Monday, July 9, 2012

__ජනප්‍රිය වෙන්න දඟලන්නේ ජනප්‍රියත්වයට නුසුදුසු අයයි__





අපි කොයි කාගේත් යටි හිතේ යන්තමට හරි ආසාවක් තියෙනවා අනිත් අයගේ ගෞරවාදයට ලක්වෙන්න.බොහෝ දෙනෙක් සමහරවිට කැමති නැහැ ඒ බව පිළිගන්න.නමුත් අවංකවම හිතලා බැලුවොත් අපිට පිළිගන්න සිදුවෙනවා අපි සමහර වෙලාවට අනුන්ගේ ආදර ගෞරවයට, අගය කිරීමට , හොඳ නමක් අහගන්න, පිළිගනු ලැබීමට , ප්‍රසංශා ලැබීමට ටිකක් හරි කැමැත්තක් ඇති බව.
                                          ඇත්තෙන්ම අනික් අයගේ ආදරයට ගෞරවයට අවධානයට නිතරම ලක්වෙන පුද්ගලයා අනික් අය විසින් කොන්කරනු ලැබූ,අවමානයට, වෛරයට ලක්වූ පුද්ගලයාට වඩා සතුටින් ඉන්න බව.අනික් අයගේ ඇගයීමට පැසැසුමට ආදරයට ලක්වෙන කෙනා නිරෝගී ගසක් ලෙස වැඩෙන අතර නිතරම කොන්වෙන ප්‍රතික්ෂේප කරනු ලබන තැනැත්තා වදුල නිසා නොවැඩෙන කොළ කොඩවූ ගසක් වගේ යයිකීම නිවැරදි කියලා මට හිතෙනවා.
                                             පුංචි කාලේදී සුරතලේට ආදරේට  ලක්වෙන දරුවා මනසින් නිරෝගී පුද්ගලයෙක් ලෙස වැඩෙද්දී... කිසිවෙකුගේ ආදරයට අවධානයට , දුක් කම්කටොලු පවුල් අඬදබර නිසා පීඩා විඳින දරුවන් ඉතා ගුප්ත හැකිලුනු අසම්පුර්ණ වැඩිහිටියන් පත්වීම මනෝ විද්‍යාඥයින්ගේ සොයාගැනීමයි.ඉතින් අපිට වැටහෙනවා අපිව අනික් අය අගය කිරීම ආදරයට පැසැසුමට ලක් කිරීම හැම මිනිහෙකුගේම වර්ධනයට සතුටට අවශ්‍ය දෙයක් බව.එත් ඒ අවශ්‍යතාව අපි ලබාගන්නේ කොහොමද කියන එකයි මෙහිදී පැනනගින ප්‍රධාන ගැටලුව.අවාසනාවට වගේ මේ අගය කරනු ලැබීම පැසැසුමට ලක් කරනු ලැබීම කිසිම විදිහකින් බලෙන් ගන්නවත් සල්ලි දීලා ගන්නවත් ආයාචනා කරලා හිඟා කාලා ලබාගන්නවත් බැරි දෙයක් බව අපි ගොඩාක් අය පිළිගන්න අකමැති ඇත්තක්.
                                   ටිකක් හිතලා බලන්න ඔබ සමහර මිනිස්සුන්ට  ගොඩාක් කැමති වගේම ඔබට පෙන්නන්න බැරි නොයෙක් තරාතිරම් වල මිනිස්සුත් ඉන්නවා නේද? සමහර අයට ඉන්නේ ගොඩාක්ම ඒ වගේ අය. අපි නොයෙකුත් හේතු නිසා මිනිස්සුන්ව අගේ කරනවා.එත් කවුරුහරි ඇවිත් "අනේ මට ආශා කරන්න" "මාව පිළිගන්න " "මාව ප්‍රශංසා කරන්න " කියලා කියුවත්, සල්ලි දුන්නත් ඔබ ඇත්තටම ඒ තැනැත්තාව ප්‍රිය කරන්නේ නැතිනම් ඔබ ඔහුට කැමති නැහැමයි නේද? වෙන වචන වලින් කියුවොත් ඔබේ ලෝකයේ ඔහු වැදගත් පුද්ගලයෙක් නෙමෙයි නේද?
                                                   ඉතින් එක්තරා විදියකට මෙහෙම අපි සමහර අයට කැමති වීම හා අකමැති වීම හරිම පුදුම දෙයක්.සමහර අයට අපි කැමති ඇත්තෙන්ම අපි දන්නා හේතු නිසා වගේම සමහර අපිට නොතේරෙන හේතුත් ඒ දේවල් වලට බලපානවා.ඉතින් මම කලිනුත් කියුවා වගේ අනිත් අයගේ ගෞරවයට ආදරයට ලක්වීම අපිට අවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. එත් ඒ දේ බලෙන් ලබාගන්න බෑ.එහෙනම් මම අද කියන්න යන දේත් එකමයි. "ජනප්‍රිය වෙන්න දඟලන්න එපා".හොඳට මතක තියාගන්න ජනප්‍රියත්වය කියන්නේ ඔබට ලැබෙන තෑග්ගක්.නොඉල්ලා ලැබෙන දෙයක්.එත් ජනප්‍රියත්වයට පත්වීමට තොරතෝංචියක් නැතුව මැරීගෙන එක එක දේවල් කිරීමෙන් වෙන්නේ ඔබ කලකිරීමට අපහසුතාවයට පත්වීම විතරයි.
                                                                                                                     ඔබට යම් හැකියාවක් ඇත්නම් අනුන්ගේ යහපත තෘප්තිය සතුට වෙනුවෙන් එය යොදවන්න.ඔබට දක්වන පැසසුම් ඇගයීම් ඔබට ලැබෙන තිලිනයයි.මිනිසුන් ඔබව වර්ණනා කලාට , ඔබට කැමති වුනාට , නැතහොත් ඔබ "ජනප්‍රිය" උනාට ආඩම්බර වෙන්න එපා. මොකද ජනප්‍රියත්වය කියන දේ ඕනෙම වෙලාවක ඇති වෙන්න පුළුවන් වගේම නැති වෙන්නත් පුළුවන්. නිතරම නිහතමානිව ලබන සතුට ඔබව තෘප්තිමත් කරනවා හැමදාටම.....



