සිහින උළෙලට මම ආවද? මම ආවේ නැතිලු.. අයියෝ එහෙනම් වර්ණා කියලා ආවේ කවුද? :පි
සිහින උළෙලට මෙදා සැරෙත් පරක්කු වී පැමිණීමේ කුසලානය මම දිනාගත්තා. මට හුරේ... දකුණු කකුල පෙරට තබලා ක්‍රීඩාංගනනෙට එද්දිම යකඩ යකා කෑ ගැහුවේ නැතැයි ඔන්න අදත් වෙනදා වගේම වර්ණා පරක්කු වෙලා එනවා කියලා. ඒ වෙලේනම් පොලොව පලාගෙන යන්නට හිතුනා හිකිස්..පරක්කු උනාත් ඉතින් ගොඩාක් අය එක්ක කතා කළා. මේ ඔයා වර්ණා නේද? ගොඩාක් අය ඇහුවා. මමත් ඉතින් සුපුරුදු සිරික්කිය දාලා කතා කළා. සමහර අයවනම් මට මතක නැහැ. සමහර අයව දන්නේ නැහැ. එත් ගොඩාක් අය එක්ක කතා කළා. ගාලු ගිය දාට වඩා සතුටක් මේ වෙද්දී හිතේ තියෙනවා. පරක්කු උනාත් ඉතින් මම ආවනේ :)
පරක්කු උනත් ඉතින් තරඟ දෙකකට සහභාගී උනා නාකියා එක්ක සහ පොඩි මෑන් සමග. කියන්න කනගාටුයි තරඟ දෙකම පරාදයි.. :'(
වැඩියේ මුකුත් කියන්නේ නැතුව මගේ පුංචි දුප්පත් කැමරාවෙන් ගත්ත පින්තුර දෙක තුනක් දාන්නම්. ගොඩාක් ගත්තේ නැහැ හැබැයි.
|
ආව ගමන් ගියේ තුන් පා දිවීමට නාකිස් එක්ක
|
|
පිටිපස්සවල් :පි |
|
අපි අරහෙම කරමු නේද එතකොට අපි දිනයි :p |
|
ඊළඟ තරගේ ටවත් යමු නේද ? ( කුමාරයා-
දකුණු පස ) |
|
රහසෙන් කියන්න අනිත් අයට ඇහෙයි
|
|
දේවා
|
|
අපි හතර දෙනාව ලස්සනට ගන්න හරිය :/ |
|
වම් පස සිට - හිතු, තරූ . චම්මා අයියා , සහ සිහින මදාරා
|
|
කන්න කන්න :පි
(නාකි ) |
|
හරිද නංගි හිනා උනා ඇතිද? දැන් ගන්න ෆොටෝ එක
(වෙනි)
|
|
මුළු ලෝකෙම මගේ බොලව් :පි
|
|
ඔයාට තේරෙන්නේ නැද්ද අනේ මෙතන අවුරුදු උත්සවයක්, මම පස්සේ කතා කරන්නම් :පි
(ඩිල්ශාන් මල්ලි)
|
|
ඔන්චිලි චිලි චිල්ල මලේ :) (නීනු අක්කා )
|
|
අන්න අන්න සුමිත් අයියා හිනා වෙන්න :පි (පවනි සමඟ සුමිත් අයියා)
|
|
අන්තිම පේලියේ කට්ටිය
|
|
ඇති අෆ්ෆා ෆොටෝ ගත්තා දැන් පාන් කියාගන්න බැරුව ඉන්නේ :D
|
|
ලොකුම බොරුව කියමින්
|
|
අදින්ඩෝ.................
|
|
ලනුව කැඩෙයි ද :D
|
|
ප්‍රාර්ථනා අක්කේ කමෝන්
|
\
|
නාකියා අයියා ටොපි කන ගමන්
ඉතින් හැමෝටම ස්තුති සංවිදායක මණ්ඩලේ විශාල කැපවීමක් කළා රාජ් අයියා ප්‍රමුඛ.. ඒ හැමෝටමයි ආපු හැමෝටමයි ගොඩාක් ස්තුති :)
ප.ලි. - යාපනේ ඉතිරි කොටස මීළඟට හොඳේ |
අෆරාදෙ අප්පා මං ආවෙ නැත්තෙ.. :((((
ReplyDeleteලබන සැරේ නං අනිවා එනවා.........මයි!!!
