Tuesday, November 29, 2011

හදමුද කිසස්..!!

කිසස් කාලා කිස් කරන්න හිතෙයිද දන්නේ නැහැ හිකිස්‌. 

මම ඉතින් ගැහැණු ළමයෙක්නේ ,, ගෑනු ළමයෙක්  උනාම උයන්ඩ ඉගෙනගන්නත් එපැය.. ඒ නිසා මම අපේ නැන්දගේ පොත පත අවුස්සලා හොයාගත්තා කෑම පොතක්. එකේ අකුරු මට කියවගන්න අමාරුයි, එච්චරටම හොකර. කොහොමහරි කියෝගත්තා. ඔන්න ඉතින් අහන්න එපා කියෝවගත්තේ කොහොමද කියලා.  එක එක දවස් වලට එක එක ජාති හැදුවා. ඔන්න ඉතින් එක එක දවස වලට එක එක විදියට ආපහු කෑමක් හදන විදිය කියන්න තමයි මම දැන් සුදානම් සරිරෙන් මේ කොටන්නේ.  
ඕනෑම දෙයක් ගෙදර හදලා කද්දී රස වැඩියි කියනවනේ :)) ඔන්න ඉතින් දැන් කඩවල් වල කිසස් කාපු කාලේ ඉවරයි. අපි ගෙදරදීම කිසස් හදලා කිස් එකක් දීලම කමු හිකිස්‌...!!!!

කිසස් .. මේ ගුගල් ඒකෙන් ගත්ත පින්තුරයක් බව සලකන්න, මෙච්චර ලස්සනට නම් ආවේ නැහැ :D
  අවශ්‍ය ද්‍රව්‍ය
-බිත්තර සුදුමද 3 ක්. (කහ මදය පොඩ්ඩක් වත් නැතුව.)
-සීනි ග්‍රෑම් 150 ක්
-වැනිලා ටිකක්
-නොසල් එකක් ඕනා, නැත්තම් හැන්දෙන් උනත් පුළුවන්,
-බටර් ටිකක්
-කේක් තැටියක්


  සාදන ක්‍රමය 


මුලින්ම බිත්තර සුදුමද ටික භාජනයකට දමන්න. ඊට පස්සේ බීටරයක් මගින් හොදට බිත්තර සුදුමද ගහගන්න, සුදු පාට හිම වගේ වෙනකම්ම. පහත රුප බලන්න.
බිත්තර සුදුමද
බීටරයක් මගින් ගැසීම
මේ වගේ පාටට, පෙන නගින්න ගහන්න ඕනා.


හොදට බිට් කරා කියන්නේ භාජනය අනිත් පැත්තට මේ පහල රූපේ තියෙන විදියට හැරෙව්වම හැලෙන්නේ නැති පදම. අන්න ඒ පදමට එනකම්ම බිට් කරගන්න ඕනා. 
ඊට පස්සේ සිනි එකතු කර ගන්න ඕනා. බිට් කරන ගමන්ම සිනි 150g පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන්න. ඊට පස්සේ සිනි ඔක්කොම දිය වෙනකම්ම බිට් කරගන්න ඕනා. 


අවසානයට මේ වගේ මිශ්‍රණයක් ලැබෙනවා ඇති. :))))) ඒක ඒක පාට දාගන්න ඕනනම් දාගන්න පුළුවන් කලරින් මගින් ..........

හරි දැන් වැඩ කටයුතු වල බාගයක් ඉවරයි. 
මීලගට තියෙන්නේ ලස්සනට හැඩය ගන්න එක. කේක් තැටියකට බටර් තවරලා ලෑස්තිකරගන්න. 
නොසල් එකක් ඕනා. මේකට ටිකක් ලොකු නොසල් එකක් තිබ්බනම් හොදයි. ඒ නැතත් කමක් නැහැ. නැන්දගේ පොතේ තියෙන්නේ හැන්දෙන් තැටියේ තැනින් තැන තියන්න කියලා., එතකොට කැතයිනේ. එකයි මම නොසල් එකක් ගත්තේ. කැත උනත් මොකද බඩටනේ යන්නේ .. ඕන විදියක් ඔයාලට ලේසි.


