Saturday, October 6, 2012

පව් කාරයා මං

සසර කතර එතෙර කරන
නැව හිමි නාවිකයා ඔබ
අදුර අතර සිරගත කල
ආලෝකයේ සිලුවයි ඔබ

මෙලොව බුදුන් මට පෙන්වා
කවා පොවා දෙවා සතර
මමයි ඔබේ මිසදුටු පුත්
හමුවී ඇත ගෙවා සතර

අවැඩ පවැඩ ලොවැඩ සිත්
අතර නිතර සැරිසැරුවද
රාග ද්වේශ මෝහ රසින්
දිවිය අතරමං වුවද

මතු බුදුවන මෙතේ බුදුන්
ඔබ මව් කුස බිහි වූවද
ගෙදර බුදුන් ලෙස පෙළහර
පෑ අවසර මගේ නොවේද

පෙරුම් පුරා සසර ගෙවා
බුදුවූ ලෙස මෙතේ බුදුන්
ඔබට හැකිද බුදු වන්නට
මා හැදු වැඩු පිනේ බලෙන්

මවැනි පුතුන් හැදු පවින්
බුදු පදවිය ගිලිහුණි නම්
හතර අපා උපදින්නම්
උඹේ පවුත් මට දීපන්






ප.ලි. - මට කවි ලියන්න බැරියෝ. මේ අසිහියෙන් ඉන්න වෙලාවක මගේ කෙනෙක් ලියපු කවියක්.අව්‍යාජයි....

66 comments:

  1. ම්ම්ම්.... ඒත් මම හිතුවා කවියේ අන්තර්ගතය ටිකක් වෙනස් නිසා ඔයා ම ලිව්ව එකක්දෝ කියලත්! කොහොම උනත් අව්‍යාජ හැඟීමක් වගේ තමයි!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුති ලහිරු

      Delete
  2. ම් ... අසිහියෙන් ඉන්න වෙලාවක් කිව්වෙ ....

    ReplyDelete
    Replies
    1. සිහියෙන් නැතුව. මලක් වගේ දෙයක් පාවිච්චි කරලා ඉන්න වෙලාවක

      Delete
  3. කවුරු ලිව්ව උනත් මටනම් කවිය තුල ලොකු තේරුමක් දැක්කා....

    ReplyDelete
    Replies
    1. මමත්. එකයි බ්ලොගේ දැම්මෙත්.. ඔහුගේ ජිවිතයම මේ කවිය තුල තියෙනවා

      Delete
  4. අපූරුවට කවි පේළි ගොතලා තියෙනවා... ලස්සනයි...

    ReplyDelete
  5. ගොඩක් කතා කරන්න ඔනා මාර්තුකාවක් කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්.. මේ තුල ගොඩාක් දේවල් සැඟවිලා තියෙනවා

      Delete
  6. ම්ම්ම්ම්ම්ම්......ලස්සනයි..

    ReplyDelete
  7. අව්‍යාජයි තමා...

    මොන්තක්‍රිස්තෝහි සිටුවරයා පොතේ එනව 'පසුතැවිල්ල හොඳ බේතකි' කියල කථාවක්

    සම්මා සතියට 'ඔබේ කෙනා' ඉක්මණින් එළැඹේවා

    ස්තූතියි බෙදගත්තට ලස්සන අදහසක්

    ReplyDelete
    Replies
    1. ම්ම් ස්තුති මේ පැත්තට ගොඩ වුනාට දැවැන්තයෙක් :)

      Delete
  8. වචන දාස් ගානක කථාවක් පේලීකීපයකින් බොහෝම අපූරුවට ලියල තියෙනව ....... සුභ

    ReplyDelete
  9. අද අවේ ඈ.. අව්‍යාජ වුනත් ගලාගෙන යාමක් තියනවා..ලස්සන කවි ටික :)

    ReplyDelete
  10. මං මේ බ්ලොග් එකට ආවේ අදමයි.ඒ දඟකාර සිතැත්ති ගේ බ්ලොග් එකේ දැකලා. මං මේ කමෙන්ටුව දමන්නේ කවියට නොවේ ඇහැට ඇහැ දතට දත කියන ජුදා නිතිය දැකලා. ඒක හරි භයානක කියමනක්.
    සුබ ගමන්!

    ReplyDelete
    Replies
    1. මම දන්නවා. මම කතෝලිකයෙක්. තේරුමක් නොදැන ඒ වගේ දෙයක් මම දාන්නේ නැහැ සහෝ :))
      ස්තුති මේ පැත්තට ගොඩ උනාට

      Delete
  11. කලෙකින් කියවපු නිර්මානාත්මක පද පෙලක්....

    ReplyDelete
  12. මුරගල බ්ලොගෙත් පේලි හතරක කවියක් තිබ්බා... දරුවන්ට වහපොවන අම්මලා ගැන..

