"ඔයා මොනවද කරන්නේ?"
"කවියක් ලිව්වා, අනේ හොඳද බලන්න"
"බාගයිනේ ලියලා තියෙන්නේ. "
"ඉතිරි ටික ලියන්න හිතට එන්නේ නෑනේ"
"චුට්ටක් කල්පනා කරලා ලියන්න"
"බෑ... ඔයාම ඉතිරි ටික ලියන්න. ඔයා මහ ලොකු කවිකාරයනේ"
"මම ඔය අනුන් ලියපු කවි බෑගවල අඩු පුරවන්න ගිහින් මගේ ප්‍රතිභා පූර්ණ කාව්‍යත්වය නැති කරගන්න කැමති නෑ හලෝ.. තේරුනාද? "
"මෙහෙමනේ. මේ කවිය ලියලා තියෙන්නේ අපි දෙන්නා ගැන. ඉතින් අන්තිමේදී අපි දෙන්නා එකතුවෙන වග කවියෙන් කියවෙන්න ඕනා."
"ඉතින් ඒක ඔයාටම පුලුවනිනේ, අවසානයේ අපි දෙන්නා කසාද බඳිමු කියලා ලියන්න."
"මට එහෙම ලියන්න පුළුවනි නම් ලියන්න ඕනානම් මම ඔයාට කියනවද? දෙන්න , දෙන්න මම බැරි කමට හරි ලියා ගන්නම්. ඔයාට මේක මදිකමක්නේ. ඉතින් යන්න මට ලියන්න දීලා."
"අයියෝ ඔච්චර තරහා ගන්නෙපා. කෝ දෙන්න මම ලියන්නම්. මේ කෙල්ල මහා ඇට්ටර කෙල්ලෙක්."
මටම හිමිවන ලෝකයක් ඇත ඒ ලොවේ රැජිණිය වෙමි
සිතට සිත් වන සිතුම් පොදියක සිහින ගෙන එහි අතුරමි
එසඳ ඔබ රන් කිරුළ ගෙන එන මගට හිනැහී දිව එමී
ඔබම මිස මට මටම මිස ඔබ වෙනත් කෙනෙකුට නොව හිමී
බලන් යද්දි හැම කෙල්ලම කොල්ලට දෙන වද එක සමානද කොහෙද?... :)
ReplyDeleteහිහි.. අනේ එහෙම නැහැ. ඒවා සුන්දර කරදර :)
Deleteකෙල්ලෝ හිතන්නේ එහෙම තමයි. රැග් වෙන කොල්ලෝ තමයි දන්නේ ඒකෙ රඟ.... :(
Deleteකොල්ලෝ පව් නේද අනේ :පි
Deleteහරිම ලස්සන එළිසම ඇති කවියක් වර්ණා...:)
ReplyDeleteබොහොම ස්තුති ෆාතිමා
Deleteගොඩක් ලස්සනයි මගෙ අක්කියො..
ReplyDeleteබොහොම ස්තුති මගේ නංගියෝ
Deleteකවිය කෙසේ වෙතත් කතාව නම් සුන්දරයි...
ReplyDeleteබොහොම ස්තුති සහෝ
Deleteඔබේ සෙනෙහේ මා සතූ
ReplyDeleteඔබේ ජීවේ මා සතූ
ඔබේ සිනහව මා සතූ
මගෙ ජීවේ ඔබ සතූ...
මගෙ සිහිනේ මින් මතූ
රැක ගැන්මයි මා සුදූ
ඔබේ පැතුමන් මින් මතූ
ඉටුවේවි මගේ සුදූ...
මට කවියක් ලියන්න කිව්වනම් මගේ ආදරී වෙනුවෙන් මේං මෙහෙමයි මම ලියන්නේ...
අනේ සෝක් කවිය :)
Deleteවර්ණා කවිත් ලියනවයි දැන්..............ලස්සනයි.
ReplyDeleteතැන්ක්ස් යාලු
Deleteඅනිත්‍ය මෙනෙහි වුනා
ReplyDeleteහ්ම්ම් එහෙමද :)
Deleteකවියයි කතාවයි දෙක ම හරිම ආදරණීයයි... ඊටත් වඩා වෙන මොනා කියන්නද!
