Monday, November 21, 2011

සමරු පොතේ පිටුවක්...!!!

වස්සානය ඇවිත් නැවතත් යන හින්දා
මිහිකත අඩනවා වැහි බිදු නැති හින්දා
මම ඔබ උනත් දිනයක වෙන වෙන හින්දා
මිතුදම ඔබට අමතක වේවිද මන්දා...

ඔන්න ඔහොමයි මම මගේ සමරුපොතේ මුල් පිටුව හැඩ කලේ..  ඊයේ මගේ පොත් රාක්කය අස් කරද්දී මට හම්බුනා A/L කරද්දී මගේ යාළුවො ලියපු සමරු පොතක්.. ඉතින් මම එක කියවගෙන ගියා.. සමහර තැන් වලදී බඩ පැලෙන්න හිනා ගියා. එත් සමහර තැන වලදී කම්මුල තෙත් උනා..  ඒ කාලේ හිටපු යාලුවන්ගෙන් සමහර අය දැන් හොයාගන්න නැහැ, ඒ වෙනුවට අලුත් යාළුවො ඇති වෙලා තියෙනවා.. එත් පුංචි කාලේ ඉදල මේ මොහොත වෙනකන් ඉන්න යාලුවොත් ඉන්නවා.. ඒ අයගෙන් මගේ හොදම යාළුවා මධුකා.. 1 වසරේ ඉදන් මේ දක්වාම මගේ ළග ඉන්න මගේ නොසැලෙන ශක්තිය ඇයයි.. මෙන්න මේ වගේ සටහනක් තමයි ඇය මගේ සමරු පොතේ මං ගැන තබලා තිබුනේ.. ඔන්න එහෙනම් මම එක මෙතන ලියනවා. ටිකක් දිගයි.. කියවන්න බෝරින්ග් උනොත් සමාවත් ඉල්ලනවා...

මේ තියෙන්නේ මගේ සමරු පොත

මාගේ ආදරණීය එලාස්

ඔබගේ සැප දුක කෙසේද? මම නම් සුවෙන් සිටිමි.. තාමත් මාර ගහෙ මල් පිපෙනවද?  ඔයා තාමත් මල්ලි එක්ක පොඩි කඩේට එනවද? දැදුරු ඔයාට ගිහින් බට්ටගෙන් වැටෙනවද..
ඔන්න විශ්වාස නැත්තම් බලන්නකෝ.
මෙන්න පටන් ගැන්ම
ඔහේ හිටපිය .. මෝඩ මධුකා මොනවද මේ ලියන විකාර.. පිස්සුව තද වෙලාද අහ්හ්? නැත ලුස් ද බන් ගොනෝ..  අනේ මන්ද එළෝ මොනවා ලියන්නද කියලා හිතේ තියෙනවා පිටු 100 ක ලියන්න දේවල් අපි දෙන්නා hutch වගේ ඔයයි මමයි විතරයි..


 ඔයාව මට මුලින්ම හම්බවුනේ 1 වසරේදී.. ඔයාට මතක නැතුව ඇති අපිව 1 වසරට දාපු මුල් දවසේ අපි දෙන්න හිටියේ එක පන්තියේ,, මම ඔයාගෙන් එදා නම ඇහුවා.. ඔයා කියුවා "ඔයාට වැඩක් නැහැනේ" කියලා... එදා මට තමුසේ බැන්නා.. හිතන ඇති මහා ලොක්කි කියලා... ඊට පස්සේ දවසකුත් මොකක්ද එකකට මට බැන්නා.. ඒ දවස්වල මෙකි හෙන නපුරියෙක්,, ආඩම්බරකාරියෙක්,, කොහොමහරි අපි දෙන්න ඊට ටික කාලෙකින්ම යාලු උනා.. මතකද පොඩි කාලේ අපේ සෙල්ලම.. "රීරි යකා" ඔයා තමයි යකා.. ඔයා පන්තියේ Black board  එකේ හුණු අරන් එනවා අපේ ඇගේ අදින්න.. එතකොට අපි කෑ ගහගෙන දුවනවා.. ඇත්තටම එලාස් පොඩි කාලේ ඉදලම සර්කිට් නේ? අනේ පව්...


