Tuesday, April 17, 2012

යාපනේටත් ගියා 1


රයිට් ඕඕ පටාන් ගමු. 
මාරයා අයියා යාපනේ ගිහින් එහෙයි මෙහෙයි හැම දිහාවේම පින්තුර කෑලි දානවා. අපිව එක්කන් ගියෙත් නැහැ.  අපිත් ආසයි නොවැ යාපනේ බලන්ට.. කවදාවත් ගෙහුං නැහැනේ. කොටි ඉන්න කාලේ මඩු පල්ලි ගියාට මොකෑ  යාපනේ ගෙහුං නැහැනේ. ඉතින් මෑණියන්ට භාශාවක් දැම්මා අපිව ගෙනියන්ට කියලා. අපේ මෑණියන් ගෙහුං නැහැ, ඒ මදිවට අපේ මෑණියන්ගේ මෑණියන් ගෙහුනුත් නැහැ. ඉතින් කල්පනා කොර කොර හිටියා කස්ටියටම නිවාඩු තියෙන දවසක් සෙට් කොරාන යාපනේ ගෙහුං සබ්බ සකලමනාවම බලන්ට. හත්වලාමේ අපිටම සෙට් වෙන්ට කියලා අප්පේ හෙන සේනාවක් සෙට් උනා. අපේ ලොකු අම්මලාගේ වැඩිහිටි සංගමේ කට්ටියකුයි, තව කොළඹ උන්දලා ටිකුයි, අපේ ගෙවල් වල කට්ටියයි. 50 පැනලා :පි ඔක්කොම නාකි උන්දලා දුකේ බැරුවා.


 පනස් දෙනෙක්ව හසුරවන එක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. ඉතින් අපි විනෝද චාරිකා මෙහෙය වන කෙනෙක්ට වැඩේ බාරදුන්නා. ඔන්න ඉතින් කියාපු විදියටම 9 වෙනිදා පාන්දර 1 ට හෑ හෑ පුරා කියලා අපි ගමන පිටත් උනා. බලු තඩියෙක් ගෙදර ඉන්න නිසා අපේ මල්ලි සහභාගී උනේ නැහැ මේ චාරිකාවට. මුලින්ම ගියේ කොකවිල් කියන තැනට.. එහි කොටි හඬ කියලා තැනක් අපි දැක්කා. කොටින්ගේ සංඥා මධ්‍යස්ථානය.

එතන හමුදාවේ කෙනෙක් අපිට මේ ස්ථානයේ මැරුණු අපේ රටේ සොල්දාදුවෝ ගැන කියද්දී ඇස් වලට කඳුළු ආවේ නිතැතින්.. 60 කට වැඩි පිරිසක් මේ ස්ථානයේ අපේ රට වෙනුවෙන් දිවි පුදලා තියෙනවා..


ඊටපස්සේ අපි ගියා කොටින්ගේ පාර්ලිමේන්තුව බලන්න. 

හෙලිකොප්ටරයක සැකිල්ලක්

ඊට පස්සේ ඒ අසල තිබුණු ජන අවන්හලක් ළඟ අපි දවල්ට කාලා අපි ගියා ඉරණමඩු ජලාශය බලන්න. මේ ජලාශය තනිකරම කොටින් අල්ලාගෙන හිටිය ස්ථානයක්. දැන් එතන හමුදාවෙන් පවත්වාගෙන යන අවන්හලක් තියෙනවා. 


එතනත් මොනා මොනාහරි වළඳලා අපි ඊළඟට ගියේ තමිල් චෙල්වම් ගේ නිවාසය බලන්න. හමුදා බෝම්බ ප්‍රහාරෙකින් ගේ කුඩේ කුඩු වෙලා තිබුනේ. ගේ පොලොව යට කොටසකුත් තිබුනා. මේ ස්ථානයට එල්ල කරපු බෝම්බයකින් තමිල් චෙල්වම්ට තුවාල ලැබිලා රෝහලට ගෙනයන මොහොතේදී තමයි ඔහු අන්ත්‍රා වෙලා තියෙන්නේ. කොටින්ගේ හමුදා ඇඳුම් එහෙම තැනින් තැන විසිරිලා තිබුනා.




