මම හැමදාම උදේම නැගිටිනකොට
මුළින්ම දකින ඔයාගේ මූන
ලස්සන සිතුවිලිවලින් පිරැණු
ලස්සන දවසක් හදලා දෙනවා......
ඒ ඇයි දන්නවද
ඔයා තමයි මේ ලෝකේ ලස්සනම කෙනා..
ලස්සන කෙනෙක් දැක්කම මුළු දවසම ලස්සනයිනේ...
හැමදාම උදේට මම වැඩට යන්න හදද්දී
සාරි පොට ඉඔලා මගේ කම්මුල හපලා
මට සමුදෙනකොට...
මට දැනෙන්නේ මගේ ලෝකේ මට ඉන්න එකම කෙනා
ඹයයි කියලා..
ඔයාගේ උගුරේ කට්ටක් හිරවෙලා
මම නොසෑහෙන්න බය වුනු දා
දොස්තර කෙනෙක් නැති ඉරිදා දිනයේ අපි
තනි වුනා...
ඔබ මගේ හුස්ම පොද වෙච්චි කොට
මගේ හුස්ම වැටෙයිද?
කොච්චර කෙසෙල් ගෙඩි ගිල්ලෙව්වත්
වැඩක් වුනේ නැති කොට
පාරේ යන හරක් ටිකකට කෑ ගහලා
කට්ට උගුරෙන් පහලට ගියාම
තුරැළු කරගෙන මම ඇඬුවේ දුකට නෙමෙයි
සංතෝසේ වැඩිකමට.
මගේ චූටි මැණික කියලා කතා කරනකොට
දුවගෙන ඇවිත් ඔයා
මගේ ඇගේ එල්ලෙනකොට
හරි මැණික තමයි මූ කියලයි අම්මා විහිලු කරන්නේ..
ඒත් ඔයා මට මැණිකක්..
දන්නවද රණ්ඩු කරලයි මම ඔයාව ගත්තේ...
I never let you go….
ඔයා මගේ චූටි බ්ලෂ්……….. !!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
මල් කොල්ලෙක් මං |
බුදු අම්මෝ :o |
ලොම් හැලිලා ආපහු එනවාලු.. කටුවා කාලා වගේ හිටියේ දැන් නම් ටිකක් හොඳයි |
මරු මරු :P
ReplyDeleteඑල එල
Deleteසිරාවටම මං හිතුවෙ වර්ණාගෙ පොඩි බබා ගැන තමයි ලියලා තියෙන්නෙ කියලා.... උගෙ නම නම් මරු... 'ප්ලෂ්...'
ReplyDeletelassanayyyyyyyyyyyyyy
ReplyDeleteඅනේ මේකා ගින්දර බල්ලෙක්... මමත් ආසම සතා බව්වා.
ReplyDeleteමගෙ බව්වා වගේමයි.. :)))
බ්ලෂ්ට සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
බ්ලෂ්ට රාජසම්පත් ලැබුනොත් මොනවවෙයිදඇත්තටම?
Deleteමොකුත් වෙන්නෙ නෑ. ඔය ඇස්පනාපිටම පේන්න තියෙද්දි අහන හැටි විතරක් ... :D
Deleteඌත් මං වගේ කොර ටෝක් දෙයි... :-)
Delete@ අඩවි රජ,
Deleteඅනේ මස්සිනේ ඔය කතාව කියනකොට නම් උඹ ගැන මට නිකමටවත් හිතුන් නෑ. මම හිතුවෙ බ්ලෂ් කුක්කට දැන් ලැබෙන සැප ගැනයි, රජ සැප විඳින බල්ලොන්ට ගියපු රට ගැනයි විතරයි. උඹේ හිත රිදුන නම් සමාවෙයන් මචං.
අනේ සෝයි බව්වා....
ReplyDeleteමොකද අප්පා මේ...ඇසට ඇස, දතට දත :)
ඒක තමා සයුරි අක්කේ.මොකක්ද අප්පේ මේ ඇසට ඇස,දතට දත කතාව. තේරෙන්නෙ නෑනෙ මට.
Deleteදැන් සෝයි කුක්කා කියාගෙන තුරුල් කරන්හිටියට කියන්න බෑ තව කල්ගියාම බ්ලෂ්ට අක්කාව අමතක වෙලා යයිද කියලා.
