Wednesday, January 25, 2012

මචන් උඹ ගොඩාක් ලකී



මේ ජිවිතේ හරියට කියවලා ඉවරකරගන්න බැරි පොතක් වගේ..අපි කොච්චර කියෙව්වත් කියවලා තියෙන්නේ එකම තැන.. කොච්චර හෙව්වත් අලුත් පිටුවක්. නැහැ හම්බෙන්නේ.. එත් කලාතුරකින් පොත ගොඩාක් සාර්ථකව කියවලා ඉවරකරගත්ත අයත් ඉන්නවා. එයාලට කියන්නේ, මචන් උඹ ගොඩාක් ලකී... කියලා.
එත් "මං වගේ කාලකන්නියෙක්" කියලා හිතන අය මේ මිනිස්සු අතරේ කොච්චර ඉන්නවාද....


මං අවුරුදු 21 ක් ඇතුලත ජිවිතේ ගැන ලබාපු අත්දැකීම් සහා ඉගෙන ගත්තු දේවල් බොහොමයි..මිනිස්සු ගැන ගොඩාක් දේවල් ගොඩාක් හොදට ඉගෙන ගත්තා. මගේ ලග ඉදපු අය මට හතුරුකම් කරපු විදියත් නොහිතපු අය මට ලං වෙච්ච විදියත් මට දැනටත් අඩත්තේට්ටම් කරන අයත් මට හම්බුනා.මේ හැමකෙනෙක්ටම මුහුණ දෙන්න මට ශක්තිය හැමවෙලේම තිබුනේ නැහැ.. ඒ ගොඩාක් දේවල් වලදී මම වැටුනා. මගේ පවුලේ අය නිසාම මම අනන්තවත් අඩලා ඇති. කොටින්ම කියුවොත් අලුත් අවුරුද්ද දවසෙත් මහා හයියෙන් අඩපු කෙල්ලෙක් මම. එත් මගේ නැති වෙච්ච තාත්තාගේ පිහිටෙන් මම නැගිටින්න හැමවෙලේම උත්සහා කලා.. වැලේ වැල් නැතුව පාරක් පාරක් ගානේ ඔහේ ඇවිද ගිය මට, ජිවිතේ කාලකන්නි කරගන්න යන හැමවෙලේම මගේ ලග ඉදන් මාව හරි මාර්ගෙට යවපු මිතුරොත් නැතුවා නෙමෙයි.එත් ඒ හැම කෙනෙක්ගෙන්ම ඈත් උනේ මම නිසා කාටවත් කරදරයක් වෙනවාට මම අකමැති නිසා..
පුංචිම පුංචි කාලේ තාත්ති මම තට්ටු 10 ක ගෙයක් හදලා ලොකු කාර් එකක් ගන්නවා එක ඔයාට දෙන්නද කියලා අහද්දී, නෑ පුතේ ඒ ඔයාගේ කාර් එකනේ එකේ මම ඩ්‍රයිවර් වෙන්නම්කො ඒ තට්ටු 10 ගෙදර යටම තට්ටුව මට දෙන්නකෝ.. මට තට්ටු නගින්න බැහැනේ කකුල රිදෙයිනේ කියලා තාත්ති කියුවා මට අද වාගේ මතකයි.. . ඒ දුව මෙහෙම ජිවිතේ විනාස කරගන්නවාට තාත්ති අකමැති බව මම දන්නවා තාත්තේ.. එත් ඔයා නිසා ඔයාගේ ආදරේ වැඩි කම නිසා පොඩ්ඩ ඇත්තම් මේ කෙල්ලට දුක හිතෙන හිතක් මැවුනා.. ඒ හිත මේ කෙල්ල කියන දෙයක් අහන්නේ නැහැ. අම්මිට මගේ හිත කියවන්න බැරි නිසාමද මන්දා මගේ ජිවිතේ නිකම් නාස්ති වෙයි කියලා මට බයයි... මේ වනතෙක් හිත හයිය කරගෙන ලෝකෙට පෙන්න හිනා වෙවී හිත ඇතුලින් අඩ අඩ හිටපු මට  ජිවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ.


