කැඩීගිය සිහින මාලිගා... ප්‍රේමයේ මළ දරුවා...
උපද්දවා...
එනමුදු ප්‍රේමය
මැරුවාද...???
ගොම්මන් මන්දාරම නිවාලන්නට සපැමිණි
සියොලග හිස සිද දැමුවාද...?
හදවතේ ගිනි නිවාලන්නට හැකි වේද...
ඔහුට මිස.....
කැණී මඩල සිසාරා
කිරි සයුර පීරා..
සොයන්නෙමි අමාරස බිදක්
පන දීමට...
ප්‍රේමයේ මළ දරුවාට ...
මේ මළවුන්ගේ මාසයේ...
කව්රු අසාවිද
මේ මොන්ටිසෝරි හදවතේ
අවනඩුව .....????????
හ්ම්..
ReplyDeleteහදවත බොළඳයි,
නෙතු අග කඳුළයි,
සැමදා මට නම්,
දොම්නස උරුමයි,..
ඔහු ලඟ වැලපෙයි,
ස්නේහය ඉල්ලයි,
දෙනෙතම බොඳවෙයි,
හදවත මිය යයි,.
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....... :( අපේ අවනඩු අහන්න කවුරුත් නෑ..
ReplyDeleteඒ අවනඩුව
ReplyDeleteඅසා හිදීවී
නූබට ආදරේ හිතක්
නුඹට නොදැනී
හොර රහසෙම..
සිතක මැරෙන කවි..
ReplyDeleteනූපන් සිහින මාලිගා
තනන්නට පැතූ පැතුමන් පුරවා
නිදන්නට දෙනෙත් වැසුවා
ඇය ඇවිත් මගේ ඒ නින්ද කැඩුවා..
හික් හික් හී.. අදයි දැක්කේ.. :-D
අපිවත් දැන් ඉතින් අවනඩුව අහන්නම්
ReplyDeleteමාත් ආවා ඒ අවනඩුව අහන්න !!!!
ReplyDeleteදැන් නම් නඩුව ඉවර ඇති.....
ReplyDelete"කව්රු අසාවිද මේ මොන්ටිසෝරි හදවතේ අවනඩුව "
ReplyDeleteමේ පේලිය තමයි ලස්සනම ...
ජය !!!!
අසා හිඳීවී..
ReplyDeleteනෙතු නොපෙනෙන මානයක හිඳ හෝ..
නිමග්නව කල්පනාවක..
නුඹට හිතැති
හිතක්..
ඔය හිත්
අවනඩුව..
හරිම ලස්සනයි නංගියෝ.. "කව්රු අසාවිද මේ මොන්ටිසෝරි හදවතේ අවනඩුව " මේ කොටසට මමත් ආසයි..
සුබ පැතුම්.. තවත තවත් නිර්මාණ බිහිවෙන්නට.. :)
ලස්සන කවියක්!!! හරීම ලස්සනයි
ReplyDeleteකව්රු අසාවිද
ReplyDeleteමේ මොන්ටිසෝරි හදවතේ
අවනඩුව .....????????
අනේ ඒ කෑල්ලට නම් දුක හිතුනා නගෝ. ඔන්න ඔහේ අපිට කියල දාන්න ඔය අවනඩුව.
@ ප්‍රාර්ථනා
ReplyDeleteනොසැලෙන් අක්කේ
ඔහු එයි පිම්මේ
ඔහු අත ගන්නට
සැරසෙන් සිත්සේ... :)))
------------------------------------------------------------------------------------------------
@ හිතුවක්කාරි
එකනේ කව්රුත් අහන්නේ නැහැනේ බලන්නකෝ...හිතට දුකයි,, :(((
-----------------------------------------------------------------------------------------------
@ Dinesh
අසා සිටියි නම්
නිබදව සතුටක්
එනමුදු කිසිවෙකු
නැත ආදරයක්...
@ Pasan
බිය නොවන්න සොයුර කිසිවිටකත්
නැවතත් නිදන්න සුන්දර බැතියෙන්
තනන්න ආදර මාලිගා සිත තුටියෙන්
ගිලමින් නිදි පෙති අහුරක් අතකින් :)))
-----------------------------------------------------------------------------------------------
@ Hasitha
ReplyDeleteඅහ්හ් අහන්න ආවනම් ඔය ලග තියෙන පුටුවක් අරන් ඈදි ගත්තනම් :))
@ මධුරංග
ReplyDeleteඅහ්හ් තව කෙනෙක් ඇවිත්.. අයියා එහෙනම් අහන්නකො නඩුව ..
----------------------------------------------------------------------------------------------------
@ prasanna86k
නෑ නෑ ඉවර නැහැ දැනුයි පටන් ගත්තේ :))
----------------------------------------------------------------------------------------------------
@ ඔබ නොදුටු ලොවක්
බොහොම ස්තුතියි.. :)))
----------------------------------------------------------------------------------------------------
@ නන්දු
අසා සිටියි නම්
මමත් කතා කරමි
එහෙත් මට නොපෙනෙන
සුළගක් ද ඔහු ?