නෑ නෑ එහෙම වෙන්නෑ.නැත්තම් ඕක උනාම මාව අල්ලං කයි. :)
ඔයා එක්ක ඉන්න බවුව කට්ට කාගෙන ඉන්න ඔ්න නේ! :P :D
ReplyDeleteලස්සනයි! :)
හරි හුරතල් බල්ලෙක් වගේ. මාත් බල්ලන්ට තමා කැමති. පූසන්ව නම් පෙන්නන්න බැහැ
ReplyDeleteඅනේ ශෝයි අක්කියෝ..ඔයා ඔහොම කියද්දි මගේ යාලුත් මතක්වුනා..එයත් ඔය වගේමයි...
ReplyDeleteපෝස්ට් එක ලස්සනම ලස්සනයි අක්කි....
අනේ ශෝයි....! චූටි බ්ලෂ්ට දීර්ඝායුෂ පතමි!
ReplyDeleteකියුට්..
ReplyDeleteපලවෙනි පින්තූරේ තමය් ලස්සනටම ඉන්නේ
හලේ ... ෂෝයි කුක්කා.
ReplyDeleteමං හිතුවෙ මේ.....
ReplyDeleteඅරු ලොකු වෙලානේ.අන්තිම පින්තුරේ ඉන්නේ ඌමද? ටිකක් වෙනස් වෙලා වගේ.
ReplyDeleteඅන්නාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..මගේ තූති බෝල ගෙඩියා.. මට එයාව මිරිකලා පොඩි කරලා චොප්ප කරලා මරන්න හිතෙනවා...:O උම්මා එකක් දුන්නා කියන්න මම..හොදේ?? :*
ReplyDeleteඔයාගේ ආදරේ හරි වේදනාකාරී නේ.
Deleteඅප්පට සිරි, මේ කෙල්ල අසරණයවත් මිරිකලා පොඩි කරලා චොප්ප කරල ද කොහෙද.
Delete@අසර් අයියා- හික්ස්ස්.. ඒම තමා මගේ අඅදරේ... ;) ආදරේ හිතුනොත් ඉතින් කාටවුනත් මගෙන් ව්එන්නෙ ඔය ටික තමා... උම්මා දීලාම මරනවා මම..:p
Deleteසෝක් බව්වෙක්!
ReplyDeleteෂෝයි ෂෝයි..
ReplyDeleteමේ වර්ණා නංගියෝ.... නැ එක්කො ඔනෙ නැ
බල්ලෝ තමා ෂුවර්ම නැති ජාතිය... උන් කනක් කැසුවත් ඇති මට උන් හිටි තැන් අමතක වෙන්න.බුරන බල්ලෝ සපා නොකයි කිව්වට බුරන ගමන් මාව කෑවා අපේ ගෙවල් පැත්තේ නැට්ට කොට ඔටුවෙක් වගේ බල්ලෙක්... එදා ඉඳන් ඕකුන්ව පේන්න බෑ මට... හැබැයි මූ නම් හරි සිරියාවයි.
ReplyDeleteඅපේ ගෙට එහාපැත්තේ ගෙදර නංගිගේ අතක් හප කරලා කකුලේ දණිහෙල් උඩින් තඩිම තඩි මස් කෑල්ලකුත් කඩාගෙන තිබුනා.ඌට ගැහුවත් කකුල අතෑරියේ නෑ බෙල්ල මිරිකලා තමා යන්තම් ගලෝගත්තේ....
මුලින් වෙන පින්තූරයක් දාලා තිබ්බනම් ගානට ඇන්දෙනවා... එල ඈ
"මගේ කම්මුල හපලා.." බව්වට බෙහෙත් විදින්ඩෝ.. නැත්නම් "සුරතල් සතාගෙනුත් ජල භිතිකාව බෝවිය හැක" රෝහල් බිත්තිවල දැන්වීම් එල්ලලා.
ReplyDeleteබ්ලොග් එකේ හැඩය නිමාව ඇහැට ප්‍රියයි.
ඇත්තටම බ්ලෂ් හරිම ලස්ය්සන බව්ව පැටියෙක් ...
