"මොකද ගගට පනින්නද කල්පනාව "
මගේ සවන් ලගින් ඇසුණු කටහඩ ඔස්සේ මම ක්ෂණිකව හැරී බැලීමි.
(පළමු කොටස කියන්න බැරි වුනු කෙනෙක් ඉන්නවානම් මෙන්න පාර ..බොඳව ගිය දේදුනු- 1 කොටස)
අද එතැන් සිට ...........
ආදරේ කියන එක පුජනීය දෙයක්.. එක දෙන්න ඕනි පුජනීය විදියට. ඇත්ත ආදරයක් තියෙන්න ඕනා පුදසුනක. ඒ කියන්නේ මල් පුජා කරන තැනක.නැතුව කුණු බක්කියක නෙමෙයි.
මගේ ජිවිතේ ගල් සහ මල් වලට පස්සේ හිස් විරාමයක් ලැබුවා විතරයි...පුජනීය විදියට ආදරයක් ආරක්ෂා කරන්න බැරි පිරිමියෙකුට ආදරේ කරන ගැහැණිය, මොඩියෙක්. මොනවා නැතත් මම ඒ ටිකනම් ආදරේ කරලා අත්වින්ද සත්‍යක්..
"අනේ මම මොකටද ගගට පනින්නේ.. ."
නාදුනන ඒ කටහඩට මම උත්තර දුන්නේ එහෙමයි. ටිකක් තරහෙන්. කොහොමත් දන්නේ නැති කෙනෙක් එක්ක කතා කරද්දී කල්පනාවෙන් එපැයි කතා කරන්න.එත් ඒ ඇස් දෙක...
"නෑ මම එක නිකම් ඇහුවේ ගග දිහා කන්න වගේ බලන් හිටපු නිසා "
මම මුනිවත රැක්කෙමි.
"ඔයා ව මම මේ පන්සලේදී ගොඩාක් වතාවක් දැකලා තියෙනවා ඔහේ පැත්තකට වෙලා එකම දෙයක් දිහා බලාගෙන ඉන්නවා.ඒ නිසයි මට ඔයාව ගොඩාක් නෝට් උනේ.."
මම එයට සිනහවකින් පමණක් පිළිතුරු දුන්නෙමි. මේ මොන හෙනගෙඩියක්ද..?
"මොකෝ කතා කරන්නේ නැත්තේ? ඔයා මේ ලගමද ? "
ඒ පාරනම් මම කතා කරන්න හිතුවා..
"අහ්හ් ඔව් මේ ලග. මම යාලුවෙක් එක්ක ආවේ. මේ ගඟ පැත්තට ආවා ටිකක්. මම එහෙනම් යන්නම්.. "
මම යන්නට සැරසේනවාත් එක්කම ඒ උස් සිහින් සිරුරැති නාදුනන කටහඩ ඇත්තටම එක ලස්සන කටහඩක්.
"හ්ම්ම් හොදයි ගිහින් එන්න. මම හෙටත් එනවා. "
අඩියට දෙකට මම එතැනින් පිට වීමි.
මම හෙටත් එනවා.??????? ඒ මොකෝ ඒ?
හ්ම්ම් ඒ ඇස් ලස්සනයි. හීනියි, මම මටම කියාගත්තා..
"කවුරු එක්කද බන් උබ අර කයිය ගගහා හිටියේ?"
මගේ මිතුරිය මගෙන් එහෙම ඇහුවේ ඇයගේ පෙම්වතා වූ තාරක ඉන්නකොටමයි.
" අනේ මන්ද බන් දන්නේ නැති කෙනෙක්. මන් ලගට ඇවිත් කතා කළා. මමත් ඉතින් කතා කළා. අපි යන්නේ නැද්ද බන්.?"
පෙම්වතුන්ට බාධා කරන එක සහගහන අපරාදයක් උනත් ඒ වෙනකොටත් හොදටෝම කළුවර වෙලා තිබුණු නිසාත් පහුවෙනිදා උදේම වැඩට යන්න ඇහැරෙන්න ඕනා නිසාත් මම අකමැත්තෙන් හරි ඔවුන්ගෙන් එහෙම ඇහුවා.
