Saturday, April 28, 2012

යාපනේටත් ගියා 2

පොඩ්ඩක් පරක්කු උනා යාලුවනේ දෙවෙනි කොටස දෙන්න.. සමාව භජනය කරත්වා... :(


හරි ඔන්න එදා අපි අවසන් කලේ ප්‍රභාකරන්ගේ බංකරේ ගැන කියලා. 
කියෙව්වේ නැත්තම් කියවන්නකෝ මෙන්න මෙතනට ගිහින්




ප්‍රභාකරන්ගේ බංකරේ පළමු මහල විතරක් උඩට පිහිටන්නත් ඉතිරි තට්ටු තුන පොලොව යට පිහිටන්නත් හදලා තියෙනවා. පළමු කොටසේදී මම තට්ටු 4 ම පින්තුර මගින් පැහැදිලි කළා.


මේ බලන්නකෝ මෙයාලා fan දාගෙන සැපට ඉඳලා තියෙන්නේ :/


මේ බලන්න එක කාමරේක වර්ග අඩි එකේ එකේ කොටු වල ලකුණු කරලා තිබුණු ලංකා සිතියම.. සිතියම නම් දැන් නෑ. කොටු ටික විතරයි තියෙන්නේ. ඒ කාමරේ අස්සේ කතා කරන දේවල් පිටට ඇහෙන්නේ නැහැ. 



මේ කාමරේ වායුසමිකරණයක් තිබිලා තියෙනවා. එක හොයාගෙන තියෙන්නේ බිම තියෙන මේ වයුසමිකරනෙන් පිටවෙන වතුර එලියට යන්න හදලා තියෙන ඒකෙන්.



කොටි සංවිධානේ කවුරුහරි ලොක්කෙක් මැරුණම එයාලාගේ මල සිරුරු මේ බංකරේ වෙත ගේනවලු. බ්‍රභාකරන්ට බලන්න. එයා එයාගේ බංකරේ තුලදී තමයි ඔවුන්ට අවසාන ගරු බුහුමන් දක්වන්නේලු. ඉතින් ඒ මල සිරුරු තබන්න විශේෂයෙන් මිනි පෙට්ටියක ආකාරයෙන් හදපු කුටියක්‌ තියෙනවා. 


එම කුටියේ ගේට්ටුවෙත් යම්කිසි සලකුණු පිහිටන්න තමයි හදලා තියෙන්නේ. නියගලා මලක්,  අනිත් පැත්තට හැරවූ තුවක්කුවක් උඩ තොප්පියක් සමග දැල්වුණු ඉටිපන්දමක් උඩ ලංකාව. පහල රුපෙන් එය බලාගන්න පුළුවන්.ඉටි පන්දම දැල්විලා ඉවරවෙද්දි මුළු ලංකාවම අල්ලගන්න අදහසින් තමයි එකෙන් නිරුපනය වෙන්නේ.
ඒ වගේම මේ බංකරේ තුල වෙනම කුස්සියක්, වතුර ටැංකියක්, බලු කුඩු දැකගත හැකිවෙනවා.


ඊට පස්සේ අපි ගියේ යුධ කෞතුකගරේ බලන්න පුදුකුඩිඉරිප්පු වලට. එහෙ හමුදාවේ කෙනෙක් හැම තොරතුරක්ම අපිට කියලා දුන්නා.




මේ තියෙන්නේ හමුදාවේ අයියලා කොකිස් හදපු කොකිස් අච්චුව තියෙන බෝම්බ.

මේ පහලින් තියෙන්නේ යුද්ද වලදී තහනම් කරපු රසායනික අවියක්. කොටි සංවිධානය කියන්නේ තහනම් කරපු සන්විදානයක් නිසා ඔවුන්ට මේ අවි පාවිච්චි කරන්න කිසිම තහනමක් තිබිලා නෑ. මෙමගින් කරන්නේ  හමුදාවේ පිරිසක් ඉන්න තැනකට මේ අවියෙන් රසායනික ද්‍රව්‍ය විද්දොත් එතන ඔක්සිජන් එමගින් උරා ගන්නවාලු. ඒ සමගම එතන උෂ්ණත්වය වැඩි කරනවාලු. සෙබළු ඉන්න ඉරියව්වෙන්ම මිය යනවාලු. පිටින් බලන කෙනෙකුට තේරෙන්නේ නැහැලු එයාලා මිය යන බව. හිනා වෙලා ඉන්නවානම් හිනා වෙලාම ගල් වෙලාලු මැරෙන්නේ. ලඟට ගිහින් අත තිබ්බොත් මස් කෑලි ගැලවිලා වටෙනවාලු. ඒ විස්තරේ කියද්දී මට සංසාරේ එපා උනා. :( අපේ හමුදාවේ අයියලා කොච්චරනම් විදවන්න ඇතිද කියලා හිතුනා :(
රසායනික අවිය

