Thursday, June 28, 2012
හිත මිතුරු සුළඟ......
කොහොමද හැමෝටම?
ඔන්න කාලෙකින් ආවා පුංචි කාලේ කරපු වැඩක් අද හදිස්සියේම මතක් වෙලා, ඒ දේ අකුරු කරලා යන්න. වැඩ අධික කමත් එක්කම බ්ලොග් ලිපි කියවන එක ටිකක් ප්‍රමාද වුනත් කොහොමහරි වෙලාව හොයාගෙන එව්වාත් කියවනවා. සමහර ලිපි කියවද්දී මැරෙන්න හිනා.. අන්තිමට ඔෆිසියේ උන්ගෙනුත් නොන්ඩි වෙනවා :( :පි
හරි දැන් එමු කතාවට.
මේ වෙද්දී මගේ වයස අවුරුදු 7 ක් . ඒ කියන්නේ මම 2 වසරේ. අපේ මල්ලි මොන්ටිසෝරියේ. අපේ පාරේ ගේ එහා පැත්තේ තිබුනා ගෙවල් දෙකක්. එක ගෙදරක හිටියා 5 වසරේ අයියා කෙනෙක්. අනිත් ගෙදර හිටියා 1 වසරේ මුස්ලිම් මල්ලි කෙනෙක්. ඉතින් අපි කට්ටිය තමයි සෙල්ලම් කරන්නේ. සෙල්ලම් කියුවේ ඉතින් ගල් 7 ගහනවා, ටකරං සෙල්ලම් කරනවා. සෙල්ලම් ගෙවල් හදනවා.හැංගිමුත්තං කරනවා. හැඟෙන්නේ මහපාරේ තමයි. ලොකු වතු නැහැ ඉතින් දුවන්න.නැත්තම් ගෙවල් අස්සේ. ගෙවල් ඉස්සරහා තියෙනවා මහා පාරට මුහුණලා අතුරු පාරක්. අන්න එකේ තමයි සෙල්ලේම් කරන්නේ. ඉතින් අපි ඔක්කොම පොඩියි නේ.. අඬනවා කෑ ගහනවා. මගේ කට හෙන සද්දයි පොඩි කාලේ. කෑ ගහද්දි හීනියට සද්දෙට ඇහෙනවා. ඉතින් අනිත් උන් බයයි මම කෑ ගහද්දි. :D
අපේ ගෙදදරම සයිඩ් එකේ එළියේ තමයි අපි සෙල්ලම් ගෙවල් හදන්නේ. රෙදි වලින්. වහලට පැදුරක් දානවා. ඔහොම සෙල්ලම් ගේ හදන දවස් වලට අපි අපේ බාප්පිගේ පුතාටත් එන්න කියනවා. උදව්වට. එයා ඉන්නේ 3 වසරේ. එයාට ගස් වලට එහෙම නගින්න පුළුවන්. ඉතින් ඔහොම අපි හැම වාරයකදීම සෙල්ලම් ගෙයක් හැදුවා. ඒ කියන්නේ අව්රුද්දට 3 න් පාරක්. සෙල්ලම් ගේ හැදුවම මම තමයි අම්මා, අර අයියා තමයි තාත්තා. අපේ මල්ලි තමයි බබා. අර මුස්ලිම් මල්ලි තමයි එහා ගෙදර මිනිහා. ඉතින් අපි රණ්ඩු කරගන්නවා එයා එක්ක අපේ ගෙදරට කුණු දානවා කියලා.
