Saturday, February 11, 2012
බොඳව ගිය දේදුනු- 3 වෙනි කොටස
ජිවිතේ කියන්නේ හෙමින් හෙමින් විසදගෙන යන්න ඕනා ප්‍රශ්නපත්‍රයක්.. හදිස්සි උනොත් මුළු ජීවිතේම කාලකන්නි වෙන්න පුළුවන්.. එක පාරක් කෙනෙක් වෙනුවෙන් ජීවිතේම කැපකරලා වේදනාවිදපු කවී, ගොඩාක් ප්‍රවේසමෙන් තමයි එතනින් එහාට එයාගේ ජිවිතේ සැලසුම් කලේ.. මොකද එයාගේ හිත ගොඩාක් වෙලාවට එයා හිතන්නෙවත් නැති දේවල් එයාට කරන්න කියන නිසා.
"කෞමදී අලුතින් ගත්ත ට්‍රෛනී ට වැඩ කියලා දෙන්නේ.. මිනිහා CBF ඉගෙන ගන්නවලු "
"හොදයි මිස්ටර් සිල්වා "
හුරු පුරුදු මුහුණක් එකවර දොරකඩින් මතුවිය. දෙයියනේ සවින් ???
අද එතැන් සිට.....
-------------------------------------------------------------------------------------------------------------------------
"සවින් ඔයා මෙහෙ? "
"කවි පුදුම වෙන්න එපා. කොහොමත් අද මම ඔයාව හම්බෙන්න හිටියේ.."
"ඒ මොකද..? මේ කාර්යාල වෙලාව. ඔයාව ට්‍රෛන් කරන්න මටයි බාරදුන්නේ.. ඕනෑම ප්‍රශ්නයක් ලන්ච් එකේදී අහන්න."
"අම්මෝ මෙයාගේ ගණන්. හරි හරි මම ඒ වෙලාවටම අහන්නම්කො."
මේ මොනාද දෙවියනේ මට උනේ. අන්තිමට මෙයා මෙහෙටම අවානේ.
"මිස්ටර් සවින් මේ ඉන්නේ අසිත තෙන්නකෝන්."
මම එහා පැත්තේ මෙසේ හිටපු අසියාව සවින්ට හදුන්වලා දුන්නා.
"මචන් මිස්ටර් කෑලි ඕනා නැහැ.. අද ඉදන් උබත් මේ අපි වගේ තමයි. වැඩ අමාරු නැහැ. අපිත් මේකට එද්දී මෙලෝ හසරක් දන්නෑ. මේකෙම පොල් ගාලා තමා ඉගෙනගත්තේ.."
අසිත කියුවේ සවින්ව ධෛර්යමත් කරන්න වගේ.
"අසිත හුගාක් කල් ද බැංකුවේ..? "
"ෆෝ ඉයර්ස්.. මේ යන්නේ පහ. අනික ඉතින් දන්නා කියන යාලුවෙකුත් ඉන්නවානේ ඔයාට."
අසිත කියුවේ තේ උගුරක් බොන ගමන් මටත් ඇසක් ඉගි කරනගමන්... මම ඒ වෙලේම සවින් ගේ මුණ බැලුවා. අම්මේ මුනේ තියෙන හිනාව. අම්මපා මේ අසියටත් කටක් තියාගෙන ඉන්න බැහැනේ.
පැයක් ඇතුලත කොහොමහරි ස්ටාෆ් එකේ කිහිප දෙකෙනුම සවින් අදුනගත්තා.
"මේ කමුද මැඩම්.. බඩගින්නක් එනවා. මචෝ උබටවත් බඩගිනි නැද්ද.. "
අසියා කියුවේ පුටුවෙන් ටිකක් ඉස්සිලා සවින් දිහාත් බලන ගමන්.. එහෙම්මම නැගිටලා එයාගේ කෑම එකත් අරන් කෑමට යන්න ලෑස්ති වෙද්දී මමත් නැගිටලා කෑම එක අරගෙන සවින් ලගට ගියා..
