Monday, July 23, 2012

_____ පුංචි සුරංගනාවියකට ඇසීම ලබා දෙමු නේද ___



පුංචි දරුවෙක් කියන්නේ හරියට මලක් වගේ. හරිම පරිස්සමට ආදරේ ගොඩාක් දීලා චුටි මල් කැකුලක් හදන්න සමහර  දෙමව්පියෝ කොච්චර දුක් විඳිනවද? තමන්ගේ දරුවාට කිසිම ලෙඩක් දුකක් නොදී බලාගන්න දෙමව්පියන් වෙච්චි ඔබ කොච්චර පරිස්සම් වෙනවාද?

මේ පින්තුරේ ඉන්න මල් කැකුලක් වගේ පුංචි නංගියාගේ වයස තාම අවුරුදු 4 යි.එයාගේ නම ප්‍රශාලි තත්සරා නානායක්කාර.තාම කටේ කිරි සුවඳ ගිහිල්ලත් නැති මේ පුංචි කැකුලගේ කන් දෙකම ඇහෙන්නේ නැහැ.අපි එකතු වෙලා මේ අහිංසක සමනළියට අනාගතේ ගීතය අසන්නට උදව් කරමු.
මේ නංගියාට කෘතීම කර්ණ ශාන්ඛයක් බද්ද කරන්න ඕනි. එම සැත්කමට හා උපකරණයකට රුපියල් ලක්ෂ 21 ත් 25 ත් අතර මුදලක් වැය වෙනවා කියලා වෛද්‍යවරු පවසනවා.

එත් ත්‍රිවිල් රථ රියදුරු රස්සාව එදා වේල හොයාගන්න මේ පවුලට උදව් වෙනකොට මෙපණ මුදලක් ඒ දෙමව්පියන්ට හොයාගන්න එක හීනයක්‌...., 
දැනට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 3 ක් නිර්දේශ කරලා තියෙනවා.ගොඩාක් මහන්සියෙන් ටිකට් විකුනලා, ගොඩාක් අයගේ උදව්වෙන් දැනට රුපියල් ලක්ෂ 9 ක් හොයාගෙන තිබෙනවා.තව ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 10 ක් ඕනා කරනවා මේ මල් කැකුල ට ජිවිතේ දෙන්න. 2012 අගෝස්තු 20 වෙනිදා වෙනකොට මේ සැත්කම කරොත් එම සැත්කම හුගාක් සාර්ථක වෙයි කියලයි වෛද්‍යවරු පවසන්නේ.
අපෙන් ලැබෙන පුංචි රුපියලෙන් පවා මේ පැංචිගේ අනාගතය තීරණය වෙනවා.

ඉතින් යාලුවනේ අපිට අතෑහැකි අයුරින් මේ මල් කැකුල ට උදව් කරමු නේද? අපි නාස්ති කරන සල්ලි හොඳ යහපත් අරමුණකට යොමු කරමු නේද? 



මේ පහත තියෙන්නේ මේ පැංචි ගේ තාත්තාගේ විස්තර හා ගිණුම් අංකය.

R.M.Kumara Rathna Nanayakkara 
701852184V 
49/C, Pulleyar Junction, 
Nuwara Wewa Rd, 
Anuradhapura
0778175609/0257911009

R.M.Kumara Rathnana Nanayakkara 
220-2-001-9-0057299
People's Bank
Nuwara wewa Branch
anuradhapura



හෙට පිබිදෙන අනාගතයට ලස්සනට පිබිදෙන්න අපි අද උදව් කරමු නේද?










