Sunday, April 22, 2012

සිහින උළලේ වර්ණා ගේ ප්‍රමාදය

සිහින උළෙලට මම ආවද? මම ආවේ නැතිලු.. අයියෝ එහෙනම් වර්ණා කියලා ආවේ කවුද? :පි

සිහින උළෙලට මෙදා සැරෙත් පරක්කු වී පැමිණීමේ කුසලානය මම දිනාගත්තා. මට හුරේ...  දකුණු කකුල පෙරට තබලා ක්‍රීඩාංගනනෙට එද්දිම යකඩ යකා කෑ ගැහුවේ නැතැයි ඔන්න අදත් වෙනදා වගේම වර්ණා පරක්කු වෙලා එනවා කියලා. ඒ වෙලේනම් පොලොව පලාගෙන යන්නට හිතුනා හිකිස්‌..පරක්කු  උනාත් ඉතින් ගොඩාක් අය එක්ක කතා කළා. මේ ඔයා වර්ණා නේද? ගොඩාක් අය ඇහුවා. මමත් ඉතින් සුපුරුදු සිරික්කිය දාලා කතා කළා. සමහර අයවනම් මට මතක නැහැ. සමහර අයව දන්නේ නැහැ. එත් ගොඩාක් අය එක්ක කතා කළා. ගාලු ගිය දාට වඩා සතුටක් මේ වෙද්දී හිතේ තියෙනවා. පරක්කු උනාත් ඉතින් මම ආවනේ :)

පරක්කු උනත් ඉතින් තරඟ දෙකකට සහභාගී උනා නාකියා එක්ක සහ පොඩි මෑන් සමග. කියන්න කනගාටුයි තරඟ දෙකම පරාදයි.. :'(

වැඩියේ මුකුත් කියන්නේ නැතුව මගේ පුංචි දුප්පත් කැමරාවෙන් ගත්ත පින්තුර දෙක තුනක් දාන්නම්. ගොඩාක් ගත්තේ නැහැ හැබැයි. 
ආව ගමන් ගියේ තුන් පා දිවීමට නාකිස්‌ එක්ක

පිටිපස්සවල් :පි

අපි අරහෙම කරමු නේද එතකොට අපි දිනයි :p


ඊළඟ තරගේ ටවත් යමු නේද ? ( කුමාරයා- දකුණු පස   )



රහසෙන් කියන්න අනිත් අයට ඇහෙයි


දේවා




අපි හතර දෙනාව ලස්සනට ගන්න හරිය :/

වම් පස සිට - හිතු, තරූ . චම්මා අයියා , සහ සිහින මදාරා



කන්න කන්න :පි
(නාකි )
හරිද නංගි හිනා උනා ඇතිද? දැන් ගන්න ෆොටෝ එක
(වෙනි)

මුළු ලෝකෙම මගේ බොලව් :පි



ඔයාට තේරෙන්නේ නැද්ද අනේ මෙතන අවුරුදු උත්සවයක්, මම පස්සේ කතා කරන්නම් :පි
(ඩිල්ශාන් මල්ලි)


ඔන්චිලි චිලි චිල්ල මලේ :) (නීනු අක්කා )


අන්න අන්න සුමිත් අයියා හිනා වෙන්න :පි (පවනි සමඟ සුමිත් අයියා)



අන්තිම පේලියේ කට්ටිය



ඇති අෆ්ෆා ෆොටෝ ගත්තා දැන් පාන් කියාගන්න බැරුව ඉන්නේ :D



ලොකුම බොරුව කියමින්


අදින්ඩෝ.................


ලනුව කැඩෙයි ද :D


ප්‍රාර්ථනා අක්කේ කමෝන්







\
නාකියා අයියා ටොපි කන ගමන්

ඉතින් හැමෝටම ස්තුති සංවිදායක මණ්ඩලේ විශාල කැපවීමක් කළා රාජ් අයියා ප්‍රමුඛ.. ඒ හැමෝටමයි ආපු හැමෝටමයි ගොඩාක් ස්තුති  :)


ප.ලි. - යාපනේ ඉතිරි කොටස මීළඟට හොඳේ

105 comments:

  1. අෆරාදෙ අප්පා මං ආවෙ නැත්තෙ.. :((((

    ලබන සැරේ නං අනිවා එනවා.........මයි!!!

