Friday, April 6, 2012

යුද්දයේ බිහිසුණු අත්දැකීමක් වර්ණා ගේ දෑසින්




"දුවන්න දුවන්න ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන කරා යන්න. "

හමුදාවෙන් එක පිට එක හඬවල් නිකුත් කරයි. යුද්දය නිසා හැමතැනම මිනිස්සු කලබල වී පාරේ එහා මෙහා දුවති.

"නැන්දේ මෙහෙ එන්න ඔයා කොහෙද මේ අර කට්ටිය පස්සේ යන්නේ. අයියෝ කෝ අම්මි?"

"අම්මි නැහැනේ . මමත් මේ බැලුවේ කෝ අම්මි කියලා.."

මට උන්හිටි තැන් අමතක වූවාක් මෙන් විය. මගේ අම්මා මට පන මෙන් විය. 



"මේ ඔයා මෙතනම ඉන්න. මම අම්මිව හොයාගෙන එන්නම්. නෑ එක්කෝ ඔයාත් එන්න. නැත්තම් මෙයා එහෙ මෙහෙ යයි. "

අපි දෙදෙනා ශාලාවක් ඇතුලට ඉක්මනින් ගියෙමු. එය මිනිසුන්ගෙන් පිරී ඇත. මෙහි මාගේ අම්මා ව සෙවීම දියෙන් කිරි වෙන් කරවාගැනීමටත් වඩා අපහසුය. එහෙත් මම අම්මා ව සොයා නැන්දා සමග ඉදිරියට ඇදුනෙමි.
අහ්හ් මොකක් රොබට් පැටින්සන්.. අනේ මම ආසම නළුවා. 



"කට්ටිය මේ පැත්තෙන් එන්න. ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන කරා යන්න. "

මලා මු සිංහල කතා කරනවද. ලඟට යන්න ඕනා අත්සනක් ගන්න. 
"මේ ඔයා මොකද මෙතන හිටගෙන කරන්නේ? ඉක්මනින් මේ පැත්තෙන් එලියට යන්න. බෝම්බ ගහයි මෙතනට දැන් "

ඔහු එලෙස කියුවේ මාහටය. අනේ රොබට් පැටින්සන් මාත් එක්ක කතා කළා. ආසාවේ බැරුවා..

"යමු යමු නැන්දේ. මෙතෙන්ට දැන් බෝම්බ ගහනවලු.. "

 එකෙනෙහිම අපි සිටිය ශාලාව වෙතට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය. 

ඩොන් පටාස්... පට පට පට පට ඩොන්...

"අයියෝ මගේ කන "

මට ශබ්දයක් ඇසුනි. මම හනිකට නැගිට දකුණු පස බැලීමි. මාගේ දකුණු කකුල ළඟ නැන්දා වැටි සිටිනු දැක මම කලබල වීමි..

"අහ්හ් නැන්දා මට වඳිනවා වත්ද? :o නෑ එහෙම වෙන්න බෑ. බලන්න ඕනා මොකෝ මේ පොලොව සිපගෙන ඉන්නේ කියලා.

ඉන්පසු මම වට පිට බැලුවෙමි. මගේ දෙපස මල සිරුරු සිය ගණන් තිබෙනු දැක මම බියපත් වීමි. නැන්දා ව මම ඊළඟට ඔසවා ගත්තෙමි. නැන්දා ට සිහිය තිබෙනු දැක මම පස්වනාක් ප්‍රීතියෙන් ඉපිලී ගියෙමි. 

"නැන්දේ නැන්දේ ඔයාට මොකද? නැගිටින්න. බෝම්බ ගහලා ඉවරයි.."

"අයියෝ කෙල්ලේ මගේ කන ඇතුලේ උණ්ඩයක් හිර වෙලා.මම මැරෙයි අයියෝ මගේ දේපල ටික මහලු මඩමකට ලියාපන්. "

"මේ පිස්සුද. අපි ඔය උණ්ඩේ ඉස්පිරිතාලෙකට ගිහින් එලියට ගම්මු.. යමු යමු හනිකට සුනංගු වෙයි නැත්තම්."