නොසල් එකක් නම් නොසල් එකට නොසල් බෑග් කියල කඩේ තියෙනවා. මම නම් එකක් නෙමෙයි ගත්තේ, ඒ වෙනුවට Lunch Sheet එකක් අරන් මැද පොඩ්ඩක් සිදුරු කරලා නොසල් එක ඒක ඇතුලට යවාගෙන හදාගත්තා.  පොඩි නොසල් වලටනම් නොසල් එකත් එක්කම සිලින්ඩරයක් එනවනේ, එකෙනුත් පුළුවන්. මිශ්‍රණයෙන් ටික ටික දාලා මේ වගේ තැටියේ තැනින් තැන රටා මවන්නයි ඊළගට තියෙන්නේ.



ඔන්න ඔය විදියට තැටියේ රටා මවලා, උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 150 උදුනක (OVEN) ඒක දිගට පැය කාලක්  විතර පුළුස්සන්න. ඊටපස්සේ ටිකෙන් ටික ඇරලා බලලා කරකර තත්ත්වය එනවද කියලා බලලා ඒ තත්ත්වය ආවට පස්සේ උදුනෙන් බාන්න, දැන් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ අමාරුම හරිය, ඒ කියන්නේ කන හරිය .. හැක හැක හැක ..



ඒක දවසක් ලස්සනට ආවා
තව දවසක් ගෙදරට කට්ටියක් ඇවිත් කර උනා අනේ ,,හිකිස්‌ 
කාල බලලා රසනම් කියන්නකෝ. 

35 comments:

  1. හදනවමයී. කාලා කියන්නම්. හැබැ ඔයාට වැරදුනු දවසේ පාට වෙනුවට මං හදන එක අගුරැ පාට වෙයිද දන්නේ නෑ.:D

    ReplyDelete
  2. මාත් අපේ මගේ සහෝදරීට පෝස්ට් කලා. ගෙදර ආවම කියල හදාගන්න ඕනි.

    ReplyDelete
  3. @ බට්ටි
    ඒක දවසක් ඔයිට වඩා අගුරු උනා මගෙත් ,හිහි, කමක් නෑ අගුරු උනත් රසයි, වැඩි වියදමක් නැති නිසා දෙතුන් පාරක් හදලා පුරුදු වෙන්න :)))
    ----------------------------------------------------------------------------------------------------

    @ හෙලයෙක්ගෙන්
    අනිවා හදලා කාල බලලා අපිටත් කියන්න සහෝ.

    ReplyDelete
  4. මරු ඈ.අපේ බබා ආසයි මේවා කන්න හදලා දෙන්න ඔනේ.රෙසිපි එකට තැන්කූ අලෙ

    ReplyDelete
  5. මරු මරු හදලා දෙන්න :)))

    ReplyDelete
  6. මරුනේ.... මාත් ආසම කෑමක්. තව මේ වගේ පෝස්ට් ටිකක් දාන්න.

    ReplyDelete
  7. @ උදාර
    හා හා හොදයි උදාර.

    ReplyDelete
  8. ටිකක් කර උනාට මොකද ඉතින් කොහොමත් කීසස්ම තමා ;)

    ReplyDelete
  9. එහෙනම් වර්ණාගේ ඉවුම් පිහුම් අත්හදා බලමු.. ඔය කිවුවට ඉතින් මං හදන්නේ නෑ.. මේක මෙහෙමම අපේ නෑනට පෙන්නනවා.. එයා හදාව්...

    ReplyDelete
  10. ෂා මම කැමතිම කෑමක්...හදලම බලන්න ඕන..වැඩි අමාරුවක් නැහැ වගේ...

    ReplyDelete
  11. හද හද ඉන්න ඉන්න වෙලාවක් නෑ අනේ. බැරිද හදපු ටිකක් එවන්න....?????

    ReplyDelete
  12. මාත් හරි ආසයි කිසස් කන්න. මටත් ටිකක් එවන්න නංගි.

    ReplyDelete
  13. මාත් හරි ආසයි..සමහර ඒවා තල්ලේ උඩ ඇලෙනවා....ගුලියක් වගේ ..ඒක රස කර කර කන්න ආසයි...කාලෙකින් කෑවෙ නෑ කිසස් ..හැබැයි කිස් නං කෑවා...හික් හික් .....