" හරි බන් යමු. අපි හිටියේ උබ එනකම් යන්න."
ඒ ඇස් මට ලොකු කතාවක් කියන්න වගේ මට තේරුනේ. මග දිගටත් ඒ ඇස් මට එකදිගටම මතක් උනා.
එත්
ඇස් දෙකක් දිහා බලන් කප්පරක් හීන පොදි ගැහෙද්දි, ඒ හීන මගේ ඇස් ඉස්සරහා බොද වෙලා අළු වෙලා යද්දි හිතේ හයියෙන් මෙච්චර තරමට හරි ජිවිතේ හදාගන්න පුළුවන් වෙද්දී මට ආපහු ඇස් දෙකකට පෙම් කරන්න බය හිතුනා. ඒ ඇස් අමතක කරන්න මම උත්සාහා කළා.
"මොකෝ උබ කල්පනා සයුරේ පිනනවාද? ආපු වෙලේ ඉදන් උබ එක විදියක්"
මගේ දැහැන බිදුනා.. අහෝ මම පන්සල් ගිය ඇදුම් පිටින්මයි.. හේ හේ.
"නෑ බන් මම මේ කල්පනා කලේ හෙට වැඩට යන්න ඔනානෙ... අන්න එක "
" අනේ යකෝ තෝ හැමදාමත් වැඩට යනවානේ.. හෙට විතරද.. එකේ අලුතෙන් අද කල්පනා කරන්න දෙයක් තියෙනවාද "
" නෑ බන් හෙට කවුද මන්දා එනවාලු මාව හම්බෙන්න "
"නෑහහ්.. ඒ කවුද? නෙතුකි මටත් කියුවා උබ ගැන කොල්ලෙක් අහනවා කියලා. ඌද? "
"ඔව් බන්"
"ඉතින් උබ මොනාද කියන්න යන්නේ "
"මොනා කියන්නද? මම කියනවා මම කැමති නැහැ කියලා. අනික මට කොහොමත් ආපහු කොල්ලෙක් එපා. මෙහෙම හොදයි බන්.. ජිවිතේ සැහැල්ලුයි.. "
"එකත් එහෙම තමයි බන්. එත් ජිවිතේ කවදාවත් අපිට තනියම ජිවත් වෙන්න බෑ..හා හා පුරා කියලා උබ ජිවිතේ අඩිය තිබ්බේ වැරදි පාරක.එත් ජිවිතේ පුරාම වැරදෙනවා කියලා හිතන්න එපා."
මිතුරියගේ ඒ වදන් මගේ හිතේ තදින්නම කාවැදුනා.එත් ඒ වචන වලට පන දෙන්න මම ගොඩාක් බයයි.. මට ආපහු වැරදෙයි කියලා මට බයයි.
"මට තේරෙනවා බන් උබ කියන දේ. එත් මම අසරණයි. මට ආපහු කාටවත් ආදරේ කරන්න බැරි වේවි.."
මම එහෙම කියලා ඇයගෙන් මිදී ඉස්තෝප්පුවට ගියා. ඇය මගේ පස්සෙන් නාවේ මට හිතන්න ඉඩදෙන්න....
ඔයා හින්දා කවදාවත් අඩන්න එපා කිව්වත් දැන් ඇස්වල කදුළු පිරිලා ඉවරයි.ඇයි මට මෙහෙම උනේ....
අහංකාර ආඩම්බර කොල්ලෙකුට මට ආදරේ කරන්න හිතුනේ ඇයිද මන්දා..
එයා එහෙම නොවුනානම් මේ හැමදේම මෙහෙම නොවෙන්න තිබුනා....
----------------------------------------------------------------------------------------------------------------------
පහුවෙනිදා වැඩට ගියේ කෙනෙක්ව බලාපොරොත්තුවෙන්,, එත් මම පැහැදිලි තිරණේක හිටියා.
