Thursday, February 16, 2012

මෙවන් විපතක් නැවතත් සිදු නොවේවා..!!

මගේ ගම සලාපුරය.. සලාපුරේ තමයි මම ඉපදුනේ හැදුනේ වැඩුනේ, මම පාසල් ගියේ, මගේ දෙමව්පියන්ගේ ගම සහ කවදාහරි මගේ ළමයින්ගේ ගමත් වෙන්නේ. මොකද මගේ ජිවිතේ එක්ක මගේ ගම ගොඩාක් සමීපයි. මේ ගම මට එදා ඉදන්ම පුදුම විදියට ආදරේ කලේ. හරියටම මම මේ ගමටම ඉපදුනු කෙනෙක් වගේ. ඒ මුහුදු රැල්ලට, ඒ ලුණු රස දැනෙන හුළගට, මේ පාරවල්, පල්ලි හැමදේකටම මම පුදුම විදියකට ආදරේ කළා. A/L කරන කාලේ මම අවුරුද්දක් විතර ගමෙන් පිට හිටියා. නිවාඩුවක් ලැබුනාම මම ඉක්මනින් දුවගෙන එන්නේ මේ සලාපුරේ හුලගක් දැනුනත් සැපයි කියලා. කිසිම කලබලයක් නැති මගේ ගම සලාපුරය නැත්තම් හලාවත අද මුළු ලංකාවේම කතාවට ලක්වෙන ගමක් වෙලා. මුහුදු මට්ටමේ ඉදන් අඩි 6 ක් පහලින් මගේ ගම පිහිටලා තිබුනත් සුනාමියටවත් මගේ ගමට , ගමේ මිනිස්සුන්ට කිසිම දෙයක් කරන්න බැරි වුනේ මගේ ගම එදා ඉදලාම ආරක්ෂා කරපු දේවමෑණියෝ එදාත් අපේ ගම අපිට ආරකෂා කරපු නිසා. කිසිම උවදුරකටවත් ලක්වෙලා නැති මගේ ගම අද මළගෙයක් වගේ හෙනට නිශ්ශබ්දයි. සතුටින් කෑ ගහලා යන කුරුල්ලෝ අද පේන්නවත් නැහැ. අද හැමෝම දුක් වෙන දවසක්. මුළු නගරෙම කළුකොඩි දාලා.. මිනිස්සු හැමෝම කතා කරන්නේ එකම මාතෘකාවයි.. ඒ ඉන්දන මිල පහල දාන්න කියලා පාගමනක් ගිය මිනිස්සුන්ට අසික්කිත විදියට වෙඩි තියලා එක් මිනිසෙක්ව මරණයට පත් කරපු හමුදාව හෙලාදැකිම.
එදා වේල හොයාගන්න මහා මුහුදට පින් දෙන මිනිස්සුන්ට මේ කරපු අපරාදය මුළු රටම හෙළාදකිනවා. මම ඒ මිනිස්සුන්ගේ දුක දැකලා තියෙනවා. මම ජිවත් වෙන්නේ හලාවත නගරය මැද. ඒ මිනිස්සු ජිවත් වෙන්නේ මුහුද ලග. කොච්චර බියකින්ද ඒ මිනිස්සු ජිවත් වෙන්නේ කොයි මොහොතේ දිය රල පෙළ තමන්ව ඩහගනිද කියලා. එත් මිය ගිය අපේ සහෝදරයා ජීවිතේට හිතන්නෙවත්  නැතුව ඇති එයාගේ ජිවිතේ මේ විදියට ඉවරවෙයි කියලා. 
සිද්දිය වෙන වෙලාවේ මම හිටියේ ඔෆිසියේ. සිද්දිය වෙන තැනට දුරයි. එත් එතන හිටපු අයගෙන් මම ගොඩාක් දේවල් දැනගත්තා. මිනිස්සු කිසිම කලබලයක් කරන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ. සාමකාමී පාගමනක් පල්ලියේ පියතුමාත් එක්කයි ඇවිත් තියෙන්නේ. ඒ මිනිස්සුන්ට මේ විදියට අත් බෝම්බ වලිනුයි උන්ඩ වලිනුයි උත්තර දෙන එක කොච්චර අසාධාරණද.? ඒ වගේම ඒ සහෝදරයාව රෝහලටවත් අරන් යන්න ඉඩ නොදී පාගලා දාලා... 
මේ රටේ තියෙන්නේ තනිකර ඒකමතික පාලනයක්.  මේ හමුදාව තනිකර රබර් වලින් හදපු හමුදාවක්. කිසිම හැගීමක් දන්නේ නැති මිනිස්සු. මිනිහෙක්ගේ ජිවිතයක් කියන්නේ කොච්චර වටිනා වස්තුවක්ද.. අම්මා කෙනෙක් දරුවෙක්ට ජිවිතයක් දෙන්න කොච්චර දුක් විදිනවාද. ඒ ජීවිතය මේ සාහසික මිනිස්සු තප්පර ගානකින් විනාශ කරලා දාන්න තරම් කුරිරු වුනේ කොහොමද.. මේ සිද්දිය මගේ ගමේ මේ වුනු අපරාදේ මුළු ගමටම කාලාන්තරයක් යනකන් මතක හිටීවි... 






