මටවත් නොකියාම...
කදුළු සුසුම් විතරමයි මට
ඔබේ සුවදක්වත් තිබුනේ නෑ තනියට..
කාලෙකට පස්සේ ආවා මං ආයෙත්
අපේ මේ පුරුදු ඉසව්වට..
වැව් රැළිති බිදෙමින් හැඩුවා
හීත පවනේ හී ගඩු පිපුනා...
ඉස්සර වාගේම..
තුරු සෙවනින් හිරු බිංදු වැටුණා...
අපි නැතත්
අපි හුන් තැන කවුදෝ උන්නා..
මටම මිසක් නුවරට
තනියක් නැහැ...
මේ කදුළු දුන්නේ ඔබ මට
හැමදාමත් අඩන්න....
ප.ලි. -කාලෙකට පස්සේ මම නුවර ගියා. පරණ මතකයන් ගොන්නක් හිතේ මතු උනා.. ඇයි නුවර ගියේ කියලා හිතුනා.
රජ පිහිල්ල පාරෙද .... ?
ReplyDeleteමම හරියටම පාරවල් වල නම් දන්නේ නැහැ. මම නුවරට ගොඩක් ඈතින් ඉන්නේ සහෝ
Deleteඅපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින්
ReplyDeleteමම උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින්
ඔබ හිනහෙන්න සැනසෙන්න සිහිනයෙ මගේ
මතු භවයේම ලග ඉන්න වෙන් නොවන සේ.....
ජීවිතය කියන්නේ තේරුම් ගන්න බැරි දෙයක්...
හ්ම්ම් ඇත්ත .... ජිවිතේ තේරුම්ගන්න බැරි අමුතු දෙයක්
Deleteහලේ......... කලින් කිව්වා නම් මන් එනවනේ ඔයාව බලන්න.. :D
ReplyDeleteවර්ණා දවස දෙකකට කලින්වත් කියන්න.නුවර එන්න ඉතින් සැහෙන්න කාලයක් යනවා නේ..
Delete@ අයිස් නගා-Official ගමනක් ගියේ නංගෝ.. එකයි කාටවත් කියුවේ නැත්තේ.ආපහු එන දවසක කියන්නම්කො.
Delete@ අසරණයා- අහා මට නුවරට යන්න පැය 4 ක් යන්නේ අලිද :/
@වර්ණා ඒ වුනාට අයෙශාට නුවරට එන්න දවස දෙකක් වත යනවලු නේ?..
Deleteමටත් යන්නේ පැය හතරයි මාත් දැන් දවස් දෙක තුනකට කලින් නුවර නැවතිලා ඉඳලා ආවේ හි හි.අයිස්ව හම්බුවෙන්න නම් කලින් කියන්න ඕනේ නෑ නුවරින් බැහැලා හූවක් තිබ්බාම ඇතිලු
Delete//මටම මිසක් නුවරට තනියක් නැහැ...// මං ආසම කෑල්ල..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් ඔව් මටම මිසක් නුවරට තනියක් තිබුනේ නැහැ
Deleteදළදා වීදියේ දෙපසට යනෙන සඳ පෙර අප සැරිසැරූ මතකය හඬනවද..
ReplyDeleteසංවේදීයි..ලස්සනයි..ඒත් ආදරය ඔහොම්මයි
හ්ම්ම් ආදරය පිස්සුවක්.. එක නැතිවුණු දාට ඊටත් වඩා පිස්සුවක් තවත් නැහැ
Deleteලස්සනයි, හැබැයි දුකයි!
ReplyDeleteහ්ම්ම් මේ පැත්තේ ආවාට ස්තුති
Deleteහ්ම්ම්...
ReplyDeleteඑයි කියා ඔබ බලන් හිටියත්
ආවෙ නෑ ආයෙත්..
දෙනෙත් අතරින් ගැලූ කඳුළැලි
මුව කමල මත සිඳී යද්දී
සිහිනයෙන් හරි ඇවිත්
සනසන්න මා රත්තරන්...
පුළුවනි නම් ඉස්සර වාගේ
Deleteමගේ හිතට ආදරයෙන් තුරුළු වෙන්න
ඔබේ හිතට ආයෙමත්
එන්න කියනවාද ....??
හ්ම්ම්ම්ම්ම්ම්ම්.... :'( මටත් තියෙනවා එහෙම සමහර තැන්වලට ගියාම පරණ මතක ඇවිස්සෙන... දුකයි.. ලස්සනයි නිසැදෙස..