    ReplyDelete
    Replies
    1. ලබන පාර එන්නකෝ එහෙනම් :)

      Delete
  2. දැන් වර්ණාට පරක්කු වෙලා ආවට තෑගි හම්බුනාද? මේ පාර කිරිටොෆි පොරොන්දු උනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කලින් දවසේ බුකියේ ස්ටේටස් දාපු විදිහට මම හිතුවේ උදේ පාන්දරම යන්න ඇති කියලා.. :)

      Delete
    2. මොකෝ නැත්තේ ඔය දුන්නෙ කිරි වගේ ටොපියක්...ටොපියක් කිව්වට හලි චූ..ටි එකක්..

      Delete
    3. @ dinesh

      මෙදා සැරේ මුකුත් පොරොන්දු නොවී මම ටොපි ගෙනාවා හලේ :P

      @ තරු

      අනේ යන්ට :/

      Delete
  3. ප්‍රමාදවී පැමිණීමේ කුසලානය දෙන්න කතා කරන කොටත් වර්ණා ගිහිල්ලා. හලාවත ඉදන් ඇවිත් දවල්ට කන්න වැල්ලවත්තට ඇවිත් වෙලාවට කාලා ගෙදර යාම......

    ReplyDelete
    Replies
    1. කන බොන එක විතරනේ මම වෙලාවට කරන්නේ :පි

      Delete
  4. හම්මියෝ........... මෙන්න මෙයා අපේ පොටෝ දාලෝ...................................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මලයා මොන ෆොටෝවෙද ඉන්නේ??

      Delete
    2. ඔය ඉන්නෙ අයියෙ හිතූ..,චම්මා එක්ක...

      Delete
    3. හම්මියෝ ඔව් දැම්මෝ හැක හැක හැක

      මෙයා ඔය ඉන්නේ උඩ බැබලි බැබලි :පි

      Delete
  5. එක ෆොටෝ එකක් අස්පට් :p අද මලු!!

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කලේ ඒක ඇත්තටම කැමරාවෙ අවුලක්ද...නැත්නම්.....

      Delete
    2. hak hak hak ඊයේ තමයි සුපිරිම දවස

      Delete
  6. නියම ෆොටෝ ටික... මොකක්ද නොකඩවා පරක්කු වීමේ රහස. අපිටත් කියන්න.

    ReplyDelete
    Replies
    1. ඒවා පස්සේ කියන්නම්කො. ඔයාලත් පුරුදු උනොත් මට සම්මානේ දෙන්නේ නැති වෙනවානේ :(

      Delete
  7. අයියෝ... මමත් හිතුවෙ කුකුළත් අතින් අරන් වැල්ලවත්තේ ඇති කියලා, බලද්දි අදත් පරක්කු වෙලානේ!

    ReplyDelete
    Replies
    1. හිහි,,, හිතල මතලා පරක්කු උනේ නැහැ ඉතින්.. පොඩි පොඩි ප්‍රශ්න එනවා මම ගමනක් යද්දී :(

      Delete
  8. ආ මේ තියෙන්නේ පළමු පින්තුර සමග වාර්තාව.. :))
    අර ඔයා අපිත් එක්ක ගත්තු ෆොටෝ එකත් මේකට දාන්න එපෑය..එතකොට නේ අංග සම්පුර්ණ :)) !!!

    ReplyDelete
    Replies
    1. එක දාන්න බෑ ඔයාලා ඒවා මේවා කියනවානේ :/

      Delete
  9. ස්තුතියි වර්ණා. කෝ මේ ඔබා එතකොට මාරයා හෙම?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මාරයා නම් ආවේ නෑ.. එත් ඔබා ආවා..

      Delete
    2. ඔබා මාමව දුර තියලා දැක්කේ. එයාලා ස්ටෙලා වෙලා හිටියේ වෙනම තැනක. අපි යනකම්වත් ආවේ නැහැ.. මාරයා අයියා ආවේ නැහැ

      Delete
  10. 2013 දී...