"යමු සවින් කෑම කන්න."
කෑම මේසෙට අසිත මම සවින් විතරක් නෙමෙයි නිමේෂා ත් එකතු උනා. කෑම කාලා ඉවර වෙලා සවින් ඇවිත් කතාවට ලෑස්ති උනා මාත් එක්ක.
"අහ්හ් දැන් කියන්න බලන්න මොනාද කියන්න තියෙන්නේ කියලා."
"ඇයි දන්නෙම නැද්ද.. "
"දැනගන්න කියන්න එපැයි..."
"කවි බොරුවට නෙමෙයි මේ මන් කතා කරන්නේ සීරියස්.. නෙතුකි අතේ මම පණිවිඩයක් එව්වා. අනික මම දන්නවා එක ඔයාට නෙතුකි කියුවා කියලා. මට ඕනා උත්තරයක්.."" :"''
"උත්තරයක් දෙන්න තරම් එක මට ප්‍රශ්නයක් නෙමෙයි සවින්. අනික මට ඔයාව හොද යාලුවෙක්. ඒ යාළුකම නැති කරගන්න එපා. අපේ යාළුකම මෙතනින් එහාට ගෙනියනවට මම කැමති නැහැ..."
"ඒ මොකද කියලා මට හේතුවක් කියන්න කවි.. මගේ තියෙන වැරැද්ද මොනාද... "
"වැරද්දක් නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඔය මං ගැන මොනාද දන්නේ.. බෝඩිමක් ඇතුලේ හිරවෙලා ජිවිතේ හොයන කෙල්ලෙක් මම. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ආපහු මට ජිවිතේ වරද්ද ගන්න ඕනා නැහැ. අනික ඔය හොද කෙනෙක්. ඕනෑම උදව්වක් මම ඔයාට කරනවා.මේ වගේ දේවල් අහලා අපි අතරේ දුරස් බවක් ඇතිකරන්න එපා"
"හැම කොල්ලම එක වගේ නැහැ කවි. එක තේරුම් ගන්න. හරි මම කරදර කරන්නේ නැහැ ඔයාට. ඔයාම දවසක තේරුම් ගන්නකන් මම බලාගෙන ඉන්නවා. "
.
.
.
.
. අනේ දෙවියනේ මම මොනාද කරන්නේ. එන දෙකට මුහුණ දෙනවා.
වැඩ ඉවරවෙලා බැංකුවෙන් එලියට බැහැලා ආවෙත් හිත සැහැල්ලුවෙන් නෙමෙයි. පාරට ඇවිත් බස් නැවතුමේ හිටගෙන බස් එකක් එනතුරුත් වටපිට බැලුවෙත් හිත සැහැල්ලුවෙන් නෙමෙයි. වේලපහින් බැංකුවෙන් එලියට ආපු නිසා සවින්ට මාව මගහැරුනා.
කොහේදෝ ඉදන් ආපු පුංචි සුළං රැල්ලක් කොන්ඩේ ටිකක් අවුල් කරද්දී මම ඉක්මනින් හිස හරහා අත යවලා ඒ විසිරුණු කෙස් එක්තැන් කරගත්තා..
බස් එකක් එකපාරම ආවා ඒ වෙලාවේම. බස් එකට නගින්න හදද්දී බස් නැවතුමේ කවුදෝ පිරිමියෙක් හැරි හැරී බලනවා මම යාන්තමට වගේ දැක්කා. මම ඉක්මනින් බස් එකට ගොඩවුනා. බස් එකේ සෙනග වැඩියේ නැති නිසා මට ඉදගන්න හම්බුනා..
බෝඩිමට ඇවිල්ලත් මට කල්පනා උනෙම මම සවින්ට දීපු උත්තරේ ගැන. මගේ අතින් මම හරි.
