හරි පුදුමයි ජිවිතේ. හැමවෙලේම වෙන්නේ අපි නොහිතන නොපතන දේවල්. අපේ ජීවිත වලටත් වෙන්නේ අන්න එහෙම දේවල්. නුලකින් මිදුණු සරුංගලයක් ඉබාගාතේ යනවා වගේ තමයි අපේ ජීවිතත් ඉබාගාතේ යන්නේ.. එත් අපි හිතුවොත් ඒ හැමදෙයක්ම අපිට වෙනස් කරගන්න පුළුවන් .. :)
ආදරේ ජිව්තේම කරගත්ත කෙල්ලෙක්ගෙ කතාව.
බොඳව ගිය දේදුනු.. අද 5 වෙනි කොටස.
මුල් කොටස් කියෙව්වේ නැත්තම් මෙන්න පාර....,
බොඳව ගිය දේදුනු 1 කොටස
බොඳව ගිය දේදුනු 2 කොටස
බොඳව ගිය දේදුනු 3 කොටස
බොඳව ගිය දේදුනු 4 කොටස
මම ඔහේ හිත හිත පාර පුරා ආවෙමි. එපමණයි මට මතක. කොහෙන්දෝ ආපු වාහනයක් මාව යට කරගෙන ගොසින්ය. මට සිහියක් නැත. එහෙත් මට මාව පෙනුනි. මම බිම ලේ විලක් මැදවැතිර උන්නෙමි....
අද එතැන් සිට...
නර්ස් මෙයාගේ විස්තර හම්බුනේ නැද්ද?
නැහැනේ ඩොක්ටර්. කැලණියේ පන්සල ගාවලුනේ ඇක්ස්ඩන්ට් එක වෙලා තියෙන්නේ, මට හිතෙන්නේ මේ ගර්ල් පන්සල් ගිහින්, එකනේ මේ සුදු ඇදුම් ඇදගෙන ඉන්නේ.
පර්ස් එකක්වත් ඉරිරිපත්කරලා නැහැ නේද? දැන් කොහොමද මේ ළමයාව අදුනගන්න නෑදැයෝන්ටවත් ඉන්ෆෝම් කරන්නේ?
කවුද හොස්පිට්ල් එකට බාරදීලා තියෙන්නේ?
ඩ්‍රයිවර්, වාහනය ගෙනිච්ච.
බලමුකෝ පොලිසියෙන් හොයයිනේ.. අනික කොහොමත් මෙයාට කවදා සිහිය එයිද කියලා කියන්න අමරුයි. Keep in touch.
හොදයි ඩොක්ටර්
අනතුරින් කෞමදී ජීවිතය බේරාගත්තේ පෙර පිනකට වාසනාවකට වගේ. පැය ගානක ශල්‍යකර්මයකට පස්සේ කෞමදිට යම්තාක් දුරට සුවය ලබුවාත් ඇයට සිහිය පැමිණ තිබුනේ නැහැ. වෛද්‍යවරුන්ගේ නිගමනය උනේ කෞමදී කෝමා තත්වයකින් සිටිනවා කියලයි. පොලිසිය මගින් කෞමදී වැඩකරන ස්ථානයට කෞමදිගේ මේ මාරාන්තික අනතුර දැන්වීමෙන් පසුව එමගින් විහඟ ටත් ඒ ආරංචිය ගිහින් තිබුනා. ඒ අනුව විහඟ ඇතුළුව කෞමදිගේ මිතුරු මිතුරියන්, බෝඩිමේ මිතුරියට කිහිපවිටක් කෞමදි ව බලන්න රෝහල ට පැමිණියත් ඒ අයට සතුටකට තිබුණු එකම කාරණය වුනේ කෞමදී මරණාසන්න තත්වයෙන් ගැලවීම පමණයි.
විගඟ හැමවෙලේම වගේ කෞමදී අසල රැඳුනේ සැබෑම සෙනෙහසකින් ආදරේකින්...