ඔහු සවින්.. සවින් මගේ හොදම මිතුරියගේ මිතුරෙක්. ඔහු මාව දැක තිබුනේ දෙවරක් පමණයි.. පලවෙනි වර ඒ මගේ මිතුරියගේ ගෙදරදී. ඇයගේ පියාගේ දානේ ගෙදරදී. දෙවෙනි වර අපේ ඔෆිසියේදී. එදා ඔහු ඇවිත් මාත් සමග ගොඩාක් වෙලා කතා කළා.
මගේ මිතුරියගේ දැනුවත් කිරීම අනුව නම් සවින් යහපත් පවුලකින් පැවත එන එහෙත් සෙල්ලක්කාර කොල්ලෙක්. කොහොමත් සහෝදරයෙක් මිතුරෙක් කියන බැදීමට එහායින් ඔහු පිලිබදව මගේ සිතේ අබමල් රේණුවක දෙයක් තිබුනේ නැහැ.
කාර්යාලයේ වැඩ වෙනදා වගේ ගෙවිලා ගියේ මගේ හිත සනසන්න වගේ...
අසිස්ටන් මැනේජර් ඒ වෙලාවේ ඒ පැත්තට එනවා දැක්කේ මගේ එහා පැත්තේ මෙසේ හිටපු අසිත..
" අන්න මරුමුස් එනවා."
එයා ආවේ දුර තියාම මං දිහා බලාගෙන...
"කෞමදී, අලුතින් ගත්ත trainee ට වැඩ ටිකක් කියලා දෙන්න.. මිනිහා IBSL එකේ CBF ඉගෙනගන්නවාලු."
"හොදයි මිස්ටර් සිල්වා..."
හුරු පුරුදු මුහුණක් එකවරම දොරකොඩින් මතුවිය.දෙයියනේ සවින්????
මතුසම්බන්දයි
කෞමදී!
ReplyDeleteමගේ අක්කගේ නමත් ඒක
සචින්ට කැමති වෙයිද???:/
හ්ම්ම් බලන්නකෝ ඉස්සරහට
Deleteතෝරගැනීමක් කරන්න වෙයි වගේ... :)
ReplyDeleteඇහෙම වෙයිද නොවෙයිද?
Deleteඅද නම් කතාව දිගයි බං.. ලියපන් ලියපන්. ඉන්ටරෙස්ටින්!!!
ReplyDeletehaa හා තැන්ක්ස් කෙල්ලේ
Deleteඅහ්හ්හ් ඔය තියෙන්නෙ නියමෙට... :D එකසැරයක් වැරදුනාම ජීවිතේ අඅයෙත් සැරයක් වැරදෙයි කියලා බයක් දැනෙනවා..ඒක හරි!!!
ReplyDeleteඊලඟ කොටසින් හම්බෙමුකෝ...ජය වේවා!!!
දෙයියනේ කියලා දෙවැනි සැරේ පය තියපන් කෙල්ලේ හරි පාරක......එක් පාරක් වැරදුනා කියලා මුළු ජීව්තේම වරදින්නේ නෑ.....
ReplyDeleteලස්සනයි අක්කා..එල මේ ගනන ගාන කෙටිත් නෑ දිගත් නෑ....
කතාව ඉවරෙටම බලනකම් මුකුත් ම කියන්න බෑ.
ReplyDeleteමිහ්හහ... ඔන්න ඔයාගේ කතාවෙි කොටස් දෙකම කියවලයි ආවෙි. කියන්න කිසිම වැරැද්දක් නැහැ. හොදට ලියලා තියෙනවා. ඉදිරියටත් ලියන්න... ජයවෙිවා!!!
ReplyDeleteඑල එල ලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteබලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා
භාගයයි කියෙව්වෙ අක්කේ..
ReplyDeleteලස්සනයි...ඉක්මනින් ලියන්න ඉතුරු කොටසුත්.....
ReplyDeleteඊලඟ කොටස එනකල් බලාගෙන ඉන්නවා නංගි
ReplyDeleteලස්සන කොටසක් !
