Thursday, May 10, 2012
මධු අක්කා
එකම දුම්රිය පොලේ වේදිකා දෙකක දුම්රිය දෙකක්.එකක් බදුල්ල බලා යෑමට සුදානම්.අනික ගාල්ලේ යෑමට සුදානම්.පාසල අහවර වූ මොහොත හින්දා හෝ ගාලා සෙනග.
"අන්න මධු අක්කා" බදුල්ල දුම්රියේ මැදිරියක හුන් යුවතියක් හිටි හැටියේම කෑගැහුවා.
ඒ එක්කම ඒ මැදිරියේ හුන් යුවතියන් රෑනම නෙත් යොමු කලේ ගාල්ලේ දුම්රිය මැදිරිය වෙතයි.
"ඔව් අනේ. මදූ අක්කා තමයි... බලන්නකෝ ලස්සන?.. අනේ හරි ස්වීට් අනේ.ෂෝක් ඇඳුමක්.කොලේජ් යුනිෆෝම් එකට වැඩියේ කොච්චර ලස්සනද...."
ඔවුන් එකිනෙකා පරදවන්නට මෙන් කියවන්නට පටන් ගත්තා. ඒ නිසාමදෝ මැදිරියේ හුන් අන් හැමොටමත් මදූ අපුර්ව යුවතියක් උනා. ඒ වගේමයි තම පාසලේ යුවතියක් වෙනුවෙන් සහෝදර යුවතියන් කරන රූ වැනුම කාගේත් සිත් ගත්තා.
ගත වෙන්න ඇති කෙටි මොහොතක්...........
හිටි හැටියේම දුම්රිය පොලට කඩා වැදුනා පොලිස් නිලධාරින් පිරිසක්.ඔවුන් ගොඩ වුනේ ගාල්ලේ දුම්රියට.වටකර ගත්තා අර මධු අක්කා ව.ඊළඟට ඇයව අත්අඩංගුවට ගෙන පිටත් වුනා මත්ද්‍රව්‍ය පිළිබඳව සැකපිට.ඒ දෙස බලා සිටියා බදුල්ල දුම්රියේ හුන් සැවොම බීරන්තට්ටු වී.මොහොතකින් එක් යුවතියක් පණපොවා ගත්තා තම කටහඩට.
" ඒ අපේ මධු අක්කා නෙමෙයි අනේ. වෙන කෙල්ලෙක් " ඇය කීවා.
"එකතමා අනේ.බලන්නකෝ. අපිත් රැවටුණු හැටි." තව කවුදෝ එකතු වුනා.
දුම්රිය මැදිරියේ හුන් පිටස්තර කිහිප දෙනෙකු හිනා වුනා හෙමිහිට අනුකම්පාවෙන්
හරි උපහාසයෙන් හරි.......................
Subscribe to:
Post Comments (Atom)
පව් අනේ.හලී.... දුක හිතෙනවා....:පී.........
ReplyDeleteඔව් නේද හාලේ :පි
Deleteමම එක හොදේ අපොයි තෙරුනේ නෑ හරියට ආයෙත් කියවල බලන්න ඕනෙ
ReplyDeleteතරු එක වෙලා :පි
Deleteඅපොයි මට කලින් මේ තරූ පැනලනෙ ඉහි ඉහි
ReplyDeleteගනන් ගන්නෙපා අනේ...මේ අපි අපිනේ....
Deleteමට මේ කතාව ටිකක් පැටලිලි සහිතයි. ඒ මෙන්න මෙනති නිසා.
ReplyDelete"ඒ මැදිරියේ හුන් යුවතියන් රෑනම නෙත් යොමු කලේ මාතලේ දුම්රියේ මැදිරියක් වෙත."
ස්ටේෂමේ දුම්රිය දෙකයි එකක් බදුල්ල අනික ගාල්ල එතකොට "මාතලේ"
දුම්රිය කොහේද තිබුණේ.
මේ මහනුවර දුම්රිය ස්ථානය ද?
මත්ද්‍රව්‍ය ජාවාරමේ එක ක්‍රමයක් තමයි. මනා රූ සපුව ඇති කාන්තාවන් යොදාගැනිම මේක බහුලව සිදුවන දෙයක්.
Sawanna.ethanata galle dumriya wethata kiya niwaradi wenna ona.mama mulin wena dumriya sthana dekak damima nisai e warada sidu wune
Deleteඅනේ අපොයි පව් කෙල්ලො ටික........
ReplyDeleteමේක ඇත්තම ඇත්ත සිද්දියක්ද?