අපි දෙදෙනා ඉක්මනින් දිවවිත් පාරට ආවෙමු. මිනිසුන් සී සී කඩ දුවති. මම ඉක්මනින් ඇත දමා ත්‍රිවිලර් එකක් නවතා ගතිමි. ඉන්පසු අපි දෙදෙනා හනිකට එහි නැග ගත්තෙමු. 

"අහ්හ් මේ කවුද? මේ ඔයා ලකී ඩයස් නේද? මොකද මේ ත්‍රීවීල් එලවන්නේ ? "



"අයියෝ දැන් රඟපාලා විතරක් ජිවිතේ ඉස්සරහට ගෙනියන්න අමාරුයි දරුවෝ.එකයි මේ සයිඩ් ඒකෙන් මේකත් කරන්නේ. "

"හොඳා හොඳා අපිව ඉක්මණින් ඉස්පිරිතාලෙට ගෙනියන්නකෝ. මේ අපේ නැන්දාගේ කනේ උණ්ඩයක් හිර වෙලා."

" හොඳයි හොඳයි. ඔය යන ගමන් අටපට්ටමටත් ගොඩ වෙලා එමුද දරුවෝ. "

" අපෝ බෑ බෑ අපිට අම්මා හොයන්නත් යන්න තියෙනවා. "

අපි ඉක්මනින් ඉස්පිරිතාලෙට ගියෙමු. එහි සෙනග පිරී ඉතිරි ඇත. මෙහි බෙහෙත් ගැනීමට සිටියොත් නැන්දා වලපල්ලටත් මට නැන්දාගේ වයසටත් ඒමට පුළුවන්ය. ඒ නිසා අපි ගෙවන රෝහලකට ගියෙමු. එහෙත් මගේ අතේ පිච්චියක්වත් තිබුනේ නැත.

"හරි මෙතනින් නතර කරන්න.. ලකී ඩයස් හැබැයි අපි ගාව සල්ලි නැහැනේ දෙන්න."

" හත්වලාමේ සල්ලි නැත්තම් පාරට අත දැම්මේ මොකටද? "

"හදිස්සින්නේ. අපි අපිනේ අනේ පස්සේ සල්ලි බේරගමු."

"ඔයාලට සල්ලි නැත්ද? අහ්හ් එහෙනම් මෙන්න මේක තියාගනින්. "

එලෙස කියා මගේ ත මිටි මොලවා ඔහු විදුලි වේගයෙන් තුන්සක රියෙන් ඉගිල ගියේය.

"මලා රුපියල් 4500 ක්. හොඳ වෙලාවට.යමු යමු බෙහෙත් දාගමු "

එලෙස බෙහෙත් දමා අපි ගෙදර ආවෙමු. ඒ එද්දී අම්මා ගෙදර පැමිණ සිටියේය. 

"අම්මේ ඔයා ආවද? අපි හැමතැනම ඔයාව හෙව්වා."

"මමත් ඔයාලව හෙව්වා. මාව අතරමං උනානේ.ඉතින් මම කෙලින්ම ගෙදර ආවා. දන්නවද ත්‍රීවීල් එක එලෙව්වේ ලකී ඩයස්. "

"මලා අපිව ගෙනිච්චේත් එයානේ. සල්ලිත් දුන්නා අපිට. මට හිතෙන්නේ ඒ තාත්ති වෙන්න ඇති ඒ වෙලේ ලකී ඩයස් වෙලා එන්න ඇත්තේ "

-------------------------------------------------------------------------------------------------------------------------

"නැගිටිනවා නැගිටිනවා වෙලාව 6 යි."