දවසක් අපේ බාප්පිගේ පුතා ඉන්න දවසක එයා නුලකට පොල්කටු දෙකක් ගැට ගහලා එක පොල්කට්ටක් එක්ක එයා අපේ ගේට්ටුව ගාවට ගිහින් ඔත්තු බලනවා. අපේ අයියා තමයි කඩාකප්පල්කාරයා.අපේ අයියා එනවද කියලා තමයි ඔත්තු බලන්නේ. එනවානම් පොල්කට්ටට කියනවා. අපි මෙහෙ ඉඳං අහගන්නවා. එත් ඇහෙන්නේ නැහැ. ඉතින් අයියා ඇවිත් ගේ කුඩුකරනකම්ම අපි දන්නේ නැහැ. එතකොට අපේ අයියාත් 5 වසරේ. එත් අපි එක්ක සෙල්ලම් බත් උයන අයියාත් අපේ අයියට බයයි.
දැන් ඔන්න ඊළඟ අවුරුද්දේ අපි ටිකක් දැන් ලොකුයි. මම 3 වසරේ. අපි එදාත් නිවාඩුකලේ සෙල්ලම් ගෙයක් හැදුවා. දැන් ඔන්න ගේ ඇතුලට වෙලා තමයි අපි දවල්ට බත් කන්නෙත්. අපේ ගේ ළඟ තියෙනවා ලොකු කඩයක්. අපි එදා සල්ලි එකතුකරලා ඒ කඩෙන් ජුජුබ්ස් ගෙනාවා. අපේ අයියා ඇවිත් මග රැකලා ඒවා අපෙන් උදුරගත්තා. ඒ කාලේ ඉඳන්ම අපේ අයියා හැමදෙයක්ම බන්කලොත් කරන්නා විදියට තමයි අපි හැදින්නුවේ.
අපේ ගේ ඉස්සරහා ගෙදර ඉන්නවා කෙට්ටු අන්කල් කෙනෙක්. එයාට අපි කියන්නේ ඇටකෝට්ටා කියලා. එයාට ටිකක් විතර පිස්සු. එයා හැමදාම ඒ පාර අතුගානවා. එයා කියනවා ඒ පාර එයාගේලු. අපි සෙල්ලම් කරනවට කැමැති නැහැ. ඒ පාර අපේ සීයාගේ පාරක්. සීයාගේ නමට රෙජිස්ටර් කරපු. එයා කියනවා සීයා එයාට පැවරුවාලු. කිසිම ලියකිවිල්ලක්වත් පෙන්නන්නේ නැහැ හැබැයි. ඉතින් අපි හිතන්නේ එයාට පිස්සු කියලා. පුංචි කාලේ සෙල්ලම් කරද්දී අපිට බනින නිසා අපේ අයියාට වඩා එයා තමයි අපේ ලොකුම හතුරා වෙලා හිටියේ. ඉතින් මේ හතුරට හොඳ පාඩමක් උගන්නන්න කියලා අපි රහසිගත ප්ලෑන් එකක් ගැහුවා. ඒ ගස්ලබු බෝම්බයක් හදලා ඇටකෝට්ටා ගෙදරට දාන්න. ඉතින් අපි මුලින්ම ගස්ලබු ගෙඩියක් හොයාගත්තා ටිකක් අමු එකක්.ඊට පස්සේ එකේ මදය හෑරුවා උල් පිහියකින්. ඊට පස්සේ ගිනි පෙට්ටි 5 ක් ගෙනල්ලා ඒවල ගින්දර පත්තුවෙන කළු හිස කොටස සුරලා ගත්තා. ඊට පස්සේ ඒක කොලයක තියලා ගැටගහලා එකට නුලක් සම්බන්ද කරලා නුල එලියට හිටින්න අර කුඩු තියෙන කොලේ එකට දැම්මා. දැන් නුල පත්තු කරාම නුල ඇවිලිලා ගිහින් අර වෙඩි බෙහෙත් පත්තු වෙලා ඩොන් ගලා ගස්ලබු ගෙඩිය පුපුරයි. එතකොට ඇටකෝට්ටාගේ ගේ ගිනිගනී කියලා.
