Tuesday, November 29, 2011

හදමුද කිසස්..!!

කිසස් කාලා කිස් කරන්න හිතෙයිද දන්නේ නැහැ හිකිස්‌. 

මම ඉතින් ගැහැණු ළමයෙක්නේ ,, ගෑනු ළමයෙක්  උනාම උයන්ඩ ඉගෙනගන්නත් එපැය.. ඒ නිසා මම අපේ නැන්දගේ පොත පත අවුස්සලා හොයාගත්තා කෑම පොතක්. එකේ අකුරු මට කියවගන්න අමාරුයි, එච්චරටම හොකර. කොහොමහරි කියෝගත්තා. ඔන්න ඉතින් අහන්න එපා කියෝවගත්තේ කොහොමද කියලා.  එක එක දවස් වලට එක එක ජාති හැදුවා. ඔන්න ඉතින් එක එක දවස වලට එක එක විදියට ආපහු කෑමක් හදන විදිය කියන්න තමයි මම දැන් සුදානම් සරිරෙන් මේ කොටන්නේ.  
ඕනෑම දෙයක් ගෙදර හදලා කද්දී රස වැඩියි කියනවනේ :)) ඔන්න ඉතින් දැන් කඩවල් වල කිසස් කාපු කාලේ ඉවරයි. අපි ගෙදරදීම කිසස් හදලා කිස් එකක් දීලම කමු හිකිස්‌...!!!!

කිසස් .. මේ ගුගල් ඒකෙන් ගත්ත පින්තුරයක් බව සලකන්න, මෙච්චර ලස්සනට නම් ආවේ නැහැ :D
  අවශ්‍ය ද්‍රව්‍ය
-බිත්තර සුදුමද 3 ක්. (කහ මදය පොඩ්ඩක් වත් නැතුව.)
-සීනි ග්‍රෑම් 150 ක්
-වැනිලා ටිකක්
-නොසල් එකක් ඕනා, නැත්තම් හැන්දෙන් උනත් පුළුවන්,
-බටර් ටිකක්
-කේක් තැටියක්


  සාදන ක්‍රමය 


මුලින්ම බිත්තර සුදුමද ටික භාජනයකට දමන්න. ඊට පස්සේ බීටරයක් මගින් හොදට බිත්තර සුදුමද ගහගන්න, සුදු පාට හිම වගේ වෙනකම්ම. පහත රුප බලන්න.
බිත්තර සුදුමද
බීටරයක් මගින් ගැසීම
මේ වගේ පාටට, පෙන නගින්න ගහන්න ඕනා.


හොදට බිට් කරා කියන්නේ භාජනය අනිත් පැත්තට මේ පහල රූපේ තියෙන විදියට හැරෙව්වම හැලෙන්නේ නැති පදම. අන්න ඒ පදමට එනකම්ම බිට් කරගන්න ඕනා. 
ඊට පස්සේ සිනි එකතු කර ගන්න ඕනා. බිට් කරන ගමන්ම සිනි 150g පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන්න. ඊට පස්සේ සිනි ඔක්කොම දිය වෙනකම්ම බිට් කරගන්න ඕනා. 


අවසානයට මේ වගේ මිශ්‍රණයක් ලැබෙනවා ඇති. :))))) ඒක ඒක පාට දාගන්න ඕනනම් දාගන්න පුළුවන් කලරින් මගින් ..........

හරි දැන් වැඩ කටයුතු වල බාගයක් ඉවරයි. 
මීලගට තියෙන්නේ ලස්සනට හැඩය ගන්න එක. කේක් තැටියකට බටර් තවරලා ලෑස්තිකරගන්න. 
නොසල් එකක් ඕනා. මේකට ටිකක් ලොකු නොසල් එකක් තිබ්බනම් හොදයි. ඒ නැතත් කමක් නැහැ. නැන්දගේ පොතේ තියෙන්නේ හැන්දෙන් තැටියේ තැනින් තැන තියන්න කියලා., එතකොට කැතයිනේ. එකයි මම නොසල් එකක් ගත්තේ. කැත උනත් මොකද බඩටනේ යන්නේ .. ඕන විදියක් ඔයාලට ලේසි.


නොසල් එකක් නම් නොසල් එකට නොසල් බෑග් කියල කඩේ තියෙනවා. මම නම් එකක් නෙමෙයි ගත්තේ, ඒ වෙනුවට Lunch Sheet එකක් අරන් මැද පොඩ්ඩක් සිදුරු කරලා නොසල් එක ඒක ඇතුලට යවාගෙන හදාගත්තා.  පොඩි නොසල් වලටනම් නොසල් එකත් එක්කම සිලින්ඩරයක් එනවනේ, එකෙනුත් පුළුවන්. මිශ්‍රණයෙන් ටික ටික දාලා මේ වගේ තැටියේ තැනින් තැන රටා මවන්නයි ඊළගට තියෙන්නේ.