කාලය කෙමෙන් කෙමෙන් ගෙවෙද්දී අපි ලොකුයි දැන්.. 10 වසරේදී අපේ පන්ති වෙන් කෙරුවා.. අපි ගොඩාක් දුක් උනා.. අඩන් නෑ  කියලා අපිට හිනා වෙවී හිටපු ඔයා අන්තිමේදී මහා හයියෙන් ඇඩුවා.. අපි ආපහු ඇඩුවා ... අපි දෙන්න පන්ති දෙකක හිටියත් Interval එකේදී කෑම කන්නේ අපි සෙට් එක එකට.. ඉස්සර ඉවොන් මිස් කියුවා ඔයා දක්ෂයි Science  වලට  A එකක් දායි කියලා.  ඒ වෙලාවේ ඇත්තටම මට ලොකු ආඩම්බරයක් දැනුනා. මොකද ඔයා මගේ හොදම යාළුවා නිසා..

මම ඔයාට දෙයක් කියන්නම්  මට මේ ලයිෆ් එකේදී දි හම්බවුනු හොදම යාළුවො 3 න් දෙනයි.. ඒ තුන් දෙනා තමයි ඔයා, සජා ඇන්ඩ් කල්පා. ඔයා හරිම වෙනස් යාලුවෙක්. ඔයා හැම කරදරෙකදිම මාත් එක්ක හිටියා.. මම අඩන වෙලාවට ඔයා ඇවිත්  අනිත් අය වගේ අඩන්න එපා කියල කදුළු පිහුවේ නැති උනාට ඔයා මාත් එක්ක හැම වෙලේම හිටියා.. මං මගේ අනිත් හැම යාලුවෙක් නිසාම අදාල තියෙනවා. But ඔයා නිසා හිනා උනා.. කවමදාවත් අඩුවේ නැහැ.. වෙන් වෙලා හිටපු අපි ආපහු එකතු උනා Science class එකේදී.
ඔයාට මතකද අපි A/L start  කරපු දවසේ ඉදන් claz ගියේ එකට.. .. ඒ දවස වල අපි හොදට වැඩ කළා අනිත් ළමයි අතරින් කැපී පෙනුනා. මතකද අමාරු ගානක් , ඒ ගැන හැදුවොත් මිස් තාපය පොතක් තෑගි දෙනවා කියල, අපි දෙන්න මාර විදියට හැදුවා ඒ ගාන.. එදා තමයි මට උඹ තාපය පාඩම මට හරියටම කියල දුන්නේ. ඒ හම්බුනු පොත උඹ මට දුන්න උඹ ගාව ඒ වගේ පොතක් තියෙනවා කියල. එදා මට ඇත්තටම උඹ ගැන පුදුම හිතුනා මචං.. 



දැන් මම මේ යන්ඩ හදන්නේ ඉස්කෝලේ පැත්තට.. අපි prefects ල වෙලා හිටපු දවස තමයි හොදම දවස් , අපි ඉගෙනීමත් පැත්තකට දාල එන උත්සව වලට බැහැලා වැඩ කරා.. හවස 5-6 වෙනකම් වැඩකරපු දවස අනන්තවත් ඇති නේද.? මතකද මල් වගයක් හොයන්ඩ ඔයයි මමයි සදීෂයි අර පිස්සු සචිනි යි මාරියි . අපි ඉතින් හැමදාමත් බලන්නේ කොහාට හරි පැනගන්නනේ.. ඇයි අපේ mission එක.. එක නම් මාරයි.. පාර මැද්දේ අපි පිස්සු නටපු හැටි මතක වෙද්දීත් හිනා යනවා.කවදා හරි මතක් කරලා හිනා වෙන්න තරම් ළමා කාලයක් අපි ගත කරා.. අපිට ඕන තරම් වැරදි වැඩ කරන්න තිබුනත් අපි හැමදාමත් සිමාවේ හිටියා,, 