ReplyDeleteබල්ලෙක් ගැනද කිව්වේ ? අය්යෝ සල්ලි කිව්වලු ..
ReplyDeleteඅපොයි දෙයියනේ.මට හිතුනු දේවල්..... ජය..!
ReplyDeleteහික්ස්...මාත් ආශයි ඔන්න ඔය වගේ පොඩිම කාලෙ අයට..ලොකු උනාම නම් එයාල දඩෝරියො....:(
ReplyDeleteහෆොය් ඔයා මේක දාලා මගේ බලු දුක (බල්ලෙක් නැති දුක) වැඩි කළා. ළඟ පාඨක හිටියානම් හොරෙන් අරන් යන්න තිබුනා.
ReplyDeleteශෝක් බව්වෙක් ආ... හැබයි ඉතින් අයිතිකාරිගෙ තමා වැරැද්ද කටු හිරකරගන්නේ නැතිව කනහැටි තාම ඌට කියල දිල නෑනෙ... :P
ReplyDeleteහරිම හුරතල් .හරිම පිරිසිදු පාටයි .
ReplyDeleteඅඩේ මමත් කැමතිම, මේ බලු කොල්ලේක් නොවැ..ගර්.ර්.ර්...
ReplyDeleteබව්වෙක් නේද....
ReplyDeleteබව්වා වගේම සිතුවිල්ලත් ගොඩක් ලස්සනයි, ඒත්.... එක්කෝ ඕනේ නැහැ.
කියන්න ඕනේ නැහැනේ ඔයා දන්නවනේ,නේද... ;)
හුරතල් සීදේවි බව්වා...3 රූපෙ හරිම අහිංසකයි...
ReplyDeleteආනෝ.....................^_^
ReplyDeleteඅනේ සෝයි බලු පැටියා.... මුලදි මම හිතුවේ පොඩි එකෙක් ගැන කියනවා කියලා හික් හික්
ReplyDeleteකවුද අනේ ඔය නම තිබ්බේ???
ReplyDeleteI never let you go…. ජස්ටින් කොලුව නේද?
ReplyDeleteආසාවේ බෑ අප්පා. ශෝක් මැණික. අපේ දිහත් ඉන්නවා දඩෝරියෙක්. එයත් මගේ පන තමයි. :D
ReplyDeleteදැන් මේකෙ කොමෙන්ට් වලට ඇස්වහ හැටිලා ඔ්කගේ බූල් ඔක්කොම ගිහිල්ලා කටුවෝ කාලා කැතම කැත වෙලා... ගන්දස්තාරේ ඉන්න බැරුව...... ඔන් බලපල්ලකෝ
ReplyDeleteපොයිසන් මිස්ටේක් වර්ණා. වස වැරැද්දයි. මම හිතුවෙ ඔයා ලඟදි කසාද බැඳලා, මේ කතා කරන්නෙ හස්බන්ඩා ගැනයි කියලා කිව්වොත් තරහා නෑ නේද? ඒත් මම බැලුවා මේකා සාරි පොට ඉඹින්නෙ මේකාට ඉඹින්න වෙන තැනක් නැතුවමද කියලා..පොයිසන් මිස්ටේක්!! :D
ReplyDeletehenryblogwalker the Dude
කෝ මැණික්....මම මේ මැණිකක් ගන්න ආවේ......මැණික් නෑනේ....
ReplyDeleteඅන්තිම ෆොටෝ එකේනම් වෙනස් වෙලා.. බ්ලෂ් දඟයා දැන් ලොකුයිනේ..
ReplyDeleteබ්ලෂ් ඔයාට බයවෙලා හැලුණ බූල් ආයෙමත් ඇවිත්ද නංගෝ.. :D
පෝස්ට් එක ගැන කියන්නද,නම ගැන කියන්නද?මගෙ නම වෙනස් කරන්න වේවිද මන්දා,ඒත් ඔයා වර්ණා නිසා ඒ හැටි අවුලකුත් නෑ,ආයෙත් ඇවිත් යන්න එන්නම්,මාත් හදිසියෙම බලා යන්න ආවෙ
ReplyDeleteහත්තිලව්වයි බල්ලෙක්!!
ReplyDeleteCute ....
ReplyDelete