දැන් බොම්බේ ඇටකෝට්ටාගේ ගේ ඇතුලෙන් තියන ඒක තමයි ඊළඟ වැඩේ. අපි අර මුස්ලිම් පොඩි එකාව යැවුවා ඇන්ටි කියලා කතා කරන්න. ඊට පස්සේ ඇන්ටි ආවම බොලේ පිටිපස්සට ගියා කියලා ඇන්ටි බොලේ හොයන්න ගියාම ගේ ඇතුලෙන් අර බොම්බේ තියලා දුවලා එන්න.නුල දිගට දාලා තියෙන නිසා අපි නුල පත්තු කරලා ඈතට වෙලා කන් වහගෙන බලාගෙන හිටියා.
හෑ කිසිම සද්දයක් නැහැ අයියෝ අපේ බලාපොරොත්තු සුනේ සුන්. කෝකටත් තයිලේට ඉන්න අර පොඩි එකාව යැව්වා බලාගෙන එන්න කියලා. මෙන්න මු ගස්ලබු ගෙඩියත් අරගෙනවා එනවා ගේ දොරකඩ තිබුනා කියලා. :((
කොහොම හරි අපේ ක්‍රියාව සාර්ථක උනේ නැහැ. අපි සෙල්ලම් ගෙදරට දුක් මුසු මුහුණින් එනකොට අපේ සෙල්ලම් ගෙදරත් විනාශ කරලා අපේ අයියා. ඔහොම්මම අපේ සෙල්ලම් ගේ හැදිල්ල නැවතුනා. අපිට ඇත්තටම එපා උනා. එත් හැමදාම සෙල්ලම් කරා.
අද වෙද්දී ඒ අයියා පෞද්ගලික බැංකුවක රැකියාවක නිරත වෙනවා. මං තුමිත් එසේමයි. අර මුස්ලිම් මල්ලි ත් එසේමයි. අපේ මල්ලිත් බැංකු ආශ්‍රිතව ඉගෙනුමෙහි නිරත වෙනවා. ඒ මිතුදම එදා වගේම අදත් එහෙම්මම තියෙනවා. මුස්ලිම් මල්ලි මේ වෙද්දී ටිකක් දුර පලාතක ජිවත් වෙන්නේ. අද දවල් ඒ දෙන්නම මාව හොයාගෙන අපේ ඔෆිසියට ඇවිත් අපි කල්පිටියේ පොඩි සංචාරයක්ගියා. අපේ මල්ලිව 3g කෝල් එකක් මගින් සම්බන්ද කරගත්තා.
ඒ මිතුදම හැමදාම අපේ හිත් තුල රැඳෙයි... ඒ මිතුදම් සුළඟ අපේ හිත් තුල හැමදාම අමරණීයව තියෙයි. අපේ ජිවිත කැඩිලා බිඳිලා ගියත් අපේ මිතුදම හැමදාම ශක්තිමත් එදා වගේම අදත් හැමදාමත්. ජිවිතේ නැති වුනු දේවල් වලට අඬන්න වැළපෙන්නේ නැතුව හැමදාම අපි ළඟ තියෙන අපිට නොපෙනෙන දේ හොයාගන්න උත්සහා කරන්න. අපේ මිතුදමත් ඒ වගේමයි. හිත මිතුරු සුළඟ හැමදාම අපේ හිත් වලට හමයි... :))
Subscribe to:
Post Comments (Atom)
//අන්තිමට ඔෆිසියේ උන්ගෙනුත් නොන්ඩි වෙනවා//
ReplyDeleteමං හිතන්නේ අර එහා පැත්තේ ඉන්නවා කිව්ව පොර වෙන්න ඇති නෝන්ඩි කරන්නේ.. :)
සැබෑ මිතුදම් සදාකාලිකයි අක්කෝ.... :)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අම්මෝ ඔව්ව් ඒ පිස්සා තමයි හේ හේ
Deleteඑසේම වේවා රජෝ...