පහල පින්තුරේ තියෙන්නේ තනි සිරකුටියක්. මේක ඇතුලට එක්කෙනෙක්ව දානවලු. හේත්තු වෙන්නත් බෑ කටු දම්වැල් තියෙන්නේ. ඉඳගන්නත් බෑ හිටගෙනම තමයි. කෑම දෙන්නෙත් නැතිලු. අව්වට වැස්සට තෙමෙනවා. ඔහොම්මම මැරෙන්න අරිනවලු :(


මේ පහලින් තියෙන්නේ මරාගෙන මැරෙන  බෝට්ටු. විවිධ හැඩ තියෙන්නේ ඔය වගේ බෝට්ටු රාශියක් එම ස්ථානයේ තියෙනවා. මේ බෝට්ටු වල කෙලවර වෙඩි බෙහෙත් පුරවලා මුහුදේ යවනවාලු.


ඊට පස්සේ අපි ගියා සුසෙයි ගේ ගේ බලන්න. ඒ ගේ ඇතුලේ අල්මාරියක් ඇතුලෙන් උමගක් තියෙනවා එලියට යන්න. ඔය තියෙන්නේ අල්මාරිය.

මේ තියෙන්නේ අල්මාරියෙන් පිට වෙන උමග.


  ඒ වගේම සුසෙයිගේ ගෙවත්තේ ලොකු සරුවට වැඩුණු පොල් ගහක් යට රත්තරන් කිලෝ 600 ක් වල දාලා තිබිලා හමුදාවෙන් ගොඩ අරගෙන තියෙනවා. 


ඊට පස්සේ අපි ගියා කොටින්ගේ ස්විමිං පුල් එක බලන්න. කොටි මරාගෙන මැරෙන බෝට්ටු වගේම කොටි කිමිදුම් කරුවන් පුහුණු කරවලා තියෙන්නේ මේකේ තමයි.


ඊට පස්සේ ගියේ ෆාරා 3 නැව බලන්න. කොටි විසින් අල්ලගත්තු ජෝර්දාන් නැවක්.

ඊට පස්සේ ගියා නල්ලුර් කෝවිල බලන්න යාපනේ :)
නළලට සුදු පාට මොකක්ද ගෑවා සාමිලා.

ඊටපස්සේ ගියා පේදුරුතුඩුවට..  ඔය සුනාමියක් එනවාය කියලා පනිවුඩක් එන වෙලාවේ පේදුරුතුඩුවේ මුහුදේ දියබුං ගගහා ඉඳලා ගොඩට ආවා විතරයි. කස්ටිය කකා හිටියේ එතන, මුහුද ගාවම. 


පණිවුඩය ලබුනාත් එක්කම කස්ටියක් ඇඬුවා, කස්ටියක් කලබල කරා ඉක්මනින් යන්න ඕනා කියලා. දඩි බිඩි කියලා ඔක්කොම පටවාගෙන එතනින් අපි යාපනේ ටවුමට ආවා. ඇත්තම කියුවොත් සාතන් අයියාගේ ඉල්ලීම මත මමත් ඇඬුවා කියලා ඔන්න ලියනවා. නැත්තම් මම ඉඳලා ඉවරයි. ඇඬුවා නෙමෙයි ඇඬුනා. :'(


යාපනේ ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා හමුදාවේ අය කියපු නිසා අපි නැවතුනා. නැත්තම් එන්නයි හිටියේ ගම් බිම් බලා. ගෙවල් වලින් බැනුම් කෝටියයි. අපේ මලයාත් ගෙදර නිසා අපිත් බය උනා. 
දෙයියන්ගේ පිහිටෙන් මුකුත් උනේ නැහැනේ :)


පේදුරුතුඩුව
ඊට පස්සේ ඔන්න ගෙවල් බලා පිටත් උනා. එනගමන් දවල්ට කෑවේ යෝධ වැව අසබඩ. එතන හමුදාවේ අයියලා කරන අවන්හලක් තිබුනා. එයාලා උණු උණු රොටි පුච්චලා දුන්නා අපිට බත් කනකන් කන්න කියලා :)
එයාලා කියුවා එතන හමුදාවේ කොල්ලෝ දහස් ගානක් මැරුණු තැනක් කියලා :(
යෝධ වැව


ඊටපස්සේ එනගමන් කතෝලිකයන්ගේ මුදුන් මල්කඩ වන මඩු පල්ලිය වැඳ පුදාගෙනම අපි පරිස්සමින් රෑ 12 ට ගෙවල් වලට ආවා. 

