Friday, May 18, 2012

___ඔබට ජය___




කොතෙක් සෝ සුසුම් මැද වුවත් අදත් නන්නත්තාරයේ ඇවිද නොයන සිත හිරු එලියට පෙම් කරයි. අනාදරයට නිගා කරන්නටත් ආදරයට ගරු කරන්නටත් මා උගත්තේ බොහෝ කලකට පෙරයි. ඒ සිප් හද රඳවා ගෙන මා පැමිණියේ සිය ගණන් අතුරු පාරවල් ඇති මාවතකයි. ආ දිගු මග යන මා වත ධෛර්ය සඳහා සුභ පතුවේද නැත. එහෙත් මම යමි. කෙළවරක් නොපෙනෙන මාවතක පහන් සිලක්‌ සොයා මම යමි.

Monday, May 14, 2012

ඉපදෙනා මතු මතුත් ඔබ මගේම වේවා


ලොවේ අනික් අම්මලා මෙන්ම
නොඑසේනම් ඊටද වඩා 
නුඹ දුක්විඳ
මා ලෙඩ ඇඳේ ගෙවූ කාලය
හතර වසරක සාපය 
නුඹ ඇඳ විට්ටමේ හිස ගසා
නිදිවැරු කාලය 
සිහිනෙන්ද එපා යලි අම්මේ.....

රෝහලේ ඇඳක් මත
මා ලොකු දැරියෙක් වූදා
වට තිර ඇද
පිරිමි ඇස් වලින් මා රැක
අම්මා කෙනෙකු ලෙස 
ඔබ ලතවූ අයුරු 
සිහිනයක් නොවේමයි අම්මේ.....

පියාණන් නොසිටි ගෙයි 
නුඹේ පා යුග වැළඳ 
ඔබේ පියසින් පිටව මගේම යැයි
කිසිවෙකු නොසිටි සබයක
අසරණ වූ දා
මං දුක් වුනා අම්මේ

එහෙත් ඔබ තවමත්'
නැගණියන්ගේ සිනා මැද
මගේ පංගුව සඟවා
පිළුණු වී කුණුවෙලා යනතුරුම
මග බලා ඉන්නවා 
පෙර සේම දයාබර ඇස් වලින් 
ආශිර්වාදය පතනවා ඉපදෙනා මතු මතුත්
මව්පිය ඔබම වේවා !
මං පැතුම් පතනවා අම්මේ..........

Sunday, May 13, 2012

ඔබ වෙන්වූ පුවත ඇත්තක් වූ බොරුවක්ය !


                                   ලේඛකයෙක් කියන්නේ ඔහු ඉටි පන්දමක් වගේ අඳුර නසා ආලෝකය දෙනවා. එත් දැවී අවසන් වෙන්නේ ඉටි ගොඩක් පමණක්ව.එහෙත්  ඔහු දුන් ආලෝකය අන් අයගේ ජිවිත පුරා වැටි තියෙනවා. යුධ භටයෙක් මරා දමන්නේ ජීවත්ව ඉන්නා මිනිසෙක් වුවත් ලේඛකයෙකුට සිය පෑනෙන් නුපන් අයත් මරා දාන්න පුළුවන්.ඇත්තටම ලේඛකයෙක් කැමති වෙන්නේ තමා සිය සහෝදර ජනයාගෙන් වෙනස්වූ අයෙකු ලෙස සිතීමට නෙවෙයි.ඔවුන්ගේම ලෙයින් මසින් සෑදුනු කෙනෙකු ලෙස සිතන්නටයි.ලේඛකයෙක් කිසිම දවසක මහලු වෙන්නේ නැහැ. ඔහු හැමදාම තරුණයි.ශක්තිමත්. ඉතින් මේ ශක්තිමත් යොවුන් ලේඛකයා වෙන කවුරුවත්ම නෙමෙයි.. ඔබා මාමේ ඒ ඔබයි. ඔබ මේ තරුණ අප සමග හරි හරියට බ්ලොග් ලෝකයේ ලස්සන ගමනක් ආවා. අද ඒ පාරේ අපි තනිවම. ඔබ නැවතිලා. එත් හැමදාම ඔබගේ මතකයන් එක්ක අපි ඉස්සරහටම යනවා. කවදාහරි අපිටත් ඒ මාවතෙන් නැවතෙන්න වෙනවා.  පිළිකුල් වුත් සත්‍ය එයයි.