ලබන පාර එන්නකෝ එහෙනම් :)
Deleteදැන් වර්ණාට පරක්කු වෙලා ආවට තෑගි හම්බුනාද? මේ පාර කිරිටොෆි පොරොන්දු උනේ නැද්ද?
ReplyDeleteකලින් දවසේ බුකියේ ස්ටේටස් දාපු විදිහට මම හිතුවේ උදේ පාන්දරම යන්න ඇති කියලා.. :)
Deleteමොකෝ නැත්තේ ඔය දුන්නෙ කිරි වගේ ටොපියක්...ටොපියක් කිව්වට හලි චූ..ටි එකක්..
Delete@ dinesh
Deleteමෙදා සැරේ මුකුත් පොරොන්දු නොවී මම ටොපි ගෙනාවා හලේ :P
@ තරු
අනේ යන්ට :/
ප්‍රමාදවී පැමිණීමේ කුසලානය දෙන්න කතා කරන කොටත් වර්ණා ගිහිල්ලා. හලාවත ඉදන් ඇවිත් දවල්ට කන්න වැල්ලවත්තට ඇවිත් වෙලාවට කාලා ගෙදර යාම......
ReplyDeleteකන බොන එක විතරනේ මම වෙලාවට කරන්නේ :පි
Deleteහම්මියෝ........... මෙන්න මෙයා අපේ පොටෝ දාලෝ...................................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteමලයා මොන ෆොටෝවෙද ඉන්නේ??
Deleteඔය ඉන්නෙ අයියෙ හිතූ..,චම්මා එක්ක...
Deleteහම්මියෝ ඔව් දැම්මෝ හැක හැක හැක
Deleteමෙයා ඔය ඉන්නේ උඩ බැබලි බැබලි :පි
එක ෆොටෝ එකක් අස්පට් :p අද මලු!!
ReplyDeleteමම මේ කල්පනා කලේ ඒක ඇත්තටම කැමරාවෙ අවුලක්ද...නැත්නම්.....
Delete:/ :/ :/
Deletehak hak hak ඊයේ තමයි සුපිරිම දවස
Deleteනියම ෆොටෝ ටික... මොකක්ද නොකඩවා පරක්කු වීමේ රහස. අපිටත් කියන්න.
ReplyDeleteඒවා පස්සේ කියන්නම්කො. ඔයාලත් පුරුදු උනොත් මට සම්මානේ දෙන්නේ නැති වෙනවානේ :(
Deleteඅයියෝ... මමත් හිතුවෙ කුකුළත් අතින් අරන් වැල්ලවත්තේ ඇති කියලා, බලද්දි අදත් පරක්කු වෙලානේ!
ReplyDeleteහිහි,,, හිතල මතලා පරක්කු උනේ නැහැ ඉතින්.. පොඩි පොඩි ප්‍රශ්න එනවා මම ගමනක් යද්දී :(
Deleteආ මේ තියෙන්නේ පළමු පින්තුර සමග වාර්තාව.. :))
ReplyDeleteඅර ඔයා අපිත් එක්ක ගත්තු ෆොටෝ එකත් මේකට දාන්න එපෑය..එතකොට නේ අංග සම්පුර්ණ :)) !!!
එක දාන්න බෑ ඔයාලා ඒවා මේවා කියනවානේ :/
Deleteස්තුතියි වර්ණා. කෝ මේ ඔබා එතකොට මාරයා හෙම?
ReplyDeletehenryblogwalker the Dude
මාරයා නම් ආවේ නෑ.. එත් ඔබා ආවා..
Deleteඔබා මාමව දුර තියලා දැක්කේ. එයාලා ස්ටෙලා වෙලා හිටියේ වෙනම තැනක. අපි යනකම්වත් ආවේ නැහැ.. මාරයා අයියා ආවේ නැහැ
Delete2013 දී...