\




මුළු ගමම එකතු වුනා

බිෂොප් මිනිස්සුන්ට කතා කළා




පල්ලියේද





මිනිහෙක් ගේ නැති වුනු ජීවිතේට වටිනාකමක් එක් කරන්න මුළු ගමේම කළු කොඩි එසවුනේ මෙහෙමයි.

මමත් කළු කොඩියක් එල්ලුවා




ඒ වගේමයි හලාවත් මාළු මාකට් එකේ කිසිවෙක් අද 5 වෙනි දිනේටත් මාළු වෙළදාම නතර කළා...






මහාරාජා මෙහෙමයි හිටියේ හලාවත.



මේ තාත්තා කෙනෙක්. තාත්තා කෙනෙක්ගේ ජිවිතයක් නැති වුනු දුක මම වෙන කාටවත් වඩා හොදටම දන්නවා. මේ දරුවන්ටත් ඒ දුක හිමිවුණා.. ආපහු මෙවන් විපතක් හතුරෙක්ටවත් සිද්දවෙන්න එපා කියලා මුලු ගමම ප්‍රාර්ථනා කරනවා...



ප.ලි.-පින්තුර ලබා දුන්නේ ජයසංක අයියා.. සමහර ඒවා මුණු පොතෙන්, සමහර ඒවා මම ගත්තු ඒවා...



82 comments:

  1. හ්ම්ම්
    මොනවා කියන්නද මන්ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මොනවා කියන්නද ?

      Delete
  2. මුන්ට හෙන හත ගහලත් මදි.. මනුස්සකම දන්නෙ නැති සත්තු.. ඇත්තටම බැනලා මදි.. මේවට විරුද්ධව අපි එකතු වෙන්න ඕනි!

    ReplyDelete
  3. මේ පළවෙනි එක නෙමෙයි වගේම අන්තිම එකත් නෙමෙයි... ඊට වඩා දෙයක් කියන්න බෑ මේ ගැන...

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත සාතන් අයියේ..

      Delete
  4. ඇත්තටම දුක හිතෙන සිද්දියක් ඒ දරුවොන්ගේ අම්මා ලංකාවෙත් නැහැ.හිටපු තාත්තාත් තිරිසන්නු කිහිප දෙනෙක්ගේ නියෝගයෙන් නිසා වෙඩි තියල දැම්මා.

    වැඩි කල් නොගොස් ලොකු වෙනසක් වෙයි.මේ රටට..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා එහෙම වෙයි කියා.

      Delete
    2. මචං, ඔය කියන තරමි ඉක්මනට මෙි රටෙි වෙනසක් කරන්න බැහැ. මම ප්‍රතිපත්තීයක් විදිහට දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ. ඒත්, මම මෙි දේත් කියන්න කැමතියි. මොකද දන්නවද අපේ රටෙි විපක්ෂයක් නැහැ ආණ්ඩුවක් පිහිටුවන්න. ඉන්නේ කෝපී බිබී හැලප කන්න කැමති බෙිබී කෙනෙක් විතරයි....

      Delete
    3. හරියට හරි නදුන්...කොන්ද පණ තියන විපක්ෂයක් නැති තාක් ආණ්ඩුව කාට බය වෙන්නද?

      Delete
    4. ඒක ඇත්ත.. මොකද පාළු ගෙදර වළන් බිඳින්න අවසර ගන්න ඕනේ නැහැ කියනව නේ.

      Delete
    5. ඇත්ත, ශක්තිමත් විපක්ෂයක් ඉන්නවානම් ආණ්ඩුව වට්ටන්න පුළුවන්

      Delete
  5. මිය ගිය සහෝදරයා සමාදානයේ සැතපේවා....

    මේව පව්කාර වැඩ!!!
    තම තමන් අදහන ධර්මයට අනුව විඳවන්න වෙයි මේවට!!!

    ReplyDelete
  6. ම්ලේච්චත්වය හෙලා දකිමු..!!

    ReplyDelete
  7. ඒ පුද්ගලයාට මොක් සුව පතනවා..

    මම දැක්කා සමහර තැන්වල මේක පල්ලියේ කුමන්ත්‍රණයක් කියලත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා කතෝලික ආගමට විරුද්ද කොටසක් එහෙම දෙයක් පතුරලා තියෙනවා. එකේ කිසිම සතයක් නැහැ.

      Delete
  8. මේ වගේ පෝස්ට් එකක් දැමීම ගැන ඔබට මාගේ ආචාරය. ආන්ඩු පෙරලන්න නෙමෙයි අඩු ගානේ බූරූ ජනතාව දැණුවත් වෙන්නවත්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මාතලන් අයියේ

      Delete
  9. මේ වැඩ නම් කිසිසේත් අනුමත කරන්නෙ නෑ........

    ReplyDelete
    Replies
    1. හැමෝම අනුමත කරන්නේ නැහැ.

      Delete
  10. මේ අපරාධකරුවන්ට සාප වේවා!

    ReplyDelete
  11. අපෝ !!! මේ වගේ දේවල් නම් ආයේ සිද්ධ වෙන්ඩ හොද නෑ.