ඇත්තම කතාවක් නොවේ. :)
Delete"එක තමා අනේ.බලන්නකෝ. අපිත් රැවටුණු හැටි." :P මුන්ගේ මායම්
ReplyDeleteහැක හැක හැක
Deleteචූටියට අක්කලාගෙන් බේරෙන්න බෑ හම්මෝ පරිස්සම් වෙන්න වෙනවා අයනම් :0
ReplyDeleteඅම්මෝ පලිස්සං වෙන්ට චුටි පැටියෝ :පි
Deleteගෑනු ළමයි නේ :P :P
ReplyDeleteඔව් :/
Deleteඇත්ත සිද්ධියක්ද? :O මටත් මුලින්ම පොඩ්ඩක් ටැපලුනා.. ආයෙත් කියෙව්වාම හරි ගියා වගෙ!! :D
ReplyDeleteඇත්ත සිද්දියක් නෙමෙයි හිතු. දන්නේ නැද්ද නිකන් හදපු කතාවක්. හැබැයි ඔහොම දේවල් දැන් සිද්දවෙනවානේ :)
Deleteතව ටිකක් එකතුකරන්න මදිවගේ
ReplyDeleteෂෝට් එකට ලියුවේ :)
Deleteකෙටිම කෙටි කතාවක්....!!!!!! ලස්සනම ලස්සන කතාවක්......!!!!
ReplyDeleteබොහොම ස්තුති අක්කේ
Deleteඅපිත් රැවටුනානේ.. ඇත්ත කතාවක් නෙමෙයි කියලා හිතනවා...
ReplyDeleteඉහි ඉහි ඔව් :)
Deleteම්ම්ම්......මේක ඇත්ත කතාවක්දෝ???
ReplyDeleteනැතෝ ...................... එත් කාලින කතාවක්
Deleteඅනේ මන්ද ඉතින් :/
ReplyDeleteසත්‍ය කතාවක් නෙමෙය් නේද?? සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා ලු නේ :/
කතාවේ වචන වලින් කියන්න බැරි අමුතු වෙනසක් වගේම ගතියක් තිබ්බා :) short & sweet
ජය වේවා!!!
බොහොම ස්තුති පුබුදු සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. අදහසක් දෙන්නයි කතාවක් ගොඩනැගුවේ
Deleteහයියූ ඩෙයියනේ....:O
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්
Deleteදැන් එතකොට ඒ ඇත්තටම ඔයාලගේ මදු අක්කා නෙමෙඉද?
ReplyDeleteමටත් ඇතිවුනේ ඔය ප්‍රශ්ණෙමයි.
Deletehenryblogwalker the Dude
මධු අක්කා තමයි. ඉතින් වෙච්ච ලැජ්ජාව නිසා බොරුවට වෙන කෙනෙක් කියලා කියුවේ
Deleteඅන්න එකතමා මම කිවේ ගෑනු ළමයි කියලා.100% ගෑනු ළමයි. :P
Deleteමොකද්ද යාලු මේ. ඇත්ත කතාවක්ද? මොනවා උනත් අපරාදේ,පෙම්බර මදූ මගේ... පෙම්බර මදූ මගේ.. ජය...!
ReplyDeleteඇත්ත කතාවක් නෙමෙයි යාලු ගොතපු කතාවක්.
Deleteඇත්ත කතාවක් උනත් නොවුනත් ලස්සන කතාවක්....කෙල්ලො එහෙම තමා..හික්ස්..
ReplyDeleteස්තුති කිරිල්ලි. එක නෙමෙයි ඔයා ට පණිවුඩයක් තිබ්බා දෙයක් ගැන . බැලුවදෝ
Deleteමධුලා දැන් මධු වෙළඳාමේ ඉන්නවා.. මොනවා කරන්නද වැටත් නියරත් ගොයම් කන රටක..
ReplyDeleteහ්ම්ම් සහතික ඇත්ත කතාව සහෝ
Deleteසමහරු දැනුවත්ව ඕක කරනවා සමහරු නොදැනුවත්ව ඕක කරනවා.
ReplyDeleteහැබැයි පෙනුම තියෙන අය නවතින්නෙ ඔතනින් නෙමේ.
මතකනෙ කහවත්තෙ සීන් එක.
පෙනුමත් වෙලාවකට හරහට හිටිනවා කියන්නේ ඕකට තමයි :)
Deleteමිනිස්සු ජීවත්වෙන්න, ජීවත්වෙනකොට මේ වගේ දේවල් කොච්චර නම් කරනවද?