දුවේ කියලා කට පුරා අමතන්න ආපහු ඔබා මාමා අප අතරට එන්නේ නැහැ. එත් ඔබා මාමා අප හදවත් තුල සදා අමරණීයයි. අවුරුදු උත්සවේදී කතා කරන්න නොලැබුනත් ඈතින් ඉඳං හරි ඔබ රුව දුටුවිට නැවත මේ රුව නොදකින්න ලැබෙයි කියලා හිත් කොනකින්වත් සිතුවේ නැහැ.


කොච්චර සීනියර් බ්ලොග් කරුවෙක් උනාත් හැම පොස්ට් එකකම හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දාන්න ඔබා මාමා අමතක කරන්නේ නැහැ. එතුමාගේ නිහතමානිකම කියන්න ඒ විතරක්ම ඇති කියලා මට හිතෙනවා. ඔබ වෙනුවෙන් බ්ලොග් පොස්ටුවක් වෙන් නොකලානම් මේ බ්ලොග් කෙරුවාවෙන් වත් වැඩක් නැහැ.....


ඉපදෙනා මතු බවයෙත් අප අතරම ඔබා මාමා ලෙස නැවත ඉපදේවා කියලා ජෙසුගෙන් මම ඉල්ලනවා. සමාදානයේ සැතපෙවා ඔබා මාමේ. ඔබට මෝක්‍ෂ සුවය !





   පින්තුරය සිහින යා ගෙනි      

Thursday, May 10, 2012

මධු අක්කා





එකම දුම්රිය පොලේ වේදිකා දෙකක දුම්රිය දෙකක්.එකක් බදුල්ල බලා යෑමට සුදානම්.අනික ගාල්ලේ යෑමට සුදානම්.පාසල අහවර වූ මොහොත හින්දා හෝ ගාලා සෙනග.


"අන්න මධු අක්කා" බදුල්ල  දුම්රියේ මැදිරියක හුන් යුවතියක් හිටි හැටියේම කෑගැහුවා.
 ඒ එක්කම ඒ මැදිරියේ හුන් යුවතියන් රෑනම නෙත් යොමු කලේ ගාල්ලේ දුම්රිය මැදිරිය වෙතයි.




"ඔව් අනේ. මදූ අක්කා තමයි... බලන්නකෝ ලස්සන?.. අනේ හරි ස්වීට් අනේ.ෂෝක් ඇඳුමක්.කොලේජ් යුනිෆෝම් එකට වැඩියේ කොච්චර ලස්සනද...."   


ඔවුන් එකිනෙකා පරදවන්නට මෙන් කියවන්නට පටන් ගත්තා. ඒ නිසාමදෝ මැදිරියේ හුන් අන් හැමොටමත් මදූ අපුර්ව යුවතියක් උනා. ඒ වගේමයි තම පාසලේ යුවතියක් වෙනුවෙන් සහෝදර යුවතියන් කරන රූ වැනුම කාගේත් සිත් ගත්තා.


ගත වෙන්න ඇති කෙටි මොහොතක්...........


හිටි හැටියේම දුම්රිය පොලට කඩා වැදුනා පොලිස් නිලධාරින් පිරිසක්.ඔවුන් ගොඩ වුනේ ගාල්ලේ දුම්රියට.වටකර ගත්තා අර මධු අක්කා ව.ඊළඟට ඇයව අත්අඩංගුවට ගෙන පිටත් වුනා මත්ද්‍රව්‍ය පිළිබඳව සැකපිට.ඒ දෙස බලා සිටියා බදුල්ල  දුම්රියේ හුන් සැවොම බීරන්තට්ටු වී.මොහොතකින් එක් යුවතියක් පණපොවා ගත්තා තම කටහඩට.




