Sunday, September 23, 2012

__සුනඛයෙකුගේ පාපොච්චාරණය__


          "සෑම මිනිසෙකුටම බල්ලෙකු සිටිය යුතුය" යන පැරණි කියමන මං අහලා තියෙනවා. එත් මට හිතෙන්නේ :සෑම බල්ලෙකුටම මිනිසෙක් සිටිය යුතුයි" කියලයි.
                                බල්ලෙකු වූ මා කතා කරන්නේ මොන දෙයක් ගැනද කියන්න මං දන්නවා.හැම බල්ලෙකුම ඉතා පරීක්ෂාවෙන් මිනිසෙකු තෝරාගන්න ඕනා.ඒ තේරීම වෙන්න ඕනේ ඉතා කරුණාවන්ත බල්ලන්ට ආදරේ කරන හැන්දෑවට ඇවිදින්න කැමති කෙනෙක්.
            ඒ අතින් මං තෝරාගත්ත මනුස්සයා ඒ හැම අතින්ම සම්පුර්ණ කෙනෙක්.මං කියලා දෙන ඕනෑම දෙයක් ඉක්මනින් වටහා ගන්න එයාට පුළුවන්.මං මුලින් එයාට ඉගැන්නුවේ මට බෝල විසි කරන හැටි.එයා ඈත ඉඳන් ඉන්නකොට මං කටින් බොලේ අරන් ගිහින් එයා ළඟ තියලා ඈතට දුවනවා.එයා තේරුම් ගන්නවා එතකොට එය මා වෙත විසි කල යුතු බව. ඉතින් මේ විදියට අපි සෑහෙන වෙලාවක් සෙල්ලම් කලාම මට කලින් ඔහු විඩාටව පත් වෙනවා. අන්න ඒ වගේ වෙලාවට මට හිතෙනවා මිනිසෙක් අප තරම් (බල්ලෙකු තරම් )ශක්තිමත් නෑ කියලා.
                          සමහර වෙලාවට හැන්දෑවේ අපි ඇවිදින කොට ඔහු ඔහේ උඩ බලාගෙන යනවා. එතකොට මං කරන්නේ වරක් දෙවරක් ඔහුගේ පා අතරින් එහා මෙහා පැනීමයි. එතකොට ඔහු ඔහුගේ අතේ කර පටිය තද කර රඳවා ගන්නවා. ඒ කියන්නේ ඔහු මගේ ළඟටම වී ඉන්න බවයි.
                       දවසක් මගේ මිනිසා පාන්දරම මගේ කරපටියත් අරන් දුවමින් හිටියා.එත් මට දැනුනේ හරිම කම්මැලි කමක්. මං එකවරම නැවතුනා. ඔහු පටිය පැටලී බිම වැටුනා. ඉන් පස්සේ ඔහු හෙමින් මා පස්සෙන් ගමන් කළා.තවත් ඒ වගේ දවසක ඔහු බිම වැටි විනාඩි කිහිපයක් ඒ විදිහටම හිටියා. මිනිහෙකුට උනත් සලකන ඒක හොඳ දෙයක්. ඒ වගේ වෙලාවට මං ගිහින් එයාගේ මුණ ලෙවකනවා.
                                                                  බොහෝ වෙලාවට අප, මිනිසුන් අපත් එක්ක එකට නිදාගන්නවාට කැමති නැහැ.එත් මං ඔහුට මාත් එක්ක නිදාගන්න ඉඩ දීලයි තියෙන්නේ.මං ආසයි ඒ වගේ කෙනෙක් මගේ ලඟින් ඉන්නවට. ඒක මගේ ආරක්ෂාවටත් හොඳයි.ඔහුට අයත් සැප පහසු කුෂන් පුටුවක් තියෙනවා.මං අහලා තියෙනවා ඒ වගේ පුටුවල වාඩි උනාම මිනිස්සු කම්මැලි වෙනවා කියලා.එයා ඉඳ ගන්න එද්දී මං ඒ පුටුවට පැනලා නිදා ගන්නවා. නැත්තම් සෙල්ලම් කරනවා. එතකොට ඔහු අසල තියෙන වෙනත් පුටුවක ඉඳ ගන්නවා. මං ආස නැහැ මිනිස්සුන්ව කම්මැලි කරන්න.ඒක එයාලගේ දියුණුවට නරකයි.


