Friday, May 18, 2012

___ඔබට ජය___




කොතෙක් සෝ සුසුම් මැද වුවත් අදත් නන්නත්තාරයේ ඇවිද නොයන සිත හිරු එලියට පෙම් කරයි. අනාදරයට නිගා කරන්නටත් ආදරයට ගරු කරන්නටත් මා උගත්තේ බොහෝ කලකට පෙරයි. ඒ සිප් හද රඳවා ගෙන මා පැමිණියේ සිය ගණන් අතුරු පාරවල් ඇති මාවතකයි. ආ දිගු මග යන මා වත ධෛර්ය සඳහා සුභ පතුවේද නැත. එහෙත් මම යමි. කෙළවරක් නොපෙනෙන මාවතක පහන් සිලක්‌ සොයා මම යමි.බොහෝ විට බොහෝ දෙනා කලබලයෙන් මා අමතක කළහ.එවිට ඒ වේදනාව පන්හිද අග හඬ නගන්නට විය. කාලය ඉක්මනින් ඒ හඬ යටපත් කළේය.මගේ ජිවිතයේ නොයෙක් සොම්නස් හා දොම්නස් සහගත දිනයන් විය. ඒ හැම දිනයන්හිදී නෙළුම්මල් දෝතක් සේ ඔබ මා අසලම විය. වසත් කල ආරම්භ වූ ලෝකය උඩු යටිකුරු විය. එතෙක් මිහිරි ස්වර වැයූ වීණාවේ තත්  බිඳී ගියහ.පරිසරය අන්ධකාරයෙන් ගිලෙන්නට විය.දෑස විවර කරගෙන සිටියද අන්ධකාරයේ මට කිසිවක් නොපෙනුණි. ඔබව කවුදෝ පිරිසක් විසින් මගෙන් වෙන් කලෝය. ඒ පිරිසට අදද මම වෛර කරමි...
         රෑ මැදියමේ නොනිදා සිටින කල මා අසලව හිඳ සඳරැස් අතරින් මා සැනසූ ඇයගේ රුව දෙස මම එබී බැලුවෙමි. ළදරු වියේදීද ඉන් පසුවද මා අසලම හුන් මා මෑණියන් මගේ දෙනෙත් තුලත් හදවත තුලත් ආත්මය පුරාමත් සිටිනු මම එවිට දුටුවෙමි. ඇය වෙනුවෙන් මම ජිවත් වුනෙමි. ඔබ මට කිසිදා අමතක නොවෙයි. කාර්යබහුලත්වයේ ජීවිතය සඟවා ඔබ අමතක කිරීමට මම වෙර දැරුවෙමි.එහෙත් අද ඔබ මගෙන් යන්නටම ගොසින්ය. වහා හිස පය ගිහිගත්තෙකු සේ ඔබව හැමතැනම මම සෙව්වෙමි. එහෙත් ඔබ සිටියේ නැත. ඉතින් මම ඔබව නොසොයන්නට සිතා ගතිමි. ඔබ වෙන් කෙනෙකුගේ විය. ඔබ මට ආදරේ කලේ හදවතින්ම යැයි මම දනිමි. එහෙත් ඔබ අසරණ වූදා මමද අසරණ වුනෙමි. 
                                                                    පමාවී මම අද ඔබට සුභ පතන්නෙමි. මෙ සුභ පැතුම හෙට ඔබේ සිහිනයට පියාපත් යුවලක් වනු ඇත.ඔබට මග පවසන මිතුරු තරුවක්ද වනු ඇත. නව ජීවිතය ඔබ දේපල සාර්ථකත්වයේ මිනිසුන් කෙරේවා කියා සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි. අන් හැම භාවයකදිම ඔබ ඇගේම වේවා කියලා මා පතන්නෙමි. ඉතින් ඔබට සමු දී මම යන්නෙමි. ඔබ වෙනුවෙන් හැමදා දැල්වූ ඒ ඉටි පන්දම නිවා මම යන්නෙමි. ඔබට ජය............... 
අහස නපුරුයි 
අදත් අදුරුයි
ඔබ සඳමමැයි 
අදත් නොපෙනෙයි
හිනා තොට ළඟ 
ඔබ කඳුළු බිඳුවයි
ඔහු සිනාවයි
කඳුළු පිසලයි
ඔබේ මතකය
මසිත රිද්දයි..............



