Monday, January 23, 2012

බොඳව ගිය දේදුනු- 1 කොටස

හ්ම්ම් වර්ණා ටත් හිතුනා ඔන්න කතාවක් ලියන්න. මම නම් ඇත්තටම ලියන්න දන්නා කෙනෙක් නෙමෙයි. එත ගොඩාක් කියවන කෙනෙක්. මේ ලියන කතාවේ ගොඩාක් වැරදි තියෙනවා. හෙන බෝරිං වෙන්න පුළුවන් ඔයාලා කියවද්දී. මේ නිකන් මගේ හිතේ තිබුණු ආශාවකට ලියුවා විතරයි.. අඩුපාඩු කියන්න හොදේ..
හිතු අහලා තිබුනා මම මේ ලියන්නේ මම කාලෙකට ඉස්සෙලා හිතුට ලියන්න කියපු මගේ ජිවිත කතාවද කියලා. අනේ නැහැ. මම එක ලියන්නේ නැහැ කියලා තීරණය කළා හිතුවො.. මේ මම නිකම් හදපු එකක්.


ඔන්න එහෙනම් අද පලවෙනි කොටස. :)))










සැහැල්ලුව කියන්නේ නම් මගේ ජිවිතේට නම් තහනම් වචනයක්. එත් පහුගිය ටිකේ මං උත්සාහා කළා වෙන මොකටවත් නෙමෙයි අල්පේච්ජ ජීවිතයකට හෙට දවස කූඩු කරන්න. හැමදේ දිහාම සුභවාදිව බලලා මහා කන්දක් තරම් නෙමෙයි අල්පෙනෙති තුඩක් තරම් පුංචියට හිනා වෙන්න..


____වස්සානයට ඇත වනලා ඉමු මගබලන් උද්‍යානයක කෙලවරට වී..__


හ්ම්ම් ලස්සන සංගීතයක් එකපාරටම කන ලග හෙනයක් ගැහුවා වගේ.. නාදුනන නොම්බරයක්. ගම්දෝ නොගම්දෝ...
තප්පර කිහිපයක සිතේ සක්මන් භාවනාවකින් පසු මම
         "හලෝ"


          "හලෝ කවී, මොකෝ බන් ආන්සර් කරන්න මෙච්චර වෙලා යන්නේ? උබ මහා දවල් හීන බලනවද මගුල "


ඒ මගේ දුකට සැපට ඉන්න මගේ සහෝදරියක් වන් මිතුරිය නෙතුකි.


              "නෑ බන් මට ඇහුනේ නැහැ...
               මොකෝ හදිස්සියක්ද ??? "




              "නෑ බන් අරූ මාව කන්න හදනවා උබට කොල්ලෙක් ඉන්නවාද අහා අහා.. ඊයේ ඔෆිස් එකටත් ආවා. මම ශේප් කරලා යැව්වා... මේ දැනුත් කෝල් කළා බන්..."


              "උබ දන්නවානේ මගේ හිතේ ආපහු වෙන කෙනෙක්ට ඉඩක් නැහැ කියලා..එයාට පැහැදිලි කරලා එක කියන්න  නෙතු."


                 " අනේ මන්දා බන් අන්න උ හෙට උබේ ඔෆිස් එකට එනවා කියුවා.. උබම එක කියපන්. මම තිබ්බා බායි "



දෙයියනේ ආදරය කියන හැගීම අමතක කරන්න ගන්න උත්සාහය යාන්තමින් හරි සාර්ථක කරගන්න උත්සාහා කරනකොට මේ මොන හෙන ගෙඩියක්ද පාත් වෙන්න හදන්නේ....
හෙට එයිද ??????
ඔන්න ඔහේ ආවදෙන්.. ආවොත් බලාගමුකෝ..