අහම්බෙන් දැක්ක බ්ලොග් පොස්ට් එකක් නිසා බ්ලොග් එකක් ලියන්න හිතුනත් හිතුවක්කාරී කියන හිතුවක්කාර නැති කෙල්ල මාව දිරි ගන්වපු නිසාත් ඔයාලා අද කියවන මේ බ්ලොගය මා අතින් නිර්මාණය උනා.
කියාගන්න බැරිව හිර වෙලා තිබුණු හැගීම් ගොඩාක් එලියට පනින්න වෙර දරද්දී අමාරුවෙන් හංගගෙන ඉදලා ඒවා එහෙම් පිටින්ම බ්ලොග් පොස්ට් එකක් තුල හිර කරන්න අසාර්ථක උත්සාහයක යෙදුනු මම, බ්ලොග් ලෝකෙට ටික කාලෙක විරාමයක් තියන්නයි සුදානම් වෙන්නේ.. මම දන්නවා සමහරු ඇවිත් මට බනි.. සමහරු හිතින් හොදයි කියයි.. මොනා කියුවත් මම හිතුවා ටික කාලෙකට බ්ලොග් එකේ කිසිවක් නොකොටන්න.. ඒ වගේම මුණු පොතෙවත් නොරැදෙන්න..
බ්ලොග් නිසා ගොඩාක් හිත රිදුනා. ඒ වගේමයි ඒ දේවල් නිකම්ම හිතින් අයින් උනා.. සමහර බ්ලොග් කාරිනියන් මාත් එක්ක තරහා වෙලාදෝ කියලා වෙලාවකට මට හිතෙනවා.. ඒ අයට මගෙන් වරදක් උනානම් සමාවෙන්න කියලාත් කියනවා.. බ්ලොග් ලෝකෙන් මට හිතා ගන්න බැරි විදියට යාළුවො ගොඩාක් හම්බුනා...මම ටික කාලෙකට එන්නේ නැහැයි කියද්දී මගේ නම්බර් එක ඉල්ලගත්තු බ්ලොග්කාරිනියක්  පවා හිටියා. ඒ වෙලාවේ මට දැනුනේ මම ඇත්තටම එයාගේ හොද යාලුවෙක් වෙලා නේද කියලයි..


බ්ලොග් වලින් සමුගන්නේ ටික කාලෙකට.. හිත ටිකක් හැදුනාම ආපහු එනවා.. ඒ වෙනකොට මාව අමතක වෙලා ඉදිද දන්නේ ත් නැහැ ඕන්.. හේ හේ...


අන්තිමට කියන්නේ බ්ලොග් නිසා දැන් ගොඩාක් අය ගහාගනන්වා... අනේ මන්දන්නේ නැහැ මොකට මෙහෙම රණ්ඩු වෙනවද කියලා. ඒ ගැන නම් නො කමෙන්ට්ස්.. 
අහ්හ් තව දුකක් තියෙනවා මම ලියාගෙන ආපහු කතාව ටික කාලෙකට දමන්න බැරි වෙයි.. එකට සමාවෙන්න.. 


මං වගේ ජීවිතේට තේරුමක් නැතිව ජිවිතේ ගෙනියන්න එපා. මම සමුගන්නේ පෞද්ගලික හේතුවකට හිත රිදදුනු නිසා ටික කාලෙකට.. 
අන්තිමට කියන්න තියෙන්නේ මාව අමතක කරන්න එපා කියලා තමයි :))))







63 comments:

  1. හරි ගිහින් එන්න
    කැමති දවසක ආයි එන්න
    කියවන අය ඒවිදියටම ඉදිවී

    ReplyDelete
  2. වර්ණා නංගි, මට මේ පෝස්ට් එක තේරුනේ නම් නැහැ..ඒත් මේක දැක්කම ටිකක් බයත් හිතුනා.
    //බ්ලොග් නිසා ගොඩාක් හිත රිදුනා. ඒ වගේමයි ඒ දේවල් නිකම්ම හිතින් අයින් උනා.. සමහර බ්ලොග් කාරිනියන් මාත් එක්ක තරහා වෙලාදෝ කියලා වෙලාවකට මට හිතෙනවා//

    අපෙන් වත් වැරද්දක් වෙලාද දන්නේ නැති නිසා :(..ඒත් එහෙම දෙයක් වෙනවා නම් මම දැක්කේ නෑ...

    ටික දවසකට කලින් දිල් මේ විදිහේ පෝස්ට් එකක් දාලා තිබුණා..දැන් බලනකොට බ්ලොග් එක වහලා :( පස්සෙයි හේතුව දැනගත්තේ..ඒ ගැනනම් දුකයි..ඔයා මේ කියනෙන් ඒ වගේ සිද්ධියක් ද?