එයාගේ පැත්තෙන් ? නැහැ මට ඒ දේවල් කල්පනා කරන්න ඕනා නැහැ. එන දෙකට මුහුණ දෙනවා.
බෝඩිමේ මිතුරිය සමග රැට කන්න මොනාහරි ගන්න කියලා හවස පාරට ආපු වෙලාවේ අපි ලගින් වහනයක් ඇවිත් නතර කළා.
වහනයෙන් බැහැලා අපි දිහාවට ආවේ හුරු පුරුදු රුවක්.
"මාව මතකද මන්දා "
"අහ්හ් මතකයි මතකයි එදා පන්සලේදී හම්බවුනේ.. "
"මේ යාලුවෙක් වෙන්න ඇති.."
"ඔව් මේ මගේ රුම් මේට් "
"හෑ ඔයා කැම්පස් ද ? "
"නෑ මම කැම්පස් නෙමෙයි. මම වැඩට යන්න නතර වෙලා ඉන්නවා බෝඩිමක."
කාත් කවුරුවත් මට නැහැයි කියන්න මට ඒ වෙලේ මගේ දිව නැමුණේ නැහැ. අනික මම මොකටද දන්නේ නැති කෙනෙක්ට මගේ විස්තර කියන්නේ.
"මම මේ ලගකට යන ගමන්. ඔයාලා කොහෙද යන්නේ.. මට පුළුවන් ගිහින් ඇරලවන්න.."
"අනේ එපා අපි මේ ලගකට යන්නේ.. "
ඒ වෙලේනම් උත්තර දුන්නේ මගේ යාලුවා.
"ඔව් තැන්ක්ස්. අපි එහෙනම් ගිහින් එන්නම්.. "
"හ්ම්ම් හොදයි එහෙනම් ආපහු දවසක හම්බෙමුකෝ. පන්සල පැත්තේ එවෙන්නේ නැත්ද ලගදි දවසක..?"
"කියන්න බැහැ. නිවාඩු තියෙන විදියට තමයි.."
ඔහු යන්නට ගියේය.
"කවුද බන් ඒ ? " කොහේ පොරක්ද " ?
මිතුරියගෙන් ප්‍රශ්න වැලකි.
"කටවහගෙන වරෙන්. පස්සේ කියන්නම්."
බෝඩිමට ආවට පස්සෙත් මට මතක් උනේ ඔහුවමයි.
"කියපන්කො කවුද ඒ? අපිත් ආසයි දැනගන්න."
"අනේ මේ උබ මොකට දැනගන්නද ? තාරක ඉන්නේ උබට "
විනොදෙටනේ ළමයෝ... මේ කාලේ තමයි අපේ ජිවිතේ හොදම කාලේ. හොදම වයස..
"එන්ජෝයි කරන්නේ දකින දකින කොල්ලට ලයින් දාලද? එක ලොකු වැරදීමක් කෙල්ලේ.එක එන්ජෝයි කරන විදියක් නෙමෙයි. එක හිතේ තියෙන සතුට කාලා දාන විදියක්."
"හරි හරි කියපන්කො කවුද ඒ පොර කියලා."
"අර උබලා එක්ක මම එදා පන්සල් ගියා මතකද.. අන්න එදා පන්සලේදී හම්බුනේ.. වචනයක් දෙකක් කතා කළා විතරයි. එත මිනිහාට මාව මතක හිටලානේ. "
" ඇයි ඉතින් උබටත් මතකයිනේ. ඇයි කියුවේ ඔව් ඔව් මතකයි කියලා හේ හේ "
"හරි හරි.. ඒ කතා වැඩක් නැහැ. හෙට සෙනසුරාදා.. උබ ගෙදර යනවද "
"ඔව් බන් යන්න ඕනා."