ReplyDeleteමටත් එහෙම තැන් 2ක් තියනවා. හැබැයි දුක හිතෙන්නේ නෑ, හිනා යනවා....:)
Delete@ හිතුවක්කාරි-
Deleteහ්ම්ම් ගොඩාක් තැන් වගේම තමයි ගොඩාක් දේවල් වලට හිත ගැස්සෙනවා මගෙත්
@ Kasun
ඒ මොකෝ හිනා යන්නේ ඔයාට අහ්හ් :/
හපොයි ඔය මතකයන් කියන ඒවා නම්..............
ReplyDeleteඑපා වෙනවා නේද.. මටනම් මගේ මතකේ අමතක වෙනවානම් හොදයි
Deleteමටත් දැයේ වෙනස නම්....
ReplyDeleteනුවර තවමත් තරුණයි... නොවෙනස්....
ඒත්... අපි...?
බහු වචනෙන් ආමන්ත්‍රණය කරන්න තරම් වාසනාවන්ත වුනේ නෑ මමත්..
ඔය වගේම...
:(
හ්ම්ම් මයේ මැණික නුවරට තනි නැහැ. අපිට විතරි තනි.
Deleteඒ වගේම තමයි අපේ හිත කියවපු අයටත් තනි නැහැ
තනිකම රස වින්ඳින්න ටිකක් පුරුදු වෙලා බලන්ට....
Deleteසතුටු වෙන්ට වගෙම දුක් වෙන්ටත් මතක ජීව්ත වල ඉතිරි වෙන එක ලෝක සොබාවය මගෙ මැණික....
තවත් කෙනෙක්ට තමන්ගෙ මතක ආවර්ජනය කරල ඒ දුක බෙදාගත්තට හැමදාම දුකින් ඉන්නම ලෑස්ති වෙන්න එපා මැණික..... ඒක තවත් එක මතකයක්ම විතරක්, බවට පත්කරන්න......
ඔව් මම එකට උත්සහා ගන්නවා :((
Deleteමතකයන් කියන්නේ මහා එපා කරන දෙයක් ...............එත් මන් මතකයන් වෙනුවෙන් ජීවත් වෙනවා
ReplyDeleteහ්ම්ම් මටනම් මතකයන් එපා. එපා එපාමයි
Deleteනුවර කවදාවත් තනි වෙන එකක් නෑ අක්කේ....පරණ අය යද්දී අළුත් අය එනවා....මතකයන් විතරක් උරුම කරගත්ත වැව රවුමේ රූස්ස ගස් ටික...බංකු ටික ඔහේ බලාගෙන ඉන්නවා...
ReplyDeleteහ්ම්ම් ඇත්ත මල්ලි. ඒවා මට විහිලු කරනවා. ඔච්චම් කරනවා.
Deleteමම කදුළු බොනවා
නුවර වැව ජල තරඟ දිවැවිත් ඉවුර අසබඩ බිඳෙනවා
ReplyDeleteඒ වගේමයි මගේ හදවත මතක මතු වී රිදෙනවා
වලාකුළු බැම්ම අසබඩ පුංචි බංකුවෙ පෙම්වත්තු තව ඉන්නවා
අපි අපේ නොවු අද දිනත් මට අපේ මතකය මැවෙනවා....
ලස්සනයි වර්ණා......
හ්ම්ම් ඔයාගේ කවිය ලස්සනයි
Deleteහ්ම්ම් අපි අපේ නොවූ හැම දිනයක්ම මට මතකෙට එනවා
නුවර ආවම දුකින් යන්න එපා...මතක දුක උනත් හිත සතුටින් යන්න....
ReplyDeleteපද ටික සරළයි....සංවේදීයි...
හ්ම්ම් උත්සහා කරන්නම් අක්කි... හැමදේම අමතක කරන්න..
Deleteමේ පැත්තට ආවාට ස්තුති
ලස්සනයි, දුකයි
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්
Deleteබහිරව කන්ද පැත්තෙද නැත්නම් වැව රවුමේ ද ?
ReplyDeleteපේරාදෙණියේ, වැව රවුමේ, නුවර ටවුමේ, කඩ සාප්පු වල, මේ හැම තැනක් ම මට කදුළු දෙනවා
Delete//වැව් ඉවුරේ දිය රැළි පෙල සේම දිලෙනවා//
ReplyDeleteලස්සන කවියක් නගේ..මට උඩ සින්දුව මතක් වුනා..
ස්තුති අක්කේ... :))
Delete//මටම මිසක් නුවරට
ReplyDeleteතනියක් නැහැ...//
මෙතන ප්‍රබලයි.
//මේ කදුළු දුන්නේ ඔබ මට
හැමදාමත් අඩන්න....//
මෙතනනම් දුර්වලයි.
හ්ම්ම් අඩුපාඩු පෙන්නලා දුන්නට ස්තුති ..
Delete:))
නුවරටත් මතක නැති එකේ ඔයත් අමතක කරලා දාන්න නගෝ.