ඔන්න ඔය විදියට තැටියේ රටා මවලා, උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 150 උදුනක (OVEN) ඒක දිගට පැය කාලක්  විතර පුළුස්සන්න. ඊටපස්සේ ටිකෙන් ටික ඇරලා බලලා කරකර තත්ත්වය එනවද කියලා බලලා ඒ තත්ත්වය ආවට පස්සේ උදුනෙන් බාන්න, දැන් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ අමාරුම හරිය, ඒ කියන්නේ කන හරිය .. හැක හැක හැක ..



ඒක දවසක් ලස්සනට ආවා
තව දවසක් ගෙදරට කට්ටියක් ඇවිත් කර උනා අනේ ,,හිකිස්‌ 
කාල බලලා රසනම් කියන්නකෝ. 

Friday, November 25, 2011

සිතක උපන් කවි 3

කැඩීගිය සිහින මාලිගා... ප්‍රේමයේ මළ දරුවා...
උපද්දවා...
එනමුදු ප්‍රේමය 
මැරුවාද...???
ගොම්මන් මන්දාරම නිවාලන්නට සපැමිණි 
සියොලග හිස සිද දැමුවාද...?
හදවතේ ගිනි නිවාලන්නට හැකි වේද...
ඔහුට මිස.....

කැණී මඩල සිසාරා
කිරි සයුර පීරා..
සොයන්නෙමි අමාරස බිදක්
පන දීමට...
ප්‍රේමයේ මළ දරුවාට ...
මේ මළවුන්ගේ මාසයේ...
කව්රු අසාවිද
මේ මොන්ටිසෝරි හදවතේ
අවනඩුව .....???????? 

Monday, November 21, 2011

සමරු පොතේ පිටුවක්...!!!

වස්සානය ඇවිත් නැවතත් යන හින්දා
මිහිකත අඩනවා වැහි බිදු නැති හින්දා
මම ඔබ උනත් දිනයක වෙන වෙන හින්දා
මිතුදම ඔබට අමතක වේවිද මන්දා...

ඔන්න ඔහොමයි මම මගේ සමරුපොතේ මුල් පිටුව හැඩ කලේ..  ඊයේ මගේ පොත් රාක්කය අස් කරද්දී මට හම්බුනා A/L කරද්දී මගේ යාළුවො ලියපු සමරු පොතක්.. ඉතින් මම එක කියවගෙන ගියා.. සමහර තැන් වලදී බඩ පැලෙන්න හිනා ගියා. එත් සමහර තැන වලදී කම්මුල තෙත් උනා..  ඒ කාලේ හිටපු යාලුවන්ගෙන් සමහර අය දැන් හොයාගන්න නැහැ, ඒ වෙනුවට අලුත් යාළුවො ඇති වෙලා තියෙනවා.. එත් පුංචි කාලේ ඉදල මේ මොහොත වෙනකන් ඉන්න යාලුවොත් ඉන්නවා.. ඒ අයගෙන් මගේ හොදම යාළුවා මධුකා.. 1 වසරේ ඉදන් මේ දක්වාම මගේ ළග ඉන්න මගේ නොසැලෙන ශක්තිය ඇයයි.. මෙන්න මේ වගේ සටහනක් තමයි ඇය මගේ සමරු පොතේ මං ගැන තබලා තිබුනේ.. ඔන්න එහෙනම් මම එක මෙතන ලියනවා. ටිකක් දිගයි.. කියවන්න බෝරින්ග් උනොත් සමාවත් ඉල්ලනවා...

මේ තියෙන්නේ මගේ සමරු පොත

මාගේ ආදරණීය එලාස්

ඔබගේ සැප දුක කෙසේද? මම නම් සුවෙන් සිටිමි.. තාමත් මාර ගහෙ මල් පිපෙනවද?  ඔයා තාමත් මල්ලි එක්ක පොඩි කඩේට එනවද? දැදුරු ඔයාට ගිහින් බට්ටගෙන් වැටෙනවද..
ඔන්න විශ්වාස නැත්තම් බලන්නකෝ.
මෙන්න පටන් ගැන්ම
ඔහේ හිටපිය .. මෝඩ මධුකා මොනවද මේ ලියන විකාර.. පිස්සුව තද වෙලාද අහ්හ්? නැත ලුස් ද බන් ගොනෝ..  අනේ මන්ද එළෝ මොනවා ලියන්නද කියලා හිතේ තියෙනවා පිටු 100 ක ලියන්න දේවල් අපි දෙන්නා hutch වගේ ඔයයි මමයි විතරයි..


