Thursday, June 7, 2012

___මගේ මැණික් කැටේ___



මම හැමදාම උදේම නැගිටිනකොට
මුළින්ම දකින ඔයාගේ මූන
ලස්සන සිතුවිලිවලින් පිරැණු 
ලස්සන දවසක් හදලා දෙනවා......
ඒ ඇයි දන්නවද
ඔයා තමයි මේ ලෝකේ ලස්සනම කෙනා..
ලස්සන කෙනෙක් දැක්කම මුළු දවසම ලස්සනයිනේ...
හැමදාම උදේට මම වැඩට යන්න හදද්දී
සාරි පොට ඉඔලා මගේ කම්මුල හපලා
මට සමුදෙනකොට...
මට දැනෙන්නේ මගේ ලෝකේ මට ඉන්න එකම කෙනා
ඹයයි කියලා..
ඔයාගේ උගුරේ කට්ටක් හිරවෙලා
මම නොසෑහෙන්න බය වුනු දා
දොස්තර කෙනෙක් නැති ඉරිදා දිනයේ අපි
තනි වුනා... 
ඔබ මගේ හුස්ම පොද වෙච්චි කොට 
මගේ හුස්ම වැටෙයිද?
කොච්චර කෙ‍සෙල් ගෙඩි ගිල්ලෙව්වත්
වැඩක් වුනේ නැති කොට
පාරේ යන හරක් ටිකකට කෑ ගහලා
කට්ට උගුරෙන් පහලට ගියාම
තුරැළු කරගෙන මම ඇඬුවේ දුකට නෙමෙයි
සංතෝසේ වැඩිකමට.
මගේ චූටි මැණික කියලා කතා කරනකොට 
දුවගෙන ඇවිත් ඔයා
මගේ ඇගේ එල්ලෙනකොට
හරි මැණික තමයි මූ කියලයි අම්මා විහිලු කරන්නේ..
ඒත් ඔයා මට මැණිකක්..
දන්නවද රණ්ඩු කරලයි මම ඔයාව ගත්තේ...
I never let you go….
ඔයා මගේ චූටි බ්ලෂ්……….. !!

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..


මල් කොල්ලෙක් මං


බුදු අම්මෝ :o
ලොම් හැලිලා ආපහු එනවාලු.. කටුවා කාලා වගේ හිටියේ දැන් නම් ටිකක් හොඳයි



49 comments:

  1. සිරාවටම මං හිතුවෙ වර්ණාගෙ පොඩි බබා ගැන තමයි ලියලා තියෙන්නෙ කියලා.... උගෙ නම නම් මරු... 'ප්ලෂ්...'

    ReplyDelete
  2. අනේ මේකා ගින්දර බල්ලෙක්... මමත් ආසම සතා බව්වා.
    මගෙ බව්වා වගේමයි.. :)))

    බ්ලෂ්ට සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බ්ලෂ්ට රාජසම්පත් ලැබුනොත් මොනවවෙයිදඇත්තටම?

      Delete
    2. මොකුත් වෙන්නෙ නෑ. ඔය ඇස්පනාපිටම පේන්න තියෙද්දි අහන හැටි විතරක් ... :D

      Delete
    3. ඌත් මං වගේ කොර ටෝක් දෙයි... :-)

      Delete
    4. @ අඩවි රජ,
      අනේ මස්සිනේ ඔය කතාව කියනකොට නම් උඹ ගැන මට නිකමටවත් හිතුන් නෑ. මම හිතුවෙ බ්ලෂ් කුක්කට දැන් ලැබෙන සැප ගැනයි, රජ සැප විඳින බල්ලොන්ට ගියපු රට ගැනයි විතරයි. උඹේ හිත රිදුන නම් සමාවෙයන් මචං.

      Delete
  3. අනේ සෝයි බව්වා....

    මොකද අප්පා මේ...ඇසට ඇස, දතට දත :)

    ReplyDelete
    Replies
    1. ඒක තමා සයුරි අක්කේ.මොකක්ද අප්පේ මේ ඇසට ඇස,දතට දත කතාව. තේරෙන්නෙ නෑනෙ මට.

      දැන් සෝයි කුක්කා කියාගෙන තුරුල් කරන්හිටියට කියන්න බෑ තව කල්ගියාම බ්ලෂ්ට අක්කාව අමතක වෙලා යයිද කියලා.