ළමා කාලේ තරම් සුන්දර කාලයක් තවත් නැහැ මලෝ
පොඩිකමට කරලා තියෙන වැඩ!... අර මනුස්සයා මැරුනානම් එහෙම..
ReplyDeleteකවුද ?ඇටකෝට්ටා ද? එයා නම්ම් ඒ කාලේ මැරුණත් සැපයි දැන් කරන පිස්සු වැඩ දකිනකොට :D
Deleteපොඩිකාලෙ කොච්චරනම් රණ්ඩුවෙන්නඇත්ද,සෙල්ලම්ගෙවල්වලට..
ReplyDeleteහේ හේ අම්මෝ ඔව්ව්. අපේ අයියා තමයි යකා ඒ කාලේ :)
Deleteකවදත් අමතක නොවන සබඳකම්
ReplyDeleteඇත්තමයි
Delete//ඉතින් අපි ඔක්කොම පොඩියි නේ.. අඬනවා කෑ ගහනවා. මගේ කට හෙන සද්දයි පොඩි කාලේ. කෑ ගහද්දි හීනියට සද්දෙට ඇහෙනවා. ඉතින් අනිත් උන් බයයි මම කෑ ගහද්දි.//
ReplyDeleteඇත්තමට වර්ණා, පොඩි කාලෙයි ලොකු කාලෙයි කියලා වෙනසක් නැහැ නේ. කොහොමත් කට සද්දයිනේද ඔයාගේ? ඃ)
ඔයා කොහොමද එක දන්නේ. මට කටහඬ අහුවාවත්ද? වෙන්න බැහැනේ :D
Deleteමරු වැඩේ අයියල නංගිලා ඔක්කොමලා බැංකු මහත්තුරුනේ. හොඳයි හොඳයි ඈ....
ReplyDeleteයාළුකම්, සහෝදරකම් ශක්තිමත් වෙන තරමට ඒවා ජීවිතේට හයියක්
හේ හේ .. එහෙම තමයි. ඔක්කොම එකම පැත්තට ගියේ.
Deleteඇත්තමයි ජීවිතේට ලොකු හයියක්. අපි තුන්දෙනා බැංකු තුනක. :)
:D ගස්ලබු බෝම්බෙ ඔයාලගේ සොයා ගැනිමක්ද? ප්‍රචන්ඩකාරී හැසිරීමක් නොවැ තිබිල තියෙන්නෙ! තාමත් එහෙමද? :P
ReplyDeleteඅනේ මන්දා අපේ හොයාගනිමක් නෙමෙයි වෙන්න ඇති. චරිත් අයියාගේ සැලැස්මවල් ඔව්වා.
Deleteදැන් නම්ම් එහෙම නැහැ :)
ආතල් නේ පොඩි කාලේ.... මටත් මතක් උණා..... මං කරපුවා... තාම ජීවතුන් අතර ඉන්න එකම පුදුමයි... වෙච්ච දේවල් වල හැටියට...
ReplyDeleteහේ හේ අම්මෝ මෙන්න තවත් චන්ඩියෙක් :)
Deleteතාමත් යාලුවො ටික හමු වෙන එක ගැන සතුටුයි..පුංචි කාලෙ කරපු වැඩ නම් මතක් වෙද්දි හරියට හිනා යනව දැන්නම්...:)
ReplyDeleteඅනේ ඔව්ව්. අයියා නම් ඉන්නේ දැන් කොළඹ. මල්ලි ඉන්නේ නුවර. ඉතින් කාලෙකින් තමයි අපි හබෙන්නේ. එදාට ෆුල් ෆන්. :)
Deleteසුන්දර ළමා කාලය...
ReplyDeleteඔව්ව් අක්කේ :)
Deleteපොඩි කාලෙ ඉඳන් බෝම්බ හදපු මේ වගෙ පොඩි උන් ඉන්න රටක අර වගේ ත්‍රස්ථ්වාදී නායකයො බිහි වුණ එක අහන්නත් දෙයක්ද? හි හී..........