    මොනවා උනත් ඔයාව අමතක වෙන්නේ නම් නැහැ..

    ReplyDelete
  3. නෑ නෑ අක්කේ, දිල් අක්කා ගැන නෙමෙයි.. මම නිකමට කියුවේ එහෙම බ්ලොග් කාරිනියන් ඉන්නවානම් මගේ අතින් වැරද්දක් උනානම් සමාවෙන්න කියලා..

    ReplyDelete
  4. ඔහ්..නෑ නෑ මම ඇහුවේ දිල් ට උනා වගේ දෙයක් ඔයාටත් උනාද කියලා? මොකද එයාත් මුකුත් නොතේරෙන පෝස්ට් එකක් දාලා ටික දවසකින් බ්ලොග් එක නැති උනානේ..මොනවා උනත් ගනන් නොගෙන ඉන්න බලන්න නංගි...

    ReplyDelete
  5. හප්පේ මේ මොකක්ද මේ සීන් එක....මේ දවස් ටිකේ බ්ලොග් කස්ටියගේ මද කිපිලද අනේ මන්දා....

    ReplyDelete
  6. අපි ඔබ සමඟයි... හිත හැදුණාම ආයේ එන්න හොඳේ... අපිට ඔයාව අමතක නෑ කෙල්ලේ..

    ReplyDelete
  7. හිතේ තියෙන ප්‍රශ්නේ විසඳුනු දවසක ආපහු එන්න
    අපි එදාටත් එන්නම් ලියන ඒවා කියවන්න

    ඔයා ආපහු එද්දී අපි නොහිටින්නත් ඉඩ තියෙනවා... :)

    ReplyDelete
  8. වර්ණා අක්කේ පරිස්සමට හිනා වෙලා ඉන්න හැමදාමත්.. :)

    ReplyDelete
  9. මේ දවස් ටිකේ බ්ලොග් වල මොනවා වෙනවද මන්දා.. අනේ මන්දා නවතින්න කිවුවට ඔයා සමහරවිය ඉන්න එකක් නැති වෙයි.. ඒත් ටික කාලෙකටනේ.. කමක් නෑ ගිහින් එන්න..

    ReplyDelete
  10. අය්යො මොකද මෙ බ්ලොග් අවකාසෙට වෙලා තියෙන්නෙ ?

    ReplyDelete
  11. ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. @ඇනෝ වර්ණා එන්නේ නැති ඒක ඔයාට කොහොමද ලොකු දෙයක් වෙන්නේ.එයා මනුස්සයෙක්ගේ ප්‍රශ්නයකදී ඔය වගේ මන්ද මෝල් කමෙන්ට් කරන්නේ ඔයාගේ තියෙන අඩු අද්‍යාපනයා හා මන්ද මානසිකත්වය නිසා නේ.ඇත්තටම මේකට ඔයාට මොනවත් කියල වැඩක් නැහැ.ගෙවල් වල වැරදි.මහා මිනිසුන්ගේ වැරදි වලට උඹ මොනවා කරන්නද ඇනෝ..
      ඒක අතකට උඹ හරි මේකට රිප්ලයි කරපු මම වැරදි..

      Delete
  12. සෙනසුරු මාරුවේ බලපෑමක්ද කොහෙද .කට්ටියටම මොකද වෙන්න යන්නේ.

    ReplyDelete
  13. කමක් නෑ නංගෝ.. ටික කාලයක් නිදහසේ ඉන්න,. ඒත් ඔයා නැතුව පාළු වෙයි,. බ්ලොග් පෝස්ට් එකක් දාලා කියලා දැක්ක ගමන් මම ආසාවෙන් ඇවිත් කියවන බ්ලෝග් අතරෙන් එකක් තමයි ඔයාගේ බ්ලොග් එක,. ඒ සමහරවිට ඔයත් ගොඩාක්ම මම වගේ හිතන නිසා වෙන්න ඇති.. ඉතින් නංගෝ ඉක්මණට ආයෙමත් එන්න. ඔයා දන්නවනේ මේ අක්කිට නම් මගේ නංගව කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඕනෙම වෙලාවක ඕනෙම දේකට මම ඉන්නව..