    ReplyDelete
    Replies
    1. එත් සිද්ද වෙනවා අයියේ,,

      Delete
  12. මුන්ට හෙන ගහනව මේ කරන අපරාද වලට!
    දැන් මේකටත් කියාවි විජාතික බලවේග කියල.:-/

    ReplyDelete
    Replies
    1. කියයි නෙමෙයි කියලා තියෙන්නේ. කතෝලික ආගමේ ප්‍රෝඩවක්ලු

      Delete
  13. "පොඩි ප්‍රශ්ණයක්, මෙතන පේන විදියට පවිච්චි කරන ආයුධය chinnese T56 (AK 47 clone) ඒකට යොදගන්න පතුරමේ ප්‍රමාණය 7.62x39mm (ඇමෙරිකන් හමුදාවේ නිකුත් කරන 5.56x45mm උණ්ඩයටත් වඩා ගොඩක් ප්‍රමාණයෙන් හා බරින් වැඩියි. ඒ නිසාම ඔලුවකට කරන හානිය ගොඩක් වැඩියි) ඒත් මෙතන මැරිච්ච මනුස්සයගෙ ඔලුවෙ තියෙන්නෙ පොඩි entrance wound එකක් විතරයි. ඔය රවුන් කරල තියන ආයුදයෙන් ඔය දේ සිද්ධ වුණා නම්, විශෙශයෙන් සාමාන්්යෙන් ඉන්න දුරත් එක්ක බලුවම (200~300m) ඔයිට වඩා ලොකු entry-exit wound එකක් තියෙන්න ඕනේ (සාමාන්්යෙන් උණ්ඩයක් ශරීරයකට ඇතුළු වුණාම ඇතුලු වෙන තුවාලයට වඩා පිටවෙන තුවාලය ප්‍රමාණයෙන් විශාලයි). පැහැදිලිවම මේක පිස්‍තෝලයකින් වෙච්ච දෙයක්.

    7.62x39mm on ballistic jelly - http://www.youtube.com/watch?v=Lmu7yTVidig (jelly represents human tissue)

    Fishermen's wound - http://4.bp.blogspot.com/-YGQmdKclORY/TzzhaWzKWhI...
    උඩ තියෙන පිංතූරේන් පේනවානේ ඔලුවෙ ඉස්සරහ පැත්තට මොනවත් වෙල නැති බව.

    another fun fact : උද්ගෝෂණයකදී සාමාන්්යෙන් උද්ගෝෂකයෝ ඉන්නේ පොලිස්සියට මුහුනලා, ඉතින් කොහොමද ඔලුවෙ පිටිපස්සෙන් වෙඩි වදින්නෙ?

    අනික රවුම් කරපු පිංතූරේ ඉන්නෙත් STF එකේ කෙනෙක්, හමුදාවේ uniform එකක් නෙවෙයි ඇඳන් ඉන්නෙ.


    තව දෙයක්, පිස්‍තෝල වල වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ, 9x19mm, .45, .40 ඒවයෙ effective range එක ~50m වගේ වෙන්නේ (ඊට වඩා දුරකදි headshot එකක් ගන්න අමාරුයි). මම හිතන්නේ ඒකෙන්ම හොඳ අදහසක් ගන්න පුලුවන් කවුද වෙඩි තිබ්බෙ කියල, පිටිපස්සෙන්, ගොඩක් කිට්වෙන් හිටිය කෙනෙක්. සාමාන්්යෙන් උද්ගෝෂකයො පිටිපස්සෙන් ඉන්නෙ කවුද? (තවත් උද්ගෝෂකයෝ)"

    උපුටා ගැනීම ගොසිප් 9 කොමෙන්ටුවකින්..

    ReplyDelete
    Replies
    1. කොච්චර තර්ක කලාත් ඔබතුමා එතන හිටිය කෙනෙක් නෙමෙයිනේ.. පින්තුර වලින් දෙයක් තේරුම කරන්න අමාරුයි. ඔබතුමා කියන්නේ වෙඩි තියන්න ඇත්තේ මිනිස්සුම කියලාද.. ඇයි මෙහෙම වෙන්න බැරිද, පොලිසියෙන් කියලා තියෙනවා වෙඩි තියනවා කියලා. මුලින් අහසට වෙඩි තියලා තියෙන්නේ, කලබල වුනු මිනිස්සු දුවලා තියෙනවා. එත සමහර මිනිස්සු තවත් ඉදිරියට ඇවිත් තියෙනවා.. ඉතින් තිබ්බ වෙඩි ඒ දුවපු කෙනෙක්ට වදින්න ඉඩක් නැත්ද... දුවන්නේ පිටිපස්ස හරිලආනේ නේද..

      තුවක්කු ගැන නම් මම දන්නේ නැති නිසා ඒ වෙලාවේ හමුදාවෙන් පාවිච්චි කරපු ඇයිද ගැන නම් මම දන්නේ නැහැ, එත මේ පින්තුර වලින් තියෙන ආයුද වලින් විතරද හමුදාවට වෙඩි තියන්න පුලුවන්? වෙඩි තියන වෙලාවේ රුපරාමුවක් නැහැනේ..
      ආණ්ඩුවට කඩේ යන එක නවත්තගන්න මිනිහෙක්ගේ ජිවිතේ ඊට වඩා වටිනවා...

