"Everything I touch turn to tears "
ආදරේ ජිවිතේ කරගත්තු කෙල්ලෙක්ගෙ කතාව...
බොඳව ගිය දේදුනු
අද හතරවෙනි වෙනි කොටස....
බොඳව ගිය දේදුනු- 1 වෙනි කොටස
බොඳව ගිය දේදුනු- 3 වෙනි කොටස
පුස්තකාලෙට යනවිට අතරමගදී සිදුවෙන්නේ මොකක්ද?
අද එතැන් සිට---------------------------------------------------------------------------------------------------------
ආදරය අපේ පිවිතුරුයි අවිහිංසකයි
එක්වීම පිණිබිදු වගෙයි අස්ථිරයි
ඔබ අහස මම පොළොව ලොවට වැඩදායකයි
එනමුත් කිසිදිනෙක එක්නොවේ සහතිකයි
උස් පහත් කුල බේද රජයන කලට
"ඉක්මන් තීරණ අරන් පසුතැවිලි වෙන්න එපා. ජිවිතේ කියන්නේ අභියෝග වලට බයේ පැනලා යෑම නෙමෙයි. ඒ අභියෝග බාරගැනීම.. හා හා පුරා කියලා ඔයා අඩිය තිබ්බේ වැරදි පාරක.එත් ජිවිතේ පුරාම වරදිනවා කියලා හිතන්න එපා "
පුස්තකාලෙට යනවිට අතරමගදී සිදුවෙන්නේ මොකක්ද?
අද එතැන් සිට---------------------------------------------------------------------------------------------------------
"මේ කෙල්ල ඉන්නකොට මල වදේ. නැතිවෙනකොට පාලුයි. අපරාදේ මටත් එයා එක්ක ගමේ යන්නයි තිබුනේ. කාලෙකින් ඒ ගස් සුවඳ විදින්නත් බැරි උනානේ.. හ්ම්ම් මොනවා කරන්නද දැන් ඉතින්.. රෙදි ටික හෝදලා දාලා නින්දක් දාලා හවස් වෙලා පුස්තකාලේ පැත්තේ ගියානම් මේ පාලුගතිය නැති වෙයි . "
ආදරය අපේ පිවිතුරුයි අවිහිංසකයි
එක්වීම පිණිබිදු වගෙයි අස්ථිරයි
ඔබ අහස මම පොළොව ලොවට වැඩදායකයි
එනමුත් කිසිදිනෙක එක්නොවේ සහතිකයි
උස් පහත් කුල බේද රජයන කලට
එක්වන්න පින් මදිය පුරුවේ කල පවට
අමුණන්න ආදර මල් හිතවත් මල්දමට
සදු ඉල්ලා හඩන කිරිදරුවන් වෙමු කුමට?
ජිවිතේ සුන්දරයි. සත්‍ය කටුකයි. එත් අකමැත්තෙන් හරි මුහුණ දෙන්න වෙන්නේ ඒ කටුක වූ සත්‍යටම නේද?
එහෙම හිතලා මම මගේ වැඩ ටික කරගන්න කුස්සිය පැත්තට ගියා.
---------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------
මම හීනයක් දැකලා අවදි උනා. එක හුගාක් ලස්සන හීනයක්. මං හිනා උනා හීන ලෝකේ ඉදලාම. එත් හැබෑ ලෝකේ මගේ තනියට මගේ පාලුවට කඳුල සුසුම විතරමයි.කඳුළු පිහදාලා සුසුම් ඈතට පාකරලා මං පුස්තකාලෙට යන්න ලෑස්තිවුනා.
අම්මෝ බස් එකේ පොරකාලා පොරකාලා පුස්තකාලේ ගාවින් බැහැලා පාර මාරුවෙලා කෙලින්ම පුස්තකාලේ ඇතුලට ගියා.
මේ පොත් සුවදට මම කවදාත් ගොඩාක් ආදරේ කළා. පොත් මගේ ජිවිතේ. මගේ ජිවිතේ හදාගන්න මේ පොත් මට නොකරපු දෙයක් නැහැ. පොතක් අරන් නහයට ලංකරලා ඒ සුවද මම හොදහැටි විදගත්තා.