ReplyDeleteලස්සන මතකයක් නංගි. මටත් මතක් වුණා අපි පුංචි කාලෙ සෙල්ලම් ගෙවල් හැදුව හැටි. අපේ නංගිව නම් ගන්නෙ නෑ ඒවාට , වෙන මොකුත් නෙමේ ,ඒ කාලෙ පාණ්ඩුවද කොහෙද එයාට , බිම තියන වැලි අරන් කටේ දාගන්නව
හ්හිහි එහෙම තමයි. අපේ තව පොඩි එකෙක් හිටියා, අපි උව ගත්තෙත් නැහැ. හිහි
Deleteප්‍රභා කරන්ගෙන් තමයි අපි ඉගෙනගත්තේ :) :D
හැමෝටම වගේ මෙහෙම සුන්දර ළමාවියක මතක සටහන් තියනව. මේ වගේ පෝස්ට් එකක් කියවනකොට ඒව මතකෙට එන්නෙ නිතැතින්. මමත් අපේ නංගිත් එක්ක සෙල්ලම් ගෙවල් හැදුව. සමහර වෙලාවට අපේ අල්ලපු ගෙදර මගේ යාළුවයි, එයාගෙ නංගියිත් එනව. ඇත්තෙන්ම ඒ කාලෙ හරිම සුන්දරයි.
ReplyDeleteඔව්ව් යාලු. අපි ඒ මතක මතක් කර කර සතුටු වෙන්න පුළුවන් එහෙම අතීතයක් අපිට තිබුණු නිසා. ඇත්තටම අපි වාසනාවන්තයි
Deleteඅම්මෝ.. මාර වැඩනේ මෙයලා කරලා තියෙන්නේ.. හිකස්.. මොනා වුනත් හිතේ තියෙන බැඳීම හැමදාම එක විදිහට තියෙන එක තමා ඕනේ කරන්නේ.. ජය වේවා..
ReplyDeleteගොඩාක් ස්තුති කමෙන්ටුවට.. ජය වේවා..
Deleteහැමදාම ඒ බැඳීම තියෙයි අපි අතරේ යාලු. :)
පොඩි කාලේ ඉදන්ම ත්‍රස්තවාදී ක්‍රියා කරලා නොවැ. කොටි හිටියා නම් වන්නියට අරගෙන ගිහින් බෝම්බ හදවගන්නවා :D
ReplyDeleteඅහ්හ් මලා හොඳ වෙලාවට කොටි නැත්තේ. නැත්තම් අපේ මේ අල ගෙඩි තරම් මොලවල් ටික උන් බද්දට ගන්නවානේ :D
Deleteමෙයත් හරි වැඩ කරල තියෙනව නේ??
ReplyDeleteඅයියෝ තව හොඳ හොඳ වැඩ කරලා තියෙනවා. පසුවට ඒවා
Deleteඔන්න වර්ණ අදයි මම මේ පැත්තට ආවෙ.
ReplyDeleteඇවිල්ල කියවපු මුල්ම පෝස්ට් එකෙන්ම මම නිකන් කොර. මෙයා ඒ දව්ස්වල ත්‍රස්තවාදී වැඩ කරලනෙ.
හික්. ඕව තමයි ඉතින් අපිට දවසක මතක් කරල හිනාවෙන්න ඉතිරිවෙන්නෙ. ළමයි ඉතිO එක විදියකට තියන්න බෑනෙ.
හෙමීට ඇවිත් අනෙක් පොස්ට් ටික කියවන්න ඕනෙ. තව මොන මොන ජOජාල කරල තියෙනවද දන්නෙ නෑ...
වර්ණගෙ අනාගතයත් මේ පුන්චි කාලෙ වගේම සුන්දර දේවල් වලින් වර්ණවත් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්ව!!!
සාදරයෙන් පිලිගන්නවා සඳ ව..
