Monday, July 23, 2012

_____ පුංචි සුරංගනාවියකට ඇසීම ලබා දෙමු නේද ___



පුංචි දරුවෙක් කියන්නේ හරියට මලක් වගේ. හරිම පරිස්සමට ආදරේ ගොඩාක් දීලා චුටි මල් කැකුලක් හදන්න සමහර  දෙමව්පියෝ කොච්චර දුක් විඳිනවද? තමන්ගේ දරුවාට කිසිම ලෙඩක් දුකක් නොදී බලාගන්න දෙමව්පියන් වෙච්චි ඔබ කොච්චර පරිස්සම් වෙනවාද?

මේ පින්තුරේ ඉන්න මල් කැකුලක් වගේ පුංචි නංගියාගේ වයස තාම අවුරුදු 4 යි.එයාගේ නම ප්‍රශාලි තත්සරා නානායක්කාර.තාම කටේ කිරි සුවඳ ගිහිල්ලත් නැති මේ පුංචි කැකුලගේ කන් දෙකම ඇහෙන්නේ නැහැ.අපි එකතු වෙලා මේ අහිංසක සමනළියට අනාගතේ ගීතය අසන්නට උදව් කරමු.
මේ නංගියාට කෘතීම කර්ණ ශාන්ඛයක් බද්ද කරන්න ඕනි. එම සැත්කමට හා උපකරණයකට රුපියල් ලක්ෂ 21 ත් 25 ත් අතර මුදලක් වැය වෙනවා කියලා වෛද්‍යවරු පවසනවා.

එත් ත්‍රිවිල් රථ රියදුරු රස්සාව එදා වේල හොයාගන්න මේ පවුලට උදව් වෙනකොට මෙපණ මුදලක් ඒ දෙමව්පියන්ට හොයාගන්න එක හීනයක්‌...., 
දැනට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 3 ක් නිර්දේශ කරලා තියෙනවා.ගොඩාක් මහන්සියෙන් ටිකට් විකුනලා, ගොඩාක් අයගේ උදව්වෙන් දැනට රුපියල් ලක්ෂ 9 ක් හොයාගෙන තිබෙනවා.තව ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 10 ක් ඕනා කරනවා මේ මල් කැකුල ට ජිවිතේ දෙන්න. 2012 අගෝස්තු 20 වෙනිදා වෙනකොට මේ සැත්කම කරොත් එම සැත්කම හුගාක් සාර්ථක වෙයි කියලයි වෛද්‍යවරු පවසන්නේ.
අපෙන් ලැබෙන පුංචි රුපියලෙන් පවා මේ පැංචිගේ අනාගතය තීරණය වෙනවා.

ඉතින් යාලුවනේ අපිට අතෑහැකි අයුරින් මේ මල් කැකුල ට උදව් කරමු නේද? අපි නාස්ති කරන සල්ලි හොඳ යහපත් අරමුණකට යොමු කරමු නේද? 



මේ පහත තියෙන්නේ මේ පැංචි ගේ තාත්තාගේ විස්තර හා ගිණුම් අංකය.

R.M.Kumara Rathna Nanayakkara 
701852184V 
49/C, Pulleyar Junction, 
Nuwara Wewa Rd, 
Anuradhapura
0778175609/0257911009

R.M.Kumara Rathnana Nanayakkara 
220-2-001-9-0057299
People's Bank
Nuwara wewa Branch
anuradhapura



හෙට පිබිදෙන අනාගතයට ලස්සනට පිබිදෙන්න අපි අද උදව් කරමු නේද?










65 comments:

  1. elaz machooooooo, thankzzzzzzzzzzzzzz. lve u sooo mch machan........
    Ceylon

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නැහැ මධුරංග අයියේ, මේ ඇනෝ ආව කෙනාගේ නැදැයෙක් තමයි මේ නංගි. ඔහුගේ ඉල්ලීමට තමයි මම මේ පොස්ට් එක දැම්මේ. ඔහු මගේ මිතුරෙක්.

