Sunday, June 3, 2012

නින්දෙන් ඇවිදිනවද?




හීනෙන් ඇවිදීම ගැන මොනවද කියන්න දන්නේ? ඔයාලටත් අත්දැකීම් තියෙනවද? මගේ දැනීමේ හැටියට මෙය මානසික ආබාධයක්. 
අපි නිදාගනිද්දි මෙම නින්දට  අවධි කිහිපයක් තියෙනවා.REM   (rapid eye movement) ඇස් චලනයකින් සිද්දවෙන නින්ද සහ තද නින්ද. තද නින්දේදී සාමන්යෙන් හීන පේනවා අඩුයි. REM තත්වයේදී තමයි අපිට හීන පෙනෙන්නේ. මෙය අපි නිදාගන්න පැය 6 කදී අවධි වශයෙන් තමයි සිද්දවෙන්නේ. මගේ දැනුමේ හැටියට මම ඔච්චරයි ඒ ගැන දන්නේ. මීට වඩා හෝ මේ දේ වැරදිනම් දැනුවත් කරන ලෙස ඉල්ලනවා..


සාමන්යෙන් හීනෙන් ඇවිදීම සිදුවෙන්නේ(somnambulism) අධික මහන්සිය , අඩු නින්ද, සාංකාව වැනි තත්ත්ව වලදී. ඒ වගේම මත්පැන්, වේදනානාශක හෝ වෙනයම් බෙහෙත් මගින් ද, මානසික අවපිඩනතාවය වැනි හේතු නිසාද හීනෙන් ඇවිදීම සිද්දවෙන්න පුළුවන්.


හෑ කස්ටිය බැලුවද මේ මොකො අද හදිස්සියෙන් මම මේ හීනෙන් ඇවිදීම ගැන කියන්නේ කියලා. ?
මේකයි මමත් හීනෙන් ඇවිදිනවෝ :(
පුංචි කාලෙත් හීනෙන් ඇවිදින නිසා අපේ ආගමේ පියතුමෙකුට කියලා ආශිර්වාද කරගෙන මොකක්ද මන්දා එකක් බෙල්ලේ එල්ලුවා. ඊට පස්සේ එක නැවතුනා..


පස්සේ කාලෙක ගිය අවූරුද්දේදි වගේ මට රෑට එක පාරම ඇහැරෙන සිද්දියක් තිබුනා.. pray කරලම ඒ ගතිය නැවතුනා. දැන් මේ සති තුනකට කලින් ඉඳං වගේ මම රෑට මහා හයියෙන් කෑ ගහනවාලු. සතෙක් කියලා කෑ ගහගෙන ඇඳෙන් නැගිටලා එලියට එනවාලු. නෙට් ඒකෙන් එලියට ආවට පස්සේ මට මතක් වෙනවා මම බය උනා කියලා මොකට හරි.. ඊට කලින් කිසි දෙයක් මතක නැහැ. දවසක් නැගිටලා සාලේ ඉඳගෙන ඉන්නවාලු. අපේ මල්ලි රෑට පාඩම් කරන නිසා එයා මාව දැකලා බය වෙලා. මම ආපහු ගිහින් නිදාගෙන. මටනම් මතක නැහැ ඒ කිසි දෙයක්. ඊට පස්සේ අපි පල්ලියට ගිහින් Bless කරවගත්තා.ඊයෙත් නැගිටලා මම අයන් එක දාලා දොරවල් ඇරලා. අම්මි උදේ කවුද දොර ඇරියේ කියලා අහද්දිත් මම නෙමෙයි නිසා මම මුකුත් කියුවේ නැහැ. අම්මි මල්ලිට බැන බැන හිටියේ. පස්සේ බලද්දී නෙට් එක ගලවලා මගේ ඇඳේ. අද තමයි මට ගොඩාක් බය හිතුනේ. මට කිසි දෙයක් මතක නැති නිසා. කෑ ගහන එකනම් හැමදාම කරනවාලු. මේ නිසා අපේ අම්මි හෙන දුකින් ඉන්නේ. පල්ලියේ පියතුමා කියුවේ හරි ගියේ නැත්තම් වෛද්‍යවරයෙක්ව හමුවෙන්න කියලා. එත් ඉතින් බයයි. 
මාරුවීමක්‌ නිසා මේදවස් වල මම බස් එකේ වැඩට යනවා එනවා. අපේ පුන්චිලා නම් කියන්නේ මහන්සිය නිසා වෙන්න ඇති කියලා. 
මේ ගැන ටිකක් දන්නා අය දැනුවත් කරන්න කියලා ඉල්ලනවා. වෛද්‍යවරයෙක්ව හමුවිය යුතුද යන්න..