මැයි මල් වලින් තණනිල්ල මත ඇදුනු රතුම රතු  කලාලය දෙස මම තවත්  මොහොතක් බලා සිටියෙමි. ලා අරුණැල්ලක් පැතිර ගියද නේවාසිකාගාරය අසල මැයි ගස් පෙළ නිසා තවම මද අදුරක්‌ ඇත. තව ටිකකින් මේ  මල් වත්ත අතුගාගෙන බෝඩිමේ ඇන්ටි අතුගාලා දමාවි.. ඒ රතුම රතු මල් පොඩි පට්ටම් වෙලා කසල භාජනය  වෙතට ඇදෙනු ඇත. කොච්චර සිත් ඇදගන්නා දසුනක් වුනත් මිනිසුන් එය විනාශ කර දමාවි. අපේ ජිවිතත් හරියට ඒ වගෙයි. අපි කොච්චර  ලස්සනට ජිවත් වුනත් මරණය  අපි අසලට එනවාමයි.. 
සිහින් දුකක් වැනි හැගීමක් හිත තුලට කා වදින්නට උත්සහා කරද්දී මම ජනේලය ලගින් මෑත්විමී.


                              "කවී අද පන්සල් යමුද? "


ඒ මගේ බෝඩිමේ මිතුරිය.
 කැළණි පන්සල් බිමත් ගඟ අවටත් හුදෙකලා විය. එහි යෑම මගේ හිතට අස්වැසිල්ලකි.

                                "සුදු ඇදුම් හෝදලාද මන්දා  කෙල්ලේ ? "




                                 "කමක් නෑ මගේ ඇදුමක් හරි ඇදගෙන යමු වදේ.. අද තාරක එනවා කියුවා "


                              " අහ්හ් එහෙනම් එකයි මෙකි මේ පන්සල් යන හැදුවේ. හේ හේ "
----------------------------------------------------------------------------------------------------------------------


තාරක පැමිණියේ අපි පන්සල් ගොස් විනාඩි 15 කට පසුව. තාරක පැමිණීමත් සමග මම ඔවුන්ට ඉඩදී බෝධිය   අසලට ගියෙමි. බෝධින් වහන්සේ වැඳ පුදා අවසන් වී ගඟ පැත්තට ගියෙමි.
ගඟදෙපස අවට හුදෙකලා විය. මම අනන්ත දියතලය දෙස අරමුණකින් තොරව බලා සිටියෙමි.වැසි කාලය නිසාවෙන්දෝ ජලය බොර පාටට හැරී තිබුණි.ගගද ජීවිතය මෙනි. වරක නිල් දියෙන් යුතුව නෙත් වලට සොදුරු දසුන් මවයි. තවත් විටෙක  බොර පැහැති දිය රැගෙන දෙපස ඉවුරු බිදෙමින් ඉදිරියට ඇදෙයි..

කැළණි ගග මගේ ජිවිතේ බොහෝ දේවල් දනී.. මිනිත්තු කිහිපයක් මම ගග දිහා බලාගෙන භාවනා කලෙමි..


                                  "මොකද ගගට පනින්නද කල්පනාව "
මගේ සවන් ලගින් ඇසුණු කටහඩ ඔස්සේ මම ක්ෂණිකව හැරී බැලීමි.


මතුසම්බන්දයි.

61 comments:

  1. ඔන්න අලුත් වැඩේට ඉස්සෙල්ලා ම කමෙන්ට් එක දැම්මේ මම.. කතාව ලස්සනයි.. කතාවේ රසයට බාධා නොවෙන්න ව්‍යාකරණ වල නිවැරදි බව ආරක්ෂා කරගෙන තියෙන විදිය නම් එල.. තව ටිකක් ඒ තැන් වල සුමට බවක් ඇති කරන්න උත්සාහ කරන්න.. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි :))

      Delete
  2. නරකමත් නෑ... හැබැයි කෙටි වැඩි ද මන්ද....
    :)

    ReplyDelete
  3. කතාව ලස්සනයි දිගටම ලියාගෙන යමු

    ReplyDelete
  4. බලමුකෝ ඉස්සරහට!
    දැනට නම් අව්ලක් නෑ!

