Monday, January 30, 2012

කමුද මාළුපාන්?

හ්ම්ම් කොහොමද ? ටික කාලෙකට පස්සේ.. 
අද මම කියන්න යන්නේ මම හදපු කෑමක් හදාගන්න විදිය ඔයාලට කියන්න.. ඔව් අපි හැමෝම ආසයිනේ මාළුපාන් කන්න. එත් කඩවල් වල තියෙන්නේ අමු ජරාව.. කඩේකින් මාළුපාන් එකක් කෑවොත් සතියක් ටොයිලට් එකේ පදිංචි වෙන්න පුළුවන්.. එත් සක්‍යා එකේ මාළුපාන් නම් සිරාවටම රසයි.. 
හරි කතා ඇති. දැන් හදමු.


අවශ්‍ය ද්‍රව්‍ය


පිටි මිශ්‍රණයට 


පිටි 500g (මාළු පාන් 10 ක් විතර හදන්න පුළුවන්, පොඩියට හැදුවොත් 12 ක් විතර පුළුවනි)
යීස්ට් තේ හැදි 5 ක්
සිනි තේ හැදි 3 ක්
ලුණු කුඩු ටිකක්
වතුර


ඇතුළු පිරවුමට
මාළු , ඔයාල මාළු කනවනේ, එහෙනම් මාළු දාන්න, මම මාළු කන්නේ නැහැ එත් සැමන් කනවා, ඒ නිසා මම සැමන් ටින් එකක් ගත්තා
හීනියට ලියාගත් කැරට් 
හීනියට ලියාගත් ගෝවා 
කපාගත් ලොකු ලුණු
පොඩියට කපාගත් අල
සුදුලුනු , කරපිංචා, අමුමිරිස්‌, රම්පා
මිරිස් කුඩු, කහකුඩු, කුරුදු කුඩු
සොයා සෝස්


හරි දැන් බලමු සාදන ආකාරය.

මුලින් පිටි ටික භාජනයකට දමන්න. එයට සිනි, ලුණු දමා කලවම් කරන්න. උතුරන වතුර අඩු කෝප්පයකට යීස්ට් ටික දමා දිය කරගන්න. එම දියරය පිටි මිශ්‍රණයට දමන්න. ඉන්පසු එයට වතුර ටික ටික දමා පහත ආකාරයට අතේ ඇලෙන්නේ නැති පදමට පිටිමිශ්‍රනය හදාගන්න.


ඊට පස්සේ පිටි මිශ්‍රණය තවත් ගොඩාක් පාරක් අනාගන්න ඕනා. මාළුපාන් එක හොදට පිපිලා එන්නේ මේ ඇනීම මත.හොදට අනාගත්තාට පස්සේ පිටි මිශ්‍රණය සහිත භාජනය ප්ලාස්ටික් පිගානකින් වහලා පැයක් පමණ පැත්තකින් තියන්න ඕනා. යීස්ට් වල ක්‍රියාකාරිත්වය නිසා පිටි මිශ්‍රණය පිපෙනවා. 



දැන් අපි මිශ්‍රණය හදාගමු.
කැරට් සහ ගෝවා
රම්පා, කරපිංචා, අමුමිරිස්, සුදුලුනු

පොඩියට කපාගත්තු අල


මුලින්ම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා , තෙල් රත් උනාම එකට කපාගත් ලුණු දමා  ටිකක් බැදෙන්න අරින්න.

ඊට පස්සේ එයට මුලින් පෙන්නලා තිබුණු රම්පා, කරපිංචා, සුදු ලුණු , අමු මිරිස් දාලා හොදට බැදගන්න.. ඊට පස්සේ එකට කැරට් ටික ගෝවා ටික සහ අල ටික දමා හොදින් උයා ගන්න.


දැන් සැමන් ටික සාමාන්‍යයෙන් කෑලි තියෙන විදියට කඩාගෙන, එකට ලුණු, ගම්මිරිස්, මිරිස්, කහ කුඩු සහ සොයාසොස් දමාගෙන පැත්තකින් තියාගන්න සීසන් වෙන්න.
දැන් ලිපේ තියෙන මිශ්‍රණය උයාගත්තාට පස්සේ එයට සැමන් ටික දමන්න. තව සොයාසොස් ටිකකුත් දමන්න.


මෙම මිශ්‍රණය හොදට උයාගන්න ඕනා. නැත්තම් ගෝවා, කැරට්, අල අමුවෙන් තමයි කන්න වෙන්නේ :))

හරි මේ මිශ්‍රණය ලිපෙන් බාලා නිවෙන්නට හරින්න ඕනා.


දැන් පිටි මිශ්‍රණය අරගෙන බෝලා වලට වෙන් කරන්න. ලොකුවටනම් 10 ක්, නැත්තම් 12 ක් විතර.


ඊටපස්සේ මේ එක පිටි බෝලයක් අරගෙන තුනී කරගන්න. ගොඩාක් හීනියට නෙමෙඉ. සාමාන්‍ය ගනකම තියෙන විදියට.. මෙන්න මේ වගේ.


ඊට පස්සේ පහත රූපරාමු පෙළ පරිදි මිශ්‍රණය මැදින් තබා තුන් මුලසට නමාගන්න.