Monday, July 9, 2012

__ජනප්‍රිය වෙන්න දඟලන්නේ ජනප්‍රියත්වයට නුසුදුසු අයයි__





අපි කොයි කාගේත් යටි හිතේ යන්තමට හරි ආසාවක් තියෙනවා අනිත් අයගේ ගෞරවාදයට ලක්වෙන්න.බොහෝ දෙනෙක් සමහරවිට කැමති නැහැ ඒ බව පිළිගන්න.නමුත් අවංකවම හිතලා බැලුවොත් අපිට පිළිගන්න සිදුවෙනවා අපි සමහර වෙලාවට අනුන්ගේ ආදර ගෞරවයට, අගය කිරීමට , හොඳ නමක් අහගන්න, පිළිගනු ලැබීමට , ප්‍රසංශා ලැබීමට ටිකක් හරි කැමැත්තක් ඇති බව.
                                          ඇත්තෙන්ම අනික් අයගේ ආදරයට ගෞරවයට අවධානයට නිතරම ලක්වෙන පුද්ගලයා අනික් අය විසින් කොන්කරනු ලැබූ,අවමානයට, වෛරයට ලක්වූ පුද්ගලයාට වඩා සතුටින් ඉන්න බව.අනික් අයගේ ඇගයීමට පැසැසුමට ආදරයට ලක්වෙන කෙනා නිරෝගී ගසක් ලෙස වැඩෙන අතර නිතරම කොන්වෙන ප්‍රතික්ෂේප කරනු ලබන තැනැත්තා වදුල නිසා නොවැඩෙන කොළ කොඩවූ ගසක් වගේ යයිකීම නිවැරදි කියලා මට හිතෙනවා.
                                             පුංචි කාලේදී සුරතලේට ආදරේට  ලක්වෙන දරුවා මනසින් නිරෝගී පුද්ගලයෙක් ලෙස වැඩෙද්දී... කිසිවෙකුගේ ආදරයට අවධානයට , දුක් කම්කටොලු පවුල් අඬදබර නිසා පීඩා විඳින දරුවන් ඉතා ගුප්ත හැකිලුනු අසම්පුර්ණ වැඩිහිටියන් පත්වීම මනෝ විද්‍යාඥයින්ගේ සොයාගැනීමයි.ඉතින් අපිට වැටහෙනවා අපිව අනික් අය අගය කිරීම ආදරයට පැසැසුමට ලක් කිරීම හැම මිනිහෙකුගේම වර්ධනයට සතුටට අවශ්‍ය දෙයක් බව.එත් ඒ අවශ්‍යතාව අපි ලබාගන්නේ කොහොමද කියන එකයි මෙහිදී පැනනගින ප්‍රධාන ගැටලුව.අවාසනාවට වගේ මේ අගය කරනු ලැබීම පැසැසුමට ලක් කරනු ලැබීම කිසිම විදිහකින් බලෙන් ගන්නවත් සල්ලි දීලා ගන්නවත් ආයාචනා කරලා හිඟා කාලා ලබාගන්නවත් බැරි දෙයක් බව අපි ගොඩාක් අය පිළිගන්න අකමැති ඇත්තක්.
                                   ටිකක් හිතලා බලන්න ඔබ සමහර මිනිස්සුන්ට  ගොඩාක් කැමති වගේම ඔබට පෙන්නන්න බැරි නොයෙක් තරාතිරම් වල මිනිස්සුත් ඉන්නවා නේද? සමහර අයට ඉන්නේ ගොඩාක්ම ඒ වගේ අය. අපි නොයෙකුත් හේතු නිසා මිනිස්සුන්ව අගේ කරනවා.එත් කවුරුහරි ඇවිත් "අනේ මට ආශා කරන්න" "මාව පිළිගන්න " "මාව ප්‍රශංසා කරන්න " කියලා කියුවත්, සල්ලි දුන්නත් ඔබ ඇත්තටම ඒ තැනැත්තාව ප්‍රිය කරන්නේ නැතිනම් ඔබ ඔහුට කැමති නැහැමයි නේද? වෙන වචන වලින් කියුවොත් ඔබේ ලෝකයේ ඔහු වැදගත් පුද්ගලයෙක් නෙමෙයි නේද?
                                                   ඉතින් එක්තරා විදියකට මෙහෙම අපි සමහර අයට කැමති වීම හා අකමැති වීම හරිම පුදුම දෙයක්.සමහර අයට අපි කැමති ඇත්තෙන්ම අපි දන්නා හේතු නිසා වගේම සමහර අපිට නොතේරෙන හේතුත් ඒ දේවල් වලට බලපානවා.ඉතින් මම කලිනුත් කියුවා වගේ අනිත් අයගේ ගෞරවයට ආදරයට ලක්වීම අපිට අවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. එත් ඒ දේ බලෙන් ලබාගන්න බෑ.එහෙනම් මම අද කියන්න යන දේත් එකමයි. "ජනප්‍රිය වෙන්න දඟලන්න එපා".හොඳට මතක තියාගන්න ජනප්‍රියත්වය කියන්නේ ඔබට ලැබෙන තෑග්ගක්.නොඉල්ලා ලැබෙන දෙයක්.එත් ජනප්‍රියත්වයට පත්වීමට තොරතෝංචියක් නැතුව මැරීගෙන එක එක දේවල් කිරීමෙන් වෙන්නේ ඔබ කලකිරීමට අපහසුතාවයට පත්වීම විතරයි.
                                                                                                                     ඔබට යම් හැකියාවක් ඇත්නම් අනුන්ගේ යහපත තෘප්තිය සතුට වෙනුවෙන් එය යොදවන්න.ඔබට දක්වන පැසසුම් ඇගයීම් ඔබට ලැබෙන තිලිනයයි.මිනිසුන් ඔබව වර්ණනා කලාට , ඔබට කැමති වුනාට , නැතහොත් ඔබ "ජනප්‍රිය" උනාට ආඩම්බර වෙන්න එපා. මොකද ජනප්‍රියත්වය කියන දේ ඕනෙම වෙලාවක ඇති වෙන්න පුළුවන් වගේම නැති වෙන්නත් පුළුවන්. නිතරම නිහතමානිව ලබන සතුට ඔබව තෘප්තිමත් කරනවා හැමදාටම.....



