රෑ මැදියමේ නොනිදා සිටින කල මා අසලව හිඳ සඳරැස් අතරින් මා සැනසූ ඇයගේ රුව දෙස මම එබී බැලුවෙමි. ළදරු වියේදීද ඉන් පසුවද මා අසලම හුන් මා මෑණියන් මගේ දෙනෙත් තුලත් හදවත තුලත් ආත්මය පුරාමත් සිටිනු මම එවිට දුටුවෙමි. ඇය වෙනුවෙන් මම ජිවත් වුනෙමි. ඔබ මට කිසිදා අමතක නොවෙයි. කාර්යබහුලත්වයේ ජීවිතය සඟවා ඔබ අමතක කිරීමට මම වෙර දැරුවෙමි.එහෙත් අද ඔබ මගෙන් යන්නටම ගොසින්ය. වහා හිස පය ගිහිගත්තෙකු සේ ඔබව හැමතැනම මම සෙව්වෙමි. එහෙත් ඔබ සිටියේ නැත. ඉතින් මම ඔබව නොසොයන්නට සිතා ගතිමි. ඔබ වෙන් කෙනෙකුගේ විය. ඔබ මට ආදරේ කලේ හදවතින්ම යැයි මම දනිමි. එහෙත් ඔබ අසරණ වූදා මමද අසරණ වුනෙමි.
පමාවී මම අද ඔබට සුභ පතන්නෙමි. මෙ සුභ පැතුම හෙට ඔබේ සිහිනයට පියාපත් යුවලක් වනු ඇත.ඔබට මග පවසන මිතුරු තරුවක්ද වනු ඇත. නව ජීවිතය ඔබ දේපල සාර්ථකත්වයේ මිනිසුන් කෙරේවා කියා සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි. අන් හැම භාවයකදිම ඔබ ඇගේම වේවා කියලා මා පතන්නෙමි. ඉතින් ඔබට සමු දී මම යන්නෙමි. ඔබ වෙනුවෙන් හැමදා දැල්වූ ඒ ඉටි පන්දම නිවා මම යන්නෙමි. ඔබට ජය...............
අහස නපුරුයි
අදත් අදුරුයි
ඔබ සඳමමැයි
අදත් නොපෙනෙයි
හිනා තොට ළඟ
ඔබ කඳුළු බිඳුවයි
ඔහු සිනාවයි
කඳුළු පිසලයි
ඔබේ මතකය
මසිත රිද්දයි..............
ඇත්ත ජීවන අත්දැකීමක්ද වර්ණා ?
ReplyDeleteහුගක් සංවේදී විදියට ලියල තියෙනවා ....
ඔව් ඇත්තක්
Deleteමට නම් මොකුත් තේරුනේ නෑනෙ.
ReplyDeleteකෙටියෙන්ම කියුවොත් මගේ පළමු සහ අවසාන පෙම්වතා යුග දිවියට පිවිසිලා :)
Deleteදැනුයි තේරුනේ.. පළවෙනිසැරේ මට හිතුනේ අම්මා ඕගොල්ලන්ව දාලා ගිහින් කියලා.. ඒකයි තේරුනේ නෑ කියලම දැම්මෙ..
Deleteඇත්තටම ආදරය කළාම දුකයි තමයි.. ඒත් ආදරයෙන් දෙපාරක් පැරදුනත් දුක් වෙන්න කාරි නෑ.. කවුද දන්නෙ ඒ දෙදෙනාටම වඩා හොඳ කෙනෙක් ලැබේවිද කියලා..
අයියෝ දෙන්නෙක් නෑ. එක්කෙනයි
Deleteහුඟාක් සංවේදී විදියට ලියල තියෙනව අක්කෝ.......:‘(
ReplyDeleteස්තුති නගා
Deleteමිහිරි ඉමිහිරි මතකයන්.
