Monday, February 27, 2012

බොඳව ගිය දේදුනු - 4 වෙනි කොටස

සමහරු ඉපදෙන්නේ ජිවිත කාලයටම හිනාව දෝතින් තුරුළු කරගෙන කියලා මම අහලා තියෙනවා. හරියට අර රත්තරං හැන්දක් කටේ තියාගෙන ඉපදෙනවා වගේ. එත් කදුලෙන්ම ඉපදිලා මියෙන තුරාම කඳුළු සලන්න සිද්ද වෙච්ච කෙනෙක් වෙන්න ඇති මම. යාන්තන් හරි හිතට සතුටක් සැනසීමක් ලබාගන්න කියලා මම කොහාටහරි අත දිගු කෙරුවොත් අනේ අන්තිමට ඉතිරි වෙන්නේ කඳුල විතරමයි.


"Everything I touch turn to tears "




ආදරේ ජිවිතේ කරගත්තු කෙල්ලෙක්ගෙ කතාව... 
බොඳව ගිය දේදුනු 
අද හතරවෙනි වෙනි කොටස....

බොඳව ගිය දේදුනු- 1 වෙනි කොටස


බොඳව ගිය දේදුනු- 3 වෙනි කොටස

පුස්තකාලෙට යනවිට අතරමගදී සිදුවෙන්නේ මොකක්ද?


අද එතැන් සිට---------------------------------------------------------------------------------------------------------


"මේ කෙල්ල ඉන්නකොට මල වදේ. නැතිවෙනකොට පාලුයි. අපරාදේ මටත් එයා එක්ක ගමේ යන්නයි තිබුනේ. කාලෙකින් ඒ ගස් සුවඳ විදින්නත් බැරි උනානේ.. හ්ම්ම් මොනවා කරන්නද දැන් ඉතින්.. රෙදි ටික හෝදලා දාලා නින්දක් දාලා හවස් වෙලා පුස්තකාලේ පැත්තේ ගියානම් මේ පාලුගතිය නැති වෙයි . "




ආදරය අපේ පිවිතුරුයි අවිහිංසකයි
එක්වීම පිණිබිදු වගෙයි අස්ථිරයි
ඔබ අහස මම පොළොව ලොවට වැඩදායකයි
එනමුත් කිසිදිනෙක එක්නොවේ සහතිකයි



උස් පහත් කුල බේද රජයන කලට
එක්වන්න පින් මදිය පුරුවේ කල පවට
අමුණන්න ආදර මල් හිතවත් මල්දමට
සදු ඉල්ලා හඩන කිරිදරුවන් වෙමු කුමට?



ජිවිතේ සුන්දරයි. සත්‍ය කටුකයි. එත් අකමැත්තෙන් හරි මුහුණ දෙන්න වෙන්නේ ඒ කටුක වූ සත්‍යටම නේද? 
එහෙම හිතලා මම මගේ වැඩ ටික කරගන්න කුස්සිය පැත්තට ගියා.


---------------------------------------------------------------------------------

 මම හීනයක් දැකලා අවදි උනා. එක හුගාක් ලස්සන හීනයක්. මං හිනා උනා හීන ලෝකේ ඉදලාම. එත් හැබෑ ලෝකේ මගේ තනියට මගේ පාලුවට කඳුල සුසුම විතරමයි.කඳුළු පිහදාලා සුසුම් ඈතට පාකරලා මං පුස්තකාලෙට යන්න ලෑස්තිවුනා.




අම්මෝ බස් එකේ පොරකාලා පොරකාලා පුස්තකාලේ ගාවින් බැහැලා පාර මාරුවෙලා කෙලින්ම පුස්තකාලේ ඇතුලට ගියා.
                                                                      මේ පොත් සුවදට මම කවදාත් ගොඩාක් ආදරේ කළා. පොත් මගේ ජිවිතේ. මගේ ජිවිතේ හදාගන්න මේ පොත් මට නොකරපු දෙයක් නැහැ. පොතක් අරන් නහයට ලංකරලා ඒ සුවද මම හොදහැටි විදගත්තා.