    ReplyDelete
  14. අයියෝ.. හැම එක්කෙනාම බ්ලොග් වහනවනේ... මෙහෙම ගියොත් නං බලන්න දෙයක් නැතිවෙලාම යයිනේ...

    ReplyDelete
  15. ජීවිතේ දැනෙන දේ
    හැඟෙන දේ
    අත්මිටට ගත් විට
    තදකර ගත් විට
    නැවත දිග හැර බලූ විට
    පෙනේවී ඒ
    ඔබේම ප්‍රතිමූර්තිය බව..

    ජයවේවා නංගි

    ReplyDelete
  16. "කෙනෙක් ප්‍රශ්නයක් එක්ක ගේමට ඉන්නව නම් දිනුවත් පැරදුනත් ඒක තමයි ලොකුම ජයග්‍රහණය...."

    මිනිස්සු හිතනව නම් ප්‍රශ්න වලින් පැනල යන එක ඒවට විසඳුමක් කියල, මම නම් හිතන්නෙ නෑ ඒ මිනිස්සුන්ට කවදාවත් ප්‍රශ්න වලින් ගොඩ එන්න පුලුවන් වෙයි කියල... අඬ අඬ හරි යථාර්තයට මූණදෙන අයගෙ පන්නරය ගොඩක් වැඩියි මම අර කලින් කියපු මිනිස්සුන්ට වඩා.....

    මට තේරිච්ච පුංචි දෙයක් තියෙ මයෙ මැණිකට කියන්න.... අපි ප්‍රශ්න අමතක කරන්න උත්සාහ දරන තරමට ඒ ප්‍රශ්න, මතක අපිව රිදවනව වැඩියි.... මම නම් හිතන්නෙ හොඳම දේ ඒ වගේ දේවල් නොසලකා හැරීම.... ඒකට හොඳම ක්‍රමයක් තමයි "කාලය"... ඒක හොඳම බෙහෙතක් කියලයි මට නම් තේරිලා තියෙන්නෙ...

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. හලේ...... අපිට පාලු වෙයි.. ඒත් කමක් නෑ මොන දේ කරන්නත් හිතේ නිදහස තියෙන්න එපයි.. ඒ නිසා ඉස්සෙල්ලම හිත නිදහස් කරගෙන ඉන්න. ඔයාව නම් අමතක කරන්නේ නැතෝ... පුළුවන් ඉක්මනටා අයෙත් ලියන්නකෝ.. :) :)

    ReplyDelete
  19. හෆ්ෆේ එහෙම අමතක කොරනවද?

    ඇත්තට මොකද වුනේ ? සෑමා අගක් මුලක් නොදනිමි. ඒත් වැදගත් වැඩ කරන්න බය වෙන්ට එපා. කියවන අය (අපි) පව් !

    ReplyDelete
  20. අනේ ඇත්තටම අක්කියා මොකෑ උනේ........?
    අමතක කරන්නේ නම් නෑ ගිහින් එන්න.......

    ReplyDelete
  21. ඔව් නංගියෝ.. ඒක හරි, ගිහින් එන්න, කාලය ඔයාව සනීප කරයි!

    ReplyDelete
  22. උඹ විතරක් නෙවෙයී නංගියේ මේ දවස් වල මමත් පපුව පැලෙන්න තරම් දුකින් ඉන්නේ.
    ඒත් මුනිවත හොදයී දෙබසින් දුක වැඩි හින්දා කියලා හිත තදකර ගෙන ඉන්නවා.
    ජීවිතේ කියන්නේ ප්‍රශ්න. උත්තර ලිව්වොත් දිනුම් නොලිව්වොත් පරාදයී. මම මේදක්වා උත්තර ලිව්වා. ඉදිරියටත් ලියනවා. අපිට ජීවිතෙන් පැනලා යන්න බෑ. දුක හැමදාම අපිට උරුම නෑ. මම අදහනවා වගේ අදහපන් කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බවෙනවා කියලා.
    වරදින් නෑ කෙල්ලේ. වැටුනොත් විතරයී නැගිටින්නේ. දුක දැනේන දැනේන සතුට හොයාගෙන යන්න අපිට බලකරනවා.
    සැහැල්ලුවෙන් ලියන්න ඉක්මනින් එන්න. සතුටින් ඉන්න.

