Friday, November 18, 2011

හලේ අප්පේ හරිම මහන්සියි

හලේ අප්පේ හරිම මහන්සියි.. මොකද මේ මට මහන්සිය කියල බලනවද කට්ටියම.. හිකිස්‌.. ඔන්න එහෙනම් අහගන්නකෝ කතාව.
අපේ ලොකු අම්ම ඒ කියන්නේ අම්මගේ අම්මා. එයාට අපි කියන්නේ ලොකු අම්මා කියලනේ, එතකොට අම්මගේ තාත්තා ලොකු තාත්තා.. මේ දෙපලට මම ගොඩාක් ආදරෙයි  ඔන්.. හුරතලේට හැදුනේ මම මේ දෙන්නා ගාව තමයි මම පොඩි කාලේ.. ඉතින් මම දැන් ලොකු ළමයෙක්නේ. මම ඉතින් යමක් කමක් තේරෙන දැරිවි නිසා ඒ දෙපලගේ හැම දෙකටම මම බොක්කෙන්ම උදව් දෙනවා. ලොකු අම්මි ලොකු තාත්ති වෙනමම ජීවත් වෙන්නේ, පුළුවන් හැම වෙලාවේම ඉතින් මම එහෙ ගිහින් සැප දුක අහලා කුස්සියේ කැම බීම වලටත් වැඩේ දීල තමයි එන්නේ.. ඔන්න ගිය සතියේ දිහාවක මම එහෙ ගියා හවස් යාමේ..
ඔන්න එහෙදි වුනු දෙබසක්....


ලොකු අම්මි- පොඩ්ඩි මම මේ ඔයාට කෝල් කරන්නයි හිටියේ පොඩි වැඩකට..


මම - ඒ මොකක්ද ලොකු අම්මි? 


ලොකු අම්මි- අපේ වැඩිහිටි සංගමේ වාර්ෂික උත්සවේට සින්දුවක් කියන්න ඉන්නවා අපි, ලොකු තාත්ති මම යි තව දෙන්නෙකුයි. ඉතින් එකේ කියනවා සින්දුවක්, එක ඔයා අර හැමවෙලේම තියන ඉන්න කොම්පුටරේ හොයාගන්න බැරි වෙයිද? මුල් ගායනය? 


මම - අහා සිම්පල් ප්ලෑන් එකක්නේ, දෙන්නම්කො හෙටම ගෙනත්. 


ඔන්න ඉතින් මම සින්දුවත් කොලේක ලියාගෙන ඇවිත් ගූගල්  එකේ නම ගහල සෙව්වා. මල හත්තිලව්වයි. no results found ලු :/ 
මේ සින්දුව පරණ කාලේ එකක් ඔන්. එක මුලින්ම කියන්න එපැයි..
මම ඉතින් හැම තැනම ගහල හෙව්වා. හම්බුනේ නැහැ, දවස 2 කකුත් ගත උනා.අනේ මන්දා මගේ පරිගණක දනුමනම් නිල්.. ඒ නිසා මට හොයාගන්න බැරි උනාද දන්නෙත් නැහැ.. මට හම්බුනේම නැහැ, ,අන්තිමට මුණු පොතේ පරිගණක උදව් කියන ගෘප් එකේ දැම්ම අනේ සහෝදර වරුනි මට සොයාදෙන්න කියල සින්දුවේ නමත් එක්කම.. ඔන්න ඉතින් හම්බුනා දෙවෙනි ගායනයක්, එකත් video එකක්. එක mp3 කරලා ගන්නත් සැහෙන වෙලාවක් ගියා මට, හිකිස්‌..  මුල් ගායනය නොවැ ඕනා. ආපහු ඉතින් ගයකයන්වත් හොයාගෙන මුල් ගායනය හොයල දෙන්න කියල දැම්මා. අම්මේ වර්ණා ට හරිම මහන්සි. ඊට පස්සේ අන්තිමට මුණු පොතේ  පරණ ලියනගේ තිලක් දයාසිරි සහෝදරයට සහ ශාන්දව ශ්‍රීනාත් සොහොයුරාටයි පින් සිද්ද වෙන්න මට සින්දුව සොයගනිමට හැකි වුනා. මේ අවස්ථාවේදී ඒ දෙපලට මාගේ හද පිරි ස්තුතිය.. අද හවසට ඉතින් වර්ණා එකත් අරන් උජාරුවට මම හොයාගත්ත වගේ ලොකු අම්මිලාගේ ගෙදර යන්නයි ඉන්නේ... 


බලන්න අපේ පරණ සින්දු දැන් හීන වෙලා ගිහින්, රැප් බයිලාවක නමක් ගැහුවොත් සින්දුව ඒ වෙලේම වගේ හම්බෙනවා.. සංස්කෘතිය අබාවයට ගිහින්. හලේ ඇත්තමයි දැන් තියෙන සින්දුවලට වඩා මේ පැරණි කාලේ සින්දු කොච්චර ලස්සනද... 


ඔයාලත් අහන්න .. ලස්සනයි නේද? සින්දුවේ නම රුවන් අබර. ගායනය ලතා දිසානායක සමග අමිගොස් රෝමන්ටිකස්...