මෙන්න මේ වගේ එකකින් තමයි මාව වැටුනේ
මම මෙහෙම ඔයාගේ auto කට්ට serious ලියන්න හිතුවේ නැහැ. එත් මට නොදනිම serious උනා.මගේ එක විශ්වාසයක් තියෙනවා මගේ ජීවිතේ හිනා වෙලා ඉන්න කාලෙට ඔයා මගේ ළග නැති උනත් මම දුක් වෙන වෙලාවට මට උදව් කරන්න පුළුවන් ඔයාට විතරමයි කියලා. ඔයයි අනුයි අපේ dad ගේ බට්ටගෙන් වැටුන එකනම් අමතක වෙන්නෙම නැහැ.. උඹලා කෑගැහුව විදියට මුළු ගමම එතෙන්ට ආපු නැති එක පුදුමයි. දන්නවද එලාස් මම මේ auto කට්ටේ අන්තිම පිටුවල ලියුවට මේ ඔටාස් , එලාස් ගේ heart එකේ සංස්ථානික මහා ධමනිය හරියෙන් තියා ගත්තේ නැත්තම් මම ඔයාලගේ ගෙදර වහලේ උඩට නැගල උපවාසකරනවා.. අම්මට කියපන් උදේටයි දවල්ටයි රෑටයි කන්න දෙන්න කියලා.Bio class යද්දී Friday වෙනකම් බලන් ඉන්නේ ඔයාලගේ මමී ගේ බත් එක කන්න හරිම රසයි,, ඔයාගේ b day party එකේදී තමා මම මේ ලෝකේ රහට කෑම ටිකක් කෑවේ.. ඊට පහුවෙනිදනේ මම accident උනේ..


අද මදුරුවෙක්වත් අහුවෙන්නේ නැහැ auto එකේ අලවන්ඩ..එලාස් මට කියන්න තියෙනවා දෙයක් ඔයාට. දැන් අපි ගොඩාක් ලොකුයිනේ.but ඔයා තාම හැමදේම හිතන්නේ හරිම සැහැල්ලුවෙන්.. ඕනාවට වඩා serious වෙන්නත් එපා. චුටි එකා වගේ හැමදේටම අඩන්නත් එපා. මිනිස්සු ගොඩාක් අය බලන ඉන්නේ අපි අඩනකොට හිනා වෙන්න. අනික ඔයා අඩද්දී මටත් දුකයි.. නේ..එලාස් .. claz යද්දී මම පාරේ තියෙන එක එක දේවල් පෙන්නලා කීවේ ඔයාට මට ඕනා කියලා,,but  මට අපේ පහුගිය අවුරුදු 13 ඕනා.. ඒලාස්  ඕනා..


මතකද ඔයාට අපේ අන්තිම house meet එක. අපි ඔක්කොමල්ලම  lilians ලා. වනන්න කොළ කොඩි නැති උනාම අපි කොළ අතු අරන් වැනුවේ..  ඇයි මගේ අලුත් භාෂාව.. අපි කොච්චර දක්ෂද බුධ්ධිමත්ද අච්චාරුවක්ද.. oh sorry විචාරවත්ද.



 අමතක නොවන අනිත් මතකේ තමයි අපේ සිංහරාජේ සවාරිය.. මමයි ඔයයි නිප්පයි එකටමයි හිටියේ. මතකද නිප්පා ගේ කකුලේ එල්ලුන UNP කුඩල්ලා. නිප්පාගේ විතරයි අමුතු කුඩල්ලො එල්ලෙන්නේ. අපි සාමාන්‍ය අයනේ. නිප්පා ඉතින් ප්ලුටෝ වලින් මෙහෙට පරීක්ෂණ කරන්න නාසා ඒකට එවපු ජීවියෙක්නේ. වැරදිලා මෙහෙට වැටිලා. ඇයි මම දුවිලි ඇල්ලෙන් වැටුණු වෙලේ ඔයා මාව උස්සලා ගත්තේ..
 මතකද ශාලිකායි ශේහාරයි නැති වෙච්ච වෙලේ අපි කොච්චර බය උනාද. ඔයා නම් ඇඩුවත් එක්ක. මට අඩන්නවත් අමතක උනා.. ඒ තරම්ම මම බය උනා.මතකද මම දුවිලි කුමාරි ගේ story එක? එක ඇත්ත අඩේ.. ඉස්කෝලේ වතුර ගහගෙන teachers ලාගෙන් බැනුම් අහපුවා.. මුළු පන්තියම දැනගස්සනවා ,, ලැජ්ජාවේ බෑ science class එකම දනගහගෙන commerce එවුන් කින්ඩි දානකොට බඩ පපුව හෝස් ගාල යනවා..
ලියන්නනම් කොච්චර දේවල් තියෙනවද එලෝ.. එත් පිටු මදි.. දන්නවද මම තමයි ඔයාගේ auto එකේ අඩුවෙන්න්ම ලියන්නේ. තාමත් ලියමින් පවතිනවා. මේක මම ලියද්දි උබ හොදට නිදි.. උබ ඉතින් රෑට පාඩම් කරලා දවල් නිදියගන්නවනේ. අපි ඉතින් හැමවෙලේම නිදියමගන්න අත්තොනේ බන්..  මේවා කියවද්දී boring වෙයි. එත් කියවන්න.. උබේ හැම දේකදිම මං ඉන්නවා කියල පොඩ්ඩක්වත් අමතක කරන්න එපා..ok මම shut down වෙනවා. 
                                                                         මීට 
                                                                         ඔයා දන්නවා මම කව්ද කියලා..