---------------------------------------------------------------------------------------------------




                                                        බස් රේඩියෝ බ්ලොග් සතිය

Thursday, June 28, 2012

හිත මිතුරු සුළඟ......





කොහොමද හැමෝටම?
ඔන්න කාලෙකින් ආවා පුංචි කාලේ කරපු වැඩක් අද හදිස්සියේම මතක් වෙලා, ඒ දේ අකුරු කරලා යන්න. වැඩ අධික කමත් එක්කම බ්ලොග් ලිපි කියවන එක ටිකක් ප්‍රමාද වුනත් කොහොමහරි වෙලාව හොයාගෙන එව්වාත් කියවනවා. සමහර ලිපි කියවද්දී මැරෙන්න හිනා.. අන්තිමට ඔෆිසියේ උන්ගෙනුත් නොන්ඩි වෙනවා :( :පි
හරි දැන් එමු කතාවට.
මේ වෙද්දී මගේ වයස අවුරුදු 7 ක් . ඒ කියන්නේ මම 2 වසරේ. අපේ මල්ලි මොන්ටිසෝරියේ. අපේ පාරේ ගේ එහා පැත්තේ තිබුනා ගෙවල් දෙකක්. එක ගෙදරක හිටියා 5 වසරේ අයියා කෙනෙක්. අනිත් ගෙදර හිටියා 1 වසරේ මුස්ලිම් මල්ලි කෙනෙක්. ඉතින් අපි කට්ටිය තමයි සෙල්ලම් කරන්නේ. සෙල්ලම් කියුවේ ඉතින් ගල් 7 ගහනවා, ටකරං සෙල්ලම් කරනවා. සෙල්ලම් ගෙවල් හදනවා.හැංගිමුත්තං කරනවා. හැඟෙන්නේ මහපාරේ තමයි. ලොකු වතු නැහැ ඉතින් දුවන්න.නැත්තම් ගෙවල් අස්සේ. ගෙවල් ඉස්සරහා තියෙනවා මහා පාරට මුහුණලා අතුරු පාරක්. අන්න එකේ තමයි සෙල්ලේම් කරන්නේ.  ඉතින් අපි ඔක්කොම පොඩියි නේ.. අඬනවා කෑ ගහනවා. මගේ කට හෙන සද්දයි පොඩි කාලේ. කෑ ගහද්දි හීනියට සද්දෙට ඇහෙනවා. ඉතින් අනිත් උන් බයයි මම කෑ ගහද්දි. :D