ඊටපස්සේ දැක්කා කිලිනොච්චියේ කොටි විසින් බෝම්බ හෙලලා බිම හෙලලා දාලා තියෙන වතුර ටැංකිය.


ඊටපස්සේ අපි ගියා ප්‍රභාකරන් තමන්ගේ පවුලේ අය සමග සිටි නිවසට. එකේ පොලොව යට එක තට්ටුවක් තියෙනවා.

මේ ප්‍රභාකරන්ගේ මිතුරෙකු විසින් ඔහුට උපන්දිනේට දෙනලද තෑග්ගක්.. කොටියෙක් :පි

පොලොව යට තට්ටුවේ ඔහුගේ කාමරය

වෙඩි නොවදින දොරවල්. සෙල්ලන් නෑ  ඈ :D

මේ තියෙන්නේ ගෙදර ඉදිරිපස පෙනුම.


ඊටපස්සේ අපි අපේ නවාතැනට ගියා. මුලතිව් වල. මුහුද ළඟ. පල්ලියකුත් ඒ අසල තිබුනා. පල්ලියක් කියුවට සුනාමියෙන් මැරුණු අය සිහිකරලා ඉදි කරපු පල්ලියක්.
රෑ ඉතින් පුටුවල්වල ඉඳගෙන පොඩි පැදුරු සාජ්ජයක් දැම්මා. සෙල්ලම් නෑ 50 ඈ..  අපි පියතුමෙක්වත් එක්කගෙන ගියා. උන්වහන්සේ හැමදාම උදේට පුජාවක් තියලා තමයි ගමන ආරම්භ කලේ .
පාන්දර 5 ට විතර මුලතිව් සුන්දරත්වය


පල්ලිය 
දෙවෙනි දවසේ අපි ගියේ ප්‍රභාකරන්ගේ බංකරය බලන්න. පොලොව යට අඩි 64 ක ප්‍රමාණයක තට්ටු 3 කින් සමන්විත පිටට පෙනෙන්නට එක තට්ටුවත් පමණක් ඇති මෙය හද්ද කැළෙක පිහිටලා තිබුනා. මේ යට තියෙන්නේ සැලැස්ම.



මේ සැලැස්මේ තියෙන හැමදෙයක්ම මේ හමුදාවේ අය අපිට පෙන්නුවා. බලු කුඩු ඉඳලා තිබිලා තියෙනවා. හමුදාවේ අය එනවා උන්ට තේරෙනවාලු. මේ බංකරේ වටේට රවුමට තාර පාරක් තියෙනවා. එකේ තමයි ප්‍රභා අයියා ජෝගින් කරන්න යොදාගෙන තියෙන්නේ. ඊට අමතරව අඩි 100 න් 100 ට කම්බි වැටවල් 4 ක් දමා තියෙනවා.. 











ඔන්න මහල් 4 තමයි උඩින් තියෙන්නේ. එක එක මහලේ එක එක දේවල් තියෙනවා. හැම මහලකටම ටොයිලට් එකක් තියෙනවා ටයිල්ස් වලින් හදලා තියෙන.  


4 වෙනි මහලේ ඉඳං කෙලින්ම රහස් මාර්ගයක් තියෙනවා උඩට යන්න. මේ පහලින් තියෙන්නේ  ඒ මාර්ගය.


වෙඩි නොවදින මුරකුටි වටේට 6 ක් පිහිටලා තියෙනවා. 


 අපි ඉතින් ඔව්වා ඇතුලට ගිහිල්ලත් පින්තුර ගත්තා. කවදා දැකපුවද :) මේ මුරකුටි වල විශේෂත්වයක් වෙන්නේ මෙහි වහල උස් පහත කරගන්න පුළුවන් එහි ඉන්න සෙබලාගේ උස අනුව... පට්ට පට පට නේද.. මාර මොලවල් තමයි මුන්ට තිබිලා තියෙන්නේ.


අයියෝ පොස්ට් එක දිග වැඩි උනාද මන්දා. දවස් 4 ක බලපුවා එක පොස්ට් එකකින් කියන්ට බෑ නොවැ. ඒ නිසා මීළඟ කොටස ඊළඟ පොස්ට් එකෙන්..


