Monday, May 14, 2012

ඉපදෙනා මතු මතුත් ඔබ මගේම වේවා


ලොවේ අනික් අම්මලා මෙන්ම
නොඑසේනම් ඊටද වඩා 
නුඹ දුක්විඳ
මා ලෙඩ ඇඳේ ගෙවූ කාලය
හතර වසරක සාපය 
නුඹ ඇඳ විට්ටමේ හිස ගසා
නිදිවැරු කාලය 
සිහිනෙන්ද එපා යලි අම්මේ.....

රෝහලේ ඇඳක් මත
මා ලොකු දැරියෙක් වූදා
වට තිර ඇද
පිරිමි ඇස් වලින් මා රැක
අම්මා කෙනෙකු ලෙස 
ඔබ ලතවූ අයුරු 
සිහිනයක් නොවේමයි අම්මේ.....

පියාණන් නොසිටි ගෙයි 
නුඹේ පා යුග වැළඳ 
ඔබේ පියසින් පිටව මගේම යැයි
කිසිවෙකු නොසිටි සබයක
අසරණ වූ දා
මං දුක් වුනා අම්මේ

එහෙත් ඔබ තවමත්'
නැගණියන්ගේ සිනා මැද
මගේ පංගුව සඟවා
පිළුණු වී කුණුවෙලා යනතුරුම
මග බලා ඉන්නවා 
පෙර සේම දයාබර ඇස් වලින් 
ආශිර්වාදය පතනවා ඉපදෙනා මතු මතුත්
මව්පිය ඔබම වේවා !
මං පැතුම් පතනවා අම්මේ..........

46 comments:

  1. කියන්න වචන මදි .. :'(

    ReplyDelete
  2. අනේ ඇස් වලට කඳුලු ආවා ඇත්තමයි වර්ණා

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කා කමෙන්ටුවට

      Delete
  3. තමන් වැදූ දරුවන් වෙනුවෙන්....මිලකල නොහැකි කැපවිමක් කලෝ දෙමාපියන්මය...

    ReplyDelete
  4. අම්මා.... ගුණ කද කෙසේ කියා නිම කරන්නද................

    ReplyDelete
  5. අමිමා කියන වචනේ තේරුමවත් නොදන්න සමහර ...ජාතකයින් ඉන්න ලෝකයක් අද මෙික. මවිවරුන්ගේ දිනයට විතරක් අමිමාවරුවන්ව මතක් වෙන සමාජයක තමන්ගේ අමිමා ගැන ලියුව කවිය නමි ඔිනම කෙනෙක්ට වටිනවා වර්ණා. හැමදාම වගේ නියමයි...!!!

    ReplyDelete
  6. මව් සෙනෙහස උතුරා යන කවක්…. ලස්සනයි වර්ණා

    ReplyDelete
  7. මම කිව්වානෙ වර්ණෝ මේක කියවපු මුල්ම වතාව්වෙම, මේක පුදුම ලස්සන කවි පන්තියක්..:) සංවේදීයි!! ඇඟහිරිවැටිලා ගියා මම මේක කියවද්දි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති හිතු.

      Delete
  8. අම්මා මේ නිකම්ම අකුරු තුනක් නෙමෙයි

    ReplyDelete
  9. ලස්සන කවි පෙලක් වර්ණා නංගියේ.. අම්මා ගැන කොච්චර ලිවුවත් මදි..

    ReplyDelete
  10. ලස්සන සංවේදී නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අසාර්

      Delete
  11. හරිම ලස්සනයි නංගෝ..ඒ වගේම දුකයි

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කා කමෙන්ටුවට

      Delete
  12. ලොව අගනා සියලු දේ බිහිවනුයේ මවකගේ කිරිවලින් සහ හිරුගේ රැස් වලිනි.(මක්සිම් ගෝර්කි)

    ශෝකී රිද්මයක් තියෙන ලස්සන කවියක්....

    ReplyDelete
  13. සමනල කන්ද මුදුනට නැගලා බැලුවත් ඊට වඩා උසින් පෙනේ ඒ මවු සෙනෙහේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එවන් වූ ගුණ කඳක් ඇත්තෝ අම්මාම වන්නෝය

      Delete
  14. අම්මා,ලෝකේ මම වැඩිපුරම ආදරේ කරන කාන්තාව බුදුන්ට පස්සේ මගේ දුක වැඩිපුරම තේරුම ගත් කෙනා
    කවිය හුගක් ලස්සනය්, මගේ හිතත් උණු උනා

    ReplyDelete
    Replies
    1. අම්මා ට විතරයි අපේ දුක තේරුම්ගන්න පුළුවන් . එක ඇත්ත

      Delete
  15. //..ඉපදෙනා මතු මතුත් මව්පිය ඔබම වේවා !
    මං පැතුම් පතනවා අම්මේ..//

    කියන්න වචන නැති තරම් හරිම සංවේදී ලස්සන කවියක් වර්ණා.

    ReplyDelete
  16. වර්ණා, මොකක්ද ඇත්තට මේ කතාව? ඔයා අවුරුදු හතරක් අසනීපයෙන් රෝහල්ගත වෙලා හිටියද ඇත්තටම? මටනම් තේරුණේ එහෙමයි... කියන්න අකමැත්තක් නැත්නම් කියන්නකො පොඩ්ඩක් විස්තර.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩි කාලේ... අම්මා තමයි ඒ හැම දේකදිම හිටියේ, ඇක්සිඩන්ට් වෙලා තාත්තාගේ අතින්ම අපේ වාහනේට. :(

      Delete
  17. උතුම් මව් සෙනෙහස පිළිබඳව සංවේදීයි අදහස් ටික... නියමයි වර්ණා..!

    ReplyDelete
  18. හිතු කිවුව වගේමයි,මගේ ඇඟත් හිරි වැටිලා ගියා.. ඇත්තටම පුදුමාකාර සංවේදියි

    ReplyDelete
    Replies
    1. මෙ පැත්තට සාදරයෙන් පිලිගනන්වා යාළුවා

      Delete
  19. ලස්සනයි නංගියෝ...ඒ ඔයා ලියපු වචන පුදුමාකාර විදියට හිතට දැනෙනවා.

    ReplyDelete
  20. අම්මගැන,
    කියලඉවරකරන්නබෑ

    ReplyDelete
  21. ඇත්තට ම ලස්සනයි අක්කේ.. ගොඩක් කාලෙකින් මේ පැත්තේ ආවේ!
    එක ප්‍රශ්නයක් තියෙනවා අක්කේ..
    අම්මා ගැන හිතන්න එක දවසක් වෙන් කළා ම ඇති ද?

    ReplyDelete
  22. අම්මාගේ ආදරය කියන දේට උපමා කරන්න දෙයක් මේ ලෝකේ කොහේවත් නැනේ....හුගක් හිතට දැනෙන ලස්සන සංවේදී නිර්මානයක් නංගියෝ...

    ReplyDelete
  23. අපේ අම්ම වගේම අම්ම කෙනෙක්.. මතු බුදුවෙන.

    ReplyDelete
  24. වචනනම් නෑ කියන්න...කදුලු ආවෙ ඉබේටම..ලස්සනයි ගොඩක්ම අක්කේ

    ReplyDelete
  25. වචනෙකිත් කොහොම කියන්නද...ගොඩක් ලස්සනයි

    ReplyDelete
  26. සොඳුරැ පද පෙළක්. ගොඩක් සංවේදීයි..

    ReplyDelete
  27. හරිම ලස්සනයි නංගි මගේ අම්මා වගේමයි..අපි වාසනාවන්තයි මෙහෙම අම්මලා ලබන්න...ඔයාවයි ඔයාගේ අම්මිවයි මම දන්නවා...

    ReplyDelete