවේ නම කියලා. හතිලව්වේ මම දන්නවයි නාකිකාලේ සින්දු :ඩි


කොට්ටාවට ඇවිල්ලත් ගෙදර එන්න කාපු කට්ට සදකිදුර මල්ලිත්, පවනි නංගි මල්ලිත්, සුලගිල්ලා මල්ලිත්, කුමාරයා අයියාත් තමයි දන්නේ. කුඩයක්වත් අතේ නැතුව පැය බාගයක් විතර කට්ටක් කළා කිදුරා මල්ලිගේ කාර් එකේ ගෙදරටම අවා.ඒ කතාව දැනගන්න මෙතෙන්ට යන්න..වැස්සේ කාපු චාටර් එක
හෝන් කරන්න එපා කියලාත් මේකා හෝන් කරලාමනේ ගියේ :/
ගෙදෙට්ට ආපුගමන් ශානි අක්කගේ අම්මගෙනුත් හොදවයින් අහගෙන රැටත් නොකා නින්දට ගෙහුං පහුවෙනිදා උදේම මම ගෙදර පැමිණුනා.
වමේ සිට දකුණට හසී අක්කා , චතු මිතු අක්කා සහ සදකිදුරා මල්ලි
මගේ දුප්පත් කැමරාවේ සටහන් වුනු පින්තුර ටිකක් සහා මුණු පොතෙන් සොරාගත් පින්තුර කිහිපයක් දමන්නම්..
වමේ සිට දකුණට දිල්ශාන් මල්ලි, සුලගිල්ලා මල්ලි සහ උදිත මල්ලි

රාජ් අයියා
මේ ඉන්නේ වෙනි මාමා




කසුන් අයියා



පොඩි මෑන්
වමේ සිට දකුණට පැණි දොඩම්, වෙනි මාමා සහ පවනි මල්ලි


නාකියා



ශානි අක්කා සහ මම :))


වමේ සිට දකුණට දේවා අයියා , වෙනි මාමා, අභීත අයියා සහ පැණි දොඩම්
මෙන්න මෙහෙමයි හැඟෙන්නේ නංගි :ඩි

මේක කැඩිලා ඩ මන්දා  :ඩි


මැද ඉන්නේ හසී අක්කා




දේවා අයියා


මන්තුමි





ඔන්න ඉතින් ඔහොමයි වුනේ. ගොඩාක් දෙනා අදුනගන්න ලැබුනා. හුගාක් දවසකින් ජිවිතේ ලස්සනටම හිනා වෙලා හිටපු දවසක්. ඒ දවසේ කිසිම දුකක් හිතට දැනුනේ නැහැ.මේ දවස දුන්නාට සංවිදානය කරපු සහා එදින සහභාගී වුනු හැමෝටම ස්තුතියි.
එහෙනම් මේ අව්රුද්දෙ හා හා පුරා කියලා දාපු පොස්ට් එකත එක්ක ඔන්න මම එහෙනම් යනෝ.


Saturday, December 31, 2011

සුබ නව වසරක් වේවා....!!!


අවූරුද්දක් ගෙවුනේ පුදුම ඉක්මනින්. අපේ අම්මිත් කියනවා එහෙ හැරිලා මෙහෙ හැරෙද්දී අවුරුද්දකුත් ගෙවිලා නේද කියලා.
පහුගිය අවුරුදු 3 4 ම මගේ ජිවිතේ අහිමිවීම් විතරමයි තිබුනේ.. පොඩ්ඩක් ඉන්න මතක් කරන්න එක හිමි වෙච්ච දෙයක් තියෙනවද කියලා...... නැහැ. එකක්වත් නැහැ. මගේ ලග හිටපු අය , මම ගොඩාක් ආදරේ කරපු, කොටින්ම කියුවොත් මේ ලෝකෙන් මම වැඩිපුරම ආදරේ කරපු අය මාව දාලා ගිය අවුරුද්දක්.
   
                       පුදුමාකාර සිදුවීම් ගොඩකට මුහුණ දුන්නු මම තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා හැමදෙයක්ම විසදෙනකම්.කැමති නැහැ පොඩ්ඩක්වත් කිසිදෙයක් මගෙන් නැති වෙනවට. පුංචි කාලේ ඉදන්ම හැමදෙයක්ම ලැබුණු මට මේ අහිමිවීම් දරාගන්න ගොඩාක් අමාරු වුනා. එත් මේ ලෝකේ හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතාගෙන හැමදෙයක්ම හිතේ තද කරගෙන ලෝකෙට හිනා වෙලා මුහුණ පෙන්නුවට මම ඉන්නේ ගිනි ගොඩක..
මේ බ්ලොග් එක ලියන එක තමයි මගේ එකම සතුට. බ්ලොග් ලෝකෙට ඇවිත් මාස දෙකක් උනාත් ගොඩාක් යාළුවො මුණ ගැහුනා. ඒ අය නිසා මම දැන් පුදුමාකාර සතුටකින් ජිවිතේ ගෙවන්නේ.
හෙට අනිද්දා ගාලු ටුවර් එකේදිත් ගොඩාක් අයව හදුනාගන්න ලැබේවි.
වැඩට යනවා ගෙදර එනවා හැරෙන්න ජිවිතේ මේ දුක නිවාගන්න ක්‍රමයක් තිබුනේ නැහැ මට. එකයි මේ ගමන යන්න මම ආසා වුනේ..