මෙන්න මේ විදියට හදාගත්ත මේ මාළුපාන් ටික තව පැය බාගයක් පමණ පැත්තකින් තබන්න. මෙවිට මේ මාළුපාන් ටික ආපහු පිපෙනවා. ඊටපස්සේ බිත්තර සාරු මේ මාළුපාන් වල උද පැත්තේ තවරන්න ඕනා. බේක් උනාට පස්සේ එතකොට උඩ කොටස දිලිසෙනවා මේ බිත්තර සාරු නිසා..ඊටපස්සේ සෙන්ටිග්‍රේඩ් අංශක 190 මිනිත්තු 20 ක් පමණ බේක් කරගන්න.
මිනිත්තු 20 ක් හෝ ඊට වැඩි. 


ඔන්න මාළුපාන් හදලා ඉවරයි.. හෑහහ් කෝ බොලේ අවසන් ප්‍රතිපලේ?
අනේ සමාවෙන්ට ඕනා තියෙන හදිස්සියට පින්තුර ගන්න බැරි උනා. පින්තුර ගන්න කලින් කාලා ඉවර උනානේ :(((


හදලා බලලා රසද කියන්න හොදේ :)))



Wednesday, January 25, 2012

මචන් උඹ ගොඩාක් ලකී



මේ ජිවිතේ හරියට කියවලා ඉවරකරගන්න බැරි පොතක් වගේ..අපි කොච්චර කියෙව්වත් කියවලා තියෙන්නේ එකම තැන.. කොච්චර හෙව්වත් අලුත් පිටුවක්. නැහැ හම්බෙන්නේ.. එත් කලාතුරකින් පොත ගොඩාක් සාර්ථකව කියවලා ඉවරකරගත්ත අයත් ඉන්නවා. එයාලට කියන්නේ, මචන් උඹ ගොඩාක් ලකී... කියලා.
එත් "මං වගේ කාලකන්නියෙක්" කියලා හිතන අය මේ මිනිස්සු අතරේ කොච්චර ඉන්නවාද....


මං අවුරුදු 21 ක් ඇතුලත ජිවිතේ ගැන ලබාපු අත්දැකීම් සහා ඉගෙන ගත්තු දේවල් බොහොමයි..මිනිස්සු ගැන ගොඩාක් දේවල් ගොඩාක් හොදට ඉගෙන ගත්තා. මගේ ලග ඉදපු අය මට හතුරුකම් කරපු විදියත් නොහිතපු අය මට ලං වෙච්ච විදියත් මට දැනටත් අඩත්තේට්ටම් කරන අයත් මට හම්බුනා.මේ හැමකෙනෙක්ටම මුහුණ දෙන්න මට ශක්තිය හැමවෙලේම තිබුනේ නැහැ.. ඒ ගොඩාක් දේවල් වලදී මම වැටුනා. මගේ පවුලේ අය නිසාම මම අනන්තවත් අඩලා ඇති. කොටින්ම කියුවොත් අලුත් අවුරුද්ද දවසෙත් මහා හයියෙන් අඩපු කෙල්ලෙක් මම. එත් මගේ නැති වෙච්ච තාත්තාගේ පිහිටෙන් මම නැගිටින්න හැමවෙලේම උත්සහා කලා.. වැලේ වැල් නැතුව පාරක් පාරක් ගානේ ඔහේ ඇවිද ගිය මට, ජිවිතේ කාලකන්නි කරගන්න යන හැමවෙලේම මගේ ලග ඉදන් මාව හරි මාර්ගෙට යවපු මිතුරොත් නැතුවා නෙමෙයි.එත් ඒ හැම කෙනෙක්ගෙන්ම ඈත් උනේ මම නිසා කාටවත් කරදරයක් වෙනවාට මම අකමැති නිසා..
පුංචිම පුංචි කාලේ තාත්ති මම තට්ටු 10 ක ගෙයක් හදලා ලොකු කාර් එකක් ගන්නවා එක ඔයාට දෙන්නද කියලා අහද්දී, නෑ පුතේ ඒ ඔයාගේ කාර් එකනේ එකේ මම ඩ්‍රයිවර් වෙන්නම්කො ඒ තට්ටු 10 ගෙදර යටම තට්ටුව මට දෙන්නකෝ.. මට තට්ටු නගින්න බැහැනේ කකුල රිදෙයිනේ කියලා තාත්ති කියුවා මට අද වාගේ මතකයි.. . ඒ දුව මෙහෙම ජිවිතේ විනාස කරගන්නවාට තාත්ති අකමැති බව මම දන්නවා තාත්තේ.. එත් ඔයා නිසා ඔයාගේ ආදරේ වැඩි කම නිසා පොඩ්ඩ ඇත්තම් මේ කෙල්ලට දුක හිතෙන හිතක් මැවුනා.. ඒ හිත මේ කෙල්ල කියන දෙයක් අහන්නේ නැහැ. අම්මිට මගේ හිත කියවන්න බැරි නිසාමද මන්දා මගේ ජිවිතේ නිකම් නාස්ති වෙයි කියලා මට බයයි... මේ වනතෙක් හිත හයිය කරගෙන ලෝකෙට පෙන්න හිනා වෙවී හිත ඇතුලින් අඩ අඩ හිටපු මට  ජිවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ.


