වරුවකට අම්මා කෙනෙක් වුනෙමි..!!
ගිය ඉරිදා උදේ මම ගියා පුන්චිලාගේ ගෙදර.. හප්පේ ඉරිදා නිසා පොඩි එවුන් ඔක්කොම හිටියා. අහල පහල පොඩි ඈයොයි ඔක්කොම එහෙ. හරියට නිකන් ඩේකෙයාර් එකක් වගේ.මම හුගදවසකින් එයාලගේ ගෙදර ආවේ නැහැ කියලා පුංචි බැන බැන හිටියේ . මම යද්දී පුංචි මාර්කට් ගිහින්. දොනියන්දා හිටියා අල්ලපු ගෙරද පොඩි කට්ටයත් එක්ක සෙල්ලම් කර කර.. මාව දැක්ක හැටියේ මේකිගේ වැඩේ ඇගේ එල්ලෙන එක. :))
මමත් ඉතින් පොඩි එකා වගේ සෙල්ලම් කරන්න ගියා. ටිකකින් එහා ගෙදර ඉන්න අක්කා කොහෙද යනවා කියලා ටිකකට බබාව බලාගන්න කියලා මට දීලා ගියා. හෆොයි. මාස 3 යි බබාට. පුංචිගේ පොඩි කෙල්ලලු වෙනදාත් නිවාඩු දවස් වල බබාව බලා ගන්නේ. එකී තමයිලු දෙකම්මා :ඩි
මමත් ආසයි පොඩි බබාලාට. මමත් පැනලා බබා ව වඩාගත්තා :))
අනේ කොලු පැටියා ෂෝයි. එයාව වඩාගෙන මම හැමතැනම ඇවිද්දා. එයාගේ ඇගිලි රස්නෙයි. චුටි. පොඩි එකෙක්ව ගොඩාක් ලගින ආශ්‍රය කරපු පලවෙනි වතාව තමයි ඒ. අම්මෝ හරිම බරයි මාස 3 ක් උනාට චන්ඩි බන්ඩියාගේ.කොට් එකේ දැම්මට අඩනවා. වඩාගෙන එහෙට මෙහෙට ඇවිදින්න ඕනා මම. වඩාගෙන එක තැනක හිටියත් මේකා අඩනවා. පොඩි කාලේ ඉදන්ම රස්තියාදුව. එහෙට මෙහෙට කැරකිලාම කකුල් රිදෙන නිසා පොඩ්ඩක් වෙලා කොට් එකේ දාලා තිබ්බා.
එතකොට අඩන්නේ මෙන්න මෙහෙමයි :((
පුංචිගේ පොඩි එක්කෙනයි මමයි එකතු වෙලා බොහොම අමාරුවෙන් හිනැස්සුවා..
අනේ කොහොම කොහොමහරි දහදිය හෙලලා පොඩි කොල්ලාව නිදි කෙරෙව්වා.
හුරේ අපි දිනුම්...!!!
අනේ එත් එයා නිදාගත්තට පස්සේ අපිට ගොඩාක් පාලුයි. අපි ආපහු එයාව කොනිත්තලා ඇහැරවා ගත්තා.
ඒ ටික වෙලාවකින් එයාලගේ අම්මා ආවා. මට කියලා ගියා ඒ අක්කා නංගිට වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා කියලා :)))
:)එයා හරි හුරතල් වර්ණා නංගි
ReplyDeleteඇත්තමයි එයා හරිම හුරතල් අක්කේ.
Deleteමේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා :))
ඔයාටත් වැඩි වැඩියෙන් ලැබේව බාබාලම... ඇයි යෝදියේ පොඩි එක්ව කොනිත්තුවේ..තවම මාස 3 ලුනේද ?
ReplyDeleteහිහි. කෙනිත්තුවේ නැගිට්ටවගන්නනේ :/
Deleteඑයා නිදියගත්තම පාලු හිතුනා.