මොකද මම සෑහෙන්න වැටිලා ඉන්නේ මේ නිසා. උදේ නැගිටින්නේ පුදුම බයකින් මම රෑ කොහේ කොහේ ගියාද කියලා බය හිතෙනවා. අනේ දන්නා කෙනෙක් දැනුවත් කරන්න. 


මගේ යාලුවෙක්නම් කියුවා අනේ උඹ මොනා කියලා කෑ ගැහුවත් මගේ නම කියන්නනම් එපා කියලා :පි


66 comments:

  1. සිහින සහ මනසේ ක්‍රියාකාරීත්වය හමුවේ තාමත් මනෝ විද්‍යාව ළදරු අවධියේ..ඒක නිසා හරිම පිලිතුරක් ලබා ගන්න බැරිවේවි

    ReplyDelete
  2. දෙයියනේ........................
    වර්ණා අක්කට කළු කුමාරයා ගහලා...
    මට හිතුනා කාටහරි ඕක වෙයි කියලා....
    විනාසයි...බ්ලොග් එකත් වහන්න වෙයිද මන්දා.. :(

    වෛද්‍යවරයෙක්ව හමුවියමයි.... :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ මොන කළු කුමාරයාද :./ කට කට :/
      :පි

      Delete
  3. ඉස්සරනම් ඕක ටිකක් ඩේන්ජරස් කේස් එකක්. ඔහොම නින්දෙන් ඇවිදින අය ගෙදර ළිඳේම වැටිල තියනවළු. ඒ වගේ අය නිදාගන්න කාමරේ දොර ළඟ තෙත ගෝනි දානවළු, පෑගුනාම නින්දෙන් ඇරෙන්න.
    මට නම් හිතෙන්නෙ සුව නින්දක් ලබන්න බැරි හිත සංසුන් නැති නිසා. නිදාගන්න කලින් භාවනාවක් වගේ හිත සැහැල්ලු වෙන සංසුන්වෙන දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඔයාලගෙ ආගමේ එහෙම දෙයක් තියනවද කියල මම දන්නෙ නෑ. කොහොම උනත් මම නම් කියන්නෙ හොඳම දේ ඩොක්ටර් කෙනෙක්ට කතා කරන එක. බය වෙන්න දෙයක් නෑ. අපි අද ගත කරන ජීවිතවල හැටියට ඔය වගේ ව්‍යාකූලතා ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. හොඳ වෛද්‍යවරයෙක්ට ඔය තත්ත්වයන් පහසුවෙන්ම සුව කරන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර සිකියූරිටි එලාම් එකක් තියෙන නිසා එලියට යද්දී ගෙදර අයට ඇහැරෙනවා. ඒ නිසා බයක් නෑ...
      ඔව් වෛද්‍ය වරක්ව හමුවෙන්න තමයි ඉන්නේ
      බොහොම ස්තුති අදහසට

      Delete
  4. වැඩි දෙයක් දන්නේ නෑ මමත්.. ඒත් ඔය සිද්දිවලට ප්‍රථිකාර කරන වෛද්‍යවරු ඉන්නවා.. හිත හිත ඉන්නේ නැතුව ඉක්මනට වෛද්‍යවරයෙක් හමුවෙන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා යන්න ඕනා. කාර්යබහුල නිසා යන්න බැරි උනේ

      Delete
  5. අනේ මන්දා.. ඩොක්ටර් කෙනෙක් හම්බවෙන එක තමයි හොද මට හිතෙන හැටියට නම්.