      Delete
    2. එතකොට ඇනෝ ඒක මෙහෙම වෙන්න බැරිද?උද්ගොශකයින් එලවන්න කඳුළු ගෑස් ගහද්දි කට්ටිය දිවුවා ඒ දුවන වෙලාවේ කාලකන්නි තරු තියෙන පොලිස් බල්ලෙක් වෙඩි තිබ්බා වෙන්න බැරිද?මොකද ඒක සැරේම වෙඩි තියල නැහැ නේ.

      Delete
    3. හරි දැන් ඔය වෙඩි තියන ෆොටෝ එක ක්ලික් කරන්නකෝ තරහ නැතුව.

      ඇස් ඇරලා බලපල්ලකෝ මේ ෆොටෝ එක, එක ලොකේෂන් එකක එකක්ද කියලා,
      එස්.ටී.එෆ් කොල්ලෝ දෙන්නා ඉන්න තැන තාප්පෙයි ඊට මෙහා පැත්තේ තියෙන තාප්පෙයි දෙකේ වෙනස පේනවද? අගක් මුලක් හරියට දන් නැතුව උඩ පනින්න එපා,

      ඇස් ඇරලා බැළුවොත් ඕනෙ අම්බරුවෙක්ට පේනවා එතන පොටෝ තුනක් එකට කරලා තියෙන්නේ කියලා,(ගොසිප් 9 වල මෙහි ඉතුරු කොටස සහිත ඡායාරූපය තියෙනවා.කැමතිනම් බලන්න)

      තර්කයකදි හැගීම් වලට නොව බුද්ධියට ඉඩ දෙන්න.

      Delete
    4. අසරණයා-
      මා වෙනත් පැත්තක් තිබෙනා බව පෙන්නූයෙමි.ඒ ගැනත් සිතා බැලීම ඔබේ කැමැත්තය. එය එසේම වූ බව මා කියා නැත. ඔබ කියන ලෙසට විය හැකියිනම් මා කියන ලෙසට විය නොහැක්කේ මන්දැයි නොතේරේ. ඔබ හිතළුවක් ගෙනහැර පාන විට මා තර්කයක් ගොඩ නගා ඇති බව පවසනු කැමැත්තෙමි. ඒත් තර්කය සෑම විටම නිවැරදි නොවේ කියාද මා දනිමි.

      Delete
    5. වෙඩි වැදීමකදී උන්ඩයක් ශරීරයට ඇතුල් වූ ස්ථානය භාවිතා කළ උන්ඩයේ විශ්කම්භය අනුව ඉතා කුඩා සිදුරක් ලෙස දැකිය හැකි වුවත් උන්ඩය ශරීරයෙන් ඉවත් වූවා නම් එම එවත් වූ ස්ථානය ඉහත පින්තූරයක පෙනෙන පරිදි තරමක් විශාල සිදුරක් ලෙස දිස්වනවා. මෙසේ වන්නේ තම කක්ෂය වටාම බ්‍රමණය වෙමින් පැමිණෙන උන්ඩය ශරීරය හා ස්පර්ෂ වූ වහාම ශරීයට ගෙන දෙන හානිය උපරිම වන ලෙසින් එය නිපදවා ඇති නිසයි. ඉහත කමෙන්ට් එකක් දමා තිබෙන පුද්ගලයා මෙම සංසිද්ධියවත් නොදන්නා පුද්ගලයකු බව ගම්‍ය වන්නේ පිටුපසින් වෙඩි තබා තිබෙන බව අනුමාන කරන නිසයි. පිටු පසින් මෙවන් තුවාලයක් සෑදෙන පරිදි උන්ඩයක් ඇතුල් වූවා නම් ඔහුගේ මුහුනත ප්‍රදේශය මෙලෙස දැකිය හැකි වන්නේ නැහැ.

      මෙම මරණය බොහෝ දුරට වීදි සටන් මැඩ පැවැත්වීම සදහා යොදා ගන්නා UZI නම් ආයුධයෙන් වූවක් විය හැකිය. එයට යොදා ගන්නේත් 9mm උන්ඩයම වන නමුත් හානිය 9mm පිස්තෝලයක් මෙන් කිහිප ගුනයක්. මේ හේතුව නිසාම ප්‍රභූ ආරක්ෂාව මෙන්ම වීදි සටන් මැඩ පැවැත්වීම සදහාත් බොහෝ රටවල් මෙම අවිය යොදාගනු ලබනවා. මෙම වෙඩි තැබීමට කුමක් සාධක වූවාදැයි පැවසිය නොහැකි නමුත් නිරායුධ සිවිල් පුද්ගලයන්ට මෙවැනි ප්‍රහාර එල්ල කිරීම තරයේම හෙළා දකිමි!!!