---------------------------------------------------------------------------------------------------




                                                        බස් රේඩියෝ බ්ලොග් සතිය

68 comments:

  1. තමන්ගේ වැඩ ටික කරගෙන යන්න. තමන් ජනප්‍රියද ජන අප්‍රියද කියන එක අනිත් අය තීරණය කරාවි

    ReplyDelete
  2. මේ බ්ලොගේ බලන්න ආපු කිසිම දවසක ‍උඹෙන් මේ මට්ටමේ පෝස්ටුවක් බලාපොරොත්තුවෙන් ඇවිත් නෑ... නියමයි... :)

    ReplyDelete
  3. ඇත්ත.. සමහරු ජනප්‍රිය වෙන්න කරන එව්වා දැක්කම හිනා යනවා..!

    ReplyDelete
    Replies
    1. ඔව්ව් ඔව්ව් බනියෝ.. මාර මාර දේවල් කරන්නේ. අන්තිමට උන් ට වෙන දේ උන්ම දන්නේ නැහැ

      Delete
  4. අපි මේ හැමදේම කරන්නේ සමාජයේ තැනක ඉන්න කියලනේ කියන්නේ.එතකොට තැනක ඉන්නවා කියන්නෙත් කැපී පෙනීම තමා.හැමෝම තුල අඩු වැඩි වශයෙන් ඕක තියෙනවනේ...
    ඒ ලැබෙන දේ නිහතමානීව බාරගන්න මනුස්සයා ගොඩාක් කල් පවතිනවා. ජනප්‍රියත්වය තුල රැදෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්වනේ . මම එකනේ කියුවේ. හැමෝම කැමති එහෙම ජනප්‍රිය වෙන්න.
      ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැහැ කියනවානේ'

      Delete
  5. ඇත්තම ඇත්ත නංගි ඔයාගෙ කතාව....

    ReplyDelete
    Replies
    1. ඔව්ව් අක්කේ ස්තුති :)

      Delete
  6. හ්ම් ....

    මටත් මේ වර්ණල ටැපලෙනව අෆ්ෆා.

    ReplyDelete
  7. ජනප්‍රියත්වය කියන්නේ සල්ලි දීලා ගන්න පුලුවන් දෙයක් නෙමේ (සුපර්ස්ටාර්ලා ගැන නෙමේ මම් කතා කරන්නේ.)
    ඒක කතා බහෙන් හැසිරෙන විදිහෙන් ඉබේටම වගේ ලැබෙන දෙයක් කියලයි මම් හිතන්නේ.
    නංගිගේ කතාත් එක්ක මම් එකඟ වෙනවා !