    ReplyDelete
  23. මේ පැත්තට ආව විතරනෙ....කමක් නෑ ප්‍රශ්නයක් නම් ඒක විසඳගෙන ඉන්නකො....

    ReplyDelete
  24. අයියෝ වර්ණා, අර කතාවකුත් පටංගත්ත විතරයිනේ... කමක් නැහ් ඉතිං මොනා කරන්නත් හිතේ සහනය තියෙන්න එපැයි... මටනම් බ්ලොග් එක කරන එකෙන් ප්‍රශ්න අමතක වෙනව ... ඇත්තටම ප්‍රශ්න අමතක වෙන්න බ්ලොග්ස් උදව් වෙනව .. ඔයාගෙ වීව් එක වෙනස් ඇති ..
    එහෙනම් ලගදීම ආයෙත් එන්න ..

    ReplyDelete
  25. මේකේ ඔක්කොම ලිපි තාම කියවලාවත්නෑ... ඔයා ආපහු ආවාම හම්බ වෙමු එතකන් කියවන්නං මේ තියෙන ටික..

    ReplyDelete
  26. mamanam blog karayek nemey.me jeewithe duk widina akama kena oya neme.math akka thawa godak denek jeewithe widonawa.

    ReplyDelete
  27. මදැයි ලස්සන කතාවක් කියවන්න බලන් හිටියා..බ්ලොග් එක ලියන්න බැරි නම් කතාවවත් ලියන්න නගේ..
    ලස්සන එකක් වගේ..අපි වගේ අසරණ පාඨකයො ගැන හිතලා!
    ජීවිතේ ගැන අළුතෙන් දකින්න ඕන නම් පවුලෝ කොයියොගෙ ඇල්කෙමිස්ට් පොත කියවන්න..අළුත් අදහසක් දැන ගන්න පුළුවන් වේවි..

    ReplyDelete
  28. අනිච්චං දුක්කේ................

    ReplyDelete
  29. ඔය පුංචි පුංචි හිත් රිදීමවලට ඔය වගේ තීරණ ගන්න එපා. අපි හැමෝම මිනිස්සු ඒක නිසා හැමෝම අතින් වැරදි සිද්ද වෙනවා ඒ වාට මුහුණ දෙන එක තමා ජීවිතේ කියන්නේ. මන් නම් කියන්නේ ඔය මොනවා උනත් දිගටම බ්ලොග් එක ලියන්න කියලා. මේක තමා ඔයාට බ්ලොග් අවකාශේ ඇත්තම යාළුවෝ කවුද කියලා අඳුන ගන්න ලැබෙන අවස්ථාව.

    මේ බ්ලොග් එකේ පටන් ගත්ත බොඳව ගිය දේදුනු කතාව මන් හරිම ආසවෙන් බැලුවේ ඊලඟ කොට ඉක්මනින්ම බලන්න තියෙන අවස්තාව නැති කරන්න නම් එපා.

    ReplyDelete
    Replies
    1. මම කියෝල නෑ අයියෙ....

      Delete
  30. මමත් පුද්ගලික හේතුවකට බ්ලොග් එක නවත්වන්න හදලා මාසයක් කිසි දෙයක් නොලියා හිටියා . . .

    ඒත් වතුරේ ඔබපු රබර් බෝලේ වගේ තමා . . .

    ස්ට්‍රෙස් එක නැති කර ගන්න තියෙන හොඳම ක්‍රමයක් ඇයි මේ වෙන වෙන දේවල් නිසා නැති කරගන්නේ කියලා හිතලා ආයි පටන් ගත්තා . . .

    හිත හැදෙනකම් ටික කලක් ඉන්න . . .

    කාලය තමා හොඳම පිලිතුරු සපයන්නා . . .

    ReplyDelete
  31. බ්ලොග් එක ලියන නොලියන එක පුද්ගලික දෙයක්. ඒකට කාටවත් බලපෑම් කරන්න බෑ.
    ඒත් මේ හේතුවත් අර දිල් ගෙ හේතුව වගේම නම් කණගාටුයි එහෙම දෙයක් නිසා නොලියනව කියන එක.

    මොනා උනත් සුබ පතනව ඉදිරි වැඩ වලට.

    ReplyDelete
  32. සංසාරේ.. මේන් අතීතය නැවතත් මතුවෙන හැටියක්...:-D

    ReplyDelete
  33. මේ මොකද?මොන දේ උනත් ලියන එක නවත්තන්නෙ ඇයි?හ්ම්....හිතුන දවසක ආයම එන්න.