    ReplyDelete
  5. අළුත් කතාවක්... !!! මේක නම් මුල ඉඳලම කියවන්න පුළුවන් වෙයි වගේ.. කුතුහලයක් අප සිත තුළ රන්දා - කතාව හමාර කළ හැටි කදිමයි... :)

    ReplyDelete
    Replies
    1. ස්තුති කෙල්ලේ. දිගටම කියවන්නකෝ එහෙනම්

      Delete
  6. හෙට වෙනකන් ඉන්නෙ නැතුව පන්සලේදීම කතන්දරේ පටන්ගනී වගේ... :)

    ReplyDelete
    Replies
    1. අහ්හ් අනේ මන්දා බලමුකෝ :))

      Delete
  7. හ්ම්ම් හොඳයි හොඳයි දිගටම ලියමු නගෝ. හැබැයි එක කොටසකට ප්‍රමාණය නම් මදි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් එහෙමද .. එහෙනම් තව වැඩි කරන්නම්කො

      Delete
  8. ඔන්න මමත් ඔයාගේ අළුත් නවකතාව බලන්න ආවා වර්ණා නංගි....ඉක්මනට ලියන්න .බලන්න මග බලාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කේ. ඔව් මෙගා නොකර ඉක්මනින් නවත්තනවා

      Delete
  9. කතාව නම් ලස්සනයි වගේ..
    තව ලියනකොට ලස්සනට ලියැවේවි..ඔහොම යං..ඔහොම යං නගේ..

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කේ ... අගය කිරීමට :))

      Delete
  10. වර්ණා,

    මොනම කෙනෙක්වත් එක පාරටම ශේක්ස්පියර් වගේ මහා කතා ලියන්න දන්නෙත් නෑ...එහෙම ලියන්නත් බෑ...අකුරෙන් අකුර ලියලා තමා පන්නරය ගන්නෙ...100ක් වැරදී තිබ්බදෙන්...උඹ ලියපන් කෙල්ලෙ... ලියලා දහ පාරක් කියවපන්..එතකොට හිතෙනවා මේක මේ විදිය ලිව්වානම් තවත් හොඳයි කියලා...එතකොට ඉබේම හැඩේට ලියන්න පුළුවන්...

    එකම විදියට පටන් අරන් එකම විදියට අවසාන වෙන කතාවක් නොකර වෙනස් විදියට ලියපන් නඟේ...

    පටන් ගැන්ම හොඳයි.... දිගටම ලියමු....

    ReplyDelete
    Replies
    1. දිල් අක්කා
      ඇත්තටම කියන්න අක්කේ මම මේක ලියුවට පස්සේ ආපහු මේකේ කොටස් ඕනා නැහැ කියලා මකන්නමයි හිතුනේ.. ඔන්න ඔහේ හෙටම මකනවා කියලා හිටියා. මොකද මට කොටින්ම මම ලියුවට සැටිස් නැති නිසා.
      රෑ නිදාගන්න ගියාටත් පස්සේ ෆෝන් ඒකෙන් කමෙන්ට්ස් ටික බැලුවා ආපහු. එතකොටයි අක්කිගෙ කමෙන්ට් එක දැක්කේ බන් අක්කේ.
      සිරාවටම අර නතර කරන්න හිටිය අදහස නැති උනා. මොන බහුබුතයක් වෙන්න කියලා ලියනවාමයි කියලා හිටියා. උබේ කමෙන්ට් එක මාව වෙනස් කළා අක්කේ ඔව් සත්තයි බන් :))

      Delete
  11. නව කතාවක්ම තමයි.. එකතැනම නමලා තියෙන්නේ..

    සිද්ධීන් ඉක් ඉක්මණින් ලිවුවොත් නම් වර්ණෝ නව කතාවකට තියා කෙටි කතාවකටවත් ‍ගන්න බැරි වෙයි ඕන්.. අනික දෙබස් එහෙම දිගට ගෙනි යන්න පුළුවන් තැන් වල දිගට ගෙනියන්න.. තවත් උපදෙස් ඕනෙ නම් මේ අංකෙට කතා කරලා අහන්න.119. හරිනේ..