අපේ ගෙදදරම සයිඩ් එකේ එළියේ තමයි අපි සෙල්ලම් ගෙවල් හදන්නේ. රෙදි වලින්. වහලට පැදුරක් දානවා. ඔහොම සෙල්ලම් ගේ හදන දවස් වලට අපි අපේ බාප්පිගේ පුතාටත් එන්න කියනවා. උදව්වට. එයා ඉන්නේ 3 වසරේ. එයාට ගස් වලට එහෙම නගින්න පුළුවන්. ඉතින් ඔහොම අපි හැම වාරයකදීම සෙල්ලම් ගෙයක් හැදුවා. ඒ කියන්නේ අව්රුද්දට 3 න් පාරක්. සෙල්ලම් ගේ හැදුවම මම තමයි අම්මා, අර අයියා තමයි තාත්තා. අපේ මල්ලි තමයි බබා. අර මුස්ලිම් මල්ලි තමයි එ‍හා ගෙදර මිනිහා. ඉතින් අපි රණ්ඩු කරගන්නවා එයා එක්ක අපේ ගෙදරට කුණු දානවා කියලා.
දවසක් අපේ බාප්පිගේ පුතා ඉන්න දවසක එයා නුලකට පොල්කටු දෙකක් ගැට ගහලා එක පොල්කට්ටක් එක්ක එයා අපේ ගේට්ටුව ගාවට ගිහින් ඔත්තු බලනවා. අපේ අයියා තමයි කඩාකප්පල්කාරයා.අපේ අයියා එනවද කියලා තමයි ඔත්තු බලන්නේ. එනවානම් පොල්කට්ටට කියනවා. අපි මෙහෙ ඉඳං අහගන්නවා. එත් ඇහෙන්නේ නැහැ. ඉතින් අයියා ඇවිත් ගේ කුඩුකරනකම්ම අපි දන්නේ නැහැ. එතකොට අපේ අයියාත් 5 වසරේ. එත් අපි එක්ක සෙල්ලම් බත් උයන අයියාත් අපේ අයියට බයයි.