ReplyDeleteතනිකරම ඉමිහිරි
Deleteගොඩක් දුකයි නංගි..ඒත් මේ වගේ දේවල් නිසා අපේ ජිවිත තවත් ශක්තිමත් වෙනව.දුක දරාගැනිමේ ශක්තිය වැඩි කරගන්න ඕනෙ අපි..හමු විම් වෙන්විම් අපේ ජිවිත වල එමටයි..ලේසියෙන් කෙනෙකුට බෑ තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් ගේ උනාම එයාට මේ විදියට සුභ පතන්න ඒත් ඔයා ඒක කලා.හිනාවෙන් කට පුරවගෙන උන්නු චුටි කෙල්ලගේ හිතේ මේ වගේ දුකක් තිබුනා කියලා මම දැනුයි දන්නෙ.ඔයාගේ ප්‍රාර්ථනාව හොඳ නිසා ඔයාට වරදින්නෙ නෑ වර්ණා නංගි...
ReplyDeleteඅක්කි ව මම පොඩි කාලේ ඉඳන්මනේ දන්නේ :)
Deleteගොඩාක් ස්තුති අක්කේ. මමත් හැමවෙලේම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මට මේ හැමදෙයක්ම දරාගන්න ශක්තිය දෙන්න කියලා තමයි
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑසේම වේවා රජතුමෙනි
Deleteසදාකාලික නොවූ ලෝකෙක
ReplyDeleteසදාකාලික ප්‍රේමයක්..........??????????
හ්ම්ම් හ්ම්ම්
Deleteඅත්දෑකීමක් නේද...
ReplyDeleteහැම දේටම හොදින් මුහුණ දෙන්න නංගීටත් ජය.
:)
ඔව් අත්දැකීමක්
Delete//කෙටියෙන්ම කියුවොත් මගේ පළමු සහ අවසාන පෙම්වතා යුග දිවියට පිවිසිලා :)//
ReplyDeleteඅවසාන පෙම්වතා???????????????
දෙකම එක්කෙනයි...
Delete//..අහස නපුරුයි
ReplyDeleteඅදත් අදුරුයි
ඔබ සඳමමැයි
අදත් නොපෙනෙයි..//
ලැබෙන ආදරේට වඩා නොලැබෙන ආදරේ ගොඩක් උතුම්ලු අක්කි.ඔයාට පුළුවන් වුනානේ එයාට සුභ පතන්නත්.සතුටින් ඉන්න අක්කියෝ....
හ්ම්ම් මමත් උත්සහා කරන්නේ එකට නංගි. බලමුකෝ දෙවියෝ මගේ ජිවිත එක්ක සෙල්ලම් කරන එක කවදා නවත්තයිද කියලා. එතකන් මම සටන් කරානවා
Deleteවර්ණා අක්කියෝ...
ReplyDeleteආදරය කියන්නෙ ලබාගැනීම නෙමෙයි මට වඩා ඒක ඔයා දන්නව ඇති. ඒකනෙ මේවගේ ප්‍රාර්ථනාවක්
නව ජීවිතය ඔබ දේපල සාර්ථකත්වයේ මිනිසුන් කෙරේවා කියා සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි. අන් හැම භාවයකදිම ඔබ ඇගේම වේවා කියලා මා පතන්නෙමි.ඔයාගෙ ප්‍රාර්ථනාවට නම් කදුලුත් ආවා.
පළමු සහ අවසාන පෙම්වතා මේ වචන ටිකෙන් ඔයා කිව්වෙ ආදරය කියන්නෙ ලබාගැනීම නෙමෙයි කියලයි මටනම් හිතුනෙ.ආදරය නැතිවුනත් ජීවිතේ නැතිවෙනකම් ආදරය කරන්න..ඔයාට වරදින එකක් නෑ.සුභ වේවා...