    ආ.. අනික තමයි මේකත් "නව"-කතාවක් කිව්වට පරණ කතාවක් නේ.. අපි නම් බලයි...


    (ඔක්කොම ලියලා ඉවර වුනාම කියන්න වර්ණෝ. එකවරම බලන්නම්. කෑලි කෑලි බලන්න මම ආස නෑ. රසය මැරෙනවා වගේ එතකොට..)

    ReplyDelete
    Replies
    1. හා හොදයි 119 කතා කලාම හරිද :ඩි
      අනේ මේ බලන්න ඕනා හරිද .. නැත්තම් දන්නවනේ

      Delete
  12. ලස්සන කථාවක් වගේ ...බලමු බලමු කියවලා ඉතිරියත්.......ජය....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුති සහෝ'

      Delete
  13. කතාවනම් හොඳයි ඒත් තව ඇද ඇද ලියන්න..... කතාව යන වේගේ වැඩියි....
    දිගටම ලියන්න ජය......

    ReplyDelete
    Replies
    1. එහෙමද.. එත වැඩියේ අදින්නෙත් නැහැ හොදේ

      Delete
  14. කථාව නම් නියමයි නංගෝ.. ලස්සන කථාවක් වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කේ.. කියවන්න හොදේ

      Delete
  15. මම රබර්පටි කතානම් කියවනවා හොරයි ඒත් බලන්න ඕනෑ අද පටන්ගන්න හන්දා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් මේ කතාව එහෙම වෙන එකක් නැහැ ජෝනෝ

      Delete
  16. පළවෙනි පාරම 100% සාර්ථක වෙන්න බෑ නංගී.. ඒත් උත්සාහට නතර කර ගන්න එපා.. ඔන්න මමත් ආවා කතාව බලන්න.. දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා

      Delete
  17. කතාව හොඳයි වගේ වර්නෝ..තව චුට්ටක් දිග උනානම් තව හොඳයි...එක කොටසකින් යම්කිසි විශේෂ සිද්ධියක් අපි බලාපොරොත්තු වෙනවනේ...:))

    ReplyDelete
    Replies
    1. හා හා සුදු අක්කණ්ඩියේ

      Delete
  18. ලස්සන කතාවක ආරම්භයක්.. ලියන රටාව ලස්සනයි නංගියෝ.. ඕන මමත් එනවා මේ පැත්තෙ.. සුබ පැතුම් නංගියෝ දිගු ගමනකට..!!! :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් උබ එනවා කියලා මම දන්නවා අක්කේ ... ස්තුති :))

      Delete
  19. නියමයි අක්කෝ.......... ටිකක් විතර පරක්කු වුණා මේ පැත්තට එන්න..... මුල්ම කොටස නිසා මේ තරම ඇති කියමුකෝ, ඒත් ඊළඟ කොටසේ ඉඳලා දිගට ලියන්න. නැත්තන් ඉතින් බැනුම් කෝටියයි මගෙනුත් හොඳේ.. හික් හික්.. :DD

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ මට බැහැ බැනුම් අහන්න. එක්කෝ කමක් නැහැ අයිස් නගා බනින්නකෝ මට :))

      Delete
  20. ගඟට පනින්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අනේ මන්දා ඔබා මාමේ කියවලම බලන්නකෝ

      Delete
  21. වර්ණා මුහුද දැක්ක ගමන් පීනන්න හිතුවත් බැහැ. ඒක ටික ටික පුරුදු වෙන්න ඕනෑ. ඉතින් ඔබේ කතාවත් ඒ වගේමයි. හොඳ පටන් ගැනීමක් . මේ වගේ ටිකක් දිගට ලියන්න පුරුදු වෙන්න. එතකොට ඉබේටම අත හුරු වෙනවා.කතාවේ දෙබස් කොටස් හැම විටම කථිත භාෂාවෙන්ම ලියන්නත්, ලිඛිත කොටස් ලිඛිත භාෂාවෙන්ම ලියන්නත් අතයි හිතයි දෙකම පුරුදු කර ගන්න.අනෙක් අතට ලිඛිත කොටස් තවත් නිර්මාණාත්මකව කියවන්නාට දැනෙන්න ලියන්න.
    හිතට ගොනු වෙන දේවල්, පුද්ගලික අත්දැකීම්, තවත් තැනකින් කියවූ දේවල්, ඇසූ දේවල්, සිත තුළ පහළ වූ නිර්මාණාත්ම වින්දනීය දේවල් , ලියන වෙලාවට පොදු අත්දැකීම්වලට හරවන්න. එතකොට ලියන කතාව වර්නවත් වනවා සේ ම අරුත්බර වේවි.