    ReplyDelete
  6. අනේ අක්කියෝ ,මම නම් ඔය ගැන ගොඩක් දේවල් නම් දන්නේ නැහැ.එත් එහෙම නින්දෙන් ඇවිදින අයගේ ඇද ගාව වතුර පොගවපු ගෝනියක්,පාපිස්සක් දාල තියනවලු. ඊළඟට , දොරේ යතුර වතුර පුරවපු බේසමක ,බාල්දියක දාල තියනවලු.. එතකොට ඇදෙන් නැගිටලා බහිද්දී පාපිස්සේ වතුරට එහෙමත් නැත්නම් දොරේ යතුර ගන්න බේසමට අත දැම්මම වතුර සීතල නිසා ඇහැරෙනවලු .පොඩ්ඩක් එහෙම වත් try කරලා බලන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඔව් නගෝ අම්මි පුටු වගයක් දාලා පාර හරස් කරලා තියෙන්නේ දැන්

      Delete
  7. උපකාරයක් කිරීමට හැකිවේව් ,මුහුනු පොතමගින් දැනුම් දෙන්නම්....

    ReplyDelete
  8. වර්ණා, හැමදාම නිදා ගන්න කලින් Pray කරන්න. එතකොට හිතට වගේම මානසිකවත් ශක්තියක් වෙවී. මොනවා උනත් රස්සාවට වඩා ඔයාගේ හිතේ ප්‍රශ්නයක් තියෙනවානමි ඒ ගැන කියලා හිත නිදහස් කර ගන්න පුලුවන් කෙනෙක්ට එක කියන්න. නින්දේදි ඇවිදින එක නමි ප්‍රශ්නයක් තමයි. එත් ඇත්තටම ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම ඔය ලෙඩෙි සනීප වෙන්න කියලා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු. ඔව් ප්‍රේ කරන එකනම් හැමදාම කරනවා...
      එක දිගට ප්‍රශ එන නිසා තමයි මේ හැම දෙයක්ම

      Delete
  9. බය වෙන්න දෙයක් නෑ වර්ණෝ. ඕක නිකම් මහනිසියට​...:)
    http://www.emedicinehealth.com/sleepwalking/page6_em.htm#Sleepwalking Treatment
    මගෙ නමත් කියන්නෙ ඕං..:P

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති යාලු මම කියෙව්වා

      Delete
  10. ඇඳ ලඟ තෙත ගෝනියක් දාගත්තනම් වැඩෙ ඉවරයි

    ReplyDelete
  11. ඩොක්ටර් කෙනෙක් හමුවෙන්න..
    කරන්න තියෙන හොඳම දේ ඒකයි.මම දන්න විදියටනම් නින්දෙන් ඇවිදින එක, නින්දෙන් ගොරවන එක ඖෂධිය ප්‍රතිකා‍ර වලින් සුව කරන්න පුළුවන්.
    ඒත් මේක මානසික ආබාධයක්නම් නෙවෙයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් හොඳයි. හැමදාම වගේ වෙනවා දැන් නම් පෙන්නන්න ඕනා

      Delete
  12. mata nam ninden wena wena de'wal thamayi wenne.

    ReplyDelete
  13. නංගියේ මමත් හිතන්නේ හොද වෙද්‍යවරයෙක් චැනල් කරලා මේ හැම දෙයක්ම කිවුවානම් හොදයි කියලා.. නිතරම වෙන දෙයක් නිසා මේ ගැන ටිකක් හිතුවොත් හොදයි වගේ..