      Delete
    6. තාප්ප්පේ වෙනසද මට කියලා දෙන්න හදන්නේ. ඔබතුමා මෙහෙ ඇවිත් බලන්නකෝ ඔහොම තාප්පයක් නැද්ද කියලා. එහා පැත්තේ තියෙන්නේ ගෙයක තාප්පයක් තීන්ත ගාපු. STF දෙන්න ඉන්න තැන තාප්පේ පල්ලියේ පිට පැත්තේ තාප්පේ. තීන්ත නොගාපු. හිහි

      Delete
    7. උන්ඩෙ මොක උනත්, තිබ්බෙ මොකා උනත් එස්ටීඑෆ් දෙන්න ඔහොම තුවක්කුව අල්ලල කරන්නෙනං වතුර විදින එක වෙන්න බෑ!

      Delete
    8. හමුදාවක අවි භාවිතා කරන්න නීතියක් තියෙනවා ,ඒ වගේ ම වෙඩි පාලන අණ කියල වෙන්කරලා තියෙනවා.එතකොට ඒ ඔක්කොම සිද්ද වෙන්නේ ගැටලුවේ ස්වභාවය අනුව .සිවිල් උද්ගෝෂණයක් පාලනයේදී හමුදාව ඉන්නේ පොලිසියට අවශ්‍ය පිරිස් බලය වෙනුවෙන් ,,වෙඩි බලය සපයන්න ඉහල නිලයක විධානයක් තියෙන්න ඕන.ඒ වගේ ම තමය් උද්ගෝෂණයක් පාලනය කරන්න පියවර තියෙනවා ...කඳුළු ගෑස් වර්ග පවා තියෙනවා ..එක එක කාණ්ඩ වලට කැඩෙනවා.
      දැන් මේ රටේ ඉන්න සමහර මෝඩ නිලධාරියෝ කිසිම හෙවිල්ලක් නැතුව ඕනෑම එකක් අනුමත කරනවා..කිසියම් නිලධාරියෙක් ජීව අවියක් රැගෙන යනවා නම් එකට ප්‍රවාහනය තියෙන්න ඕන ..සි ටි බි එකේ ගියත් එතන පිළිවෙලක් තියෙනවා,අවියේ ආරක්ෂාව සහ මහජනයාගේ ආරක්ෂාව කියන දෙකම හිතන්න ඕන.කනගාටුය් අද අලුත් පොලිස් කොල්ලෝ එදා වගේ විනයක් එක්ක එලියට ඇවිත් නැහැ,හමුදාවේත් එහමය් ,,(දැන් නම් ටික ටික හදනවා..).ඒ කිව්වේ පහුගිය දවසක් මම දැකපු දෙයක් නිසා ..
      මේ සිද්දිය ගැන පරීක්ෂණ පවත්වන්න ඕන ,මේ අණ ලබාදුන් නිලය දේශපාලන අතකොලුවක් වෙන්න ඇති ,,එහෙනම් අදාළ නිලධාරියා මු.ප.උ. රගේනයන්න ඕන,හමුදාවේ ගව්රවය බේරගන්න නම්,මේ පරීක්ෂණය හරියට පවත්වල නිසි දඩුවම් දෙන්න ඕන ,පොලිස්පති ප්‍රකාශ නිකුත් කරලා අදාළ කටයුතු කරන්න ඕන.ඒ වගේ ම මේ වගේ දේවල් තවත් නොවෙන්න පියවර ගන්න ඕන ,සිවිල් ජනතාව මීට වඩා උපක්‍රම ශීලී විදියට රජය එක්ක ගනුදෙනු කරන්න ඕන .හැමෝම විනයක් ,ප්‍රතිපත්තියක් රකින්න ඕන.
      (මම නොම්බර 17)

      Delete
  14. මේ උණ්ඩය නිසළ කලේ රටින් අඩක් ඉල්ලා කරන ලද අරගයක නොව. හෙට දවසේ ජීවත් වෙන්නට කරන ලද ජීවන අරගලය වෙනුවෙනි.

    ReplyDelete
    Replies
    1. සත්‍ය වශයෙන්ම.. එත් එක තේරුම්ගන්නේ නැහැනේ

      Delete
  15. මම එදා ඒ පැත්තෙ ගිහින් එද්දි ටවුමේ හැමතැනම පොලිසිය හිටියා මම දැක්ක... එතකොට සිද්ධිය වෙලා ඉවරයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් පොලිසියෙන් හැමතැනම හිටියා

      Delete
  16. ආන්ඩුවට කඩේ යන රණ විරුවන්ටත් නිගා දෙන යුනිෆෝම් අඳින කූලී හේවායෝ මෙසේම 89දීත් අපේ අයියලා අක්කලාට කලදේවල් අපිට අමතක නැත....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්. කවදාවත් අමතක නොකළ යුතුයි

      Delete
  17. මේ ඝාතනය මා තරයේ හෙලා දකිනවා...