අම්මෝ මාස 3 බබෙක් එහෙම දීලා ගියාද ? :D
ReplyDeleteඅපේ අක්කා නම් බබාලා දෙන්නා ( twnz)
අපිට දෙන්නෙත් උපදෙස් මාලාවක්ම දීලා :D
අත හෝදලද?
සබං ගෑවද?
මිරිස් නැනෙ අතේ ?
දාඩියද ?
හයියෙන් අල්ල ගන්න
ඔයා පනිනවා
etc etc :D
හිහි. අනේ මම දන්නේ නැහැ. එයානම් දීලා ගියා.
Deleteබනිගෙන් විශේෂයෙන් ඕවා අහනවා ඇති නේද.. :ඩි
හනේ ඉතින් පොඩිඑකාට දෙයියන්ගෙම පිහිටයි...
ReplyDeleteඅනේ එහෙම නැහැ හරිද පැණි ඩොදම් :/
Delete:ඩි
වැඩි වැඩියෙන් දරුවො ලැබේවා..... :) බැදපු දවසට මහත්තයට කියන්න...
ReplyDeleteහා කියන්නම්කො පොඩ්ඩෝ. :))
Deleteහපොයි...!
Deleteහැක හැක හැක,, ඇයි කියන්න එපාද?
Deleteඉවරායි
Deleteශෝයි පොඩි එකා! :)
ReplyDeleteහ්ම්ම් එයා ගොඩාක් හුරතල්
DeleteThis comment has been removed by the author.
Deleteඅක්කී, Settings වලින් mobile templates ON කරනවනම් ගොඩක් හොඳයි! :)
Deleteහරි මල්ලියා ON කළා
Deleteඅනේ අම්මපා පොඩි එව්වොන්ව ඔහොම කොනිත්තනවද.
ReplyDeleteහරි හුරතල් පාට කොලු පැටියෙක්
මමත් ප්‍රර්ථනා කරනවා ඔයාට දරුවෝ දුසිම් දෙකක් තුනක් ලැබෙන්න කියල :D
රිද්දුවේ නැහැ ගොඩාක් ඉතින් :))
Deleteදුසිම් ගණන්? :o
හෆොයි
ඔයාටත් එසේම වේවා :ඩි
අනේ ඒ අක්කාගෙ ප්‍රාර්ථනාව ඒ ආකාරෙන්ම ඉෂ්ඨ වේවා...... :))
ReplyDeleteපව් පොඩි එකාට රිදෙන්න ඇති කෙනිත්තුවාම ...:(
තැන්ක්ස් අක්කි.
Deleteරිදෙන්න ඇති තමයි. අපි කොනිත්තලා එතන අතගෑවා :))
හිකිස්.. වැඩි වැඩියෙන් දරුවො ලැබේවා! කොනිත්තලා ඇහැරපු වැඩේ නම් අන්තිම නරකයි හරිද?
ReplyDeleteපිටසක්වලයාටත් එසේම වේවා :))
Deleteහ්ම්ම් මටත් දැන් හිතෙනවා ඒ වැඩේ නරකයි කියලා :((
අනේ මාත් මගේබැතිබර හිතෙන් ප්‍රාර්තනා කරනවා දරුවො වැඩි වැඩියෙන් ලැබෙත්වා කියලා.. එතකොට හොදයිනෙහ්.. එකෙක් නිදාගත්තාම ඌව කොනිත්තන්න ඔනි නෑ තව එකෙක් ඉන්නවනෙහ්.. නැද්ද?
ReplyDeleteඅනේ ඔව් ශෝක් එතකොට නේද..
Delete//මට කියලා ගියා ඒ අක්කා නංගිට වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා කියලා :))) එසේම වේවා එකසිය විස්සට දෙසිය විස්සක් ම!
ReplyDeleteඅහ්හ් ඔබටත් එසේම වේවා :))
Deleteඅපේ ලොකු අම්මගෙ අක්කගෙ පොඩි එකා අතට ගත්තොත් එක්කො කක්ක බාල්දියක් නැත්නම් චූ බාල්දියක් සෙට් වෙනව....හැබෑටම වර්ණට එහෙම වුනේ නැතෙයි...