                                                                            
 මිනිහෙකුට යමක් උගන්නන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි.සමහර දේ පුන පුනා ඔහුට කියන්න ඕනේ.එත් මං කවදාවත් තරහා ගිහින් ඔහුට බුරන්න, පයින් ගහන්න යන්නේ නැහැ.දෙතුන් වතාක කෙඳිරි ගාමින් ඔහුට නැවත ඒ දෙය තේරුම් කිරීමට උත්සහා ගන්නවා.සමහර වෙලාවට මගේ ආහාර ගැනීම ට යාමට ඔහු ඉඩ දෙන්නේ නැහැ. එවිට දෙතුන් වතාවක් ඔහුට බුර බුරා ඔහු කල වැරැද්ද පෙන්වා දෙද්දී ඔහු කල වරද තේරුම් ගෙන මා කරපටියෙන් ලිහනවා. ඔහුගේ එම වැටහීම මට ලොකු සතුටක්.

                    ඇතැම් දවසක ඔහු නිවසින් පිටවී යාමට සුදානම් වෙනවා. ඒ වගේ වෙලාවට මං ඔහුගේ පා අසල වැතිරී හුගාක් දුකින් වගේ ඒ මුහුණ දිහා බලන් ඉන්නවා.එතකොට ඔහු ගමන් මල්ල පැත්තකින් තියලා ඒ අදහස අතහැර ගන්නවා. ඒ වගේ වෙලාවට එයාට මගේ අවසරය ලැබෙනවා සැප පුටුවේ වාඩි වෙන්න.මං හෙමින් ඔහු ලඟට ගිහින් අතක් ලෙවකමින් මගේ කෘතඥතාව ඔහුට පළ කරනවා.
      මිනිහෙක් එලියට බැස්සම ඔහේ දඩාවතේ යනවා.ඒ වුනාට මං වැදගත් බල්ලෙක්.මං කැමති නැහැ ඕවට.එබැවින් ඔහු නිතරම නිවස තුල තියාගෙන ඉන්න ඉන්න මං දරන්නේ සුළුපටු උත්සාහයක් නෙමෙයි. වෙලාවකට මේ මිනිස්සු හැදිල්ලත් මට එපා වෙනවා.....



  කොරේ ෆෝර්ඩ් ගේ Every dog should own a man කෘතිය ඇසුරෙන් :)


ප.ලි. - කලකට පස්සේ වේලකට බැස්සේ කියලා ඔන්න මම ආපහු බ්ලොග් ලිපියක් ලියන්න ආවේ ටික කාලයකට පස්සේ. ඒ කාලය අතර තුර මුණු පොතෙන් වගේම පෞද්ගලිකව හමුවී මං ගැන හොයා බලපු ඇයි ලියන්නේ නැත්තේ කියලා අහපු , කරදරයක්ද කියලා සොයා බලපු හැමෝටම ස්තුති :)))

67 comments:

  1. අනේ අප්පා මගේ බුලටුත් මෙහෙම හිතනවද මන්දා..

    හැමදාම ගෙදර ගිහින් එන්න ලෑස්ති වෙලා ජැකට් එක දාගන්න කොට එයා ඇවිල්ලා ඒකේ එල්ලිලා දැන් ඒක ඉරිලම ගිහිල්ලා... මාව තද කරලා බදාගෙන ඉන්නවා එළියට එන්න දෙන් නැතුව.... දුකේ බෑ දාලා එන්න...

    හැබැයි මිනිස්සු හදන එක අමාරුයි කියලා අපේ බුලට් නම් හිතන් නැතුව ඇති.. උන්දැට ඕනේ කරන ඔක්කොම ජාති අපෙ අම්මයි තාත්තයි කරලා දෙනවා.... දැන් මං නැති අඩුපාඩුවට ඉන්න එයා නේ.... එයා තමයි දැන් ගෘහ මූලිකයා.... හි හි....