    හැබැයි මට මේකෙ ඒ තරම් අමුත්තක් නෑ. මේ වගේ හුදකළා සිද්ධි නෙවෙයි. මේ වගේ සිද්ධි ඇර වෙන කිසිවක් සිද්ධ නොවිච්ච කාලෙක අත්දැකීම් මට තියෙන නිසා.
    මම ආබාධිතයෙක් වුනෙත් පොලිස් පහරදීමකින්...මගේ සගයො ටයර් අස්සෙ පිච්චිලා ගියා....මගේ ඥාති සහෝදරයෙක් බෙල්ල කපලා ගගට දැම්මා...අපේ ප්‍රදේශයේ එක් රැයකදි 31ක් මරලා දැම්ම එක පවුලක 9 දෙනෙක් මරා දාලා තිබුණා. එයින් වැඩිමහල්ම කෙනා අවු.87ක් බාලම කෙනා අවු. 9ක දැරියක්...නමුත් ඝාතකයින්ට අවශ්‍යම කෙනා ඒ අතර හිටියෙ නෑ. මැරුණු ඔක්කොම අහිංසකයො...

    එහෙම යුගයක් පසුකරගෙන ආපු අපට.....?????

    ReplyDelete
    Replies
    1. හරිම ඛේදජනකයි.. මේ රටේ මේ තියෙන පාලනය, තනිකරම මිනිස්සු බිලිදෙන පාලනයක්. මිනිස්සුන්ට ඇත්තටම මනුස්සකම අමතක වෙලා

      Delete
  18. සංවේදි සිදුවීම් පෙලක්..

    ReplyDelete
  19. මේ ආර්මි මේජර් ඇනෝ නේද ? තමුසෙ වගේ එවුන් ගැන කියන්ඩ දේවල් නෑ. තමුසෙගෙ තර්ක වලට දෙන්නෙක් උත්තර දීල තියෙන හින්ද තව කියන්ඩ කොහෙත්ම අවශ්‍යත් නෑ. තමුසෙ වගේ උනහපුළුවො රට බේර ගත්තු වීරෝධාර ත්‍රිවිධ හමුදා සෙබළුන්ටත් අවනම්බුවක්

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා ඔබා මාමා. හිත් පිත් නැති මිනිස්සුත් ඔය වගේ ඉන්නවා. අද කාලේ ගුගල් එක පෙරළුවා නමි ඔනම වෙපන් එකක ෆයරින් රේන්ජ් එකයි අනිත් විස්තරයි හොයා ගන්න පුළුවන්. එහෙම හොයාගෙන ඔය වගේ මෝඩ කමෙන්ටි දාන එවුන්ට කියන්න තියෙන්නේ ගුගල් එකෙන්වත් මනුසත්කම හොයාගෙන උන්ගේ මෙමරියට දාගන්න කියලා.

      Delete
    2. ආණ්ඩුවට කඩේ යන අය ඔබා මාමේ

      Delete
  20. අපේ රටේ මනුස්ස ජීවිතේට අගයක් එන්නේ කවදාද ? නිරායුධ මිනිහෙක් මෙහෙම හිත් පිත් නැතුව මරාදාන්නේ කොහොමද ? මරාගැනිල්ල ඉවරවෙන්න කවදාද ?

    ReplyDelete
    Replies
    1. දනිසෙන් පහලවත් නෙමෙයිනේ. කෙලින්ම ඔලුවට.. ශික් විතරක්

      Delete
  21. මමත් හලාවත කිට්ටුව පදිංචි කෙනෙක්....කවුරු කොහොම කලත් මේවගේ පහත් වැඩ කරන මොකා උනත් හැදි ගෑවිලාම යන්න ඕනා...තව 1ක්.. තෙල් ගනන් ඇරියට පස්සෙ කුලියපිටිය බෝවත්ත මාර්ගයේ උදේ 6.20 ctb 1 යන්නෙ නෑ..
    ඩිපෝවට ආදායම් නෑ කියල... උදේට ඉස්කෝලෙ යන අපේ ඔක්කොම වගේ යන්නෙ මේ ctb 1...privet bus වලට සල්ලි දෙන්න නැති අපේ සහෝදර සහෝදරියන් බැන පොඩ්ඩක් හිතුවද මුන්...කාලකන්ණි....

    ReplyDelete
    Replies
    1. හැමතැනම පිඩා විදින්නේ අසරණ මිනිස්සු

      Delete
  22. කාලකණ්ණි, හදවතින්ම මගේ කණගාටුව ......,
    ඔය වෙඩි තියපු හැතිකරේටත් උකුනෙකුට තරම් මොලයක් තිබුනා නං ඔය වැඩේ කරන්නෙ නෑ, මොකද ඔය තෙල් මිල වැඩිවීම අනිත් රටේ ජනතාවට වගේම උන්ටත් බලපානවා .......
    අනිත් එක මොන පොතේද අවසර දීලා තියෙන්නෙ ඔය විදියට ඔලුවටම වෙඩි තියන්න ........

    ReplyDelete
    Replies
    1. වෙඩි තියන වෙලාවෙ ඒ මනුස්සය ඔළුවෙන් හිට ගන්න ඇති

      [විහිළුවක් කලා නෙමේ මේ වෙලාවෙ, එහෙම කටඋත්තරයක් දෙන්න බැරි එවුං නෙමේ වෙඩි තිබ්බෙ]

      Delete
    2. අම්මපා ඒකත් කියන්න බෑ, මුන් කියන්න බැරි නෑ අපි වෙඩි තියපු වෙලාවේ මේකා හිටියේ ඔලුවෙන් හිටගෙන කියලා ....

