Friday, May 18, 2012

___ඔබට ජය___




කොතෙක් සෝ සුසුම් මැද වුවත් අදත් නන්නත්තාරයේ ඇවිද නොයන සිත හිරු එලියට පෙම් කරයි. අනාදරයට නිගා කරන්නටත් ආදරයට ගරු කරන්නටත් මා උගත්තේ බොහෝ කලකට පෙරයි. ඒ සිප් හද රඳවා ගෙන මා පැමිණියේ සිය ගණන් අතුරු පාරවල් ඇති මාවතකයි. ආ දිගු මග යන මා වත ධෛර්ය සඳහා සුභ පතුවේද නැත. එහෙත් මම යමි. කෙළවරක් නොපෙනෙන මාවතක පහන් සිලක්‌ සොයා මම යමි.

Monday, May 14, 2012

ඉපදෙනා මතු මතුත් ඔබ මගේම වේවා


ලොවේ අනික් අම්මලා මෙන්ම
නොඑසේනම් ඊටද වඩා 
නුඹ දුක්විඳ
මා ලෙඩ ඇඳේ ගෙවූ කාලය
හතර වසරක සාපය 
නුඹ ඇඳ විට්ටමේ හිස ගසා
නිදිවැරු කාලය 
සිහිනෙන්ද එපා යලි අම්මේ.....

රෝහලේ ඇඳක් මත
මා ලොකු දැරියෙක් වූදා
වට තිර ඇද
පිරිමි ඇස් වලින් මා රැක
අම්මා කෙනෙකු ලෙස 
ඔබ ලතවූ අයුරු 
සිහිනයක් නොවේමයි අම්මේ.....

පියාණන් නොසිටි ගෙයි 
නුඹේ පා යුග වැළඳ 
ඔබේ පියසින් පිටව මගේම යැයි
කිසිවෙකු නොසිටි සබයක
අසරණ වූ දා
මං දුක් වුනා අම්මේ

එහෙත් ඔබ තවමත්'
නැගණියන්ගේ සිනා මැද
මගේ පංගුව සඟවා
පිළුණු වී කුණුවෙලා යනතුරුම
මග බලා ඉන්නවා 
පෙර සේම දයාබර ඇස් වලින් 
ආශිර්වාදය පතනවා ඉපදෙනා මතු මතුත්
මව්පිය ඔබම වේවා !
මං පැතුම් පතනවා අම්මේ..........

Sunday, May 13, 2012

ඔබ වෙන්වූ පුවත ඇත්තක් වූ බොරුවක්ය !


                                   ලේඛකයෙක් කියන්නේ ඔහු ඉටි පන්දමක් වගේ අඳුර නසා ආලෝකය දෙනවා. එත් දැවී අවසන් වෙන්නේ ඉටි ගොඩක් පමණක්ව.එහෙත්  ඔහු දුන් ආලෝකය අන් අයගේ ජිවිත පුරා වැටි තියෙනවා. යුධ භටයෙක් මරා දමන්නේ ජීවත්ව ඉන්නා මිනිසෙක් වුවත් ලේඛකයෙකුට සිය පෑනෙන් නුපන් අයත් මරා දාන්න පුළුවන්.ඇත්තටම ලේඛකයෙක් කැමති වෙන්නේ තමා සිය සහෝදර ජනයාගෙන් වෙනස්වූ අයෙකු ලෙස සිතීමට නෙවෙයි.ඔවුන්ගේම ලෙයින් මසින් සෑදුනු කෙනෙකු ලෙස සිතන්නටයි.ලේඛකයෙක් කිසිම දවසක මහලු වෙන්නේ නැහැ. ඔහු හැමදාම තරුණයි.ශක්තිමත්. ඉතින් මේ ශක්තිමත් යොවුන් ලේඛකයා වෙන කවුරුවත්ම නෙමෙයි.. ඔබා මාමේ ඒ ඔබයි. ඔබ මේ තරුණ අප සමග හරි හරියට බ්ලොග් ලෝකයේ ලස්සන ගමනක් ආවා. අද ඒ පාරේ අපි තනිවම. ඔබ නැවතිලා. එත් හැමදාම ඔබගේ මතකයන් එක්ක අපි ඉස්සරහටම යනවා. කවදාහරි අපිටත් ඒ මාවතෙන් නැවතෙන්න වෙනවා.  පිළිකුල් වුත් සත්‍ය එයයි.