    ReplyDelete
    Replies
    1. සුපර් ස්ටාස්ලා බලෙන් ජනප්‍රිය කරවන්න හදන අයනේ මාධ්‍ය මගින්. සදාකාලික දෙයක් නෙමෙයි. තමන්ගේ උත්සාහය කැපවීම මතයි එය තීරණය වෙන්නේ.
      ඔව්ව් අයියේ එකගයි :)

      Delete
  8. yes of course you are perfectly right!

    ReplyDelete
  9. හ්ම්ම්ම් ඇත්ත කතාවක් ගොඩක් වටිනවා තමයි....

    ගොඩක් වෙලාවට මැරීගෙන වැඩක් කරලා අපි පැසසුමක් බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ හොඳයි කියන වචනෙවත්.ඒක තමයි ඇත්ත.මමත් එහෙම කරලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ... අපි ඒ කාලේ හිතන්නේ අපි නැත්තම් ඉස්කෝලේ ඉවරයි කියලා.ඒත් අපි නැතුවත් ඉස්කෝලෙ ඒ විදියටම තියෙනවා.... ඉතින් අපි කරන වැඩේට ඇගයීමක් නැති වුනාම සෑහෙන්න හිත රිදෙන අවස්ථා තියෙනවා...

    අපි මේ තරම් මහන්සිවුනා සත පහකට ගනන් ගත්තේ නෑනේ කියලා පොඩි කලකිරීමක් එන්නේ නැතිවා නෙමෙයි.අපිට මෙහෙමද සලකන්නෙ කියලා...

    ReplyDelete
    Replies
    1. මනුස්සයෝ විදියට අපි එහෙම හිතන එක සාදාරනයි මල්ලි. ඒ උනත් ඉබේම ලැබෙන ජනප්‍රියතාවය අපි ඉල්ලලා ලැබෙන ජනප්‍රියතාවයට වඩා කල් පවතිනවා. මොකක් හරි වැඩක කරලා ඇගයීමක් එලි පිට නොලැබුනාට හිතේ ඒ කෙනා ළඟ තමන් ගැන විශේෂයක් රැඳෙන්නේ නිරායාසයෙන්

      Delete
  10. එකඟයි..

    මාත් ජනප්‍රිය වෙන්ඩ කැමතියි.. හැබයි ඒක බලෙන් ලබා ගන්ඩ දගලන්නෑ...

    ReplyDelete
  11. ජනප්‍රිය වෙන්නත් පුළුවන් ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන්... හැබැයි ප්‍රසිද්ධිය කියන්නෙ හොඳ වගේම වැරදි පැත්තෙනුත් වෙන්න පුළුවන්. ඕනෑවට වැඩිය දැඟළුවොත් වෙන්නෙ ප්‍රසිද්ධ වෙන එක විතරයි ජනතාවට ප්‍රිය වෙන එක නෙමේ. හොඳම උදාහරණය දැන් දැන් මූණු පොතේ තියෙන ගෲප් ,පේජ් බලන්න. ශෙයා කරන්න, ලයික් කරන්න කිය කිය හිඟා කන. උත්සාහ කරන්න ඕනෙ ජනප්‍රිය වෙන්නෙ , ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මුණු පොතේ කතාවනම් සහතික ඇත්ත.
      වැරදි පැත්තෙන් වෙන ජන අප්‍රිය බව තමයි දැන් දැන් වැඩියෙන් වෙන්නේ'

      Delete
  12. කාලේට වටින මාතෘකාවක් ගැන ලියලා තියෙනවා වර්ණා... නියමයි.!!!!

    ReplyDelete
  13. ජනප්‍රියත්වය තාවකාලිකයිනේ වර්ණෝ...

    හොද පෝස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගොඩක් අය තමන්ට ගෞරවය ලබාගන්න උත්සාහ කරනවා තමන්ට ඒක ක්‍රමානුකුලව ලැබෙන්න කලින් ඒක ඔය කීවා වගේ මනුස්ස ස්වබාවය තමා, ඇත්තෙන්ම කීවොත් ඒක අපට පරිනාමයෙන් ලැබිච්ච දෙයක් මොකද කියනවනම් අපි හැමෝටම මුලික අවශ්‍යතා සම්පුර්ණ කර ගන්න වෙනවනේ එත් අද අපට දකින්න ලැබෙන්නේ ඒක අසීමාන්තිකව පාවිච්චි කිරීමක් මම හිතන්නේ ඒක කතා කරන්න වටිනා දෙයක් වර්ණා.