 ඔයාව මට මුලින්ම හම්බවුනේ 1 වසරේදී.. ඔයාට මතක නැතුව ඇති අපිව 1 වසරට දාපු මුල් දවසේ අපි දෙන්න හිටියේ එක පන්තියේ,, මම ඔයාගෙන් එදා නම ඇහුවා.. ඔයා කියුවා "ඔයාට වැඩක් නැහැනේ" කියලා... එදා මට තමුසේ බැන්නා.. හිතන ඇති මහා ලොක්කි කියලා... ඊට පස්සේ දවසකුත් මොකක්ද එකකට මට බැන්නා.. ඒ දවස්වල මෙකි හෙන නපුරියෙක්,, ආඩම්බරකාරියෙක්,, කොහොමහරි අපි දෙන්න ඊට ටික කාලෙකින්ම යාලු උනා.. මතකද පොඩි කාලේ අපේ සෙල්ලම.. "රීරි යකා" ඔයා තමයි යකා.. ඔයා පන්තියේ Black board  එකේ හුණු අරන් එනවා අපේ ඇගේ අදින්න.. එතකොට අපි කෑ ගහගෙන දුවනවා.. ඇත්තටම එලාස් පොඩි කාලේ ඉදලම සර්කිට් නේ? අනේ පව්...


කාලය කෙමෙන් කෙමෙන් ගෙවෙද්දී අපි ලොකුයි දැන්.. 10 වසරේදී අපේ පන්ති වෙන් කෙරුවා.. අපි ගොඩාක් දුක් උනා.. අඩන් නෑ  කියලා අපිට හිනා වෙවී හිටපු ඔයා අන්තිමේදී මහා හයියෙන් ඇඩුවා.. අපි ආපහු ඇඩුවා ... අපි දෙන්න පන්ති දෙකක හිටියත් Interval එකේදී කෑම කන්නේ අපි සෙට් එක එකට.. ඉස්සර ඉවොන් මිස් කියුවා ඔයා දක්ෂයි Science  වලට  A එකක් දායි කියලා.  ඒ වෙලාවේ ඇත්තටම මට ලොකු ආඩම්බරයක් දැනුනා. මොකද ඔයා මගේ හොදම යාළුවා නිසා..

මම ඔයාට දෙයක් කියන්නම්  මට මේ ලයිෆ් එකේදී දි හම්බවුනු හොදම යාළුවො 3 න් දෙනයි.. ඒ තුන් දෙනා තමයි ඔයා, සජා ඇන්ඩ් කල්පා. ඔයා හරිම වෙනස් යාලුවෙක්. ඔයා හැම කරදරෙකදිම මාත් එක්ක හිටියා.. මම අඩන වෙලාවට ඔයා ඇවිත්  අනිත් අය වගේ අඩන්න එපා කියල කදුළු පිහුවේ නැති උනාට ඔයා මාත් එක්ක හැම වෙලේම හිටියා.. මං මගේ අනිත් හැම යාලුවෙක් නිසාම අදාල තියෙනවා. But ඔයා නිසා හිනා උනා.. කවමදාවත් අඩුවේ නැහැ.. වෙන් වෙලා හිටපු අපි ආපහු එකතු උනා Science class එකේදී.
ඔයාට මතකද අපි A/L start  කරපු දවසේ ඉදන් claz ගියේ එකට.. .. ඒ දවස වල අපි හොදට වැඩ කළා අනිත් ළමයි අතරින් කැපී පෙනුනා. මතකද අමාරු ගානක් , ඒ ගැන හැදුවොත් මිස් තාපය පොතක් තෑගි දෙනවා කියල, අපි දෙන්න මාර විදියට හැදුවා ඒ ගාන.. එදා තමයි මට උඹ තාපය පාඩම මට හරියටම කියල දුන්නේ. ඒ හම්බුනු පොත උඹ මට දුන්න උඹ ගාව ඒ වගේ පොතක් තියෙනවා කියල. එදා මට ඇත්තටම උඹ ගැන පුදුම හිතුනා මචං.. 



දැන් මම මේ යන්ඩ හදන්නේ ඉස්කෝලේ පැත්තට.. අපි prefects ල වෙලා හිටපු දවස තමයි හොදම දවස් , අපි ඉගෙනීමත් පැත්තකට දාල එන උත්සව වලට බැහැලා වැඩ කරා.. හවස 5-6 වෙනකම් වැඩකරපු දවස අනන්තවත් ඇති නේද.? මතකද මල් වගයක් හොයන්ඩ ඔයයි මමයි සදීෂයි අර පිස්සු සචිනි යි මාරියි . අපි ඉතින් හැමදාමත් බලන්නේ කොහාට හරි පැනගන්නනේ.. ඇයි අපේ mission එක.. එක නම් මාරයි.. පාර මැද්දේ අපි පිස්සු නටපු හැටි මතක වෙද්දීත් හිනා යනවා.කවදා හරි මතක් කරලා හිනා වෙන්න තරම් ළමා කාලයක් අපි ගත කරා.. අපිට ඕන තරම් වැරදි වැඩ කරන්න තිබුනත් අපි හැමදාමත් සිමාවේ හිටියා,, 