ReplyDeleteහ්ම්ම් ඔයා දන්නවානේ අයියේ, මම එකට කොච්චර උත්සාහා කරනවාද කියලා
Deleteහ්ම්ම්....මේ දවස්වල ගොඩක් අය ලියන්නේ දාලා ගියපු ඒවා ගැනමනේ....අනේ මන්දා..
ReplyDeleteහ්ම්ම් එහෙමතමයි අක්කේ. මොනා කරන්නද ඉතින් :(((
Deleteඇත්තටම ජීවිතේ සුන්දර මතක නම් එමටයි.මටත් මහරගම වැව පාර ගාව, මීගමුවෙ බ්‍රව්න්ස් මුහුදු තීරයෙ කුඩ පේලි දැක්කම, රත්නපුරේ ටවුම පැත්තෙ ගියාම එහෙම කොයිතරම් මනස ව්‍යාකූල උනත් ඒ මොහොතට නම් ආපහු අතීතයට යන්න ඇත්නම් කියල හිතෙනව.ආපහු එහෙම හුරතල් ආදරයක් ලැබේනම් කියල හිතෙනව.ඇත්තටම වෙන කිසිම දෙයක් තනි වෙලා නෑ.අපෙ හිත්ම විතරයි තනිවෙලා තියෙන්නෙ.ඒ තනිය මකන්න කෙනෙක් ලැබුනු දාක ලෝකෙම ගොඩක් ලස්සනට දැනෙන්න පටන් ගනීවි ආපහු.ඒ තනිය මකන්න කෙනෙක් මගේ අක්කණ්ඩිටත් ඉක්මනටම ලැබේවි :))))
ReplyDeleteහ්ම්ම් මල්ලිගේ දිරි ගැන්වීමට ගොඩාක් ස්තුති මල්ලියෝ..
Deleteමල්ලිටත් එහෙමකෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. මල්ලි ගොඩාක් හොද කෙනෙක්.
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙන්වා
ReplyDeleteජීවිතයම හීනයකැයි කියා හිතෙනවා.....
ගොඩක් සංවේදීයි...
හ්ම්ම් ස්තුති :))
Deleteමටත් මතක් වුනේම මේ නගරය සින්දුවයි!
Deleteමාත් ලඟදී පේරාදෙනියේ ගියා සින්දුවේ විදියටම අත් අල්ලං. නමුත් දුකක් නං ආවේ නෑ. කාලයත් එක්ක ඕවා තුනී වෙලා යනවා වර්ණා!
බොහොම ස්තුති කතන්දර.. අන්න එහෙම තුනී වෙලා යන කාලේ එනකම් තමයි මම මේ බලාගෙන ඉන්නේ
Deleteඒ වගේ සිතුවිලි සමුහයක් ඇති උන වෙලාවක තමයි මම හිතන්නේ
ReplyDelete"එදා අප සමග හුන්
අවන් හල දෙසුම් හල
පුරුදු සේ බලාගෙන
ඉන්නවා.." කියලා ලියවෙන්න ඇත්තේ..
කොහොම උනත් වර්ණා අක්කට ලස්සනට කවිත් ලියන්න පුළුවන් කියලා දැන ගත්තේ අද!!
හ්ම්ම් ගොඩාක් ස්තුති මල්ලි.
Deleteකොහෙට හරි යත්දි අතීත සැමරුම් හිතට එනකොට ඒකහිතට හරි වදයක්
ReplyDeleteහ්ම්ම් ඔව් හිතට ගොඩාක් අවුල්
Deleteමේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
ReplyDeleteමේ නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි!
එහෙමද??
හ්ම්ම් මුණගැසුනේ නම් කොලොම්පුරේදී. වෙන් වුනේ නම් මගේ ගමේදී. නුවර හමුවුනා විතරයි
Deleteපදපෙළ ලස්සනයි.
ReplyDeleteපරණ දේවල් අමතක කරලා දාන්න නංගි.
ජිවිතේ කාර්යබහුල කරගන්න, මේවා විතරක් නෙමෙයි ජිවත් වෙනවද කියලත් අමතක වෙලා යාවි...
හ්ම්ම් ඔව් ලොකු.
Deleteසතියේ දවස් පහේ නම් මට ඕවා මතක්වෙන්නේ නැහැ මොකද ඒ තරමට කාර්යබහුලයි. එත නිවාදුදවසකට තමයි ඔක්කොම මතක වෙන්නේ
මේ කවිය කියෙව්වාම නුවරට සම්බන්ධ ගී රැසක් මතකය අවදි කරනවා.ඒත් ඒ හැම ගීයටම වඩා සුනිල්ගේ මේ ගීය වෙනස් කියලා මේ කවිය කියවන කොට හිතෙනවා
ReplyDelete"කඳුලු දෙන්න මට හඬන්න
සක්වල ගල සසල වන්න
සසුම් දෙන්න මට හෙළන්න
සත් සමුදුර ගොඩ ගලන්න".......