    ReplyDelete
  14. හප්පේ...වහාම වයිද්‍යවරයෙක් හමු වෙන්න ඕන කියලා මටනම් හිතෙන්නේ....බල බල ඉන්න එක ඇඟට ගුණ නෑ

    ReplyDelete
  15. අනේ මන්දා මට හිතාගන්න බැහැ..මම දන්නෙත් නැහැ එ ගැන දෙයක්.. මම නම් හිතන්නේ වෛද්‍යවරයෙක් මුණ ගැසෙන එක හොදයි කියලා ..

    ReplyDelete
    Replies
    1. ඔව් පෙන්නන්න ඕනා තමයි :)

      Delete
  16. හපොයි.....අක්කෝ...

    මටත් පොඩි සිද්ධියක් මතක් වුනා...
    අපි කෑම්ප් ගිය සෙට් එකේ යාලුවෙක් හිටියා නින්දෙන් ඇවිදින...අපි කවුරුවත් සිද්ධිය දැනන් හිටියෙ නෑ...කොහොමහරි වෙලාවට මෙයා කලින් නිදාගෙන අපි නිදාගන්න හදනකොට නින්දෙන් ඇවිදගෙන එනව....එදා ඉඳල අපි එක්කෙනෙක් අනිවාර්යෙන්ම එයාගෙ කකුල තව කෙනෙක්ගෙ කකුලක ගැටගහගෙන ඇඳයට බිම හතරවටේට තෙත රෙදි දාල තමයි දොයිය ගත්තෙ.....

    ReplyDelete
    Replies
    1. මමත් වේලපහින් මේ දවස්වල නිදාගන්න නිසා මම කෑගහද්ද්දී අම්මිට ඇහෙනවා..
      ඔයාගේ යාලුවත් මං වගේ වෙන්න ඇති :පි

      Delete
  17. මම හිතන්නෙ වෛද්‍ය උපදෙස්/ප්‍රතිකාර ගත්තොත් හොඳයි. ඕවට සාර්තක ප්‍රතිකාර ඇති කියලා හිතෙනවා. ආගමික ප්‍රතිකාරත් ඒ ගමන්ම කරන්න. තාවකාලිකව, ඔක්කොම දොරවල් වල යතුරු වතුර එකක දාලා තිබ්බොත් කොහොමද. එතකොට ගන්ඩ අතදානකොට ඇහැරෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වෙනවදත් වඩා දැන් සිකියූරිටි එකක් දැන් දාලා තියෙන්නේ සහෝ..
      හැමදේම කරන්න ඕනා සුවවෙන නම්

      Delete
  18. අපේ මල්ලි කෙනෙකුත් ඔහොම හීනෙන් ඇවිදිනවා. මට නම් හිතෙන්නේ කාලයක් ගියහම ඔය ගතිය මගඇරේවි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් බලමුකෝ අයියා.. බෙහෙත් ගන්න එක හොඳයි

      Delete
  19. නොදන්නා නිසා උදව් කල නොහැක. අපේ කවුරුත් නැහැ මෙහෙම :(

    ReplyDelete
  20. හීන දැකීම රෝගයක් නෙවේ. ඒත් ඒක කරදරයක් වෙන තරමට තියනවනං වෛද්‍ය උ‍පදෙස් ගත්ත කියල වරදක් නෑ.