Hum hai rahi pyaar ke,
Phir Milenge chalthe chalthe..

             my name is otaz...
             elaaz ඔහේ හිටු..
             දැන් හිටියා ඇති 
             අපි යන්නට යමු..  
__________________________________________________________________________________


 ප.ළි--ඔන්න ඔහොමයි මගේ හොදම මිතුරිය මගේ සමරු පොතේ සටහන් තැබුවේ..අදටත් අපේ ගෙදර ඇවිත් අපේ අම්මිගෙන් බත් කටක් කන්න එයා අමතක කරන්නේ නැහැ.. යාළුකමට ආදර්ශයක්.. 

ප.ප.ළි-- එලාස් කියල කියුවේ මට ඔන්.. අනුවර්ත හුරුබුහුටි pet නාමයක්.. රුප ටිකකුත් මම අතරින් පතර දැම්මා ඔන්.. කියවල කමෙන්ටුවකුත් දාලම ගියානම් තමයි හොද... 

39 comments:

  1. පට්ට පෝස්ට් එක ඈ.... මටත් මතකි උනා අපිත් ඉස්කෝලෙ යන කාලෙ කරපු වැඩ....

    “ඉස්කෝලේ වතුර ගහගෙන teachers ලාගෙන් බැනුම් අහපුවා.. “

    අපිත් දවසත් වතුර ගහගත්ත.. බැනුම් ඇහුව ඒත් දනගහගෙන ඉන්න උනේ නෑ.. මොකද අපේ සෙක්ෂන් හෙඩ්ට ඒක දැකල අප්සට් ගියා.. මිනිහ හාර්ට් ඇටෑක් කාරයා... ඒනිසා ගොඩින් බේරානා...

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්... ඉස්කෝලේ කාලෙ..යාලුවොන්ගෙ කතා,සමරු පොත් වල ලියපුවා. මටත් ඒ ඔක්කොම එක සැනින් මතක් ව්උනා.මාව අතීතයට අරන් ගියා මේ පෝස්ට් එක..හරිම ලස්සනයි..තව තවත් ලියන්න දිග්ටම ලියන්න අපි බලන් ඉන්නවා කියවන්න..

    ReplyDelete
  3. නියමයි.. මට මගේ ස්කෝල කාලේ ආයේ මතක් කලා ඔයාගේ සටහන..

    ReplyDelete
  4. machooooooooooooooooooooo
    matath umba set uneh mata A/L kaledi, eda indala umbala math ekka marama fit una, budu fit una.
    machooo, umba, nira,presiya, gaffiya mage budhu fit 1 :) umma umma umma

    ReplyDelete
  5. ගොඩක් ආසාවෙන් කියෙව්වා... මටත් ඔයාට වගේ 1 වසර ඉදන් තාමත් එකට ඉන්න යාළුවෙක් ඉන්නවා..ඉතින් මට ඒ අතිතය මතක් වුණා..:)

    ReplyDelete
  6. මේ පෝස්ට් එක මගෙත් අතීතයට මාව අරන් ගියා.. මගේ පාසල් කාලේ ගැන මං මුකුත්ම බ්ලොග් එකේ ලියලා නෑ.. ඒ ගැනත් ලියන්න පටන් ගන්න ඕන...

    ReplyDelete
  7. අන්තිම පින්තූරේ දැක්කම හිතුනේ ඒක මම් ලිව්වද කියලා. මගේ අකුරුත් ඔය වගේ !!!