      නෑ නෑ එහෙම වෙන්නෑ.නැත්තම් ඕක උනාම මාව අල්ලං කයි. :)

      Delete
  4. ඔයා එක්ක ඉන්න බවුව කට්ට කාගෙන ඉන්න ඔ්න නේ! :P :D

    ලස්සනයි! :)

    ReplyDelete
  5. හරි හුරතල් බල්ලෙක් වගේ. මාත් බල්ලන්ට තමා කැමති. පූසන්ව නම් පෙන්නන්න බැහැ

    ReplyDelete
  6. අනේ ශෝයි අක්කියෝ..ඔයා ඔහොම කියද්දි මගේ යාලුත් මතක්වුනා..එයත් ඔය වගේමයි...

    පෝස්ට් එක ලස්සනම ලස්සනයි අක්කි....

    ReplyDelete
  7. අනේ ශෝයි....! චූටි බ්ලෂ්ට දීර්ඝායුෂ පතමි!

    ReplyDelete
  8. කියුට්‌..
    පලවෙනි පින්තූරේ තමය් ලස්සනටම ඉන්නේ

    ReplyDelete
  9. හලේ ... ෂෝයි කුක්කා.

    ReplyDelete
  10. මං හිතුවෙ මේ.....

    ReplyDelete
  11. අරු ලොකු වෙලානේ.අන්තිම පින්තුරේ ඉන්නේ ඌමද? ටිකක් වෙනස් වෙලා වගේ.

    ReplyDelete
  12. අන්නාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..මගේ තූති බෝල ගෙඩියා.. මට එයාව මිරිකලා පොඩි කරලා චොප්ප කරලා මරන්න හිතෙනවා...:O උම්මා එකක් දුන්නා කියන්න මම..හොදේ?? :*

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ආදරේ හරි වේදනාකාරී නේ.

      Delete
    2. අප්පට සිරි, මේ කෙල්ල අසරණයවත් මිරිකලා පොඩි කරලා චොප්ප කරල ද කොහෙද.

      Delete
    3. @අසර් අයියා- හික්ස්ස්.. ඒම තමා මගේ අඅදරේ... ;) ආදරේ හිතුනොත් ඉතින් කාටවුනත් මගෙන් ව්එන්නෙ ඔය ටික තමා... උම්මා දීලාම මරනවා මම..:p

      Delete
  13. සෝක් බව්වෙක්!

    ReplyDelete
  14. ෂෝයි ෂෝයි..

    මේ වර්ණා නංගියෝ.... නැ එක්කො ඔනෙ නැ

    ReplyDelete
  15. බල්ලෝ තමා ෂුවර්ම නැති ජාතිය... උන් කනක් කැසුවත් ඇති මට උන් හිටි තැන් අමතක වෙන්න.බුරන බල්ලෝ සපා නොකයි කිව්වට බුරන ගමන් මාව කෑවා අපේ ගෙවල් පැත්තේ නැට්ට කොට ඔටුවෙක් වගේ බල්ලෙක්... එදා ඉඳන් ඕකුන්ව පේන්න බෑ මට... හැබැයි මූ නම් හරි සිරියාවයි.

    අපේ ගෙට එහාපැත්තේ ගෙදර නංගිගේ අතක් හප කරලා කකුලේ දණිහෙල් උඩින් තඩිම තඩි මස් කෑල්ලකුත් කඩාගෙන තිබුනා.ඌට ගැහුවත් කකුල අතෑරියේ නෑ බෙල්ල මිරිකලා තමා යන්තම් ගලෝගත්තේ....

    මුලින් වෙන පින්තූරයක් දාලා තිබ්බනම් ගානට ඇන්දෙනවා... එල ඈ

    ReplyDelete
  16. "මගේ කම්මුල හපලා.." බව්වට බෙහෙත් විදින්ඩෝ.. නැත්නම් "සුරතල් සතාගෙනුත් ජල භිතිකාව බෝවිය හැක" රෝහල් බිත්තිවල දැන්වීම් එල්ලලා.

    බ්ලොග් එකේ හැඩය නිමාව ඇහැට ප්‍රියයි.

    ReplyDelete
  17. ඇත්තටම බ්ලෂ් හරිම ලස්ය්සන බව්ව පැටියෙක් ...