" ඒ අපේ මධු අක්කා නෙමෙයි අනේ. වෙන කෙල්ලෙක් " ඇය කීවා.


"එකතමා අනේ.බලන්නකෝ. අපිත් රැවටුණු හැටි." තව කවුදෝ එකතු වුනා.


දුම්රිය මැදිරියේ හුන් පිටස්තර කිහිප දෙනෙකු හිනා වුනා හෙමිහිට අනුකම්පාවෙන්
හරි උපහාසයෙන් හරි.......................


Saturday, April 28, 2012

යාපනේටත් ගියා 2

පොඩ්ඩක් පරක්කු උනා යාලුවනේ දෙවෙනි කොටස දෙන්න.. සමාව භජනය කරත්වා... :(


හරි ඔන්න එදා අපි අවසන් කලේ ප්‍රභාකරන්ගේ බංකරේ ගැන කියලා. 
කියෙව්වේ නැත්තම් කියවන්නකෝ මෙන්න මෙතනට ගිහින්




ප්‍රභාකරන්ගේ බංකරේ පළමු මහල විතරක් උඩට පිහිටන්නත් ඉතිරි තට්ටු තුන පොලොව යට පිහිටන්නත් හදලා තියෙනවා. පළමු කොටසේදී මම තට්ටු 4 ම පින්තුර මගින් පැහැදිලි කළා.

Sunday, April 22, 2012

සිහින උළලේ වර්ණා ගේ ප්‍රමාදය

සිහින උළෙලට මම ආවද? මම ආවේ නැතිලු.. අයියෝ එහෙනම් වර්ණා කියලා ආවේ කවුද? :පි

සිහින උළෙලට මෙදා සැරෙත් පරක්කු වී පැමිණීමේ කුසලානය මම දිනාගත්තා. මට හුරේ...  දකුණු කකුල පෙරට තබලා ක්‍රීඩාංගනනෙට එද්දිම යකඩ යකා කෑ ගැහුවේ නැතැයි ඔන්න අදත් වෙනදා වගේම වර්ණා පරක්කු වෙලා එනවා කියලා. ඒ වෙලේනම් පොලොව පලාගෙන යන්නට හිතුනා හිකිස්‌..පරක්කු  උනාත් ඉතින් ගොඩාක් අය එක්ක කතා කළා. මේ ඔයා වර්ණා නේද? ගොඩාක් අය ඇහුවා. මමත් ඉතින් සුපුරුදු සිරික්කිය දාලා කතා කළා. සමහර අයවනම් මට මතක නැහැ. සමහර අයව දන්නේ නැහැ. එත් ගොඩාක් අය එක්ක කතා කළා. ගාලු ගිය දාට වඩා සතුටක් මේ වෙද්දී හිතේ තියෙනවා. පරක්කු උනාත් ඉතින් මම ආවනේ :)

පරක්කු උනත් ඉතින් තරඟ දෙකකට සහභාගී උනා නාකියා එක්ක සහ පොඩි මෑන් සමග. කියන්න කනගාටුයි තරඟ දෙකම පරාදයි.. :'(

වැඩියේ මුකුත් කියන්නේ නැතුව මගේ පුංචි දුප්පත් කැමරාවෙන් ගත්ත පින්තුර දෙක තුනක් දාන්නම්. ගොඩාක් ගත්තේ නැහැ හැබැයි. 
ආව ගමන් ගියේ තුන් පා දිවීමට නාකිස්‌ එක්ක

පිටිපස්සවල් :පි

අපි අරහෙම කරමු නේද එතකොට අපි දිනයි :p


ඊළඟ තරගේ ටවත් යමු නේද ? ( කුමාරයා- දකුණු පස   )