ReplyDeleteවැඩේ කියන්නේ මේ කෙලෝ දෙන්නා සට සට ගාලා කොල්ලොත් එක්ක යාලු වෙන එක නේ. මරු මරු !!
ම්ම්ම්ම්ම්ම්...ලස්සනයි....
ReplyDeleteඅද කතාවේ හොදට දෙබස් තියෙනවා. ඒනිසාම පිරුණු බවක් තියෙනවා..
ReplyDeleteඇත්ත පෙන්වතුන්ට භාද කරන්න හොඳ නැහැ..
ReplyDeleteසචින්ට කැමති වෙයිද.....?කොහොම වුනත් අපි ඊලඟ කොටස එනකම් බලාගෙන ඉන්නවා.......
ReplyDeleteඅද නම් නියමයි..................
ReplyDeleteෆට්ට ෆට්ට..
ReplyDeleteඒත් මේ කෝ මේ දවස්වල නැගල යන ටොපික් එක ගැන කතා කරන්නෙ නැද්ද...
බොහොම සාර්ථකයි...එල එල..ඉක්මනට ලියන්න ඔන්න හොඳේ..
ReplyDeleteකියෙව්වෙමි නංගියෝ.. ඔහොම යං.. ඉතිරි කොටසත් බලාගෙන ඉන්නවා.. :)
ReplyDeleteයමුකෝ ඉස්සරහට
ReplyDeleteහිහි අදනෙ දැක්කෙ කතාවක් ලියන බව... සුබ පැතුම් ...
ReplyDeleteබලමින් ..
ReplyDeleteම්ම්ම් කතාව කොයි පැත්තට පෙරලෙයිද මන්දා එකපාරක් ගියපු වැරදි පාරෙම දෙවෙනි පාරත් යයි කියලමයි මට හිතෙන්නේ...බොහෝම සාර්ථකයි අක්කේ ඔහොම යං
ReplyDeleteහොඳයි,,දිගටම ලියාගෙන යන්න
ReplyDeletekeep up.. we are here 2 read ur story!
ReplyDeletekeep up akki, we are here 2 read yours..
ReplyDeleteඅන්න හරි .. ඔන්න ඔහොම යමු... ලස්සනට ගලපනවා..
ReplyDelete//ඔයා හින්දා කවදාවත් අඩන්න එපා කිව්වත් දැන් ඇස්වල කදුළු පිරිලා ඉවරයි.ඇයි මට මෙහෙම උනේ....
ReplyDeleteඅහංකාර ආඩම්බර කොල්ලෙකුට මට ආදරේ කරන්න හිතුනේ ඇයිද මන්දා..
එයා එහෙම නොවුනානම් මේ හැමදේම මෙහෙම නොවෙන්න තිබුනා....//
මේ කොටස තමයි ගොඩක් ම හිත ට වැදුණේ..
ලස්සන ට කතාව ගලාගෙන යනවා නංගෝ. ඉතුරු ටිකත් ඉක්මණට ලියන්න....
~~~**දඟ මල්ල**~~~
හැමෝටම ගොඩාක් ස්තුති කියෙව්වාට.. හැමෝටම කමෙන්ට් දාන්න බැරි වුනා.. පොඩි පොඩි ප්‍රශ්න වගයක් නිසා.. තරහා වෙන්න එපා හොදේ :))
ReplyDeletemmmm me kotasath athenma lassanayi nangiyo digatama liyanna hodada ....... ko daruwo me kotasa ape ayatath kiyawanna denne nadda...?
ReplyDelete(Eagle)
ඇස් දෙක ගැන කිව්ව කතාව නම් මට ඇල්ලුවෙ නෑ පුතෝ....
ReplyDeleteමං නම් ආවෙ හොඳටම පරක්කුවෙලා... අනේ තරහ වෙන්නෙපා... පහුගිය මං නොහිටි දවස් ටිකේ මග ඇරුනු ඒවට දැන් තමයි උත්තර බඳින්නෙ..... :D