නොඑසේනම් ඊටද වඩා
නුඹ දුක්විඳ
මා ලෙඩ ඇඳේ ගෙවූ කාලය
හතර වසරක සාපය
නුඹ ඇඳ විට්ටමේ හිස ගසා
නිදිවැරු කාලය
සිහිනෙන්ද එපා යලි අම්මේ.....
රෝහලේ ඇඳක් මත
මා ලොකු දැරියෙක් වූදා
වට තිර ඇද
පිරිමි ඇස් වලින් මා රැක
අම්මා කෙනෙකු ලෙස
ඔබ ලතවූ අයුරු
සිහිනයක් නොවේමයි අම්මේ.....
පියාණන් නොසිටි ගෙයි
නුඹේ පා යුග වැළඳ
ඔබේ පියසින් පිටව මගේම යැයි
කිසිවෙකු නොසිටි සබයක
අසරණ වූ දා
මං දුක් වුනා අම්මේ
එහෙත් ඔබ තවමත්'
නැගණියන්ගේ සිනා මැද
මගේ පංගුව සඟවා
පිළුණු වී කුණුවෙලා යනතුරුම
මග බලා ඉන්නවා
පෙර සේම දයාබර ඇස් වලින්
ආශිර්වාදය පතනවා ඉපදෙනා මතු මතුත්
මව්පිය ඔබම වේවා !
මං පැතුම් පතනවා අම්මේ..........
කියන්න වචන මදි .. :'(
ReplyDeleteහ්ම්ම් :(
Deleteඅනේ ඇස් වලට කඳුලු ආවා ඇත්තමයි වර්ණා
ReplyDeleteස්තුති අක්කා කමෙන්ටුවට
Deleteතමන් වැදූ දරුවන් වෙනුවෙන්....මිලකල නොහැකි කැපවිමක් කලෝ දෙමාපියන්මය...
ReplyDeleteදෙමාපියන් පමණමය
Deleteඅම්මා.... ගුණ කද කෙසේ කියා නිම කරන්නද................
ReplyDeleteනිම කල නොහකි
Deleteඅමිමා කියන වචනේ තේරුමවත් නොදන්න සමහර ...ජාතකයින් ඉන්න ලෝකයක් අද මෙික. මවිවරුන්ගේ දිනයට විතරක් අමිමාවරුවන්ව මතක් වෙන සමාජයක තමන්ගේ අමිමා ගැන ලියුව කවිය නමි ඔිනම කෙනෙක්ට වටිනවා වර්ණා. හැමදාම වගේ නියමයි...!!!
ReplyDeleteබොහොම ස්තුති සහෝ
Deleteමව් සෙනෙහස උතුරා යන කවක්…. ලස්සනයි වර්ණා
ReplyDeleteබොහොම ස්තුති සහෝ
Deleteමම කිව්වානෙ වර්ණෝ මේක කියවපු මුල්ම වතාව්වෙම, මේක පුදුම ලස්සන කවි පන්තියක්..:) සංවේදීයි!! ඇඟහිරිවැටිලා ගියා මම මේක කියවද්දි..
ReplyDeleteබොහොම ස්තුති හිතු.
Deleteඅම්මා මේ නිකම්ම අකුරු තුනක් නෙමෙයි
ReplyDeleteඅම්මා ගුණ කඳකි
Deleteලස්සන කවි පෙලක් වර්ණා නංගියේ.. අම්මා ගැන කොච්චර ලිවුවත් මදි..
ReplyDeleteඔව් අයියේ එක ඇත්ත
Deleteලස්සන සංවේදී නිර්මාණයක්.
ReplyDeleteබොහොම ස්තුති අසාර්
Deleteහරිම ලස්සනයි නංගෝ..ඒ වගේම දුකයි
ReplyDeleteස්තුති අක්කා කමෙන්ටුවට
Deleteලොව අගනා සියලු දේ බිහිවනුයේ මවකගේ කිරිවලින් සහ හිරුගේ රැස් වලිනි.(මක්සිම් ගෝර්කි)
ReplyDeleteශෝකී රිද්මයක් තියෙන ලස්සන කවියක්....