      Delete
  14. ජනප්‍රියතාව ලබාගන්න දගලන්න දෙයක් නෙවේ මම හිතන්නේ..

    ඒත් මාධ්‍ය කරන්නේ ඒක. කාව හරි ගෙනත් පොරක් කරන එක. ඒකත් කමක් නැහැ කියමු ඒක උන්ගේ ජොබ් එක. ඒත් තමන්ම තමන් ජනප්‍රිය කරවගන්න හදනකොට???

    ඒක MANIA ද?

    ReplyDelete
  15. මයිකල් ආන්ජිලෝ ටයිප් එකේ හොඳ පෝස්ට් එකක්....

    ReplyDelete
  16. කැපී පෙනීමේ ආශාව නිසා තමයි ඉතින් ප්‍රසිද්ධ වෙන්නෙ. ඒත් ජනප්‍රියත්වය ලබා ගැනීම දුෂ්කරයි

    ReplyDelete
  17. මම හිතන්නෙ වර්ණගෙ මම කියවපු හොදම ලිපිය . කෑගහල බලෙන් ගන්න පුලුවන් දෙයක්නම් නෙමේ තමා ජයප්‍රියත්වය . ඒක තීරණය කරන්නෙත් අනිත් අය .

    ReplyDelete
  18. කතාව ඇත්ත නංගී....

    ReplyDelete
  19. සහතික ඇත්ත නංගී..හොද පෝස්ට් එකක්..

    ReplyDelete
  20. සාතන් අයියා කියපු දෙ කියන්න හිතුනෙ මටත් එක පාරටම, එ වගෙම සුමිත් අයියා කියපු දෙත් හිතුනා නියමයි. Jaya

    ReplyDelete
  21. මෙන්න පෝස්ට්.. නියමයි..

    ReplyDelete
  22. කියවන්න වටිනවා !
    බොහෝම ස්තුතියි බ්ලෝග් සතියේ 4 වන දිනයේ දායකත්වයට

    ReplyDelete
  23. හුඟක් වටිනා අදහස් සමූහයක්.

    ReplyDelete
  24. නඟාගෙ කීමට මම 100%ක් එකඟ නෑ..
    ඔයාගෙ කතාවල ඇත්තක් තිබුනත් සමාජයේ ජීවත් වෙද්දි තමන් වැඩක් නොකලත් ජනප්‍රියබව වැදගත් පැවැත්මට..
    හම යන එක්කෙනා දැනගන්න ඕන නම යන විදිහට වැඩකරන්න..මේක විකුණුම් හැකියාව..

    අනේ මට ප්‍රශංසා කරන්න කියනවට වැඩිය ගොඩක් අය කරන්නෙ වැඩ නොකරත් තමන්ව මාකට් කරගන්න එක...තමන් මහන්සි වෙලා යහපත් වැඩක් කරලා කට පියාන ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා නම් ඒක නිවට කමක් කියලා මම ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්..
    ජනප්‍රිය හැමෝම මහන්සිවෙලා ඒ දේ ලබාගත්ත සාර්ථක අය විදිහටයි මම නම් දකින්නෙ..

    මේ කතාව අදාල නැද්ද මන්දා පෝස්ටුවට..

    ReplyDelete
    Replies
    1. රූ,

      යහපත් වැඩක් කරාම ප්‍රශන්සා කරන නොකරන එක අනිත් අයගෙ වැඩක්. අපිට ඒක මාකට් කරලා " ආ මෙන්න මම යහපත් වැඩක් කළා, ප්‍රශන්සා කරපල්ලා " කියල ඉල්ලීමක් කරන්ඩ බෑනෙ. එතකොට ඒක නිකන් ප්‍රශන්සාව බලාගන කරපු වැඩක් වෙනවා.. හොඳ වැඩක් කරලා සද්දෙ වහලා ඉන්න එකනම් කිසි සේත්ම නිවට කමක් නෙමේ.. මාගේ බලවත් විරෝධය ඒ ගැන.

