Friday, November 25, 2011

සිතක උපන් කවි 3

කැඩීගිය සිහින මාලිගා... ප්‍රේමයේ මළ දරුවා...
උපද්දවා...
එනමුදු ප්‍රේමය 
මැරුවාද...???
ගොම්මන් මන්දාරම නිවාලන්නට සපැමිණි 
සියොලග හිස සිද දැමුවාද...?
හදවතේ ගිනි නිවාලන්නට හැකි වේද...
ඔහුට මිස.....

කැණී මඩල සිසාරා
කිරි සයුර පීරා..
සොයන්නෙමි අමාරස බිදක්
පන දීමට...
ප්‍රේමයේ මළ දරුවාට ...
මේ මළවුන්ගේ මාසයේ...
කව්රු අසාවිද
මේ මොන්ටිසෝරි හදවතේ
අවනඩුව .....???????? 

34 comments:

  1. හ්ම්..
    හදවත බොළඳයි,
    නෙතු අග කඳුළයි,
    සැමදා මට නම්,
    දොම්නස උරුමයි,..

    ඔහු ලඟ වැලපෙයි,
    ස්නේහය ඉල්ලයි,
    දෙනෙතම බොඳවෙයි,
    හදවත මිය යයි,.

    ReplyDelete
  2. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....... :( අපේ අවනඩු අහන්න කවුරුත් නෑ..

    ReplyDelete
  3. ඒ අවනඩුව
    අසා හිදීවී
    නූබට ආදරේ හිතක්
    නුඹට නොදැනී
    හොර රහසෙම..

    ReplyDelete
  4. සිතක මැරෙන කවි..

    නූපන් සිහින මාලිගා
    තනන්නට පැතූ පැතුමන් පුරවා
    ‍නිදන්නට දෙනෙත් වැසුවා
    ඇය ඇවිත් මගේ ඒ නින්ද කැඩුවා..

    හික් හික් හී.. අදයි දැක්කේ.. :-D

    ReplyDelete
  5. අපිවත් දැන් ඉතින් අවනඩුව අහන්නම්

    ReplyDelete
  6. මාත් ආවා ඒ අවනඩුව අහන්න !!!!

    ReplyDelete
  7. දැන් නම් නඩුව ඉවර ඇති.....

    ReplyDelete
  8. "කව්රු අසාවිද මේ මොන්ටිසෝරි හදවතේ අවනඩුව "
    මේ පේලිය තමයි ලස්සනම ...
    ජය !!!!

    ReplyDelete
  9. අසා හිඳීවී..
    නෙතු නොපෙනෙන මානයක හිඳ හෝ..
    නිමග්නව කල්පනාවක..
    නුඹට හිතැති
    හිතක්..
    ඔය හිත්
    අවනඩුව..

    හරිම ලස්සනයි නංගියෝ.. "කව්රු අසාවිද මේ මොන්ටිසෝරි හදවතේ අවනඩුව " මේ කොටසට මමත් ආසයි..
    සුබ පැතුම්.. තවත තවත් නිර්මාණ බිහිවෙන්නට.. :)

    ReplyDelete
  10. ලස්සන කවියක්!!! හරීම ලස්සනයි

    ReplyDelete
  11. කව්රු අසාවිද
    මේ මොන්ටිසෝරි හදවතේ
    අවනඩුව .....????????

    අනේ ඒ කෑල්ලට නම් දුක හිතුනා නගෝ. ඔන්න ඔහේ අපිට කියල දාන්න ඔය අවනඩුව.

    ReplyDelete
  12. @ ප්‍රාර්ථනා
    නොසැලෙන් අක්කේ
    ඔහු එයි පිම්මේ
    ඔහු අත ගන්නට
    සැරසෙන් සිත්සේ... :)))

    ------------------------------------------------------------------------------------------------

    @ හිතුවක්කාරි
    එකනේ කව්රුත් අහන්නේ නැහැනේ බලන්නකෝ...හිතට දුකයි,, :(((


    -----------------------------------------------------------------------------------------------

    @ Dinesh
    අසා සිටියි නම්
    නිබදව සතුටක්
    එනමුදු කිසිවෙකු
    නැත ආදරයක්...

    @ Pasan
    බිය නොවන්න සොයුර කිසිවිටකත්
    නැවතත් නිදන්න සුන්දර බැතියෙන්
    තනන්න ආදර මාලිගා සිත තුටියෙන්
    ගිලමින් නිදි පෙති අහුරක් අතකින් :)))

    -----------------------------------------------------------------------------------------------

    ReplyDelete
  13. @ Hasitha
    අහ්හ් අහන්න ආවනම් ඔය ලග තියෙන පුටුවක් අරන් ඈදි ගත්තනම් :))

    ReplyDelete
  14. @ මධුරංග
    අහ්හ් තව කෙනෙක් ඇවිත්.. අයියා එහෙනම් අහන්නකො නඩුව ..

    ----------------------------------------------------------------------------------------------------

    @ prasanna86k
    නෑ නෑ ඉවර නැහැ දැනුයි පටන් ගත්තේ :))

    ----------------------------------------------------------------------------------------------------

    @ ඔබ නොදු‍ටු ලොවක්
    බොහොම ස්තුතියි.. :)))

    ----------------------------------------------------------------------------------------------------

    @ නන්දු
    අසා සිටියි නම්
    මමත් කතා කරමි
    එහෙත් මට නොපෙනෙන
    සුළගක් ද ඔහු ?