    ReplyDelete
  34. මං ඔයා එක්ක තරහයි..

    ඉතිං ?

    මොනාද අනේ ඉතිං කියන්නෙ ?

    වෙන අහවල් දෙයක් කියන්නද ?

    ඇයි අහන්නෙ නැත්තෙ තරහ ඇයි කියල ?

    මොකටද ?

    +++++++++++++++++++++++++

    වර්ණා ගියොත් මොනවා වෙයිද ?

    අනේ මංදා ?

    වර්ණා ආයෙම ආවොත් මොනවා වෙයිද ?

    ඒත් මං දන්නෙ නෑ අනේ !

    ඇයි එහෙම කියන්නෙ ?

    එහෙම කියන්නෙද ? ඉර නඟී, බහී, ඔය අතරෙ හඳත් ඇවිල්ල යයි, අපි රස්සාව කරයි, පඩි ගනියි, කයි, බොයි, දිරවයි. වෙනසක් නෑනෙ වෙන්නෙ. ඒ වගේ තමා.

    ඒ කියන්නෙ කිසිම වෙනසක් නැද්ද?

    මොකෝ නැත්තෙ, වර්ණාට ලියන්න තිබිච්ච කතා ටික ලියාගන්න බැරිවෙයි, ඒව කියවන අය දාන කමෙන්ට් වලට රිප්ලයි එකක් දාන්න තියන අවස්ථාව නැතිවෙයි.

    ඒ කියන්නෙ පාඩුව එයාටම විතරයිද?

    ඇයි ඔයාට පාඩුයි ද ?

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  35. ප්ලීස් ඩෝන්ට් ගෝ කියන්න අපට අයිතියක් නෑ. නමුත් ජීවීතේ ගැන කලකිරෙන්න නම් එපා. මේ ජීවීතේ තියෙන්නේ විඳවන්න නෙමෙයි.. විඳින්න..

    ReplyDelete
  36. නොහඬන් සූරිය කාන්තා
    නොසැලෙන් සූරිය කාන්තා...

    කමක් නෑ. ආයෙත් එන්න...
    ජයවේවා...!!!

    ReplyDelete
  37. මම ඉතින් කියන්න ඕන ටික කිව්වනේ නගෝ.

    ReplyDelete
  38. කලකිරීම්, සිත් රිදවීම්, ස්වභාවිකයි. කොහේ ගියත් ඒවායින් පළායන්න බහැ. එයින් මග හරින්න හොදම ක්‍රමය තමයි හිතට එන නිර්මානාත්ම අදහස්වලට ඉඩදීම

    ReplyDelete
  39. අක්කා ඉක්මනින් ආයෙත් එයි කියලා හිතනවා. මතක ගොන්නට ඉක්මනින්ම තවත් මතක් ගොඩක් ඉක්මනින් එකතුවෙයි කියලා හිතනවා. ටික කාලෙකට නොලිය හිටියම කොහොමත් ඇවිත් ලියන්නත් ගොඩක් දේවල් තියේවිනෙ, හිහි. පරිස්සමෙන් ඉන්න. ජයම වේවා.

    ReplyDelete
  40. මේ දවස්ටිකේ බ්ලොග් අවකාශයේ ඉන්න අයට මාර ප්‍රශ්න නේ !!
    එහෙනම් ඉතින් ටික දවසකින් ආපහු එන්න !!

    ReplyDelete
  41. නොහඬන්.... සූරිය කාන්තා
    නොසැලෙන් ....සූරිය කාන්තා

    කමක් නෑ.. ගිහින් ආයෙත් එන්න

    ජයවේවා....!!!

    ReplyDelete
  42. ඇයි මේවා මෙහෙම වෙන්නේ........නොදැනුවත්ව හරි වැරැද්දක් වුනානම් සමාව අයැද සිටිනවා.මොනා වුනත් ගොඩාක් සැහැල්ලුවෙන් ඉඳලා වෙච්චි හැම දේම අමතක කරලා හිතුනොත් ආයේ මේ පැත්තට එන්න අක්කේ කැමතිනම් නිතර බ්ලොග් නොලිව්වත් කියවන්න.හිත රිදෙන්න හේතුවක් ඇති ඒත් ඒ හේතුව අමතක කරන්න හදන්න එපා...