ReplyDelete"මෙවරත් අති සාර්ථක අන්දමින් ප්‍රමාද වීමේ තරඟයෙන් ජය ගන්නේ පැය 2ක් ප්‍රමාදව පැමිණි පරක්කු වර්ණා..."
"මට බොහොම සතුටුයි මේ අවුරුද්දෙත් පරක්කු වෙලා එන්න පුළුවන් වුන එක ගැන (සිනා සෙමින්) :)"
මේ කමෙන්ට් එක මම කියෙව්වේ ෆෝන් ඒකෙන් රෑ නිදාගන්න යද්දී. හිනා වෙලා පන ගියා මට :පි
Deleteමෙන්න එකක මමත් ඉන්නවා.... හුරේ... දවස නම් මරු... සංවිධායකයන්ට තුති.... !!!
ReplyDeleteකෝ කෝ කොහෙද කොහෙද
Deleteela හැමදාම මොකද බං පරක්කු වෙන්නේ ...? ඔය ඔරලෝසුවේ වෙලාව හදාගන්නකෝ....:D pic ටිකට ස්තූතියි සහෝ...සුන්දර මතක සටහන් ගොන්නක් එක්ක වින්දනීය දවසක්!!!
ReplyDeleteඔරලෝසු පාවිච්චියක් නැහැනේ :පි
Deleteමටත් සුන්දරම දවසක් :)
මරේ මරු... ස්තූතියි පින්තූර ටික දැම්මාට..
ReplyDeleteවෙල්කම් වෙල්කම් :)
Deleteඅපරාදේ එන්න බැරි උනා නේ :( :(
ReplyDeleteමගෙන් අහගන්න එපා :/
Delete" වර්ණා ට තාම මව්තුමිය අවසර දුන්නේ නැති උනාට කට්ටියකට එනවා කියලා පොරොන්දු දුන්නු නිසා එන්ට වෙලා. :) කස්ටියගේ වැඩ බලන්න ඔයාලත් එදාට එන්න. බ්ලොග් එකක් ලියන්නේ නැති උනත් කමක් නැහැ. සමහර උන්දලා මාස 4 යි බ්ලොග් එකට අනේ මම පුංචි කියලා එන්නේ නැතිලු. සමහර උන්දලා දුර වැඩිලු. එහෙමනම් ඉතින් වර්නාටත් ඔය තැනට එන්න පැය 4 කට වඩා යනවානේ.. උදෙන්ම නැගිට්ටනම් හරි.. ගිය පාර වගේ මම පරක්කු වෙන්නේ නැතෝ :පි".
ReplyDeleteඔය ටික කිවිවෙි මම නෙමෙයි. වර්ණම තමයි ගිය පාර පෝස්ටුවෙිදි ඔය ටික රතු පාට අකුරෙන් ලියලා තිබිබෙි..!!!
අහ්හ් මතකයි මතකයි :(
Deleteගෙදරින් ආවට මගදී ප්‍රශ්න වගයක් උනා සහෝ :(
කට්ටියක්ව බලා ගත්ත..තෑන්ක්ස් වර්නා...
ReplyDeleteවෙල්කම් කිරිල්ලි
Deleteඔහෑං.. ඔහෑං.. මට එන්න උන් නෑ.. මං පවු.. :(
ReplyDeleteඅදට බ්ලොගේට අවුරුද්දයි. පෝස්ට් 100 යි.
සයිබර් උළෙලයි.
කරුමෙට මං නෑ මේ මළ මගුල් උණක් නිසා..
අඬන කැත :පි
Deleteඅයියෝ ඉක්මනින් සනීප වෙලා ඊළඟ එකට එන්නකෝ :)
දුප්පත් කැමරාව.හිකිස්...! [මෙහෙම හරි කට්ටියව නම් කරපු එක වටිනවා.]මම මේ හෙව්වේ ඔයාව.
ReplyDeleteමම ආවේ නැහැනේ. හොයලා වැඩක් නෑ :පි
Deleteෆොටෝ වලින් අපිවත් අවුරුදු උළෙල බලන්න එක්කන් ගියාට ස්තුතියි වර්ණා....