හිතේ හැටියට යාපනේ සැරිසරන්න බැරි උනා. මොකද දවස් 4 ක් මදි ඔය ඔක්කොම බලන්න. බලපු තැන් නම් උපරිමයෙන් බැලුවත් බලපු නැති තැන් තව ගොඩයි. ඉතින් ආපහු යාපනේ යන්න ආසයි ඒවාත් බලන්න.  
ඔන්න එහෙනම් යාපනේ චාරිකාව මෙතනින් නිමයි . රැඳී සිටි ඔබ සැමට ස්තුති. :)

65 comments:

  1. ආ... වර්ණා මේ පෝස්ට් එක දාන්නත් පරක්කු වෙලා... :P

    ReplyDelete
    Replies
    1. මාව මරාගෙන කාෆියව් :/ :P

      Delete
    2. වර්නනම් පරක්කු පරක්කුනම් වර්ණා.

      Delete
    3. පොඩ්ඩා +++++++++++++++++

      Delete
    4. @ අසාර් - අනේ ඇත්තද $^%^^$&*$$^&$&*

      Delete
  2. එල එල නිකං මම ගියා වගේ :පී

    ReplyDelete
  3. ස්තුතියි! වටිනා චාරිකා සටහනක්.. තව විස්තර තිබුනානම් හොඳයි කියා හිතුනා.. පේදුරුතුඩුව, යෝධ වැව පිංතූර නම් නියමයි..

    ReplyDelete
    Replies
    1. විස්තර ගොඩාක් නැතුව පින්තුර ටිකක් දැම්මේ කියවද්දී බෝරිං වෙයි කියලා හිතලා :)

      Delete
  4. පෝස්ට් දෙක ගොඩක් වටිනවා. ඇත්තමයි. හැබැයි මටත් හිතෙන්නේ තව විස්තර තිබුනා නම් හොඳයි කියලා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුති අයියේ.. විස්තර ගොඩාක් නොදැම්මේ කියවද්දී බෝරිං වෙයි කියලා හිතලා

      Delete
  5. වර්ණා... ඔයාගේ පෝස්ටි එක දැක්කම ආපහු අතීතය මතක් වෙනවා. මන්නාරමෙි යෝධ වැව, සහල් නැලිය කියන තැන් වලනමි අපේ අය ගොඩාක් මැරුනා. මොකද භුමියේ වාසිය තිබුනේ කොටින්ට නිසා ඒ භුමිය අත්පත් කර ගන්න ලොකු සටනක් දෙන්නත් ඒ වගේම විශාල පරිත්‍යාගයක් කලා. ආපහු පාරක් කියන්නමි, පෝස්ටි එක නමි මරු...!!!

    ReplyDelete
    Replies
    1. ඒ බුමියේ වාසියේ කතාව ඒ හමුදාවේ අයත් කියුවා . බොහොම ස්තුති කියවන්න ආවට සහ කමෙන්ටුවට

      Delete
  6. ෂැහ්.. තව පින්තූර ටිකක් දාන්න තිබුණේ! එහෙනම් මල් හතයි!

    ReplyDelete
  7. ම්ම්ම් ගොඩක් හොදයි මේ වගේ දේවල් දාන එකනම්.ලස්සනට ලියලත් තියනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුති යාලු

      Delete
  8. ඊලිෂියයි.මොකද මට තාම යන්න බැරි වුණානේ මෙයා.

    ReplyDelete
    Replies
    1. ඊලිශියා වෙන්නේ නැතුව යන්න නගෝ ඉක්මනට :)

      Delete
  9. ම්ම් ම්ම් ගීන්ම බලන්ඩ ඕනෙ......^_^

    ReplyDelete
    Replies
    1. අනා සෝයි ඉක්මනින් ගිහින් බලන්න

      Delete
  10. කමෙන්ට් කරන්න මේ පෝස්ට් එක දමනක්ම්ම හිටියා.. මන් තාම නොගියේ යාපනයේ විතරයි.. ළඟදිම යන්න හිහ්ටා ගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ගිහින් එන්න වෙනි අයියා. ගොඩාක් වටින ගමනක් වෙයි එක :)

      Delete
  11. අපොයි තාම ට්‍රිප් එක ගැන නොවැ.. ;)

    ReplyDelete
  12. මටත් ලංකාවට එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ යාපනේ යන්න...