      Delete
    3. ආහ් සොරි මචං !!!
      මම හිතුවේ ෆන් එකට මෙහෙම කිව්වයි කියලා.... ආයෙත් වතාවක් සොරි කියලා කිව්වා එහෙනම් :)

      Delete
    4. ඔන්න මචං මම දාපු කමෙන්ට් එකත් ඩිලීට් කලා. කවුද බං මේ වගේ එහෙකට ලව් යූ සෝ මච් කියලා කමෙන්ට් කරන්නේ. ඒක නිසයි හිතුවේ ෆන් එකට දාපු එකක් ය කියලා.

      Delete
    5. අනේ එකට කමක් නෑ අයියේ, ඒ යාලුවා මගේ හොඳම එලකිරිම යාලුවෙක්. එකයි එහෙම කියන්නේ. :)

      Delete
    6. :D ow maduranga sahoo, meh warna magema sahodariyek wage hena fit 1k, :) eya, meh blg reprt k liyala, eh nawathinneh nathuwa loku donation 1kuth prshali nangiyata dunna.... thnx all

      Ceylon

      Delete
  2. කෙරෙන්න ඕන උදව්ව කරන්නම්...
    දුවට ඉක්මන් සුවය පතනවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුති අයියා

      Delete
    2. thnkz sahooo
      ceylon

      Delete
  3. පින් සිදුවේවා. අපි හැකි පමණින් උදවු කරමු..

    ReplyDelete
  4. චූටි දෝණිට ඉක්මන් සුවය පතනවා..

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රර්තනෙත් එකමයි

      Delete
    2. Thanks Ru....
      Ceylon

      Delete
  5. ඔව් අක්කියෝ ඒ පුංචි මල් කැකුල වෙනුවෙන් අපිත් පුළුවන් උපරිම දෙයක් කරමු...මේ පුංචි මල් කැකුල ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
  6. ඔබේ සමාජ සත්කාරය ඉහලින් අගය කරනවා...වර්ණා....හැකි පමණින් උදව්වක් දෙන්න බලන්නම්...
    පුංචි මලටත් ඉක්මණින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු. අපි නාස්ති කරන සල්ලි වලින් මේ පැන්චිට සුවය ලබුනානං එකම ඇති පිනකට

      Delete
    2. Thnks siththam
      Ceylon

      Delete
  7. වැදගැම්මකට නැති කියුම් අතරේ මේ වගේ ලියුම් කියවන්න කවුරුවත් නැතිද?

    ReplyDelete
    Replies
    1. එකනම් දුකට කාරණයක්

      Delete
  8. අපි උදව් කරමු.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුති යාලු

      Delete
    2. Thnks Mr.Chandana
      Ceylon

      Delete
  9. ජීවිතය දකින්න පෙරුම් පුරන දරුවෙක් ඒ වගේ තත්වෙකට පත් වුනාම ඒ දෙමව්පියෝ කොච්චර අසරණ වෙන්න ඇත් ද? මොකද හැමෝම සල්ලිකාරයෝ නෙවෙයිනේ. ඔබේ කර්තව්‍යයත් ඔවුන්ට ශක්තියක් වේවි. පුළු පුළුවන් හැටියට සුළුවෙන් හරි ආධාරයක් කරමු. වතුර බිංදුව බිංදුව එකතුවෙල නොවැ මහ ගඟක් හැදෙන්නෙ. අපි ඒ පුංචි සුරංගනාවිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. ඔව්ව් යාලු. අපි හැමෝම උත්සහා කරන්නේ එකට. අපි එකතු වුනොත් කරන්න බැරි දෙයක් නැහැ

      Delete
    2. aniwaryemma DDT, thnks
      Ceylon

      Delete
  10. මේකේ එකව්න්ට්ස් විස්තර තිබුනනං ගොඩාක් හොඳයි කැමති කෙනෙක් බැංකුවට සල්ලි දන්නා වුනත් පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. eh chooty nangiyage thaththage accnt dtails palleha dala thiyenawa saho..
      Thnkss
      Ceylon

      Delete
  11. එකව්න්ට්ස් විස්තර සඳහන් කරලා තියෙනවා අසාර් අයියේ.