රහසෙන් කියන්න අනිත් අයට ඇහෙයි


දේවා




අපි හතර දෙනාව ලස්සනට ගන්න හරිය :/

වම් පස සිට - හිතු, තරූ . චම්මා අයියා , සහ සිහින මදාරා



කන්න කන්න :පි
(නාකි )
හරිද නංගි හිනා උනා ඇතිද? දැන් ගන්න ෆොටෝ එක
(වෙනි)

මුළු ලෝකෙම මගේ බොලව් :පි



ඔයාට තේරෙන්නේ නැද්ද අනේ මෙතන අවුරුදු උත්සවයක්, මම පස්සේ කතා කරන්නම් :පි
(ඩිල්ශාන් මල්ලි)


ඔන්චිලි චිලි චිල්ල මලේ :) (නීනු අක්කා )


අන්න අන්න සුමිත් අයියා හිනා වෙන්න :පි (පවනි සමඟ සුමිත් අයියා)



අන්තිම පේලියේ කට්ටිය



ඇති අෆ්ෆා ෆොටෝ ගත්තා දැන් පාන් කියාගන්න බැරුව ඉන්නේ :D



ලොකුම බොරුව කියමින්


අදින්ඩෝ.................


ලනුව කැඩෙයි ද :D


ප්‍රාර්ථනා අක්කේ කමෝන්







\
නාකියා අයියා ටොපි කන ගමන්

ඉතින් හැමෝටම ස්තුති සංවිදායක මණ්ඩලේ විශාල කැපවීමක් කළා රාජ් අයියා ප්‍රමුඛ.. ඒ හැමෝටමයි ආපු හැමෝටමයි ගොඩාක් ස්තුති  :)


ප.ලි. - යාපනේ ඉතිරි කොටස මීළඟට හොඳේ

Tuesday, April 17, 2012

යාපනේටත් ගියා 1


රයිට් ඕඕ පටාන් ගමු. 
මාරයා අයියා යාපනේ ගිහින් එහෙයි මෙහෙයි හැම දිහාවේම පින්තුර කෑලි දානවා. අපිව එක්කන් ගියෙත් නැහැ.  අපිත් ආසයි නොවැ යාපනේ බලන්ට.. කවදාවත් ගෙහුං නැහැනේ. කොටි ඉන්න කාලේ මඩු පල්ලි ගියාට මොකෑ  යාපනේ ගෙහුං නැහැනේ. ඉතින් මෑණියන්ට භාශාවක් දැම්මා අපිව ගෙනියන්ට කියලා. අපේ මෑණියන් ගෙහුං නැහැ, ඒ මදිවට අපේ මෑණියන්ගේ මෑණියන් ගෙහුනුත් නැහැ. ඉතින් කල්පනා කොර කොර හිටියා කස්ටියටම නිවාඩු තියෙන දවසක් සෙට් කොරාන යාපනේ ගෙහුං සබ්බ සකලමනාවම බලන්ට. හත්වලාමේ අපිටම සෙට් වෙන්ට කියලා අප්පේ හෙන සේනාවක් සෙට් උනා. අපේ ලොකු අම්මලාගේ වැඩිහිටි සංගමේ කට්ටියකුයි, තව කොළඹ උන්දලා ටිකුයි, අපේ ගෙවල් වල කට්ටියයි. 50 පැනලා :පි ඔක්කොම නාකි උන්දලා දුකේ බැරුවා.


 පනස් දෙනෙක්ව හසුරවන එක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. ඉතින් අපි විනෝද චාරිකා මෙහෙය වන කෙනෙක්ට වැඩේ බාරදුන්නා. ඔන්න ඉතින් කියාපු විදියටම 9 වෙනිදා පාන්දර 1 ට හෑ හෑ පුරා කියලා අපි ගමන පිටත් උනා. බලු තඩියෙක් ගෙදර ඉන්න නිසා අපේ මල්ලි සහභාගී උනේ නැහැ මේ චාරිකාවට. මුලින්ම ගියේ කොකවිල් කියන තැනට.. එහි කොටි හඬ කියලා තැනක් අපි දැක්කා. කොටින්ගේ සංඥා මධ්‍යස්ථානය.