    ReplyDelete
  21. මට නිදා ගත්තාට පස්සේ හීනෙන් ඇවිදිනවා තියා මළාට නැගිට්ටවෙන්නේත් නැහැ උදේ එළිය වැටෙනකම්ම :D

    ReplyDelete
  22. watt 10 pamana viduth shakthiyak uthpadanaya wana minis molaya ethama wismaya janakay.brain waves >delta 1hz-4hz ,theta 4hz-7hz ,alpa 2hz-12hz ,beta12hz 38hz ,gamma40hz-70hz .UPADESHAKA oba thiranya karanna.hanikarahange nam athhrinna.1 door open karana wita elam ekak on wemata contect switch sawikaranna. wenama on off switch ekakuth sawikirimen> ninden awidagos dora arinawita pamanak elam kriyathmaka wimata yodhaganna. 2sensor switch sawikaranna awasya then walata (aloka wimurjaka diodes LDR)sihinen awidina wita sensor diode mathata sirure chaya wetimen swaynkriyawa elam kriyathmakawe.awsya nam door swayankriyawa agulu wetemata ninden awidina wita pamanak tuch swith pad awasya thenwalata sawikarnna.12volt dc transfommer yodanna. ninden awidina wita kriyathmakawimata dora langa tuch pad switch dama,ilakkawanase se watura widinayak sawikaranna .(herm ful.but its a solution)ninden awidina witama record patigathakala swayankriya wadanaya wimata sakas karanna.sensor switch, tuch pad ,contact switch bawithakara.gedhar ayta denum demata kramayak sakasanna. minisunta nopenena sium athma ,dusta athma,awathara.anduru athma sensor diode magin ,redar walin soyagatha hekiwe. pahasuma kramaya wanne sium athma wiya hekiya asee nowiyahekiya samaharawita swakiya chitha sannthanaya tulinma hatagath ho thaman wisin upadhawagath (sithiwili siyalla peratuwa gaman karai)situwili kalamana karanaya karanna.agama adhahimedi ho dukkaschapawima wahama nawathwanna (stop).night mare napuru sihina ,night terros attack walin berimata oba satan karanna.{nirmansa wanna .sathwa mansa anubawakirima} (hakinam thawakalikawa kara balanna.swadinawa oba thiranaya karanna.)dukkadayaka tele natya belimen walakinna.nida genimata pera getalu mathu wana wita ewain berimata upakrma manase satahankaraganna.udaharana sihinayak dakina wita :mamame sinayak dakinne: nidagenimata kalin oba manase daaranya karagatha yutuya. sihina dakina wita nomagayawanasulu dee noyekuth wiparitha sihinawisin sidukarai.kalin oba sithe daaranayakaraganna .obadakinne sihinayak ,oba rawatily walata ahu wenne neha satankaranawa eewunuwen.awita kumak danduwamakata adagena yana ee sihina atharamaganawathwagenimata obata puluwan. sihinen sathek penena wita ho anawasya sihina penena wita as deka (eyes) wiwara karanna padha angili solawanna.right hand mita molawa ganna wam atha target karannna. anakaranna ewathwanna kiya.namuth deep mind ganburu nindaka sitina wita hariyata shot eka ganna atha wedakanne nethiwennda puluwan .namuth as deka wiwara kara depa angili selawimen sirura kriyathmaka karagenimen uwadura palawaheriya hekiwe.puhunuwimen sihinaya athara maga nawatha dama uwaduruwalin berimata puluwan. thawadha wenath udau mulasra soyanna.

    ReplyDelete
  23. අක්කි හැමදාම හිත නිදහස් කර ගන්න pray කරන්න..ඒක ගොඩක් හොදයි..ඒත් වෛද්‍යවරයෙක් එක්කත් අක්කි මේ ගැන කතා කරන්න..බයවෙන්න එපා අක්කිට ඉක්මනටම හොදවෙයි....

    ReplyDelete
  24. ඔයා කතෝලික කෙනෙක් කියල කලුකුමාරය දන්නේ නැතුව ඇති.අනිත් අතට පොරට ආගමෙන් ජාතියෙන් වැඩකුත් නැතුව ඇති.මේ වගේ ගැටළු වලට ආගමික පැත්තෙනුත් සහනයක් ලැබෙන ඇති.ඒත් වඩාත්ම හොඳ දේ වෙන්නේ මානසික ප්‍රතිකාර ලැබීමයි.මේ නිසා යම් අනතුරුදායක දේවල් සිදුවෙන්නත් පුළුවන් නිසා කල්පනාකාරී වෙන එක හොඳ දෙයක්.මුලින් කිව දේ විහිළුවක් විදිහට සලකන්න.