ReplyDeleteඅනේ අම්මේ හොද වෙලාව එහෙම දෙයක් උනේ නැහැ :ඩි
Deleteඅඩේ මාත් ආසයි පොඩි ඈයෝ එක්ක ඉන්න.
ReplyDeleteඑයාලා එක්ක ඉන්නකොට දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ.
ඇත්තමයි අයියේ, මට එක එදා ගොඩාක් හිතුනා. ඇත්තටම ඉක්මනටම බදින්න ආසාවකුත් ආවා :))
Deleteහොඳයි හොඳයි දැන්ම පුරුදු වෙලා තියන එක.;) වැඩි වැඩියෙන්ම දරුවෝ ලැබේවා කියල මාත් ප්‍රාර්ථනා කරනවා.:D
ReplyDeleteහ්ම්ම් ඔව් පුරුදු වෙන එක හොදයි තමයි, අපේ අම්මිත් ඕකමයි කියුවේ :ඩි
Deleteඔයාටත් එසේම වේවා :))
වැඩි වැඩියෙන් දරුවො..???
ReplyDeleteහම්බේ.... දෙන්නෙක් හොඳටම ඇති.
අන්න දෙන්නෙක් ඇතිලු :ඩි
Deleteවැඩි වැඩියෙන් දරුවො..???
ReplyDeleteහම්බේ.... දෙන්නෙක් හොඳටම ඇති.
වැඩි වැඩියෙන් දරුවො..???
ReplyDeleteහම්බේ.... දෙන්නෙක් හොඳටම ඇති.
මට මතක් උනේ අපේ ලොකු අය්යාගේ පුතා පුංචිම කාලේ... හරිම ස්වීට් නේ?...:)
ReplyDeleteහ්ම්ම් අපේ අයියා බදිද්දී මම නාකි වෙලා ඉදීද මන්දා බන් :/
Deleteපොඩි එකා ලොකු වුණාම මේ බ්ලොග් පෝස්ට් එක කියෝලා ඇවිල්ලා ඔයාට ගුටි බැට දෙයිද මන්දා මාව කෙනිත්තුවා කියලා ..
ReplyDeleteදරුවෝ බොහෝ වේවා !! කියලා මමත් පතන්නම්
අහ්හ් සදරු අයියා කියද්දී තමයි එක මතක් උනේ... :ඩි
Deleteහ්ම්ම් අයියටත් එසේම වේවා
අලේ....... මගේ කිරිටොපි අක්කට බබාල ගොඩා........................................ක් ලැබේවා :)
ReplyDeleteඅලෙ මගේ අලගෙඩි කිදුරා මල්ලිටත් එසේම වේවා :))
Deleteහුරතල් පොඩි එකා....
ReplyDeleteමේ පැත්තේ ආව පළවෙනි පාර
බොරු මේ දෙවෙනි පාර :/
Deleteshook
ReplyDeleteශෝක් ශෝක්
Deleteලස්සනයි හුගක්
ReplyDeleteනොසිතු ඔබව සාදරයෙන් පිලිගන්නවා
Deleteලස්සන පොඩි එකෙක්.....වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා කියන්න තමා තියෙන්නේ......
ReplyDeleteහ්ම්ම් ඔයාටත් එසේම වේවා අයියා
Deleteවැරදි වැඩ 2ක් කොරල.. එකක් නම් ඔය උඩින් හැමෝම ලියල තියෙන්නේ.. අනික තමා පොඩි එකාගෙන් නිසි අවසරයක් නැතුව පොටෝ අරගෙන අන්තර්ජාලයට මුදා හැරීම. ඔය සඳරු කියුව වගේ පොඩි එකා ලොකු වෙච්ච දාට, අනිවා නඩු දානව වර්ණාට...
ReplyDeleteඒ මොනව උනත් පොඩි අයව ඔය විදිහට ආදරෙන් බලාගන්න පුලුවන් කරුණාවන්ත හිතක් තියන කෙනෙක්ට විතරයි කියලයි මට හිතෙන්නෙ :) ඒ අතින් ඔබ දිනුම්...