      දන්නවද ? ජේසු කියලා තියෙන්නෙ දකුණු අතින් දුන්න දේ ගැන වම් අතට දැන ගන්ඩ ඉඩ තියන්ඩ එපා කියලා..

      Delete
    2. ම්ම්....මොනවා කියනන්ද මන්දා. හැබැයි මෙහෙම දේකුත් තියනවා. තමන් වැඩ කරලා කට පියාගෙන ඉඳීම අනෙක් අය නොමග යවනන්ත් හේතු වෙනවා නේද සමහර වෙලාවට?

      උදා: මතකනේ ටෙස්ලා ට උන දේ. තමන් මොනවා හරි හොයාගත්තනම් ඒකට පේටන්ට් එකක් ගන්න එක (තමන්ගේ අයිතිය තහවුරු කර ගැනීම) හොඳ දෙයක් හැටියටයි මම දකින්නේ. වෙනත් නුසුදුසු කෙනෙක්ට ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඉඩ හරිම ලෝකෙට කරන අසාධාරණයක් කියලයි මට හිතෙන්නේ. මම හිතන්නේ රූ කියන්න හැදුවේ එහෙම දෙයක් ගැන වෙන්න ඕන.

      මේකත් අදාළ නැද්ද මන්දා පොස්ටුවට..

      Delete
    3. ඒ වුනාට සයුරි, හොඳ දේවල් කරලා සද්දෙ වහලා හිටපු ටෙස්ලයි, කරපු දේවලටයි, නොකරපු දේවලටයි ලකුණු රැස් කරමින් ගිය එඩිසන්ටයි සමාජයේ තියන පිළිගැනීම, ඒ ගොල්ලො ගැන සමාජය හිතන විදිහ හොඳට පෙනුනා ඔයාගෙ ඒ පෝස්ට් එකෙන්ම නේද ?

      මට නම් හිතෙන්නෙ, අපි කරන හොඳ ගැන කතා කරන්න ඕනා අනිත් අය. අපි නෙමේ.. එහෙම ලබන ජනප්‍රියත්වය තමා නියම කල්පවතින ජනප්‍රියත්වය.. අපි අපිවම මාකට් කරලා ලබන ජනප්‍රියත්වය හුදු තාවකාලික ජනප්‍රියත්වයක් පමණයි.

      Delete
    4. ඒක ඇත්ත සෙන්නා. දැන් මේ දෙන්නගේ කතාව දන්න අය ටෙස්ලගෙයි එඩිසන්ගෙයි වෙනස දන්නවා. හැබැයි ඒ බොහොම සුළුතරයක්. ලෝකයේ බහුතරයකම පිළිගැනීම තියෙන්නේ එඩිසන් ට නේද? ඒ පෝස්ට් එකට ආපු කමෙන්ට් වලිනුත් ඒ බව පෙනුනා. කිසිම සුදුසුකමක් නැති කෙනෙක් මිනිස්සු මුලා කරලා අනවශ්‍ය ගෞරවයක්/ආදායමක්/වෙනත් වාසි ලබා ගන්නවානම් ඒක හොඳ දෙයක් නෙවෙයි කියන එකයි මගේ අදහස. ඒ අයට එහෙම කරන්න ඉඩ දෙන එකත් හොඳ දෙයක් නෙමෙයි. තමන්ට අයිති දෙයක අයිතිය තහවුරු කර ගන්න එක ජනප්‍රිය වෙන්න දැඟලිමක් හැටියට මම දකින්නෙත් නැහැ. පේටන්ට්ස්, කොපි රයිට්ස් මේ හැම දෙයක්ම පවතින්නේ ඒ අවශ්‍යතාවය මත නේද...

      Delete
    5. ඔන්න මෙතනටම මමත් පැන්නා..

      ටෙස්ලගෙ කතාව මම දැනගත්තෙ මෑතක.. ඉතින් එඩිසන් තමා මම වැඩකාරයා කියලා හිතාන හිටියෙ..