හ්ම්ම් ස්තුති
Deleteඔබතුමාගේ පැමිණීමට සහා අගය කිරීමට
ඇතුලටම කිඳා බැස්සා
ReplyDeleteගියා අවුරුදු ගානක් පස්සට ...
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
මම දන්නවා ලොකු ජෝන් ව :)))
Delete"මටම මිසක් නුවරට
ReplyDeleteතනියක් නැහැ..."
මේ නගරය මතක් වුණා නංගියෝ... :(
ලස්සනයි ගොඩක්..
තැන්ක්ස් අක්කි. :)
Deleteඅතීත කතාව දුක හිතෙන කතාවක් වගේ....
ReplyDeleteහ්ම්ම් ඔව්
Deleteමේ සමහරවිට ඔයා මාත් එක්ක කියපු කතාව ගැන ලිය උන කවි පෙලක් වෙන්න ඇති..
ReplyDeleteහ්ම්ම් ඔව් අයියේ
Deleteනුවර නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ මොකද කීවොත් මුල්ගම්පොල හරියේදී හම්බවෙච්චි මගේ පලවෙනි ආදරේ මතක සුවඳ දැනෙන නිසා .. අනේ අප්පේ ඒ අතීතය !!
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් හිස් අහසට එහෙනම් නුවර අල්ලා ගිහින් වගේ :))
Deleteදුක හිතෙන අතීත මතකයක්...ම්......
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්
Deleteමදෑ අඩන්න කදුලුවත් දීල ගියා..
ReplyDeleteමොකද සමහරු යන්නෙ ඇස් දෙකත් උගුල්ලගෙන
හ්ම්ම් එකනම් ඇත්ත.. මම අදටත් දන්නවා එයා මට ආදරෙයි කියලා. එත අපි දෙන්නාට වෙන් වෙන්න උනා..
Deleteසමහර අයගේ ආදර කතාව ඇහුවම පව් කියලා හිතෙනවා ඒ අතින් මම වාසනාවන්තයි
ඇත්තටම වර්ණා ගොඩක් දැනෙන්න ලියල තියෙනවා.අන්තිම ටික වචන නැහැ දැනුන විදිය විස්තර කරන්න.
ReplyDeleteගොඩක් අයට ඔයවගේ අතීතයන් තියෙනවා ඒක කොච්චර දුකක් උනත් අපි කවුරුත් හොරෙන් හරි ඒ අතීතයට ගොඩක් ආදරෙයි.
හ්ම්ම් එක ඇත්ත... අපි ඒ අතීතයට ගොඩාක් ආදරෙයි
Deleteචිකේ ඇයි නුවර ගියේ....ආයිත් යන්න එපා....
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් ඔව් ආයෙත් යන්නේ නැතුව ඉන්නම්
Deleteදුක හිතෙන කවියක්. ඒත් ලස්සනයි.
ReplyDeleteසමහර තැන් තියෙනවා එක එක්කෙනාට විශේෂ. ඒක නුවරද, කොළඹද, ලංකාවද, එංගලන්තේද තැනේ වෙනසක් නැහැ. සමහර විට මොකක් හරි නම අමතක වෙච්චි පාරක්, පන්ති කාමරයක්, ඇහැළ ගස් හෙවනක්, ඔය ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. අනිත් අයට විශේෂත්වයක් නොපෙනුනාට එක්කෙනෙක්ට විතරක් අමුතු සුන්දරත්වයක් දෙන...
මිනිස් හැඟීම් පොදුයි. :)
හ්ම්ම් සම්පුර්ණයෙන්ම එකගයි
Deleteසන්වෙදී පද පෙලක්!
ReplyDeleteහ්ම්ම් ස්තුති
Deleteමගේ ආදරේ මතක් වෙනවා නුවර කියලා දකින හැම වෙලාවකම.නිතර එහෙ යන්න එන්න බැරිකමෙන් මම නම් ගොඩක් දුක් විඳිනවා.මගේ ජීවිතේ මතක වැඩි හරියක් රැඳිලා තියෙන්නේ නුවරම තමයි මේ ලඟදිත් ගියා ඒ මතකයන් අළුත් කරගෙන කව මතක පුරෝගෙන එන්න.හරිම දුකයි මෙහෙම කවි පේළියක් කියවද්දි මොකද ඒ හැඟිම මටත් ආවොත් මම මැරේවි කියලා හිතෙනවා
ReplyDeleteහ්ම්ම් දුක හිතුනනම් සමාවෙන්න මල්ලියෝ
Delete