අහම්බෙන් දැක්ක බ්ලොග් පොස්ට් එකක් නිසා බ්ලොග් එකක් ලියන්න හිතුනත් හිතුවක්කාරී කියන හිතුවක්කාර නැති කෙල්ල මාව දිරි ගන්වපු නිසාත් ඔයාලා අද කියවන මේ බ්ලොගය මා අතින් නිර්මාණය උනා.
කියාගන්න බැරිව හිර වෙලා තිබුණු හැගීම් ගොඩාක් එලියට පනින්න වෙර දරද්දී අමාරුවෙන් හංගගෙන ඉදලා ඒවා එහෙම් පිටින්ම බ්ලොග් පොස්ට් එකක් තුල හිර කරන්න අසාර්ථක උත්සාහයක යෙදුනු මම, බ්ලොග් ලෝකෙට ටික කාලෙක විරාමයක් තියන්නයි සුදානම් වෙන්නේ.. මම දන්නවා සමහරු ඇවිත් මට බනි.. සමහරු හිතින් හොදයි කියයි.. මොනා කියුවත් මම හිතුවා ටික කාලෙකට බ්ලොග් එකේ කිසිවක් නොකොටන්න.. ඒ වගේම මුණු පොතෙවත් නොරැදෙන්න..
බ්ලොග් නිසා ගොඩාක් හිත රිදුනා. ඒ වගේමයි ඒ දේවල් නිකම්ම හිතින් අයින් උනා.. සමහර බ්ලොග් කාරිනියන් මාත් එක්ක තරහා වෙලාදෝ කියලා වෙලාවකට මට හිතෙනවා.. ඒ අයට මගෙන් වරදක් උනානම් සමාවෙන්න කියලාත් කියනවා.. බ්ලොග් ලෝකෙන් මට හිතා ගන්න බැරි විදියට යාළුවො ගොඩාක් හම්බුනා...මම ටික කාලෙකට එන්නේ නැහැයි කියද්දී මගේ නම්බර් එක ඉල්ලගත්තු බ්ලොග්කාරිනියක්  පවා හිටියා. ඒ වෙලාවේ මට දැනුනේ මම ඇත්තටම එයාගේ හොද යාලුවෙක් වෙලා නේද කියලයි..


බ්ලොග් වලින් සමුගන්නේ ටික කාලෙකට.. හිත ටිකක් හැදුනාම ආපහු එනවා.. ඒ වෙනකොට මාව අමතක වෙලා ඉදිද දන්නේ ත් නැහැ ඕන්.. හේ හේ...


අන්තිමට කියන්නේ බ්ලොග් නිසා දැන් ගොඩාක් අය ගහාගනන්වා... අනේ මන්දන්නේ නැහැ මොකට මෙහෙම රණ්ඩු වෙනවද කියලා. ඒ ගැන නම් නො කමෙන්ට්ස්.. 
අහ්හ් තව දුකක් තියෙනවා මම ලියාගෙන ආපහු කතාව ටික කාලෙකට දමන්න බැරි වෙයි.. එකට සමාවෙන්න.. 


මං වගේ ජීවිතේට තේරුමක් නැතිව ජිවිතේ ගෙනියන්න එපා. මම සමුගන්නේ පෞද්ගලික හේතුවකට හිත රිදදුනු නිසා ටික කාලෙකට.. 
අන්තිමට කියන්න තියෙන්නේ මාව අමතක කරන්න එපා කියලා තමයි :))))







Tuesday, January 24, 2012

බොඳව ගිය දේදුනු- 2 වෙනි කොටස

  "මොකද ගගට පනින්නද කල්පනාව "
මගේ සවන් ලගින් ඇසුණු කටහඩ ඔස්සේ මම ක්ෂණිකව හැරී බැලීමි.

(පළමු කොටස කියන්න බැරි වුනු කෙනෙක් ඉන්නවානම් මෙන්න පාර ..බොඳව ගිය දේදුනු- 1 කොටස)


අද එතැන් සිට ...........


ආදරේ කියන එක පුජනීය දෙයක්.. එක දෙන්න ඕනි පුජනීය විදියට. ඇත්ත ආදරයක් තියෙන්න ඕනා පුදසුනක. ඒ කියන්නේ මල් පුජා කරන තැනක.නැතුව කුණු බක්කියක නෙමෙයි.
මගේ ජිවිතේ ගල් සහ මල් වලට පස්සේ හිස් විරාමයක් ලැබුවා විතරයි...පුජනීය විදියට ආදරයක් ආරක්ෂා කරන්න බැරි පිරිමියෙකුට ආදරේ කරන ගැහැණිය, මොඩියෙක්. මොනවා නැතත් මම ඒ ටිකනම් ආදරේ කරලා අත්වින්ද සත්‍යක්..


"අනේ මම මොකටද ගගට පනින්නේ.. ."


නාදුනන ඒ කටහඩට මම උත්තර දුන්නේ එහෙමයි. ටිකක් තරහෙන්. කොහොමත් දන්නේ නැති කෙනෙක් එක්ක කතා කරද්දී කල්පනාවෙන් එපැයි කතා කරන්න.එත් ඒ ඇස් දෙක...


"නෑ මම එක නිකම් ඇහුවේ ගග දිහා කන්න වගේ බලන් හිටපු නිසා "


මම මුනිවත රැක්කෙමි.


"ඔයා ව මම මේ පන්සලේදී ගොඩාක් වතාවක් දැකලා තියෙනවා ඔහේ පැත්තකට වෙලා එකම දෙයක් දිහා බලාගෙන ඉන්නවා.ඒ නිසයි මට ඔයාව ගොඩාක් නෝට් උනේ.."


මම එයට සිනහවකින් පමණක් පිළිතුරු දුන්නෙමි. මේ මොන හෙනගෙඩියක්ද..? 


"මොකෝ කතා කරන්නේ නැත්තේ? ඔයා මේ ලගමද ? "


ඒ පාරනම් මම කතා කරන්න හිතුවා..