    ReplyDelete
  25. හිත හිත ඉන්නව ට වඩා ඩොක්ටර් කෙනෙක් හමුවෙන එක තමයි මමත් යෝජනා කරන්නේ....

    අනේ මේ පාට පාට කෙල්ල මේ තරම් අවුල් වෙලා ද? කඩා වැටෙන්න එපා යාළු. පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් තියාගන්න, හිත අකමැති දේවල් හිතන්න යන්න එපා. ඒක තමයි ප්‍රධාන ම දේ......

    ~~~**දඟ මල්ල***~~~

    ReplyDelete
  26. ඉස්සර මමත් ඔහොම ඇවිදිනවලු.හැබැයි කාම්බරේ වටේ ඇවිදලා ආයෙ යසට දොයියනවලු.ඒත් එක දවසක් තව පොඩ්ඩෙන් කරන්ට් වයර් වගයක් අල්ලන්න හදන කොටම අම්මට ඇහැරිලා.අම්මෝ ඒක ඇල්ලුව නම් බට්ටි නෑ තමයි.

    ReplyDelete
  27. අපෝ ඔහොම දේවල් ඕනේ තරම් වෙනවා. ෆිල්ම් එකක තිබුන එයා හීනෙන් ඇවිදගෙන එයාගේ ගිය ආත්මේ පෙම්වතා ගාවට යන එකක්. ඔයා එත් පරිස්සමෙන්. මොකද ඔහොම ඇවිදගෙන යනකොට අනතුරු වෙනවා. නොදැනීම එලියට ගියොත්, වතුර පිරුණු ලිඳවල්, වැව් වලට හෙම වැටුනොත් අනතුරක් වෙනවනේ. ඕකට හොඳම වැඩේ දොරේ යතුර අරන් තියන එක. එක ගෙදර කෙනෙක් ඔයාට හොරෙන් කරන්න ඕනේ. තව එකක්. දොරකඩ පාමුලට නිදාගන්න කලින් තෙත රෙදි කෑල්ලක් දාන්න ඒක පැගුනාම ඇහැරෙනවා... දොස්තර වරුන්ටත් මොනවා හරි කරන්න පුළුවන් වේවි.. මෝහනයෙන් වගේ, ඒ ගැන නම් මම දන්නේ නෑ.



    මමත් හීනෙන් කෑ ගහනවලු. බෝඩිමේ එවුන් කෝචෝක් කරනවා අප්පා ඕක කියල.

    ReplyDelete
  28. හෆ්ෆා.. වර්නා, ඔයා වහාම හොද දොස්තර කෙනෙක් හම්බෙලා පෙන්වන එක හොදයි වගේ.. ඉස්සර පොඩි කාලෙ මමත් එහෙම කෑගහලා තියෙනවා.. ඒත් ඔහොම වෙලා නෑ.. ම්ම්.. මම දන්නෙවත් නෑ ඔය ගැන උපදෙස් ගන්න කෙනෙක්.. ම්ම්.. හොදම දේ කල් නොයවා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන එක..

    ReplyDelete
  29. වැඩි දෙනා කියල තියෙන විදියට ප්‍රතිකාර ගන්නවානම් සනීප කරගන්න පුළුවන්.

    ReplyDelete
  30. දොර වහල යතුර සීතල වතුර එකක දාල නිදාගන්න.
    වෛද්‍යවරයෙක් හමුවීම අනිවාර්යයි.

    ReplyDelete
  31. මාත් හිතනවා මානසික වෛද්‍ය වරයෙක් ලඟට ගියොත් හොදයි කියලා..