    බොහොම ස්තුතියි අක්කේ.

    ReplyDelete
  15. @ නෙරංජි
    මේ පැත්තේ ගොඩවුනාට ස්තුතියි අක්කේ,,

    ---------------------------------------------------------------------------------------------------------

    @ කසුන්

    දුක නම් මටත් හිතෙනවා අයියේ මන් ගැනම.. හිහි.. අවනඩුව අහන්න ද? එහෙනම් හාකෝ අහන්නකො.. හිහි.

    ReplyDelete
  16. අසන්නට කෙනෙක් ලොව නැති
    හැම හදවත් තුල දුක් ඇති
    නොවෙන කෙනෙක් ලොව ඇති
    දකින්නට අපට පින් නැති

    මම හිතන්නේ මම මේ පැත්තේ ආවේ අදමද කොහෙද??

    ReplyDelete
  17. සොයා ගත්තත් අමා රස බිඳක්
    එයින් හද සුවපත් වේ යැයි
    කාට නම් සහතික විය හැකි ද?

    ReplyDelete
  18. කියන්න බලන්න නඩුව....... අපි එන්නම් අහන්න
    අක්කේ මේ template එක නම් සිරා...............:D

    ReplyDelete
  19. වර්ණා, කැණි මඬල කියන්නෙ මොකක්ද?

    ReplyDelete
  20. @ විසිතුරු | visituru
    කැණි මඬල කියන්නෙ වහලේ මුදුන් යට ලීය.. වහලේ ලී එකතු වෙන තැන. මගේ නම වර්ණා මන්දාකිණි. ඉතින් මන්දාකිණියේ වහල අහස. ඉතින් මම මේ කවියේ ව්‍යන්ගාර්ථයක් අදහස් කලේ. අහස කියන දෙය තමයි මෙහි මම අදහස් කලේ. බුකියේත් මේ පිලිබදව කෙනෙක් අහලා තිබුනා. :)))

    ---------------------------------------------------------------------------------------------------------------------------

    @ Nj_A

    අමා රස හිතට මිහිරිය ගතට සවිමත්ය..
    ලැබුනොතින් එය ලොවම හිසටය සිතට ආඩම්බරය..
    එහෙත් නුබට මට නොලැබෙන්නේය නියම අමා රස..
    බොරුව හැමතනය නොරැවටෙන් මිතුර කිසිදින..

    --------------------------------------------------------------------------------------------------------------------------

    @ දේවා ගේ අඩවිය
    පින් මදි උනා මට ඔහුව ලබන්නට...
    දේවා ආදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..

    ------------------------------------------------------------------------------------------------------------------------

    @ Suri
    කියන්න බෑ මල්ලි, කියුවොතින් ඔයාල දුවනවා :D
    තැන්ක්ස් තැන්ක්ස් template එක හොයලා දුන්නේ බ්ලොග් එකේ අයියෙක් ම තමා :)))

    ReplyDelete
  21. හ්ම්..කාටෙ කියන්නද මේ දුක..

    ReplyDelete
  22. අහ්! මෙන්න මොන්ටිසෝරි ළමයා කවියක් ලියලා... ළමයා මොන්ටිසෝරි උනාට කවිය නම් එහෙම නෑ මේක නියමයි නඟා...:):)

    ReplyDelete
  23. අදයි ඔයාව බලන්න මුලුන්ම අවේ මාරු කවි ටික දුක් වෙන්න එපා !! ඕනෙම දුකක් මේ අසරණයට කියන්න

    ReplyDelete
  24. @ ~~තරූගේ ලෝකය~~
    එක තමයි කාට කියන්නද :(((

    ----------------------------------------------------------------------------------------------------

    @ සුදු හංසි
    හිහි තැන්ක්ස් අක්කේ. තාම මම මොන්ටිසෝරි තමයි යන්නේ ඔව්

    ------------------------------------------------------------------------------------------------

    @ අසරණයා
    අසරනයාව අසරණ මගේ අසරණ බ්ලොග් පිටුවට සාදරෙන් පිලිගන්නවා. දුක මට කියන්න කියපු එකත් ලොකු දෙයක්.

    ReplyDelete
  25. අනේ මන්ද යන යන කවි බ්ලොග් එකේ ගෑනු ළමයි අඬනව

    ReplyDelete
  26. හ්ම්ම් හ්ම්ම් අඩනවා නෙමෙයි ඇඩේනවා :'(

    ReplyDelete
  27. නෙක පැහැයෙන් දිස් වෙච්චි
    අපේ සිත් වසඟ කළ
    ප්‍රේමයේ සබන් බෝලයට
    අල්පෙනෙති තුඩක් කළ හදිය!

    ReplyDelete
  28. @ පූසා
    හ්ම්ම් අල්පෙනෙති තුඩ මොට්ට කරලා කුඩු කරල දාන්න හිතෙනවා.

    ReplyDelete
  29. ස්තූතියි වර්ණා!

    ReplyDelete
  30. ඒ හදවතේ ගිනි නිවාලන්නට කාටවත්ම බැරි වෙයිද?

    ReplyDelete
  31. @ ඇනෝ
    බලමු කාට හරි පුළුවන් වෙයිද කියලා

    ReplyDelete
  32. පේන මානෙකවත් කවුරුත් ඉන්නවද?

    ReplyDelete
  33. @ ඇනෝ
    හ්ම්ම් නැහැ.

    ReplyDelete