"අහ්හ් ඔව් මේ ලග. මම යාලුවෙක් එක්ක ආවේ. මේ ගඟ පැත්තට ආවා ටිකක්. මම එහෙනම් යන්නම්.. "


මම යන්නට සැරසේනවාත් එක්කම ඒ උස් සිහින් සිරුරැති නාදුනන කටහඩ ඇත්තටම එක ලස්සන කටහඩක්.


"හ්ම්ම් හොදයි ගිහින් එන්න. මම හෙටත් එනවා. "


අඩියට දෙකට මම එතැනින් පිට වීමි.
මම හෙටත් එනවා.??????? ඒ මොකෝ ඒ?


හ්ම්ම් ඒ ඇස් ලස්සනයි. හීනියි, මම මටම කියාගත්තා..


"කවුරු එක්කද බන් උබ අර කයිය ගගහා හිටියේ?"
මගේ මිතුරිය මගෙන් එහෙම ඇහුවේ ඇයගේ පෙම්වතා වූ තාරක ඉන්නකොටමයි.


" අනේ මන්ද බන් දන්නේ නැති කෙනෙක්. මන් ලගට ඇවිත් කතා කළා. මමත් ඉතින් කතා කළා. අපි යන්නේ නැද්ද බන්.?"

පෙම්වතුන්ට බාධා කරන එක සහගහන අපරාදයක් උනත් ඒ වෙනකොටත් හොදටෝම කළුවර වෙලා තිබුණු නිසාත් පහුවෙනිදා උදේම වැඩට යන්න ඇහැරෙන්න  ඕනා නිසාත් මම අකමැත්තෙන් හරි ඔවුන්ගෙන් එහෙම ඇහුවා. 


       " හරි බන් යමු. අපි හිටියේ උබ එනකම් යන්න."




ඒ ඇස් මට ලොකු කතාවක් කියන්න වගේ මට තේරුනේ. මග දිගටත් ඒ ඇස් මට එකදිගටම මතක් උනා.
එත් 
ඇස් දෙකක් දිහා බලන් කප්පරක් හීන පොදි ගැහෙද්දි, ඒ හීන මගේ ඇස් ඉස්සරහා බොද වෙලා අළු වෙලා යද්දි හිතේ හයියෙන් මෙච්චර තරමට හරි ජිවිතේ හදාගන්න පුළුවන් වෙද්දී මට ආපහු ඇස් දෙකකට පෙම් කරන්න බය හිතුනා. ඒ ඇස් අමතක කරන්න මම උත්සාහා කළා.


 "මොකෝ උබ කල්පනා සයුරේ පිනනවාද? ආපු වෙලේ ඉදන් උබ එක විදියක්"
මගේ දැහැන බිදුනා.. අහෝ මම පන්සල් ගිය ඇදුම් පිටින්මයි.. හේ හේ.

"නෑ බන් මම මේ කල්පනා කලේ හෙට වැඩට යන්න ඔනානෙ... අන්න එක "


 " අනේ යකෝ තෝ හැමදාමත් වැඩට යනවානේ.. හෙට විතරද.. එකේ අලුතෙන් අද කල්පනා කරන්න දෙයක් තියෙනවාද "


" නෑ බන් හෙට කවුද මන්දා එනවාලු මාව හම්බෙන්න "


"නෑහහ්.. ඒ කවුද? නෙතුකි මටත් කියුවා උබ ගැන කොල්ලෙක් අහනවා කියලා. ඌද? "


"ඔව් බන්"


"ඉතින් උබ මොනාද කියන්න යන්නේ "


"මොනා කියන්නද? මම කියනවා මම කැමති නැහැ කියලා. අනික මට කොහොමත් ආපහු කොල්ලෙක් එපා. මෙහෙම හොදයි බන්.. ජිවිතේ සැහැල්ලුයි.. "


"එකත් එහෙම තමයි බන්. එත් ජිවිතේ කවදාවත් අපිට තනියම ජිවත් වෙන්න බෑ..හා හා පුරා කියලා උබ ජිවිතේ අඩිය තිබ්බේ වැරදි පාරක.එත් ජිවිතේ පුරාම වැරදෙනවා කියලා හිතන්න එපා."


මිතුරියගේ ඒ වදන් මගේ හිතේ තදින්නම කාවැදුනා.එත් ඒ වචන වලට පන දෙන්න මම ගොඩාක් බයයි.. මට ආපහු වැරදෙයි කියලා මට බයයි.




"මට තේරෙනවා බන් උබ කියන දේ. එත් මම අසරණයි. මට ආපහු කාටවත් ආදරේ කරන්න බැරි වේවි.."


මම එහෙම කියලා ඇයගෙන් මිදී ඉස්තෝප්පුවට ගියා. ඇය මගේ පස්සෙන් නාවේ මට හිතන්න ඉඩදෙන්න....
ඔයා හින්දා කවදාවත් අඩන්න එපා කිව්වත් දැන් ඇස්වල කදුළු පිරිලා ඉවරයි.ඇයි මට මෙහෙම උනේ....
අහංකාර ආඩම්බර කොල්ලෙකුට මට ආදරේ කරන්න හිතුනේ ඇයිද මන්දා..
එයා එහෙම නොවුනානම් මේ හැමදේම මෙහෙම නොවෙන්න තිබුනා....