එතන හමුදාවේ කෙනෙක් අපිට මේ ස්ථානයේ මැරුණු අපේ රටේ සොල්දාදුවෝ ගැන කියද්දී ඇස් වලට කඳුළු ආවේ නිතැතින්.. 60 කට වැඩි පිරිසක් මේ ස්ථානයේ අපේ රට වෙනුවෙන් දිවි පුදලා තියෙනවා..


ඊටපස්සේ අපි ගියා කොටින්ගේ පාර්ලිමේන්තුව බලන්න. 

හෙලිකොප්ටරයක සැකිල්ලක්

ඊට පස්සේ ඒ අසල තිබුණු ජන අවන්හලක් ළඟ අපි දවල්ට කාලා අපි ගියා ඉරණමඩු ජලාශය බලන්න. මේ ජලාශය තනිකරම කොටින් අල්ලාගෙන හිටිය ස්ථානයක්. දැන් එතන හමුදාවෙන් පවත්වාගෙන යන අවන්හලක් තියෙනවා. 


එතනත් මොනා මොනාහරි වළඳලා අපි ඊළඟට ගියේ තමිල් චෙල්වම් ගේ නිවාසය බලන්න. හමුදා බෝම්බ ප්‍රහාරෙකින් ගේ කුඩේ කුඩු වෙලා තිබුනේ. ගේ පොලොව යට කොටසකුත් තිබුනා. මේ ස්ථානයට එල්ල කරපු බෝම්බයකින් තමිල් චෙල්වම්ට තුවාල ලැබිලා රෝහලට ගෙනයන මොහොතේදී තමයි ඔහු අන්ත්‍රා වෙලා තියෙන්නේ. කොටින්ගේ හමුදා ඇඳුම් එහෙම තැනින් තැන විසිරිලා තිබුනා.




ඊටපස්සේ දැක්කා කිලිනොච්චියේ කොටි විසින් බෝම්බ හෙලලා බිම හෙලලා දාලා තියෙන වතුර ටැංකිය.


ඊටපස්සේ අපි ගියා ප්‍රභාකරන් තමන්ගේ පවුලේ අය සමග සිටි නිවසට. එකේ පොලොව යට එක තට්ටුවක් තියෙනවා.

මේ ප්‍රභාකරන්ගේ මිතුරෙකු විසින් ඔහුට උපන්දිනේට දෙනලද තෑග්ගක්.. කොටියෙක් :පි

පොලොව යට තට්ටුවේ ඔහුගේ කාමරය

වෙඩි නොවදින දොරවල්. සෙල්ලන් නෑ  ඈ :D

මේ තියෙන්නේ ගෙදර ඉදිරිපස පෙනුම.


ඊටපස්සේ අපි අපේ නවාතැනට ගියා. මුලතිව් වල. මුහුද ළඟ. පල්ලියකුත් ඒ අසල තිබුනා. පල්ලියක් කියුවට සුනාමියෙන් මැරුණු අය සිහිකරලා ඉදි කරපු පල්ලියක්.
රෑ ඉතින් පුටුවල්වල ඉඳගෙන පොඩි පැදුරු සාජ්ජයක් දැම්මා. සෙල්ලම් නෑ 50 ඈ..  අපි පියතුමෙක්වත් එක්කගෙන ගියා. උන්වහන්සේ හැමදාම උදේට පුජාවක් තියලා තමයි ගමන ආරම්භ කලේ .
පාන්දර 5 ට විතර මුලතිව් සුන්දරත්වය


පල්ලිය 
දෙවෙනි දවසේ අපි ගියේ ප්‍රභාකරන්ගේ බංකරය බලන්න. පොලොව යට අඩි 64 ක ප්‍රමාණයක තට්ටු 3 කින් සමන්විත පිටට පෙනෙන්නට එක තට්ටුවත් පමණක් ඇති මෙය හද්ද කැළෙක පිහිටලා තිබුනා. මේ යට තියෙන්නේ සැලැස්ම.