"හලෝ කොහොමද. මාව මතකයි නේද "

"ඔව් මතකයි. මෙහෙ මොකද කරන්නේ ඔයා "

"ඔයා මොකද මෙහෙ කරන්නේ? අන්න ඒ දේමයි මාත් කරන්න හේ හේ "
"හිහි මරු  විහිලුව "

එහෙම කියමින් මම නැවත පොත් තුලට දෑස් යැව්වෙමි

"මේ එක නෙමෙයි මෙච්චර දවසක් හම්බවෙලත් මට ඔයාගේ නම අහගන්න බැරි උනානේ. මම විහඟ,   විහඟ දෙනුවන් "

" මම කෞමදී සේනාධීර"

"ලස්සන නමක්නේ"

"නෑ එච්චරම ලස්සන නැහැ  :D"

"එක නෙමෙයි මම ඔයාගෙන් දෙයක් ඉල්ලුවොත්? ඔයා එක මට දෙනවාද? "

"මොනවද? පුළුවන් දෙයක්නම් දෙන්නම් " 

මොනාද මෙයා ඉල්ලන්න හදන්නේ.. ඒ ඇස්? "

"ඔයා එක්ක ටිකක් කතා කරන්න ආසයි. ඔයා හිතන්න එපා මම ඔයාව දවසක් දෙකක් දැකලා දවසක් දෙකක් කතා කරලා එක පාරටම හම්බෙලා ටිකක් කතා කරන්න ආසයි කියනේ මොකද කියලා. මොකද මම ඔයාව දැක්කේ අද ඊයේ නෙමෙයි. කාලයක් තිස්සේ පන්සලේ ඉදන් මම ඔයා දිහා බලාගෙන ඉදලා තියෙනවා "

"එහෙමද? හ්ම්ම් හරි මොනාද කතා කරන්න තියෙන්නේ? අනික මගේ මොනාද බලන්න ඔච්චර තියෙන්නේ. මම සාමාන්‍ය කෙල්ලෙක්. අනික මම දන්නේ නැති අය එක්ක සාමන්යෙන් වැඩියේ ඇදුනුම්කම් තියාගන්නේ නැහැ "

"එහෙම නෙමෙයි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා" අද හවසට පන්සලේදී මාව හම්බවෙනවද? ප්ලීස් "

"බලමු. මට දැන් යන්න තියෙනවා. ගිහින් එන්නම්. හමුවීම සතුටක් "




අම්මෝ මේ මොකක්ද වෙන්න යන්නේ. අනේ දෙවියනි අවූරුදු ගානකින් කෙනෙක් ගැන හිතේ පුංචිම පුංචි පැහැදීමක් ඇති උනා විතරමයි එයා මොකදට මේ එන්න හදන්නේ? මගේ හිත කියවලාවත්ද?

ගෙදර ඇවිල්ලත් මගේ හිත එක්ක මම ගොඩාක් කතා කළා..

අද හැන්දෑවට මම යනවාද නැත්ද? යනවාද නැද්ද?
                                                         හැන්දෑව මගේ හිතට සමීප වෙන්න හදනවා. එත් මට ඕනා හැන්දෑවෙන් අයින් වෙන්න. හැන්දෑව මට හමුනොවන ඉසව්වකට යන්න. මට හැන්දෑවත්  එක්ක තරහා වෙන්න හිතුනා. ඉතින් මම හැන්දෑවත් එක්ක තරහා උනා.ඊට පස්සේ මට පුළුවන් වෙයි හැන්දෑවට පස්සේ එන අන්ධකාරේත් එක්ක යාලුවෙන්න.

"හැන්දෑවට මං ගෙදර එනකොට හැමදාම ඔයා මඟ බලාගෙන ඉන්න ඕන. "
"හා "

"එන්න රෑ උනොත්? "
"එත් මම ඇස් දෙක රිදෙනකල් හරි ආදරේ හිතේ පුරවාගෙන පාර බලාගෙන ඉන්නම්කො."

මතකය අමතක කරන්න යනකොට තව තවත් හිතේ සටහන් වීමට දැරීම ස්භාවයක්. සියල්ල කෙටියෙන් පවසා මසිත සනසාගන්නට මට අවැසි වුනා. ඒ නිසා මම හවස පන්සල් යන්න තීරණය කළා.
                                                 මම පන්සලට යනකොට සුදුම සුදු පාටින් ශර්ට් එකකුයි සුදු පාට සරමකුයි ඇදගෙන ඔහු  බෝධිය නාවමින් උන්නා. ඔහු ඈතට පෙනුනේ කිරි සුදු කොකෙක් වගේ.. මාව දැකලා ඔහු මං ගාවට ආවා.

