Thursday, November 3, 2011

තවත් එක් ප්‍රේමයේ ශෝකාන්තයක්....


අහස් කුස සිසාරා
විදුලියේ තනු වැයෙන විට...
කුරැසියක ලියවුනු
වින්දනීය ශෝකාන්තයක්....
විසිරැණු වරලසකින් සැලි සැලී නික්මුණු
ප්‍රේමයේ පද වැල් හා
මුසුවන
ඒ මොහොතවල්....
වදන් වලින් නොනික්මුණු
හුදෙකලාවේ ආදරේ ගීතය සමග
නග්නව
රැධීරයෙන් නැහැව
හුස්මට එක්වී මියැදෙන....
තවත් එක් ප්‍රේමයේ ශෝකාන්තයක්....
නොදිරවූ  සංධ්වනියක්....                       



6 comments:

  1. ප්‍රේමය හුගාක් වෙලාවට ගේන්නෙ, ශෝකාන්ත තමා යාලු..:(

    ReplyDelete
  2. ශෝකය මහා මෙරක් වගේ යාලු

    ReplyDelete
  3. කවුද හිතුවෙ මෙහෙම වෙයි කියල නේද...

    ReplyDelete
  4. කවදාවත් හිතපු නැති දේවල් සිද්දවෙන්නේ.. ඒ නිසා මහා මෙරක් වගේ හිතන එක නවත්තලා දැම්මා..

    ReplyDelete
  5. ප්‍රේමය, ආදරේ එකිනෙකට වෙනස් දෙකක් මම් හිතන්නේ.

    ReplyDelete
  6. ඔව් වෙනස්.. දේවියනට කරන්නේ අපි ප්‍රේමය,.. අදරවන්තයට හෝ ආදරවන්තියට කරන්නේ ආදරය.. එහෙමයි කියලයි මට හිතෙන්නේ ඒ වෙනස..

    ReplyDelete