    ලේඛණ කලාවට පිවිසීම හොඳ ආරම්භයක්.. සුබපැතුම් .. දිගටම ලියන්න..

    මේවා ලීවට මමත් එහෙන් මෙහෙන් කියවලා , භාවිතා කරලා ලද අත්දැකීම් ටිකක් මේ ලීවේ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුති අඩුපාඩු පෙන්නලා දුන්නට.. එක පාර අඩුපාඩු හදාගන්න බැරි වේවි.. එත මම උත්සාහා කරානවා

      Delete
  22. ඔන්න වර්ණො අදයි විභාගෙ ඉවර වුනේ... කියවන්න හම්බුනේ අදයි කතාව..මම හිතුවා අර කාලෙකට ඉස්සර මට ලියන්න කිව්ව කතව කියලා. මම හුඟාක් අඅසවෙන් බලන් හිටියෙ වර්ණා ඒක ලියනකම්.. කොහොමහරි කමක් නෑ.. දැන් කතාවක් ලියන්න පටන් ගත්තනෙ..

    අපි හැමදේම කරන්නෙ මුලින් සහසුද්ධෙන් දැනගෙනම නෙවෙයිනෙ. ටිකෙන් ටික ඉගනගන්න ඕනෙ. මම වුනත් මුලින් ලියද්දි මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි ලිව්වෙ. ඒත් ටික ටික ලියද්දි මම පුරුදු වුනා.

    මේක ලස්සන කතාවක්. මේක ඇත්ත සිදුවීමක් නිසා ලියන එකක්ද මන්දා..;) තම්න්ට ආවෙණික ශෛලියෙන් ලියාගෙන යන එක නියමයි වර්ණා. දිගටම ලියන්න. පුළුවන්නම් එක කොටසකට මීට වඩා ටිකක් ලියන්න බලන්න.. කිසිම අඩුපාඩුවක් මටනම් වෙනම දෙනුනෙ නෑ... ලස්සනයි!!!

    ReplyDelete
    Replies
    1. මේ ලියන කතාවේ සමහර සිද්දි මගේ ජීවිතේටත් සම්බන්දයි හිතුවො. එත් ගොඩාක් දේවල් ඇත්ත සිදුවීම්. හැබැයි මට වුනු දෙයක් නම් නෙමෙයි.
      මම නම් ඔයාගේ නවකතාවෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා කෙල්ලේ.
      හ්ම ස්තුති දිරි ගැන්වීමට :))

      Delete
  23. පාට පාට අක්කට ඔන්න සුභ පැතුම්..!! ලස්සන වචන ටික...අක්කටම කියලා අනන්‍යතාවයකුත් ටික ටික ඉස්මතු වෙනවා.මොනා වුනත් ඇත්තටම එල!! දිගටම ලියන්න ඊලග කොටස කියවන්න ඉක්මනින් මේ පැත්තට එන්නම්..ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔන්න මල්ලි ඊලග කොටසත් දැම්මා :))

      Delete
  24. meke sinhalen liyanna bari unata hoda arammbayak aragena thiyanawa......... kathawa lassanata liyanna. thawa poddak samahara siddi lassanata wissthara karanna. obata jaya

    ReplyDelete
  25. මගෙන් උණුසුම් සුභ පැතුම් දිගටම ලියාගෙන යන්න.හැබැයි කඳුලින් ඉවරකරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ මෙන්න තර්ජනය කරනෝ හේ හේ.