    ReplyDelete
    Replies
    1. හරිනේ ලිපිනයට පස්සේ තියෙනවා නේ. මම බැලුවේ ලිපියේ කොහේ හරි ලියල තියේද කියල විතරයි.

      Delete
  12. ම්ම්ම්... උදව් කරන්නම්.... ඉක්මන් සුවය පතනවා.. චුට්ටිට!!!!!

    ReplyDelete
  13. මහගු කාර්යයක් ,හැකි උපකාරයක්‌ කරමු

    ReplyDelete
  14. හැකි උදව්වක් කරන්නම්, ඒ වගේම සුරංඟනාවිට ඉක්මන සුවය ලැබේවා

    ReplyDelete
  15. දකින්න පරක්කු උනාද මන්දා උපකාරයක් කරමු.......

    ReplyDelete
  16. හැකි පමණින් උදව්වක් කරන්නම්. පුංචි මල් කැකුලක්ම තමයි. දෙමාපියන්ට දැනෙන දුකම දැනුනා. අයිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. ස්තූතියි ඔබේ සමාජ මෙහෙවරටත්. මගේ හිතවතුන්ටත් මේල් කරනව.

    ReplyDelete
  17. Replies
    1. email ekak awith nam naha,
      wmandaakini@gmail.com (my email address)

      Delete
    2. ඔබගේ උපකාරය ඉතා අගය කරමි

      Delete
    3. ලන්කාප්‍රිය මහත්මයානෙනි, ඔබගේ කාරුණික ආධාරය ප්‍රශාලි නන්ගිගේ පියාට ලෑබුණා.. ඔබට ඉතාමත් පින්....
      වචන වලින් කියලා නිම කරන්න බෑ ..
      මිනිසුන් අතර මනුස්සයෙකු වූ ඔබට බොහොම පින්

      Ceylon

      Delete
  18. හැකි විදිහකට දායක වෙන්න උපරිමෙන් උත්සහ කරනව නෙවෙයි ........ කරනවාමයි

    ReplyDelete
  19. හැකි පමනින් උදවුවක් කරනව, ඉක්මනින්ම !

    ReplyDelete
  20. වර්ණා කරන්න පුළුවන් උපරිම උදව්ව කරන්නම්.
    බුදු සරණයි දුවට.
    මේ වගේ දේවල් වලට උදවු කරන ඔබටත් බුදු සරණයි / ජේසු පිහිටයි.

    ReplyDelete
  21. ඇත්තටම ගොඩාක් ලොකු පිනක් ඔයා කරලා තියෙන්නෙ වර්ණා... අවශයය හැම ලියකියවිල්ලක්මත් අමුනලා තියන එක වටිනවා පොස්ට් එකේ. අපි හැමෝම එකතු වෙලා උත්සහා කරමූ. වියදම් කරන්න ලොකු මුදලක් නැති උනත් ලොකු දෙයක් ඔයාට කරන්න පුලුවන්.......

    ReplyDelete
  22. ඉක්මන් සුවය පතනවා

    ReplyDelete
  23. Replies
    1. වෙලාවට සැත්කම කරන්න නොහැකි වෙලා මාමේ. එයාලා ගේ උකස්‌ කරන්න යනවාලු. එත් ගෙයි පිරිසිදු ඔප්පු නෙමෙයිලු තියෙන්නේ :( ඔවුන් පුදුම විදියට අසරණ වෙලා ඉන්නේ

      Delete
  24. බය වෙන්න එපා චූටි පැටික්කිට ඉක්මනට සනීප වෙනව!!

    ReplyDelete
    Replies
    1. එක තමයි අපි හැමෝගෙම පැතුම

      Delete
  25. අන්තිමට දරුවා තාමත් ආබාධිතයි නේද ?

    ReplyDelete