ප.ලි.- අර බක්මහ සිහින උළෙල තියෙනවාලු මේ මාසේ 22 වෙනිදට.  කුරේ ක්‍රීඩාංගනේ. යන්ට පාර දන්නේ නැති උන්දලා මෙතන කොටලා බලාගන්ට.


තව මෙතෙන්ට කොටලත් විස්තර දැනගන්න පුළුවන්. 


වර්ණා ට තාම මව්තුමිය අවසර දුන්නේ නැති උනාට කට්ටියකට එනවා කියලා පොරොන්දු දුන්නු නිසා එන්ට වෙලා. :) කස්ටියගේ වැඩ බලන්න ඔයාලත් එදාට එන්න. බ්ලොග් එකක් ලියන්නේ නැති උනත් කමක් නැහැ. සමහර උන්දලා මාස 4 යි බ්ලොග් එකට අනේ මම පුංචි කියලා එන්නේ නැතිලු. සමහර උන්දලා දුර වැඩිලු. එහෙමනම් ඉතින් වර්නාටත් ඔය තැනට එන්න පැය 4 කට වඩා යනවානේ.. උදෙන්ම නැගිට්ටනම් හරි.. ගිය පාර වගේ මම පරක්කු වෙන්නේ නැතෝ :පි


එහෙනම් 22 හම්බෙමු කස්ටියම. එන්න බැරි අය කනගාටු වෙන්ට එපා. ලබන අවුරුද්දේදී සෙට් වෙන්ටකෝ :)
චෙරියෝ..............!!!!!!!!!!

84 comments:

  1. මට තාම යන්න බැරිඋනානෙ යාපනේ...දැන් නං ඉතින් ටික දුරක් ගියාවගේ තමා :-)

    අපෝ...මොකද්ද අක්කෙ..ඔහොම සාටර් කරන්නෙ.. කොටින්ම ප/ලියෙන් මටම ගහලා :-(

    ReplyDelete
    Replies
    1. යන්ට යන්ට මල්ලි දවස් 4 ක් හිටියත් බලන්න බැරිවුණු තැන් තව ගොඩාක් තියෙනවා

      එහෙම තමයි මම වසයි හරිද?

      Delete
  2. සම වයස් අයත් එක්ක චාරිකාවක් යන එක තරම් ආතල් එකක් තවත් තියේද? නේද?? :)



    (එද්දි අහුලන් ආපු බෝම්බ එහෙම 22 ගේනවා නෙමෙයි ඕන්.....)

    ReplyDelete
    Replies
    1. නාකියා ට නම් ගැලපෙන සෙට් එක :P

      බෝම්බ ගෙනෝ ප්‍රවේසම් වෙන්ටෝ

      Delete
    2. හලාවත තියෙන්නේ බෝම්බ නෙමේ කෝම්බ.... අපි බය වෙයි.. හැක....හැක..හැක... :)

      Delete
  3. මොකෝ මේ මොඩරේට් කිරිල්ල නවත්තලා...... හෑ... වර්ණා දැන් චණ්ඩියෙක්ද??????

    ReplyDelete
    Replies
    1. මගේ බන්ඩිදිය චන්ඩි :))))

      ඔව් අයියා ඕක මහා වදයක්. ඔන්න ඔහේ අයින් කොලා

      Delete
  4. දවස් දෙකක් ඉඳපන්කො මමත් දාන්න...

    පව් අර බලුපැටියෙක් හින්ද අහක යන කොලුවෙක් පරිප්පු කනව ;)

    ReplyDelete
    Replies
    1. හාකෝ හාකෝ දාන්ටකෝ බලන්ට :P

      ඒ කොල්ලා එන්ට බෑ කියුවා නාකි අය එක්ක යන්ට බැලූ.. ඉතින් බල්ලව බලාගෙන ඉන්ට කියුවා/

      Delete
    2. මල්ලි හොඳ තීරණයක්‌ අරන් තියෙන්නේ.