    ReplyDelete
  13. යන්න තියෙනවනම් මාරු කවදාහරි යනවා..

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. පින්තූරු ටික නම් ප0කාදුයි.... මමත් යාපනේ යන්නම කියලයි ඉන්නේ..

    ReplyDelete
  16. බෑ බෑ අදත් වර්ණාගේ ෆොටො එකක් නෑනේ මෙතන...

    ReplyDelete
    Replies
    1. මුණු පොතේ දැම්මා. බලාගන්න එකයි ඇත්තේ :/

      Delete
  17. මරු ට්‍රිප් එකක් ගිහින් තියෙන්නේ.

    ReplyDelete
  18. නියමයි.. මමත් මේ චාරිකාව කිපවතාවක්ම ගිහින් තියෙන නිසා මැවිලා පේන්න ලියල තියෙනවා. පිංතූර ටිකත් අපුරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති කමෙන්ටුවට :)

      Delete
  19. පස්ටයි ඈ... එච්චරයි!! :-)

    ReplyDelete
  20. ගොඩක්ම ස්තුතියි විස්තරේට..
    මඩු පල්ලියේ තවත් පින්තූර ටිකක් එකතු කරන්නටකෝ..

    ReplyDelete
  21. ඇත්ත තමා වර්ණා යාපනේ ගැන ලියන්න ගියොත් ඇත්තටම පෝස්ට් පහක් හයක්වත් දන වෙනවා. මම යාන්ත 3 දාල ඉවර කලා. ඔයාලා මඩු පල්ලිත් ගිහින් අපිට්නම් යන්න බැරි වුනා. ආයෙ දවසක යන්න ඉන්නෙ

    ReplyDelete
  22. මම ආවෙම තමනුත් ඇඩුව කියන එක ලියලද බලන්න :)

    ReplyDelete
  23. මේ රසායන අවියක් නොවේ.අතීතයේ හමුදාවත් භාවිතා කල පැරණි තාලයේ රොකට් විදිනයක්.තවමත් මේවා ඇෆ්ගනිස්තානයේ ත්රස්තවාදීන් භාවිතා කරනවා.ඊට ඉහල චායාරුපයෙන් පෙන්වන්නේ 81 mm වර්ගයේ මෝටාර් උණ්ඩයක්.සමහරවිට කොටින්ගේ නිෂ්පාදනයක් වෙන්න පුළුවන්.යෝදවැව අසබඩ කොමෙන්ට් කරන මමත් සේවය කරලා තියෙනවා එතන දහස් ගණනක් මැරුණු බව කීමනම් අතිශෝක්තියක් බව කියන්න ඕන.

    ReplyDelete
  24. නියම විස්තරයක් ඈ.. හරි වටිනවා. නිකන් ගියා වගේ හිතුනා ඒක කියෙව්වම.

    මට ආයෙත් එනවා අර ගැටලුව උන් ඇයි ඔය තරම් පැහැදිලිවම සිංහලෙන් දැන්වීම් ගැහැව්වේ කියලා ! හැබෑටම ඕගොල්ලො කාටවත් ඔය ප්‍රශ්නෙ මතු වුන්නැද්ද ?

    මම අහලා තියනවා අර තනි සිරකුටියට කරන්ට් එකත් දානවා කියලා.

    සාතන් කොහොමධ දන්නෙ ඔයා ඇඬුවා කියලා ?

    ReplyDelete
  25. ගිය පාර ආපු වෙලේ මාත් යාපනේ ගියා..ඒත් ඔච්චර තැන් වල ගියේ නෑ!

    ReplyDelete
  26. යාපනේ ගියා වගෙයි.. ගොඩක් ස්තූතියි මේ විස්තර වලටත් පින්තූර වලටත් නංගියෝ..
    යන්න හිතාගෙන ඉන්නවා.. බලමු.. :)

    ReplyDelete
  27. අර රත්තරන්වලට මොකද දන්නේ නැහැ නේද වුනේ :D

    ReplyDelete
  28. කොටින්ගේ බංකර් ගැන කියවනකොට අඟ හිරි වැටිලා යනවා.. අයෙත් නොදැක්ක තැන් බලා කියා ගන්න යන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  29. ලෙසටම ලියලා තියෙනවා වර්ණා.. අපේ අම්මලානම් මේ ලගදි ගියා මටනම් තාම යන්න හම්බුනේ නෑ හැබැයි

    ReplyDelete
  30. නියමා.......යි. මටත් හිතෙනව බංකරයක් හදාගන්න. නිවාඩුපාඩු වෙලාවට ඉන්න!