මෙන්න මේ වගේ එකකින් තමයි මාව වැටුනේ
මම මෙහෙම ඔයාගේ auto කට්ට serious ලියන්න හිතුවේ නැහැ. එත් මට නොදනිම serious උනා.මගේ එක විශ්වාසයක් තියෙනවා මගේ ජීවිතේ හිනා වෙලා ඉන්න කාලෙට ඔයා මගේ ළග නැති උනත් මම දුක් වෙන වෙලාවට මට උදව් කරන්න පුළුවන් ඔයාට විතරමයි කියලා. ඔයයි අනුයි අපේ dad ගේ බට්ටගෙන් වැටුන එකනම් අමතක වෙන්නෙම නැහැ.. උඹලා කෑගැහුව විදියට මුළු ගමම එතෙන්ට ආපු නැති එක පුදුමයි. දන්නවද එලාස් මම මේ auto කට්ටේ අන්තිම පිටුවල ලියුවට මේ ඔටාස් , එලාස් ගේ heart එකේ සංස්ථානික මහා ධමනිය හරියෙන් තියා ගත්තේ නැත්තම් මම ඔයාලගේ ගෙදර වහලේ උඩට නැගල උපවාසකරනවා.. අම්මට කියපන් උදේටයි දවල්ටයි රෑටයි කන්න දෙන්න කියලා.Bio class යද්දී Friday වෙනකම් බලන් ඉන්නේ ඔයාලගේ මමී ගේ බත් එක කන්න හරිම රසයි,, ඔයාගේ b day party එකේදී තමා මම මේ ලෝකේ රහට කෑම ටිකක් කෑවේ.. ඊට පහුවෙනිදනේ මම accident උනේ..


අද මදුරුවෙක්වත් අහුවෙන්නේ නැහැ auto එකේ අලවන්ඩ..එලාස් මට කියන්න තියෙනවා දෙයක් ඔයාට. දැන් අපි ගොඩාක් ලොකුයිනේ.but ඔයා තාම හැමදේම හිතන්නේ හරිම සැහැල්ලුවෙන්.. ඕනාවට වඩා serious වෙන්නත් එපා. චුටි එකා වගේ හැමදේටම අඩන්නත් එපා. මිනිස්සු ගොඩාක් අය බලන ඉන්නේ අපි අඩනකොට හිනා වෙන්න. අනික ඔයා අඩද්දී මටත් දුකයි.. නේ..එලාස් .. claz යද්දී මම පාරේ තියෙන එක එක දේවල් පෙන්නලා කීවේ ඔයාට මට ඕනා කියලා,,but  මට අපේ පහුගිය අවුරුදු 13 ඕනා.. ඒලාස්  ඕනා..


මතකද ඔයාට අපේ අන්තිම house meet එක. අපි ඔක්කොමල්ලම  lilians ලා. වනන්න කොළ කොඩි නැති උනාම අපි කොළ අතු අරන් වැනුවේ..  ඇයි මගේ අලුත් භාෂාව.. අපි කොච්චර දක්ෂද බුධ්ධිමත්ද අච්චාරුවක්ද.. oh sorry විචාරවත්ද.



 අමතක නොවන අනිත් මතකේ තමයි අපේ සිංහරාජේ සවාරිය.. මමයි ඔයයි නිප්පයි එකටමයි හිටියේ. මතකද නිප්පා ගේ කකුලේ එල්ලුන UNP කුඩල්ලා. නිප්පාගේ විතරයි අමුතු කුඩල්ලො එල්ලෙන්නේ. අපි සාමාන්‍ය අයනේ. නිප්පා ඉතින් ප්ලුටෝ වලින් මෙහෙට පරීක්ෂණ කරන්න නාසා ඒකට එවපු ජීවියෙක්නේ. වැරදිලා මෙහෙට වැටිලා. ඇයි මම දුවිලි ඇල්ලෙන් වැටුණු වෙලේ ඔයා මාව උස්සලා ගත්තේ..
 මතකද ශාලිකායි ශේහාරයි නැති වෙච්ච වෙලේ අපි කොච්චර බය උනාද. ඔයා නම් ඇඩුවත් එක්ක. මට අඩන්නවත් අමතක උනා.. ඒ තරම්ම මම බය උනා.මතකද මම දුවිලි කුමාරි ගේ story එක? එක ඇත්ත අඩේ.. ඉස්කෝලේ වතුර ගහගෙන teachers ලාගෙන් බැනුම් අහපුවා.. මුළු පන්තියම දැනගස්සනවා ,, ලැජ්ජාවේ බෑ science class එකම දනගහගෙන commerce එවුන් කින්ඩි දානකොට බඩ පපුව හෝස් ගාල යනවා..
ලියන්නනම් කොච්චර දේවල් තියෙනවද එලෝ.. එත් පිටු මදි.. දන්නවද මම තමයි ඔයාගේ auto එකේ අඩුවෙන්න්ම ලියන්නේ. තාමත් ලියමින් පවතිනවා. මේක මම ලියද්දි උබ හොදට නිදි.. උබ ඉතින් රෑට පාඩම් කරලා දවල් නිදියගන්නවනේ. අපි ඉතින් හැමවෙලේම නිදියමගන්න අත්තොනේ බන්..  මේවා කියවද්දී boring වෙයි. එත් කියවන්න.. උබේ හැම දේකදිම මං ඉන්නවා කියල පොඩ්ඩක්වත් අමතක කරන්න එපා..ok මම shut down වෙනවා. 
                                                                         මීට 
                                                                         ඔයා දන්නවා මම කව්ද කියලා..