එකම පෙම්වති හිටියේ නගෝ. පළමු පෙම ඔහුමයි අවසාන පෙමත් ඔහුමයි
Deleteජීවිතේ අපි හිතන බලාපොරොත්තු වෙන හැම දේම අපිට ලැබෙන්නෙ නෑ.. ඒ වාසනාව හින්දද, එහෙමත් නැත්නං වෙන මොකවත්ද කියල නම් තේරෙන්නේ නෑ.. ඒත් අපි බලාපොරොත්තුවෙන දේට අපි ගොඩාක් ආසයි නං, ආදරෙයි නං අපිට කොච්චර උනත් ඒ දේට හානියක් වෙනව දකින්න/ කරන්න බෑ.. මේක කියෙව්වාම මට හිතුනේ එහෙම හිතෙන්නේ මට විතරක්ම නෙවෙයි කියලා..
ReplyDelete"ඔබෙ සැප මගේ සතුටයි.."
හ්ම්ම් ගොඩාක් ස්තුති කමෙන්ටුවට. ආදරේ කරන කෙනා කොහේ හරි සතුටින් ඉන්නවානම් ඒ ඇති
Deleteතනිකඩව ඉන්නද කල්පනාව...? හැබැයි ගෑණු ළමයෙකුට ඒක ලේසි වැඩක් නෙවෙයි.
ReplyDeleteඅනික ඔය විරහ වේදනාව කියන්නෙ ලව් එකක සාරයට...
බලමු. පුළුවන් කාලයක් ඉන්නවා
Deleteඔයාගෙ හිතේ පුපුරුගහන දුකක් නෑ කියලා නම් මේ පෝස්ටුවෙන් පේනවා..
ReplyDeleteපරණ වේලිලා ගිය තුවාල වලට ඇඟිලි ගහන්න එපා නගේ..
ඇවිස්සුනාම හරිම වේදනයි..
වේදනාව නම් එහෙම්මමයි අක්කේ. තුවාලේ මාව හොයාගෙන ආවා. නැතුව මම හෙව්වේ නැහැ . :(
Deleteඅමුතුවෙන් මේ ගැන කියන්න ඕනි නෑ...මේ වෙලාවෙ ඔයාට දැනෙන හිතෙන දේවල් මම හොදට දන්නවා....
ReplyDeleteහ්ම්....හිත ශක්තිමත් කරගන්න....තව ගොඩක් දුර යන්න තියනවා...ජීවිතේ පටන් ගත්තා විතරයි....
එයාත් කියුවේ ඕකමයි. ඔයා ජිවිතේ පටන් ගත්තා විතරයි. තව ගොඩාක් දුර යන්න තියෙනවා කියලා
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්............
ReplyDelete~~~**දඟ මල්ල**~~~
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteවේදනා කාරී හැගීමක් ...එත් විස්වාස කරන්න ..අපේ ජිවිත වලට නිතරම හොදම දේ හොදම විදියට සිදු වේවි ... හැගීම්බරයි ,ලස්සනයි
ReplyDeleteහ්ම්ම් මමත් හිතනාවා. බලමුකෝ
Deleteමගෙ කඳුලින් නිමා වූ මාවතේ
ReplyDeleteඇය සමගින් ඔබ මන්දහාසෙන් යන ගමනේ
මගේ යුග නෙත ඔබට හිරු සඳු වේවා !!!
සින්දුවක වචනයක් වෙනස් කළා නංගිගෙ පෝස්ට් එකට ගැලපෙන්න.
මේක කියෙව්වාම හිතට ආවෙ දුකක්. ඒත් ඊට වඩා ඔයා කොයි තරම් හොඳද කියලා හිතුණා.
හ්ම්ම්,,,,,,,,,,,,,,,,,,,,,
Deleteහ්ම්ම් බොහොම ස්තුති මගේ අක්කේ....
Deleteමට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි...
ReplyDeleteඅහිමි වූ දේට වඩා හොඳ දෙයක් අනාගතයේදී හමුවීම ජීවතයේ ස්වභාවයයි. ඕක මම තදින්ම විශ්වාස කරන දෙයක්. අනිත් එක සියල්ල වෙන්නෙ හොඳට.