[මම හිතන්නේ මේ මගේ පළවෙනි කොමෙන්ටුව වෙන්න ඕනේ ඔබේ අඩවියේ...]
අනේ පොඩි එකාගෙන් අවසර ඉල්ලුවා, එකා ඉතින් ඔලුව වැනුවා මුකුත් කියුවේ නැහැනේ..
Deleteහ්ම්ම් බොහොම ස්තුති මේ පැත්තේ ආවාට
ඔව් මේ ඔබේ පළමු කමෙන්ටුව
නංගිට වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා :)) පොඩි එකා නම් ලස්සනයි...අර නන්ගාත් හරි හුරතල් පාටයි...
ReplyDeleteහ්ම්ම් අක්කිටත් එසේම වේවා :))
Deleteවර්ණා නැන්දා..
ReplyDeleteතාම නැන්දා උනේ නැතෝ :ඩි
Deleteකොහොමද අතල් 1 "මමී" ගාගෙන ළමයි දුසිමක් විතර එනකොට!:D
ReplyDeleteකොහොම උණත් ඇස්වහක් කටවහක් නෑ පොඩි එක නම සීදෙවි!:))
ළමයි ගොඩාක් එහෙම මමී කියනවට වඩා අම්මා කියනවට මම ආසයි..
Deleteහ්ම්ම් පොඩි එකා ශෝක් තමයි
හී හී...දැම්ම ඉදලම ඕවා පුරුදු වෙන එකත් හොදයිනෙ නේද...
ReplyDeleteඅනේ තරු ඔයා මේ කමෙන්ට් එක ආපහු බලයිද දන්නේ නැහැ, ඔයාගේ බ්ලොග් එකට යද්දී මගේ ලැප් එක හිරවෙනවා, ඒ මොකෝ දන්නේ නැහැ, අනිත් ඒවලට එහෙම වෙන්නේ නැහැ. මට කමෙන්ට් කරන්නත් බැරි වුනා එහෙ, අනේ මොකක් හරි කරන්න එකට
Deleteහප්පේ ඉතින් අපේ ගෙදර ඔය වදේ මට හැමදාම තියෙනවනේ අපේ අක්කිගෙ බන්ඩෝ දෙන්න නිසා..
ReplyDeleteදැන් හැදෙන පොඩි උන් ආසම නෑනේ එක තැනක ඉන්න. වඩා ඇවිදින්නම ඕනේ..
අර නඟාට නේද පික්නික් වලින් පොඩි ඉෆෙක්ට් පාරක් දැම්මේ? හික් හික්....
එක ඇත්ත නගෝ. පොඩි කාලේ ඉදන්ම දාන්ගලේ :ඩි
Deleteඔව් ඔව් මෙයාට තමයි පික්නික් වලින් මුණ දැම්මේ :ඩි
මටත් පුංචි අයනම් නලවන්න හොදට පුළුවන්. මම නම් එයාලව නිදි කරන්නේ පපුවට තුරුළු කරන් හ්ම් හ්ම් හ්ම් කිය කිය ඇවිදිනවා. එතකොට වට දෙකෙන් දොයී.
ReplyDeleteඑහෙමද? අනිත් පාර එහෙ ගියොත් එහෙම දොයි කරන්නම්කො'
Deleteඅලේ ෂෝක් කොලු පැටියා!! මොනවා වුනත් අක්කා අන්තිමට කිව්ව දේ නම් සේරටම වඩා ෂෝක් අලේ....
ReplyDeleteඅනේ ඇත්තමද :)))
Deleteමේ කරගත්තාවූ කුසල කර්මයේ බලයෙන් අනාගතයේදී පඩිපෙලක් මෙන් බබාලා ලැබේවායි ප්‍රාර්තනා කරමි.
ReplyDeleteඅනේ අම්මෝ පඩි පෙළක් :ඔ
Deleteරාජ් අයියාටත් එසේම වේවා :ඩි
අරූ අඩද්දි මේකි ෆොටෝ ගගහ ඉඳලනේ අම්මපා...