79 comments:

  1. ඇත්ත ජීවන අත්දැකීමක්ද වර්ණා ?
    හුගක් සංවේදී විදියට ලියල තියෙනවා ....

    ReplyDelete
  2. මට නම් මොකුත් තේරුනේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. කෙටියෙන්ම කියුවොත් මගේ පළමු සහ අවසාන පෙම්වතා යුග දිවියට පිවිසිලා :)

      Delete
    2. දැනුයි තේරුනේ.. පළවෙනිසැරේ මට හිතුනේ අම්මා ඕගොල්ලන්ව දාලා ගිහින් කියලා.. ඒකයි තේරුනේ නෑ කියලම දැම්මෙ..

      ඇත්තටම ආදරය කළාම දුකයි තමයි.. ඒත් ආදරයෙන් දෙපාරක් පැරදුනත් දුක් වෙන්න කාරි නෑ.. කවුද දන්නෙ ඒ දෙදෙනාටම වඩා හොඳ කෙනෙක් ලැබේවිද කියලා..

      Delete
    3. අයියෝ දෙන්නෙක් නෑ. එක්කෙනයි

      Delete
  3. හුඟාක් සංවේදී විදියට ලියල තියෙනව අක්කෝ.......:‘(

    ReplyDelete
  4. මිහිරි ඉමිහිරි මතකයන්.

    ReplyDelete
  5. ගොඩක් දුකයි නංගි..ඒත් මේ වගේ දේවල් නිසා අපේ ජිවිත තවත් ශක්තිමත් වෙනව.දුක දරාගැනිමේ ශක්තිය වැඩි කරගන්න ඕනෙ අපි..හමු විම් වෙන්විම් අපේ ජිවිත වල එමටයි..ලේසියෙන් කෙනෙකුට බෑ තමන් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් ගේ උනාම එයාට මේ විදියට සුභ පතන්න ඒත් ඔයා ඒක කලා.හිනාවෙන් කට පුරවගෙන උන්නු චුටි කෙල්ලගේ හිතේ මේ වගේ දුකක් තිබුනා කියලා මම දැනුයි දන්නෙ.ඔයාගේ ප්‍රාර්ථනාව හොඳ නිසා ඔයාට වරදින්නෙ නෑ වර්ණා නංගි...

    ReplyDelete
    Replies
    1. අක්කි ව මම පොඩි කාලේ ඉඳන්මනේ දන්නේ :)
      ගොඩාක් ස්තුති අක්කේ. මමත් හැමවෙලේම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මට මේ හැමදෙයක්ම දරාගන්න ශක්තිය දෙන්න කියලා තමයි

      Delete
  6. සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රජතුමෙනි

      Delete
  7. සදාකාලික නොවූ ලෝකෙක
    සදාකාලික ප්‍රේමයක්..........??????????

    ReplyDelete
  8. අත්දෑකීමක් නේද...
    හැම දේටම හොදින් මුහුණ දෙන්න නංගීටත් ජය.
    :)

    ReplyDelete
  9. //කෙටියෙන්ම කියුවොත් මගේ පළමු සහ අවසාන පෙම්වතා යුග දිවියට පිවිසිලා :)//

    අවසාන පෙම්වතා???????????????

    ReplyDelete
  10. //..අහස නපුරුයි
    අදත් අදුරුයි
    ඔබ සඳමමැයි
    අදත් නොපෙනෙයි..//

    ලැබෙන ආදරේට වඩා නොලැබෙන ආදරේ ගොඩක් උතුම්ලු අක්කි.ඔයාට පුළුවන් වුනානේ එයාට සුභ පතන්නත්.සතුටින් ඉන්න අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මමත් උත්සහා කරන්නේ එකට නංගි. බලමුකෝ දෙවියෝ මගේ ජිවිත එක්ක සෙල්ලම් කරන එක කවදා නවත්තයිද කියලා. එතකන් මම සටන් කරානවා

      Delete
  11. වර්ණා අක්කියෝ...
    ආදරය කියන්නෙ ලබාගැනීම නෙමෙයි මට වඩා ඒක ඔයා දන්නව ඇති. ඒකනෙ මේවගේ ප්‍රාර්ථනාවක්

    නව ජීවිතය ඔබ දේපල සාර්ථකත්වයේ මිනිසුන් කෙරේවා කියා සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි. අන් හැම භාවයකදිම ඔබ ඇගේම වේවා කියලා මා පතන්නෙමි.ඔයාගෙ ප්‍රාර්ථනාවට නම් කදුලුත් ආවා.