අනාගතයට සූදානම් වන්න.
ජයම පතමි !!!
සුභ පැතුම මට ගොඩාක් වටීවි සහෝ...
Deleteදන්නවද මේක කියවද්දි මට හරිම බය හිතුනා, අනාගතේ දවසක මටත් මෙහෙම අත්දැකීමකට මූන දෙන්න වුනොත් කියලා හිත ගැස්සිලා ගියා.. අහිමි වුනු කෙනෙක් ව්එනුවෙන්, ආදරයක් වෙනුවෙන් වචන එකතු කරන්න ලේසියි, ඒත් අහිමි වුනු කෙනෙක්, ආදරයක් තව කෙනෙක්ට හිමි වෙද්දි වචන එකතු කරන්න හරි අමාරුයි!!!
ReplyDeleteජීවිතේට මූන දෙන්න වර්ණා.. දෛවය නතර කරන තැන් වලදි නැවතීම හැර වෙන මාරගයක් නෑ.. ඒ මාර්ගයත් දෛවයම පෙන්වයි.. එතකන් බලන් ඉන්න... කාලයට ඉඩ දීලා
මමත් නැවතිලා ඉන්නේ දැන් හිතු.. යන මාර්ගයක් හිතා ගන්න බෑ මට. එක දෛවයම මට හොයලා දෙනකම් මම බලාගෙන ඉන්නවා
Deleteමේ ගැන මම හැමදාම කිව්වේ එකම දේ නේ. අද මූණු පොතේ කිව්වෙත් ඒකමයි. ආයෙත් එකම කිව්වා කියලා හිතට ගන්න. හැබැයි කවුරු කොච්චර කිව්වත් ඕක මත්තෙම එල්ලිලා විඳවන එක හෝ එතනින් එහාට යන එක තියෙන්නේ ඔයාගේ අතේ.
ReplyDeleteනෑ දුක හිතේ දොරේ ගැලුවට මම මගේ ජිවිතේ විනාශ කරගන්නේ නෑ.. මට අයියා මල්ලි අම්මි ගැන හිතන්න තියෙනවා..
Deleteමොකක්ද කියන්නේ.හිත හැදෙන්න කියනද?නැත්නම් ඇත්තම කියන්නද? අත්තමනම් මේ දේට මුහුණ දුන්නු අවසාන කෙනත් ඔයා නෙවෙයි පළමු කෙනාත් ඔයා නෙවෙයි.ඊටත් වැඩ හොඳ කෙනෙක් ලැබුනොත් මේ හැම දෙයක්ම අමතක කරලා අලුත් ජිවිතයක් පටන් ගන්න ලැබේවි. එතකන් ඉවසන්න.
ReplyDeleteඔහු හැමදේටම වඩා මට හොඳම පුද්ගලයා වෙලයි හිටියේ. ඊට වැඩියේ හොඳ කෙනෙක්? බලමු එහෙම කෙනෙක් සිටියොත් හමුවේවි
Deleteමට මතකයි මම වර්ණා අදුන ගත්ත මුල්ම කාලේ ඔයා මට මේ දේ කියාලා තියෙනවා.. බැදීම් ඇති වෙනවා නැති වෙනවා.. ඒ නිසා දුක් වෙන්න එපා.. ඒත් මේ අවසානයයි කියලා හිතන්න එපා..
ReplyDeleteහ්ම්ම් ඔව අයියාට කියුවා මට මතකයි. ලස්සන ආරම්භයක් එනකම් මම ඉවසනවා
Deleteඅතීතය අවුස්සාගෙන වේදනා විඳින්නේ අහවල් දේකටද? ජීවිතේ හොඳම හරුය තව ඉස්සරහටයි, ඒ නිසා ඔය ගැන හිතන්නෙපා!
ReplyDeleteමම මේ හිතක් එක්ක කරන සටනක් අමතක කරන්න.. මම ජය ගන්නවාමයි..