ReplyDeleteෆොටෝ ගහද්දි ටිකක් සයිලට් වෙනවානේ. එකයි :))
Deleteපොඩ්ඩාගේ කිරි හිනාව දැකලා හිතයි බඩයි දෙකම පිරුනා..
ReplyDeleteහ්ම්ම් මටත්. මුළු ලෝකෙම එතන වගේ හිතුනා :))
Deleteදිල් දැන් නැන්දා කෙනෙක්නෙ...ආයූෂ් පුතත් දැම්ම ඉඳන් දඟ මල්ලක්..එයා 11/11/11 ඉපදුන කෙනෙක්නෙ... මේ වයසෙම වෙන්න ඇති.. වඩා ගත්තම අපිව කන්න හදන්නෙ...කට ලඟ කිරිම කිරි සුවඳයි...මේ වගේ පොඩි කෙනෙක් එක්ක ඉද්දී දවස යනවා දැනෙන්නෙ නෑ...
ReplyDeleteහ්ම්ම් එහෙමද අක්කේ. දග මල්ල මට හිතා ගන්න පුළුවන්
Deleteඔව් මේ පැටියා ලගත් කිරි සුවදයි.
වැඩි වැඩියෙන් දරුවෝ ලැබේවා.....!!!!!!!!!!!!!!!!!!මෙච්චර විතර.
ReplyDeleteඔබා මාමාටත් එසේම වේවා :ඩි
Deleteඈ
Deleteවැඩි වැඩියෙන් බබාලා ලැබේවා! ඒත් දෙය්යනේ ඇයි අර පොඩි එකාව කෙනිත්තුවේ.? තාම මාස 03යි කිවුවා නේද?
ReplyDeleteඅනේ ඔයාටත් එසේම වේවා..
Deleteඅහ්හ් කෙනිත්තුවේ ආදරේටනේ :(((
ඔව් මාස 3 ක් තමයි :((
ෂෝක් ළමයි බලාගැනිල්ල... පොඩි එකාට දස වද දීලද කොහෙද පොටෝ ගන්න ;)
ReplyDeleteවැඩි වැඩියෙන් ලැබෙන්න ඕන !.. :)
හිහි දස වද පොඩ්ඩයි දුන්නේ :))
Deleteසාතන්ටත් එසේම වේවා
අනේ..හලිම හුරතල්...:* :* :* ආදරේ හිතෙනවා හුඟාක්...මමත් ඔය චූටි අයට උම්මා දීලා, පොඩි කරන්න රිද්දන්න ආසයි...:D තරහට නෙවෙයි..ආදරේ වැඩි වුනාම එහෙමයි...
ReplyDeleteඑකනේ, ආදරේටනේ කොනිත්තන්නේ .. මේ නාකි ළමයින්ට එක තේරෙන්නේ නැති හැටියක් :/
Deleteමටත් කියන්න තින්නේ අක්කේ... දැන්ම ඉදන් පුරුදු වෙන එක හොදයි
ReplyDeleteහ්ම්ම් එක තමයි මල්ලි. එක තමයි
Deleteඅර අහිංසක පොඩි එකා අඩවලා මෙයා ෆොටෝ ගහලා
ReplyDeleteවැඩේ කැතයි
ඒකරපු වැඩේට ළමයි දුසිම් දෙකක්ම ලැබෙන්න ඕනේ
හා එහෙම හොදයිද අහ :ඩි
Deleteඔයාටත් එසේම වේවා හොදේ
මොකක්ද වර්ණා ඒ කරපු වැඩේ? "ඔබා මාමාටත් එසේම වේවා" කිව්වෙ? දෙයියනේ එහෙම උනොත් හෙම කටවහවත් වැදිලා!!!!!
ReplyDeletehenryblogwalker the Dude
හේ හේ හේ එහෙම තමයි ඔබා මාමාට ආදරේට එහෙම කියුවේ :))
Deleteමේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා
Deleteශෝක් කොලුපැටිය.ලොකු කෙනෙක් කරන ආශිර්වාදයක් වරදීනෙ නැතිලු.හ්ම්ම්ම්...අපි දන්නෙ නැහැ ඕන්.සුභ පැතුම්,වැඩි වැඩියෙන් ලැබේවා!!!