    දෙයක් අමතක කරන්න හැදුවොත් වෙන්නේ කවදාවත් අමතක නොවෙන දෙයක් විදියට හද පතුලට අවක්ෂේප වෙන එක විතරයි ඒ නිසා මොන දේ සිදුවුනත් ඒ දේ ආයේ කවදාවත් හිතන්න එපා.හිතට තනිවෙන්න දෙන්න එපා.....

    බුදුසරණයි අක්කේ.....හැම දෙයක්ම හොඳින් විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....ජය වේවා

    ReplyDelete
  43. පින්තූරේ දැක්කාම හිතෙනවා දැන් පනී දැන් පනී කියලා....

    ReplyDelete
  44. වර්ණෝ!!!!!!!!!!!
    මෙ අහපිය...මට තලහ ගිහින් ඉන්නෙ.. :@

    මම මේ පෝස්ට් එක කියෙව්වෙ දැන්. මොකද මට බ්ලොග් එකට එන්න බැරිවුනා හවස ට්‍රයි කලාට.:( මූණූ පොතෙන් මැසේජ් එකක් දැම්මෙ ඒකයි. මොකක්ද මේ වෙලා තියෙන්නෙ? පෞද්ගලික කාරණාවක් නිසා නොලියා ඉන්නවනම්, ඒක ලියන්න ලියන්න කියලා බල කරන්න මට බෑ.. ඒත් බ්ලොග් නොලියා හිටියාම ඔය ප්‍රශ්න හේතු ඔක්කොම නැති වෙනවද?? අහ්හ්?? අනේ එහෙමනම් කමක් නෑ වර්ණෝ... ඔයාට සතුටින්, සැනසීමෙන් ඉන්න බ්ලොග් නොලියන එක හේතුවක්නම්, ඒකට කමක් නෑ... ඒත් පටන්ගැන්මෙ ඉදන් මේ වෙනකම් හැමදාම කිව්වා වගේ, ඔය හිතේ තියන දේවල්, කතා, අදහස් ලියන්න තිබුණූ චාන්ස් එක අතෑරලාම දාන්නනම් එපා. ආයෙත් ඉක්මණට එන්න ,ලියන්න,හිත හදාගන්න බලන්න.ඕන දේකට එදා වගේම හැමදාම හිතුවක්කාරි ඔයා එක්ක ඉන්නවා.:)

    අනික මටනම් මේ බ්ලොග් ලියද්දි, කියවද්දි, හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම කරදරයක්ම අමතක වෙනවා. මම ලියන්නෙ විකාර ව්උනත්, මොනා වුනත් මම දුක ලිව්වත් ලියන්නෙ සතුට වෙනුවෙන්, කියවලා විදින්නෙත් සතුට.ඔයත් සතුටින් ඉන්න...

    මට විශ්වාසයි, වර්ණා ඉක්මණට එනවා.ඇවිත් ආයෙත් ලියනවා.. ඔයාව අමතක වෙන්නෙ නෑ.. හොදේ..මොකද ඔයා ඉක්මණට එනවනෙ.. :)

    ReplyDelete
  45. අපෙන්වත් වරදක් උනාද දන්නේ නෑ!
    අපි බ්ලොග් ඒක පටන් ගත්ත දවස් වලම වර්ණා අක්ක කරපු උදව් නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ !
    ඒ උදව් තාමත් එහෙමයි!
    ඔයා මෙතන ඉන්න ඕන කෙනෙක් !
    ඉක්මනට ආපහු එන්න!

    ReplyDelete
  46. මම නම් මේ බ්ලොග් ලෝකෙට ඇවිත් තාම මාස දෙකක් වගේ කාලයක් තමා ගෙවුනේ.මෙහෙම වෙන්නේ ඇයි දන්නේ නෑ. එත් දුකයි. ගිහින් ආයෙත් එන්න..ඔයාට තෙරුවන් සරණයි.

    ReplyDelete
  47. නෑ නෑ දෙකායි නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං දෙක නෙවේ කියන්නේ...

      Delete
    2. පැණියා : මාරයා මහතාට සිරස ටීවී එකෙන් කතා කරල පුංචි පහේ මං එකට එන්න කියල. දැන් පහේ පංතියෙ ප්‍රශ්න වලට කලින් එකේ පංතියෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනනෙ.