හෑ එක හීනයක්ද? අපොයි ඒ කියන්නේ රොබට් පැටින්සන් හීනයක්ද? අනේ ඔයා මට හීනයක්‌ විතරයි :( තනි ඇහැට ඇඬේන්නේ :'(



ප.ලි.- සත්‍ය සිදුවීමකි. අද උදේ දැක්ක සිදුවීමකි. :පි

80 comments:

  1. හෙහ් හෙහ්!!! මේක නං මරු...හිනා කෝටියයි
    හොද වෙලාවට කනේ හිරඋනේ.. හික්ස් :)

    ReplyDelete
  2. ෂුවර් අද රෑ හීනෙන් ලකියා එනවා දීපු සල්ලි ඉල්ල ගන්න.. :)

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක ආවොත් බලාගමු .. අපිත් චන්ඩි හරි ලකී

      Delete
  3. හික්ස්ස්...ටිකක් කියවද්දිම හිතුනා හීනයක් වෙන්න ඇති කියලා

    ReplyDelete
    Replies
    1. මාර හීන තමයි මට ත් පෙන්නේ අෆ්ෆා

      Delete
  4. ඒපාරනම් ටිකක් තදට ඔලුව වැදිලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ යන්ට මෙයා යන්ට :පි

      Delete
  5. නංගිගෙ හීනෙ හොඳයි, මම තවම දකිනවා ප්‍රභාකරන් මගෙ කාමරේ මැරිලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. එළනෙ!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. බුදු අම්මෝ ප්‍රබාකරන් :o අම්මෝ අක්කේ බය හිතෙන්නේ නැද්ද :'(

      Delete
  6. හෙහේ.. ලකී ඩයස් ගේ අලුත්ම ජොබ් එක ත්‍රිවිල් එලවන එකද? යුද්ද අස්සේ හයර් යන එක මිනිහට ලාබ ඇති. අද රෑටත් හීනෙන් ගත්ත ණය පොලියත් එක්කම අරන් යන්න මිනිහා එනවලු.

    ReplyDelete
    Replies
    1. මම ආසම නළුවෙක් තමයි ලකී ඩයස්.. යර්ස් බොස් ඒ කාලෙත් බැලුවා රිපීට් එකත් ගෙදර ඉන්න වෙලාවක් හම්බුනොත් බලනවා. ඒ තරම්ම ආසයි. ඒ නිසා වෙන්න ඇති එයාව පෙනුනේ :)

      ආවදෙන්කෝ. මම සල්ලි නම් දෙන්නේ නැහැ :පි

      Delete
  7. නලුවන්ව හීනෙන් පෙනිම සුභ ලකුණක් (වේ/ නොවේ)

    ReplyDelete
    Replies
    1. වේ ද නොවේද?
      අලෙ බය කරන්ට එපා ඔහොම :'(

      Delete
  8. ඕක බ්ලැක් ඇන්ඩ් වයිට් ද කලර්ද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙනවා.... හීන අනිවා බ්ලැක් ඇන්ඩ් වයිට්ලු

      Delete
    2. @ dude
      කලර්ද බ්ලැක් ඇන්ඩ් වයිට් ද කියලා දැන් මතක නැහැනේ :(

      @ නලකයා

      ෂුවර්ද?

      Delete
  9. අන්න අරෙහෙ අසාර්ටත් එක එක හීන පේන්න පටන් අරගෙනලු....කට්ටියටම අවුලක් ගිහින් වගේ...:)))

    ReplyDelete
    Replies
    1. මගේ හීනෙ කොහොම කියන්නද?

      Delete
    2. අක්කේ අහ්හ් අසාර් ටත් හීන පෙනිලද? මලා :පි.

      එහෙම තමයි පිස්සුව තද උනාම :පි

      Delete
  10. හයියෝ...පිරිත් ටිකක් කියලා හරි ප්‍රේ කරලා හරි නිදාගත්තා නම් මේ වගේ හීන පේන්නැතිවෙයි..
    එළිවෙන ජාමෙට පේන හීන ඇත්ත වෙන්නෑ කියලා කියනවනෙ..:D

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙනවනම් කොච්චර දෙයක්ද :( මට කොයින්ද එච්චර වාසනාවක්...

      ප්‍රේ කරලා ට්ඨාමයි අක්කි නිදාගන්නේ, එත් මේ වගේ ජොලි හීන පෙනවාට මම ආසයි

      Delete
  11. හිකිස්.........මේක දැක්කම මම ලියපු පොඩි බඩ්ඩක් මතක් වුනා.....ඉක්මණට දාන්නෝනෙ ඒක......