"උබ ගියාම මට තමයි පාලු "
"උබත් වරෙන්කො එහෙනම් "
"බෑ බන්. රෙදි කන්දක් තියෙනවා හෝදන්න.ඔයා යන්නකෝ. අනික තාරකත් ඉන්නවානේ.මම එන එක හරි නැහැ. "
ඇය ගමේ ගියාය. හ්ම්ම් පාලුයි තමයි. දැන් මේ පාළුව මට වැඩියේ දැනෙන එකක් නැහැ. මොකද මම එකට දැන් හුරු වෙලා.
සති අන්තේ පුස්තකාලෙට යෑමට කවිට සිතුනේ ඒ පාලු බවෙන් මිදෙන්න.
කවිට පුස්තකාලෙට යනවිට අතරමගදී සිදුවන්නේ කුමක්ද ?
මතුසම්බන්දයි.
ලේබල
බොඳව ගිය දේදුනු
Subscribe to:
Post Comments (Atom)
හප්පේ.... වර්ණාට කතාව ලියන්න මතක් වෙලා... සන්තෝසයි... ඉතින් ඉතින්...අතරමඟදී????
ReplyDeleteහ්ම්ම් එකනේ :)
Deleteකෝ ඉතින් කියවන්න පටන් ගන්න කොටම ඉවරයි...මදී...අනිත් ටික ඉක්මනට දාන්න..
ReplyDeleteඊලග කොටසේදී ඉක්මනින් දාන්නම්කො
Deleteකෝ ඉතින් ඕනම තැනදි නවත්තලානේ... මරු මරු!
ReplyDeleteඑහෙම තමයි ඔක්කොම එකපාරම කියුවම අගයක් නැහැනේ
Deleteහොදයි හොදයි ඉක්මනට දාන්න කෝ නැත්තම් අමතක වේවි
ReplyDeleteහ්ම්ම් වෙලාව තියෙන විදියට තමයි අයියේ
Deleteඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ ! ඒ නිසා ඊලඟ කොටස ඉක්මනටම ලියමු !
ReplyDeleteමේකලාට වචනයක් දෙකක් කතා කරපු ගමන් ඒ මොකාද කියලා මතක තියෙනවා නෙව. මාර මතයකයක් !!
හැක හැක හැක මේක ගොතන කතාවක් අයියේ
Deleteහප්පා !!!! මම දාපු කමෙන්ට් එක නෑ නෙව. දැන් ඉතින් ආයෙත් ලියපන්කෝ !!!
ReplyDeleteඉක්මනටම ඉතුරු කොටසත් ලියන්න. අර ප්‍රශ්නෙට උත්තරේ හොයන්ඩ එපැයි !
වර්ණාත් මරු වැඩ තමා කරන්නෙ, අපිට කුතුහලය අවුස්සන්න ප්‍රශ්නයක් අහලා නවත්වලා..:D
ReplyDeleteඊළ්ගහ කොටස එනතුරු නොඉවසිල්ලෙන්..
ඉක්මනින් දාන්නම් හිතු
Deleteඉක්මනින්ම ඊලඟ කොටසත් බලාපොරොත්තු වෙනවා.... අගෙයි!!!!
ReplyDeleteබොහොම ස්තුති කියවනවට :)
Deleteදැන් කොල්ලෝ දෙන්නයි අප්පා තව මොකෙක්ව හම්බුවෙයිද දන්නේ නෑ හිතාගන්න බෑ දැන් මේ ඔක්කොගෙන්ම කවුද හොඳ තෝරගන්න
ReplyDeleteඅනේ ,මන්දා කියවලම දැනගන්නකො
Deleteකලින් කොටස් දෙකට වඩා ලොකු දියුණුවක් තියනවා කියලා මට හිතෙනවා. ගොඩක් ලස්සනයි. ඉක්මනට ඉතුරු කොටසත් දාන්න.
ReplyDeleteබොහොම ස්තුති අයියේ.. ඉක්මනින් දාන්නම්
Deleteඅපූරු කතාව.. හොඳට ගලපනවා..ඊළඟ කොටසට කුතුහලය තැබීම වැදගත් එතකොට කියවන්න හිතෙනවා..