25 comments:

  1. පරණ ගීත ජංජාලෙට එකතු කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්...
    තිස්ස අයියගේ බ්ලොග් එකෙන් පරණ නෑසෙන ගීත සෑහෙන ගානක් හොයා ගත්තා... එලකිරි එකෙත් ත්‍රෙඩ් එකක් තිබ්බ පරණ සින්දු දාපු... ඒත් දැන් නම් පරණ සින්දුද ඇඩ් වෙන්නෙ කියල දන්න නෑ... මම හුඟක් පරණ සින්දු ඒකෙන් හොයා ගත්තා

    ReplyDelete
  2. @ පිස්සා පළාමල්ල
    පරණ ගීත හොයාගන්න මාර කට්ටක් කන්න ඕන නොවැ. එළකිරි ඒකෙන් සෙව්වේ නැහැ,, එකේ තියෙනවනම් හොදා. ඉක්මනින් බාගන්න හැකිනම් සුපිරි.

    ReplyDelete
  3. නියමයි ඈ.... ජයවේවා...!!!

    ReplyDelete
  4. අහ් එළ එළ...කොහොම හලි හොයාගත්තනේ...

    ReplyDelete
  5. පරණ සිංදු නම් හොයන්න අමාරුයි තමා. දවසක් මම් ඇන්ටන් ජෝන්ස් මහත්තයාගේ ගීයක් හොයන්න ගිහින් මාර කට්ටක් කෑවා.

    ReplyDelete
  6. ලස්සන සින්දුවක්...

    ReplyDelete
  7. ලස්සන සින්දුවක්..

    ReplyDelete
  8. ලස්සන සින්දුවක් නෙ..පරණ සින්දු කොච්ච්ර තියේද අපි නොදන්න.ඒවා හුගාක් ලස්සනයි..

    ReplyDelete
  9. අදමයි මේ සිංදුව ඇහුවේ.... ලස්සනයි. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියන්නේ ඒකනේ :))

    ReplyDelete
  10. "ආදර ලෝකේ...නෑ දුක සොකේ" කියන කෑල්ල මට හොඳට මතකයි වගේ..ඒ කියන්නේ මේක මම කලින් අහල තියනවා. ස්තුතියි ආපහු මතක් කරලා දුන්නට....

    ReplyDelete
  11. ඕන පරණ සින්දුවක් හොයා ගන්න පුළුවන් අපේ තිස්ස අයියගෙ බ්ලොග් එකේ රවුමක් දැම්මොත්...

    ReplyDelete
  12. මේ ඇත්තමයි මං මේ සින්දුව අදමනේ අහුවේ... ලස්සන සින්දුවක්..

    ReplyDelete
  13. පරණ දේවල් එළකිරි කියන්නේ ඉතින් නිකන් නෙවෙයි නේ..මං නම් කලින් අහලා නැහැ සින්දුව නම්..

    ReplyDelete
  14. ඔන්න හිතුමතේ කලින් අහලා නැති සින්දුවක්.. ගොඩාක් පින් අපි නොදන්න කොයි තරම් දේවල් තියනවද කියලා හිතුමතේ හිතනවා මේ වෙලාවේ

    ReplyDelete
  15. @ කම්මැලියා
    තුති වේවා මේ පැත්තේ ආවට..

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. @ තරුගේ ලෝකය
    ඔව් ඔව් මුණු පොතේ සහෝදරයෝ දෙන්නට පින් සිද්දවෙන්න හොයාගත්තා . :))))

    ReplyDelete
  18. @ මධුරංග
    ඔව් අයියා පරණ කාලේ සින්දු හොයාගන්න අමාරුයි තමයි.. :((

    @ රූ
    හ්ම්ම් ඔව් සින්දුවනම් මාරම ලස්සනයි.. හිත යනවා :)))

    ReplyDelete
  19. @ හිතුවක්කාරී
    නැතුව කොච්චර තියෙනවද.. ලගදි දවසක මට පරණ කාලේ සින්දු පොතක් හම්බුනා.. මාරම සින්දු තියෙන්නේ එකේ. සමහර ඒවාට හිනා යනවත් එක්ක. :)))

    ReplyDelete
  20. @ Hasitha
    තැන්ක්ස් මේ පැත්තේ ආවාට..ඔව් ඔව් ඕල්ඩ් ඉස් ගෝල්ඩ්

    @ දිල්
    එහෙමද අක්කි.. එහෙනම් මමත් රවුමක් දාල බලන්නම්..

    ReplyDelete
  21. @ සයුරි
    ඔව් ඒ කොටස මමත් අහල තිබුනා.

    @ දිනේෂ්
    හ්ම්ම් ලස්සන සින්දුවක් තමයි.. අහගෙන ඉද්දි හිත පිරෙනවා..


    @ Chamma
    හ්ම්ම් දැන් ඇහුවනේ.. පරණ කාලේ සින්දු මතක් කරලා දෙන්න ඕනා නව පරපුරේ උදවියට..

    ReplyDelete
  22. @ හිතුමතේ..

    බොහොම සතුටුයි මේ පැත්තේ ආවට..

    ReplyDelete
  23. ලස්සන පරණ සින්දුවක්...අපේ මාමලා මේවා තමයි කියන්නේ සෙට් උනාම...පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ...ඔය සින්දුවත් කියනවා මතකයි....

    ReplyDelete
  24. @ ඔබ නොදු‍ටු ලොවක්
    හ්ම්ම් මමත් අහලා තියෙනවා ඒ සින්දුව.. ලස්සනයි.

    ReplyDelete
  25. මේකේ මුල් ගායනය රූපා ඉන්දුමතී මහත්මියයි ජයතිස්ස හෙට්ටිආරච්චි මහත්මයයි කියලයි කියන්නේ...

    ReplyDelete