    ReplyDelete
  8. ජීවිතේ සුන්දරම අමතක නොවෙනම කාලයක්... වගකීම් වැඩිවෙද්දි.. එදා තිබුණ සැහැල්ලුව නැතිවෙද්දි.. ආයෙ කාගෙන අවසරද.. මතකය ඒ සුන්දර අතීතෙට දුවන්න.. :)

    (ලිලියන්ස්... හ්ම්ම්ම.. කහ පාට නිවාසය මාග්රට් නම්.. දැදුරු ඔය පාසැලට ළඟ නම්...බස්නාහිර පලාතේ බාලිකා පාසැලකටද වර්ණා ගියේ..) :)

    ReplyDelete
  9. දේව්දාස් මුලින්ම ආවෙත් අදයි... මුලින්ම කියෙව්වෙත් මේ ලිපිය... හිතට වැදුන ගොඩක්... ඇත්තටම... මොකද ඔය වගේ යාලුවෙක් දේව් ට ඉඳලා වත් ඉන්නෙවත් නෑ... ඒ අතින් දේව් ගොඩක් අවාසනාවන්තයි... ලස්සනට ලියනවා... දිගටම ලියන්න... දේව් දිගටම එනවා...

    දේව්දාස්...

    ReplyDelete
  10. සුන්දර මතකයක් ...මටත් මේ වගේම ටිකක් නෙමේ හොඳටෝම පිස්සු ෂෝක් යාලුවෙන් උන්නා...දැනටත් ඉන්නවා...

    සැරෙන් සැරේට බ්ලොග් එකේ නම වෙනස් කිරීම නම් එතරම් හොඳ දෙයක් නෙමේ.....ලින්ක් එකේ බ්ලොග් එකේ නම සටහන් වෙන්නෙ දියණියකගේ මතක කියලා...නමුත් ඒක වැරදියි කියනවා...ඊට පස්සෙ බලද්දී වර්ණාගේ මතක....මේක හදා ගන්න වෙයි යාලු... :)

    ReplyDelete
  11. ජීවිතය ගෙවිලා ගිහින් ආපහු හැරිලා බලද්දි අපිට ඉතුරුවෙන්නේ ලස්සන මතකයන් ගොන්නක් විතරයි! ඒ මතකයන් අලුත් කරන්න ඡායාරූපයක් හරි ලියමනක් හරි තිබ්බනම් ඒ මතකයන් සදාතනික වෙනවා..ඒ මොහොත තුල අපිව ජීවත් කරවනව..

    ReplyDelete
  12. @ කම්මැලියා
    අනේ අපෙනම් වතුර ගහගන්න ගහගන්න සැරේට දන ගස්සනවා පන්තිභාර මිස්.. ප්‍රින්සිපල් නම් ශේප්.. :)))
    -----------------------------------------------

    @හිතුවක්කාරි
    තැන්ක්ස් හිතු. මට බ්ලොග් එකක් ලියන්න දිරිය දුන්නේ ඔයා.. ඉස්කෝලේ කාලේ මතක මතක කරන්න කරන්න සුන්දරයි..
    ------------------------------------------------

    @Red Riding Hood
    හ්ම්ම් ඔව් අක්කි,, සුන්දර මතකයක්..

    -----------------------------------------------

    @ Ceylon
    බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා.. අනිවා මචං උබත් මගේ බොක්කක්,,
    -----------------------------------------------

    @ චතුමිතු
    ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා.. :)) හ්ම්ම් ඔව් එත් සමහර යාලුවොනත් ඈත් වෙලා.. දුකයි එක ගැන..

    ReplyDelete
  13. @ Dinesh
    හ්ම්ම් ලියන්න පාසල් කාලය ගැනත් අයියණ්ඩි.. ආසයි දැනගන්න..

    --------------------------------------------------

    @ මධුරංග
    හිහි එයාගේ ආකෘ ඔහොම තමයි.. එත් වෙලාවකට ලියන ඒවා කියවගන්නත් බැහැ.. ඒ තරම්ම හොකරට ලියන්නේ :)))

    ------------------------------------------------
    @ නන්දු
    හ්ම්ම් ඔව් වගකීම් වැඩි වෙද්දී පාසල් කාලයට ආපහු යන්න හිතෙනවා.. හ්ම්ම් කහ පාට මාග්‍රට් තමයි,, එත් බස්නාහිර පළාතේ නෙමෙයි, වයබ පළාතේ.. :)))