----------------------------------------------------------------------------------------------------------------------


පහුවෙනිදා වැඩට ගියේ කෙනෙක්ව බලාපොරොත්තුවෙන්,, එත් මම පැහැදිලි තිරණේක  හිටියා.
ඔහු සවින්.. සවින් මගේ හොදම මිතුරියගේ මිතුරෙක්. ඔහු මාව දැක තිබුනේ දෙවරක් පමණයි.. පලවෙනි වර ඒ මගේ මිතුරියගේ ගෙදරදී. ඇයගේ පියාගේ දානේ ගෙදරදී. දෙවෙනි වර අපේ ඔෆිසියේදී. එදා ඔහු ඇවිත් මාත් සමග ගොඩාක් වෙලා කතා කළා. 




මගේ මිතුරියගේ දැනුවත් කිරීම අනුව නම් සවින් යහපත් පවුලකින් පැවත එන එහෙත් සෙල්ලක්කාර කොල්ලෙක්. කොහොමත් සහෝදරයෙක් මිතුරෙක් කියන බැදීමට එහායින් ඔහු පිලිබදව මගේ සිතේ අබමල් රේණුවක දෙයක් තිබුනේ නැහැ.


කාර්යාලයේ වැඩ වෙනදා වගේ ගෙවිලා ගියේ මගේ හිත සනසන්න වගේ... 
අසිස්ටන් මැනේජර්  ඒ වෙලාවේ  ඒ පැත්තට එනවා දැක්කේ මගේ එහා පැත්තේ මෙසේ හිටපු අසිත..


" අන්න මරුමුස් එනවා."


එයා ආවේ දුර තියාම මං දිහා බලාගෙන...


"කෞමදී, අලුතින් ගත්ත trainee ට වැඩ ටිකක් කියලා දෙන්න.. මිනිහා IBSL එකේ  CBF ඉගෙනගන්නවාලු."


"හොදයි මිස්ටර් සිල්වා..."


හුරු පුරුදු මුහුණක් එකවරම දොරකොඩින් මතුවිය.දෙයියනේ සවින්????




මතුසම්බන්දයි












Monday, January 23, 2012

බොඳව ගිය දේදුනු- 1 කොටස

හ්ම්ම් වර්ණා ටත් හිතුනා ඔන්න කතාවක් ලියන්න. මම නම් ඇත්තටම ලියන්න දන්නා කෙනෙක් නෙමෙයි. එත ගොඩාක් කියවන කෙනෙක්. මේ ලියන කතාවේ ගොඩාක් වැරදි තියෙනවා. හෙන බෝරිං වෙන්න පුළුවන් ඔයාලා කියවද්දී. මේ නිකන් මගේ හිතේ තිබුණු ආශාවකට ලියුවා විතරයි.. අඩුපාඩු කියන්න හොදේ..
හිතු අහලා තිබුනා මම මේ ලියන්නේ මම කාලෙකට ඉස්සෙලා හිතුට ලියන්න කියපු මගේ ජිවිත කතාවද කියලා. අනේ නැහැ. මම එක ලියන්නේ නැහැ කියලා තීරණය කළා හිතුවො.. මේ මම නිකම් හදපු එකක්.


ඔන්න එහෙනම් අද පලවෙනි කොටස. :)))










සැහැල්ලුව කියන්නේ නම් මගේ ජිවිතේට නම් තහනම් වචනයක්. එත් පහුගිය ටිකේ මං උත්සාහා කළා වෙන මොකටවත් නෙමෙයි අල්පේච්ජ ජීවිතයකට හෙට දවස කූඩු කරන්න. හැමදේ දිහාම සුභවාදිව බලලා මහා කන්දක් තරම් නෙමෙයි අල්පෙනෙති තුඩක් තරම් පුංචියට හිනා වෙන්න..


____වස්සානයට ඇත වනලා ඉමු මගබලන් උද්‍යානයක කෙලවරට වී..__


හ්ම්ම් ලස්සන සංගීතයක් එකපාරටම කන ලග හෙනයක් ගැහුවා වගේ.. නාදුනන නොම්බරයක්. ගම්දෝ නොගම්දෝ...
තප්පර කිහිපයක සිතේ සක්මන් භාවනාවකින් පසු මම
         "හලෝ"


          "හලෝ කවී, මොකෝ බන් ආන්සර් කරන්න මෙච්චර වෙලා යන්නේ? උබ මහා දවල් හීන බලනවද මගුල "


ඒ මගේ දුකට සැපට ඉන්න මගේ සහෝදරියක් වන් මිතුරිය නෙතුකි.


              "නෑ බන් මට ඇහුනේ නැහැ...
               මොකෝ හදිස්සියක්ද ??? "




              "නෑ බන් අරූ මාව කන්න හදනවා උබට කොල්ලෙක් ඉන්නවාද අහා අහා.. ඊයේ ඔෆිස් එකටත් ආවා. මම ශේප් කරලා යැව්වා... මේ දැනුත් කෝල් කළා බන්..."


              "උබ දන්නවානේ මගේ හිතේ ආපහු වෙන කෙනෙක්ට ඉඩක් නැහැ කියලා..එයාට පැහැදිලි කරලා එක කියන්න  නෙතු."


                 " අනේ මන්දා බන් අන්න උ හෙට උබේ ඔෆිස් එකට එනවා කියුවා.. උබම එක කියපන්. මම තිබ්බා බායි "



දෙයියනේ ආදරය කියන හැගීම අමතක කරන්න ගන්න උත්සාහය යාන්තමින් හරි සාර්ථක කරගන්න උත්සාහා කරනකොට මේ මොන හෙන ගෙඩියක්ද පාත් වෙන්න හදන්නේ....
හෙට එයිද ??????
ඔන්න ඔහේ ආවදෙන්.. ආවොත් බලාගමුකෝ..