Hum hai rahi pyaar ke,
Phir Milenge chalthe chalthe..

             my name is otaz...
             elaaz ඔහේ හිටු..
             දැන් හිටියා ඇති 
             අපි යන්නට යමු..  
__________________________________________________________________________________


 ප.ළි--ඔන්න ඔහොමයි මගේ හොදම මිතුරිය මගේ සමරු පොතේ සටහන් තැබුවේ..අදටත් අපේ ගෙදර ඇවිත් අපේ අම්මිගෙන් බත් කටක් කන්න එයා අමතක කරන්නේ නැහැ.. යාළුකමට ආදර්ශයක්.. 

ප.ප.ළි-- එලාස් කියල කියුවේ මට ඔන්.. අනුවර්ත හුරුබුහුටි pet නාමයක්.. රුප ටිකකුත් මම අතරින් පතර දැම්මා ඔන්.. කියවල කමෙන්ටුවකුත් දාලම ගියානම් තමයි හොද... 

Friday, November 18, 2011

හලේ අප්පේ හරිම මහන්සියි

හලේ අප්පේ හරිම මහන්සියි.. මොකද මේ මට මහන්සිය කියල බලනවද කට්ටියම.. හිකිස්‌.. ඔන්න එහෙනම් අහගන්නකෝ කතාව.
අපේ ලොකු අම්ම ඒ කියන්නේ අම්මගේ අම්මා. එයාට අපි කියන්නේ ලොකු අම්මා කියලනේ, එතකොට අම්මගේ තාත්තා ලොකු තාත්තා.. මේ දෙපලට මම ගොඩාක් ආදරෙයි  ඔන්.. හුරතලේට හැදුනේ මම මේ දෙන්නා ගාව තමයි මම පොඩි කාලේ.. ඉතින් මම දැන් ලොකු ළමයෙක්නේ. මම ඉතින් යමක් කමක් තේරෙන දැරිවි නිසා ඒ දෙපලගේ හැම දෙකටම මම බොක්කෙන්ම උදව් දෙනවා. ලොකු අම්මි ලොකු තාත්ති වෙනමම ජීවත් වෙන්නේ, පුළුවන් හැම වෙලාවේම ඉතින් මම එහෙ ගිහින් සැප දුක අහලා කුස්සියේ කැම බීම වලටත් වැඩේ දීල තමයි එන්නේ.. ඔන්න ගිය සතියේ දිහාවක මම එහෙ ගියා හවස් යාමේ..
ඔන්න එහෙදි වුනු දෙබසක්....


ලොකු අම්මි- පොඩ්ඩි මම මේ ඔයාට කෝල් කරන්නයි හිටියේ පොඩි වැඩකට..


මම - ඒ මොකක්ද ලොකු අම්මි? 


ලොකු අම්මි- අපේ වැඩිහිටි සංගමේ වාර්ෂික උත්සවේට සින්දුවක් කියන්න ඉන්නවා අපි, ලොකු තාත්ති මම යි තව දෙන්නෙකුයි. ඉතින් එකේ කියනවා සින්දුවක්, එක ඔයා අර හැමවෙලේම තියන ඉන්න කොම්පුටරේ හොයාගන්න බැරි වෙයිද? මුල් ගායනය? 


මම - අහා සිම්පල් ප්ලෑන් එකක්නේ, දෙන්නම්කො හෙටම ගෙනත්. 


ඔන්න ඉතින් මම සින්දුවත් කොලේක ලියාගෙන ඇවිත් ගූගල්  එකේ නම ගහල සෙව්වා. මල හත්තිලව්වයි. no results found ලු :/ 
මේ සින්දුව පරණ කාලේ එකක් ඔන්. එක මුලින්ම කියන්න එපැයි..
මම ඉතින් හැම තැනම ගහල හෙව්වා. හම්බුනේ නැහැ, දවස 2 කකුත් ගත උනා.අනේ මන්දා මගේ පරිගණක දනුමනම් නිල්.. ඒ නිසා මට හොයාගන්න බැරි උනාද දන්නෙත් නැහැ.. මට හම්බුනේම නැහැ, ,අන්තිමට මුණු පොතේ පරිගණක උදව් කියන ගෘප් එකේ දැම්ම අනේ සහෝදර වරුනි මට සොයාදෙන්න කියල සින්දුවේ නමත් එක්කම.. ඔන්න ඉතින් හම්බුනා දෙවෙනි ගායනයක්, එකත් video එකක්. එක mp3 කරලා ගන්නත් සැහෙන වෙලාවක් ගියා මට, හිකිස්‌..  මුල් ගායනය නොවැ ඕනා. ආපහු ඉතින් ගයකයන්වත් හොයාගෙන මුල් ගායනය හොයල දෙන්න කියල දැම්මා. අම්මේ වර්ණා ට හරිම මහන්සි. ඊට පස්සේ අන්තිමට මුණු පොතේ  පරණ ලියනගේ තිලක් දයාසිරි සහෝදරයට සහ ශාන්දව ශ්‍රීනාත් සොහොයුරාටයි පින් සිද්ද වෙන්න මට සින්දුව සොයගනිමට හැකි වුනා. මේ අවස්ථාවේදී ඒ දෙපලට මාගේ හද පිරි ස්තුතිය.. අද හවසට ඉතින් වර්ණා එකත් අරන් උජාරුවට මම හොයාගත්ත වගේ ලොකු අම්මිලාගේ ගෙදර යන්නයි ඉන්නේ... 