    -------------------------------------------------
    @ දේව්දාස්
    හ්ම්ම් දේව්දාස් ව සාදරයෙන් පිලිගන්නවා.. හ්ම්ම් යාළුවො අද ඉන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්, කාගේවත් ජීවිතේ මත තමන්ගේ ජීවිතේ නොරැදෙන තාක්කල් තමන් සාර්ථකයි..
    -------------------------------------------------

    @ දිල්
    :(( අනේ සොරි අක්කා. .. සමහර හේතු මත නම වෙනස් කරන්න උනා.. ආපහු එහෙම වෙන එකක් නැහැ.. ඔයා ආව එක ගොඩාක් ලොකු සතුටක් :)))

    ------------------------------------------------

    @ Sabith
    හ්ම්ම් පාසල් ජීවිතෙන් සමුගෙන වැඩි කාලයක් නොමැති නිසා ඒ මතක ගොඩාක් ඒ යාළුවො ගොඩාක් තාමත් ඒ වගේම ඉතුරු වෙලා තියෙනවා. එත් අනාගතේදී මොනවා වෙයිද කියලා කියන්න බෑ..

    ReplyDelete
  14. බොහොත් අච්චා හේ

    ReplyDelete
  15. ශුක්රියා බට්ටි :)))

    ReplyDelete
  16. ඇත්තටම පාසල් කාලයේ සුන්දර මතකයන් කප්පරක් තියෙනවා...අනේ මන්දා...
    මේක කියවද්දී මගේ පාසල් කාලය ආයේ එන්නේ නෑ කියලා දුකක් ඇති උණා...
    සිරා හැඟීම්බරයි...
    ලස්සනයි....
    යාලුවෝ ගැන නං කොච්චර කතා කරන්න තියෙනව ද?
    ඒ කාලයෙන් පස්සේ අපිට හම්බවුණේ නැති
    සමහර විට හම්බවෙන්නේම නැති යාලුවෝ...ජීවිතය මොන තරම් අමුතුද වෙලාවකට...

    ReplyDelete
  17. සමරු පොතෙ පිටු ගැලවි සුලගෙ දුවනවා..... ඔයාට මෙහෙම උනෙ නැද්ද?

    ReplyDelete
  18. @ ගලයා
    හ්ම්ම් සමහර යාළුවො අපි ඉන්නවද කියලවත් දන්නේ නැති තරමට වෙනස් වෙලා... එහෙම තමයි.,. සමාජේ විවිද ආකාරයේ මිනිස්සු ඉන්නවනේ,, සමහර අය අපි එක්ක යාළුවො වගේ වෙලා තියෙන්නේ අපෙන් වැඩ ගන්න.. හිහි..

    -----------------------------------------------------
    @ ashen
    පිටු නම් තාම ගැලවුනේ නැහැ.. බලමු .. ගැලවුනොත් දුවල ගිහින් අල්ලගන්නවා.. :)))

    ReplyDelete
  19. කොල්ලෝ ගාව ඉතින් සමරු පොත් නැහැනේ
    ඒත් අපේ පන්තියේ හිටපු කෙල්ලන්ගේ සමරු පොත් වල අපිත් ලියල තියෙනවා
    එකට පන්තියේ හිටපු කෙල්ලෝ ටිකට මක උනාද කියලවත් දැන් මම දන්නේ නැහැ
    මුණු පොතේ ඉන්නෙත් එක්කෙනෙක් විතරයි
    අනිත් උන් දැන් තම තමන්ගේ ලෝක වල දරු මල්ලොත් එක්ක ඇත්තේ
    මටනම් 1 වසරේ ඉඳල ඉන්න යාළුවෝ මේ වෙද්දී හම්බ වෙන්නෙවත් නැහැ
    මම ඉස්කෝල මාරු කරලා එහේ මෙහේ ගිය නිසා හැමෝවම වගේ මග අරුනා

    ReplyDelete
  20. මගෙත් සමරු පොතක් තියෙනවා A/L ඉවර වෙලා එන දවසේ කොල්ලෝ එක එක ඒවා ලියපු.........හංගලා තියෙන්නේ..මොකද ගොඩක් ඒවා XXX ඝනයේ නිසා....