    "මෙවරත් අති සාර්ථක අන්දමින් ප්‍රමාද වීමේ තරඟයෙන් ජය ගන්නේ පැය 2ක් ප්‍රමාදව පැමිණි පරක්කු වර්ණා..."
    "මට බොහොම සතුටුයි මේ අවුරුද්දෙත් පරක්කු වෙලා එන්න පුළුවන් වුන එක ගැන (සිනා සෙමින්) :)"

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක මම කියෙව්වේ ෆෝන් ඒකෙන් රෑ නිදාගන්න යද්දී. හිනා වෙලා පන ගියා මට :පි

      Delete
  11. මෙන්න එකක මමත් ඉන්නවා.... හුරේ... දවස නම් මරු... සංවිධායකයන්ට තුති.... !!!

    ReplyDelete
  12. ela හැමදාම මොකද බං පරක්කු වෙන්නේ ...? ඔය ඔරලෝසුවේ වෙලාව හදාගන්නකෝ....:D pic ටිකට ස්තූතියි සහෝ...සුන්දර මතක සටහන් ගොන්නක් එක්ක වින්දනීය දවසක්!!!

    ReplyDelete
    Replies
    1. ඔරලෝසු පාවිච්චියක් නැහැනේ :පි

      මටත් සුන්දරම දවසක් :)

      Delete
  13. මරේ මරු... ස්තූතියි පින්තූර ටික දැම්මාට..

    ReplyDelete
  14. අපරාදේ එන්න බැරි උනා නේ :( :(

    ReplyDelete
  15. " වර්ණා ට තාම මව්තුමිය අවසර දුන්නේ නැති උනාට කට්ටියකට එනවා කියලා පොරොන්දු දුන්නු නිසා එන්ට වෙලා. :) කස්ටියගේ වැඩ බලන්න ඔයාලත් එදාට එන්න. බ්ලොග් එකක් ලියන්නේ නැති උනත් කමක් නැහැ. සමහර උන්දලා මාස 4 යි බ්ලොග් එකට අනේ මම පුංචි කියලා එන්නේ නැතිලු. සමහර උන්දලා දුර වැඩිලු. එහෙමනම් ඉතින් වර්නාටත් ඔය තැනට එන්න පැය 4 කට වඩා යනවානේ.. උදෙන්ම නැගිට්ටනම් හරි.. ගිය පාර වගේ මම පරක්කු වෙන්නේ නැතෝ :පි".

    ඔය ටික කිවිවෙි මම නෙමෙයි. වර්ණම තමයි ගිය පාර පෝස්ටුවෙිදි ඔය ටික රතු පාට අකුරෙන් ලියලා තිබිබෙි..!!!

    ReplyDelete
    Replies
    1. අහ්හ් මතකයි මතකයි :(
      ගෙදරින් ආවට මගදී ප්‍රශ්න වගයක් උනා සහෝ :(

      Delete
  16. කට්ටියක්ව බලා ගත්ත..තෑන්ක්ස් වර්නා...

    ReplyDelete
  17. ඔහෑං.. ඔහෑං.. මට එන්න උන් නෑ.. මං පවු.. :(
    අදට බ්ලොගේට අවුරුද්දයි. පෝස්ට් 100 යි.
    සයිබර් උළෙලයි.
    කරුමෙට මං නෑ මේ මළ මගුල් උණක් නිසා..

    ReplyDelete
    Replies
    1. අඬන කැත :පි

      අයියෝ ඉක්මනින් සනීප වෙලා ඊළඟ එකට එන්නකෝ :)

      Delete
  18. දුප්පත් කැමරාව.හිකිස්...! [මෙහෙම හරි කට්ටියව නම් කරපු එක වටිනවා.]මම මේ හෙව්වේ ඔයාව.

    ReplyDelete
    Replies
    1. මම ආවේ නැහැනේ. හොයලා වැඩක් නෑ :පි

      Delete
  19. ෆොටෝ වලින් අපිවත් අවුරුදු උළෙල බලන්න එක්කන් ගියාට ස්තුතියි වර්ණා....
    කවුරු මොනවා කිව්වත් පරක්කු වෙන පුරුද්ද නම් අතඅරින්න එහෙම එපා, හොඳද... :P

    ReplyDelete
    Replies
    1. එහෙම අතාරින්නෙ නැහැ හොඳ පුරුදු :)

      Delete
  20. මටනම් ඇත්තටම ගොඩක් ආසයි මේවා දකිද්දී..ලබන පාරවත් එන්න ලැබේවා..