    මරු ලිපිය ...... මට මගේ යාලු බලු මිත්තරයෝ ටික ඔක්කොම මතක් උනා....

    ReplyDelete
    Replies
    1. බුලට් මාරු නම අක්කේ.. අපේ බල්ලාගේ නම නම් බ්ලෂ්
      ගොඩාක් ස්තුති අක්කි

      Delete
    2. ගිහින් බලන්නකෝ... ඔය ඉන්නේ මගේ බුන්ටා... හි හි



      ( පොඩි ටෙස්ට් එකක් කලේ.. හරි ගියොත් ගොඩ.. හි හි ලින්ක් එක ගැන මං කිව්වේ..)

      Delete
    3. වැටිලා නෑ නේ... අපරාදේ.. හි හි

      http://hirunethihorawa.blogspot.com/2010/07/blog-post.html
      ඔන්න දන්න හැටියට දැම්මා හි හි

      Delete
  2. ආ...ඉඳලා ඉඳලා බලු කතාවක් ම ලියලා තියෙන්නෙ! සතුටුයි කාලෙකින් හරි ආව එක ගැන...

    ReplyDelete
  3. කලකට පස්සේ හරි වේලකට බැහැලා කරලා තියෙන වඩේ නියමයි වර්ණෝ. ලිපියේන් පෙන්නුව අදහස නියමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුති මධාරෝ

      Delete
  4. මම ආසම සතා වගේම වැඩියෙන්ම ආදරේ කරන සතාත් බල්ලා.

    බල්ලන්ට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ;)

    ReplyDelete
    Replies
    1. දැනටමත් එහෙමනේ...

      Delete
    2. හේ හෙමමත් ආසම සතා බල්ලා

      Delete
  5. මේක ස්ව නිර්මාණයක්ද පරිවර්දනයක්ද වර්ණා, මොක වුනත් සුපිරියි!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පරිවර්තනයක් ඩුඩ්. පරිවර්තනය නම් මා විසින්.
      කොරේ ෆෝර්ඩ් ගේ Every dog should own a man කෘතිය ඇසුරෙන් :)

      Delete
  6. සුරතල් සතුන් ඇතිකරන හුඟක් අය ඇත්තෙන්ම ඒ සත්තුන්ට සංවේදීයි. එයාල කියන්න උත්සාහ කරන දේ ඔවුන් පහසුවෙන්ම වටහා ගන්නවා. හැබැයි මම නම් කිසිම සතෙක් ඇති කරන්න කැමති නැහැ.

    මොකක්දෝ අත් වැරදීමකින් පූසෙක් වෙන ළමයෙක් ගැන හුඟකාලෙකට කලින් කියවපු රසවත් කතාවක් මතක් වුනා. ඇත්තටම සත්තු මිනිස්සු ගැන මෙහෙම හිතනවද දන්නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිතනවා ඇති. මොකද මට එක සමහර වෙලාවට තේරිලා තියෙනවා. මේක පරිවර්තනයක් මා විසින් කරපු. පොත කියවපුවම මට ඒ අගිම වැඩි උනා.මම නම් සත්තුන්ට පුදුම ආදරයක්.

      Delete
  7. ඒක මරු අප්පා.. ඇත්තටම බල්ලො ඔහොම අපි ගැන හිතනවත් ඇති. අර හවසට ඇවිදින්ඩ යන එකනම් බලු ආසාවක් නෙමේ කියලයි මට හිතෙන්නෙ.. මම කවදාවත් දැකලා නෑ තනියම හවසට ඇවිදින්ඩ යන බල්ලෙක්ව..

    ReplyDelete
    Replies
    1. ඇවිදින එක බැලූ ආසාවක් සෙන්නා. මම ඇති කරපු හැම බල්ලෙක්ම බීච් යමු කියුවම පැනලා එන්නේ . ටනියම නම් ඇවිදින්න යන බල්ලන්ව නම් මම දකලාත් නැහැ. එත් බල්ලෙක්ව ස්වාමියා විසින් අවිද්න්න එක්කගෙන යා යුතුයි.