ReplyDeleteකවුරු මොනවා කිව්වත් පරක්කු වෙන පුරුද්ද නම් අතඅරින්න එහෙම එපා, හොඳද... :P
එහෙම අතාරින්නෙ නැහැ හොඳ පුරුදු :)
Deleteමටනම් ඇත්තටම ගොඩක් ආසයි මේවා දකිද්දී..ලබන පාරවත් එන්න ලැබේවා..
ReplyDeleteඑන්න එන්න :)
Deleteහෆොයි.. මම කඹ අදිද්දි මේ කෙල්ල හොරෙන් ෆොටෝ ගහලා... හික් හික්... ජය වේවා... ඊළඟ අවුරුදු උත්සවේටවත් වෙලාවට එන්න හොඳේ.. අපිට නම් ආරංචිය ආවේ වර්ණා උදේ 6 වෙද්දි ගේට්ටුව ගාව කියලා.. හී හී
ReplyDeleteඑහෙම තමයි පැපරාසියෝ :)
Deleteඔව් මම ආවේ 6 ට. කවුරුත් නැති නිසා ගියා :පි
හයියූ ඇඩෙනව අප්ප...:(
ReplyDeleteඑන්න එපැයි කෙල්ලේ :/
Deleteම්...ෆොටො නියමයි..ස්තුතී නංගී
ReplyDeleteනියමයි රාජ් අයියා. ඔයාලටත් ස්තුති
Deleteකිව්ව විදියටම පොටෝ දාලා නේ? මාර වැඩේ වර්ණා මට වුනේ වම දකුණ හොයා ගන්න බෑනේ මේ හිතූව හිතා ගන්න.
ReplyDeleteඒ මොකෝ අක්කේ. වම දකුණ හොයාගන්න බැරි :)
Deleteඑල එල!
ReplyDelete:))))
Deleteහිකිස්!
ReplyDeleteපොඩි මෑන් එක්ක කිරි කාපු එක තමයි මරු!(කිරි නෙමෙයි යෝගට් ;P)
අනේ අම්මෝ :පි පරදුනානේ එකත්.. පොඩ්ඩා මට අන්තිමට කියනවා ගියා ගියා අරුන් දින්නා දැන් හිමිට කවන්නලු :පි
Deleteදන්න වෙන ෆොටෝ එකක් තිබ්බෙම නැද්ද වර්ණා අක්කෙ? ඉකෙයියා ලැජ්ජාවේ බැ හිකිස්.... දත් සැට් එක එළියෙ දන් ඉන්න එක්කම දලා නොවැ... මෙව්වා පැහැදිලි මඩ හොදේ !!!!! :P :D:D:D
ReplyDelete෴෴ සිහින මදාරා ෴෴
hikss...
Deleteමේ ඉන්නේ සිහින මදාරා .. හම්මියෝ මතක නැහැ කියලා බැනුමුත් අහගත්තානේ මම :(
Deleteහැක හැක හැක මඩ මඩ
වර්ණාත් මුණ ගැහුනනෙ.....මමත් පරක්කු වෙලා ආවෙ...ඊළඟ පාරත් සෙට් වෙමු.....
ReplyDeleteපිස්සා පිස්සු විදියට නෙමෙයිනේ හිටියේ, හරිම විනීත විදියටනේ හිටියේ, අමං පිස්සා කියද්දී මට අදහගන්නත් බැරි උනා :පි
Deleteඅපෝ මේ සැරෙත් මගේ මුණුබුරා ඕකට ආවද????
ReplyDeleteමම මේ ලෙඩ ඇදේ...
අනේ මම කියන්නේ නෑ :පි
Deleteඅන්තිම පොටෝ එකට මගේ බලවත් විරෝධය.....
ReplyDeleteඅර තුන්පා දිවිල්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ... ෂික්.. එක වෙන්න තිබ්බා වර්ණව වඩා ගෙන දිව්වනම්...
අයියෝ තව ටිකෙන් පා පෙරලිලා වැටෙනවා :(
Deleteඅපායට ගියත් කලින් යන්නෝනැ කියලා කියනවනෙ නගෝ?