දැන් ඔන්න ඊළඟ අවුරුද්දේ අපි ටිකක් දැන් ලොකුයි. මම 3 වසරේ. අපි එදාත් නිවාඩුකලේ සෙල්ලම් ගෙයක් හැදුවා. දැන් ඔන්න ගේ ඇතුලට වෙලා තමයි අපි දවල්ට බත් කන්නෙත්. අපේ ගේ ළඟ තියෙනවා ලොකු කඩයක්. අපි එදා සල්ලි එකතුකරලා ඒ කඩෙන් ජුජුබ්ස් ගෙනාවා. අපේ අයියා ඇවිත් මග රැකලා ඒවා අපෙන් උදුරගත්තා. ඒ කාලේ ඉඳන්ම අපේ අයියා හැමදෙයක්ම බන්කලොත් කරන්නා විදියට තමයි අපි හැදින්නුවේ.
අපේ ගේ ඉස්සරහා ගෙදර ඉන්නවා කෙට්ටු අන්කල් කෙනෙක්. එයාට අපි කියන්නේ ඇටකෝට්ටා කියලා. එයාට ටිකක් විතර පිස්සු. එයා හැමදාම ඒ පාර අතුගානවා. එයා කියනවා ඒ පාර එයාගේලු. අපි සෙල්ලම් කරනවට කැමැති නැහැ. ඒ පාර අපේ සීයාගේ පාරක්. සීයාගේ නමට රෙජිස්ටර් කරපු. එයා කියනවා සීයා එයාට පැවරුවාලු. කිසිම ලියකිවිල්ලක්වත් පෙන්නන්නේ නැහැ හැබැයි. ඉතින් අපි හිතන්නේ එයාට පිස්සු කියලා. පුංචි කාලේ සෙල්ලම් කරද්දී අපිට බනින නිසා අපේ අයියාට වඩා එයා තමයි අපේ ලොකුම හතුරා වෙලා හිටියේ. ඉතින් මේ හතුරට හොඳ පාඩමක් උගන්නන්න කියලා අපි රහසිගත ප්ලෑන් එකක් ගැහුවා. ඒ ගස්ලබු බෝම්බයක් හදලා ඇටකෝට්ටා  ගෙදරට දාන්න. ඉතින් අපි මුලින්ම ගස්ලබු ගෙඩියක් හොයාගත්තා ටිකක් අමු එකක්.ඊට පස්සේ එකේ මදය හෑරුවා උල් පිහියකින්. ඊට පස්සේ ගිනි පෙට්ටි 5 ක් ගෙනල්ලා ඒවල ගින්දර පත්තුවෙන කළු හිස කොටස සුරලා ගත්තා. ඊට පස්සේ ඒක කොලයක තියලා ගැටගහලා එකට නුලක් සම්බන්ද කරලා නුල එලියට හිටින්න අර කුඩු තියෙන කොලේ එකට දැම්මා. දැන් නුල පත්තු කරාම නුල ඇවිලිලා ගිහින් අර වෙඩි බෙහෙත් පත්තු වෙලා ඩොන් ගලා ගස්ලබු ගෙඩිය පුපුරයි. එතකොට ඇටකෝට්ටාගේ ගේ ගිනිගනී කියලා.
                             දැන් බොම්බේ ඇටකෝට්ටාගේ ගේ ඇතුලෙන් තියන ඒක තමයි ඊළඟ වැඩේ. අපි අර මුස්ලිම් පොඩි එකාව යැවුවා ඇන්ටි කියලා කතා කරන්න. ඊට පස්සේ ඇන්ටි ආවම බොලේ පිටිපස්සට ගියා කියලා ඇන්ටි බොලේ හොයන්න ගියාම ගේ ඇතුලෙන් අර බොම්බේ තියලා දුවලා එන්න.නුල දිගට දාලා තියෙන නිසා අපි නුල පත්තු කරලා ඈතට වෙලා කන් වහගෙන බලාගෙන හිටියා.


හෑ කිසිම සද්දයක් නැහැ අයියෝ අපේ බලාපොරොත්තු සුනේ සුන්. කෝකටත් තයිලේට  ඉන්න අර පොඩි එකාව යැව්වා බලාගෙන එන්න කියලා. මෙන්න මු ගස්ලබු ගෙඩියත් අරගෙනවා එනවා ගේ දොරකඩ තිබුනා කියලා. :((


කොහොම හරි අපේ ක්‍රියාව සාර්ථක උනේ නැහැ. අපි සෙල්ලම් ගෙදරට දුක් මුසු මුහුණින් එනකොට අපේ සෙල්ලම් ගෙදරත් විනාශ කරලා අපේ අයියා. ඔහොම්මම අපේ සෙල්ලම් ගේ හැදිල්ල නැවතුනා. අපිට ඇත්තටම එපා උනා. එත් හැමදාම සෙල්ලම් කරා.