"කෞමදී අද හරිම ලස්සනයි "

"මට කවී කියන්න. යාළුවො කියන්නේ කවී කියලා මට"

"නැහැ මම ආසයි කෞමදී කියලාම කියන්න "

"ඔයාගේ කැමැත්තක් "

"අපි යමුද ගග ගාවට "

"හොදයි "

මම ඔහු පසුපස වැටුනෙමි. අනේ මන්දා ඇයි කියලා මට හිතා ගන්න බෑ.. මම ඔහුට ඇලුම් කරමි.

ගඟ ළඟ ලස්සන කළුගලක් උඩ ඔහු ඉදගත්තා. මම ඔහුට ටිකක් ඈතින් ඔහු දිහා බලාගෙන නැවතුනා..



"මොනාද මට කියන්න තියෙනවා කියුවේ ?"
"එක නෙමෙයි ඔයා කොහෙද වැඩ කරනවා කියුවේ?

"මම මහජන බැංකුවේ වැඩ කරන්නේ "

"හ්ම්ම් එහෙනම් බෑන්කර් කෙනෙක්.මම ලේඛකයෙක්.. ඒ ගමන් තාත්තාගේ බිස්නසුත් බලාගන්නවා :) "

"එහෙමද. හොදයි.. :) " 

"දෙයක් අහන්නම් ඇත්තම කියනවද? ඔයා කාටහරි ආදරේ කරලා තියෙනවද?"

කාලය බොහෝ විට අහිංසක මසිත තව තවත් වේදනාවටම පත්කරයි.ජීවිතේ හමුවෙන ඕනෑම ගැටලුවකට නොසැලී මුහුණ දෙන්න කොච්චර උත්සහකලත් සසල හිතකට උරුමකියන්නට  වෙච්චි පාපයට ඒ හැමදෙයක්ම ව්‍යර්ථ වී යයි. මගේ මුහුණේ ඉරියව් තේරුම් ගත්ත නිසාදෝ ඔහු ටික වෙලාවක් මට උත්තර දීමට ඉඩහරලා මා දිහා බලාගෙන හිටියා.

"ඇත්තමයි තාමත් මට රහස් නැහැ.ජීවිතේට රහස් තිබුනත් රහසින් ආදරේ කරන්න මට දැනෙන්නේ නැහැ. දුක සතුට මට හැමෝගෙන්ම වසන් කරන්න බැරි උනේ ඒ නිසයි. ඔව් මම ආදරේ කළා. ගොඩාක් ආදරේ කළා. එත් ඒ ආදරේ සදාකාලේටම මගේ ලග තියාගන්න මට බැරි උනා.. මම අසරණ උනා. "

"මම අහන්නේ නැහැ ඒ ඇයි කියලා. මට තේරෙනවා. ඔයාගේ මුනේ ඉරියව් වලින් මම ගොඩාක් දේවල් තේරුම්ගත්තා. ඒ වගේම මෙච්චර කාලයක් ඔයා දිහා බලාගෙන සියුම් අධීක්ෂණයක් කරපු මට ඒ දේවල් තේරුම් ගන්න මහා වෙලාවක් ගියේ නැහැ. "

"මට කියන්න ඇයි මගෙන් මේ දේවල් අහන්නේ? මම ඒ අතීතය මතක් කරන්න කැමති නැහැ "

"මට හිතාගන්න බෑ ඔයා වගේ කෙල්ලෙක් ආදරෙන් පැරදුනා කියුවම. එත් දෙයක් මතක තියාගන්න ඔයා ජීවිතෙන් පැරදිලා නැහැ. "

"මොනාද පැරදිලා නැහැ කියන්නේ . ? ඔයා මොනාද දන්නේ මං ගැන? නෑ ඔයා කිසි දෙයක් දන්නේ නැහැ. මම ආදරෙන් වගේම ජිවිතෙනුත් පැරදිලා ඉවරයි. මේ කාලකන්නි කෙල්ලගේ ජිවිතේ ගැන ඔයා කිසි දෙයක් දන්නේ නැහැ "

මගේ ඇස් දෙකෙන් කඳුළු සට පට ගාලා හැලෙද්දී ඔහු නැගිට මාවෙතට ලංවුනා.