බලන්න අපේ පරණ සින්දු දැන් හීන වෙලා ගිහින්, රැප් බයිලාවක නමක් ගැහුවොත් සින්දුව ඒ වෙලේම වගේ හම්බෙනවා.. සංස්කෘතිය අබාවයට ගිහින්. හලේ ඇත්තමයි දැන් තියෙන සින්දුවලට වඩා මේ පැරණි කාලේ සින්දු කොච්චර ලස්සනද... 


ඔයාලත් අහන්න .. ලස්සනයි නේද? සින්දුවේ නම රුවන් අබර. ගායනය ලතා දිසානායක සමග අමිගොස් රෝමන්ටිකස්...

Thursday, November 17, 2011

my life....

Some times when you wait for someone.....

When you wait until he will talk...

When you wait until he text...

When you wait until he share....

It brings a lot of happiness......!!!

But....

When we feel that waiting is just a disturb to that someone...

It hurts like HELL....


That's why I fear to let someone come near me....!!!!!





Wednesday, November 16, 2011

උදව් පතමි....!!

හිතවත් සහෝදරවරුන් වෙත ලියමි..

මම බ්ලොග් එකක් ලියන්න පටන් ගෙන අදට සතියක් වනු ඇත.මාස දෙකක කාලයක් පුරාවට බ්ලොග් කියවමින් සිටි මට, පහන සිතක් හිටි හැටියේ උපත ලබා, බ්ලොග් එකක් අකුරු කරන්නට පුංචි මහන්සියක් ගත්තෙමි.. පරිගණක දැනුම පිලිබදව ඍණ දැනුමක් මා හට ඇත. එනමුත් මා බ්ලොග් එකක් සාදා, එක හැඩවැඩ කරන්නට පුංචි දිරියක් ගත්තෙමි... එත් අනිත් බ්ලොග් හා සැසදු විට මගේ බ්ලොග් පිටුව අහසට පොලව වැනිය.. කොටින්මම මම ද එයට දැන් අකමැතිය, එය අලංකාරවත් නැත, එය දිහා බලාගෙන බල්ලෝ බත් කන්නේවත් නැත, එහි බොහෝ වැරදි තිබේ. ඔබ හට මම මෙවන් වූ ඇඩියාවක් කියන්නේ ඔබ සැමගෙන් මට උදව් කරන්නට ඉදිරිපත් වන පින්වතුන් ඇතොත් මා සම්බන්ද කරගන්න ලෙස දැනුම්දීමටය. අනේ ඔබෙන් මම උපකාරයක්‌ ඉල්ලමි. මගේ බ්ලොග් පිටුව ලස්සන කරදෙනු මැනවි..
තුති..

මෙයට
වර්ණා

Monday, November 14, 2011

සිතක උපන් කවි 2

හුගාක් මිනිසුන් කියාවි... අපි පරාදයි කියලා....
හැම මොහොතකම දැනේවි
අතරමං වී කියා...
එනමුදු සබද
උන් අපේ නොවන බව අපට පෙන්නුවා..
ඒ මැවූ ලෝකෙට.. ඒ රුදුරු ලෝකයට..
හැම වේදනාවක්ම.. හැම තනිකමක්ම..
හැම කදුළු බිදුවක්ම.. ණයගැති බව
හිතට ගන්න...
හැම පාහරයෙක්ම..උන්ගේ ජීවිත වල සතුට..
අනුන්ගේ කදුළු වලින් 
පුරවනවා...
අසන්විදිත ලෝකෙක..
අපි හදපු ජීවිත.. හැම දෙයක්ම කෙටි කරා...
එහෙව් අනාගතයක..
නුබේ සුසුමයි  මගේ සුසුමයි
එක්වෙලා.... පාවෙවී....
එදාට ආත්මයම සුවපත් වෙවී....

සිතක උපන් කවි 1

නිදන නොනිදන ඇස් දෙකට
ඔබ..


සිහින සයුරක් වී වෙලී සිට...


ගැහෙන නොගැහෙන මේ සිතට


ඔබ...

මිතුරු සුළගක් වී වෙලී ගත....


නමුත් සුළගට යන්න වූ කල...


                                          සුසුම් නොමැතිව කුමකටද


                                          සිට...



                               යන්න එපා .. මගේ සිතෙන් ඈතට...