    ReplyDelete
    Replies
    1. මේ අම්මා දරුවන් වෙනුවෙන් දුක උහුලන කෙනෙක්

      Delete
  13. අසිහියෙන් ලියූ කවි සිහියෙන් ලියූ කවි වලට වඩා ගතිද මන්දා!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්. මේ ලෝකේ ලස්සන සිතුවිලි බිහිවෙන්නේ අසිහියෙන් ඉන්න වෙලාවල්වලට

      Delete
  14. මටනං තේරැන් නැ අනේ

    ReplyDelete
    Replies
    1. අනේ :(
      කවියෙන් කියවෙන්නේ පව්කාර පුතෙක් තමන්ගේ අම්මා ඉදිරියේ පසුතැවෙන අදහසක්

      Delete
  15. හෑ??? අසිහියෙන් ඉන්න වෙලාවක means බීල වත් හිටියද අප්පා??? අසිහියෙන් වුනත් ලස්සනට ලියවිලානේ

    ReplyDelete
    Replies
    1. අරක්කු බීල ඉන්න වෙලාවක් නෙමෙයි යාලු. වෙන දෙයක් :)
      ඒ වගේ වෙලාවල්වලට නිර්මාණාත්මක දෑ බිහිවෙනවා වැඩි

      Delete
  16. මොකක් කියන්නද මන්ද??
    අව්‍යාජ නම් තමයි!

    ReplyDelete
  17. කෝම උනත් කවි පෙල ලස්සනයි..

    ReplyDelete
  18. නිර්මාණය කාගෙ වුනත් හොදයි.

    ReplyDelete
    Replies
    1. නිර්මාණකරුවාගේ නම එලි කිරීමට ඇති නොහැකියාව මත මම පසුවන්නෙමි

      Delete
  19. කවි ලියන්න බෑ?? එහෙනම් මේ ලියලා තියෙන්නෙ.. තේරුමක් ඇති අපූරු කවියක්!!!

    ReplyDelete
    Replies
    1. මම නෙමෙයි හිතුවො ලියුවේ. ලියපු කෙනා බුකියේදී කියන්නම්කො

      Delete
  20. හ්ම්...අව්‍යාජයි තමයි...ලස්සන‍ට ‍ගලපලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුති යාලු. ඔබ සැමගේ අදහස් ඔහු කියවනවා

      Delete
  21. මාත් බීල බලන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. නාකි අයියා කාලෙකින්. කොහෙද ගිහින් හිටියේ?

      Delete
  22. ලස්සන පද පේලියක්...
    දිගටම ලියන්න නංගෝ..

    ReplyDelete
    Replies
    1. දිගටම ලියනවා අක්කෝ

      Delete
  23. මේක ඔයාගෙම එකක් නෙවෙයි නේ. ඉස්සර මම චිත්‍ර අන්ද වගේද ඔයත් මේ කවි වල අයිතිකාරයාගේ නම කියන්නේ නැහැ නේ. මොකක්ද රහස..

    ReplyDelete
    Replies
    1. රහසද? ඩෙල්මා සුවඳ සබන් :)

      Delete
  24. අසිහියෙන් මෙහෙම ලියන්න පුළුවන් නම් ඒ විදිහට අසිහියෙන්ම ඉඳන් කවි පොතක් මන් ලියනවා..

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න අනේ අපි ඉන්නවා බලාගෙන :)

      Delete
  25. The poem is a confession of a son who understand the gravity of his behaviour and it reveals his inner sorrow well. Nicely written.

    ReplyDelete
  26. මවැනි පුතුන් හැදු පවින්
    බුදු පදවිය ගිලිහුණි නම්
    හතර අපා උපදින්නම්
    උඹේ පවුත් මට දීපන්

    මේ ටිකට තමා මම කැමතිම.. හරිම අපූරු නිර්මාණයක් වර්ණෝ..

    ReplyDelete
    Replies
    1. මමත් ආසම ඒ ටිකට :)

      Delete
  27. අසිහියෙන් උනත් නියමෙට ලියලා තියෙනවා !

    ReplyDelete
  28. අප්පේ අසිහියෙන්ම කවි ලියන්න.හොඳ සිහියෙන් ලිව්වොත් ඇස්වහා වඳියි.ඔබට ජය!

    ReplyDelete
  29. සුපිරි ලියැවිල්ලක්නේ.මේ නම් අසිහියෙන් ලියපු එකක් නෙමේ.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අසිහියෙන් තමයි :)
      සිහියෙන් ඉද්දි කවි ලියන්න බෑ එයාට :ඩි

      Delete
  30. "මවැනි පුතුන් හැදු පවින්
    බුදු පදවිය ගිලිහුණි නම්
    හතර අපා උපදින්නම්
    උඹේ පවුත් මට දීපන්"

    නියම කවි ටික.....හිතට වදින්න ලියල තියෙනවා.... :)

    ReplyDelete
  31. අපූරුවට ලියල. කිසිම වරදක් කියන්න බැහැ.

    ReplyDelete