Sunday, May 13, 2012

ඔබ වෙන්වූ පුවත ඇත්තක් වූ බොරුවක්ය !


                                   ලේඛකයෙක් කියන්නේ ඔහු ඉටි පන්දමක් වගේ අඳුර නසා ආලෝකය දෙනවා. එත් දැවී අවසන් වෙන්නේ ඉටි ගොඩක් පමණක්ව.එහෙත්  ඔහු දුන් ආලෝකය අන් අයගේ ජිවිත පුරා වැටි තියෙනවා. යුධ භටයෙක් මරා දමන්නේ ජීවත්ව ඉන්නා මිනිසෙක් වුවත් ලේඛකයෙකුට සිය පෑනෙන් නුපන් අයත් මරා දාන්න පුළුවන්.ඇත්තටම ලේඛකයෙක් කැමති වෙන්නේ තමා සිය සහෝදර ජනයාගෙන් වෙනස්වූ අයෙකු ලෙස සිතීමට නෙවෙයි.ඔවුන්ගේම ලෙයින් මසින් සෑදුනු කෙනෙකු ලෙස සිතන්නටයි.ලේඛකයෙක් කිසිම දවසක මහලු වෙන්නේ නැහැ. ඔහු හැමදාම තරුණයි.ශක්තිමත්. ඉතින් මේ ශක්තිමත් යොවුන් ලේඛකයා වෙන කවුරුවත්ම නෙමෙයි.. ඔබා මාමේ ඒ ඔබයි. ඔබ මේ තරුණ අප සමග හරි හරියට බ්ලොග් ලෝකයේ ලස්සන ගමනක් ආවා. අද ඒ පාරේ අපි තනිවම. ඔබ නැවතිලා. එත් හැමදාම ඔබගේ මතකයන් එක්ක අපි ඉස්සරහටම යනවා. කවදාහරි අපිටත් ඒ මාවතෙන් නැවතෙන්න වෙනවා.  පිළිකුල් වුත් සත්‍ය එයයි.


දුවේ කියලා කට පුරා අමතන්න ආපහු ඔබා මාමා අප අතරට එන්නේ නැහැ. එත් ඔබා මාමා අප හදවත් තුල සදා අමරණීයයි. අවුරුදු උත්සවේදී කතා කරන්න නොලැබුනත් ඈතින් ඉඳං හරි ඔබ රුව දුටුවිට නැවත මේ රුව නොදකින්න ලැබෙයි කියලා හිත් කොනකින්වත් සිතුවේ නැහැ.


කොච්චර සීනියර් බ්ලොග් කරුවෙක් උනාත් හැම පොස්ට් එකකම හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දාන්න ඔබා මාමා අමතක කරන්නේ නැහැ. එතුමාගේ නිහතමානිකම කියන්න ඒ විතරක්ම ඇති කියලා මට හිතෙනවා. ඔබ වෙනුවෙන් බ්ලොග් පොස්ටුවක් වෙන් නොකලානම් මේ බ්ලොග් කෙරුවාවෙන් වත් වැඩක් නැහැ.....


ඉපදෙනා මතු බවයෙත් අප අතරම ඔබා මාමා ලෙස නැවත ඉපදේවා කියලා ජෙසුගෙන් මම ඉල්ලනවා. සමාදානයේ සැතපෙවා ඔබා මාමේ. ඔබට මෝක්‍ෂ සුවය !





   පින්තුරය සිහින යා ගෙනි      

47 comments:

  1. ආදරණිය ඔබා මාමේ, ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!!!

    ReplyDelete
  2. ඔයා හරි වර්ණා... ඔබා මාමා මැරුනේ නැහැ. එයා හැමදාම අපේ හිත්වල ඉන්නවා.

    ReplyDelete
  3. //ඔබ වෙනුවෙන් බ්ලොග් පොස්ටුවක් වෙන් නොකලානම් මේ බ්ලොග් කෙරුවාවෙන් වත් වැඩක් නැහැ//

    ඇත්තම ඇත්ත

    ඔබා මාමේ ඔබට නිවන් සුව....ඔබ නැති බ්ලොග් ලෝකය ගැනයි මට දුක

    ReplyDelete
  4. ඔබා මාමේ,ඔබට නිවන් සුව ලැබේවා!!!

    ReplyDelete
  5. සම්පූර්ණ ඇත්ත වර්ණා ....

    ReplyDelete
  6. ඔබා මාමේ ඔබට නිවන් සුව

    ReplyDelete
  7. ඔබා මාමේ,ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  8. "සුවඳැති මල් ඇයි මේ හැටි හනිකට පරවන්නේ"

    ReplyDelete
  9. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  10. හිතා ගන්න බෑ... හැබැහින් නොදැකපු... කතානොකල කෙනෙක් වෙන් වෙලා ගියහම දුකක් දැනුනු පලමු අවස්ථාව... ඒ බ්ලොග් ලෝකයේ ඔබ මගේ සමීප මිතුරෙක් නිසා වන්නට ඇති... වයස් පරතරය නොදැනුනේ ඒක නිසා වෙන්න ඇති. මම බ්ලොග් කියවන්න පටන් ගත් දවසේ මුලින්ම මතකයේ රැඳුනු චරිතය ඔබයි...
    ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!!!
    යලිත් සිංහල බ්ලොග් ලෝකය සරසන්න අප අතරම යලි ඉපදේවා...
    එදාට අපි මාමලා වෙලා ඉදිවී... නැවත හමුවන තුරු..........................................................