    පළමු සහ අවසාන පෙම්වතා මේ වචන ටිකෙන් ඔයා කිව්වෙ ආදරය කියන්නෙ ලබාගැනීම නෙමෙයි කියලයි මටනම් හිතුනෙ.ආදරය නැතිවුනත් ජීවිතේ නැතිවෙනකම් ආදරය කරන්න..ඔයාට වරදින එකක් නෑ.සුභ වේවා...

    ReplyDelete
    Replies
    1. එකම පෙම්වති හිටියේ නගෝ. පළමු පෙම ඔහුමයි අවසාන පෙමත් ඔහුමයි

      Delete
  12. ජීවිතේ අපි හිතන බලාපොරොත්තු වෙන හැම දේම අපිට ලැබෙන්නෙ නෑ.. ඒ වාසනාව හින්දද, එහෙමත් නැත්නං වෙන මොකවත්ද කියල නම් තේරෙන්නේ නෑ.. ඒත් අපි බලාපොරොත්තුවෙන දේට අපි ගොඩාක් ආසයි නං, ආදරෙයි නං අපි‍ට කොච්චර උනත් ඒ දේට හානියක් වෙනව දකින්න/ කරන්න බෑ.. මේක කියෙව්වාම මට හිතුනේ එහෙම හිතෙන්නේ මට විතරක්ම නෙවෙයි කියලා..
    "ඔබෙ සැප මගේ සතුටයි.."

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ගොඩාක් ස්තුති කමෙන්ටුවට. ආදරේ කරන කෙනා කොහේ හරි සතුටින් ඉන්නවානම් ඒ ඇති

      Delete
  13. තනිකඩව ඉන්නද කල්පනාව...? හැබැයි ගෑණු ළමයෙකුට ඒක ලේසි වැඩක් නෙවෙයි.

    අනික ඔය විරහ වේදනාව කියන්නෙ ලව් එකක සාරයට...

    ReplyDelete
    Replies
    1. බලමු. පුළුවන් කාලයක් ඉන්නවා

      Delete
  14. ඔයාගෙ හිතේ පුපුරුගහන දුකක් නෑ කියලා නම් මේ පෝස්ටුවෙන් පේනවා..
    පරණ වේලිලා ගිය තුවාල වලට ඇඟිලි ගහන්න එපා නගේ..
    ඇවිස්සුනාම හරිම වේදනයි..

    ReplyDelete
    Replies
    1. වේදනාව නම් එහෙම්මමයි අක්කේ. තුවාලේ මාව හොයාගෙන ආවා. නැතුව මම හෙව්වේ නැහැ . :(

      Delete
  15. අමුතුවෙන් මේ ගැන කියන්න ඕනි නෑ...මේ වෙලාවෙ ඔයාට දැනෙන හිතෙන දේවල් මම හොදට දන්නවා....
    හ්ම්....හිත ශක්තිමත් කරගන්න....තව ගොඩක් දුර යන්න තියනවා...ජීවිතේ පටන් ගත්තා විතරයි....

    ReplyDelete
    Replies
    1. එයාත් කියුවේ ඕකමයි. ඔයා ජිවිතේ පටන් ගත්තා විතරයි. තව ගොඩාක් දුර යන්න තියෙනවා කියලා

      Delete
  16. හ්ම්ම්ම්ම්ම්ම්ම්............

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  17. වේදනා කාරී හැගීමක් ...එත් විස්වාස කරන්න ..අපේ ජිවිත වලට නිතරම හොදම දේ හොදම විදියට සිදු වේවි ... හැගීම්බරයි ,ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මමත් හිතනාවා. බලමුකෝ

      Delete
  18. මගෙ කඳුලින් නිමා වූ මාවතේ
    ඇය සමගින් ඔබ මන්දහාසෙන් යන ගමනේ
    මගේ යුග නෙත ඔබට හිරු සඳු වේවා !!!