      මමත් යමක් කරලා ඒක කියව කියව යන කෙනෙක් නෙමෙයි.. ඒක නිසාම මම කරපු දේවලින් වෙනත් අය ලකුණු දාගත්තු අවස්ථා ගොඩක් තියෙනවා.. ඒ වෙලාවට නම් ඇත්තටම හීනි දුකක් ඇතිවෙනවා.. ඒත් ඒක ඒ පුද්ගලයටම දීලා නිකා ඉන්නවා.. දැනුත්

      මට හිතෙන විදිහට තමුන් වැඩ කරන ආයතනයක ඉහළට යන්න නම් බොරු කරලා හරි ලකුණු දාගන්න වෙනවා නේද? වැඩ කරන එකාට වඩා කරනවා කියලා පෙන්නන එකයි ගොඩ යන්නෙ..

      Delete
  25. මම හිතන විදිහට සමාජයේ හැම කෙනාම ජනප්‍රිය වෙන්න දගලන ප්‍රධානම හේතුව තමයි...
    ලංකාවේ ජනමාධ්‍ය තුලින් ජනප්‍රියත්වයට දී තිබෙන වැරදි අර්ථකථනය....

    ReplyDelete
  26. ජනප්‍රයත්වය ලැබෙන්නෙ කරන,කියන, දේවල් ඇසුරින් සමාජයෙන්. ඒක බලන් හෝ මුදලින් ලබාගන්න බෑ උපයාගත යුතුයි.

    ReplyDelete
  27. ඇත්ත හරියට වැඩක් කලොත් ඉබෙම ජනප්‍රිය වෙයි...ජනප්‍රියත්වය පසුපස හඹානොයන්න...ජනප්‍රියත්වයට ඔබ පසුපස හඹාඑන්නට ඉඩ දෙන්න හැබැ සිමා මායිම් ඇතුව

    ReplyDelete
  28. මෙන්න පෝස්ට්!!! නියමයි වර්ණෝ... මාත් එකඟයි!!!හුඟාක් අය ජනප්‍රියත්වය කියලා හිතාගෙන ඉන්නෙ වැරදි විදියට!!! බලෙන් ලබාගන්න ජනප්‍රියත්වයක් තියා කිසිම දෙයක් රඳාපවතින්නෙ නෑනෙ... බලෙන් ලබාගන්න දේ වල අගයකුත් නෑ..

    ReplyDelete
  29. මොන වුනත් ජනප්‍රියත්වය පස්සේ ගිහින් ලබා ගන්න ජයග්‍රහණ වගේම ජනප්‍රියත්වයත් තාවකාලිකයි එත් සැබෑ දක්ෂයෙක් නම් ජනප්‍රියත්වය එය පස්සෙන් එන එක වලක්වන්න කාටවත්ම බැ

    ReplyDelete
  30. ජනප්‍රිය වෙන්න ලේසියි.
    ජනප්‍රියත්වය පවත්වාගන්න හරිම අමාරුයි.
    ජනප්‍රිය වෙන එක ටාගට් කරලා කරන්න පුළුවං දෙයක් නෙමෙයි.
    හැබැයි ජනප්‍රියත්වය පවත්වාගන්න එක ටාගට් කරලා කරන්න පුළුවනි.
    වෙලාවකට ජනප්‍රියත්වය කියන්නේ මහ බරක්. තවත් වෙලාවකට හරිම සුන්දර අත්දැකීමක්....

    වැදගත්ම කාරණේ, ප්‍රසිද්ධියයි ජනප්‍රියත්වයයි පටලවා ගන්න එපා.
    මිනිස්සු ජනප්‍රිය වෙනවා කියලා හිතන්නේ ප්‍රසිද්ධියට.
    ප්‍රසිද්ධ වෙන්න ඕනෙ කෙනෙක්ට පුළුවනි. ජනප්‍රිය වෙන්න එහෙම බෑ.

    හොද ලිපියක් වර්ණා...

    ජය වේවා!!!

    ReplyDelete
  31. අද කාලේ ජනප්‍රිය වෙන්න කියල සමහර මිනිස්සු ප්‍රසිධියේ බෙල්ලේ වැල හරි දාගනිවී. අද ඉන්නේ එහෙම මිනිස්සු.

    ReplyDelete
  32. එල අක්කෝ එල.... එහෙම හිතන් ඉන්න අයට රිදෙන්න දීලා තියෙනවා :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  33. ඇතැම් විට වෙහෙස මහන්සියෙන් ජන්ප්‍රියත්වය උපයාගත් පුද්ගලයෝද වෙති එමනිසා 100% එකඟ වීමට නොහැක.. නමුත් යම්තාක් දුරට එකඟ විය හැක

    ReplyDelete
  34. ඇත්තම කිව්වොත් අපි කවුරුත් ජනප්‍රිය වීම කෙසේ වෙතත් ඇගයීමට ලක්වීමට නම් ආසාවක් දක්වනවා. මාත් එහෙමයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  35. ලිපියේ කරුණු සමග එකගවෙමි ..

