Thursday, November 10, 2011

වර්ණා ගේ වීර ක්‍රියා..

බ්ලොග් අවකාශයේ මම ලියන පළවෙනිම හෑලල ලියන්න මට අවසර...
ඊයේ වෙච්ච සිදුවීමක් නිසයි මෙහෙම ලියන්න හිතුනේ.. වෙලාව රැ 12.30 හරියටම, මම ඉතින් තාම අම්මිගේ පොඩි කෙල්ල නිසා නිදා ගන්නේ අම්මි එක්කමයිනේ. පාඩම් වැඩ  වගයක් තිබුණු නිසා මම මගේ ලැපියේ වැඩක් කර කර හිටියේ.. අම්මි ඇදේ දොයි බබා කියල හිටියේ. මම ඉතින් බ්ලොග් පොස්ට් වගයකුත් අතාරින් අතර කියව කියව උන්න ගමන්ම සද්දයක් ආවා.සද්දයක් කියුවේ නිකන් තාප්පෙකින් පනින වගේ සද්දයක්. පොළොවේ අඩි ගැටෙන සද්දයක් වගේ එකක්, මම ඉතින් කොහොමත් කළුවරට බයයි සහ හොල්මන් අවතාර වලට හීනෙන් නිතරම බය වෙන නිසා මගේ ඉහෙන් කනෙන් දාඩිය දාගෙන ආවා.. 


ඔහොම්මම ටික වෙලාවකින් ආපහු සද්දයක් ආවා. මම ඉතින් හිමිට ජනේලෙන් බැලුව පාර දිහා..  අපේ ගෙදර තාප්පේන් අපේ ගේ ඇතුලට කව්රුහරි අවා වගේ තමයි මට හිතුනේ. හොල්මන් වලට බය උනාට මම ඉතින් නිර්බීත ළමයෙක් නිසා (අනේ ලැජ්ජාවකුත්  උපදිනවා) මම දොරත් අරගෙන එලියට ගියා බලන්න. මම ඉතින් ඉන්නේ නගරබද පරිසරයක නිසා මට ඉතින් එහා පැත්තේ ගෙවල් වල තාප්ප පේනවා ටිකක් ඉස්සුන්නාම කකුල් වලින්. වහලේ උඩට නැග්ගම ඉතින් ගෙවලුත් පේනවා..  මම ඉතින් දොර ඇරගෙන හොර පූසි වගේ විපරම් කරලා බැලුවා. එතකොට  මම දැක්ක එහා පැත්තේ ගෙදර තාප්පෙන් එක්කෙනෙක් ගේ වත්තට පනිනවා. තව එකෙක් එළියේ හිටියා පාරේ. මම දොරට මුවා වෙලා බැලුවේ. 
හොල්මන් අවතාර නෙමෙයි ඉතින් හොර කණ්ඩායමක් කියල අවසාන නිගමනේකට ආව ඉතින් මම ඒ වෙලේ මගේ හිත එක්ක තර්ක කරලා කරලා. වහාම ක්‍රියාත්මක වන පරිදි මම අම්මිව නැගිට්ටවල විස්තරේ කියුවා.  අම්මි ක්ෂණික ව නැගිටලා ඒ ගෙදර ට දුරකථන ඇමතුමක් දුන්නා. හොද වෙලාවට ඊටත් එහා පැත්තේ ගෙදර හිටියේ පොලිසේ මාමා කෙනෙක්. අම්මි ඒ ගෙදරටත් දුරකතන ඇමතුමක් දුන්නා. ඊට පස්සේ ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැති නිසා බලාගෙන හිටිආ. දඩින් බිඩින් කියල සද්ද වගයක් ආවා. වටේ පිටේ කට්ටියම එලි පෙහෙලියට ආව ඒ වෙලාවේම. අපිට ඊට පස්සේ ගියා බලන්න. තුන් දෙනෙක් ඇවිත්. දෙන්නෙක් පැනල ගිහින්.. කට්ටියගේ  අතේ හිල් අනේ එක්කෙනයි අල්ලගන්න පුළුවන් වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් වීර කාන්තාව උනා මම ඉතින්. හරිම ආඩම්බරයි අනේ. හිකිස්‌. ඔන්න ඔහොමයි වර්ණා හොරුන්ව අල්ලලා දුන්නේ. ඊටපස්සේ ඉතින් මට ගරු නම්බු නාම දෙන්න හැදුව මම එපා කියුවා. හිකිස්‌ ............

27 comments:

  1. අම්බෝ මෙයත් මාර වීර ක්‍රියාවක්නේ කරලා තියෙන්නේ...අපරාදේ ගරු නම්බු ටික ගන්න අප්පා තිබ්බේ

    ReplyDelete
  2. මගේ බ්ලොග් එක වර්ණ.. ඔයා වර්ණා.. හ්ම්ම්ම්.. අද තමයි මේ පැත්තට ආවේ..

    මෙයත් මරු වැඩනේ කරලා තියෙන්නේ...

    ReplyDelete
  3. @ chammA
    නෑ අයියෝ ඔය නම්බු නාම මහා බර වැඩි කියල හිතුන අනේ එකයි ගත්තේ නැත්තේ හිහි..