    ReplyDelete
  32. නංගි බලාගෙන..නිදා ගන්න කලින් තෙත ගෝනියක් ඇදෙන් බහින පැත්තෙන් තියන්න..නැත්නම් දොර ගාව..

    ReplyDelete
  33. මම කියන්නෙත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක හොඳයි.. නැත්නම් ඔයා දන්නෙ නැතුවම ඔයාව වෙන කෙනෙක් කොහේ හරි එක්ක යන්නත් බැරි නෑ... ඔයාට මොකුත් මතකත් නෑ කියනවනෙ... ඉතින් භයානකයි නේද?

    ReplyDelete
  34. ඕක මානසික ආබාධයක් නෙවේ...භය වෙන්න එපා..ඒත් ඔය තත්වය නිසා වෙන වෙන අනතුරු වලට ඔයා මූණ දේවි..ඒ නිසා ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් හමු වෙන්න....
    අපේ නෑ කෙනෙක් ඔහොම ඇවිදගෙන ගිහින් ලිඳකට වැටිල මැරුණ....

    ReplyDelete
  35. ඩොකෙක් හම්බෙන එක හොඳය් අක්කේ මාත් හිතන්නේ
    මේක රෝගයක්ද කියන්න මම දන්නේ නෑ , ඉක්මනට ඔය ප්‍රශ්නේ නතරවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  36. මේකට ගැලපෙන්න වික්ටර් රත්නායක මීට දශක තුනකට විතර ඉස්සර බොහොම අපූරු ගීයක් ගැයුවා. මෙන්නඒ ගීය

    "සිහිනෙන් ඇවිදින මගේ දෙපා මුල
    මේ දිය බඳුනක් කවුදෝ තැබුවේ
    සිහිනෙන් ගොස් මා නිබඳ විවර කළ
    දොර කවුරුද වැසුවේ."

    හමබ වුනොත් අහලම බලන්න

    ReplyDelete
  37. "තොටියා අයියේ, මේ ඔබේ අවධානය පිණිසයි !!!!!"

    තොටියෝ............. මෙහාට ඔරුව පදින්ඩෝ

    ReplyDelete
    Replies
    1. අප්පේ දැන් තමා මේක දැක්කේ.. පොඩ්ඩක් එන්ඩ පරක්කු වුනා. මේ දවස් වල තොටියගෙ හබලයි ඔරුවයි හොරකම් කරලනෙ..
      දීල තියන තොරතුරු අනුව එක්වරම රෝග විනිශ්චයක් දෙන්න අමාරුයි. ලිපිය අනුව වත්මන් තත්වය ඇතිවෙලා සති කීපයයි. මුලින්ම අපි බලන්න ඕන මේක හීනෙන් බයවීමක්ද පමනද නැතිනම් somnambulism තත්වයකුත් තියනවද කියලා. ඒකට ඔයාට මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ටිකක් කතාබහ කරන්න වෙනව. ඔයාට සිද්ධිය තේරෙන හැටි, සිහිනෙන් බය වෙනවානම් බය වෙන්නෙ මොකටද, කොයි වගේ බියජනක දේවල්ද පේන්නෙ, ඒවගේම මෑතක ජීවිතය සම්බන්ධ විශේෂ සිදුවීම්,ඔයාගෙ රැකියාව, ඉගෙනුම,එදිනෙදා ජීවිතය.. තවත් පොඩි පොඩි දේවල් තියනව. ඒවගේම ඔයා හීනෙන් ඇවිදිනව දැකපු දෙමාපියන් වැනි කෙනෙක් (Eye witness) එක්කත් වෙනම පොඩ්ඩ්ක් කතා කරල බලන්න වෙනව ඔයා ඇවිදිනකොට කොයි වගේද කියල.
      මේක බිය ගන්ඩ හෝ ලැජ්ජා වෙන්න කරුණක් නෙවි.අනික හීනෙන් ඇවිදින තත්වයට ගොඩක් සාධක බලපාන්න පුළුවන් (මානසික රෝගී තත්වය කියන්නෙ ඉන් එකක් පමනයි).ඒවාට ප්‍රථිකර්ම තියනව. මෙතන්දි වැදගත් වන්නෙ මනෝ වෛද්‍යවරයෙක් හමුවෙලා පොඩි පිළිසදරක යෙදීමයි.එවිටයි ඔයාගෙ තත්වය ගැන අවබෝධයක් ගන්න හැකිවන්නෙ.තත්වයට පසුබිම් සාධක තියනව නම් ඒව ඉවත් කිරිම, බෙහෙත් අවශ්‍යද නැතිනම් විකල්ප ක්‍රමවේදයක් යොදනවද ඔය වගේ කරුණු ගැන අවසන් නිගමනයකට එන්න වෛද්‍යවරයට රෝගයේ ඉතිහාසය සහ ලක්ෂණ ගොඩක් වැදගත්.. ඒ හින්දයි ඔබ සමගත් දෙමාපියන් එක්කත් කතා කලයුතු වන්නෙ. එහෙම නැතුව හෙම්බිරිස්සවට බෙහෙත් කරනව වගේ මේකට ටක් ගාල බෙහෙත් ලියන්න බෑ.
      නැවතත් මා කියන්නෙ මනෝ වෛද්‍යවරයෙක් හමු වෙන්න ගිහින් මේ ප්‍රශ්නය සාකච්චා කිරිම ලැජ්ජ වෙන්න ඕන දෙයක් නොවන වගයි. සමාජයේ දුර්මතයක් තාමත් තියනව මනෝ වෛද්‍යවරු හමු වෙන්න යන්නෙ පිස්සො කියල. එය සම්පූනයෙන්ම වැරදියි...