    මරු හීනෙ අප්ප...

    ReplyDelete
  12. නංගී මම මේ සහෝදරකමට කියන්නේ.. ඔයා රෑට නිදා ගන්න කලින් ආගම සිහි කරන්න.. එතකොට මේ වගේ නරක හීන පේන්නේ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. ආගම සිහි කරනවා අයියේ... මේ වගේ හීන පෙනුනටනම් කමක් නැහැ උදේ නැගිටලත් මට හිනා.. අමතක වෙන්නේනම් නැහැ ඒ හීනේ...

      එත් විකාර හීන නැතුව සීරියස් හීන පෙන්නනම් එපා අම්මෝ

      Delete
  13. අයියෝ හරිම නරකයි පව්නේ ලකී අයියා..එයාව ඇයි ත්‍රීවීල් ඩ්‍රයිවර් කෙනෙක් කරේ..අඩුම ගානේ ඇමති කමක් වත්දෙන්න තිබ්බනේ..
    ඔයාටත් පේන්නේ මාර හීන නේ අනේ...

    ReplyDelete
    Replies
    1. එකනේද? :( මටත් පස්සේ පව් කියලා හිතුනා. මොනා කලන්නද දැන් පෙනිලා ඉවලයිනේ :(

      අම්මෝ මට පෙන හීන ලොවෙත් නෑ :පි

      Delete
  14. හි හි අයියෝ මෙයත් දකින හීන හිනා වේවි කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. මම උදේ පාන්දර නැගිට්ට ගමන් කලේ අම්මිට හීනේ කියුව එක. එයා කියුවේ මට පිස්සු තද වෙලා කියලා :පි

      Delete
  15. මීට පස්සේ රෑට ඇඳ ලඟ බිම පොඟවපු ගෝනියක් දාලා නිදා ගන්න..හීනෙන් ඇවිදින්න ගියොත් වතුර නිසා ඇහැරෙයි...අපේ පැත්තේ ගෑන්ලමයෙක් රෑ ඔහොම හීනෙන් ඇවිදගෙන ඇවිල්ල ගෙදරින් එලියට ඒ ලමයගේ තාත්තට මාට්‍ටු උනා...වැඩේ කියන්නේ හීනෙන් කෝල් කර කර ෆෝන් එකත් කනේ ගහගෙන ඇචිල්ලා තියෙන්නේ...ගුටි පූජාවයි ලූ..පස්සේ ඒ ලෙඩේ හරිගිහිල්ලා..කෙල්ල පැනලා ගියා දෙදරු පියෙක් එක්ක....

    ReplyDelete
    Replies
    1. ඉස්සර මමත් හීනෙන් ඇහැරිලා අවිදිනවාලු. ගේ ඇතුලේ හැබැයි. මගේ කාමරේ දොර ගාව තෙත පාපිස්සක්‌ තියලා.එත් දවසක් මම එකත් පාගාගෙන ඇවිල්ලා සාලෙට. අම්මොලා ටීවී බල බල ඉඳලා තියෙන්නේ. එදා එයාලා හොඳටම බයවෙලා. පස්සේ ෆාදර් කෙනෙක්ව ගෙන්නලා බ්ලේස් කරල්වලා බෙල්ලේ මොකක්ද කුරුසයක්‌ එල්ලුවා. එඑඅ පස්සේ තමයි එක නැවතුනේ :( ඔය මම 3 වසරේ වගේ ඉද්දිලු :) මටනම් මතක නැහැ..

      ඔයාගේ කතාවෙනම් කෙල්ල හොර ඇවිදිල්ලක් වගේ නේද :පි

      Delete
  16. මම හිතුවා සීරියස් කේස් එකක් වෙන්න ඇති කියලා ටයිට්ල් එක දැක්කාම... මිනිස්සු නොමග යවන එක හරිද මං අහන්නෙ..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ලියන්නාගේ දක්ෂකම :පි

      Delete
  17. හිකිස්..හීනෙන් හරි කමක් නෑ පැටින්සන් අය්යව දැක්කනේ..
    කතාව නම් නියමයි අලේ..