ReplyDeleteකොහොම වුනත් හොඳ ෆන් එකක් අරන් කියලා නම් පේනවා..
ඔව් ඔව් අක්කේ :)
Deleteනියම ෆන් එක තමයි. කන් අඩි පිපිරුවා සිංදුවල සද්ද වලට
හරිම විනෝදෙන් ගෙවුනු දවසක් කියල පේනව..ඉරිසියයි අපිට..
ReplyDelete(ඈ බොල..හැමෝටම වගේ මම නංගි මල්ලි කිව්වට සෙට් එකම අයියල අක්කල වගේනෙ..:D )
ඊරිසියා වෙන්නේ නැතුව එන්න තිබ්බේ අනේ :/
Deleteහැක හැක හැක එහෙනම් ඔයා නංගි වෙන්න ඇති ඇත්තටම :)
මගේ මලු.. මට අක්කා එක්ක නම් කථා කරන්න බැරි උනා.. පළවෙනි පාරනේ කස්ටිය හම්බ වුනේ.. කස්ටිය මාව දන්නත් නෑ.. මම කස්ටිය දන්නෙත් නෑ.. :(
ReplyDeleteඅයියෝ කතා කරන්න එපැයි.. :)
Deleteමම ආවේ 12ට ඇවිල්ලා දන්න අඳුරන හැමෝම හම්බුනාට පස්සේ නම් මතක් කර කර හෙව්වා අනික් කට්ටියව... වර්ණා අක්කව තමා මුලින්ම මතක් වුනේ හෙව්වට හම්බුනේ නෑ පස්සේ එතන හිටිය අයිය කෙනෙක්ගෙන් ඇහුවාම කිව්වා
ReplyDelete"අර පැවිලියන් එකේ වම් අත පැත්තේ පුටු පේලියේ උඩම පේලියේ දෙවෙනියට වාඩි වෙලා කොල්ලෙක් එක්ක කතා කර කර හිටිය අක්ක තමයි වර්ණා කියලා"
මම සුටුස් ගාලා එතන්ට දිව්වම කවුරුවත් නෑ... මම ආයෙම ඇවිත් ඇහුවා එයා නෑනේ හැඩරුව කියන්නකෝ කියලා...
"මමත් එයාව දන්නෑ මල්ලි... එයා එනකොටම එනවුන්ස් එකක් දැම්මා ඔය එන්නේ වර්ණා කියලා මටත් තාම කතා කරන්න බැරිවුනා"
තාම මූණ බලාගන්න බැරිවුනානේ අක්කෝ... ඊළඟ පාර නම් මම කලින් එනවා... කැමරාව දුප්පත් නෑ සුපිරිම ෆොටෝ ටිකක් මෙතන තියෙනවනේ
අයියෝ ගැමියා මල්ලි ව දැක්කේ නැහැනේ මම. පොඩි මෑන් ඇදගෙන ගියානේ කිරි කන්න. ඔයා එද්දී එහෙනම් මිස් වෙන්න ඇති. බුකියේ පින්තුර දාලා තියෙනවා. බලන්න මාව දැක්කේ නැත්තම්...
Deleteඊළඟ වතාවේ අදුනගමුකෝ එහෙනම්. මමත් පරක්කු වෙලා ආවේ. එකනේ එනවුන්ස් කලේ, :D
අය්යෝ මම හිතුවා මේ පාරවත් කලින් යන්න ඇති කියල. නාකියා කීවට වැඩිය නාකි නෑ නේද ?
ReplyDeleteබැරි උනානේ අක්කෝ :(
Deleteඑච්චරම නාකි නැහැ :P
මම තාම පොඩි එකා බොලව්... ටිකක්වත් නාකි නෑ...
Delete(උප්පැන්නේ හංගන ගමන්)
සුභ පැතුම්! අළුත් නිසා නාවේ. තරහවෙන්න එපා. ලබනසැරේ හමුවෙමු. මෙහෙම හිතවත්කමක් හිතුවේ නැ... සොරි!