    ReplyDelete
  21. ඔන්න මමත් ආවා,.. මට නම් මේක දැකපු ගමන් මේ ලියලා තියෙන්නේ මගෙයි, මගේ යාළුවන්ගේ කථාවයි කියලා හිතුනා,. මගේ සමරු පොතත් මම ගොඩාක්ම පරිස්සෙමෙන් ලඟ තියාගෙන ඉන්නේ මගේ හොඳම යාළුවො ඔක්කොගෙම මතක සටහන් තියෙන්නේ ඒකේ නිසා,. යාළුවො මතක් වෙන හැම වෙලාවකම ඒක කියවලා අඬන එක තමයි මම කරන්නේ,.
    අපිත් ප්‍රිෆෙක්ට් ඩේ වලට මල් හොයන්න පොකුණු වල බැහැගෙන පාරේ ඒ මල් උස්සගෙන කොල්ලන්ගෙන් නෝන්ඩි කකා ගියපු හැටි මේක කියවද්දි මට මතක් වුනා,. :)

    ReplyDelete
  22. @ ලොකු පුතා
    පාසැල් ජීවිතේට සමු දී වැඩි කාලයක් නැති නිසා මට තාම මගේ යාළුවො ටික එහෙම්මම ඉන්නවා. එත් අනාගතේදී ඔබේ තත්වයම මට වෙන්න පුළුවන් සහෝදරයා.

    ----------------------------------------------------------------

    @ ඔබ නොදුටු ලොවක්

    සමරු පොතේ අවසාන පිටුව හෙවත් පාඨක පිටුවෙ කුණුහරප එහෙම ලියනවා ඔන් සමහර ළමයි.. හිහි

    -----------------------------------------------------------------

    @ ප්‍රර්ථනා

    සාදරයෙන් පිලිගන්නවා අක්කාව. හ්ම්ම් ඔව් ප්‍රිෆෙක්ට්ස් ලා වෙලා ඉන්න කාලේ කරපු වැඩ මතක වෙද්දීත් මහන්සියි වගේ දැනෙනවා දැනටත් හිහි

    ReplyDelete
  23. මං හිතාගෙන හිටියේ, සමරු පොත් වල ලිව්වෙ ඉස්සර. දැන් kello කොල්ලො සමරු පොත් භාවිතේ අත ඇරල ඇති කියල.

    ReplyDelete
  24. හප්පෝ...මගේ සමරු පොතත් මතක් උනා මේක දැකලා...ඒක නම් පොතක් නෙමෙයි පිස්සු ලෝකයක්. ගෙදරට අහු උනානම් එහෙම ඔලුවේ අත ගහ ගන්නවා...මම ලංකාවෙන් එද්දී ඒක හංගලා තමයි ආවේ...හි හි

    ReplyDelete
  25. @ Observer
    ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා.. අනේ තාමත් අපි සමරු පොත් බාවිතා කරනවෝ... හිහි.

    ----------------------------------------------------------

    @ සයුරි

    හංගලා ආපු එක හොදයි :))

    ReplyDelete
  26. ඔයාගෙ යාළුවනම් පිස්සුම පිස්සු කෝච්චියක්!!
    ජීවිතේ හැමදාටම මතක තියන සටහනක් වගේ...

    ආ..අර බට්ටගෙන් වැටුන හැටි අපිට හරියටම කිව්වොත් හොඳයි නගේ..

    ReplyDelete
  27. පාසල් කාලය තරම් හොඳ කාලයක් කාටවත් නැහැ.... කිසිම බරක් පතලක් නැතුව හිටපු ඒ කාලේ ඉතින් ආයේ උදා වෙන්නේ නැහැ :(

    ReplyDelete
  28. Matath amathaka wenne ne mama pasal giya palamu dawasa. Mama ape thaththage athe ellila hitiye. passe game pasale mage panthiye lamai okkoma mage honda yaluwo. namuth mata 2 wasaredi game pasala atha erla yanna wuna. passe mama usaspela wenakam igena gaththe kolamba wenath pasalaka. game iskole kisima deyak mata amathaka wenne ne. e yaluwo adath yaluwo. mama gedara awama mawa hambawenawa. api kathabaha karanne harima lengathu kamin. game pasalata wediya eka pawlak kiyana hegeema thiyenawa. Ingrisi akuruwalain liwwata sorry.