බොහොම ස්තුතියි අක්කේ.
@ නෙරංජි
ReplyDeleteමේ පැත්තේ ගොඩවුනාට ස්තුතියි අක්කේ,,
---------------------------------------------------------------------------------------------------------
@ කසුන්
දුක නම් මටත් හිතෙනවා අයියේ මන් ගැනම.. හිහි.. අවනඩුව අහන්න ද? එහෙනම් හාකෝ අහන්නකො.. හිහි.
අසන්නට කෙනෙක් ලොව නැති
ReplyDeleteහැම හදවත් තුල දුක් ඇති
නොවෙන කෙනෙක් ලොව ඇති
දකින්නට අපට පින් නැති
මම හිතන්නේ මම මේ පැත්තේ ආවේ අදමද කොහෙද??
සොයා ගත්තත් අමා රස බිඳක්
ReplyDeleteඑයින් හද සුවපත් වේ යැයි
කාට නම් සහතික විය හැකි ද?
කියන්න බලන්න නඩුව....... අපි එන්නම් අහන්න
ReplyDeleteඅක්කේ මේ template එක නම් සිරා...............:D
වර්ණා, කැණි මඬල කියන්නෙ මොකක්ද?
ReplyDelete@ විසිතුරු | visituru
ReplyDeleteකැණි මඬල කියන්නෙ වහලේ මුදුන් යට ලීය.. වහලේ ලී එකතු වෙන තැන. මගේ නම වර්ණා මන්දාකිණි. ඉතින් මන්දාකිණියේ වහල අහස. ඉතින් මම මේ කවියේ ව්‍යන්ගාර්ථයක් අදහස් කලේ. අහස කියන දෙය තමයි මෙහි මම අදහස් කලේ. බුකියේත් මේ පිලිබදව කෙනෙක් අහලා තිබුනා. :)))
---------------------------------------------------------------------------------------------------------------------------
@ Nj_A
අමා රස හිතට මිහිරිය ගතට සවිමත්ය..
ලැබුනොතින් එය ලොවම හිසටය සිතට ආඩම්බරය..
එහෙත් නුබට මට නොලැබෙන්නේය නියම අමා රස..
බොරුව හැමතනය නොරැවටෙන් මිතුර කිසිදින..
--------------------------------------------------------------------------------------------------------------------------
@ දේවා ගේ අඩවිය
පින් මදි උනා මට ඔහුව ලබන්නට...
දේවා ආදරයෙන් පිලිගන්නවා මේ පැත්තට..
------------------------------------------------------------------------------------------------------------------------
@ Suri
කියන්න බෑ මල්ලි, කියුවොතින් ඔයාල දුවනවා :D
තැන්ක්ස් තැන්ක්ස් template එක හොයලා දුන්නේ බ්ලොග් එකේ අයියෙක් ම තමා :)))
හ්ම්..කාටෙ කියන්නද මේ දුක..
ReplyDeleteඅහ්! මෙන්න මොන්ටිසෝරි ළමයා කවියක් ලියලා... ළමයා මොන්ටිසෝරි උනාට කවිය නම් එහෙම නෑ මේක නියමයි නඟා...:):)
ReplyDeleteඅදයි ඔයාව බලන්න මුලුන්ම අවේ මාරු කවි ටික දුක් වෙන්න එපා !! ඕනෙම දුකක් මේ අසරණයට කියන්න
ReplyDelete@ ~~තරූගේ ලෝකය~~
ReplyDeleteඑක තමයි කාට කියන්නද :(((
----------------------------------------------------------------------------------------------------
@ සුදු හංසි
හිහි තැන්ක්ස් අක්කේ. තාම මම මොන්ටිසෝරි තමයි යන්නේ ඔව්
------------------------------------------------------------------------------------------------
@ අසරණයා
අසරනයාව අසරණ මගේ අසරණ බ්ලොග් පිටුවට සාදරෙන් පිලිගන්නවා. දුක මට කියන්න කියපු එකත් ලොකු දෙයක්.
අනේ මන්ද යන යන කවි බ්ලොග් එකේ ගෑනු ළමයි අඬනව
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් අඩනවා නෙමෙයි ඇඩේනවා :'(
ReplyDeleteනෙක පැහැයෙන් දිස් වෙච්චි
ReplyDeleteඅපේ සිත් වසඟ කළ
ප්‍රේමයේ සබන් බෝලයට
අල්පෙනෙති තුඩක් කළ හදිය!
@ පූසා
ReplyDeleteහ්ම්ම් අල්පෙනෙති තුඩ මොට්ට කරලා කුඩු කරල දාන්න හිතෙනවා.
ස්තූතියි වර්ණා!
ReplyDelete:)))))
ReplyDeleteඒ හදවතේ ගිනි නිවාලන්නට කාටවත්ම බැරි වෙයිද?
ReplyDelete@ ඇනෝ
ReplyDeleteබලමු කාට හරි පුළුවන් වෙයිද කියලා
පේන මානෙකවත් කවුරුත් ඉන්නවද?
ReplyDelete@ ඇනෝ
ReplyDeleteහ්ම්ම් නැහැ.