    ReplyDelete
  4. @ dinesh
    මගේ නම වර්ණා . මම ඔයාගේ බ්ලොග් එකට ඇවිත් තියෙනවා. හිහි මරු වැඩ තමයි සහෝ මට කවදත් වෙන්නේ හ්ම්ම්

    ReplyDelete
  5. හ්ම්ම්.. මට මතක නෑනේ ඔයා මගේ බ්ලොග් එකේ ඉන්නවා... කොහොම හරි.. දිගටම ලියන්න.. මමත් එන්නම් මේ පැත්තට ඇවිත් යන්න...

    ReplyDelete
  6. තැනට සුදුසු නුවණ!

    ReplyDelete
  7. @ දිනේෂ්
    බ්ලොග් කියවන එක තමයි කලේ දිනේෂ් සහෝ.. අදහස් දැම්මේ නම නැහැ... බය හිතුනා.. මම අලුත් නිසා.


    @ විසිතුරු
    හ්ම්ම් ඔව් අනේ

    ReplyDelete
  8. dan hora meka kiyola, rata avth baya karai :D

    ReplyDelete
  9. අනේ ඇත්තටම එහෙම කරාවිද?.. මම බය නැහැ.. දෙනවා ජාපාල දාල tEa එකක් හොරාට :)

    ReplyDelete
  10. eta passe ge hodanna wenneth oyatama thami :D

    ReplyDelete
  11. මේ වගේ වෙලාවක දොරක් ඇරලා බලන එකනම් එච්චර හොඳ වැඩක් නෙමෙයි නගෝ
    හදිස්සියෙවත් හොරා පාන්නේ ඔයාලගේ වත්තටනම් ඔයා ඇරපු දොරෙන් ඔයා එක්කම ගේ ඇතුලට එයිනේ කිසි කරදරයක් නැතුව
    මේ වගේ වෙලාවට පරිස්සමින් තමුන්ගේ ආරක්ෂාවත් බලාගෙන වඩා කරන්න ඕනේ...

    ReplyDelete
  12. අම්මෝ මෙයත් මාරයිනේ...

    ReplyDelete
  13. @ ලොකු
    ඇත්ත ඇත්ත ලොකු පුතා අයියේ.. මමත් අම්මගෙන් නොසෑහෙන්න බැනුම් ඇහුව නොවැ ඒ නිසා.

    @ තරු
    මාරයි තමයි මම මෙහෙම හිටියට හෙන චන්ඩියෙක් හැක්හක්

    ReplyDelete
  14. නංගිත් මාරම වීරක්‍රියානේ කරන්නේ. ඔයටත් ටින් ටින් ගේ වීරක්‍රියා වගේ ලෝක ප්‍රසිද්ධ වෙන්න තිබ්බා.

    ReplyDelete
  15. ෂාහ් බ්ලොග් අවකාශෙටනේ ආඩම්බර මේ වගේ වීර කාන්තාවක් අපිත් එක්ක ඉන්න එක ගැන. ජය වේවා :)

    ReplyDelete
  16. @ මධුරංග
    හිකිස් ටින් ටින් අපේ මාම කෙනෙක් නොවැ දැන්.. මිනිහගෙන් තමයි ඉගෙන ගත්තේ... :D



    @ hasitha
    එකතමයි ඕනෑම මොහොතකදී මම එන්නම් පිහිටට :)))

    ReplyDelete
  17. හිකිස්,.. හපොයි,. මම නම් ජීවිතේට ඔහොම එළියට නම් යන්නේ නෑ,. අම්මව ඇහැරවලා ඉවර වෙලා තමයි කරන දෙයක් කරන්නේ..,. :)

    ReplyDelete
  18. @ ප්‍රාර්ථනා
    හිහි , මමනම් බය නැහැ ඔව්, මොන යකාටවත් ,

    ReplyDelete
  19. Warnage hora wadanam Shook, lassanata liyala tiyanawa. kiyawanna aasai...

    ReplyDelete
  20. හ්ම්ම් තැන්ක්ස් ඇනෝ.. මම දන්නවා ඉතින් මේ ඇනෝ කව්ද කියලා.. හිහි.

    ReplyDelete
  21. hmm kauda? kiyanna puluwannam...
    හොල්මන් අවතාරත් නෙමෙයි, හොර කණ්ඩායමවත් නෙමෙයි
    oyage අවසාන නිගමනේ kiyanna balanna?

    ReplyDelete
  22. හ්ම්ම් වෙන කව්ද ඉතින් අර ශාරුක් ඛාන් කියන එක්කෙනා නේද :))

    ReplyDelete
  23. gama kaawa. hodai hodai ehema hithan innako...

    ReplyDelete
  24. අහ්හ් බලන්න ශාරුක් ඛානුත් මගේ බ්ලොග් එක කියවනවා, මට කොච්චර ආඩම්බරද//

    ReplyDelete
  25. Sharuk newei lamayo, me man.meya hithan athi sharuk cmnt karai kiyala.

    ReplyDelete
  26. අහ්හ් කමෙන්ට් කරයි ඉන්නකෝ බලාගෙන ඉන්න. කරනවා

    ReplyDelete