      Delete
  5. ඔයා ගොඩාක් විනෝද වෙන්න ඇති නේද නගෝ? :P :P

    වටින ට්‍රිප් එකක් මොකක් වුනත්.:)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා අයියා විනෝද උනා :පි

      Delete
  6. මමත් යාපනේ හත් අට වතාවක්ම ගියා යුද්දෙ ඉවර වුණාට පස්සෙ. මේ පින්තූර ටික ඒ හැම ගමන් වාරයක්ම සිහි කරනවා. ඔය ඉරනමඩු ජලාශය දැන් හිදිලා. ඒයන දවස්වල ෆුල් ටෑන්ක් ඇති පදං නෑවා ඉරන මඩු වැවෙන් ලස්සන දසුන් ටික

    ReplyDelete
    Replies
    1. අපි යද්දී හිඳිලා. අපි නෑවේ යෝධ ඇලෙන්

      Delete
  7. ලස්සනට විස්තර කරල තියනව.. පින්තූර ටිකත් මරු ඒත් අර සෝනි 14 ක් ගත්තු කලාත්මක පොටෝ කෑලි තව ටිකක් දාන්නකෝ (අර මූනු පොතේ තිබුන නැව වගෙ)... මැක්සා ට්‍රිප් එකක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඒවා ඊළඟ පොස්ට් ඒකෙන් හරි.. :)

      Delete
  8. ලංකාවට ගිය ගමන් උතුරෙ ට්‍රිප් එකක් යන්න තමා අපිත් හිතන් ඉන්නෙ..ඔයා විස්තර කරල තියන විදිය ගොඩාක් හොඳයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කිරිල්ලි. ගියාට පාඩු නැහැ ගොඩාක් දේවල් තියෙනවා බලන්න

      Delete
  9. අද දවසට යාපනේ චාරිකාවක් ගැන කියවපු දෙවෙනි පෝස්ට් එක මේ.. මෙයා ඉන්න ෆොටො එකක් නැති නිසා වර්ණා ගියාමයි කියලා මට නම් ශුවර් නෑ... :)

    ReplyDelete
    Replies
    1. හෑ ෂුවර් නැද්ද :/ කමක් නැහැ :පි

      Delete
    2. @ දිනේෂ් ඇයි අර මලකඩ ගොඩක් මද ඉඳං ෆොටෝ එකක් දල තිබුනේ.

      Delete
    3. ආ...මාත් දැක්කා.. හැබැයි ඒකේ ඕනෙ කෙනා වැදිලා තිබ්බෙ නෑනෙ :පී

      Delete
    4. හිකිස්‌ අනේ ඕනා කෙනා නැද්ද :පි

      Delete
  10. සහෝදරීගෙ නෑදෑයො එහෙම සනීපෙන්ද

    ReplyDelete
    Replies
    1. සනීපෙන් සනීපෙන් :පි

      Delete
  11. හම්මූ.....මාත් නන්නෝනෙ බලන්ඩ......:/

    ReplyDelete
    Replies
    1. නන්න නන්න නගෝ .. ගෙහුං බනන්න

      Delete
  12. දිගටම ලියන්නකො..

    යාපනේ යන දවසක මේ විස්තර ප්‍රයෝජනවත් වේවි..

    ReplyDelete
  13. ම් ම් මම මගේ පෝස්ට් එකෙ නොකියපු නොදාපු පින්තූර එහෙම මේකේ දාලා තියෙන නිසා හොදා.අනේද කියන්නෙ අපිත් දවස් 4ක් නොවැ මතක තියාගෙන හිටපු සමහර දේවල් දැන් මතකත් නෑ.
    ප / ලි
    මටත් ආසයි බක්මහ උළෙලට එන්ට.ගල්කිස්සේ ඉන්න මට කුරේ එකටනම් මහ දුරකුත් නෑ ඒත් මම කාවවත් අදූනන්නේ නෑ නේ ඉහි ඉහි ඉතින් මට එන්ට බයයි

    ReplyDelete
    Replies
    1. ඉහි ඉහි නෙමෙයි අනේ මේ එන්ට .. මමත් වැඩියේ කාවවත් දන්නේ නැහැනේ. ඇවිත් වර්ණා කෝ කියලා අහන්ටකෝ. :)