මැයි මල් වලින් තණනිල්ල මත ඇදුනු රතුම රතු  කලාලය දෙස මම තවත්  මොහොතක් බලා සිටියෙමි. ලා අරුණැල්ලක් පැතිර ගියද නේවාසිකාගාරය අසල මැයි ගස් පෙළ නිසා තවම මද අදුරක්‌ ඇත. තව ටිකකින් මේ  මල් වත්ත අතුගාගෙන බෝඩිමේ ඇන්ටි අතුගාලා දමාවි.. ඒ රතුම රතු මල් පොඩි පට්ටම් වෙලා කසල භාජනය  වෙතට ඇදෙනු ඇත. කොච්චර සිත් ඇදගන්නා දසුනක් වුනත් මිනිසුන් එය විනාශ කර දමාවි. අපේ ජිවිතත් හරියට ඒ වගෙයි. අපි කොච්චර  ලස්සනට ජිවත් වුනත් මරණය  අපි අසලට එනවාමයි.. 
සිහින් දුකක් වැනි හැගීමක් හිත තුලට කා වදින්නට උත්සහා කරද්දී මම ජනේලය ලගින් මෑත්විමී.


                              "කවී අද පන්සල් යමුද? "


ඒ මගේ බෝඩිමේ මිතුරිය.
 කැළණි පන්සල් බිමත් ගඟ අවටත් හුදෙකලා විය. එහි යෑම මගේ හිතට අස්වැසිල්ලකි.

                                "සුදු ඇදුම් හෝදලාද මන්දා  කෙල්ලේ ? "




                                 "කමක් නෑ මගේ ඇදුමක් හරි ඇදගෙන යමු වදේ.. අද තාරක එනවා කියුවා "


                              " අහ්හ් එහෙනම් එකයි මෙකි මේ පන්සල් යන හැදුවේ. හේ හේ "
----------------------------------------------------------------------------------------------------------------------


තාරක පැමිණියේ අපි පන්සල් ගොස් විනාඩි 15 කට පසුව. තාරක පැමිණීමත් සමග මම ඔවුන්ට ඉඩදී බෝධිය   අසලට ගියෙමි. බෝධින් වහන්සේ වැඳ පුදා අවසන් වී ගඟ පැත්තට ගියෙමි.
ගඟදෙපස අවට හුදෙකලා විය. මම අනන්ත දියතලය දෙස අරමුණකින් තොරව බලා සිටියෙමි.වැසි කාලය නිසාවෙන්දෝ ජලය බොර පාටට හැරී තිබුණි.ගගද ජීවිතය මෙනි. වරක නිල් දියෙන් යුතුව නෙත් වලට සොදුරු දසුන් මවයි. තවත් විටෙක  බොර පැහැති දිය රැගෙන දෙපස ඉවුරු බිදෙමින් ඉදිරියට ඇදෙයි..

කැළණි ගග මගේ ජිවිතේ බොහෝ දේවල් දනී.. මිනිත්තු කිහිපයක් මම ගග දිහා බලාගෙන භාවනා කලෙමි..


                                  "මොකද ගගට පනින්නද කල්පනාව "
මගේ සවන් ලගින් ඇසුණු කටහඩ ඔස්සේ මම ක්ෂණිකව හැරී බැලීමි.


මතුසම්බන්දයි.

Saturday, January 21, 2012

නුවරට තනියක් නෑ.....

ඔබ ගියා යන්න
මටවත් නොකියාම...
කදුළු සුසුම් විතරමයි මට
ඔබේ සුවදක්වත් තිබුනේ නෑ තනියට..
කාලෙකට පස්සේ ආවා මං ආයෙත්
අපේ මේ පුරුදු ඉසව්වට..
වැව් රැළිති බිදෙමින් හැඩුවා
හීත පවනේ හී ගඩු පිපුනා...
ඉස්සර වාගේම..
තුරු සෙවනින් හිරු බිංදු වැටුණා...
අපි නැතත්
අපි හුන් තැන කවුදෝ උන්නා..
මටම මිසක් නුවරට
තනියක් නැහැ...
මේ කදුළු දුන්නේ ඔබ මට
හැමදාමත් අඩන්න....




ප.ලි. -කාලෙකට පස්සේ මම නුවර ගියා. පරණ මතකයන් ගොන්නක් හිතේ මතු උනා.. ඇයි නුවර ගියේ කියලා හිතුනා.

Thursday, January 19, 2012

වරුවකට අම්මා කෙනෙක් වුනෙමි..!!