Deleteළමයි කියන්නේ ලමයින්ටනේ.. :) අපි තරම් විසේ කාර ළමයි ටිකක් ඒ කාලේ ඒ පැත්තේ හිටියෙම නැතුව ඇති :)
ජන්ජාල නම්ම් ගොඩාක් කළා. ඒ වගේම හොඳට ඉගෙනත් ගත්තා. අද මෙහෙම ඉන්නේ ඒ නිසයි :)
සඳ ටත් හැම පතුමක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)
මෙන්න ළමයි චන්ඩිකමට කරල තියෙ වැඩ.. අර ගස්ලබු ගෙඩිය ආපහු අරන් එනකොට පිපුරුවා නම් කාට කියන්නද? ළමා කාලය හොඳ වුණත් භයානක වැඩක් කරපු චණ්ඩි ළමයි සෙට් එක.
ReplyDeleteනැහැ.. ඒක ඒ වෙලේ පුපුරලා. සද්දෙවත් ඇවිල්ලා නැහැ. නිකන් පුස් ගාලා පුපුරලා තියෙන්නේ. මොකද අපි ආපහු ටෙස්ටින් එකක් කරා. එතකොටයි දැනගත්තේ. :(
Deleteභයානක වැඩ තව කළා. ඒවා කියන්න බෑ ඔයාලා අපිට බනි :(
අපිව ජීවත් කරන්නේ ඒ මතකයන්..
ReplyDeleteඅනිවාර්යෙන්
Deleteඅහසේ තරු සේ සයුරේ රැලි සේ මිතුදම් පවතී ලොව සැමදා................
ReplyDeleteසත්සර විහිදා... නාදය කොතැනා..
Deleteඑතැනයි සැමදා අපි සැවොමා... :)
පොඩිකාලෙ ඔයා බෝම්බ හැදුවද? අපි නම් පොඩි කාලෙ හැදුවේ මිසයිල.. ඇත්තමයි.. පෑන් තුඩකට ගිනිකූරු කුඩු දාල කොටලා කොටලා කෙලවරට යතුරුකට්ටක් ගහලා තද කරලා, යටින් පොඩි ඉටිපන්දමක් තියනවා. පටාස් ගාල අර පෑන් තුඩ වීසි වෙනව විදුලි වේගෙන්.. මාරයි... ගස්ලබු බොම්බ හදන්න කලින් පොඩ්ඩක් ඇහුවනම් කියලා දෙනවනේ
ReplyDeleteහෆොයි මෙන්න තවත් ත්‍රස්තවාදියෙක් :o
Deleteහැක හැක හැක
අනා අපරාදේ කෝල් කරන්න තිබුනේ අපිට අර යෝගට් කෝප්ප ටෙලිෆෝන් එකේ නේද :'(
හපෝ මෙහෙව් චන්ඩි...
ReplyDeleteඔය කිව්වට මාත් ඔහොම තමයි ඉස්සර ... අයියෝ අපි ඒ කාලෙ ගත්තු ෆන් දැන් කාලෙ ළමයින්ට නෑ අනේ!
අනිවා අනිවා දැන් කාලේ ළමයින්ට මොන සෙල්ලම් ගෙවල? මොන ගස්ලබු බෝම්බද? උන්ගේ වැඩේ ටියුෂන්.. අපේ පුංචිගේ පොඩි දෙන්නෙක් ඉන්නවා. උන්ට නිවාඩුකාලෙත් සැනසීමක් නැහැ
Deleteමාර චණ්ඩියො ටිකක්නේ..පුංචි කාලෙ හැබියි මමත් ඔය වගේමයි..හැබැයි ගස්ලබු බෝම්බෙ තමයි මරු..මොනව උනත් එහෙම දෙයක් හිතුණු එකත් නියම මොලයක්නේ...හි හි හී
ReplyDeleteඅහ්හ් අපි ඉතින් නියම මොලකාරයෝ තමයි (වෙන නැතුවට :පි)
Deleteනෑයො වගේද යාලුවො පට්ට....