    ReplyDelete
  21. හෆොයි.. මම කඹ අදිද්දි මේ කෙල්ල හොරෙන් ෆොටෝ ගහලා... හික් හික්... ජය වේවා... ඊළඟ අවුරුදු උත්සවේටවත් වෙලාවට එන්න හොඳේ.. අපිට නම් ආරංචිය ආවේ වර්ණා උදේ 6 වෙද්දි ගේට්ටුව ගාව කියලා.. හී හී

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි පැපරාසියෝ :)

      ඔව් මම ආවේ 6 ට. කවුරුත් නැති නිසා ගියා :පි

      Delete
  22. හයියූ ඇඩෙනව අප්ප...:(

    ReplyDelete
    Replies
    1. එන්න එපැයි කෙල්ලේ :/

      Delete
  23. ම්...ෆොටො නියමයි..ස්තුතී නංගී

    ReplyDelete
    Replies
    1. නියමයි රාජ් අයියා. ඔයාලටත් ස්තුති

      Delete
  24. කිව්ව විදියටම පොටෝ දාලා නේ? මාර වැඩේ වර්ණා මට වුනේ වම දකුණ හොයා ගන්න බෑනේ මේ හිතූව හිතා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අක්කේ. වම දකුණ හොයාගන්න බැරි :)

      Delete
  25. හිකිස්‌!
    පොඩි මෑන් එක්ක කිරි කාපු එක තමයි මරු!(කිරි නෙමෙයි යෝගට් ;P)

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ :පි පරදුනානේ එකත්.. පොඩ්ඩා මට අන්තිමට කියනවා ගියා ගියා අරුන් දින්නා දැන් හිමිට කවන්නලු :පි

      Delete
  26. දන්න වෙන ෆොටෝ එකක් තිබ්බෙම නැද්ද වර්ණා අක්කෙ? ඉකෙයියා ලැජ්ජාවේ බැ හිකිස්.... දත් සැට් එක එළියෙ දන් ඉන්න එක්කම දලා නොවැ... මෙව්වා පැහැදිලි මඩ හොදේ !!!!! :P :D:D:D

    ෴෴ සිහින මදාරා ෴෴

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ සිහින මදාරා .. හම්මියෝ මතක නැහැ කියලා බැනුමුත් අහගත්තානේ මම :(
      හැක හැක හැක මඩ මඩ

      Delete
  27. වර්ණාත් මුණ ගැහුනනෙ.....මමත් පරක්කු වෙලා ආවෙ...ඊළඟ පාරත් සෙට් වෙමු.....

    ReplyDelete
    Replies
    1. පිස්සා පිස්සු විදියට නෙමෙයිනේ හිටියේ, හරිම විනීත විදියටනේ හිටියේ, අමං පිස්සා කියද්දී මට අදහගන්නත් බැරි උනා :පි

      Delete
  28. අපෝ මේ සැරෙත් මගේ මුණුබුරා ඕකට ආවද????

    මම මේ ලෙඩ ඇදේ...

    ReplyDelete
    Replies
    1. අනේ මම කියන්නේ නෑ :පි

      Delete
  29. අන්තිම පොටෝ එකට මගේ බලවත් විරෝධය.....


    අර තුන්පා දිවිල්ල ගැන නම් කතා කරලා වැඩක් නෑ... ෂික්.. එක වෙන්න තිබ්බා වර්ණව වඩා ගෙන දිව්වනම්...

    ReplyDelete
    Replies
    1. අයියෝ තව ටිකෙන් පා පෙරලිලා වැටෙනවා :(

      Delete
  30. අපායට ගියත් කලින් යන්නෝනැ කියලා කියනවනෙ නගෝ?
    කොහොම වුනත් හොඳ ෆන් එකක් අරන් කියලා නම් පේනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කේ :)

      නියම ෆන් එක තමයි. කන් අඩි පිපිරුවා සිංදුවල සද්ද වලට

      Delete
  31. හරිම විනෝදෙන් ගෙවුනු දවසක් කියල පේනව..ඉරිසියයි අපිට..