"එහෙම කියන්න එපා \. කවදාවත්. ඔයා පැරදිලා නැහැ. ඔයාගේ අතීතේ ගැන මට දැනගන්න ඕනා නැහැ, එක මට වැඩකුත් නැහැ. මම කැමති ඔයාගේ අනාගතේ ලස්සන කරන්න. ඔව් මම ඔයාට ආදරෙයි. එක මම ඔයාව දැක්ක දවසේමයි මගේ හිතට දැනුනේ."

"දෙයියනේ පවුකාර හිතක නවාතැන් ඉල්ලන්න ඔයා ඇයි මගෙන් අවසර ඉල්ලන්නේ.. මට තේරෙන්නේ නැහැ , මම මොනාද කියන්න ඕනා කියලා "

ඔහු මගේ අත දැඩිව අල්ලා ගත්තා,. මම ඉක්මනින් ඒ අත ඉවතට ගත්තා. 

"මට හිතන්න ඕනා."

"හිතන්න ඕනා තරම් හිතන්න . මම ඉඩදෙනවා. එත් මම ඔයාට ආදරෙයි. එක විතරක් අමතක කරන්න එපා "

"මට යන්න ඕනා. දැන් කළුවරත් වැටෙන්න ලගයි."

"ඉන්න මම ඇරලවන්නම් "

"නෑ මට තනියම යන්න ඕනා.මට හිතන්න ඕනා. ඒ නිසා මම තනියම යන්නම් "
----------------------------------------------------------------------------------------------------------

දෙයියනේ මගේ ජීවිතේට මොනාද මේ වෙන්න යන්නේ? මට ඔහුව විශ්වාස කරන්න පුලුවන්ද? මට මගේ බෝඩිමේ මිතුරිය කියූ දෙයක් මතක් උනා..



"ඉක්මන් තීරණ අරන් පසුතැවිලි වෙන්න එපා. ජිවිතේ කියන්නේ අභියෝග වලට බයේ පැනලා යෑම නෙමෙයි. ඒ අභියෝග බාරගැනීම.. හා හා පුරා කියලා ඔයා අඩිය තිබ්බේ වැරදි පාරක.එත් ජිවිතේ පුරාම වරදිනවා කියලා හිතන්න එපා "

මම ඔහේ හිත හිත පාර පුරා ආවෙමි.  එපමණයි මට මතක. කොහෙන්දෝ ආපු වාහනයක් මාව යට කරගෙන ගොසින්ය. මට සිහියක් නැත. එහෙත් මට මාව පෙනුනි. මම බිම ලේ විලක් මැදවැතිර උන්නෙමි....



මතුසම්බන්දයි



50 comments:

  1. :o
    කෞමදි මරෙවිද??
    මැරෙන එකක් නෑනේ :)
    මැරුනොත් කතාව ඉවරයිනේ :P

    ReplyDelete
  2. අන්තිම පින්තූරෙනම් ඇත්තටම මැරුණු කෙල්ලෙක්ගේ වගේ හැබැයි හැප්පිලා නෙමෙයි ගහලා පාරේ දාලා වගේ පේන්නේ....

    මේ කොටස ටිකෙන් ටික මැද්දට එද්දි මම හිතුවේ මේ කොල්ලා කෙල්ලගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න හදයි කියලා ඒත් අන්තිමට වෙච්චි මේ අනතුරත් එක්ක මට හිතෙනවා ඒ කොල්ලා මේ කවී වෙනුවෙන් කැප වෙයි ඉන් පස්සේ දෙන්නගේ හදවත් එකතු වෙයි කියලා...කවී නොමැරුණත් එක්තැන් වෙයිවත්ද දන්නේ නෑ එහෙම වුනොත් කොල්ලා පව්නේ ඒ නිසා මාසයක් විතර හොස්පිට්ල් තියමුද එයාව... ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. අම්මෝ මෙයා හිතලා තියෙන දුර

      Delete
  3. කතාවේ වෙයි කියලා හිතපු නැති දෙයක්.............

    ReplyDelete
    Replies
    1. අපි හිතන්නේ නැති දේවල් ජිවිතේ වෙන්නේ .. එහෙම නේද

      Delete
  4. විහඟට කන පැලෙන්න එකක් දෙන්න හිතෙනව.

    ReplyDelete
  5. හම්මෝ.... මැරෙන්න එපා කෞමදී... ICU එකේ වත් ඉන්න...