    ReplyDelete
  14. ෂහ් මමත් හරි ආස කෑමක් නංගියෝ.. ඔන්න ඕවා කාලා කොස් කිරන්නෙ එහෙම නෑ ඕන් ;)

    නංගියගෙ ඉවුම් පිහුම් වැඩමුළුවෙ තවත් කෑම අපිටත් ‍එක්ක බෙදාගන්න ගේන්න හො‍දේ.. :)
    සුබ පැතුම්..!!!!

    ReplyDelete
  15. අද හෙටම ට්‍රයි කරන්න ඔනේ!

    ReplyDelete
  16. හරි වැඩේනේ වුනේ, අර කිව්ව වගේ පදම බලන්න බාජනේ අනිත් පැත්ත හැරෙව්වම ඔක්කොම බිම හැලුන, බල්ල 'ස්ලප්...ස්ලප්..' ගෑව, බඩු උගෙ බඩේ. ඊළඟට මොකද කරන්නෙ කිව්වනං....

    ReplyDelete
  17. මේ අසරණයට පිනට ටිකක් හදල දෙන්න.කෙල ටොන් ගණන් බේරෙනවා

    ReplyDelete
  18. වර්ණා, ඔයාගේ පෝස්ට් මගේ බ්ලොග් එකේ අප්ඩේට් වෙලා නැහැනේ
    මම අහම්බෙන් තමයි මේ පෝස්ට් එක දැක්කේ
    ඔයා මේ හදල තියෙන කෑම ජාතිය කන්න මම හරි ආසයි
    ඒත් ඒවාට කියන නම මම දැනගෙන හිටියේ නැහැ
    කඩේට ගිහින් ගත්තත් මම ඉල්ලන්නේ මුදලාලි මට "අන්න අරව" දෙන්නකෝ කියලා, හික් හික්
    හාමිනේට කියල "කිසස්" ටිකක් හදවගන්න ඕනේ ලංකාවට ගියාම.... :)

    ReplyDelete
  19. @ ChammA
    එකනේ.. කොහොම කෑවත් රසයිනේ :))))

    ====================================================================================================

    @ Dinesh
    එහෙම බැහැ කොල්ලෝ උනාම ඉගෙනගන්නත් ඕනා ඕවා..

    ====================================================================================================

    @ සයුරි
    ඔව් ඔව් හදන්න වැඩි අමාරුවක් නැහැ, වැඩි වියදමකුත් නැහැ :))))

    ====================================================================================================

    @ Kasun
    ඒ මොකෝ වෙලාවක් නැත්තේ. එහෙම බැහැ හදන්නම ඕනා,, හදපුව එවන්නේ නැහැ, හදපු ගමන්ම මම කාලා දානවා ඔක්කොම :D

    ====================================================================================================

    @ මධුරංග
    මමත් හරි ආසයි අයියේ,, ඒ නිසා මම ඔක්කොම කනවා. :))))

    ReplyDelete
  20. @ ඔබ නොදු‍ටු ලොවක්
    තල්ලේ ඇලෙන්නේ මැද අමු උනාම.එහෙම උනාමත් රසයි :)))
    ====================================================================================================

    @ නන්දු
    අක්කියෝ හිහි කොස කිරාන් නැහැ අනේ මම හෙන අහිංසකයි, :))
    ඔව් ඔව් තව කෑම ජාති හදන විදිය කියන්නම්කො

    ====================================================================================================

    @ pandukabaya , @ පූසා
    ඔව් ඔව් හදලා බලන්න

    ====================================================================================================

    @ Observer
    අහ්හ් මලා බල්ලා කෑවද? එහෙනම් ඉතින් ආපහු මුල ඉදන් හදන්න තමයි වෙන්නේ :)))

    ReplyDelete
  21. @ අසරණයා
    කෙල පෙරුනට ඉතින් කොරන්ට දෙයක් නැහැ නොවැ.. මම නම් හදල දෙන්නේ නැහැමයි... මම හෙන වසයි ඔව්.
    ========================================================================================================
    @ ලොකු පුතා
    අනේ එහෙමද ලොකු පුතා ඓයේ, අප්ඩේට් වෙලා නැද්ද? :(( කමක් නැහැ කොහොමහරි ඔයා දැක්කනේ. :))) කිසස් කියල තමයි අපිනම් කියන්නේ. හහා හා හදවාගෙන කාල රස කොහොමද කියල කියන්නකෝ :)))

    ReplyDelete
  22. "හදපුව එවන්නේ නැහැ, හදපු ගමන්ම මම කාලා දානවා ඔක්කොම"

    ඔන්න ඔහොමයි නංගිලා අපිට සලකන්නේ. මගේ හිත බිඳුන.....:( කමක් නෑ, කිසස් ටිකක් කඩෙන් අරගෙන කනවා.