මේ සැලැස්මේ තියෙන හැමදෙයක්ම මේ හමුදාවේ අය අපිට පෙන්නුවා. බලු කුඩු ඉඳලා තිබිලා තියෙනවා. හමුදාවේ අය එනවා උන්ට තේරෙනවාලු. මේ බංකරේ වටේට රවුමට තාර පාරක් තියෙනවා. එකේ තමයි ප්‍රභා අයියා ජෝගින් කරන්න යොදාගෙන තියෙන්නේ. ඊට අමතරව අඩි 100 න් 100 ට කම්බි වැටවල් 4 ක් දමා තියෙනවා.. 











ඔන්න මහල් 4 තමයි උඩින් තියෙන්නේ. එක එක මහලේ එක එක දේවල් තියෙනවා. හැම මහලකටම ටොයිලට් එකක් තියෙනවා ටයිල්ස් වලින් හදලා තියෙන.  


4 වෙනි මහලේ ඉඳං කෙලින්ම රහස් මාර්ගයක් තියෙනවා උඩට යන්න. මේ පහලින් තියෙන්නේ  ඒ මාර්ගය.


වෙඩි නොවදින මුරකුටි වටේට 6 ක් පිහිටලා තියෙනවා. 


 අපි ඉතින් ඔව්වා ඇතුලට ගිහිල්ලත් පින්තුර ගත්තා. කවදා දැකපුවද :) මේ මුරකුටි වල විශේෂත්වයක් වෙන්නේ මෙහි වහල උස් පහත කරගන්න පුළුවන් එහි ඉන්න සෙබලාගේ උස අනුව... පට්ට පට පට නේද.. මාර මොලවල් තමයි මුන්ට තිබිලා තියෙන්නේ.


අයියෝ පොස්ට් එක දිග වැඩි උනාද මන්දා. දවස් 4 ක බලපුවා එක පොස්ට් එකකින් කියන්ට බෑ නොවැ. ඒ නිසා මීළඟ කොටස ඊළඟ පොස්ට් එකෙන්..


ප.ලි.- අර බක්මහ සිහින උළෙල තියෙනවාලු මේ මාසේ 22 වෙනිදට.  කුරේ ක්‍රීඩාංගනේ. යන්ට පාර දන්නේ නැති උන්දලා මෙතන කොටලා බලාගන්ට.


තව මෙතෙන්ට කොටලත් විස්තර දැනගන්න පුළුවන්. 


වර්ණා ට තාම මව්තුමිය අවසර දුන්නේ නැති උනාට කට්ටියකට එනවා කියලා පොරොන්දු දුන්නු නිසා එන්ට වෙලා. :) කස්ටියගේ වැඩ බලන්න ඔයාලත් එදාට එන්න. බ්ලොග් එකක් ලියන්නේ නැති උනත් කමක් නැහැ. සමහර උන්දලා මාස 4 යි බ්ලොග් එකට අනේ මම පුංචි කියලා එන්නේ නැතිලු. සමහර උන්දලා දුර වැඩිලු. එහෙමනම් ඉතින් වර්නාටත් ඔය තැනට එන්න පැය 4 කට වඩා යනවානේ.. උදෙන්ම නැගිට්ටනම් හරි.. ගිය පාර වගේ මම පරක්කු වෙන්නේ නැතෝ :පි


එහෙනම් 22 හම්බෙමු කස්ටියම. එන්න බැරි අය කනගාටු වෙන්ට එපා. ලබන අවුරුද්දේදී සෙට් වෙන්ටකෝ :)
චෙරියෝ..............!!!!!!!!!!