2011 වසරේ නොවුණු දේවල් එත් මම බලාපොරොත්තු වුනු දේවල් 2012 වසරේ වෙයි කියලා හිතනවා.
ඒ වගේමයි කිසිම දාක වැටුනේ නැති මම වැටුනා. එත් ආපහු නැගිටිනවා ආයේ කවදාවත්ම වැටෙන්නේ නැති වෙන්න. ඒ බලාපොරොත්තුව එක්ක 2012 අවුරුද්ද හොදින් ගත කරන්න බලාපොරොත්තු වෙනවා..
ඒ වගේමයි මගේ බ්ලොග් මිතුරන්ටත් 2012 වසරේ සියලුම බලාපොරොත්තු සපල වෙන සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. නම් වශයෙන් කියන්න ආසයි එත් එක නමක් හරි මග හැරුනොත් එක මම කරන ගුණමකු වැඩක් වෙනවා. මොකද මේ හැම මිත්‍රත්වයක්ම මට මහා මෙරක් වගේ වටිනවා...


ඉතින් හෙට දවස විතරක් නෙමෙයි 2012 වසරේ හැම දිනයක්ම සතුටින් ගත කරන්න ලැබේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා..

Thursday, December 29, 2011

මං මැරුණා..!!

හ්ම්ම් මම ලියුමක් ලියුවා එයාට. ගොඩාක් දිග ලියුමක්. දවස් ගානක් පද ගලපලා සිතිවිලි අකුරු කළා.. කියාගන්න තිබුණු ගොඩාක් දේවල් ලියාගන්න බැරි වුනා. එත් මොන මොනවදෝ ගොඩාරියක් ලියුවා. ලස්සන ස්ටිකර් දෙකකුත් අලවලා අපි දෙන්නගේ පින්තුරයකුත් එක්ක නත්තල් කාර්ඩ් එකක් ඇතුලට දාලා මම ලිපිය අවසන් කළා...
කොහොමද මම මේක දෙන්නේ දැන්??????????
ගියා ගෙදරටම. ගොඩාක් දුර. බස් එකේ ගියේ. දුන්නා ලියුම එයාගේ නංගිට. මේක දෙන්න අයියාට..
එකත් අරන් එයා ගියා ඇතුලට. මම දැක්කා ඒ නෙත් .. පොඩ්ඩක් අදුරු වෙලා. ඉස්සර තිබුණු එලිය දැන් නැහැ. ඉස්සර කතා කරපු ඒ ඇස් අද ගොළු වෙලා..
මගේ ඉස්සරහට ඇවිත් ලියුම කියවන්නෙත් නැතුවම ඉරලා දැම්මා.
මගේ හිත පොඩි වෙලා ඉරිලා කෑලි කෑලි වලට කුඩු වෙලා ගියා..
මේ ඇස් දෙකෙන් වැටුණු කදුළු කැට කොච්චරද කියලා මටවත් හිතාගන්න බෑ දැනටත්. ඇයි මම ඒ දේ බලන් ඉන්න බැරි තරමට එච්චර දුර්වල වුනේ? මම දුර්වල ගැහැනියක් වෙලා.  ලියුම ඉරලා මටත් මොන මොනවදෝ සද්දෙට කියලා ඇතුලට ගියා. ඔව් එයා ඇතුලට ගිහින් ගොඩාක් ඇඩුවා.. ඇයි මාව බලන්න ආවේ කියලා කෑ ගැහුවා. මගේ ඇස් ලේ රතු පාට වෙලා මට දරාගන්න බෑ වුනු කිසි දෙයක්.. 
මෙච්චර දවසක් මම මගේ මුළු ආදරේම කැටි කරලා මම හදාපු මගේ දරුවාව කෑලි වලට ඉරලා දානවා මට බලන් ඉන්න බැරි වුනා.
මම දිව්වා.. පිස්සෙක් වගේ දිව්වා.. ගොඩාක් දුර, සෙරෙප්පු දෙකක්වත් නොදාපු මගේ කකුල් දෙකේ ගල් ඇනිලා ලේ එනවා. එත් මට දැනුනෙවත් නැහැ. මම මහා බොලද කෙල්ලෙක්ද? කිසි දෙයක් දරාගන්න බැරි? මගේ යටි හිත කෑ ගගහා මට බැන්නා. එත් මම අසරණයි. දුවලා දුවලා ගිහින් නතර වුනේ බීච් එක ගාව. නුවර කොහෙද බීච්? එත් ඒ අපි හැමදාම හම්බුනු බීච් එක..අපි දෙන්න හැමදාම මුණ ගැහුණු තැන. එතන අපේ නම් කොටලා තිබුනා. ඔව් මම ඒවාත් දැක්කා. මගේ පපුව ගිනි ගත්තා. මේ ලෝකේ මට කව්රුත් නැහැ . මට එහෙම හැගීමක හිතට ආවා.. මම ජිවත් වෙන්නේ ඇයි.?
දිව්වා මම බීච් එකට. දුවගෙන ගියා මුහුදට. හයියෙන්. දෙපාරක් තුන්පාරක් මාව නොවැටුනා නෙමෙයි. එත් මගේ හිතේ ගිනි මගේ අඩි ඉස්සරහට එසෙව්වා..
මුහුදු රල කපාගෙන මම ඉස්සරහට ගියා. මුහුද මට අඩගැහුවා වගේ මට දැනුනා. ඈතින් මගේ තාත්ති අත් දෙක උස්සන් මං දිහා බලාගෙන මට කතා කළා. මම දිව්වා. 
මුහුදට මාව යට වුනා. නහයට හුස්ම ආවේ නැහැ. මම කෑගැහුවා.. අම්මේ....