ReplyDeleteබොහොම ස්තුති :)
Deleteහරිම ලස්සනයි!! ඇත්තටම වර්ණා.. හැබැයි අර දෙබස කියවද්දි මට මතක් වුනා දෙන්නෙක්ව..o_O
ReplyDeleteකවුද බොලේ ඒ? :o
Deleteහිතේ මැවුන කතාවක් කිව්වට ඔය පනින්නේ බළල්ලු දෙන්න දෙන්න එලියට!:P
Deleteෂා...කෙටි වුනත් මරු කවිය.රිදම් එකට කියන්නත් පුලුවන්..
ReplyDeleteඑකනේ අක්කේ .. අපි රිදම් එකට තමයි කවි ලියන්නේ :පි
Deleteඅර කතාව හරි.. සියලු දේ අස්ථිරයි
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්
Deleteවර්ණා දැන් හරි දියුණුයිනේ.... ;)
ReplyDeleteඅහ්හ් ඇයි මම ඉස්සර නොදියුනුද? තනි ඇහැට ඇඬේන්නේ :'(
Deleteමම නම් මට කවි ලියන බව කියන්න යන්නේ නෑ.. පේනවනේ තියෙන කරදරේ..
ReplyDeleteඑකනේ.. අනේ ඉතින් කරදර තියෙනකොටත් සුන්දරයි නේ :)
Deleteඔව් ඔව් ඉතින්.. කවුද නෑ කිවුවේ.. :)
Deleteසා...දැන් කවුද ඇත්තටම මේ කවිය ලිව්වේ...?
ReplyDeleteතනි හිතක උපන් කවියක් අක්කේ. මේවා ඔක්කොම හිතන මනස්ගාත, ඇත්ත සිදුවීමක් නෙමෙයි
Deleteදැන්ම මෙහෙමනම් .... අහො දුකකි ඉරකි තිතකි. තමා
ReplyDelete"මං කවි කාරිලු මං කවි කාරිලු
ReplyDeleteගජමන් නෝනට වැඩි කවි කාරිලු
ආලවඩන කවි සිංදු ගොතන්නට
ඉස්සර ඉඳලම මං කවි කාරිලු"....
එහෙම කිව්වෙ මම නෙවෙයි "නිරංජලා සරෝජීනී" ගීයකින්
"මං කවි කාරිලු" සින්දුව ගැන මම කතාවක් අහල තියනවා. ඒක කවුරු හරි නිරංජලා සරෝජිනිට නිර්නාමිකව එවපු සින්දුවක් කියලා. මේකේ කියවෙන්නේ දරුවන් නැති කෙනෙක් ගැන නේද? රචකයා කවුද කියලා හෙළි කරන්න කියලා ඇය ඉල්ලුවට හෙළි කරලා නැහැලු. ඇත්තද නම් දන්නේ නැහැ...
Deleteමං කවිකාරිලු ගීයෙන් කියවෙන්නේ දරුවන් නැති විවාහක කාන්තාවක් ගැන තමයි. මේක ලියු ගිත රචකයා ඒ තරම් ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි. නමින් "නිමල් රත්නසිරි රූපසිංහ" ගීය ගයා බෙහෝ කාලෙකට පස්සෙ නිරංජලාට ඔහුව හමුවෙලා තිබුනා.අනික මේ ගීය සංගීතය සපයලා තියෙන්නේ අන්ධ බටනලා වාද්‍ය ශිල්පී වී. හේමපාල පෙරේරා.
Deleteමට නම් කවි ලියන්න දක්ශකමක් කවදාවත් තිබ්බෙ නෑ. නමුත් හොඳ කවියක් රස විඳින්න ඒක බාදාවක් නොවෙයිනෙ. වර්ණගෙ කවියත් නියමයි. කමෙන්ට් වලට අනිත් අය දාලා තියෙන කවිත් එහෙමයි.
ReplyDeletehenryblogwalker the Dude
බොහොම ස්තුති :)
Deleteලස්සනයි..
ReplyDeleteපොඩි පොඩි රණ්ඩු ආදරේ වැඩි කරනවලුනේ..
එකනේ :)
Deleteරැයෙහි පිපි තරු
ReplyDeleteහිරුට අහිමිද?
දවල් පිපි මලා
සදුට අහිමිද?
නොපිපි මල් හැම
බමරු සිබිතිද ?
ලැබෙන නොලැබෙන
දහම ඒකද ?
ලස්සනයි :)
Deleteතුති !
Deleteයන්තම් පුලුවං !