ReplyDelete//ඊළඟට ඇයව අත්අඩංගුවට ගෙන පිටත් වුනා මත්ද්‍රව්‍ය පිළිබඳව සැකපිට//
//" ඒ අපේ මධු අක්කා නෙමෙයි අනේ. වෙන කෙල්ලෙක් " ඇය කීවා.
"එකතමා අනේ.බලන්නකෝ. අපිත් රැවටුණු හැටි." තව කවුදෝ එකතු වුනා.//
ඔව් හරියට අර ජෙසුව අල්ලගන්න හේවායෝ ආපු වෙලාවේ ජේසු එක්කම හිටපු පේදුරුතුමා ජෙසුව අදුන්නන්නේ නැහැ කියුවා වගේ
Deleteකෙටි උනත් දැනෙන්නම කියල තියනවා :D
ReplyDeleteබොහොම ස්තුති අක්කා
Deleteපව්නේ.. කෙල්ලො ටිකට මාර බයිට් එක.
ReplyDeleteඒත් ඒ ඇත්තටම මධූ අක්කද? ඒක පැහැදිලි නෑනේ..
ඇත්තටම මධු අක්කා තමයි. වෙච්ච ලැජ්ජාව නිසා වෙන කෙනෙක් කියලා කියුවේ
Deleteලස්සනයි.
ReplyDeleteසත්‍යෙය් සටහනක් බුද්ධියේ විමසුමට..
ස්තුති. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා
Deleteපවුනේ මධු අක්ක.
ReplyDeleteඔව් අනේ. අපි එයාට ඇප දෙමුද :පි
Deleteමට නම් දුක හිතුන කෝච්චියෙ හිටපු කෙල්ලො සෙට් එක ගැන... හිනාවුන අය හිනාවෙන්න ඇත්තෙ අනිවාර්යෙන්ම දුකට වෙන්න ඕන... ඇඩුවෙ නැද්ද කවුරුත් ;)
ReplyDeleteදුකට කොහෙද හිනා උනේ. උපහාසයට හිනා උනේ. :පි
Deleteකතාව කෙටි වුනත් ලස්සනයි.මොකද ඇත්තටම කතාවේ හිතාගන්න බැරි අවසානයක් තියනවා....
ReplyDeleteබොහොම ස්තුති යාලු. මේ පැත්තට සාදරයෙන් පිලිගනන්වා
Deleteඑතකොට ඒ මධු අක්කා නෙවිද? මට පේන විදියට නම් වෙච්චි ලැජ්ජාව වහ ගන්ට ඒ අපේ මදූ අක්කා නෙවි කියා කිව්වා කියලයි...!!
ReplyDeleteඅන්න ඔව් එහෙම තමයි උනේ
Deleteරූපයට මුවාවෙලාහැමෝගෙම ඇස්වහල වගේ...
ReplyDeleteඅන්න ඔව්.. දැන් කාලේ වෙන දෙයක්නේ එක
Deleteකුරුණෑගල මෑන් කෙනෙක් හිටිය ඉස්කෝලේ මහත්තයෙක් වගේ ජාතික ඇඳුම ඇඳල ස්කූටර් එකේ ගමන් යන්නෙ, සරම අස්සෙ යන්නෙ කසිප්පු බූලිය.
ReplyDeleteමිනිහගෙ ජොබ් එක කසිප්පු ට්‍රාන්ස්පෝට් කෙරිල්ල.
කසිප්පු :පි
Deleteනියම බිස්නස් එකනේ. මම මේ බැංකු වැඩේ අතැරලා එකට බහින්න ඉන්නේ ඔබා මාමේ :පි
අද කාලෙට ගැලපෙන ලස්සන කෙටි කතාවක්...කාට උනත් ඔහොම දෙයක් උනත් කරන්නේ ඕක තාමනේ.සමාජේ හැටි..:)
ReplyDeleteඅක්කි දනන්වානේ ඉතින් මේ සමාජේ ඉන්නේ මොන වගේ අයද කියලා :)
Deleteකථාවනම් හරිම ලස්සනයි ..... ලැජ්ජාව නිසා මධූ අක්කා මධූ නොවුන හැටිනම් නියමයි....
ReplyDeleteබොහොම ස්තුති යාලු කමෙන්ටුවට :)
Deleteමධු අක්කා කෙසේ වෙතත් අනිත් කෙල්ලෝ ටිකනම් කල්ල කපටි අම්මණ්ඩිලා ටිකක්
ReplyDeleteඑකනේ :පි
Deleteඉතිං මොකද්ද මේ කතාවේ තේරුම? හිනාවෙන්ඩ ලියපු එකක් ද?