      Delete
  8. මාත් හරිම කැමතියි සත්තුන්ට. ඒ අතරින් බලුස්ලා විශේෂයි. අපේ ගෙදරත් ඉන්නවා ෂෝයි බලු යාලුවෙක්. නම " බෝර්න් " . මම ඉතින් කලාතුරකින් ගෙදර යන එකානෙ. මම යන දවසට එයාට මා ලඟම දැවටි දැවටි ඉන්න ඕනෙ. ඒ තරම් ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව. එහෙම උනාම ආසයි. මම හැමදාම වැඩ ඇරිලා එනකොට අපේ බව්වාත් ගේට් එක ගාවට වෙලා බලාගෙන ඉඳලා මට යක‍ා වගේ බුරනවා :ඩි

      Delete
  9. "වනපෙත අඬගසයි" කියවලා තියෙනවද....? මට ඒ පොත මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. නැහැ කියවලා නැහැ.
      කොරේ ෆෝර්ඩ් ගේ Every dog should own a man පොතේ න් කරපු පරිවර්තනයක් මේක

      Delete
    2. වනපොත අඬගසයි වගේම ජැක් ලන්ඩන්ගේ පොත් ඔක්කොම වගේ හරිම ලස්සනයි....
      කියවලා බලන්න...

      Delete
    3. ආරියවංශ රණවීර මහත්මය පරිවර්තනය කරපු ජැක් ලන්ඩන්ගෙ පොත නේද, හුඟ කාලෙකට කලින් පුස්තකාලෙකින් අරන් කියෙව්ව මතකයි.

      Delete
    4. එකනම් මම කියවලා නැහැ

      Delete
  10. කාලෙකට පස්සේ මාර බලු කතාවක්නේ!
    ඇත්තටම බල්ලෙක් ගැනද ලිව්වේ??

    ReplyDelete
    Replies
    1. ඔව ඔව්ව් බල්ලෙක් ගැන තමයි

      Delete
  11. මනුස්ස හිතට හොඳට දැනෙන්න බල්ල කතාකරල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. පොත කියවලා බලන්නකෝ.

      Delete
  12. ලස්සනයි වර්ණා..මගේ බලු පැටව් ටික දාපු සෙල්ලම් ඔක්කොම මතක් උනා අයෙමත් මේ පොස්ට් එක නිසා.

    ReplyDelete
  13. නියමයි! අපූරු ලියවිල්ලක්.ඔබේ බැනර් එකත් හරි ලස්සනයි.ජය!

    ReplyDelete
  14. ඇත්තටම එයාල එහෙම හිතනවා ඇති.. මට නම් දැන් බල්ලෙක් නැහැ.. බලු තෘෂ්ණාවෙන් පිරිලයි ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ මාමේ ඒ ?

      Delete
    2. මෙහෙ අපි ඉන්නේ කොන්ඩෝ එකක. සත්තු තහනම්. අනික ඉතින් සතෙක් හදනවානම් නිදහසේ ඉන්න තැනක් දෙන්න ඕන.. ලංකාවට ආවාම බවුවෙක් ගන්න හිතන් ඉන්නවා. ඔයා මගේ බලු කතා ටික කියෙවුවෙ නැහැනේ..

      Delete
    3. අනේ කියෙව්වේ නැහැ :( කියවන්න ඕනි අදම :) ලංකාවට ආවම ගන්නකො බව්වෙක් එහෙනම්. එත් පිටරට ඉන්න =අ බව්වෝ ලස්සනයි

      Delete
  15. බුක් බුක්...පරිවර්ථනය පට්ට පට්ට...

    ReplyDelete
  16. ඔක්කෝමත් හරි කියමුකෝ. අපි බයික්කෙ යද්දි පනින්නෙ නැතුව හිටියනං බල්ලන්ට ආදරේකරන්න තිබුන මටත්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකනම් දුකට කරුණක් :(

      Delete
  17. අපේ බලු කුක්කත් ඔය වගේ එක එක විකාර දේවල් හිතන පාටයි... ලගකදී ඉදන් මාත් එක්ක හෙන අවුල් ගෙමමයි ඉල්ලන්නේ...