Deleteආදරේ..හැම දේකටම හේතුව ඒක. අනේ මන්දා වචනවලින් විස්තර කරන්න බෑ ඒක.
ReplyDeleteඒත් ඇයි අක්කට එහෙම වුනේ.හිතාගන්න බෑ මට.
එයා හදවතින්ම ආදරේ කලා කියලා තාමත් අක්කා හිතනවද
හිත හැදෙන්න මොනවද කියන්න ඕනෙ කියලා හිතාගන්න බෑ.
ඒත් කියන්නම්,
මතකයන් අමතක කරන්න හදන්නෙ නැතුව ඒවට ඉන්න ඉඩදෙන්න හිතේ.ඒවා හිස් කියලා හිතන්න උත්සහ කරන්න.
හදවතින්ම ආදරේ කළා මල්ලියේ. කසාද බඳින මොහොතේත් මාව මතක් කළා. ඔහු අසරණයි.
Deleteඔව් හිස් දේවල් වලට මගේ හිතේ ඉඩක් නැහැ මල්ලියෝ
The Gods may throw a dice
ReplyDeleteTheir minds as cold as ice
Someone way down here
Loses someone dear...
(ABBA)
henryblogwalker the Dude
The winner takes it all
DeleteThe loser has to fall
It's simple and it's plain
Why should I complain.
හිතන්න එපා කෙල්ලේ. හැමදේම හරියයි. ඔයාට ගැල පෙනම කෙනා ඔයාගේ දෙවියන් වහන්සේ ඔයා ලගට එවයි.
ReplyDeleteහ්ම්ම් අම්මි කියුවෙත් ඕකමයි :)
Deleteආ මග කෙටියි... යා යුතු මග දුරයි. අතීතය වල දාන්න. ජීවිතයේ අලුත් පුනරුප්පත්තියකට පස්මහ බැලුම් බලන්න.
ReplyDeleteහ්ම්ම් බොහොම ස්තුති දිරිගැන්වීමට සහෝ
Deleteදුක හිතෙන කතාවක්. අමතක කරන්න කියලා නම් කියන්නේ නෑ මම. ඒ එහෙම කරන්න බැහැ කියලා දන්න නිසා.ජය...!
ReplyDeleteහ්ම්ම් :((((((
Deleteසමහරුන්ට ආදරේ කරන කෙනාම නෙවේ එකට ජීවත් වෙන්න සුදුසු කෙනා වෙන්නෙ.....
ReplyDeleteසමහරු මේ ඇත්තට මූන දෙන්න අකමැතී...ඒක පිලිගන්න ඊටත් වඩා අකමැතී....
සමහරු තමන්ගෙ අකමැත්ත දෙමාපියන් පිටින් එහෙමත් නැත් නම් වෙන වෙන දේ පිටින් තියල පෙන්වනව......
මම හිතන්නෙ දෙන්නෙක් හදවතින්ම ඇත්තටම එක්වෙන්න..ජීවිතේ මැරෙන තුරු එකට ගත කරන්න බලාගෙන ආදරේ කරනවා නම්...මේ ලෝකෙ කිසිම කෙනෙක් හෝ කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.......කාලයට ඉඩ දෙන්න වර්නා...ඔයාගෙ හිත ඉක්මනින් සුවපත් වෙන්න පතමි..
"සමහරු තමන්ගෙ අකමැත්ත දෙමාපියන් පිටින් එහෙමත් නැත් නම් වෙන වෙන දේ පිටින් තියල පෙන්වනව.."
DeleteIn my case මම මේක පිළිගන්නේ නැහැ. මොකද ඒ දෙමව්පියන් මා ඉදිරියෙදිමයි ඔහුට තීරණය කරන්න කියුවේ... ඒ වගේ අවස්තාවක් මේ ලෝකේ කාටවත් උදාවෙන්න එපා කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා..