    සින්දුවක වචනයක් වෙනස් කළා නංගිගෙ පෝස්ට් එකට ගැලපෙන්න.
    මේක කියෙව්වාම හිතට ආවෙ දුකක්. ඒත් ඊට වඩා ඔයා කොයි තරම් හොඳද කියලා හිතුණා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,,,,,,,,,,,,,,,,,,,,,

      Delete
    2. හ්ම්ම් බොහොම ස්තුති මගේ අක්කේ....

      Delete
  19. මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි...

    අහිමි වූ දේට වඩා හොඳ දෙයක් අනාගතයේදී හමුවීම ජීවතයේ ස්වභාවයයි. ඕක මම තදින්ම විශ්වාස කරන දෙයක්. අනිත් එක සියල්ල වෙන්නෙ හොඳට.

    අනාගතයට සූදානම් වන්න.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම මට ගොඩාක් වටීවි සහෝ...

      Delete
  20. දන්නවද මේක කියවද්දි මට හරිම බය හිතුනා, අනාගතේ දවසක මටත් මෙහෙම අත්දැකීමකට මූන දෙන්න වුනොත් කියලා හිත ගැස්සිලා ගියා.. අහිමි වුනු කෙනෙක් ව්එනුවෙන්, ආදරයක් වෙනුවෙන් වචන එකතු කරන්න ලේසියි, ඒත් අහිමි වුනු කෙනෙක්, ආදරයක් තව කෙනෙක්ට හිමි වෙද්දි වචන එකතු කරන්න හරි අමාරුයි!!!

    ජීවිතේට මූන දෙන්න වර්ණා.. දෛවය නතර කරන තැන් වලදි නැවතීම හැර වෙන මාරගයක් නෑ.. ඒ මාර්ගයත් දෛවයම පෙන්වයි.. එතකන් බලන් ඉන්න... කාලයට ඉඩ දීලා

    ReplyDelete
    Replies
    1. මමත් නැවතිලා ඉන්නේ දැන් හිතු.. යන මාර්ගයක් හිතා ගන්න බෑ මට. එක දෛවයම මට හොයලා දෙනකම් මම බලාගෙන ඉන්නවා

      Delete
  21. මේ ගැන මම හැමදාම කිව්වේ එකම දේ නේ. අද මූණු පොතේ කිව්වෙත් ඒකමයි. ආයෙත් එකම කිව්වා කියලා හිතට ගන්න. හැබැයි කවුරු කොච්චර කිව්වත් ඕක මත්තෙම එල්ලිලා විඳවන එක හෝ එතනින් එහාට යන එක තියෙන්නේ ඔයාගේ අතේ.

    ReplyDelete
    Replies
    1. නෑ දුක හිතේ දොරේ ගැලුවට මම මගේ ජිවිතේ විනාශ කරගන්නේ නෑ.. මට අයියා මල්ලි අම්මි ගැන හිතන්න තියෙනවා..

      Delete
  22. මොකක්ද කියන්නේ.හිත හැදෙන්න කියනද?නැත්නම් ඇත්තම කියන්නද? අත්තමනම් මේ දේට මුහුණ දුන්නු අවසාන කෙනත් ඔයා නෙවෙයි පළමු කෙනාත් ඔයා නෙවෙයි.ඊටත් වැඩ හොඳ කෙනෙක් ලැබුනොත් මේ හැම දෙයක්ම අමතක කරලා අලුත් ජිවිතයක් පටන් ගන්න ලැබේවි. එතකන් ඉවසන්න.

    ReplyDelete
    Replies
    1. ඔහු හැමදේටම වඩා මට හොඳම පුද්ගලයා වෙලයි හිටියේ. ඊට වැඩියේ හොඳ කෙනෙක්? බලමු එහෙම කෙනෙක් සිටියොත් හමුවේවි

      Delete
  23. මට මතකයි මම වර්ණා අදුන ගත්ත මුල්ම කාලේ ඔයා මට මේ දේ කියාලා තියෙනවා.. බැදීම් ඇති වෙනවා නැති වෙනවා.. ඒ නිසා දුක් වෙන්න එපා.. ඒත් මේ අවසානයයි කියලා හිතන්න එපා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව අයියාට කියුවා මට මතකයි. ලස්සන ආරම්භයක් එනකම් මම ඉවසනවා

      Delete
  24. අතීතය අවුස්සාගෙන වේදනා විඳින්නේ අහවල් දේකටද? ජීවිතේ හොඳම හරුය තව ඉස්සරහටයි, ඒ නිසා ඔය ගැන හිතන්නෙපා!