      Delete
  14. මටත් යන්න ඕඕනේ....:(

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවම යන්නකෝ අක්කේ :) සිම්පල් ප්ලෑන් එකක්නේ :)

      Delete
  15. මටත් විසිට් එකක් දාන්න බැරිවුන පැත්තක්.. වෙලාවක් හොයාගෙන හරි ගිහින් එන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. ගිහින් එන්න., ගොඩාක් වටිනවා. අපි ආපහු යන්න හිතන් ඉන්නේ නාගදිපේ පැත්තට :)

      Delete
  16. වර්ණා උන්දෑ යාපනෙත් ගෑ‍ටුවා හෙනං, ඈ?
    මමත් යාලුවෙකුට කිව්වා ගිය නිවාඩුවෙදි "යාපනේ යන්න ඕනෙ බං, ගිහිල්ලම නෑ." කියලා. මූ කියනවා, "මොකටද යාපනේ යන්නෙ? 'යාපනේ ගිහිල්ලා තියෙනවා' කියන්න නේද ?"
    මම මොකුත් කිව්වෙ නෑ. කට වහං ඉන්න එක හොඳයි කියලා හිතුනා.

    මීට යාපනේ නොගිය henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ යාළුවා එහෙම කියන්නේ? ඇයි යාපනේ කියන්නේ අපේ රටේ කොටසක් නෙමෙයිද? යන්න අයියා ගොඩාක් වටිනවා ළමයින්ටත් පෙන්නන්න...

      හමුදාවේ අයගේ මහන්සියේ ප්‍රතිපලය. එයාලා ගොඩාක් සතුටෙන් අද. අපි එයාලා එක්ක කතා කළා ගොඩාක් වෙලා. එක එයාලට ගොඩාක් සතුටක්

      Delete
  17. ආපහු අතීතය මතක් වෙනවා වර්ණා... අද දහස් ගණනක් මිනිස්සු නිවිසැනසිල්ලේ ගිහිං බලන ඔය තැන් ටික බලන්න යන්න මට බැරිවුනා. ඒ දවස්වල ඔය විදිහට ලස්සනට තැන් හදලා තිබිබෙි නමි නැහැ. ඒ දවස්වල ඔය තැන් දුමෙන් පිරිලා තිබුනේ. වෙඩි බෙහෙත් සුවද තමයි හැම පැත්තෙන්ම දැනුනේ. ලස්සන ගමනක් ගිහිං තියෙන්නේ වර්ණා.. මුලතිවි අහස වගේ තමයි, අලිමංකඩ පැත්තේ ඉදන් ඉර උදාවෙන හැටි දකින එක. ඒ සිදුවීම ඊටත් වඩා ලස්සනයි...!!!

    ReplyDelete
    Replies
    1. අලිමංකඩ ට යද්දී රෑ උනා අපි. මගදී මළගෙයක් වෙලා කියලා දෙන්නෙක් ගෙවල් වලට ගියා. එයාලව බස් එකකට නග්ගලා එද්දී රෑ උනා. අලිමංකඩ ඔය දර්ශනේ බලන්න බැරි වුනු එක ගොඩාක් දුකයි.

      අපිට විස්තර කියලා දීපු හමුදාවේ අයත් කියුවා ඒ වගේ ලස්සනට ඉස්සර තිබුනේ නැහැ කියලා. :(

      Delete
  18. මමත් තාම ගියේ නෑ...ආතල් ගමනක් නොවන ඔය ගමන මට ටිකක් හැඟීම්බර එකක් වෙයි ( අනිත් අයටත් එහෙම තමයි). ඒ හින්දා තව ටිකක් පහුවෙලාම යනවා.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් යන්න අයියේ. ආරංචියක් තියෙනවා පහු වෙනකොට බ්‍රභාකරන්ගේ ගෙවල් පෙන්නන්න දෙන්නේ නැහැ කියලා..

      Delete
  19. මාත් එකම එක පාරක් ගිහින් තියෙනවා. වර්ණා අක්කා ලියෙලා තියෙන විදියට ආයෙ යන්න හිතෙනවා අප්පා.