"කෞමදිට සිහිය එන්නේ නැති වෙයිද ඩොක්ටර්?"
විහඟ වෛද්‍යවරයාගෙන් එහෙම ඇහුවේ සැරයක් දෙසැරයක් නෙමෙයි. ඒ හැම මොහොතකම ඔහුගේ පිළිතුර උනේ..
"අපි කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම දීලා තියෙන්නේ මිස්ටර් විහඟ. අපිට තියෙන්නේ දැන් බලාගෙන ඉන්න එක විතරයි. එයාට සිහිය කොයි මොහොතක හරි එන්න පුළුවන්. දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ඉන්න."
හා හා පුරා කියලා විහඟ පැතුව කෞමදිගේ ආදරය ගැන ඔහු බලාපොරොත්තු තබන්නටත් ඉස්සෙල්ල ඒ සිහින මාලිගා ඔහුගේ ඇස් ඉස්සරහා කැඩිලා බිදිලා ගියා. කරන්න පුළුවන් හැම භාරහාරයක්ම ඔහු කෞමදී වෙනුවෙන් ඔප්පු කළා.
මේ විදියට දින සති ගෙවිලා ගියේ විහඟ ව ගොඩාක් හෙම්බත් කරමිනුයි. එත් ඔහුගේ හිතේ කෞමදී ගැන තිබුණු ආදරය ගලේ කෙටුව අකුරක් වගේ නොවෙනස්ව තිබුනා.
"පුතා"
"ඇයි අම්මේ?"
"මම මේ බලාගෙන ඉදලා බැරි කමට පුතාගෙන් මේ අහන්නේ. ඔයා දන්නවා මම හැමදේටම ඔයාට නිදහස දීලා තියෙන්නේ. ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ඔයා ගන්නේ නැහැ කියලාත් මම දන්නවා. එත් තාත්තාගේ යාලුවෙක් දැකලා තියෙනවා ඔයා හොස්පිට්ල් යනවා හැමදාම. මට දැනගන්න ඕනා ඒ ඇයි කියලා පුතේ? "
"අම්මේ මම මේ දේ අම්මා ට කියන්න කියලා හිටියේ අද නෙමෙයි. ගොඩාක් දවසක ඉදන්. එත් මේ ප්‍රශ්න මගේ ඔලුව හිරකරන් හිටියේ. මම ගැහැණු ළමයෙක්ට ආදරේ කරනවා."
"ඔය වයසේදී ආදරේ ඇතිවීම සාමාන්‍යයි දරුවෝ. ඔයා දන්නවානේ. අපි ආදර සම්බන්දතා වලට අකුල් හෙලන දෙමව්පියෝ නෙමෙයි කියලා.ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නේ? "
"මම මගේ ආදරේ කියුවා විතරයි අම්මේ. එයා උත්තරයක් දෙන්න කලින් එයාව ඇක්සිඩන්ට් එකක් උනා"
"දෙයියනේ "
"ඔව් අම්මේ. දැන් මාස 3 ක් වෙනවා. එයා ට සිහියක් නැහැ. කෝමා එකක් "
හිත කලබල කරගන්න එපා පුතේ. මම හෙට එන්නම් ඒ දරුවාව බලන්න."
"ඇයි අම්මා මටම මෙහෙම වෙන්නේ?"
"දෙවියන්ගේ කැමැත්ත එකනම් අපිට වලක්වන්න බැහැනේ පුතේ. ශක්තිමත්වෙලා ඉන්නකෝ"
විහඟට කෞමදිව මුළු ජිවිතයම විය. එක ඇගිල්ලක් වත් හොල්ලයි කියලා හැම තප්පරයක්ම විහඟ කෞමදිගේ ඒ අහිංසක මුණ දිහා ඇසිපිය ගහන්නේ නැතුව බලාගෙන හිටපු වාර ගණන අනන්තයි.