    ReplyDelete
    Replies
    1. මම මේ හිතක් එක්ක කරන සටනක් අමතක කරන්න.. මම ජය ගන්නවාමයි..

      Delete
  25. ආදරේ..හැම දේකටම හේතුව ඒක. අනේ මන්දා වචනවලින් විස්තර කරන්න බෑ ඒක.
    ඒත් ඇයි අක්කට එහෙම වුනේ.හිතාගන්න බෑ මට.

    එයා හදවතින්ම ආදරේ කලා කියලා තාමත් අක්කා හිතනවද

    හිත හැදෙන්න මොනවද කියන්න ඕනෙ කියලා හිතාගන්න බෑ.

    ඒත් කියන්නම්,
    මතකයන් අමතක කරන්න හදන්නෙ නැතුව ඒවට ඉන්න ඉඩදෙන්න හිතේ.ඒවා හිස් කියලා හිතන්න උත්සහ කරන්න.

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ආදරේ කළා මල්ලියේ. කසාද බඳින මොහොතේත් මාව මතක් කළා. ඔහු අසරණයි.
      ඔව් හිස් දේවල් වලට මගේ හිතේ ඉඩක් නැහැ මල්ලියෝ

      Delete
  26. The Gods may throw a dice
    Their minds as cold as ice
    Someone way down here
    Loses someone dear...
    (ABBA)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. The winner takes it all
      The loser has to fall
      It's simple and it's plain
      Why should I complain.

      Delete
  27. හිතන්න එපා කෙල්ලේ. හැමදේම හරියයි. ඔයාට ගැල පෙනම කෙනා ඔයාගේ දෙවියන් වහන්සේ ඔයා ලගට එවයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අම්මි කියුවෙත් ඕකමයි :)

      Delete
  28. ආ මග කෙටියි... යා යුතු මග දුරයි. අතීතය වල දාන්න. ජීවිතයේ අලුත් පුනරුප්පත්තියකට පස්මහ බැලුම් බලන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් බොහොම ස්තුති දිරිගැන්වීමට සහෝ

      Delete
  29. දුක හිතෙන කතාවක්. අමතක කරන්න කියලා නම් කියන්නේ නෑ මම. ඒ එහෙම කරන්න බැහැ කියලා දන්න නිසා.ජය...!

    ReplyDelete
  30. සමහරුන්ට ආදරේ කරන කෙනාම නෙවේ එකට ජීවත් වෙන්න සුදුසු කෙනා වෙන්නෙ.....
    සමහරු මේ ඇත්තට මූන දෙන්න අකමැතී...ඒක පිලිගන්න ඊටත් වඩා අකමැතී....
    සමහරු තමන්ගෙ අකමැත්ත දෙමාපියන් පිටින් එහෙමත් නැත් නම් වෙන වෙන දේ පිටින් තියල පෙන්වනව......
    මම හිතන්නෙ දෙන්නෙක් හදවතින්ම ඇත්තටම එක්වෙන්න..ජීවිතේ මැරෙන තුරු එකට ගත කරන්න බලාගෙන ආදරේ කරනවා නම්...මේ ලෝකෙ කිසිම කෙනෙක් හෝ කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.......කාලයට ඉඩ දෙන්න වර්නා...ඔයාගෙ හිත ඉක්මනින් සුවපත් වෙන්න පතමි..

    ReplyDelete
    Replies
    1. "සමහරු තමන්ගෙ අකමැත්ත දෙමාපියන් පිටින් එහෙමත් නැත් නම් වෙන වෙන දේ පිටින් තියල පෙන්වනව.."