ReplyDeleteදිගටම ලියන්න
මේ රෙඩ් කලර් එක නම් ඇස්දෙකට ටිකක් අමාරුයි වගේ. ලිව්වට අමනාප වෙන්න එපා.
මේ කලර් එක කොහොමද බලන්නකෝ :)
Deleteස්තුති මේ පැත්තේ ඇවිත් යනවාට
කතාව නම් හොඳට ලියලා තියනවා...
ReplyDeleteඉකමනට ඉතුරු ටිකත් ලියමු.......
කියවන්න බලන් ඉන්නවා
ස්තුති මල්ලියා. ඉක්මනින් ලියන්නම්
Deleteකලින් දෙකත් ආයෙම බලාගෙන ආවා.. මොකද මට නම ඒක අමතක වෙලා තිබ්බේ ඇත්තටම.. කලින් කොටස් වලට ලින්ක් එකත් දැම්මනම් නේද හොද?
ReplyDeleteඅනේ ඔව් එක මට අමතක උනානේ.. :)
Deleteඑන්න එන්නම කතාව ලස්සන වෙනවා..
ReplyDeleteස්තුති අක්කේ :)
Deleteනංගියට කතාව මතක්වෙලා.. ගොඩක් සතුටුයි නංගියෝ.. තවමනම් මට මුකුත්ම හිතාගන්න බැහැ.. කුතුහලයෙන් පිරුණ කතාවක්.. බලාගෙන ඉන්නවා ඊ ළඟ කොටස ඉක්මනින්ම දානකල්.. :)
ReplyDeleteඅනේ ඔව් අක්කේ.. හිහි. හිතන දේ නෙමෙයි වෙන්නේ. අන්න ඒ වගේ කතාවක් තමයි මේක. බලාගෙන ඉන්නකෝ :)
Deleteකසුන් එක්ක එකයි..ඔය ඉතින් හොදට ලියාගෙන එන්නේ :))
ReplyDeleteස්තුති :)
Deleteබලමු බලමු වෙන දේ.. :D ලස්සනයි නංගෝ කථාව..
ReplyDeleteස්තුති අක්කේ. බලමුකෝ ඉස්සරහට වෙන දේ
Deleteඅනේ මංද......
ReplyDeleteපුදුම ජීව්ත....
වෙලාවකට මටත් මාව තේරුම්ගන්න බෑ....
ඇත්තමයි.. :(
Deleteපුදුම වැඩක්නෙ හැමෝම දන්න මෙයාව මට මිස් උනේ කෝමද?..ඔන්න යාන්තම අල්ල ගත්ත බ්ලොග් එක....මුල ඉඳන්ම කියවල එන්නම්.......
ReplyDeleteඑකනේ. කිරිල්ලි අදනේ ආවේ මෙහෙ.. ඉස්සරහටත් එන්නකෝ.. බොහොම සතුටුයි :)
Deleteපුස්තකාලේදී සචින්ව හම්බුවෙනව ඇති .වෙන මොකක්ද??:PP
ReplyDeleteහැමවෙලේම තමන් හිතන දේවල් වෙනවානම් මේ ලෝකේ කොච්චර ලස්සනද මල්ලි :)
Deleteහප්පා මාළු පාන් කාලා ආයිත් මේ මුල ටික කියවලා ආවේ.....කුතුහලේ තමා ඉවසන්න බැරි.....
ReplyDeleteමාළු පාන් කෑවද? රසද හිහි
Deleteඇහැට අමාරුයිද මංද මේ පාට!
ReplyDeleteබලන්නකෝ මේ පාට :)
Deleteසවීන්ට වඩා අර නොදන්න කෙනාටයි හිත නේද...? ;P
ReplyDeleteබලන්නකෝ ඉස්සරහට අක්කේ :) :)
Deleteයමුකෝ අගටම.. දෙන්නම් රිදෙන්ඩ !
ReplyDelete