මට ඇහැරුනා....
එක හීනයක්ද? මගේ ඇස් තාම තෙතයි.. මම අඩලා..
ඇයි අමතක කරන්න හදන හැමවෙලාවකම ඔහු මගේ මතකයට එන්නේ? මේ හීන මාව අසරණ කරනවා..
අනේ මට මැරෙන්න බෑ.. මැරෙන්න බය නිසා නෙමෙයි. මගේ අම්මා තනි වෙන නිසා. එවන් සිහින නැවත නොපමිනේවා...





ප.ලි.- අද උදේ මේ හීනෙ දැකලා, මගේ මුළු දවසම අප්සට් කළා. වැඩට ගියෙත් නැහැ... :(((

Monday, December 26, 2011

බටර්ස්කොච් මූස්..!!!

කොහොමද හැමෝම හොදින් ඉන්නවා නේද.. නත්තල් නත්තල් කියා කියා උන්නා දැන් නත්තලුත් ඉවරයි ඔන්.
නත්තල් කියද්දී ඉතින් කෑම ජාති තමයි හැමවෙලේම මතක් වෙන්නේ. අපේ මල්ලි නම් නත්තල් වෙනකම් බලාගෙන ඉන්නේ නත්තලට හදන කෑම ටික කාගන්න.
ඔන්න ඉතින් වර්ණා ත්  වර්නාගේ අම්මිත් එක්ක එකතුවෙලා නත්තලට කෑම ජාති ගොඩාක් හැදුවා.
එකින් එක හිමිට කියන්නම්කො.
ඔන්න අද පලවෙනි කෑම ජාතිය.මේක අතුරුපසක්. පත්තරේ තිබුනේ රෙසිපි එක. ඔන්න ඉතින් මම එක හැදුවා. දැන් කාලත් ඉවරයි. :D හොදට රසට තිබුණු නිසා හදන හැටි කියනම්. ඔයාලත් හදලා රසද කියලා කියන්නකෝ මට.. 

බටර්ස්කොච් මූස් (Butterscoth Moos) තමයි නම.

අවශ්‍ය ද්‍රව්‍ය-

                බිත්තර කහමද 7 ක්
                කිරි ලීටර 1 ක් (එල කිරි පැණි රස නැති.)
                සිනි  ග්රෑම් 350 ක් සහ වෙනම තව සිනි 200 ග්රෑම්
                ජෙලටින්  ග්රෑම් 40 ක්
                ඇස්ට්‍රා 180 ක්

සාදන ක්‍රමය-



                 මුලින්ම සිනි  ග්රෑම් 350 ලිප තබා සිනි මට්ටමට බාගයක් වෙන විදියට වතුර දාලා, ඒ කියන්නේ වතුර පොඩ්ඩක් වෙන්න, ලිපේ තියාගෙන එක දිගට හැදි ගාගෙන කැරමල් කරගන්න. කැරමල් වගේ එනකොට ලිපෙන් බාගෙන ඉක්මනට එකට බටර් ග්රෑම් 40 එකට දාගෙන දිය කරගන්න පහත රුපයේ ආකාරයට ඒවි එතකොට. ඔය මිශ්‍රණය පැත්තකින් තබාගන්න.