ගිය ඉරිදා උදේ මම ගියා පුන්චිලාගේ ගෙදර.. හප්පේ ඉරිදා නිසා පොඩි එවුන් ඔක්කොම හිටියා. අහල පහල පොඩි ඈයොයි ඔක්කොම එහෙ. හරියට නිකන් ඩේකෙයාර් එකක් වගේ.මම හුගදවසකින් එයාලගේ ගෙදර ආවේ නැහැ කියලා පුංචි බැන බැන හිටියේ .  මම යද්දී පුංචි මාර්කට් ගිහින්. දොනියන්දා හිටියා අල්ලපු ගෙරද පොඩි කට්ටයත් එක්ක සෙල්ලම් කර කර.. මාව දැක්ක හැටියේ මේකිගේ වැඩේ ඇගේ එල්ලෙන එක. :))
මමත් ඉතින් පොඩි එකා වගේ සෙල්ලම් කරන්න ගියා. ටිකකින් එහා ගෙදර ඉන්න අක්කා කොහෙද යනවා කියලා ටිකකට බබාව බලාගන්න කියලා මට දීලා ගියා. හෆොයි. මාස 3 යි බබාට. පුංචිගේ පොඩි කෙල්ලලු වෙනදාත්  නිවාඩු දවස් වල බබාව බලා ගන්නේ. එකී තමයිලු දෙකම්මා :ඩි
මමත් ආසයි පොඩි බබාලාට. මමත් පැනලා බබා ව වඩාගත්තා :))



අනේ කොලු පැටියා ෂෝයි. එයාව වඩාගෙන මම හැමතැනම ඇවිද්දා. එයාගේ ඇගිලි රස්නෙයි. චුටි. පොඩි එකෙක්ව ගොඩාක් ලගින ආශ්‍රය කරපු පලවෙනි වතාව තමයි ඒ. අම්මෝ හරිම බරයි මාස 3 ක් උනාට චන්ඩි බන්ඩියාගේ.කොට් එකේ දැම්මට අඩනවා. වඩාගෙන එහෙට මෙහෙට ඇවිදින්න ඕනා මම. වඩාගෙන එක තැනක හිටියත් මේකා අඩනවා. පොඩි කාලේ ඉදන්ම රස්තියාදුව. එහෙට මෙහෙට කැරකිලාම කකුල් රිදෙන නිසා පොඩ්ඩක් වෙලා කොට් එකේ දාලා තිබ්බා. 


එතකොට අඩන්නේ මෙන්න මෙහෙමයි :((
පුංචිගේ පොඩි එක්කෙනයි මමයි  එකතු වෙලා බොහොම අමාරුවෙන් හිනැස්සුවා..





අනේ කොහොම කොහොමහරි දහදිය හෙලලා පොඩි කොල්ලාව නිදි කෙරෙව්වා.

හුරේ අපි දිනුම්...!!!
අනේ එත් එයා නිදාගත්තට පස්සේ අපිට ගොඩාක් පාලුයි. අපි ආපහු එයාව කොනිත්තලා ඇහැරවා ගත්තා.
ඒ ටික වෙලාවකින් එයාලගේ අම්මා ආවා. මට කියලා ගියා ඒ අක්කා නංගිට වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා කියලා :)))


Thursday, January 12, 2012

සුන්දර ගාලු ගමන

                                                                                                            
මොනා කියන්නද කොහොම කියන්නද හිතාගන්න බෑ අනේ අපොයි....!!!    :ඩි
කොහොමින් කොහොමහරි ගෙදෙට්ට බොරුවක් කියලා, මගේ අක්කා කෙනෙක්ව ලෑස්ති කරගත්තා 7 වෙනිදා ගාලු යන්න. බ්ලොග් කියුවම අපේ අම්මි අහයි ඒ මොන කුනුහරොපයක්ද කියලා. දැනටත් බුකිය ගැනමයි කතාව කියලා  නෑදෑයොත් මට බනින එකේ බ්ලොගයක් ගැන කියුවොත් තවත් අහගන්න පුළුවන්යැ හැක හැක..
6 වෙනිදාම මන්තුමි කොලබ බලා පිටත් උනේ අර පොරොන්දු උනාය කියන කිරිටෝපිය හදන්න බඩු ටිකත් අරගෙන. මගදී පොඩි මෑන් ට කොල් එකක් දාලා කොච්චරක් එනවද කියලාත් ඇහුවා ඔන්. ඔන්න ඉතින් අක්කලා ගේ ගෙදර ගෙහුං කිරිටෝපිය හැදුවා පදම වැරදුනා.. බුල්ටෝ වගේ උනා ගලේ ගැහුවත්  හපන්ඩ බැරි සයිස් එකට. අනේ අප්පේ පස්සේ තමයි හිතුනේ බුල්ටෝ ටික හරි ගෙන්න තිබුනානේ කියලා.
3.30 ට ඇහැරවන්න කියලා නිදාගත්තට වේලපහින් ඇහැරුනාත් අක්කා ගේ ගෙදරින් එල්ලවුණු යම් බාධාවක් නිසා පැය 3 ක් පමණ ප්‍රමාද උනා අපිට කොට්ටාවට එන්න.ඒ වෙලාවට හරි ආවේ රාජ් අයියාගේ සහ සදකිදුරා මල්ලිගේ පිහිටෙන්. ඒ ගැන මම ගොඩාක් කනගාටු වෙනවා සහ ඒ වෙනුවෙන් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඒ වෙලාවේ සමාවගන්න බැරි වුනේ ඒ වෙලේ පොඩ්ඩක් බයෙන් හිටපු නිසා. කවදාවත් නොදැකපු මිතුරන් සමුහයක් අතරේ මට කෑගහලා සමාව ඉල්ලන්න බැරි වුනා. එත් එකට මම දැන් ගොඩාක් කනගාටු වෙනවා. මම නිසා පරක්කු වුනු අයගෙන් මම සමාව ඉල්ලනවා හදවතින්ම. රාජ් අයියාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිව දාලා නොගියාට..මම දන්නවා එදා වුනු ලොකු වැරද්දක්. එත් මොනා කරන්නද දෙමව්පියෝ යටතේ අපි හැදෙන තාක්කල් එයාලගේ කීම අපිට ඉටුකරන්න වෙනවා.නැත්තම් අපි මහා ගුණමකු ළමයි වෙනවා.ඔන්න ඕකයි එදා වුනේ. ගොඩාක් අය අහලා තිබුනා කට්ටියගෙන් ඇයිඔයාල පරක්කු වුනේ කියලා. ඔන්න ඒ අයට දැනගැනීම පිණිස, මම නිසා තමයි පරක්කු වුනේ. ඒ පිලිබදව මගේ කනගාටුව.