    ReplyDelete
  29. @ රූ
    අක්කේ අපි මේ යාළුවගේ ගෙදර ගියා, එයාලගේ තාත්තට තියෙනවා ඩිමෝ බට්ටෙක්, වහලේ ඇරපු. අපි එකේ ගියා එයාලගේ ගෙවල් ගාව ගගක් තියෙනවා. ඒකෙන නාලෑ හේත ඇදුම පිටින්ම බට්ටාගේ පිට උද ආවා/ කකුල් එළියේ දාගෙන බිම ඉදගෙන, සින්දු කියා කිය, එකපාරටම තිරිංග තද කළා, මාවයි මගේ ලග හිටපු තව යාළුවෙකුයි බිමට වැටුනා එකපාරටම ලෙස්සිලා. ඔන්න ඕකයි ඒ බට්ටා කතාව. තුවාලත් උනා :((

    ReplyDelete
  30. @ hasitha
    ඔව් සහෝදරයා, ඔයාගේ කතාව සහතික ඇත්ත..

    ------------------------------------------------------------------

    @ charith
    ඔයාට ඕනෑම අකුරකින් මේකේ ලියන්න පුළුවන් සහෝදරයා. සිංහලම ඕනා නැහැ. ඒ ගැන කනගාටුවෙන්න එපා.
    හ්ම්ම් ගමේ ඉස්කෝලේ ඉදන් නගරෙට ගියාම වෙනස් තමයි. එත ගම තරම් නගරේ සුන්දර නැහැ, ඔය යාළුකම් හැමදාටම තියාගන්න, එක ගොඩාක් වටිනවා..

    ReplyDelete
  31. හික්ස්....ඔටාස් Vs එළාස්..පට්ට පට පටාස්....

    ReplyDelete
  32. ඔය ගැන හොඳට හිතන හොඳ යාලුවෙක්

    ReplyDelete
  33. @ ~~තරූගේ ලෝකය~~
    පට්ට පට පට,, මාරු නේද නම් දෙක හිකිස්‌

    ----------------------------------------------------------------------------------------------------

    @ අසරණයා
    හ්ම්ම් ඔව් හොදම හොද යාලුවෙක්

    ReplyDelete
  34. me oya deduru oya gena liya thiyenne ei? e paththeda inne?mama hugak aadaraya karana kenek ee peththe innawa.mata me post eka kiyevvata passe duka hithuna.ee nisa post eka gena comment karanne ne.sama venna.

    dukin inna chuti kellek

    ReplyDelete
  35. @ ඇනෝ
    මගේ යාළුවා ඉන්නේ දැදුරුඔය කිට්ටුව එකයි. හ්ම්ම් කමක් නෑ කමෙන්ට් නොකරට , ඒ හුගාක් ආදරේ කරන කෙනාව ගොඩාක් ආදරෙන් බලාගන්න, සුභපැතුම්

    ReplyDelete
  36. man comment nokalata oyage blog ekata hari aasai akke,hemadama evith yanava.
    anith eka eyava kavadavath mata himi vena ekak nethi vei.pirimi therum ganne nethi heti thamanta aadare karana hadavath gena.

    stuti akke matath reply comment ekak demmata.

    ReplyDelete
  37. @ ඇනෝ
    හ්ම්ම් මේ නංගා කෙනෙක් ද? ගොඩාක් සතුටුයි මගේ බ්ලොග් ඒක කියවන එකට නංගෝ.. හ්ම්ම් ඔව් පිරිමි තේරුම්ගන්නේ නැහැ, තෙරුම්ගත්තත් බාහිර බලපෑම නිසා තේරුම ගත්තේ නැහැ වගේ ඉන්නවා. එත නංගෝ අපිට උරුම කෙනා අනිවා අපිව හොයන එනවා. ඒ නිසා දුක නොවී ඉන්න. හැමදාම බලාපොරොත්තුවක් හිතේ තියන ඉන්න.... :)))

    ReplyDelete
  38. ඔය වගේ සුන්දර මතක අපේ පාසල් කාලයෙත් තිබුනා, සමහර ඒවා අමතක වෙලා අපි ඉතින් ඔටෝ ලිව්වෙ නැනෙ. මේක කියවද්දි ඒවා මතක් උනා, තැන්කියු...

    ReplyDelete
  39. @ Shaggy
    හ්ම්ම් හරිම සතුටුයි.

    ReplyDelete