අද වෙද්දී ඒ අයියා පෞද්ගලික බැංකුවක රැකියාවක නිරත වෙනවා. මං තුමිත් එසේමයි. අර මුස්ලිම් මල්ලි ත් එසේමයි. අපේ මල්ලිත් බැංකු ආශ්‍රිතව ඉගෙනුමෙහි නිරත වෙනවා. ඒ මිතුදම එදා වගේම අදත් එහෙම්මම තියෙනවා. මුස්ලිම් මල්ලි මේ වෙද්දී ටිකක් දුර පලාතක ජිවත් වෙන්නේ. අද දවල් ඒ දෙන්නම මාව හොයාගෙන අපේ ඔෆිසියට ඇවිත් අපි කල්පිටියේ පොඩි සංචාරයක්ගියා. අපේ මල්ලිව 3g කෝල් එකක් මගින් සම්බන්ද කරගත්තා. 
ඒ මිතුදම හැමදාම අපේ හිත් තුල රැඳෙයි... ඒ මිතුදම් සුළඟ අපේ හිත් තුල හැමදාම අමරණීයව තියෙයි. අපේ ජිවිත කැඩිලා බිඳිලා ගියත් අපේ මිතුදම හැමදාම ශක්තිමත් එදා වගේම අදත් හැමදාමත්. ජිවිතේ නැති වුනු දේවල් වලට අඬන්න වැළපෙන්නේ නැතුව හැමදාම අපි ළඟ තියෙන අපිට නොපෙනෙන දේ හොයාගන්න උත්සහා කරන්න. අපේ මිතුදමත් ඒ වගේමයි. හිත මිතුරු සුළඟ හැමදාම අපේ හිත් වලට හමයි... :))



Thursday, June 7, 2012

___මගේ මැණික් කැටේ___



මම හැමදාම උදේම නැගිටිනකොට
මුළින්ම දකින ඔයාගේ මූන
ලස්සන සිතුවිලිවලින් පිරැණු 
ලස්සන දවසක් හදලා දෙනවා......
ඒ ඇයි දන්නවද
ඔයා තමයි මේ ලෝකේ ලස්සනම කෙනා..
ලස්සන කෙනෙක් දැක්කම මුළු දවසම ලස්සනයිනේ...
හැමදාම උදේට මම වැඩට යන්න හදද්දී
සාරි පොට ඉඔලා මගේ කම්මුල හපලා
මට සමුදෙනකොට...
මට දැනෙන්නේ මගේ ලෝකේ මට ඉන්න එකම කෙනා
ඹයයි කියලා..
ඔයාගේ උගුරේ කට්ටක් හිරවෙලා
මම නොසෑහෙන්න බය වුනු දා
දොස්තර කෙනෙක් නැති ඉරිදා දිනයේ අපි
තනි වුනා... 
ඔබ මගේ හුස්ම පොද වෙච්චි කොට 
මගේ හුස්ම වැටෙයිද?
කොච්චර කෙ‍සෙල් ගෙඩි ගිල්ලෙව්වත්
වැඩක් වුනේ නැති කොට
පාරේ යන හරක් ටිකකට කෑ ගහලා
කට්ට උගුරෙන් පහලට ගියාම
තුරැළු කරගෙන මම ඇඬුවේ දුකට නෙමෙයි
සංතෝසේ වැඩිකමට.
මගේ චූටි මැණික කියලා කතා කරනකොට 
දුවගෙන ඇවිත් ඔයා
මගේ ඇගේ එල්ලෙනකොට
හරි මැණික තමයි මූ කියලයි අම්මා විහිලු කරන්නේ..
ඒත් ඔයා මට මැණිකක්..
දන්නවද රණ්ඩු කරලයි මම ඔයාව ගත්තේ...
I never let you go….
ඔයා මගේ චූටි බ්ලෂ්……….. !!

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..