බස් එකේ ගාලු එනකම්ම මට ඉතින් කනක් ඇහිලා ඉන්න හම්බුනේ නැහැ කිරිටෝපියක් ඉල්ලා ඉල්ලා.ඒ මදිවට මගේ මුනේ බෝඩිලෝෂන් අතුල්ලලා පොඩි උන් මට කරපු හදියක්.
සින්දු කියලා නටලා ගයලා, ඒ මදිවට අධිවේගියේ අධිවේගයෙන් එන්න බැරුව ත් අපි හිටියා. මගේ පළමු අධිවේගී අත්දැකීම :))
ගොඩාක් අය අදුනගත්තා. ඒ ගැන ගොඩාක් සතුටුයි.
ගාල්ලට ආවාට පස්සේ මුලින්ම කාලා එහෙම කට්ටියව අදුනගත්තා.හැමෝම ඇවිත් කතා කළා.


රසවත් සිද්දි ගොඩකුත් වුනා ඉතින්. :ඩි
ඒවා දැම්මොත් මේක මාගලක් වෙයි . ඒ නිසා නොදා ඉන්නවා :))
ආපහු ගෙවල් බලා එන්න බොහොම අමාරුවෙන් බහින්න වඩා නගින්න අමාරුවුණු කන්දකුත් නැගලා ඒ මහන්සියට තැබිලිත් බිලා ආපහු පයින් බස් එකට ගාටලා , බස් එකේදී කන පැලෙන්න සින්දු කියලා නටලා කාලා බිලා විනෝද වෙලා කොට්ටාවට ආවා. 
අනේ අර නාකි කොලුවා මට නටන්න එන්න්න කියලා පොරේ, හත්දෙයියනේ මම කොහොමද නාකියෙක් එක්ක නටන්නේ, මට බෑ :/ හැක හැක හැක...!!
මදි නොකියන්න නාකියා අයියා අපිට සින්දුවලට කතා ටිකක් නම් කියුවා.
ඒ අස්සෙන් මගෙන් අහනවා මොකක්ද බන් අර සින්දුවේ නම කියලා. හතිලව්වේ මම දන්නවයි නාකිකාලේ සින්දු :ඩි


කොට්ටාවට ඇවිල්ලත් ගෙදර එන්න කාපු කට්ට සදකිදුර මල්ලිත්, පවනි නංගි මල්ලිත්, සුලගිල්ලා මල්ලිත්, කුමාරයා අයියාත් තමයි දන්නේ. කුඩයක්වත් අතේ නැතුව පැය බාගයක් විතර කට්ටක් කළා කිදුරා මල්ලිගේ කාර් එකේ ගෙදරටම අවා.ඒ කතාව දැනගන්න මෙතෙන්ට යන්න..වැස්සේ කාපු චාටර් එක
හෝන් කරන්න එපා කියලාත් මේකා හෝන් කරලාමනේ ගියේ :/
ගෙදෙට්ට ආපුගමන් ශානි අක්කගේ අම්මගෙනුත් හොදවයින් අහගෙන රැටත් නොකා නින්දට ගෙහුං පහුවෙනිදා උදේම මම ගෙදර පැමිණුනා.
වමේ සිට දකුණට හසී අක්කා , චතු මිතු අක්කා සහ සදකිදුරා මල්ලි
මගේ දුප්පත් කැමරාවේ සටහන් වුනු පින්තුර ටිකක් සහා මුණු පොතෙන් සොරාගත් පින්තුර කිහිපයක් දමන්නම්..
වමේ සිට දකුණට දිල්ශාන් මල්ලි, සුලගිල්ලා මල්ලි සහ උදිත මල්ලි

රාජ් අයියා
මේ ඉන්නේ වෙනි මාමා




කසුන් අයියා



පොඩි මෑන්
වමේ සිට දකුණට පැණි දොඩම්, වෙනි මාමා සහ පවනි මල්ලි


නාකියා



ශානි අක්කා සහ මම :))


වමේ සිට දකුණට දේවා අයියා , වෙනි මාමා, අභීත අයියා සහ පැණි දොඩම්
මෙන්න මෙහෙමයි හැඟෙන්නේ නංගි :ඩි

මේක කැඩිලා ඩ මන්දා  :ඩි


මැද ඉන්නේ හසී අක්කා




දේවා අයියා


මන්තුමි





ඔන්න ඉතින් ඔහොමයි වුනේ. ගොඩාක් දෙනා අදුනගන්න ලැබුනා. හුගාක් දවසකින් ජිවිතේ ලස්සනටම හිනා වෙලා හිටපු දවසක්. ඒ දවසේ කිසිම දුකක් හිතට දැනුනේ නැහැ.මේ දවස දුන්නාට සංවිදානය කරපු සහා එදින සහභාගී වුනු හැමෝටම ස්තුතියි.
එහෙනම් මේ අව්රුද්දෙ හා හා පුරා කියලා දාපු පොස්ට් එකත එක්ක ඔන්න මම එහෙනම් යනෝ.