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් නගෝ . මට මාර ආසාවක් ඒ නිසා අනේ :)

      Delete
  18. වෙන එකෙක් හිටියෙම නැද්ද ලකී ඩයස් දැක්කෙ :P
    උන්දැට දැන් 60ත් පැනල මයේ හිතේ!:D

    ReplyDelete
    Replies
    1. වෙන කෙනෙක් හිටියේ නැහැනේ :පි
      වයස මොකක්ද අනේ :පි

      Delete
  19. //රොබට් පැටින්සන්// <3 <3 <3

    hikss...මරේ මරු හෆ්ෆා.. ඔහොම හීන හිටපු ගමන් මටත් පේනවා...:D

    ReplyDelete
    Replies
    1. හිකිස්‌,,, පැටින්සන් අයියා සිංහල කතා කරනවා දැකලා මට හීනේ ඉද්දීම හිනා ගියා :)

      Delete
  20. හීනෙන් හරි නැන්දගෙ කණේ උණ්ඩයක් හිරවුණු වෙලාවෙ අන්තිම කැමති පත්‍රය ලියාගන්න තිබුනේ මහලු මඩමට පස්සේ ලියනකල්.

    මේ කට්ට පායන දවස්වල ඔහොම හීන දැක්කොත් මරු.

    ReplyDelete
    Replies
    1. ඒකතමයි. එයාත් අනේ යසට ඉන්න මට ලියන්නේ නැතුව මඩමකට ලියන්න කියුවනේ. අපිටත් ඉන්නේ මාරු නැන්දලා තමයි :පි

      Delete
  21. මාර හීනයක්නෙ.හරියට ෆිල්ම් එකක් වගේ ;)

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙම මහා දිග හීන :)
      අර One Day කියලා ඉංග්‍රීසි චිත්‍රපටයකත් මුළු කතාවම හීනයක්නේ :)

      Delete
  22. කනේ උණ්ඩ හිර වෙන්නනම් ඒ තියන්න ඇත්තේ සෙල්ලම් බට තුවක්කුවකින් වෙන්න ඇති.

    ඊයේ පෝය නේද?ඔයාටත් හඳ දැක්කාම අර කලින් තිබුණු ලෙඩේ උත්සන්න වෙනවා නේ.ආගම සිහිකරලා නිදාගන්න.

    ReplyDelete
    Replies
    1. සෙල්ලම් තුවක්කුවක් වෙන්න ඇති තමයි හිකිස්‌.

      ඔයාටත් හඳ දැක්කම කියන්නේ එහෙනම් ඔයාටත් එහෙමද :පි

      Delete
  23. රොබට් ඕ බ්ලේක් යුධ සතුරෙක් වෙද්දී රොබට් පැටින්සන් යුධ මිතුරෙක් වෙයි.

    ReplyDelete
    Replies
    1. අහෝ දුකකි ඉරකි කොමාවකි,.. :)

      Delete
  24. හලේ හීන දැකපු කාලයක් මතක නෑ
    ඇදට වැටෙනවා
    පස්සට ඉර පායනකං දපලා ඉන්නවා.......
    සෝක් හීනෙ......... :-)

    ReplyDelete
    Replies
    1. මමත් නිවාඩු දවස් වලට ඔහොම තමයි. අනිත් දවස් වලට තමයි ෆිල්ම් වගේ හීන පෙන්නේ :)

      Delete
  25. අඩේ මට කේන්තිම යන වැඩේ මේ හීන වගේ කතා ලියන එක.. මල පනිනව බං.. සැප විනාසයි !

    ReplyDelete
    Replies
    1. ඉතින් ඇත්තම හීනයක්නේ මේක. ඔයා හිතුවේ මම ගොතපු කතාවක් හීනයක්‌ විදියට හදලා ලියුවා කියලාද? සැකයක් තියෙන කෙනෙක් අපේ ගෙදරට කෝල් කරලා අහන්නකො. මම හීන ගැන අම්මටත් කියලා ඇති

      Delete
    2. හා කෝ නොම්බරේ දෙන්න.