    ReplyDelete
  31. නගේ,අර,කිලෝ600ට මොකද වෙලාතියෙන්නේ...නිධානයක් දීලනේ......හමුදාවෙ අපේකොල්ලො ඒගැනමොකද කිව්වෙ?(ඒව කටුගෙටද)

    ReplyDelete
  32. අර පේදුරු තුඩුවයි යෝධ වැවෙයි ෆෝටෝස් දෙක panorama shot ද නැතිනම් සාමාන්‍ය wide angle photo එකක් උඩ යට ක්‍රොප් කරලා හැදුවද? ඒ දෙක මාර ගති, ඒකයො ඇහුවෙ.

    ස්තුතියි මෙ දේශාඨන සටහන් වලට වර්ණා.

    henryblogwalker the Dude

    ReplyDelete
  33. පින්තූර ටික මරු!! ගිහින් නැති කෙනෙක්ට ඔක්කොම බලාගන්න පුලුවන්.. තව ටිකක් විස්තර කලානම් තවත් මරු!!! පේදුරුතුඩුවෙ ෆොටෝ එක මාර ගති තමා....:D

    ReplyDelete
  34. ඉරිසියයි අප්ප මේව දැක්කම.......තාම යන්න බැරි වුනානෙ මේව බලන්න......

    ReplyDelete
  35. මටත් ඊරිසියාවෙ බෑ....

    ReplyDelete
  36. මට කඳුලු එනවා මේවා බලනකොට. මෙච්චර දුක් විඳපු අපේ හමුදාවෙ කොල්ලන්ව දැන් දේශපාලනේට ඕනා විදියට නටවන හැටි මතක් වෙනකොට ඇත්තටම තරහයි. ලොකු ලොකු කට්ටිය සැප ගන්නකොට එදා වගේම අපේ හමුදාවෙ කොල්ලෙ අවුවට වේලෙනවා.වැස්සට තෙමෙනවා. ඒ මදිවට දේශපාලකයන්ගෙ ඕනා එපාකම් කරන්න ගිහින් මිනිස්සුන්ගෙන් බැනුනුත් අහනවා.

    මේක මේ ෆොටෝ එක්ක පත්තරේ දාන්න වටින ලිපියක් නංගි.

    ReplyDelete
  37. මටත් තවම ඔය මඩු පල්ලියට යන්න බැරි උනා නොවැ :((((

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. ow ane maath giya oya kiyala pahadili karala thiyana (kotinge) sthaana walata... prabhakaran karala thiyana aparaadhawalata , moowa eka paarata marapu eka nam ithamathma sulu daduwamak! apooruwata thiyanawa pinthura tikakuth ekka warnage explanation ..:)

    ReplyDelete
  40. තාම නම් යන්න බැරි උණා යාපනේ පැත්තට!
    මෙහෙමවත් බලාගෙන සැනසෙමු :P

    ReplyDelete
  41. අපිත් ගියා යාපනේ... ලියන්නත් කල්පනා කළා... පොටෝ කෑලි නැති නිසා ලිව්වේ නෑ... :(

    ReplyDelete
  42. යාපනේ යන්න දවස් 4ක් හොඳටම මදි නංගියෝ.. මමත් ගියා.. ඒත් දවස් 4යි.. බැලුවා ඔක්කෝම, ඒත් මඟ ඇරුන ඒවත් ගොඩාක් තිබුනා

    ReplyDelete
  43. යාපනේ පැත්තෙ ගිහින්ම නෑ නොවැ.ලගකදි යන්නත් බැරි වෙයි.ඒ නිසා මෙහෙමවත් දකින්න ලැබෙන එක වාසනාවක්...
    ස්තූතියි නගෝ...

    ReplyDelete
  44. මාත් යාපනේ සවාරියක් ගිහින් ආවා . කවුරුත් ගිහින් දැක බලාගන්නවනම් ගොඩාක් හොඳයි .
    …පිංතූර ටිකත් ලස්සනයි .

    ReplyDelete