    (ඈ බොල..හැමෝටම වගේ මම නංගි මල්ලි කිව්වට සෙට් එකම අයියල අක්කල වගේනෙ..:D )

    ReplyDelete
    Replies
    1. ඊරිසියා වෙන්නේ නැතුව එන්න තිබ්බේ අනේ :/

      හැක හැක හැක එහෙනම් ඔයා නංගි වෙන්න ඇති ඇත්තටම :)

      Delete
  32. මගේ මලු.. මට අක්කා එක්ක නම් කථා කරන්න බැරි උනා.. පළවෙනි පාරනේ කස්ටිය හම්බ වුනේ.. කස්ටිය මාව දන්නත් නෑ.. මම කස්ටිය දන්නෙත් නෑ.. :(

    ReplyDelete
    Replies
    1. අයියෝ කතා කරන්න එපැයි.. :)

      Delete
  33. මම ආවේ 12ට ඇවිල්ලා දන්න අඳුරන හැමෝම හම්බුනාට පස්සේ නම් මතක් කර කර හෙව්වා අනික් කට්ටියව... වර්ණා අක්කව තමා මුලින්ම මතක් වුනේ හෙව්වට හම්බුනේ නෑ පස්සේ එතන හිටිය අයිය කෙනෙක්ගෙන් ඇහුවාම කිව්වා

    "අර පැවිලියන් එකේ වම් අත පැත්තේ පුටු පේලියේ උඩම පේලියේ දෙවෙනියට වාඩි වෙලා කොල්ලෙක් එක්ක කතා කර කර හිටිය අක්ක තමයි වර්ණා කියලා"

    මම සුටුස් ගාලා එතන්ට දිව්වම කවුරුවත් නෑ... මම ආයෙම ඇවිත් ඇහුවා එයා නෑනේ හැඩරුව කියන්නකෝ කියලා...

    "මමත් එයාව දන්නෑ මල්ලි... එයා එනකොටම එනවුන්ස් එකක් දැම්මා ඔය එන්නේ වර්ණා කියලා මටත් තාම කතා කරන්න බැරිවුනා"

    තාම මූණ බලාගන්න බැරිවුනානේ අක්කෝ... ඊළඟ පාර නම් මම කලින් එනවා... කැමරාව දුප්පත් නෑ සුපිරිම ෆොටෝ ටිකක් මෙතන තියෙනවනේ

    ReplyDelete
    Replies
    1. අයියෝ ගැමියා මල්ලි ව දැක්කේ නැහැනේ මම. පොඩි මෑන් ඇදගෙන ගියානේ කිරි කන්න. ඔයා එද්දී එහෙනම් මිස් වෙන්න ඇති. බුකියේ පින්තුර දාලා තියෙනවා. බලන්න මාව දැක්කේ නැත්තම්...

      ඊළඟ වතාවේ අදුනගමුකෝ එහෙනම්. මමත් පරක්කු වෙලා ආවේ. එකනේ එනවුන්ස් කලේ, :D

      Delete
  34. අය්යෝ මම හිතුවා මේ පාරවත් කලින් යන්න ඇති කියල. නාකියා කීවට වැඩිය නාකි නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. බැරි උනානේ අක්කෝ :(

      එච්චරම නාකි නැහැ :P

      Delete
    2. මම තාම පොඩි එකා බොලව්... ටිකක්වත් නාකි නෑ...


      (උප්පැන්නේ හංගන ගමන්)

      Delete
  35. සුභ පැතුම්! අළුත් නිසා නාවේ. තරහවෙන්න එපා. ලබනසැරේ හමුවෙමු. මෙහෙම හිතවත්කමක් හිතුවේ නැ... සොරි!

    ReplyDelete
    Replies
    1. අයියෝ ආවේ නැත්තේ මොකෝ? අලුත් අය කොච්චර ආවද... එන්න තිබුනේ

      Delete
  36. අඩේ අපි කඹ අදින එකක් තියෙනෝ.. :)

    ReplyDelete
  37. වර්ණා අක්කාගෙන් කිරි ටොපි ඉල්ලා කෑගහනවා නම් දැක්කා....හි හි හි.....