    ReplyDelete
  23. මම ඊයේ හැදුවා.හැබැයී නිවෙද්දී අතේ ඇලෙනවනේ. ඒකට මොකද කරන්නේ.

    ReplyDelete
  24. මන් හදලා බලලා නෑ,,.. ගෙමක් දිලා බලන්න හිතෙනවා..

    ReplyDelete
  25. එල අක්කේ අපේ අම්මත් දැක්කා මේ පොස්ට් එක...... අක්කේ මේ වගෙ තව එක්ක දාන්නකෝ

    ReplyDelete
  26. @ kasun
    අහ්හ් හදල එවන්නම්කො එහෙනම් ...

    @ බට්ටි.
    අනේ අක්කේ මටත් පලවෙනි දවසේ ඔහොම උනා. අවන් ඒකෙන එලියට ගන්න ඕනා කිසස් ඒක ටිකක් යාන්තමට වගේ කුඩු වගේ වෙනකොට.. මොකක්හරි එකකින් , පිහියකින් වගේ අවන් එකේ තියෙද්දීම සරින් සැරේ ඇනලා බලන්න ඕනා, යාන්තමට වගේ කර කර වෙනකොටම බාගන්න ඕනා, උෂ්ණත්වය 100 ට විතර දාන්න, ඒ වෙනකොට..

    @ රහස් පරික්ෂකයා
    අහහ් හොදයි මල්ලි , එල එල.

    ReplyDelete
  27. මේක ලඟදි යාළුවෙකුගෙ ගෙදර ගිය වෙලේ ඌ හැදුව කියල දුන්නා... අවු. 17ක කොල්ලෙක් :D

    ReplyDelete
  28. මේ රෙසිපි එකත් try කරල බලන්න.
    සුදු මද -100ග්‍රම්
    සීනි -100 ග්‍රම්
    අය්සින් සුගර්(icing sugar) -100ග්‍රම්

    කලින් වගෙම beat කරගෙන icing sugar එක්ක කලවම් කරගන්න.
    110c වල bake කරන්න.
    මේකෙ නම meringue.

    ReplyDelete
  29. @ ඇනෝ
    කිසස් හදන විදියටමද? උෂ්ණත්වය තමයි කෙස් එක,

    ReplyDelete
  30. ඒ විදිය තමයි.අඩු උෂ්නත්වයෙ bake කරන්න ඔනෙ.100c-110c තමයි උෂ්නත්වය.
    කිසස් bake කරන්න කලින් oven එක 110 උෂ්නත්වයත heat කරන්න ඔනෙ.ඒක තමයි oven එක re-heat කරනව කියන්නෙ.
    40-60min. විතර යනව bake වෙන්න.time එක oven එකෙන් oven එකට වෙනස් වෙනව.
    මෑද ඈලෙන්නෙ නෑති ගනට ගන්න.හොදට dry වෙන්න ඔනෙ මෑද.

    ReplyDelete
  31. බිත්තර එක beat වෙන ගමන්ම සීනි දන්න.මුලින් බිත්තර විතරක් beat කරන්න ඔන නෑ. බිත්තර+ සීනි එක පාරම beatකරන්න.හෑබෑයි සීනි ටික ටික දන්න ඔනෙ.

    ReplyDelete
  32. හ්ම්ම් අනේ ඇනෝ මම අඩු උෂ්ණත්වයේ වැඩි උෂ්ණත්වයේ දෙකෙන්ම හැදුවා. ටික වෙලාවකින් ඇලෙනවා , එත සමහර වෙලාවට හරි යනවා, බලමු ඔයාගේ විදියටත් හදලා බලමු

    ReplyDelete
  33. ඕඩර් එහෙම බාර ගන්නවැයි?

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ සහෝ.. ඒවා නම් කරන්නේ නැහැ, මේ පැත්තේ ආවොත් නොමිලේ කන්න පුළුවනි.. එච්චරයි

      Delete