ReplyDeleteඅයියෝ ආවේ නැත්තේ මොකෝ? අලුත් අය කොච්චර ආවද... එන්න තිබුනේ
Deleteඅඩේ අපි කඹ අදින එකක් තියෙනෝ.. :)
ReplyDeleteහිහි මම ගත්තෝ
Deleteවර්ණා අක්කාගෙන් කිරි ටොපි ඉල්ලා කෑගහනවා නම් දැක්කා....හි හි හි.....
ReplyDeleteඑකනම් ඉතින් ආදී කාලේ ඉඳං ඉල්ලන එකක්නේ.. කිරි ටොපි :පි
Deleteපරක්කු වරණාගේ සටහන
ReplyDeleteඑල ඈ පොඩ්ඩෝ
Deleteටැග් එක නැති වුනත් හැමෝම අඳුන ගත්තා නේද ?
ReplyDeleteමම නාකියාට කිව්වෙ 2 විතර වෙනකොට එයි කියලා, එහෙම බැලුවමනම් කලින් ඇවිල්ලා....
ඔහෙම යං..ඔහොම යං.....
අඃ...මාවත් කවර්කරගෙන තියෙන්න...ඒ කලබලේ...
බොහෝම ස්තූතියි නගෝ...
ඉක්මනට ඉක්මනට ටික දෙකෙව කවර කරගත්තා... 2 ට කලින් ආවා හුරේ...
Deleteකථා කරන්න කියලා බලපු හැම වෙලා වෙම කස්ටිය වට කරගෙන හිට්ය නිසා මට ලැජ්ජ හිතිලා කථා කලේනෑ
ReplyDeleteඅයියෝ මොන ලැජ්ජාවක්ද කතා කරන්න තිබුනා. :/
Deleteඅපරාදෙ මටත් තිබුනෙ මගදි ඔයාටම සෙට් වෙලා එන්න.
ReplyDeleteඅක්කා ආවද? ආවේ නැද්ද?
Deleteනෑනෙ අනේ..... :-( අපරාදෙ
Deleteෂෙක්, මෙදා පොටේ එන්ඩ බැරි වුනානේ. හයියෝඕ.... ඊළඟ පාර එනවෝ.... පොටෝ කැප්ෂන් ටික නම් පංකාදුයි ඈ අක්කේ.
ReplyDeleteඑල එල ඊළඟ එකටවත් එන්නකෝ
Deleteවර්නා නම් ප්‍රමාදවෙලා හරි ගියා. මටත් විනාඩි දෙක තුනකට හරි ඇවිත් යන්න තිබුනානනම් කියල හිතෙනවා.
ReplyDeleteබලමු ආයෙ දවසකවත් මේ වගේ වැඩකට සෙට් වෙන්න
අයියෝ අපරාදේ. අවුරුද්දකටම එක සැරයක් එන දෙයක් මිස් කරන්න හොඳ නැහැ
Deleteඉතුරු වෙච්චි කිරි ටොපියක් වත් ගමු අපිට ඉතින්... අම්මප මමත් හිතුවේ කිව්ව විදියට කලින් දවසේ ගිහින් වැල්ලවත්තේ ලොජ් එකක වත් ඉඳලා පාන්දරම පිට්ටනියට එන්නැති කියලා... බලන් ගියාම... #$%^@$@!
ReplyDeleteතව ෆොටෝ තිබේ නම් දැම්මාට කම් නැත...
ehema thamaa nangi, ananyathaawaya thiyanna onane. apitanam photo walin balana tharamak thamai ithin :(
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ පැත්තේ ඇවිත් ගියාට සටහනක් නම් තිබ්බේ නෑ...
ReplyDeleteමාත් එක්ක කතා කරානේ. සතුටුයි අදුනගන්න ලැබුන එකට...
:)
හෆ්ෆෝයි!! එන්න බැරිවුණානේ!!
ReplyDelete:D සුන්දර මතක ගොඩක්..
ReplyDeleteදුකයි.. එන්න බැරිවුණ එකට..
සතුටුයි.. මේ සබැදියාවට..
පරක්කු වුණාට මොකෝ නේ නගේ.. කිරිටොෆියි , ෆොටෝස් තියේනේ අගේට... :D
ඒ සුන්දර මතකය සැමදා මතකේ රැදේ.........
ReplyDelete