මල් කොල්ලෙක් මං


බුදු අම්මෝ :o
ලොම් හැලිලා ආපහු එනවාලු.. කටුවා කාලා වගේ හිටියේ දැන් නම් ටිකක් හොඳයි



Sunday, June 3, 2012

නින්දෙන් ඇවිදිනවද?




හීනෙන් ඇවිදීම ගැන මොනවද කියන්න දන්නේ? ඔයාලටත් අත්දැකීම් තියෙනවද? මගේ දැනීමේ හැටියට මෙය මානසික ආබාධයක්. 
අපි නිදාගනිද්දි මෙම නින්දට  අවධි කිහිපයක් තියෙනවා.REM   (rapid eye movement) ඇස් චලනයකින් සිද්දවෙන නින්ද සහ තද නින්ද. තද නින්දේදී සාමන්යෙන් හීන පේනවා අඩුයි. REM තත්වයේදී තමයි අපිට හීන පෙනෙන්නේ. මෙය අපි නිදාගන්න පැය 6 කදී අවධි වශයෙන් තමයි සිද්දවෙන්නේ. මගේ දැනුමේ හැටියට මම ඔච්චරයි ඒ ගැන දන්නේ. මීට වඩා හෝ මේ දේ වැරදිනම් දැනුවත් කරන ලෙස ඉල්ලනවා..


සාමන්යෙන් හීනෙන් ඇවිදීම සිදුවෙන්නේ(somnambulism) අධික මහන්සිය , අඩු නින්ද, සාංකාව වැනි තත්ත්ව වලදී. ඒ වගේම මත්පැන්, වේදනානාශක හෝ වෙනයම් බෙහෙත් මගින් ද, මානසික අවපිඩනතාවය වැනි හේතු නිසාද හීනෙන් ඇවිදීම සිද්දවෙන්න පුළුවන්.


හෑ කස්ටිය බැලුවද මේ මොකො අද හදිස්සියෙන් මම මේ හීනෙන් ඇවිදීම ගැන කියන්නේ කියලා. ?
මේකයි මමත් හීනෙන් ඇවිදිනවෝ :(
පුංචි කාලෙත් හීනෙන් ඇවිදින නිසා අපේ ආගමේ පියතුමෙකුට කියලා ආශිර්වාද කරගෙන මොකක්ද මන්දා එකක් බෙල්ලේ එල්ලුවා. ඊට පස්සේ එක නැවතුනා..


පස්සේ කාලෙක ගිය අවූරුද්දේදි වගේ මට රෑට එක පාරම ඇහැරෙන සිද්දියක් තිබුනා.. pray කරලම ඒ ගතිය නැවතුනා. දැන් මේ සති තුනකට කලින් ඉඳං වගේ මම රෑට මහා හයියෙන් කෑ ගහනවාලු. සතෙක් කියලා කෑ ගහගෙන ඇඳෙන් නැගිටලා එලියට එනවාලු. නෙට් ඒකෙන් එලියට ආවට පස්සේ මට මතක් වෙනවා මම බය උනා කියලා මොකට හරි.. ඊට කලින් කිසි දෙයක් මතක නැහැ. දවසක් නැගිටලා සාලේ ඉඳගෙන ඉන්නවාලු. අපේ මල්ලි රෑට පාඩම් කරන නිසා එයා මාව දැකලා බය වෙලා. මම ආපහු ගිහින් නිදාගෙන. මටනම් මතක නැහැ ඒ කිසි දෙයක්. ඊට පස්සේ අපි පල්ලියට ගිහින් Bless කරවගත්තා.ඊයෙත් නැගිටලා මම අයන් එක දාලා දොරවල් ඇරලා. අම්මි උදේ කවුද දොර ඇරියේ කියලා අහද්දිත් මම නෙමෙයි නිසා මම මුකුත් කියුවේ නැහැ. අම්මි මල්ලිට බැන බැන හිටියේ. පස්සේ බලද්දී නෙට් එක ගලවලා මගේ ඇඳේ. අද තමයි මට ගොඩාක් බය හිතුනේ. මට කිසි දෙයක් මතක නැති නිසා. කෑ ගහන එකනම් හැමදාම කරනවාලු. මේ නිසා අපේ අම්මි හෙන දුකින් ඉන්නේ. පල්ලියේ පියතුමා කියුවේ හරි ගියේ නැත්තම් වෛද්‍යවරයෙක්ව හමුවෙන්න කියලා. එත් ඉතින් බයයි. 
මාරුවීමක්‌ නිසා මේදවස් වල මම බස් එකේ වැඩට යනවා එනවා. අපේ පුන්චිලා නම් කියන්නේ මහන්සිය නිසා වෙන්න ඇති කියලා. 
මේ ගැන ටිකක් දන්නා අය දැනුවත් කරන්න කියලා ඉල්ලනවා. වෛද්‍යවරයෙක්ව හමුවිය යුතුද යන්න..