      Delete
    3. එහෙම කතාත් ආණ්ඩුව කියලා තිබුනා

      Delete
  23. මෙවන් විපතක් නැවතත් නොවේවා කියල තමයි කියන්න වෙන්නේ. හැබැයි ඕකට හමුදාවට බැනලා වැඩක් නෑ, ඒ මිනිස්සු වැඩ කරන්නේ ඉහළින් අණ ලැබෙන විදියට. සිද්ධිය මොකක් වුනත් අන්තිමට උනේ අහිංසක දරු පවුලක් අනාත වුන එක.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්.. අහිංසක ජිවිතයක්

      Delete
  24. මොනවා උනත් හමුදාවක් ආණ්ඩුවක් කල යුත්තෙ ජනතාව ජීවත් කරවීම විනා මිනිසුන් මැරීම නෙමෙයි.

    ReplyDelete
  25. මිනිස් ඝාතන හෙලා දකිමි...ඔබගේ අසල්වැසියන්ට මාගේත් බලවත් ශොකය ප්‍රකාෂකරමි...

    ReplyDelete
  26. ඔය කියන සිද්ධිය අහපු වෙලාවෙි මමත් ගොඩාක් දුක් වුනා වර්ණා. ඊට වඩා අර අහිංසක ලමයි දෙන්නාගේ මුනු දැක්කම ඊට වඩා දුකයි. මොනවා කරන්නද මෙි රටෙි මීට වඩා දේවල් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවං. මහ රජා සිංගප්පුරුවෙි ඉදලා ආවම අර දරු පවුල ගෙනැල්ලා අරලිය මැදුරට කන්න දිලා ඔලුව අතගාලා විස්සෝප වෙයි. මොකද ඔය සෙල්ලම තමයි උනේ ගිය පාර රොෂෙන් චානකට වෙඩි තිබිබ වෙලාවෙත්, ඒ ගැන තාම පරීක්ෂණ වාර්ථා නමි එලියට ආවෙත් නැහැ. මෙහෙම යන රටක් නමි මම ජිවිතේටම දැකලා නැහැ. හේතුව තමයි මෙි මිනිස්සු යුද්දේ කාලේ දුක් වින්දා බඩු බර කරේ තියාගෙන, එදා යුද්දේ ඉවර කරන්න ඔින නිසා මිනිස්සු ඉවසන් හිටියා. ඒත් අද එහෙම නෙමෙයි මිනිස්සු යුද්දේ ඉවර කරලා අවුරුදු 3 ක් ගෙවිලා යනකොටත් ඊට වඩා බර දරනවා.... එහෙම වෙන්නේ කාගේ වරදින්ද? හැම තැනම කොමිස්, පගාව රජ කරනවා.... ඔිකයි වෙලා තියෙන්නේ. කොහේවත් ඉන්න කාල කන්නි 225 දෙනෙක්ගේ බර අදින්න වෙලා තියෙන්නේ අපි වගේ අහිංසක මිනිස්සුන්ට...

    ReplyDelete
  27. කාලකන්ණි....
    ඕක පළවෙනි එකත් නෙවෙයි අන්තිම එකත් නෙවෙයි................. :(

    ReplyDelete
  28. කවුරු කළත් ,කෙරෙව්වත් වැඩේ වැරදියි.. මිනිස් ජීවිතයක් නිරපරාදේ නැතිවුන එක විතරයි අන්තිමට වුනේ..

    මියගිය ප්‍රනාන්දු කියන මනුස්සයාට ස්වර්ග සුව පතමි.

    ReplyDelete
  29. බල්ලොන්ට යන රටක් වෙලා මේක, කොහොමත් සතියක් දෙකක් යද්දි හැමෝටම මේක අමතක වෙලා යාවි, දුක ඉතුරු වෙන්නේ අහිංසක දරු පවුලට විතරයි!

    ReplyDelete
  30. මගෙ ගමත් හලාවත කිට්ටුව..ඔය කාරනවට අදාල නේතිඋනත් ..අපි පුන්චි දවස්වල ඉදලම හලාවත පොලීසියට එන ඕ.අයි සී ඉක්මනින්ම සල්ලිකරෙයෙක් වෙනවා..අපේ ගම්වල ඒකාලේ හොරකසිප්පු ජ්යට කෙරුනා අල්ලන්න ඉහලින් කිව්වම කලින්දා පොලීසියෙන්ම නිව්ස් 1 එවනවා ..මොකද මහපරිමානෙන් කරන මුදලාලිල සේරම බර ගානක් ජරාව පොලීසියට ගෙවනවා. එද වේල හම්බකරන් කන මිනිහෙක් ශොට් 1ක් දාගෙන පරේ ගියත් හරි උජාරුවෙන් පාරක් එහෙම ගහලා ජීප්1දාගෙන යනවා .. 2වෙනි පරම්පරවේ ඔය බිස්නස්1 කරන අය අඩුවුනත් අදත් එහෙමයි..සමහර අය ආරක්ශාවට කසිප්පු ප්‍රවාහනයකරන්නෙත්...ඔය හලවත පොලොසියේජීප් රතයේ....හී හී

    ReplyDelete
  31. සුබ අනාගතයක්.. කියලා තමා කියන්න තියෙන්නේ... ඔය සලකන්නේ කලගුණ..