      Delete
  26. නින්ද අඩු වුනාම ඔහොම වෙනවා නගෝ. වැඩිය නිදි මරන්න එපා.:P

    මම බැලුවා මේ හොඳට හිටපු කෙල්ලට මොකද වුනේ කියලා.

    ReplyDelete
    Replies
    1. නිදාගන්න එක විතරයි අයියේ හරියට කරන්නේ මම හිකිස්‌... ඔව් ඔව් ඉක්මනින් නිදාගන්න ඕනා.. :)

      මට මුකුත් වෙලා නැතෝ.. දන්නේ නැද්ද ඉතින් මට පිස්සුනේ :)

      Delete
  27. වර්ණෘ, ළඟකදී ඇඳ විට්ටමේ වත් ඔළුව වැදුනද ? නැත්නම් පැට් ගේ ෆිල්ම් එකක් වත් බැලුවද ?

    පව් අප්පා ලකී මහත්තයා !!! ත්‍රීවීලර් එලවන්නේ !!!

    මට තියෙන ප්‍රශ්නේ... ගෙඩිය පිටින් කිරි කිරි 5000/- කොලයක් දෙන්නැතිව මොකද ඒ යකා 4500/- ක් දුන්නේ ???

    ReplyDelete
  28. පිරිත් පොඩ්ඩක් එහෙම අහල නිදා ගන්න විදිහක් නැද්ද ඔයාලගේ ගෙදර.... ;/

    ReplyDelete
  29. අනේ මට මෙහෙම මුල මැද අග ඇති හීන පේන්නෑනෙ..

    ඔයාගෙ හිතේ ලංකාවේ නලුවො ගැන අවතක්සේරුවක් තියනවා වගේ.. හිහ්..

    ReplyDelete
  30. මටත් ඔය වගේම ඕනතරම් විකාර/ලස්සන හීන පේනවා ඒත් නැගිට්ටම ඒවා අමතකයි!

    ReplyDelete
  31. අඩේ මරු හීනේ.. කනේ උණ්ඩයක් හිර වෙන්න නැන්ද කොච්චර පව් කරන්න ඇත්ද. මාර සීන් ඒක කියන්නේ මම අද පාන්දර දැක්ක කරීනා කපුර් අපේ ලිඳේ බාල්කෙට කඹයක් දාගෙන එල්ලිලා මැරිලා ඉන්නවා. හීන තමයි හීන.

    ReplyDelete
  32. මම හිතුවේ කොහෙ හරි ඔලුව වැදුනද කියලා

    ReplyDelete
  33. ඉතින්, මොකෝ පැටිසන් අයියට වුණේ??

    ReplyDelete
  34. හි හි... ඕවා මේ දවස් වල වැස්සට පේන හීන.... :D :D

    ReplyDelete
  35. මාරයි නේ වර්ණා...... ඔයාගේ හීනෙනුත්, ලකි ඩයස් ට හිමි වෙලා තියන්නෙ, හොඳ චරිතයක් නේ..:)) :D :D

    ReplyDelete
  36. මේ ලොකු අක්කේ සීතලට ගුලිඋනේ කොහොමද ඔයපැත්තට කට්ට අවුවනේ...නෑ..ඉතින් මම මේ ඇහුවේ උඩින්ම '' සීතලට ගුලිවෙච්චි ඇස්..." ගැන කියල තිබ්බ හින්දා

    ReplyDelete
  37. :D හයියෝ.. නංගියත් දකින්නෙ හිනාව නවත්තගන්න බැරි හීන නෙ.. අලේ ඉඳලා හිටලවත් බැරිද එවන්න ඔය වගේ හීන ටිකක් අපිටත් නගේ.. :D :D හැබැයි අර භයානක හරිය නැතිව හො‍ඳේ..

    ReplyDelete
  38. හිකිස්.....මරු හීනේ...

    ReplyDelete
  39. වෙන හීන පේන්නෙම නැද්ද බන්

    ReplyDelete
  40. පොස්ට් එක කියවල හිනා ගියා නංගෝ . . . ඒත් මේ විදියෙ සිදුවීමක් හාස්‍යකට ගන්න එක හරි ද මන්දා ? ? ?

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete