Wednesday, November 16, 2011

උදව් පතමි....!!

හිතවත් සහෝදරවරුන් වෙත ලියමි..

මම බ්ලොග් එකක් ලියන්න පටන් ගෙන අදට සතියක් වනු ඇත.මාස දෙකක කාලයක් පුරාවට බ්ලොග් කියවමින් සිටි මට, පහන සිතක් හිටි හැටියේ උපත ලබා, බ්ලොග් එකක් අකුරු කරන්නට පුංචි මහන්සියක් ගත්තෙමි.. පරිගණක දැනුම පිලිබදව ඍණ දැනුමක් මා හට ඇත. එනමුත් මා බ්ලොග් එකක් සාදා, එක හැඩවැඩ කරන්නට පුංචි දිරියක් ගත්තෙමි... එත් අනිත් බ්ලොග් හා සැසදු විට මගේ බ්ලොග් පිටුව අහසට පොලව වැනිය.. කොටින්මම මම ද එයට දැන් අකමැතිය, එය අලංකාරවත් නැත, එය දිහා බලාගෙන බල්ලෝ බත් කන්නේවත් නැත, එහි බොහෝ වැරදි තිබේ. ඔබ හට මම මෙවන් වූ ඇඩියාවක් කියන්නේ ඔබ සැමගෙන් මට උදව් කරන්නට ඉදිරිපත් වන පින්වතුන් ඇතොත් මා සම්බන්ද කරගන්න ලෙස දැනුම්දීමටය. අනේ ඔබෙන් මම උපකාරයක්‌ ඉල්ලමි. මගේ බ්ලොග් පිටුව ලස්සන කරදෙනු මැනවි..
තුති..

මෙයට
වර්ණා

16 comments:

  1. අනේ ඔයාගේ බ්ලොග් එක කලින් තිබුන විදිය නම් ගොඩක් හොදයි. දැන්නම් අකුරැ පේන්නෙත් නැති තරම්.
    මම නම් හිතන්නේ ඔයා ‍බ්ලොග් එක ගැන දන්න ටික හොදටම ඇති සාර්ථක වෙන්න. කලින් තිබුණු විදියට බ්ලොග් එක හදන්න කැමතිනම්. මේක ඇහැට කරදරයක්.
    මට බ්ලොග් එකේ පතාක යොධයෙක් කිව්වේ හැඩ වැඩ නැති වුනත් ලියන කරැණු තමයි වැදගත් වෙන්න ඕන කියලා.

    ReplyDelete
  2. අපොයි මේක නම් හරියන්නේ නෑ. අකුරු පේන්නෙම නෑ නේ. ඔක්කොටම ඉස්සෙල්ලා මේ ටෙම්ප්ලීට් එක අයින් කරන්න. ඔයාට දැන් මේකට මොකක්ද කරන්න ඕන කියන්නකෝ?

    ReplyDelete
  3. මේක තිබුනේ කැතටනේ.. මට ලස්සන කරන්නයි ඕනා,, මේකේ අකුරු පෙන්නේ නැහැ..ඔව් එක පිලිගන්නවා.. වෙන ලස්සන විදියකට ලස්සන කරන්නයි ඕනා :(

    ReplyDelete
  4. දැන් බලන්න හොඳයිද කියලා... බ්ලොග් title එක තමි ලස්සන කරන්න බැරි උනේ :(

    ReplyDelete
  5. මේක නම් අවුලක් නෑ. ඒත් මොකක් හරි වෙනසක් කරන්න ඕන නම් කියන්න. ලොකුවට නම් ඕව ගැන දන්නේ නෑ. ඒත් උදව්වක් දෙන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  6. එහෙමනම් ඉතින් මට මේ වර්ණාගේ පොත කියල ලියන තියෙන එක ලස්සනට ලොකු කරලා පින්තුරයක් දාල දෙනවද?

    ReplyDelete
  7. ම්ම්ම්.... බලමු. ඔයාගේ google ID එකයි password එකයි එවන්න බලන්න. මූණු පොතේ මැසේජ් එකක් දාන්න.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. හ්ම්ම් අවසානයෙදී මට ලස්සන බ්ලොග් පිටුවක් හිමි උනා කියල හිතට දැනෙනකොට පුදුමාකාර සතුටක් හිතට දැනෙනවා. මුලින්ම මම උදව කරන්න සුර මුලිය ඉදිරිපත් උනා.. එත් එකේ අකුරු පෙන්නේ නැහැ කියල මගේ හිතවත් මගේ බ්ලොග් එකට පැමිණෙන මගේ හිත කියවන අය මට බැන්නා නොවැ.. ඊට පස්සේ වැලේ වැල් නැතුව ඉන්න කොට මට උදව කරන්න ආව ලස්සන හිතක් තියෙන පුද්ගලයෙක් , ඔහු තමයි කසුන් සහෝදරයා. ඔහුගේ වැඩත් නොතකා මගේ බ්ලොග් පිටුව ලස්සන කරදීම පිලිබදව ගොඩාක් ස්තුති..

    @ බට්ටි
    අනේ අක්කේ කොහොමත් දන්නා කෙහෙල්මලක් මට නැහැ අක්කේ. එකයි මෙහෙම උදව් පැතුවේ :(

    ReplyDelete
  10. අනේ නංගෝ..මට කාලෙකින් එන්න බැරි ව්උනා බ්ලොග් දිහාවට..කොහොම වුනට් දිගටම ලියාගෙන යන්න.නවත්වන්න එපා.කාලයත් එක්ක ඔයාට බ්ලොග් ලිවිල්ල ඉබේම ලස්සනට කෙරෙයි...:)

    ReplyDelete
  11. ආපු එක කොච්චර දෙයක්ද හිතු.. දිගටම ලියන්නම් හුරු වෙනකල්ම,,

    ReplyDelete
  12. ඔරලෝසුවට ඉඩ දෙන්න..
    හොයන්න අළුත් ලෝකය..
    වරද්දගන්න...,බයවෙන්න..,අඩන්න...
    සැලෙන්නෙ නැතුව ආපහු පටන්ගන්න..
    වැරදුනු තැන් අයෙ නොයෙන්න වගබලා ගන්න...
    දන්නෙම නැතුව ලස්සන වෙයි හැමදේම...

    ReplyDelete
  13. අකුරු සයිස් එක චුට්ටක් ලොකු කරන්න නංගි. අපි වයසක අය නෙව. උදව්වක් ඕනේ නම් බුකියේ ගෲප් එකේ පොඩි ස්ටේටස් එකක් අප්ඩේට් කරන්න. උදවු ගොඩක් ඒවි. මම් දන්න දෙයක් තිබ්බොත් කියලා දෙන්නම්.

    ReplyDelete
  14. @ තරුගේ ලෝකය
    හ්ම්ම් ඔව්... වැරදුන තැන් කොපමණ ඇත්ද මගේ ජීවිතේ.. ආපහු වැරැද්ද ගනිද කියල වෙලාවකට බයත් හිතෙනවා. එත් ආත්මශක්තිය ඒ හැමදේටම වඩා වැඩියි දැන්. ඒ නිසා යන පාර පැහැදිලියි..



    @ මධුරංග

    හොදමයි අයියා ලොකු කරන්නම්.. අනේ වයසට යන එක කොච්චර හොදද.. අපේ අම්මලා වෙලාවකට බනිනවා අපිට අනේ මේ ළමයි පොඩි වෙලාම හිටියනම් කොච්චර හොදද කියල. එත් ඒ අය අපිව උස් මහත් කරන්න පෙරුම් පුරන තරම්.. ඉතින් ඉක්මනට වයසට ගිහින් ඒ අයව හොදින් බලාගන්න ඕනා,, බුකියේ පිහිට පතන්නම් උදව්වක් ඕනා උනොත් , ඔයාලගෙනුත් අහන්නම්..

    ReplyDelete
  15. //මට බ්ලොග් එකේ පතාක යොධයෙක් කිව්වේ හැඩ වැඩ නැති වුනත් ලියන කරැණු තමයි වැදගත් වෙන්න ඕන කියලා.//

    බට්ටි පොඩි කමට වුනත් හරි දේ අල්ල ගෙන...

    මමත් මේ පළමු පිවිසුම සහෝදරී... වරද්ද වරද්ද තමයි දියුණු වෙන්න ඕනේ. වැරදි අඩුපාඩු නැතුව සාර්ථක වෙච්චි කෙනෙක් නෑ. වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමා දියුණුව !

    හොඳ බ්ලොග් දිවියකට සුභ පැතුම්...

    පසුව- මේ මාස දෙක තුනේ අළුතින් බ්ලොග් ලියන්නේම කෙල්ලෝ නොවැ... කොල්ලනේ වරෙල්ලා !!!

    ReplyDelete
  16. @ Chathuranga
    ස්තුතියි සහෝදරයා මේ දිරිමත් කිරීම් ගොඩාක් වටිනවා..

    කොල්ලෝ ලියුවේ ආදී කාලේ. දැන් අපි තමි වැඩ්ඩො.. හිකිස්‌.

    ReplyDelete