දැන් කිරි ලීටරය ලිපේ තබා උතුරවා ගන්න.කිරි උතුරවන විට ලිප නිවා දමන්න. දැන් එය පසෙකින් තබාගන්න.
බිත්තර කහමද ටිකට ඉතුරු සිනි ග්රෑම් 200 දමා හොදට බීට් කරගන්න.


ඉන්පසු එම බිත්තර සිනි මිශ්‍රණය උතුරුවා ගත්ත කිරි එකට දමන්න. ඒ මිශ්‍රණය දමන ගමන් හොදට මිශ්‍ර කරගන්න ඕනා.


දැන් එම මිශ්‍රණයට ජෙලටින් ටික කලින් උණුවතුර ටිකක දියකරගෙන එම ජෙලටින් ටික ඉහත මිශ්‍රණයට දමන්න.,,


හොදින් හැදිගාන්න.
       ඉන්පසු කලින් සාදාගත් බටර් කැරමල් මිශ්‍රණය ද මෙයට එකතු කරන්න.හොදින් කලවම් කරගන්න. මෙය ක්‍රීම් එකක් තරමට සැකසේවි.

ඉන්පසු විනාඩියක් පමණ මෙම මිශ්‍රණය නැවත බිටරයකින් බීට් කරගන්න.

බටර් කේක් හෝ චොක්ලට් කේක් සිහින් තට්ටුවක් අතුරාගත් කැමති හැඩයේ බෝල් එකකට මෙමෙ මිශ්‍රණය දමා ශීතකරණයේ තබන්න. ජෙලි එකක් වගේ වෙනකම් මෙය සෙට් වේවි.. :))

හදිස්සි වැඩි කමට පින්තුරයක් ගන්න කලින්ම කපලා කෑවා :))

හදලා ගුණ දොස් කියන්නකෝ..

වර්ණා ට නත්තලට අම්මි ගෙන් තෑග්ගක් හම්බුනා. බ්‍රේස්ලට් එකක්. :)) I Love you ammi :))))


Saturday, December 24, 2011

සුභම සුභ නත්තලක් වේවා

හ්ම්ම් දවස් දෙක තුනක් බ්ලොග් කියවන්නත් බැරි වුනා.. අනේ මට වැඩ ගොඩාක් තිබුනා. ඔෆිසියේ රාජකාරි ඉවර වුනු ගමන ගෙදර රාජකාරි නත්තල් නිසා.. නැත්තම් මම කොරයි ගෙදර වැඩ හිකිස්‌....
මටනම් ඔන්න නත්තල් තියෙනෝ මොකද මම කතෝලික.
හෙට අනිද්දට ආපහු එන්න බැරි වෙයි , ඇයි ඉතින් නත්තල් අපිට අවුරුදු වගේ තමයි..
එත් හිතේ සතුටක් නැතුව මේ සමරන නත්තල  කුමටද කියලත් හිතෙනවා.
ගිය අව්රුද්දෙ අපි නත්තල් ගහක්වත් හැදුවේ නැහැ. එත් අපේ අයියාගේ බලවත් ඉල්ලීම මත මේ අව්රුද්දෙ වර්ණා නත්තල් ගහත් සැරසුවා.
කෑම ජාති ගොඩාක් හැදුවා. හදන ගමන එවල පින්තුරත් ගත්තා. ඉක්මනින් ඒවා හදන විදියත් එක්කම බ්ලොග් එකේ දාන්නම්කො..

දැනුයි ඔන්න මම නත්තල් පුජාව ඉවර වෙලා ගෙදර ආවේ. ගෙදර අයටයි නෑයෝනටයි විශ් කරලා දුවගෙන ආවේ බ්ලොග් මිතුරන්ට සුභ පතන්න.

ඔන්න එහෙනම් මේ ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා. කිරියෙන් පැණියෙන් ඉතිරේවා. තනිකඩයන්ට පර්ට්නර්ස් ලා ලැබේවා.. හිහි...
හැමෝගෙම හිතේ දුක තුනී වේවා.
එක එක්කෙනාව වෙන වෙනම සුභ පැතුම් එක් නොකලාට සමාව අයදිමි. මොකද එක්කෙනෙක්ගේ හරි නමක් මිස් වුනොත් තරහා වෙනවානේ.. :)))
එහෙනම් මම ගියෝ.;..

ප.ලි.
නත්තලට සාප්පු සවාරි යනකොට වෙච්ච හොද හොද රසවත් කතා ටිකකුත් තියෙනවා. ඒවාත් කියන්නම්කො...