    ReplyDelete
  11. අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

    ------ ඔබා මාමාට බුදුසරණයි ----------

    ReplyDelete
  12. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..

    ඔබට නිවන් සුව මාමේ..

    ReplyDelete
  13. කිව්වත් වගේ ඔහු වෙනුවෙන් යමක් නොලියවෙන අපේ දෑත් කුමටද ? කිසිදා නොදුටු මිනිසකු වෙනුවෙන් මෙලෙස දුක්වූ දවසක් මටනම් සිහියට නොනැගේ...

    ඔබා මාමේ, නිවනින් නිවෙන තෙක් ඔබ යලි අප අතරම ඉපදේවා !!!

    ReplyDelete
  14. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  15. රූපය දිරයි නාමය නොදිරයි.....
    ඔබා සදාතනිකව අප හදවත් තුල ‍රැදෙනු ඇත......

    ReplyDelete
  16. ඔබා අයියා ඔහුට ලැබී තිබුණ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා...
    ජීවත්වීම සදහා යුහුසුළු වෙමු.

    පරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින් නික්මගිය සොඳුරු මිතුරාණනි, ඔබට සුබ සැන්දෑවක්....

    ReplyDelete
  17. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  18. ආදරණිය ඔබා මාමේ ඔබට නිවන් සුව!!....

    ReplyDelete
  19. මරණයෙන් වෙන්වී යාම දුකක් වෙන්නේ වෙන්ව යන්නාට නොවේ.. වෙන්වීමත් හිතේ කැටි කරගෙන ජීවත් වෙන්නාටයි.. අපි ඒ දුක කලක් අර ගෙන යාවි..දුක උනත් සදාකාලික නැහැ.. ඊට පස්සේ හරියට අපේ අම්ම තාත්තා සොඳුරු මතකයක් වෙලා සිහිනෙන් ගෑ සුවඳක් වෙලා හදවතේ තැන්පත් උනා වගේ ඔබත් අපේ හදවත්වල ජීවත්වේවි..
    ගිහින් එන්න ඔබා. ගිහින් එන්න..

    ReplyDelete
  20. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  21. ඔබා මාමේ,ඔබට මොක් සුව..!!

    ReplyDelete
  22. බ්ලොග් නිර්මාණයට අලුත් සාමාජිකාවක් නිසා මම ඔබා මාමා ගැන ‍ගොඩක් දේවල් දන්නෙ නැති වුණත් දැකපු හැම තැනම ආදරණීය කමෙන්ට් එකකින් පුංචි විහිලුවකින් දැනුවත් කමකින් හැම පෝස්ට් එකකටම වීරයෙක් වුන චරිතයක් බව මම දැක්කා.ආදරණීය බව හැම කෙනෙකුටම බෙදා දීපු චරිතයක්..ඔබව මා නොදන්නවා වුනත් දැකල තිබුන නිසා ඔබගේ වියෝව මටද කම්පනයක් ඇතිකලා...

    මෙවැනිම ආදරණීය මනුසත් බවින් පිරිපුන් ජීවිතයක් ඔබට නැවතත් හිමි වේවා..... බුදු සරණයි....

    ReplyDelete
  23. මට හිතාගන්න බැරි, මෙච්චර මේ ලෝකේ හොරු,ස්ත්‍රී දූෂකයෝ වගේ මැරෙන්න ඕන මිනිස්සු ඉන්දෙද්දී ඔබා මාම වගේ හිත හොඳ මනුස්සයෙකුට මෙහෙම උනේ ඇය් කියල :'(
    ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  24. ආදරණීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!

    ReplyDelete
  25. ඔබා මාමෙ ඔබට නිවන් සුව.....

    ReplyDelete
  26. මැවිලා පේනවා වගෙ මුලින්ම මම ඔබ මාම ලඟට ගියපු වෙලාවේ මගේ ටැග් 1 බලල,අතේ තිබුන සිකරට් කොටේ විසිකරලා කරට අතක් දාගත්තු විදිය.කව්ද හිතුවේ ඒ අපි හම්බුවෙන අවසාන වතාව කියල!
    ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  27. නොඑන ගමන් ගිය ඔබා මාමේ, ඔබේ අඩුව හුගාක් දැනෙයි අපිට

    ReplyDelete
  28. මනුස්සයෙක් ජීවත් වෙලා ඉද්දී, ඌව මුණගැහුණම, බීලයි, බොනවයි, අරකයි, මේකයි කිය කිය වචනයක්වත් කතා නොකර උද්දච්චකම් දාපු "මිනිස්සු"...
    ඒ මනුස්සයා මැරුණාම, "අනේ මට දුකයි... අහෝ, මට කතා කරන්නවත් බැරි උනානේ!!!" කියමින් ලිපි ලිවීම තරම් විහිළුවක් තවත් නොදකිමි......