      In my case මම මේක පිළිගන්නේ නැහැ. මොකද ඒ දෙමව්පියන් මා ඉදිරියෙදිමයි ඔහුට තීරණය කරන්න කියුවේ... ඒ වගේ අවස්තාවක් මේ ලෝකේ කාටවත් උදාවෙන්න එපා කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා..

      ස්තුති කිරිල්ලි හැමදාම වගේ ඔයාගේ අදහස් මට ගොඩාක් වටිනවා

      Delete
    2. ඔයා දන්නවා කාලයක් මට සිද්ද වෙලා තිබුන ප්‍රශ්නේ.එත අද ඒ කිසි දෙයක් නොවුන ගානට ඉන්නවා.එත් මම කවදාවත් බඳින්නේ නෑ කියන මතේ හිටියේ නෑ.

      Delete
  31. "ආලේ බිඳුන දා කුමකට කඳුලු හෙලනු සකි
    ආල වඩන යන තේරුම බෝසත් කම සකි"

    අද නැතිවුන සමහර දේවල් ඒ තරම්ම වටින්නේ නෑ කියලා ජීවිතේ කාලයක් ගියාම ඔයාට හිතෙයි නංගෝ..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවානම් ලොකු දෙයක් අක්කේ. එත් :"(

      Delete
    2. පුංචිට මම ඔය කතාව කිව්වම පිළිගත්තෙ නෑ නේද ? මට ලියන්ඩ හම්බෙන්නෑ කියලා කම්පාත් වුනා නේද ? මාසයක්වත් ගිහින් නැනේ.. :-)

      ජයම පතමි !!!

      Delete
  32. පසුගිය අතීතයේ දුක්බර සිදුවීම් විහිලු වෙන දවසක් ඔබට ඒවි වර්ණා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එදාට මම සතුටු වෙයි අද දුක් වෙනවා වගේම :

      Delete
    2. අන්න හරි.. ඒක තමයි කතාව.. දවසක ඔයා කටකොනින් මේවට හිනා වෙනවා. අනිවා..

      Delete
  33. :((

    විරහවත් රසයක්ලු....හැම දේම වටින අත්දැකීමක් නඟා...අහිමි උනත් හදවතින්ම සුබ පතන ඔයා ගැන සතුටුයි...

    ReplyDelete
  34. කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.අකුරු වැරදිලා තියෙන විදිහෙන් තේරෙනවා ගොඩක් අමාරුවෙන් පෝස්ට් එක ලිව්වයි කියලා.

    මොනවා වුනත් නගේ ඔයා තනිකඩව ඉන්නවා කියලා හිතන එක වෙනස් වෙන දවසක් ඒවි.එතකල් ඉවසන්න.

    ReplyDelete
  35. ආදරයේදී අපිටේ එක නොලබුනාම දුකක් තමා නංගෝ..යන ආදරයට අපි හදවතින්ම සුබ පතන්න වෙනවා..හොද කෙනෙකට කවදාවත්ම වරදක් වෙන එකක් නැ නංගෝ...ඔය උනපු කදුළු වලට හිනා වෙන්න දවසක් ලගදීම ඒවි...කාලය කියනදේ හැමදේටම විසදුමක් දෙවි..ඉවසීම තමා කරන්න වෙන්නේ..:(
    තුවාල උන හදවත ඉක්මනින්ම සුවපත් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගෝ...!!!

    ReplyDelete
  36. සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවෙති
    එක් වූ පෙම්වතුන් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙති
    වෙන් ව ගිය වුන් සදාකල්හි ම
    සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් වෙති..

    හිත හදා ගන්න බලන්න අක්කේ!

    ReplyDelete
  37. ඔබටත් ජය වර්ණෝ !!!

    ReplyDelete
  38. අනේ මන්දා අක්කෝ... :0

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹට පිස්සුද බං, උඹ අර උඩත් කමෙන්ට් කරල තියෙන්නෙ.

      Delete
  39. මා මේ අද විඳින දුකේම එක කොටසක් ඔබ මේ විදින්නේ.හිත හදාගන්න සහෝදරී....ඔයිට වැඩිය දෙවල් මිනිස්සුන්ට වෙනවා.මට වන් දුකක් ඔබට නොවීම ගැන මම නම් සතුටු වෙනවා.

    ReplyDelete