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙනම් ඔයා මොනාහරි මගෝඩි වැඩක් කරන්න ඇති බල්ලා ට :/

      Delete
  18. අපේ එක්කෙනාගෙ නම ටිග(ර්)...ඒකත් මල විකාරයක් වෙලාවකට...මාත් ආදරේම බල්ලො යලුවොන්ට තමයි. ඒත් අපේ ගෙදර අය නම් එච්චරම කෑමති නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර අයත්.. එයාලා කැමති. එත් කක්කි දානකොට, චු දානකොට, ඇදුම් කනකොට ,තමයි තර‍ා යන්නේ එයාලට. මටනම් මොනා කලත් තරහා යන්නෙම නැහැ

      Delete
  19. බල්ලො හැම කෙනාම නැතත් ඔහොම හිතන අයත් ඇති. අපේ ගෙදර ඉන්න එක බල්ලෙකුත් හිතන් ඉන්නෙ එයාට අම්මව අයිතියි කියලා. අපි අම්මගෙ ඇඟේ ඇතිල්ලිලා හුරතල් වෙනකොට හරිම තරහයි. අපිව තල්ලු කරනවා ඒ වෙලාවට.

    ReplyDelete
    Replies
    1. පවුලෙම කෙනෙක් වගේ....ඒවා සංසාර පුරුදු..

      Delete
    2. හෙහෙ , එහෙම බල්ලොත් ඉන්නවා. ;))))

      Delete
    3. නැත්තං මං දන්න බල්ලෝ කොච්චර හිටියද ඔය වාගේ
      බලන්න කෝ මේක

      http://atampahura.blogspot.com/2012/06/blog-post_03.html

      Delete
  20. වර්ණා නංගි කාලෙකින් නියම පෝස්ට් එකක් හරහා. අපේ කසින් ගෙ බල්ලට මම දාන සැර අඩු කරන්න හිතුණා අප්පා මේක කියවල

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කා. අනේ ඔව බල්ලෝ පව්, අපේ අම්මාත් හරියට සැර දානවා

      Delete
  21. නියමයි .. වෛවර්ණා ..
    හොඳට .. හිතට කා වදින විදිහට වැඩේ කරල තියෙනවා.
    මාත් ආස අනෙක් එවුන්ට වඩා බල්ලන් ට.

    ReplyDelete
  22. මගේ යූරාත් මගේ ගැන හිතන්නේ මෙහෙමද දන්නේ නෑ!

    ReplyDelete
  23. බල්ලෝ හිතන්නේ සිංහලෙන්ද බලු භාෂාවෙන් ද?... කමක් නැහැ සිංහල පරිවර්තනය නියමට තියෙනවා.

    අයෙත් පටන් ගමු ලියන්න.

    ජය හෝ....

    ReplyDelete
    Replies
    1. මට බලු බාසාව දන්නවා අනේ අසරෝ :)

      Delete
  24. සුභ පැතුම් වර්ණා හොදම කාන්තා බ්ලොග්කරණයට

    ReplyDelete
    Replies
    1. නිර්දේශිත නාම මල්ලි'

      Delete
  25. සුභ පැතුම් වර්ණා හොදම කාන්තා බ්ලොග් කරණයට

    ReplyDelete
  26. බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වු ඔබට සුභ පැතුම්...
    දිරියෙන් ඉදිරියට යමු

    ReplyDelete
  27. එල හිතන්න දෙයක් ලිපියෙහි ගැබ්වෙලා තියෙනවා. අදමයි ආවේ. ඔන්න ආයෙම එන්න පාර ලියාගත්තා.

    ReplyDelete
  28. බල්ලෝ කියන්නේ ස්වාමියාට හිතවත් හොඳ සත්තු ජාතියක්. ඒකට පූසෝ :(

    ReplyDelete
  29. Garfield sho දවසක් ගියා එයා පූසෝ වැඩ කරන මිනිස්සු
    හුරතලේට හදන කතාවක් ..ඒකත් හොදයි ..
    කතාව කියෙව්වා කමෙන්ට් කියවන්න බැරි තරම්
    අකුරු පොඩි වැඩියි ..

    ReplyDelete