    ReplyDelete
  20. මාර අයියා ගියා කියලා නම් එයාගේ පින්තූරත් දාලම ඔප්පු කලා. කෝ වර්ණා නෑනේ.මට නම් සැකයි මෙයා ඇත්තටම ගියාද කියලා. :D

    ReplyDelete
    Replies
    1. හිටුකෝ සැක යන්න කරන්නම් වැඩක් :/ :p

      Delete
  21. නියම සංචාරය. තියන ඔක්කොම පිංතූරු ටික දාන්න.

    ReplyDelete
  22. බලන්න පුළුවන් වේවි කියලා හිතුවෙවත් නැති දේවල් ටිකක් බෙදාගෙන ..
    තැන්කූ තැන්කූ..

    ReplyDelete
    Replies
    1. :) ස්තුති අක්කේ මේ පැත්තට ආවට

      Delete
  23. මමත් යන්න හිතාගෙන ඉන්නේ.කවදා හරි යනවා.වටිනා පින්තුර ටිකයි හොඳ විස්තරයයි ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අසාර්

      Delete
  24. කොටින්ගෙ ජඩ වැඩ මතක් වෙද්දි ඇඟේ මයිල් කෙලින් වෙනව......පින්තූර ටික දැක්කම ඒ දිහාවෙ යන්න ආසාවක් ඇති වුනා.......

    ReplyDelete
    Replies
    1. යන්න යන්න යාලු. කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. හැමදාම යන නුවර එලිය බලලා බලලා එපා වෙලා. මේ වගේ තැනක් බලන එක පාඩුවක් නැහැ

      Delete
  25. මෙතන තියන පිතුර වලින් අර පාන්දරම ඉර නැගගෙන එන පිංතූරෙට මම ගෙඩක් ආසයි.නියම ට්‍රිප් එක

    ReplyDelete
    Replies
    1. මමත් ගොඩාක් ආස ඒ පින්තුරෙටම තමයි සහෝ.. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා

      Delete
  26. එළ එළ දිගටම කියවන්නම් කෝ.......

    ReplyDelete
  27. අනිත් කොටසත් ඉක්මනට දාන්නකෝ එහෙනම්...

    මටත් ලංකාවට ආවට පස්සේ ගොඩක් දුරට යාපනේ යන්න වෙන පාටක් තියෙන්නේ
    පොඩි පහේ ආරාධනාවක් ලැබුනා එහෙ එන්න කියලා දන්න අඳුනන කෙනෙක්ගෙන්
    ලංකාවට ඇවිත් නිවාඩු පාඩුවේ වැඩ ටික ඉවර කරගෙන ඒ පැත්තේ ගියානම් හොඳයි වගේ
    හැබැයි ඉතින් මගේ චාරිකා ඔයා ගිය ගමනට වඩා ටිකක් වෙනස්,
    කොහේ හරි තැනකට ගිහින් ලගා ගහගෙන ඉඳලා ෆොටෝ ටිකක් කාරිය ගහගෙන එන එකනේ මගේ වැඩේ....:)

    ReplyDelete
    Replies
    1. එහෙම යන්න මමත් ආසයි ලොකු, කවදාහරි එහෙම යන්නත් ඕනා. :)

      Delete
  28. නියම ට්‍රිපක්.. අපි ඒ දවස් වල තලවිල. හිතලාම මග ඇරියා නොවැ සැම්ව !

    ReplyDelete
    Replies
    1. හිහි අපි තලවිල හැම අවුරුද්දෙම යනවා අගෝස්තු මංගල්ලෙට.. සති දෙකක් කුඩාරම් ගහගෙන ඉඳලා තමයි එන්නේ. මාර ජොලි

      Delete
  29. ඔය ප්‍රභාකරන්ගේ බංකර් ටික තියෙන්නේ මුලතිව් ටවුම කිට්ටුවද බං. යන පාර කියපන්කො හරියට. ඔය පැත්තේ ගිය දවසක බලල එන්න :පි

    ReplyDelete
    Replies
    1. මුලතිව් ඉඳං පුදුකුඩිඉරිප්පු වලට ඇවිත් එතන ඉඳං තමයි තියෙන්නේ. මම හරියටම පාර අහලා මුණු පොතේ මැසේජ් එකක් දාන්නම්...