Thursday, November 10, 2011

වර්ණා ගේ වීර ක්‍රියා..

බ්ලොග් අවකාශයේ මම ලියන පළවෙනිම හෑලල ලියන්න මට අවසර...
ඊයේ වෙච්ච සිදුවීමක් නිසයි මෙහෙම ලියන්න හිතුනේ.. වෙලාව රැ 12.30 හරියටම, මම ඉතින් තාම අම්මිගේ පොඩි කෙල්ල නිසා නිදා ගන්නේ අම්මි එක්කමයිනේ. පාඩම් වැඩ  වගයක් තිබුණු නිසා මම මගේ ලැපියේ වැඩක් කර කර හිටියේ.. අම්මි ඇදේ දොයි බබා කියල හිටියේ. මම ඉතින් බ්ලොග් පොස්ට් වගයකුත් අතාරින් අතර කියව කියව උන්න ගමන්ම සද්දයක් ආවා.සද්දයක් කියුවේ නිකන් තාප්පෙකින් පනින වගේ සද්දයක්. පොළොවේ අඩි ගැටෙන සද්දයක් වගේ එකක්, මම ඉතින් කොහොමත් කළුවරට බයයි සහ හොල්මන් අවතාර වලට හීනෙන් නිතරම බය වෙන නිසා මගේ ඉහෙන් කනෙන් දාඩිය දාගෙන ආවා.. 


ඔහොම්මම ටික වෙලාවකින් ආපහු සද්දයක් ආවා. මම ඉතින් හිමිට ජනේලෙන් බැලුව පාර දිහා..  අපේ ගෙදර තාප්පේන් අපේ ගේ ඇතුලට කව්රුහරි අවා වගේ තමයි මට හිතුනේ. හොල්මන් වලට බය උනාට මම ඉතින් නිර්බීත ළමයෙක් නිසා (අනේ ලැජ්ජාවකුත්  උපදිනවා) මම දොරත් අරගෙන එලියට ගියා බලන්න. මම ඉතින් ඉන්නේ නගරබද පරිසරයක නිසා මට ඉතින් එහා පැත්තේ ගෙවල් වල තාප්ප පේනවා ටිකක් ඉස්සුන්නාම කකුල් වලින්. වහලේ උඩට නැග්ගම ඉතින් ගෙවලුත් පේනවා..  මම ඉතින් දොර ඇරගෙන හොර පූසි වගේ විපරම් කරලා බැලුවා. එතකොට  මම දැක්ක එහා පැත්තේ ගෙදර තාප්පෙන් එක්කෙනෙක් ගේ වත්තට පනිනවා. තව එකෙක් එළියේ හිටියා පාරේ. මම දොරට මුවා වෙලා බැලුවේ. 
හොල්මන් අවතාර නෙමෙයි ඉතින් හොර කණ්ඩායමක් කියල අවසාන නිගමනේකට ආව ඉතින් මම ඒ වෙලේ මගේ හිත එක්ක තර්ක කරලා කරලා. වහාම ක්‍රියාත්මක වන පරිදි මම අම්මිව නැගිට්ටවල විස්තරේ කියුවා.  අම්මි ක්ෂණික ව නැගිටලා ඒ ගෙදර ට දුරකථන ඇමතුමක් දුන්නා. හොද වෙලාවට ඊටත් එහා පැත්තේ ගෙදර හිටියේ පොලිසේ මාමා කෙනෙක්. අම්මි ඒ ගෙදරටත් දුරකතන ඇමතුමක් දුන්නා. ඊට පස්සේ ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැති නිසා බලාගෙන හිටිආ. දඩින් බිඩින් කියල සද්ද වගයක් ආවා. වටේ පිටේ කට්ටියම එලි පෙහෙලියට ආව ඒ වෙලාවේම. අපිට ඊට පස්සේ ගියා බලන්න. තුන් දෙනෙක් ඇවිත්. දෙන්නෙක් පැනල ගිහින්.. කට්ටියගේ  අතේ හිල් අනේ එක්කෙනයි අල්ලගන්න පුළුවන් වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් වීර කාන්තාව උනා මම ඉතින්. හරිම ආඩම්බරයි අනේ. හිකිස්‌. ඔන්න ඔහොමයි වර්ණා හොරුන්ව අල්ලලා දුන්නේ. ඊටපස්සේ ඉතින් මට ගරු නම්බු නාම දෙන්න හැදුව මම එපා කියුවා. හිකිස්‌ ............

Thursday, November 3, 2011

මම

මහා වැස්සක් වහින අහසක්

වගේමයි මගේ හිතම තාමත්.....

මදහසක්

මුදු වචනයක් නැති

ලොවම පාළුයි...

කරැමයක්

දෙපස උන්නත්

හොරෙන් බලන්නට හිතෙයි මට

නුඹෙ මුහුණ පොඩ්ඩක්....

කියන්නට බැරි එකම 

කවියක්..

හිරවෙලා එය සුපෙම්

හැඟුමක්....

තවත් එක් ප්‍රේමයේ ශෝකාන්තයක්....