    "විහඟ දෙනුවන්" ලස්සන නමක්.. කෝ කෙල්ලට එක නමයිද?

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක්ගෙ අනිත් නමත් ඉදිරියේදී හම්බෙයි :)

      Delete
  6. කෞමදී හීනයක් වත් දැකලද..

    ReplyDelete
    Replies
    1. අහ්හ් අනේ මන්දා බලමුකෝ :)

      Delete
  7. ලස්සන නම් දෙකක්..ඒ නම් දෙක වගේම ලස්සනට ඉතුරු ටිකත් ලියන්න දුක හිතෙන එකක් නම් ලියන්න එපා...කෙල්ලව කොහොමහරි සනීප කරන්න.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් බලමුකෝ සහෝ :)

      Delete
  8. කෝමද මට මේ කතාව මිස් උනේ හ්ම්ම්..ඔන්න දැන් කියවනව ඔක්කොම....

    ReplyDelete
    Replies
    1. කිරිල්ලිට මගේ කතා ගොඩාක් මිස් වෙලා වගේ පෙන්නේ මට :)

      Delete
  9. කෞමදීට මුකුත් වෙන එකක් නෑනේ??

    ReplyDelete
    Replies
    1. දන්නේ නැතෝ. ඉස්සරහට බලමුකෝ :)

      Delete
  10. හපොයි.. ඒ මොකක්ද ඒ වුනේ.. :(

    ReplyDelete
    Replies
    1. ඒකතමයි මමත් බලුවී :)

      Delete
  11. මොකක්ද අනේ පටන් ගන්නකොටම හැප්පුවානෙ...

    ReplyDelete
    Replies
    1. හිහි එහෙම තමයි ඉතින් මගේ බොලද කතා

      Delete
  12. විහඟගෙ යාළුවෙක්: අඩෝ දාපන් පහක්... වැඩේ පොසිටිව්.. ඕක හරියනව :)

    කෙල්ල මලා නම් ගති... ඒකිගෙ යාළුවෙක් හිටියනෙ ;) (මටත් හිතෙනව කතා ලියන්න)

    ReplyDelete
    Replies
    1. අනේ අයියේ මේ, උඹ අරේ සහ මරේ ලියාගෙන පැත්තකට වෙලා හිටපිය. ආව මෙතන කතා ලියන්න.:D :P

      Delete
    2. අම්මපා අයියේ අන්න එහෙම නේ කතා ලියන්න ඕනේ
      ලියලා දාමු බං අයියේ කතාවක් :D :D

      Delete
    3. සාතන් අයියේ මේ නරපුරුශයෝ කියන ඒවා අහන්න එපා .. ඔයා ලියන්න කතාවක්

      කසුන් අයියට ලගදීම මගෙන් හොද සබ්බුවක්

      මහිම අයියාටත් එසේමයි

      Delete
  13. ලස්සන අදහසක්..ඒත් කතාවයි දෙබසුයි ගලාගෙන යන විදිහ ටිකක් අවුල් වගේ..
    තරහා නෑනෙ මට පේන විදිහට අඩුපාඩුවක් පෙන්නලා දුන්නට..
    මීටත් වඩා ලස්සන තවත් කොටසත් ආසාවෙන් බලාන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ අක්කේ පොඩ්ඩක්වත් තරහා නැහැ,, මම මේ කතා ලියන්න දන්නා කෙනෙක් නෙමෙයි, ඔහේ නිකන් ජොලියට ලියන්න හිතුනේ.
      වැරදි පෙන්නලා දෙන එක ලොකු හයියක් :)

      Delete
    2. මාත් මේ ඕක කියනවද නැද්ද කියලා හිත හිත හිටියේ නගෝ. ඒක නම් ටිකක් හදාගන්න බලන්න.

      Delete
    3. අලෙ ඕන දෙයක් කියන්නෝ

      Delete
    4. තරහා වෙන්නෙපා වර්ණෝ... මටත් හිතුනෙ ඒකමයි... නිකම් එකින් එකට පනින ගතියක් වගේ තියෙනවා... ඒ දෙබස් අතරෙ කෞමදීට දැනෙන හැගීම් ගැනත් සටහනක් යෙදුවා නම් ඒක ටිකක් විතර මග හැරේවි කියලයි මට හිතෙන්නෙ.... :D

      Delete
  14. //කාලයක් තිස්සේ පන්සලේ ඉදන් මම ඔයා දිහා බලාගෙන ඉදලා තියෙනවා//

    මහණ වෙලා හිටපු කෙනෙක් වත්ද ?