    ReplyDelete
  18. බල්ලෙක් ගැනද කිව්වේ ? අය්යෝ සල්ලි කිව්වලු ..

    ReplyDelete
  19. අපොයි දෙයියනේ.මට හිතුනු දේවල්..... ජය..!

    ReplyDelete
  20. හික්ස්...මාත් ආශයි ඔන්න ඔය වගේ පොඩිම කාලෙ අයට..ලොකු උනාම නම් එයාල දඩෝරියො....:(

    ReplyDelete
  21. හෆොය් ඔයා මේක දාලා මගේ බලු දුක (බල්ලෙක් නැති දුක) වැඩි කළා. ළඟ පාඨක හිටියානම් හොරෙන් අරන් යන්න තිබුනා.

    ReplyDelete
  22. ශෝක් බව්වෙක් ආ... හැබයි ඉතින් අයිතිකාරිගෙ තමා වැරැද්ද කටු හිරකරගන්නේ නැතිව කනහැටි තාම ඌට කියල දිල නෑනෙ... :P

    ReplyDelete
  23. හරිම හුරතල් .හරිම පිරිසිදු පාටයි .

    ReplyDelete
  24. අඩේ මමත් කැමතිම, මේ බලු කොල්ලේක් නොවැ..ගර්.ර්.ර්...

    ReplyDelete
  25. බව්වෙක් නේද....
    බව්වා වගේම සිතුවිල්ලත් ගොඩක් ලස්සනයි, ඒත්.... එක්කෝ ඕනේ නැහැ.
    කියන්න ඕනේ නැහැනේ ඔයා දන්නවනේ,නේද... ;)

    ReplyDelete
  26. හුරතල් සීදේවි බව්වා...3 රූපෙ හරිම අහිංසකයි...

    ReplyDelete
  27. අනේ සෝයි බලු පැටියා.... මුලදි මම හිතුවේ පොඩි එකෙක් ගැන කියනවා කියලා හික් හික්

    ReplyDelete
  28. කවුද අනේ ඔය නම තිබ්බේ???

    ReplyDelete
  29. I never let you go…. ජස්ටින් කොලුව නේද?

    ReplyDelete
  30. ආසාවේ බෑ අප්පා. ශෝක් මැණික. අපේ දිහත් ඉන්නවා දඩෝරියෙක්. එයත් මගේ පන තමයි. :D

    ReplyDelete
  31. දැන් මේකෙ කොමෙන්ට් වලට ඇස්වහ හැටිලා ඔ්කගේ බූල් ඔක්කොම ගිහිල්ලා කටුවෝ කාලා කැතම කැත වෙලා... ගන්දස්තාරේ ඉන්න බැරුව...... ඔන් බලපල්ලකෝ

    ReplyDelete
  32. පොයිසන් මිස්ටේක් වර්ණා. වස වැ‍රැද්දයි. මම හිතුවෙ ඔයා ලඟදි කසාද බැඳලා, මේ කතා කරන්නෙ හස්බන්ඩා ගැනයි කියලා කිව්වොත් තරහා නෑ නේද? ඒත් මම බැලුවා මේකා සාරි පොට ඉඹින්නෙ මේකාට ඉඹින්න වෙන තැනක් නැතුවමද කියලා..පොයිසන් මිස්ටේක්!! :D
    henryblogwalker the Dude

    ReplyDelete
  33. කෝ මැණික්....මම මේ මැණිකක් ගන්න ආවේ......මැණික් නෑනේ....

    ReplyDelete
  34. අන්තිම ෆොටෝ එකේනම් වෙනස් වෙලා.. බ්ලෂ් දඟයා දැන් ලොකුයිනේ..
    බ්ලෂ් ඔයාට බයවෙලා හැලුණ බූල් ආයෙමත් ඇවිත්ද නංගෝ.. :D

    ReplyDelete
  35. පෝස්ට් එක ගැන කියන්නද,නම ගැන කියන්නද?මගෙ නම වෙනස් කරන්න වේවිද මන්දා,ඒත් ඔයා වර්ණා නිසා ඒ හැටි අවුලකුත් නෑ,ආයෙත් ඇවිත් යන්න එන්නම්,මාත් හදිසියෙම බලා යන්න ආවෙ

    ReplyDelete
  36. හත්තිලව්වයි බල්ලෙක්!!

    ReplyDelete