ReplyDeleteනෑයෝ වේයෝ..
Deleteයාළුවො පට්ට පා පට
හුගක් ලස්සන මතකයක් අක්කියෝ..මටත් මගේ පුංචි කාලේ මතක්වුනා..හැබැයි මම නම් සෙල්ලම් ගෙවල් දැම්මේ තනියම..ඔයා කිව්වා වගේ මිතුදම අමරණියයි අක්කි..මොන බැදීම නැතිවුනත් ඒ බැදීම හැමදාමත් අපේ හිත්වල තියනවා..මොකද කිසිම දවසක කාටවත්ම ඒ බැදීම නැති කරන්න බෑ....
ReplyDeleteආ අක්කිලාගේ ගස්ලබු බෝම්බේ නම් මරු....
මිතුදම තමයි හැමදාම රැඳෙන්නේ නංගියෝ...
Deleteගස්ලබු බොම්බේ :පි
මගේ අම්මෝ මරාගෙන මැරෙන බෝම්බ කාරියක්නෙ මේ වර්ණා! අර ඇසට ඇස, දතට දත කියන්නෙ ඇයි කියලා දැන් තමයි තේරුනේ!!
ReplyDeletehenryblogwalker the Dude
ඔව්ව් ඔව්ව් මම වසයි. වසට වසයි, හොඳට හොඳයි. ඔය ඇසට ඇස දතට දත කියන්නේ ඉස්සර ජුදා නීතියනේ.
Deleteඇත්තටම පොඩි කාලේ කරපු කියපු ඒවා, එකට හිටිය යාළුවෝ මතකයෙන් ඈත් වෙනනේ නෑ...සමහර දේවල් අද ඊයේ වුණා වගේ මතකයි...ප්‍රශ්නෙ තියන්නේ මීට කලින් ප්‍රතිචාර දක්වල තියෙන සම්මානි කියනවා වගේ ළමා කාලයක් කියල දෙයක් අද ඉන්න ළමයින්ට තියෙනවද කියන එක...
ReplyDeleteමිලින්දව සාදරයෙන් පිලිගන්නවා
Deleteහ්ම්ම් එක ඇත්ත දැන් කාලේ ළමයින්ට ඒ අත්දැකීම් නැහැ
මම නම් පොඩි කාලෙ වැඩියම සෙල්ලම් කලේ තනිවම.නැත්නම් අම්මලව බලෙන් අඩ ගහ ගත්තා.ඉදලා හිටලා වටේ කට්ටිය එකතු වෙලා සෙල්ලම් කලා.ඒත් මතක හිටින්න තරම් එහෙම සෙල්ලම් කරලා නෑ.අපේ නගාත් ඉපදුනේ මට වඩා අවුරුදු 7කට පස්සෙනෙ. දැන් තමා සෑහෙන්න යාලුවො ඉන්නෙ. :)
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් අයියෝ එහෙමද අක්කේ. එහෙනම් දැන් ඒවාටත් හරියන්න සෙල්ලම් කරන්න තියෙන්නේ :)
Deleteහෆ්ෆොච්චියේ..පොඩිකාලෙ බෝම්බත් හදලා...:D හික්ස්ස්.. ඒ කාලෙ හරිම සුන්දරයි හෆ්ෆා.. මටත් ලෝබයි මතක් වෙද්හ්ඩි.. යාලුකම් කියන්නෙත් එහෙමයි..පරන වෙන්න වෙන්න, මතකයන් වැඩියි!!!
ReplyDeleteහිහි බෝම්බ නෙමෙයි තව තව ඒවාත් කළා :ඔ
Deleteහපෝ :ඔ
ReplyDeleteවර්ණා අක්ක පොඩි කාලේ ඉඳන්ම ත්‍රස්තවාදී වැඩ නේ කරන්නේ :ඩ්
හරිම ලස්සන කාලයක්...