      Delete
  30. මාත් ගියා අක්කේ බලන්න... කොහොමද අර වතුර ටැංකියට දීලා තිබුන ගේම..

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් මල්ලි. හැම දෙයක්ම උන් මාර විදියට සැලසුම් කරලා තියෙන්නේ. ඔය වතුර ටැංකිය කැඩුවාට පස්සෙනේ මානුෂික මෙහෙයුම පටන් ගත්තේ හමුදාවෙන්/

      Delete
  31. ගොඩක් වටිනවා වර්ණා... ගිහිල්ලත් නැති එකේ මෙහෙම හරි බලා ගත්තා ඔයා නිසා.ලස්සනට විස්තරත් කරලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු :)

      Delete
  32. ශා.. මෙයාට යාපනේ යන්න පුළුවන් නම් අවුරුදු උත්සවේට එන්න බැරි නෑනෙ..:p නේද වර්ණා පැට්ටෝ?? ඔයා එන්න හොදේ...ආවෙ නැත්තම් බලාගමු..:/

    ශෝක් විස්තර ටිකයි පින්තූරයි!! මටත් තාම යාපනේ යන්න බැරිවුනානෙ. ත්‍රීකුණාමලේනම් ගියා..නියමයි වර්ණා..

    ReplyDelete
    Replies
    1. ත්‍රිකුණාමලේ මමත් ගිහින් තියෙනව‍ා නිලාවැලියේ ළඟ ගෙයක් අරගෙන. මාර ශෝක්

      Delete
  33. මොකද බැනර්, බෝඩ් සිංහලෙන් දාලා තියෙන්නෙ ? ඒවා හමුදාවෙන් දාපුවද නැත්නම් කොටින්ට දෙමළ බැරිය ?

    ReplyDelete
    Replies
    1. ඔය කඳවුර අත්පත් කරගන්න එන සිංහල භටයින්ව මුලා කරන්න දාපු උප්පරවැට්ටියක්..

      මතකනෙ අර බැංකුවකත් බෝඩ් එකක් තිබ්බා සේප්පුව අරින්න මේ බොත්තම ඔබන්න කියලා.. :P

      Delete
    2. එකනම් දන්නේ නැහැ සෙන්නා සහෝ. හරි කියපු විදියටද දන්නේ නැහැ. මගේ යාලු මිත්‍රයෙක් ඉන්නවා හමුදාවේ . ඒ පළාතේ තමයි දැන් ඉන්නේ. එයාගෙන් අහලා බලන්න ඕනා ඇයි සිංහලෙන් තියෙන්නේ කියලා

      Delete
  34. නොම්මර එකේ සංචාරක සටහනක්.ඊලග කොටස ඉක්මනටම ඕනේ!! හරිය!

    ReplyDelete
    Replies
    1. එල එල අද දෙනවා ඊළඟ කොටස

      Delete
  35. හැහ්...පට්ට ට්‍රිප් එකක්නේ, දැන් ඉතින් යාපනේ නොගිය අයත් ගියා වගේ තමයි...

    ReplyDelete
  36. ආව්.. ශෝයි ට්‍රිප් එක්කනෙ.. :)
    යන්න හිතාගෙන ඉන්නවා ඒ පැත්තෙ දවසක නංගො.. ගොඩක් ස්තූතියි මේ වටින සටහනට..
    ඊ ළඟ කොටස බලාගෙන ඉන්නවා.. ඉක්මනට දාන්නෝ...!!!

    ReplyDelete
  37. සෝයි ඈ....
    අඬලා අඬලා මේ අවුරුද්දෙ වත් යනට ඔනෑ යාපනේ

    ReplyDelete
  38. ඉරිසියාවේ බෑ!:p
    මමත් ඉක්මනටම ඔගනයිස් කරන්න ඕන ට්‍රිප් 1ක් යාපනේට!

    ReplyDelete
  39. හය්යූ...මටත් තාම යන්න බැරි උනානේ....

    ReplyDelete
  40. Lankawata aa dawasaka yanna one. :)

    ReplyDelete
  41. කොටින්ට පාර්ලිමේන්තුවක් තිබ්බද ???

    ReplyDelete