    මිනිස්සු මෙච්චරම බොල් ඇයි???

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කතා කරන්න බැරි වුනේ බීපු නිසා නෙමෙයි මම පරක්කු වෙලා ආපු නිසා සහ වේලපහින් ගිය නිසා මට හිනා යන්නේ මේ මිනිස්සු වැරද්දක් කියන්න විතරක් කමෙන්ට් එකක් දාන්න එන එක ගැන . ශික්

      Delete
    3. මම ඔබා ගැන මගේ පෝස්ට් එක දැම්මේ ඔබාව හෝ ඔබාගෙ කමෙන්ට් විකුනන පෝස්ට් ගැන කලකිරිලා. රනාගෙ කතාවට නම් මම සම්පූර්ණයෙක් එකඟයි.

      Delete
    4. මම විතරක්ලු නේද දාලා තියෙන්නේ? හා

      Delete
    5. කොහොමත් පරක්කුවෙලා එන එක ඔයාගේ ජන්ම පුරුද්දක්නේ වර්ණා...
      ඔයා සාමාන්‍යයෙන් උදේ 8ට එන්න ඕනේ තැනට එන්නේ 10ට...
      උදේ 10ට එන්න ඕනේ තැනට එන්නේ දවල් 1ට...
      දවල් එකට යන්න ඕනේ තැනකට යන්නේ හවස කීයටද කියලා දන්නේ ඔයාම විතරයි...
      ඉතිං එහෙම වෙද්දී, දන්න කියන අය එක්ක කතා කරන්න තියෙන වෙලාව අඩුවෙනවා තමා....
      මොකද අනිත් මිනිස්සු ඔයා එනකම් බලාගෙන ඉන්නේ නැහැනේ වැඩ පටන්ගන්න....
      ඒකයි ඇත්ත තත්වේ....

      අනික කොච්චර පරක්කුවෙලා තැනකට ආවත්, ඔයාගේ ප්‍රමාදය ගැන "සොරි" කියලා කියන්න තරම්වත් ඔයාගේ දිව නැමෙන්නේ නැහැනේ වර්ණා....
      ඒක ලොකු අඩුපාඩුවක් නේද....

      ඒ අඩුපාඩු හදාගන්න එක ඔයාට බාරයි...
      දැක්ක අවුලක් කෙළිං කියන එක මගේ පුරුද්දක්...

      ජය වේවා!!!

      Delete
    6. මම හිතන්නෙ රනා මේ කියන්නෙ ගාලු ගමනෙන් (අනිත් බස් එකේ අය) ලබපු පට්ට සිරා අත්දැකීම ගැන වෙන්න ඕනෙ. මොනා උනත් එදා කීදෙනෙක් නම් ඉවසීම ප්‍රගුණ කරන්න ඇද්ද? වෙලාවට අපි ඔක්කොම අනිත් බස් එකේ ගියේ. :D

      Delete
    7. මේ වැරදි පෙන්වාදෙන්නට එන බලකාය පරිපූර්ණ මනුශ්‍යයන් බවට උපකල්පනය කරන්නට සිදුවේ!

      Delete
    8. ඔව් එයාලා පරිපුර්ණ අය. :)))

      Delete
  29. ණන් ගන්න එපා වර්ණා.ඔබා මහත්තයා සිහිපත් කරන්න ඔයාට අයිතියක් තියෙනවා.මටතියෙන ප්‍රශ්නේ තමා ඔබා මහත්තයා නැවත අප අතෙරේම ඉපදේවා කියල යේසුස් වහන්සේගෙන් ඉල්ලලා වැඩක් නැහැ නේද.කතෝලික දහමේ නැවත උප්පත්තිය ගැන කතා කරන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. කතා කරනවා. ඇයි අපි ජේසුස් වහන්සේ නැවත වඩිනකම් බලාගෙන ඉන්නවා.

      Delete
    2. අනික ආගමික පැත්තෙන් නෙමෙයි සුන්දර මිනිසෙකු වශයෙන් ඔබා මාමා නැවත ඉපදෙනා තුරු අපි බලාගෙන ඉන්නවා

      Delete
    3. නැවත ඉපදිම ඔබේ ආගමේ ඔබ පිලිගන්නවාද? නැද්ද ?

      Delete
    4. ආගමේ පිළිගන්නේ නෑ මිනිස්සු නැවත ඉපදීම ගැන. එත් මම පිලිගන්නවා. මම දෙවියන්ගෙන් ඉල්ලනවා. ආගමක් කියන්නේ පොතේ තියෙන දේම කරන්න කියලා නෙමෙයි කියලයි අම්ම හිතන්නේ. එපමණයි

      Delete
    5. අම්මා නෙමෙයි එතනට මම විය යුතුයි

      Delete
  30. උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!

    ReplyDelete
  31. "ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"

    ඉතින් සොඳුරු ඔබා මාමේ..ඔබට නිවන් සුව..

    ReplyDelete
  32. මම එන්න කලින් ඔහු ගිහින්...

    ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete
  33. ආදරණිය ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete