Thursday, November 3, 2011

මම

මහා වැස්සක් වහින අහසක්

වගේමයි මගේ හිතම තාමත්.....

මදහසක්

මුදු වචනයක් නැති

ලොවම පාළුයි...

කරැමයක්

දෙපස උන්නත්

හොරෙන් බලන්නට හිතෙයි මට

නුඹෙ මුහුණ පොඩ්ඩක්....

කියන්නට බැරි එකම 

කවියක්..

හිරවෙලා එය සුපෙම්

හැඟුමක්....

14 comments:

  1. Asuru sanin eka mohothakadee...Kaalaya nawathi yali arambi...Vishwaya aluthen bihi wewaa...Obema wee ma..Mageema ...wee oba apema wee apa ipadewa

    ReplyDelete
  2. වෙල් ඉරි මල් කොල හලි ගිය ඉපල් වු ජීවන වනය මැද, රොන් සලා මකරන්ද උතුරන, වනෙ වන සපු මලක් විලසින, පිපි ඔබ සිනා සුන අපුරුව.... සීත මන්දාරමෙ බොද උන, මගෙ අවපස අහසෙ බබලන, පහන් තරුවක් ලෙසින් දිදුලන, පායලා ඔබ ආව ඉක්මන.... වින්ද මහ දුක් කන්දරාවක, කදුලු පල්ලම් නෙතින් අරගෙන, ඔබෙ අබිමුව බලා උන් මම, සිනා උතුරන මලක් කල, අනෙ ඔබගෙ උතුම් හද ගැබ.... විලක සියපත් එකින් එක ගෙන, පෙති දෙපෙති විදහා එකින් එක, නමදුමිය ඔබෙ හදෙ සෙනෙහස.....

    ReplyDelete
  3. මට නම් සිංහල ටිකක් විතර අරුම දෙයක්. එත් පාර කියන තාරකාවි පස්සෙන් ඇවිත් මේක දාලා යන්නේ ඇවිත් ගිය බව දැනුම් දෙන්න. උඩින් තියන කොමෙන්ටුව නම් කියව ගන්න ඇයැතියි ග ඒත් දෙයියනේ මේවයේ සිංහල පරිවර්තනය මට තේරෙන්නේ නැහැ නොවැ. ( මේක ගඅන වැඩිය වදවෙන්න එපා.)

    ReplyDelete
  4. අනෙ මොකක්ද තෙරෙන්නෙ නැහැයි කියුවෙ? මට තෙරුනෙ නැහැ ඔයා කියු දේ..

    ReplyDelete
  5. මම අදයි වර්ණාගෙ පොත බලන්න ආවේ.. දිගටම එක් වෙන්නම්.. ජය!

    ReplyDelete
  6. දකින්නට ඔබේ මුහුමඬල
    ව්ඳින්නට හැමදාම
    සොඳුරු තැන්
    මුසුවූ ආදරය
    ඔබ සමඟ...

    ඔබගේ වචන මා හඳට දැනුනි....
    ඒවා සොඳුරුයි ඇත්තමයි....

    (මාගේ හිතට ආ පද කිහිපයක් ලිව්වා මිස මම දන්න සිංහල සාහිත්‍යක්නම් නැත..)

    ReplyDelete
  7. @ කසුන්
    ගොඩාක් ස්තුති මිතුර.. ඔබේ අදහස් මට මහා මේර වන් අගනේය..

    @විසිතුරු
    විසිතුරු පන්හිදෙන් විසිතුරු සිතුවම් අකුරු කරන්නට මගේ පුස්තකයට පැමිණි ඔබව සාදරයෙන් පිලිගනිමි හිත තුටින්..

    @ බුද්දිත

    කරන්නම් හැමදාම
    ඔබට හිත තුටින් අරාධනා
    මගේ සිතුවම් අගයන්නට දොස් කියන්නට
    දයාබර වූ සුහද සිතින්..

    ReplyDelete
  8. @ හිතූ
    හ්ම්ම් ස්තුතීයි යාලු.

    ReplyDelete
  9. හිරවෙලා එය සුපෙම්

    හැඟුමක්....
    ලස්සනයි..

    ReplyDelete
  10. ලස්සන කවි සිතුවිල්ලක් !!!

    ReplyDelete