ලස්සන කවියක්..ගොඩක් ලස්සනයි..
ReplyDeleteආ ඔයාව දැක්කේ අදනේ ඔයාත් ගොඩක් ලස්සනයි...
බොහොම ස්තුති කුමාරිහාමි :)
Deleteලස්සනයි කවිය..කවි කොලයක් අම්මට අහුවෙලා ඇහුව ඇහුවා මම කිව්වෙම නෑ කව්ද ලිව්වේ කියලා...මම ලිව්වේ කිව්වම උඹේ අකුරුද මේ කියලා අතේ කෝට් වැඩේ...පොඩි අක්කගේ යාළුවෙක්..අම්මා උගන්නපු ඉස්කෝලේ කෙල්ලක්..කිව්වනං එහෙම කෙල්ලගේ පටි රෝල්නේ.....
ReplyDeleteඔය කිව්වමයි මටත් මතක් උනේ. මමත් හා හා පුරා කියලා ලියපු කවියක් 9 වසරෙදී ගෙදර අයට හබවෙලා මට මතකයි හැමෝම ඉන්න වෙලාවක තාත්ති හිනා වේවි කවිය කියෙව්වා. ඒ වෙලාවේ මට දැනුනු ලැජ්ජාව අදටත් මට මතකයි අයියෝ :'(
Deleteදැන් කවිත් ලියනවා නේ.එත හදිස්සියෙන් නේ දාන්නේ.
ReplyDeleteඑහෙම තමයි හිහි
Deleteලැජ්ජයි අනේ මෙව්වා දකිද්දී!:P
ReplyDeleteඅනේ මම ඉතින් කියන්නේ නැහැ :/ :පි
Deleteම්ම්..කවියත ලස්සනයි..කතාවත් ලස්ස්නයි..මම වැඩියෙන්ම ආස ඒ කතාවට..ඒක නිකන් ඇත්තම ටිකක් වගේ.. :)
ReplyDeleteබොහොම ස්තුති යාලු :)
Deleteකෝ බං මං කලින් දාපු කමෙන්ට් එක????
ReplyDeleteමෙව්වට උත්තර දෙන්න කවී ලියන්න මමත් මගේ ප්‍රතිභා පූර්ණ කාව්‍යත්වය ද මොකක්ද එක නැති කර ගන්නේ මොකටද? ඔන්න ඔහේ සද්ද නැතුවම ඉන්නවා
කෝ කලින් කමෙන්ට් එකක් දැම්මද ? අනේ මන්දා
Deleteහික් හික් ඔව් ඉතින් අර මොනවද බැරි මිනිහට මොනවද ඇදයි කියුවා වගේද එකත :පි
කවිය හුඟාක් ලස්සනයි වර්ණා..... සුබ පැතුම්.....
ReplyDeleteබොහොම ස්තුති අක්කේ :)
Deleteසා මරේ මරු කවිය..!! ඇගේ හිරිගඩුත් පිපෙනවා අෆ්ෆා ..!! :)) එල ආ
ReplyDeleteටැංකු ඈ :)
Deleteඅපූරුයි වර්ණා හරිම ආදරණීයයි
ReplyDeleteබොහොම ස්තුති යාලු
Deleteහෙ.හේ....මෙයා ට මොකක්ද වෙලා වෙලා වගේ......ඒ කියන්නෙ හොඳ දෙයක් හොඳේ?..:):)
ReplyDeleteඅනේ අප්පේ එහෙම කිසිම දෙයක් වෙලා නැතෝ :)
Deleteහේ හේ නගාට මල්සරාවත් විද්දද?
ReplyDeleteඅනේ අම්මෝ නෑ නෑ අක්කේ :)
Deleteඅන්තිම පද දෙක නම් පට්ටයි හොඳේ.. වර්ණා අක්කා දැන් කවි ලියනවා නේ හිටු කියල...
ReplyDeleteඅනේ හිටු කියලා ලියන්නේ නැහැ කොල්ලෝ. :පි
Deleteආ.......නෝ...........සෝයි කවිය අප්පා....^_^
ReplyDeleteටැංකු නගෝ
Deleteලස්සනයි අක්කි.. අර බට්ටි කිව්වා වගේ එකක් වෙලා නම් සුභ පැතුම් හොදේ.. : D
ReplyDeleteඅනේ එහෙම දෙයක් නැහැ නගෝ. බොහොම ස්තුති :)
Delete