      හ්ම්ම් බලමුකෝ කදුලද සිනහාවද කියලා :))

      Delete
  26. මේ ගොල්ලෝ පන්සල් යන්නේ කොල්ලෝ බලන්ට එහෙනම් !!! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. අනේ මේක මගේ කතාවක් නෙමෙයි හොදේ, අනික මම පන්සලකට ගිහිල්ලවත් නැහැ

      Delete
  27. දෙබස් වැඩි උනානම් හොදයි වගේ නංගි..ඔහොමත් හොදයි :)) අනිත් එක දෙබස් ටික සෙන්ටර් කරන්නේ නැතිව තිබ්බොත් මොකද...
    කෙල්ලෝ පන්සල් යන්න පොරකන හේතුවත් ඉතින් කතාවේ පලවෙන් කොටසින්ම දැනගත්තා..ඒකත් ලොකු දෙයක් :D

    ReplyDelete
    Replies
    1. හේ හේ එහෙම ද කෙල්ලේ? අනේ මන්දා එහෙම නැතුවත් ඇති. මම නිකන් හිතලා ඔන්න කියුවේ :))

      Delete
  28. අදයි මේ පැත්තට ආවෙ....ඇත්තටම ලස්සන කතාවක් වගේ....දිගටම ලියන්න....අනිත් කොටස එනකම් බලන් ඉන්නවා

    ReplyDelete
  29. කතාවෙ නමින් නම් හිතෙන්නෙ දුක්ඛාන්තයක් කියලා.... ඒත් කතාව ගලාගෙන යන විදිය ලස්සනයි.... දන්න අය දීලා තියෙන උපදෙස් පිළිපැද්දොත් ගොඩාක් හොඳ කතාවක් ගොඩ නගන්න පුළුවන් වේවි... කතාවක් ලියනකොට ඒකෙ සිදුවීම ඇත්තම වෙන්න ඕන නැහැනෙ.... රසය රැක ගෙන කුතුහලය අවුස්සලා ලියන එකයි වටින්නෙ.... ඔයා ඒ ගොඩාක් දේවල් කරලා තියෙනවා පළමු කොටසින්ම... ඒ නිසා මුළු කතාවම ලස්සන එකක් වේවි කියලා හිතෙනවා.

    ReplyDelete
  30. දුර ගමනක් ගියපු නිසා ලිපි ගොඩාක් මග ඇරුනා ඕං අදයි කතාව කියෙව්වේ ම්ම්ම් වෙනස්ම විදියේ කතාවක් වෙයි කියලා හිතනවා ඒත් කිසිම දෙයක් හිතාගන්නත් කලින් කතාව ඉවර වුනානේ අක්කේ....අර උඩින්ම දාලා තිබුනු හැඳින්වීම ආයේ දානකොට යටින්ම දාන්න මොකද ඒක කියවල කතාව කියවන්න ගනිද්දි ඕන කෙනෙක්ට සිතුවිල්ලක් එනවා කතාව බෝරිංදෝ කියලා යටින්ම දැම්මොත් එහෙම බාධාවක් නැතිවෙයි නේද අක්කේ....ටිකක් වැඩිපුර ලියමුකෝ ජයවේවා

    ReplyDelete
  31. Yalu me kathawa oya wall 1e yaluwoth ekkath bedagathata sthuthi oyata karana gawurawayak widihatayi mekatatth comment 1k damme athenma oyata subapathanawa aluth kathawa digatama liyanna (mama wall 1e SYSTEM ADMIN eagle)

    ReplyDelete
  32. සොරි අනේ... එදා සෑහෙන්න ට්‍රැෆික්. ඒකයි විනාඩ් 15ක්ම පරක්කු වුනේ... :D

    කතාව තව ටිකක් දිගට ලියන්න...

    ReplyDelete
  33. ඔන්න මන් මුල ඉඳන් කියවන්න පටන්ගත්තා අගටම. නැත්නම් මගේ පරණ ඔලුවට මතක නැතිවෙනවා ඉවර උන තැන !

    ReplyDelete