දුවේ කියලා කට පුරා අමතන්න ආපහු ඔබා මාමා අප අතරට එන්නේ නැහැ. එත් ඔබා මාමා අප හදවත් තුල සදා අමරණීයයි. අවුරුදු උත්සවේදී කතා කරන්න නොලැබුනත් ඈතින් ඉඳං හරි ඔබ රුව දුටුවිට නැවත මේ රුව නොදකින්න ලැබෙයි කියලා හිත් කොනකින්වත් සිතුවේ නැහැ.


කොච්චර සීනියර් බ්ලොග් කරුවෙක් උනාත් හැම පොස්ට් එකකම හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දාන්න ඔබා මාමා අමතක කරන්නේ නැහැ. එතුමාගේ නිහතමානිකම කියන්න ඒ විතරක්ම ඇති කියලා මට හිතෙනවා. ඔබ වෙනුවෙන් බ්ලොග් පොස්ටුවක් වෙන් නොකලානම් මේ බ්ලොග් කෙරුවාවෙන් වත් වැඩක් නැහැ.....


ඉපදෙනා මතු බවයෙත් අප අතරම ඔබා මාමා ලෙස නැවත ඉපදේවා කියලා ජෙසුගෙන් මම ඉල්ලනවා. සමාදානයේ සැතපෙවා ඔබා මාමේ. ඔබට මෝක්‍ෂ සුවය !





   පින්තුරය සිහින යා ගෙනි      

Thursday, May 10, 2012

මධු අක්කා





එකම දුම්රිය පොලේ වේදිකා දෙකක දුම්රිය දෙකක්.එකක් බදුල්ල බලා යෑමට සුදානම්.අනික ගාල්ලේ යෑමට සුදානම්.පාසල අහවර වූ මොහොත හින්දා හෝ ගාලා සෙනග.


"අන්න මධු අක්කා" බදුල්ල  දුම්රියේ මැදිරියක හුන් යුවතියක් හිටි හැටියේම කෑගැහුවා.
 ඒ එක්කම ඒ මැදිරියේ හුන් යුවතියන් රෑනම නෙත් යොමු කලේ ගාල්ලේ දුම්රිය මැදිරිය වෙතයි.




"ඔව් අනේ. මදූ අක්කා තමයි... බලන්නකෝ ලස්සන?.. අනේ හරි ස්වීට් අනේ.ෂෝක් ඇඳුමක්.කොලේජ් යුනිෆෝම් එකට වැඩියේ කොච්චර ලස්සනද...."   


ඔවුන් එකිනෙකා පරදවන්නට මෙන් කියවන්නට පටන් ගත්තා. ඒ නිසාමදෝ මැදිරියේ හුන් අන් හැමොටමත් මදූ අපුර්ව යුවතියක් උනා. ඒ වගේමයි තම පාසලේ යුවතියක් වෙනුවෙන් සහෝදර යුවතියන් කරන රූ වැනුම කාගේත් සිත් ගත්තා.


ගත වෙන්න ඇති කෙටි මොහොතක්...........


හිටි හැටියේම දුම්රිය පොලට කඩා වැදුනා පොලිස් නිලධාරින් පිරිසක්.ඔවුන් ගොඩ වුනේ ගාල්ලේ දුම්රියට.වටකර ගත්තා අර මධු අක්කා ව.ඊළඟට ඇයව අත්අඩංගුවට ගෙන පිටත් වුනා මත්ද්‍රව්‍ය පිළිබඳව සැකපිට.ඒ දෙස බලා සිටියා බදුල්ල  දුම්රියේ හුන් සැවොම බීරන්තට්ටු වී.මොහොතකින් එක් යුවතියක් පණපොවා ගත්තා තම කටහඩට.




" ඒ අපේ මධු අක්කා නෙමෙයි අනේ. වෙන කෙල්ලෙක් " ඇය කීවා.


"එකතමා අනේ.බලන්නකෝ. අපිත් රැවටුණු හැටි." තව කවුදෝ එකතු වුනා.


දුම්රිය මැදිරියේ හුන් පිටස්තර කිහිප දෙනෙකු හිනා වුනා හෙමිහිට අනුකම්පාවෙන්
හරි උපහාසයෙන් හරි.......................