හේ හේ අපි හරි භයානකයි මල්ලි ඔන් :)
Deleteඔයාල කොහොමද ඒ තක්ශනේ හොයාගත්තේ. ගස්ලබු බොම්බේ... මාර ජොලි කාලයක් මට මතකයි ඔයාගේ මල්ලිට ලිප්ටික්ස් ගානවා කියල තිබුනේ.
ReplyDeleteනියම මතකය..
ඔයා දන්නවානේ අසාර් මගේ මොලේ ඇලේ දාන්න තරම් වටිනා මොලයක්. අපි ඒ මොලේ පාවිච්චි කරලා තමයි හොයාගත්තේ :පි
Deleteඅනා ඔව්ව් අපේ මල්ලිව ගෑනු ළමයෙක්ට ඇන්දුවා ඉස්සර අපි :)
මරු වැඩ තමා පොඩි කාලේදි කරලා තියෙන්නේ !!!
ReplyDeleteහේ හේ ඔව්ව් ඔව්ව්
Deleteපොඩි කාලෙ විතරක් නෙවෙයි දැනුත් ඒ තරම් කට සද්ද නෑ නේද? හෆෝයි මෙහෙමත් කටක්!
ReplyDeleteසූ සූ සද්ද කරන්න එපා ඇහෙයි :පි
Deleteහම්මූ සෙල්ලම්නා........මෙයාල බෝම්බට් හඩල.....:O
ReplyDeleteහෝක් හෝක් හෝක් :පි
Deleteඅද වෙද්දී ඇටකෝට්ටා මොන වගේ තත්වෙකද ඉන්නේ..?
ReplyDeleteඉස්සර වගේමයි. තාම උදේ හවා පාර අතුගාන්න අමතක කරන්නේ නැහැ. :)
Deleteපුංචි කාලේ... ඇයි ඉතින් ඔයාලගේ අයියා සෙල්ලම් කරන්න එන්නේ නැතිව හිටියේ ඔයාල එක්ක...?
ReplyDeleteඑයා කියුවේ අයියෝ පොඩි උන්ගේ සෙල්ලම් වලට මම එන්නේ නැහැ කියලා. එයා හිතාගෙන හිටියේ අලි ඔලුවෙන් :/ මොකද එයා ඇඟ පතින් අපිට වඩා ලොකුයි :)
Deleteඇති යන්තම් වෙල්ඉපනැල්ලේ ගමේ නැතුව අපි වගේ පාරේ සෙල්ලම් කරපු කෙනෙක්ගේ පොඩි කාලයක් කියෙව්වා..හි හි
ReplyDelete(ඇස් කොනින් දැක්කේ.ඇහැට ඇහැ දතට දත බොහෝම බයානක කතාවක්නේ)
වෙලක් අකින්නේ ට්‍රිපක් ගියාම තමයි :)
Deleteජුදා නීතියනේ. මමත් ඔහොම තමයි. හොඳට හොඳයි. නරකට ඉතා හොඳයි.
වර්ණා ඔයාලට වගේමබ මටත් තියෙනවා ඔය වගේ අපූරැ අත් දැකීමක් අපිත් තියනවා අපේ පුංචිගේ පුතාලයි අපේ ගෙදර 3 දෙනයි තව කට්ටිය හිටියා අහල පහල අපිත් දවසක් බෝම්බ හැදුවා මමනම් ගොඩක් පොඩි 1 වසරේ විතර අපේ පුංචිගේ පුතා බෝම්බේ සෙට් කරේ හරි අපූරැ තැනක අපේ පාරට බොරළු ගොඩ ගහලා තිබුනා ඔය බොරළු ගොඩ උඩ තිබුනා ගූලු බ එකක් ඒකට තමයි රතිඥ්ඥේ සෙට් කළේ අයියෝ උන දේ හිතාගන්න...............
ReplyDelete