ස්තුති කිරිල්ලි හැමදාම වගේ ඔයාගේ අදහස් මට ගොඩාක් වටිනවා
ඔයා දන්නවා කාලයක් මට සිද්ද වෙලා තිබුන ප්‍රශ්නේ.එත අද ඒ කිසි දෙයක් නොවුන ගානට ඉන්නවා.එත් මම කවදාවත් බඳින්නේ නෑ කියන මතේ හිටියේ නෑ.
Delete"ආලේ බිඳුන දා කුමකට කඳුලු හෙලනු සකි
ReplyDeleteආල වඩන යන තේරුම බෝසත් කම සකි"
අද නැතිවුන සමහර දේවල් ඒ තරම්ම වටින්නේ නෑ කියලා ජීවිතේ කාලයක් ගියාම ඔයාට හිතෙයි නංගෝ..
එහෙම වෙනවානම් ලොකු දෙයක් අක්කේ. එත් :"(
Deleteපුංචිට මම ඔය කතාව කිව්වම පිළිගත්තෙ නෑ නේද ? මට ලියන්ඩ හම්බෙන්නෑ කියලා කම්පාත් වුනා නේද ? මාසයක්වත් ගිහින් නැනේ.. :-)
Deleteජයම පතමි !!!
පසුගිය අතීතයේ දුක්බර සිදුවීම් විහිලු වෙන දවසක් ඔබට ඒවි වර්ණා.
ReplyDeleteහ්ම්ම් එදාට මම සතුටු වෙයි අද දුක් වෙනවා වගේම :
Deleteඅන්න හරි.. ඒක තමයි කතාව.. දවසක ඔයා කටකොනින් මේවට හිනා වෙනවා. අනිවා..
Delete:((
ReplyDeleteවිරහවත් රසයක්ලු....හැම දේම වටින අත්දැකීමක් නඟා...අහිමි උනත් හදවතින්ම සුබ පතන ඔයා ගැන සතුටුයි...
කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.අකුරු වැරදිලා තියෙන විදිහෙන් තේරෙනවා ගොඩක් අමාරුවෙන් පෝස්ට් එක ලිව්වයි කියලා.
ReplyDeleteමොනවා වුනත් නගේ ඔයා තනිකඩව ඉන්නවා කියලා හිතන එක වෙනස් වෙන දවසක් ඒවි.එතකල් ඉවසන්න.
ආදරයේදී අපිටේ එක නොලබුනාම දුකක් තමා නංගෝ..යන ආදරයට අපි හදවතින්ම සුබ පතන්න වෙනවා..හොද කෙනෙකට කවදාවත්ම වරදක් වෙන එකක් නැ නංගෝ...ඔය උනපු කදුළු වලට හිනා වෙන්න දවසක් ලගදීම ඒවි...කාලය කියනදේ හැමදේටම විසදුමක් දෙවි..ඉවසීම තමා කරන්න වෙන්නේ..:(
ReplyDeleteතුවාල උන හදවත ඉක්මනින්ම සුවපත් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගෝ...!!!
ජයෙන් ජය !
ReplyDeleteසැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවෙති
ReplyDeleteඑක් වූ පෙම්වතුන් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙති
වෙන් ව ගිය වුන් සදාකල්හි ම
සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් වෙති..
හිත හදා ගන්න බලන්න අක්කේ!
ඔබටත් ජය වර්ණෝ !!!
ReplyDeleteඅනේ මන්දා අක්කෝ... :0
ReplyDeleteඑන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹට පිස්සුද බං, උඹ අර උඩත් කමෙන්ට් කරල තියෙන්නෙ.
Deleteමා මේ අද විඳින දුකේම එක කොටසක් ඔබ මේ විදින්නේ.හිත හදාගන්න සහෝදරී....ඔයිට වැඩිය දෙවල් මිනිස්සුන්ට වෙනවා.මට වන් දුකක් ඔබට නොවීම ගැන මම නම් සතුටු වෙනවා.
ReplyDelete