    ReplyDelete
  36. හුගාක් හොඳ මිනිස්සුන්ටයි හුගාක් නරක මිනිස්සුන්ටයි ඉක්මනටම ජනප්‍රිය වෙන්න පුළුවන්, නරක මිනිස්සු ජන(අ)ප්‍රිය වෙනවද මන්දා

    ReplyDelete
  37. ඇත්තටම මේ ලිපියේ කියවපු හැම දෙනාම තේරුම ගන්නවානම් හොඳයි. ඕනෙම කෙනෙක් ජනප්‍රිය වෙන්න කැමති. ඒත් ඒ දේ ක්‍රමයකට කරන්න ඕනේ.අපි අනිත් කෙනෙකුට ආකර්ෂණය වෙන්නේ වෙනවා. බලෙන් ඒ දේ කරන්න ගියොත් අපි ප්‍රසිද්ධ වේවි ඒත් ජනප්‍රිය වෙන එකක් නැහැ.

    ReplyDelete
  38. ඒක ඇත්ත අක්කි ජනප්‍රියත්වය කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි..ඒ වගේ මේ ජිවිතයේ බලෙන් ලබා ගන්න දේවල් රදා පවතිනවත් අඩුයි..අපිට දෙයක් ලැබෙනවා නම් අනිවාර්යෙන් ලැබෙනවා වගේම දෙයක් නැති වෙනවා නම් ඒකත් අනිවාර්යෙන් නැතිවෙනවම තමයි....

    ReplyDelete
  39. ඉතාම හොඳ අදහස් ටිකක් වර්ණා.

    සමහර අය හොඳ දෙයක් කරලා ජනප්‍රියත්වය, ප්‍රශංසාව ලැබුනහම නිහතමානීව සතු‍ටු වෙනවා. සමහර එවුං කිසි වැඩකට නැති පුහු දේවල් කරලා කීර්තිය බලාපොරොත්තුවෙන් මැරෙන්න හදනවා. එහෙම කරන්නේ කරන දෙයින් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන අය කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
  40. කැපී පේන්න ආසයි.... ඒත් මට ඒක උවමනාවෙන් කරන්න වෙන අවස්ථා අඩුයි,,,,
    :)
    එහෙම උවමනාවෙන්ම කැපී පේන්න වැඩි ආසාවක් නෑ නෙ මගෙ...

    මොක උනත් කියල තියෙන කතාව නම් ඇත්ත...
    :)

    ReplyDelete
  41. වර්නා..සමහරු ජනප්‍රිය වෙන්න ගිහින් ජන අප්‍රිය වෙලා අහක ඉන්න අයව ජනප්‍රිය කරන වෙලාවලුත් තියනව නේද?..ඒකටනෙ ඔය ලොකු මහත්වරු චූටි බබාල වගේ හැසිරෙන්නෙ..හික්ස්..!

    ReplyDelete
  42. සමහර අය ජනප්‍රිය වෙන්න කරන දේවල් දැක්කාම චී කියල හිතෙනව. ඇත්තටම ලංකාවෙ විතරද මන්දා එහෙම අය ඉන්නෙ. මම කොමෙන්ට් නොකලට ගොඩක් බ්ලොග් කියවනව. පහුගිය දවස්වල සමහර අය කරපු කියපු දේවල් දැක්කාම ගොඩාක් දුක හිතුන විතරක්ම නෙවි, කලකිරුනත් එක්ක

    ReplyDelete
  43. හරිම වැදගත් ලිපියක්..මොකද ගොඩක් දෙනා ඔය කීව වගේ ජනප්‍රිය වෙන්න ගිහින් ඇනගන්නව...
    මේක ලංකාවේ ඉන්න හැමෝටම ප්‍රින්ට් කරලා බෙදුවත් පව් නෑ .......

    ReplyDelete
  44. හරියට හරි නියමයි. අපේ ගොඩදෙනෙක් කරන්නේ ඉතින් ඕකනේ. සුදුස්සාට සුදුසු තැන.

    ReplyDelete