ReplyDeleteප.ලි. තහනම් වචනය....ඔයාටත් එසේම වේවා!
හා තහනම් වචනේ නිසා ඔන්න මම කියුවේ නැහැ එක. එත් හිතින් එහෙම ප්‍රාර්ථනා කරනවා
Deleteඅර අක්කගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා කියල පතනවා :))
ReplyDeleteමමනම් පොඩි එව්වෝ බලාගෙන ඇති දවස් බර ගානක්
අක්කලාගේ පොඩි එව්වෝ අපිට බලාගන්න දීල යනවනේ ඉස්සර
මමනම් කක්කා කෝස්, චූ කෝස් වලට කරගහලා තියෙනවා ඇති පදං... :)
ලොකූ ව දැක්ක කල්?
Deleteහිහි එහෙමද.. එතකොට ජොලි නේද :ඩි
හ්ම්ම් ලොකුටත් ඉතින් ළමයි දස දහස් ගණනක ලැබේවා ..
වර්ණා දැම්ම ඉදන්ම මේ වට පෙර පුහුණුවක් ගන්න එක හොදයිඔ ඔන්න.. මොනවා උනත් ශෝක් පොඩි එකා..
ReplyDeleteහ්ම්ම් ඒකතමයි දිනේෂ් අයියේ,, එකනේ ඉතින් මම පුරුදු වෙන්නේ :))
Deleteහරි හුරතල්! :)
ReplyDeleteහ්ම්ම් එකනම් ඇත්ත. :))
Deleteඅර අක්කාගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා....!!! :D :D
ReplyDeleteකුබු ටත් එසේම වේවා ඔන්න ))
Deleteමාස තුනක්...????
ReplyDeleteඅලේ අම්මෝ.මමනම් මාස හයට අඩු ළමයිව ප්‍රතිපත්තියක් විදියට වඩා ගන්න යන්නේ නෑ. හයියෙන් ඇල්ලුනොත් උන්ට රිදෙයි කියලා බයයි මම.
ඒත් මෙන්න වර්ණා පොඩි එකාට කොනිත්තලාත් එක්ක...
පොඩ්ඩානම් ගති.. නම මොකක්ද?
අනේ ඉතින් නාකි අයියා ගේ ඇගේ පතේ සයිස් එක නිසා සහා වයසක නිසා පොඩි ළමයි ලගටවත් එන්නේ නැතිව ඇති :ඩි
ReplyDeleteඩිහාන් තමයි නම :))
ane,hari hurathal malli babek.denna berida mata..
ReplyDeleteමමත් ඉල්ලුවා, මටත් දෙන්න බැහැ කියුවා :((
Deleteඅර ඔබාමාම කිවුවගානට මේටිකත් +කරගන්න !!!!!
ReplyDeleteහා එකතුකර ගන්නම්කො :))
Deleteෂෝයි චන්ඩි බන්ඩි කෙනෙක්නෙ... :)
ReplyDeleteනංගියා දැන්ම ඉඳලම ප්‍රැක්ටිස් වෙනවා වගේ..
වෙඩිමක් එහෙම ලඟදෝ නංගියෝ... :D
අම්මෝ නැතෝ මොන වෙඩිමක්ද අක්කේ හිහි
Deleteඅනේ අම්මෝ පොඩි එවුන්.........ඔයාලා නම් කියයි වැඩි වැඩියෙන් බඳින කොල්ලට දැන්ම තියා කියන්න හොඳේ රස්සා දෙක තුනක් වත් කරන්න කියලා නැත්තම් බඩුම තමා......හි හි
ReplyDeletehe he heee balangiyahama me ganulamayintath thiyana wada... math podiuntanam asayi eth wadaganna bayayi....
ReplyDelete(Eagle)
හා හා ..ඔය බය වෙන්න එපා. ළඟදීම ඔයාටත් වඩාගන්න පුළුවන්...
Delete