අහස් කුස සිසාරා
විදුලියේ තනු වැයෙන විට...
කුරැසියක ලියවුනු
වින්දනීය ශෝකාන්තයක්....
විසිරැණු වරලසකින් සැලි සැලී නික්මුණු
ප්‍රේමයේ පද වැල් හා
මුසුවන
ඒ මොහොතවල්....
වදන් වලින් නොනික්මුණු
හුදෙකලාවේ ආදරේ ගීතය සමග
නග්නව
රැධීරයෙන් නැහැව
හුස්මට එක්වී මියැදෙන....
තවත් එක් ප්‍රේමයේ ශෝකාන්තයක්....
නොදිරවූ  සංධ්වනියක්....                       



මම පතන්නෙ ඔයාගෙ සතුට විතරමයි


  • ඔයා දුන්න හැම දෙයක්‌ම එක්‌ක ඔයාගෙ මතකයනුත් පොදි බැදගන මන් ඔයාගෙන් ඈතට යනවා රත්තරන්..ඒත් මේ හිතනම් ඔයා ගැන හැම වෙලාවකම හොයයි..මොකද මම ගියාට මන් ලග තිබුන එකම එක වටිනා දෙයක්‌ක්‌ මන් ඔයා ලගම තියල යනවා ඒ මගේ හදවත...ඔයා දුන්න ඔයාගෙ හිත මගෙන් උදුර ගත්තට මගෙ හිත්මල සදහටම ඔයාටම පූජා වෙලා ඉවරයි..ඒ හිතේ තියන ආදරය සංසාරේ පුරාවටම ඔයාට කැප වෙලා තියේවි..ඔයා බය වෙන්න එපා මන් මගේ ජීවිතය ජීවත් කරන් අපේ ලස්‌සන මතකයන් එක්‌ක සතුටින් ඉන්නවා..ඔයා අපේ හැම දේම අමතක කරන්න මේ හිතේ තරහක්‌ නෑ..මට හැමදාම ඕන උනේ ඔයාගෙ සතුට ඒ හින්ද ඒ අතීත මතකයන් අමතක කරලා ලස්‌සන නොබිදෙන අනාගත්ත බලාපොරොත්තු ගොද නගාගන්න..,ඔයා මගෙ හීන බිදල ජීවිත කාලෙටම විදවන්න වේදනාවක්‌ දුන්න කියලා මේ වැටෙන කදුලු බිදුවක්‌ තරමටවත් මගෙ හිතේ ආදරෙයක්‌ මිසඔයා වෙනුවෙන් වෛර්යක්‌ නෑ මගෙ රත්තරනෙ...ඔයා මගෙන් ඇත් උන දවසෙ මම හුගාක්‌ දුක්‌ උනා, වැලපුනා,ඔයාව නවත්ත ගන්න මම නොකල දෙයක්‌ නෑ තමා ඒත් මම හිත හදා ගත්ත මොකද මම දැනගත්ත ඔයාගෙ සතුට දැන් මම නොවෙන වග,,,කලින් තිබුන සතුටට මට ආයෙමත් හුරු වෙන්න හුගාක්‌ අමාරු වෙයි.. ඒත් ඔයාට මගෙන් ඈත් වෙන්න පුලුවන් උනා වගේ ඒ දේත් මම කොහොම හරි කරනවා ..හැමදාකම ඔයාගෙ ආදරය විතරක්‌ම පැතුව මේ හදවතින් අද මම පතන්නෙ ඔයාගෙ සතුට විතරමයි රත්තරන්..

Wednesday, November 2, 2011

මම බ්ලොග් අඩවියක් හැදුවා



  හ්ම්ම්..  ඔන්න අද තමයි මම බ්ලොග් පිටුවක ලිපියක් ලියන පලවෙනි
 දවස..   වැරදි අඩුපාඩු හැමදෙයක්ම නොසගවා පවසන්න,.. සියල්ල 
සතුටින් බාරගන්නට සුදානමින් සිටිමි.. ජීවිතයේ හැල හැප්පීම් වලින් තෙරපිලා අනන්තයටම වැටිලා ඉන්න මට මේවගේ බ්ලොග් එකක් ලියන එක ගොඩාක් සිතට සුවයක් කියල හිතනවා.. මම කවි කාරියෙකුත් නෙමෙයි, ලේඛිකාවකුත් නොවන බව පටන් ගැන්මේම සදහන් කල යුතුමයි..




රාගය
ද්වේශය
ලෝහය
මෝහය
මනුෂ්‍යත්වය




         ලොව ලැබිය හැකි ශ්‍රෙෂ්ඨතම පදවිය මනුෂ්‍යත්වයයි.. ඉතින් මෙවන් වූ උතුම් පදවියක් ලැබූ මිනිසුනේ.. මගේ සහෝදරයනි,සහෝදරයෙනි.. අවසරයි හුදෙකලාවේ ඉඳන් මගේ පොතේ කුරුටු ගාන්නට.. 




- වර්ණා -