අනේ මගේ මැණික එන්නකෝ. ඇයි මෙහෙම බුම්මගෙන ඉන්නේ. බලන්න ඔයා මට ආදරෙයි කියලා කියුවේ නැහැනේ. ඔයාගේ ඔය රෝසපාට තොල් වලින් ඒ දේ අහන්න බලන්න මම පෙරුම්පුරන තරමක්. ඔයා ගලක් වෙලා ඇයි මැණික.?
එක සැරයක් නෙමෙයි , සියදහස් වාරයක් විහඟ මේ විදියට කෞමදිට කොච්චර කතා කරන්න ඇද්ද? එත් ඒ හැම වචනයක්ම හුළගේ පාවුනු වචන පවට හැරවුනා මිසක් කවි ගේ සියපත් තුලට ගියේ නම් නැහැ.
එත් එක් දිනක් හදිස්සියේම විහඟ ගේ දුරකථනය නාදවිය.
මතුසම්බන්දයි
ප.ලි.- කාර්යබහුලතාවය නිසා අද කොටස ප්‍රමාණයෙන් ස්වල්ප බවත් මීලග කොටස ඉතා ඉක්මනින් මීටත් වඩා ප්‍රමාණයෙන් දිගින් වැඩි වන බවටත්, එය අවසානයට පෙර කොටස වන බවත් දැනුම්දෙමි.
මේ කතා සැට එක කියවන්න ආවේ අදමයි ඒක නිසා නිස්කලන්කේ කියවලාම බලන්නම් :)
ReplyDeleteහ්ම්ම් කියවන්නකෝ එහෙනම්
Deleteහ්ම්ම් ..එයාට සිහිය ඇවිත් වෙන්න ඇති නේද?
ReplyDeleteඑහෙම වේවිද?
Deleteකෞමදි - විහඟ ලස්සන නම් දෙක.
ReplyDeleteකෞමදිට සහිය එයිද? විහඟගේ උතුම් ආදරේට ඇගේ පිළිතුරු කවර වෙයිද....? කතාව ටිකක් දුකට බර වෙඩියිද වර්ණා...?? :)
දුක හිතෙන අවසානයක් දෙන්නේ නැහැ
Deleteඅයියෝ කෝමා... මම කිව්ව විදිහට කරල නෑනෙ :( අපරාදෙ...
ReplyDeleteහැක හැක ඒ විදියට කලොත් කියවන ඇය කැති පොලු අරන් එයි මාව මරන්ඩ :D
Deleteහලේ... ඔයාගෙ උත්සහය සාර්ථකයි..
ReplyDeleteකොහොම හරි අපේ කුතුහලය උපරිමේටම ගෙනත් දඩොග් ගාල අත අරිනව හරිය දැන් ටීවී එකේ යන ටෙලිඩ්‍රාමාස් වල වගෙ!!!
:ඩී
හෙහේ... ලස්සනයි කෙල්ලෙ.... බෝම බිසී වෙලා තිඋනෙ... අනිත් කොටස් ටික කියෙවුවට කොමෙන්ට් නොකරපු එක ගැන නම් තරහ වෙන්ට එපා ඕන්...!!!!
එහෙම නොකර බැහැනේ මල්ලියෝ.. හිහි
Deleteමම එත් බැලුවා මෙයා මේ කතාව කියවන්නේ නද්දත් ද කියලා
ආ... කෙල්ල කතාව ඉවර කරන්නත් ලෑස්තියිද? කෞමදී බේරුණ එක නම් වාසනාව... බලමු කොල්ලගෙ ආදරේ කොච්චර ශක්තිමත්ද කියලා...