ReplyDeleteඕනානම් හිනා වෙන්නත් පුළුවන්
Deleteඇත්තටම එතන හිටියේ මධු අක්කම වෙන්න බැරිද ?. කෙල්ලෝ ටික අන්තිමට මධු අක්කට වෙච්ච සිද්දිය දැකල කෙප්පයක් කීවද දන්නේ නෑ. කතාව පොඩ්ඩ වුනාට මරු. අවසානය අපි හිතා ගත යුතුය, එහෙමනේ ?
ReplyDeleteආන්න බලහං මුගේ ටිකිරි මොලේ!
Deleteපැතුම් එතන හිටියේ මධු අක්කා තමයි. ලැජ්ජාව නිසා මධු අක්කාව මාරු උණු හැටි තමයි කතාවෙන් කියුවේ :)
Deleteshort and sweet..
ReplyDeleteදැන් කාලෙ මිනිස්සු බලන්නෙ තමන්ගෙ නන්ම්බුවනෙ.. ලස්සනට ඉද්දි අනේ අපේ යාලුවෙක් නෙ. මොකක් හරි නෝන්ඩි වැඩක් උනාම අපෝ අපි දන්න කෙනෙක් නෙමෙයි..
ඇත්තටම මරු කතාව හලෝ :)
බොහොම ස්තුති යාලු
Deleteකෙල්ලො ඔහොම්මමයි.... කතා කරලා වැඩක් නෑ... :-))))))
ReplyDeleteඅනේ යන්ඩ හැම කෙල්ලම එහෙම නෑ
Deleteකෙල්ලෝ ඔහොමමයි හැරෙන හැරෙන පැත්තට කතා කරනවා. එකට කොල්ලෝ .... බෙල්ල ගහල ගියත් තනිවචනේ.
ReplyDeleteඅනේ යන්ඩ කොල්ලොත් ඔහොම තමයි
Deleteමධූ අක්කා දැන් හිරේද?
ReplyDeleteඔව්ලු :පි
Deleteදාන්ඩ පහක්... හිතන්ඩ ගොඩක් දේවල් ඉතුරු කරපු ලස්සන චූටි කතාවක්.. අතිසාර්තක නිර්මාණයක්.
ReplyDeleteඅන්තිමට කියන්ඩ තියෙන්නෙ මිනිස්සු ඔහොම තමා කියලා විතරයි.
මට හිතාගන්න බැරුව බං ඉන්නේ !
Deleteමගේ නිර්මාණයකට සාර්ථකයි කියලා අහුවමද මන්දා ඔය :)
Deleteබොහොම ස්තුති සෙන්නා සහෝ
madu akka hikis
ReplyDeleteඇයි මොකෝ සිරික්කිය :/
Deleteඇත්තටම මධු අක්ක නෙවේද ?
ReplyDeleteනියමයි. කෙටියි. රසයි !
මධු අක්කා තමයි ඉතින් :)
Deleteපොලොසියෙන් වට කරපු පලියට ඇය වැරදියි කියලා හිතපු ගෑණුළමයි හරි වැරදියි...
ReplyDeleteහිහි එකත් ඇත්ත :)
Deleteමදූ අක්ක එහෙම කරන්නෙ නෑ... එයා ෂෝක්.,...
ReplyDeleteඅනේ ඇත්තද පොඩ්ඩෝ :පි
Deleteමධූ අක්ක සුසාර අයියව මැරි කරන්නනෙ ඉන්නෙ.....දැන් ඕවත් කරනවයි එයා.......:O
ReplyDeleteහැක හැක හැක සුසාර අයියට දෙවි පිහිටයි එහෙනම් :පි
Deleteමම දන්නා |"මදූ අක්ක" නම් කරන්නේ වෙන බිස්නස් එකක් එක මෙතැන කියන්න බැහැ.....!!!!!!
ReplyDeleteඅම්මෝ කියන්න එෆා එහෙනම් :පි
Deleteහ්ම්ම්... වෙනස් තාලෙක කතාවක්, හොඳයි. එදා අරක හැදුවට මට කියවන්න වත් වුනේ නෑ අලේ.:)
ReplyDeleteගොඩාක් ස්තුති අයියේ එදා කරපු දේටයි කමෙන්ටුවටයි :)
Deleteහැම තැනම වෙන දෙයක්...
ReplyDelete:)
කෙටි වුනත් හොද කතාවක්.
හැහ්... එහෙනම් කවුද ඒ?
ReplyDeleteක්ෂණින උපායක්; ආත්මාරක්ෂාවට...."ඒ මධු අක්කා නෙවී"...;)
ReplyDeleteහිතන්න යමක් තියෙනවා...