      Delete
    2. ගොඩාක් ස්තුති අයියේ .. අනිවාර්යෙන් මටනම් කිසිම ලැජ්ජාවක් නෑ මොකද ලෙඩකට බෙහෙත් ගැනීම ලැජ්ජා විය යුත්තක් නෙවෙයි... එකයි මම මේ ගැන පොස්ට් එකකුත් දැම්මේ. රැකියා කාර්යබහුලවයත් එක්කයි වෛද්‍ය වරයෙක් හමුවීම පස්සට ගියේ, හැකිනම් මුණු පොතේ කියන්න මට ප්‍රතිකාර ගත යුතු හොඳ වෛද්‍යවරයන් ගැන.

      Delete
  38. ඔයාට ඉක්මනින් සුවයත් සහනයත් ලැබෙයි නංගෝ අනික මේක බයානක දෙයක් නෙමෙයි නේ. මමත් පොඩි කාලේ ඔහොම ඇවිද්දා කෑ ගැහුවා. අපි බුද්දාගමේ අය නම් ඕවට මතුරලා එක එක විදියේ දෙවල් කරනවනෙ අපෙ ආච්චිලත් මට එහෙම කරාම ඒක නැවතුනාලු.

    ReplyDelete
    Replies
    1. ඔව්... බුද්ධාගමේ නම් ඕවට 100%ක් සාර්ථක ප්‍රතිකාර තියෙනව...
      ඔය මතුරන ඒව නම් නෙමෙයි....

      ඒවට කියන්නෙ Buddhist meditation කියල....

      Delete
  39. මමත් පොඩි කරදරයක් වෙලා කාලෙකින් මේ ආවේ.
    වර්ණා, අර පියතුමා හරි. වෛද්‍යවරයෙක් හමුවෙන් එක හොඳයි ගොඩවෙදකම් කරනවට වඩා.


    henryblogwalker the Dude

    ReplyDelete
  40. හීනෙන් ඇවිදලනම් නෑ...බයවෙලා කෑ ගහලනම් තියනවා....

    ReplyDelete
  41. මම මූණු පොතෙන් පොඩි විසඳුමක් දෙන්නම්....

    ReplyDelete