      ඌ මේ උගේ ගණිත දැනුම පරීක්ශා කරනවා. ඔය මම උගෙන් අහපු ප්‍රශ්නෙකට තමා දෙපාරක් උත්තර දුන්නේ.

      මම ඇහුවේ උඹ ලඟ පොර කුකුලෙක් ඉන්නවා, මම උඹට තව පොර කුකුලෙක් දුන්නොත් උඹ ලඟ පොර කුකුල්ලු කීයක් ඉන්නවද කියල.

      මුලින්ම ඌ එකයි එකයි දෙකයි කියල දෙකායි කිවුවා. පස්සෙ ඌට මතක් උනා පොර කුකුල්ලු දෙන්න කොටාගෙන එකෙක් මලාම එකයි ඉතුරු වෙන්නෙ කියල.

      Delete
  48. ඔයාම කියලා තියෙනවානේ ජීවිතේ පොතක් කියලා. ඉතින් අපිට ඕන වෙලාවට පො‍තේ පිටු ඉරන්නවත්,පොත විසි කරන්නවත් බැහැ.ඒත් ඔයා යනවා නම් අපිට එපා කියන්න බැහැනෙ අක්කියෝ.. ආයෙත් එන්න. වර්ණාගේ මතකවලට ගොඩක් ආදරය කරපු අය හිටපු බවත් අමතක කරන්න එපා!

    ReplyDelete
  49. කට්ටිය පෝළිමක් වාගෙ ..
    මුලින්ම හිත නරක් කර ගත්තෙ මන්තරකාරි ... ඊ ලඟට දිල් ... ඊ ලඟට වෛවර්ණා ... ඊ ලඟට කවුද ..?
    [යකෝ මම ආදරෙන් ඉන්න ඔක්කොටොම කෙලවෙනවානේ]
    මට නම් ඉතින් ඔය ගැන කණගාටුයි ..
    ඒ වුනාට උඹල අවුරුදු උත්සවයට වරෙල්ලා.

    ReplyDelete
    Replies
    1. ane kumaraya aiye mama hith ridawimak welaa yanawaa nemei.. pawudgalika hethuwak nisaa yanne..

      Delete
  50. කවුරු හරි ගැහැනු ලමයෙක් දුකෙන් කරදරයෙන් ඉන්නවා නම් මෙ රවා අයියා ඉන්නවා, රවා අයියාගෙ සෙවන තියනවා.. 86 ට කලින් ඉපදුන ගැහැනු අයට මාරයියා, වෙනි අයියා ඉන්නවා.. එක හින්දා නංගි, අක්කෙ කිසි දෙකට බය වෙන්න එපා.. එක හින්දා ඔය රමෙෂලාගෙ වචන වලින් හෙල්ලෙන්නෙ නැතුව වරෙව් අපෙ පියාපත් සෙවනට... ඉගල් වගෙ තමයි...

    ReplyDelete
    Replies
    1. අපෝ මේ පියාපත් නම් තඹ සතේකට විස්වාස කරන්නෙපා.... ඊගල් නෙවේ ඔය කැහැටු කුකුළෙක්.

      Delete
  51. මගෙ අප්පොච්චියේ වෙලා තියෙන වින්නැහියක්ක්....

    ReplyDelete
  52. සුලුදේවල් ලොකුවට හිතන්න එපා ..දිගටම ලියන්න

    ReplyDelete
  53. හොඳයි ඉන්නෙයි කිව්වට ඉන්නෙත් නැතිනම් යන්නම ඕනෙ නම් ගිහින් එන්නකො.

    henryblogwalker the Dude

    ReplyDelete
  54. මට මේක ආරංචි උනාට මෙහෙම වින්නැහියක් වෙච්චි බවක් දන්නෙ නෑනෙ බොලේ.... ගැමියා මගෙන් අහනකොට බැලුවම ඔයාගෙ බ්ලොග් එක තිබ්බ නිසා මං එයාට කිව්ව දිල් විතරයි වහල තියෙන්නෙ කියල.... වලාමයි....මං නැති ටිකට වෙච්චි හරියක්..... කමක් නෑ... දැන් ආයෙත් ඇවිත් ඉන්නවනෙ....

    අර...අර...කතාවෙ ඉතුරු ටික... හරිනෙ.... :D

    ReplyDelete