මේ පොත් සුවදට මම කවදාත් ගොඩාක් ආදරේ කළා. පොත් මගේ ජිවිතේ. මගේ ජිවිතේ හදාගන්න මේ පොත් මට නොකරපු දෙයක් නැහැ. පොතක් අරන් නහයට ලංකරලා ඒ සුවද මම හොදහැටි විදගත්තා.
"හලෝ කොහොමද. මාව මතකයි නේද "
"ඔව් මතකයි. මෙහෙ මොකද කරන්නේ ඔයා "
"ඔයා මොකද මෙහෙ කරන්නේ? අන්න ඒ දේමයි මාත් කරන්න හේ හේ "
"හිහි මරු විහිලුව "
එහෙම කියමින් මම නැවත පොත් තුලට දෑස් යැව්වෙමි
"මේ එක නෙමෙයි මෙච්චර දවසක් හම්බවෙලත් මට ඔයාගේ නම අහගන්න බැරි උනානේ. මම විහඟ, විහඟ දෙනුවන් "
" මම කෞමදී සේනාධීර"
"ලස්සන නමක්නේ"
"නෑ එච්චරම ලස්සන නැහැ :D"
"එක නෙමෙයි මම ඔයාගෙන් දෙයක් ඉල්ලුවොත්? ඔයා එක මට දෙනවාද? "
"මොනවද? පුළුවන් දෙයක්නම් දෙන්නම් "
මොනාද මෙයා ඉල්ලන්න හදන්නේ.. ඒ ඇස්? "
"ඔයා එක්ක ටිකක් කතා කරන්න ආසයි. ඔයා හිතන්න එපා මම ඔයාව දවසක් දෙකක් දැකලා දවසක් දෙකක් කතා කරලා එක පාරටම හම්බෙලා ටිකක් කතා කරන්න ආසයි කියනේ මොකද කියලා. මොකද මම ඔයාව දැක්කේ අද ඊයේ නෙමෙයි. කාලයක් තිස්සේ පන්සලේ ඉදන් මම ඔයා දිහා බලාගෙන ඉදලා තියෙනවා "
"එහෙමද? හ්ම්ම් හරි මොනාද කතා කරන්න තියෙන්නේ? අනික මගේ මොනාද බලන්න ඔච්චර තියෙන්නේ. මම සාමාන්‍ය කෙල්ලෙක්. අනික මම දන්නේ නැති අය එක්ක සාමන්යෙන් වැඩියේ ඇදුනුම්කම් තියාගන්නේ නැහැ "
"එහෙම නෙමෙයි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා" අද හවසට පන්සලේදී මාව හම්බවෙනවද? ප්ලීස් "
"බලමු. මට දැන් යන්න තියෙනවා. ගිහින් එන්නම්. හමුවීම සතුටක් "
අම්මෝ මේ මොකක්ද වෙන්න යන්නේ. අනේ දෙවියනි අවූරුදු ගානකින් කෙනෙක් ගැන හිතේ පුංචිම පුංචි පැහැදීමක් ඇති උනා විතරමයි එයා මොකදට මේ එන්න හදන්නේ? මගේ හිත කියවලාවත්ද?
ගෙදර ඇවිල්ලත් මගේ හිත එක්ක මම ගොඩාක් කතා කළා..
අද හැන්දෑවට මම යනවාද නැත්ද? යනවාද නැද්ද?
හැන්දෑව මගේ හිතට සමීප වෙන්න හදනවා. එත් මට ඕනා හැන්දෑවෙන් අයින් වෙන්න. හැන්දෑව මට හමුනොවන ඉසව්වකට යන්න. මට හැන්දෑවත් එක්ක තරහා වෙන්න හිතුනා. ඉතින් මම හැන්දෑවත් එක්ක තරහා උනා.ඊට පස්සේ මට පුළුවන් වෙයි හැන්දෑවට පස්සේ එන අන්ධකාරේත් එක්ක යාලුවෙන්න.
හැන්දෑව මගේ හිතට සමීප වෙන්න හදනවා. එත් මට ඕනා හැන්දෑවෙන් අයින් වෙන්න. හැන්දෑව මට හමුනොවන ඉසව්වකට යන්න. මට හැන්දෑවත් එක්ක තරහා වෙන්න හිතුනා. ඉතින් මම හැන්දෑවත් එක්ක තරහා උනා.ඊට පස්සේ මට පුළුවන් වෙයි හැන්දෑවට පස්සේ එන අන්ධකාරේත් එක්ක යාලුවෙන්න.
"හැන්දෑවට මං ගෙදර එනකොට හැමදාම ඔයා මඟ බලාගෙන ඉන්න ඕන. "
"හා "
"එන්න රෑ උනොත්? "
"එත් මම ඇස් දෙක රිදෙනකල් හරි ආදරේ හිතේ පුරවාගෙන පාර බලාගෙන ඉන්නම්කො."
මතකය අමතක කරන්න යනකොට තව තවත් හිතේ සටහන් වීමට දැරීම ස්භාවයක්. සියල්ල කෙටියෙන් පවසා මසිත සනසාගන්නට මට අවැසි වුනා. ඒ නිසා මම හවස පන්සල් යන්න තීරණය කළා.
මම පන්සලට යනකොට සුදුම සුදු පාටින් ශර්ට් එකකුයි සුදු පාට සරමකුයි ඇදගෙන ඔහු බෝධිය නාවමින් උන්නා. ඔහු ඈතට පෙනුනේ කිරි සුදු කොකෙක් වගේ.. මාව දැකලා ඔහු මං ගාවට ආවා.
මම පන්සලට යනකොට සුදුම සුදු පාටින් ශර්ට් එකකුයි සුදු පාට සරමකුයි ඇදගෙන ඔහු බෝධිය නාවමින් උන්නා. ඔහු ඈතට පෙනුනේ කිරි සුදු කොකෙක් වගේ.. මාව දැකලා ඔහු මං ගාවට ආවා.
"කෞමදී අද හරිම ලස්සනයි "
"මට කවී කියන්න. යාළුවො කියන්නේ කවී කියලා මට"
"නැහැ මම ආසයි කෞමදී කියලාම කියන්න "
"ඔයාගේ කැමැත්තක් "
"අපි යමුද ගග ගාවට "
"හොදයි "
මම ඔහු පසුපස වැටුනෙමි. අනේ මන්දා ඇයි කියලා මට හිතා ගන්න බෑ.. මම ඔහුට ඇලුම් කරමි.
ගඟ ළඟ ලස්සන කළුගලක් උඩ ඔහු ඉදගත්තා. මම ඔහුට ටිකක් ඈතින් ඔහු දිහා බලාගෙන නැවතුනා..
"මොනාද මට කියන්න තියෙනවා කියුවේ ?"
"එක නෙමෙයි ඔයා කොහෙද වැඩ කරනවා කියුවේ?
"මම මහජන බැංකුවේ වැඩ කරන්නේ "
"හ්ම්ම් එහෙනම් බෑන්කර් කෙනෙක්.මම ලේඛකයෙක්.. ඒ ගමන් තාත්තාගේ බිස්නසුත් බලාගන්නවා :) "
"එහෙමද. හොදයි.. :) "
"දෙයක් අහන්නම් ඇත්තම කියනවද? ඔයා කාටහරි ආදරේ කරලා තියෙනවද?"
කාලය බොහෝ විට අහිංසක මසිත තව තවත් වේදනාවටම පත්කරයි.ජීවිතේ හමුවෙන ඕනෑම ගැටලුවකට නොසැලී මුහුණ දෙන්න කොච්චර උත්සහකලත් සසල හිතකට උරුමකියන්නට වෙච්චි පාපයට ඒ හැමදෙයක්ම ව්‍යර්ථ වී යයි. මගේ මුහුණේ ඉරියව් තේරුම් ගත්ත නිසාදෝ ඔහු ටික වෙලාවක් මට උත්තර දීමට ඉඩහරලා මා දිහා බලාගෙන හිටියා.
"ඇත්තමයි තාමත් මට රහස් නැහැ.ජීවිතේට රහස් තිබුනත් රහසින් ආදරේ කරන්න මට දැනෙන්නේ නැහැ. දුක සතුට මට හැමෝගෙන්ම වසන් කරන්න බැරි උනේ ඒ නිසයි. ඔව් මම ආදරේ කළා. ගොඩාක් ආදරේ කළා. එත් ඒ ආදරේ සදාකාලේටම මගේ ලග තියාගන්න මට බැරි උනා.. මම අසරණ උනා. "
"මම අහන්නේ නැහැ ඒ ඇයි කියලා. මට තේරෙනවා. ඔයාගේ මුනේ ඉරියව් වලින් මම ගොඩාක් දේවල් තේරුම්ගත්තා. ඒ වගේම මෙච්චර කාලයක් ඔයා දිහා බලාගෙන සියුම් අධීක්ෂණයක් කරපු මට ඒ දේවල් තේරුම් ගන්න මහා වෙලාවක් ගියේ නැහැ. "
"මට කියන්න ඇයි මගෙන් මේ දේවල් අහන්නේ? මම ඒ අතීතය මතක් කරන්න කැමති නැහැ "
"මට හිතාගන්න බෑ ඔයා වගේ කෙල්ලෙක් ආදරෙන් පැරදුනා කියුවම. එත් දෙයක් මතක තියාගන්න ඔයා ජීවිතෙන් පැරදිලා නැහැ. "
"මොනාද පැරදිලා නැහැ කියන්නේ . ? ඔයා මොනාද දන්නේ මං ගැන? නෑ ඔයා කිසි දෙයක් දන්නේ නැහැ. මම ආදරෙන් වගේම ජිවිතෙනුත් පැරදිලා ඉවරයි. මේ කාලකන්නි කෙල්ලගේ ජිවිතේ ගැන ඔයා කිසි දෙයක් දන්නේ නැහැ "
මගේ ඇස් දෙකෙන් කඳුළු සට පට ගාලා හැලෙද්දී ඔහු නැගිට මාවෙතට ලංවුනා.
"එහෙම කියන්න එපා \. කවදාවත්. ඔයා පැරදිලා නැහැ. ඔයාගේ අතීතේ ගැන මට දැනගන්න ඕනා නැහැ, එක මට වැඩකුත් නැහැ. මම කැමති ඔයාගේ අනාගතේ ලස්සන කරන්න. ඔව් මම ඔයාට ආදරෙයි. එක මම ඔයාව දැක්ක දවසේමයි මගේ හිතට දැනුනේ."
"දෙයියනේ පවුකාර හිතක නවාතැන් ඉල්ලන්න ඔයා ඇයි මගෙන් අවසර ඉල්ලන්නේ.. මට තේරෙන්නේ නැහැ , මම මොනාද කියන්න ඕනා කියලා "
ඔහු මගේ අත දැඩිව අල්ලා ගත්තා,. මම ඉක්මනින් ඒ අත ඉවතට ගත්තා.
"මට හිතන්න ඕනා."
"හිතන්න ඕනා තරම් හිතන්න . මම ඉඩදෙනවා. එත් මම ඔයාට ආදරෙයි. එක විතරක් අමතක කරන්න එපා "
"මට යන්න ඕනා. දැන් කළුවරත් වැටෙන්න ලගයි."
"ඉන්න මම ඇරලවන්නම් "
"නෑ මට තනියම යන්න ඕනා.මට හිතන්න ඕනා. ඒ නිසා මම තනියම යන්නම් "
----------------------------------------------------------------------------------------------------------
දෙයියනේ මගේ ජීවිතේට මොනාද මේ වෙන්න යන්නේ? මට ඔහුව විශ්වාස කරන්න පුලුවන්ද? මට මගේ බෝඩිමේ මිතුරිය කියූ දෙයක් මතක් උනා..
"ඉක්මන් තීරණ අරන් පසුතැවිලි වෙන්න එපා. ජිවිතේ කියන්නේ අභියෝග වලට බයේ පැනලා යෑම නෙමෙයි. ඒ අභියෝග බාරගැනීම.. හා හා පුරා කියලා ඔයා අඩිය තිබ්බේ වැරදි පාරක.එත් ජිවිතේ පුරාම වරදිනවා කියලා හිතන්න එපා "
මම ඔහේ හිත හිත පාර පුරා ආවෙමි. එපමණයි මට මතක. කොහෙන්දෝ ආපු වාහනයක් මාව යට කරගෙන ගොසින්ය. මට සිහියක් නැත. එහෙත් මට මාව පෙනුනි. මම බිම ලේ විලක් මැදවැතිර උන්නෙමි....
මතුසම්බන්දයි