    ReplyDelete
  32. හරිම අවාසනාවන්ත සිදුවීමක්. එක මිනිසෙක්ගේ ජිවිතය උදුරා ගන්න තව කෙනෙකුට තියෙන අයිතිය මොකක්ද..?

    ReplyDelete
  33. බල්ලො රජ වෙලා අපේ රටේ වර්ණා

    ReplyDelete
  34. හ්ම්ම්... රට යන අත නම් දැන් හිතාගන්නවත් බෑ

    ReplyDelete
  35. හපොයි..මේ ඇනෝ ලොකු කතා කීවට හරියට නමක්වත් නෑනේ..ඇනොපිලස් කෙනෙක්වත් නෙවෙයි..මහරජාගේ කුණු කන නිල මැස්සෙක්ද කොහෙද..
    තිරිසන් බල්ලන්ට මිනිසත්කමේ වටිනකමක් නෑ වර්ණා..උන් බල්ලෝ..බල්ලෝ කරන්නේ බලු වැඩ..
    'කරන කලට පවු මිහිරිය මී සේ' කියනවනේ..මුන් කවදහරි කොහොම මැරෙයිද කියලා හිතාගන්න බෑ කරන පවු වැඩ වලට..

    ReplyDelete
  36. දේෂපාලනේ ගැන මෙනවත් කියන්නෑ වර්ණා
    මන් දේෂපාලනයට වෛයිර කරනවා
    ඇත්තටම මට නම් තියෙන්නේ ඇන්ටනී ගැන ලොකු දුකක්

    ReplyDelete
  37. ape ratey ප්‍රජාතන්ත්‍රවාදය rakina naveenathama vilasaya thamai oka,..varna..:( a ahinsaka aathmayata niwan suwa labewa kiyala prarthana karanawa harenna, ema asadaranayata erehiwa nagee sitiyoth, a ayata uththara denneth oya vilaseyenma thamai..!

    ReplyDelete
  38. අපෝ මුන්ටනම් හොදක් වෙන්න හොදනෑ... මහ රජාටනම් මොකද ..

    ReplyDelete
  39. ආයුබෝ වේවා මහරජාණෙනි!
    ධීවරයින්යෙ පණත් ඌට ඕනෑවෙලා
    2/3 නෙවේ 3/3 ම උගේ
    නළු නිලි ගායක ගායිකා සේරම කඩේ යද්දි
    ප්‍රභිකරන් කිව්වා වගේ සතියතින් සිංහලයින්ට හැම දේම අමතක වෙද්දි
    මිනී මරණ එක කජ්ජක් වෙවේ

    ReplyDelete
  40. මම මේක දැනුයි අක්කේ දැක්කේ මේ සිද්ධිය ඇහුවට මේකේ පින්තූර හොයන්න ගියේ නෑ තිබුණු තරහටම මේ පින්තූර දැක්කම ඒ තරහ තවත් වැඩිවෙනවා.ඔළුවට වෙඩි තියන්න තරම් අමානුෂික මිනිස්සුයි එහෙම වෙඩි තියන්න අණ කරන නායකයොයි එක්ක මේ රට යන්නේ කොහෙටද කියලා හිතා ගන්න බෑ... මම නම් තාම ඡන්දේ දීලා නෑ ජීවිතේට ඡන්දේ දෙන්නෙත් නෑ කියලයි හිතාගෙන ඉන්නේ... අපි හොඳට ඉගෙන ගෙන ඉවරවෙලා ඡන්දේ දීලා රටේ පාලනය භාර දෙන්න ඕනේ අටවත් පාස් නැති මී හරක් රංචුවකට ඒ මදිවට උන්ට නැවෙන්නත් ඕනේ... ඊට හොඳයි හරක් ටිකක් පාර්ලිමේන්තුවට දක්කන එක...නොදකිං... ගාමන්ට් එකේ කොල්ලයි මෙයයි දැන් දෙන්නයි මුන්ට හෙන ගහන්න ඕනේ... මේ සහෝදරයට සැනසීම පතන්නම්...

    ReplyDelete
  41. ඔයාගේ කියන්න හදන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත, එත් මට මේ කොටසත් එක්ක නම් එකඟ වෙන්න බෑ.

    "මේ හමුදාව තනිකර රබර් වලින් හදපු හමුදාවක්. කිසිම හැගීමක් දන්නේ නැති මිනිස්සු. මිනිහෙක්ගේ ජිවිතයක් කියන්නේ කොච්චර වටිනා වස්තුවක්ද.. "

    හික්මීමක් පාලනයක් නැති සමහරු අතින් වෙන වැරදි හින්ද ඔක්කොම ඒ වගේ කියල හිතන ඒක හරි නෑ නේද.
    ඔයා කියන මේ රබර් හමුදාව එදා අපේ රට බේර ගත්තේ නැත්තම් අද මුහුදු යන්නවත් අපට රටක් තියේවිද...?
    මම රටේ කිසිම පාටකට කඩේ යනවා හෙමනම් නෙමෙයි. හිතෙන දේ කිව්වේ...

    ReplyDelete