    ReplyDelete
    Replies
    1. එකනම් ඉතින් ආදී කාලේ ඉඳං ඉල්ලන එකක්නේ.. කිරි ටොපි :පි

      Delete
  38. පරක්කු වරණාගේ සටහන

    ReplyDelete
  39. ටැග් එක නැති වුනත් හැමෝම අඳුන ගත්තා නේද ?
    මම නාකියාට කිව්වෙ 2 විතර වෙනකොට එයි කියලා, එහෙම බැලුවමනම් කලින් ඇවිල්ලා....
    ඔහෙම යං..ඔහොම යං.....

    අඃ...මාවත් කවර්කරගෙන තියෙන්න...ඒ කලබලේ...
    බොහෝම ස්තූතියි නගෝ...

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ඉක්මනට ටික දෙකෙව කවර කරගත්තා... 2 ට කලින් ආවා හුරේ...

      Delete
  40. කථා කරන්න කියලා බලපු හැම වෙලා වෙම කස්ටිය වට කරගෙන හිට්ය නිසා මට ලැජ්ජ හිතිලා කථා කලේනෑ

    ReplyDelete
    Replies
    1. අයියෝ මොන ලැජ්ජාවක්ද කතා කරන්න තිබුනා. :/

      Delete
  41. අපරාදෙ මටත් තිබුනෙ මගදි ඔයාටම සෙට් වෙලා එන්න.

    ReplyDelete
    Replies
    1. අක්කා ආවද? ආවේ නැද්ද?

      Delete
    2. නෑනෙ අනේ..... :-( අපරාදෙ

      Delete
  42. ෂෙක්, මෙදා පොටේ එන්ඩ බැරි වුනානේ. හයියෝඕ.... ඊළඟ පාර එනවෝ.... පොටෝ කැප්ෂන් ටික නම් පංකාදුයි ඈ අක්කේ.

    ReplyDelete
    Replies
    1. එල එල ඊළඟ එකටවත් එන්නකෝ

      Delete
  43. වර්නා නම් ප්‍රමාදවෙලා හරි ගියා. මටත් විනාඩි දෙක තුනකට හරි ඇවිත් යන්න තිබුනානනම් කියල හිතෙනවා.
    බලමු ආයෙ දවසකවත් මේ වගේ වැඩකට සෙට් වෙන්න

    ReplyDelete
    Replies
    1. අයියෝ අපරාදේ. අවුරුද්දකටම එක සැරයක් එන දෙයක් මිස් කරන්න හොඳ නැහැ

      Delete
  44. ඉතුරු වෙච්චි කිරි ටොපියක් වත් ගමු අපිට ඉතින්... අම්මප මමත් හිතුවේ කිව්ව විදියට කලින් දවසේ ගිහින් වැල්ලවත්තේ ලොජ් එකක වත් ඉඳලා පාන්දරම පිට්ටනියට එන්නැති කියලා... බලන් ගියාම... #$%^@$@!

    තව ෆොටෝ තිබේ නම් දැම්මාට කම් නැත...

    ReplyDelete
  45. ehema thamaa nangi, ananyathaawaya thiyanna onane. apitanam photo walin balana tharamak thamai ithin :(

    ReplyDelete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. මේ පැත්තේ ඇවිත් ගියාට සටහනක් නම් තිබ්බේ නෑ...
    මාත් එක්ක කතා කරානේ. සතු‍ටුයි අදුනගන්න ලැබුන එකට...
    :)

    ReplyDelete
  48. හෆ්ෆෝයි!! එන්න බැරිවුණානේ!!

    ReplyDelete
  49. :D සුන්දර මතක ගොඩක්..
    දුකයි.. එන්න බැරිවුණ එකට..
    සතුටුයි.. මේ සබැදියාවට..

    පරක්කු වුණාට මොකෝ නේ නගේ.. කිරිටොෆියි ‍, ෆොටෝස් තියේනේ අගේට... :D

    ReplyDelete
  50. ප්‍රසාන්...April 27, 2012 at 11:18 PM

    ඒ සුන්දර මතකය සැමදා මතකේ රැදේ.........

    ReplyDelete