    ReplyDelete
    Replies
    1. අයියෝ නැහැ නැහැ දැහැමි බක්තිකයෙක්

      Delete
  15. ලස්සන කතාවක්..දෙවනි ප්‍රේමයක් !!

    (මම අන්තිම පින්තූරයටනම් චුට්ටක්වත් කැමති නෑ..ඒක බලන්නත් අමාරුයි වගේ..)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්
      පින්තුරයක් හොයලා හොයලා බොහොම අමාරුවෙන් හම්බුනේ එක

      Delete
  16. ෂහ්! මොකක් ද මේ කළේ.මම අද මේ කතාව බලන්න ගත්තේ.මුල ඉදන් බැලුවා.හරි රසවත්.ඒත් මේ මොකද උනේ? අපේ අඩවියෙත් කතාවක් යනවා අපි පටන් ගත්තේ ජනවාරි මුල.එතකොට අපි සිංඩියේ හිටියේ නෑ. ඒ නිසා පසුව නැවත පළකලා.දැන් යන්නේ 08 කොටස.අපේ මේල් එකට රිප්ලයි තිබුනට කවුරුවත් කමෙන්ට් කරන්නේ නෑ!?! ඔයාට අපි සුබ පතනවා. දිගටම ලියන්න.වචනටික එළකිරි!!!!

    ReplyDelete
    Replies
    1. මම ඔයාලගේ අඩවියේ කතාව බලන්න ආවා. එත් ඔයාලා මුල කොටස් මකලානේ. ඉතින් මුල කියවන්නේ නැතුව ඉතුරු කොටස් කියවන්නේ කොහොමද?
      මේ පැත්තේ ආවට ස්තුති... දිගටම එන්න :)

      Delete
  17. වර්ණා "හැන්දෑව මගේ හිතට සමීප වෙන්න හදනවා. එත් මට ඕනා හැන්දෑවෙන් අයින් වෙන්න. හැන්දෑව මට හමුනොවන ඉසව්වකට යන්න. මට හැන්දෑවත් එක්ක තරහා වෙන්න හිතුනා. ඉතින් මම හැන්දෑවත් එක්ක තරහා උනා.ඊට පස්සේ මට පුළුවන් වෙයි හැන්දෑවට පස්සේ එන අන්ධකාරෙත් එක්ක යාලුවෙන්න"

    මේ කොටස කතාවෙ රසවත්ම සාහිත්‍යමය ගොනු කිරිමක් හරියටම චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් සායම්වලින් කරන සැරසිල්ලක් වගේ.
    හිත බැඳගන්න විදියට ලියා තියෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති.. :) එක නිකන් හිතලා ලියපු දෙයක්.. කොහොමත් මම හැන්දෑවට කැමතිම නැහැ

      Delete
  18. // විහඟ දෙනුවන් //

    ලස්සන නම :D

    හයියෝ..මේ මොකක්ද වෙන්න යන්නෙ?? :O කෞමදී මැරෙයිද?? :'(

    ReplyDelete
    Replies
    1. නියම නම නේද... :D
      දන්නේ නැහැ බලාගෙන ඉන්නකෝ

      Delete
  19. කෞමදීව මරන්න එපා !!!!
    කෞමදීව ජීවත් කරවන්න !

    ReplyDelete
  20. හෆ්ෆා.....මේ තරම් දරුණු දඬුවම් දෙන්න එපා...!!!

    ReplyDelete
    Replies
    1. දෛවය අපිට දෙන ඕනෑම දෙයක් අපි භාරගන්න ඕනා

      Delete
  21. කොටසක් දාන්න ඔච්චර කල් ගන්න එපා නගෝ. සෑහෙන අමාරුවෙන් මුල ටික මතක් කරගත්තේ.:) මේක හීනයක්‌ වත්ද?

    ReplyDelete
    Replies
    1. ටිකක් කම්මැලි වෙලා හිටිය‍ා අයියේ එකයි..
      හීනයක්ද? දෙවියෝ තමයි දන්නේ :)

      Delete
  22. ලස්සනයි

    ReplyDelete