මොකද මම සෑහෙන්න වැටිලා ඉන්නේ මේ නිසා. උදේ නැගිටින්නේ පුදුම බයකින් මම රෑ කොහේ කොහේ ගියාද කියලා බය හිතෙනවා. අනේ දන්නා කෙනෙක් දැනුවත් කරන්න. 


මගේ යාලුවෙක්නම් කියුවා අනේ උඹ මොනා කියලා කෑ ගැහුවත් මගේ නම කියන්නනම් එපා කියලා :පි


Friday, May 18, 2012

___ඔබට ජය___




කොතෙක් සෝ සුසුම් මැද වුවත් අදත් නන්නත්තාරයේ ඇවිද නොයන සිත හිරු එලියට පෙම් කරයි. අනාදරයට නිගා කරන්නටත් ආදරයට ගරු කරන්නටත් මා උගත්තේ බොහෝ කලකට පෙරයි. ඒ සිප් හද රඳවා ගෙන මා පැමිණියේ සිය ගණන් අතුරු පාරවල් ඇති මාවතකයි. ආ දිගු මග යන මා වත ධෛර්ය සඳහා සුභ පතුවේද නැත. එහෙත් මම යමි. කෙළවරක් නොපෙනෙන මාවතක පහන් සිලක්‌ සොයා මම යමි.

Monday, May 14, 2012

ඉපදෙනා මතු මතුත් ඔබ මගේම වේවා


ලොවේ අනික් අම්මලා මෙන්ම
නොඑසේනම් ඊටද වඩා 
නුඹ දුක්විඳ
මා ලෙඩ ඇඳේ ගෙවූ කාලය
හතර වසරක සාපය 
නුඹ ඇඳ විට්ටමේ හිස ගසා
නිදිවැරු කාලය 
සිහිනෙන්ද එපා යලි අම්මේ.....

රෝහලේ ඇඳක් මත
මා ලොකු දැරියෙක් වූදා
වට තිර ඇද
පිරිමි ඇස් වලින් මා රැක
අම්මා කෙනෙකු ලෙස 
ඔබ ලතවූ අයුරු 
සිහිනයක් නොවේමයි අම්මේ.....

පියාණන් නොසිටි ගෙයි 
නුඹේ පා යුග වැළඳ 
ඔබේ පියසින් පිටව මගේම යැයි
කිසිවෙකු නොසිටි සබයක
අසරණ වූ දා
මං දුක් වුනා අම්මේ

එහෙත් ඔබ තවමත්'
නැගණියන්ගේ සිනා මැද
මගේ පංගුව සඟවා
පිළුණු වී කුණුවෙලා යනතුරුම
මග බලා ඉන්නවා 
පෙර සේම දයාබර ඇස් වලින් 
ආශිර්වාදය පතනවා ඉපදෙනා මතු මතුත්
මව්පිය ඔබම වේවා !
මං පැතුම් පතනවා අම්මේ..........