බොහොම ස්තුති සහෝ :)
Deleteසමනල කන්ද මුදුනට නැගලා බැලුවත් ඊට වඩා උසින් පෙනේ ඒ මවු සෙනෙහේ..
ReplyDeleteහ්ම්ම් එවන් වූ ගුණ කඳක් ඇත්තෝ අම්මාම වන්නෝය
Deleteඅම්මා,ලෝකේ මම වැඩිපුරම ආදරේ කරන කාන්තාව බුදුන්ට පස්සේ මගේ දුක වැඩිපුරම තේරුම ගත් කෙනා
ReplyDeleteකවිය හුගක් ලස්සනය්, මගේ හිතත් උණු උනා
අම්මා ට විතරයි අපේ දුක තේරුම්ගන්න පුළුවන් . එක ඇත්ත
Delete//..ඉපදෙනා මතු මතුත් මව්පිය ඔබම වේවා !
ReplyDeleteමං පැතුම් පතනවා අම්මේ..//
කියන්න වචන නැති තරම් හරිම සංවේදී ලස්සන කවියක් වර්ණා.
බොහොම ස්තුති යාලු
Deleteවර්ණා, මොකක්ද ඇත්තට මේ කතාව? ඔයා අවුරුදු හතරක් අසනීපයෙන් රෝහල්ගත වෙලා හිටියද ඇත්තටම? මටනම් තේරුණේ එහෙමයි... කියන්න අකමැත්තක් නැත්නම් කියන්නකො පොඩ්ඩක් විස්තර.
ReplyDeletehenryblogwalker the Dude
ඔව් පොඩි කාලේ... අම්මා තමයි ඒ හැම දේකදිම හිටියේ, ඇක්සිඩන්ට් වෙලා තාත්තාගේ අතින්ම අපේ වාහනේට. :(
Deleteඋතුම් මව් සෙනෙහස පිළිබඳව සංවේදීයි අදහස් ටික... නියමයි වර්ණා..!
ReplyDeleteබොහොම ස්තුති යාලු
Deleteහිතු කිවුව වගේමයි,මගේ ඇඟත් හිරි වැටිලා ගියා.. ඇත්තටම පුදුමාකාර සංවේදියි
ReplyDeleteමෙ පැත්තට සාදරයෙන් පිලිගනන්වා යාළුවා
Deleteලස්සනයි නංගියෝ...ඒ ඔයා ලියපු වචන පුදුමාකාර විදියට හිතට දැනෙනවා.
ReplyDeleteහ්ම්ම් :(((((
Deleteඅම්මගැන,
ReplyDeleteකියලඉවරකරන්නබෑ
ඇත්තට ම ලස්සනයි අක්කේ.. ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවේ!
ReplyDeleteඑක ප්‍රශ්නයක් තියෙනවා අක්කේ..
අම්මා ගැන හිතන්න එක දවසක් වෙන් කළා ම ඇති ද?
අම්මාගේ ආදරය කියන දේට උපමා කරන්න දෙයක් මේ ලෝකේ කොහේවත් නැනේ....හුගක් හිතට දැනෙන ලස්සන සංවේදී නිර්මානයක් නංගියෝ...
ReplyDeleteඅපේ අම්ම වගේම අම්ම කෙනෙක්.. මතු බුදුවෙන.
ReplyDeleteවචනනම් නෑ කියන්න...කදුලු ආවෙ ඉබේටම..ලස්සනයි ගොඩක්ම අක්කේ
ReplyDeleteවචනෙකිත් කොහොම කියන්නද...ගොඩක් ලස්සනයි
ReplyDeleteසොඳුරැ පද පෙළක්. ගොඩක් සංවේදීයි..
ReplyDeleteහරිම ලස්සනයි නංගි මගේ අම්මා වගේමයි..අපි වාසනාවන්තයි මෙහෙම අම්මලා ලබන්න...ඔයාවයි ඔයාගේ අම්මිවයි මම දන්නවා...
ReplyDelete