ReplyDeleteඔව් ඩාර්ලිං මට මේක ලියන්න අමාරුයි හිත කලබලයි එකයි :(
Deleteපළවෙනි පාරට මේ පැත්තෙ ආවෙ. කෝමා කියන ලෙඩේ දැන් හැමතැනම තියෙනව වගේ නේද? බලමුකො ඉස්සරහට මොකෝ වෙන්නෙ කියල :)
ReplyDeleteමේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා යාලු. දිගට එන්ඩෝ
Deleteකෝමා තියෙනවා නේන්නම්
දැන්ම සිහිය එන එකක් නෑ නේද??:-/
ReplyDeleteඅද කතාව ගොඩක් කොටයිනේ.ඒ මොකද??:P
ප.ලි. එකේ තියෙන්නේ කතාව කොට මොකද කියලා :)
Deleteසිහිය ඒවිද කියලා බලාගෙන ඉන්නකෝ :)
සිහිය ඒවි නෙද ? ඊලඟ කොටසින්....මේ තරම් ඉක්මනට ඉවර කරන්නෙ ඇයි වර්ණා
ReplyDeleteලියන්න ගත්තම ගොඩාක් අමාරුයි කෙල්ලේ හිතට. එකයි
Deleteකෞමදී .. ලස්සන නමක්..මම ආසවෙන් කියෙව්වා. ලස්සනයි නංගියෝ...
ReplyDeleteතැන්ක්ස් අක්කේ. දිගටම කියවන්න එන්නකෝ :)
Deleteහෆෝයි... කවදා සිහිය එයිද මන්දා. ඒත් කෝල් කරන්න ඇත්තෙ කවුරු වෙන්න ඇත්ද?
ReplyDeleteදැන් දැනගත්තාද මොකටද කෝල් කලේ කියලා
Deleteමමත් ආසාවෙන් කියෙව්වෙ ඉතිරියත් ඉක්මනින් ලියන්න
ReplyDeleteබොහොම ස්තුති. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා
Deleteතව පොඩ්ඩක් ලිව්ව නම් නරකෙයි.....
ReplyDeleteහ්ම්ම් ඔන්න ලිව්වා :)
Deleteමේ කතාවේ කෞමදි ට මිය යන්න නම් දෙන්න එපා. ඒකට පොඩි හේතුවක් තියනවා. ලංකාවෙ පාඨකයෝ නවකතාවල, කෙටිකතාවල, ටෙලිනාට්‍යවල, ප්‍රධාන චරිත මවන පෙම්වතා පෙම්වතිය මියයනවට කැමති නෑ. ඒක මුද්‍රිත කෘතියක් නම් විකිනෙන්නෙ නෑ. ලංකාවෙ බොහොමයක් පාඨකයන් කැමති ජීවිතය ජීවත් කරවන කතාවලට. මේ මගේ පෞද්ගලික අත්දැකීමක්.
ReplyDeleteහැම සාර්ථක කතාවක් පිටිපස්සෙම බිඳුණු හීනයක් තියෙනවා. බිඳිලා ගිය හීනේ අතැරලා දාන්න මම ලොබ වෙන්නේ නැහැ සහෝ.
Deleteලංකාවේ හැම සාර්ථක පොතකම දුක හිතෙන කතාවක් හැංගිලා තියෙනවා කියලයි මගේ හැඟීම..
බලමු කතාවේ අවසානය සතුටු එකක් වේවිද කියල :)
මම හිතුවේ එදා මැරුණා කියලා... හලේ බැලින්නං සිහියනේ නැතිවෙලා තියෙන්නේ
ReplyDeleteපොඩ්ඩක් ලිවුව එක තමා අවුල
අයියෝ මැරෙන්න දෙන්නද එහෙනම් හිහි... :)
Deleteසිහිය ඇවිල්ලා වගේ....
ReplyDeleteබලන්නකෝ :)
Deleteමුල ඉඳන් කතාව කියවන් එන්නම් යාලු...
ReplyDeleteමේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා :)
Deleteකමක් නෑ ඉතින් ජීවිතේ බේරුනා මදැයි. බලමුකෝ ඉස්සරහට.
ReplyDeleteඔව් බලමුකෝ ඉස්සරහට
Deleteඅනේ එහෙම හරි ජීවිතේ බේරුනානෙ..ඒ ඇති... හරිම සංවේදියි..නිකන් ෆිල්ම් එකක් වගේ කතාව යන්නෙ.ලස්සනයි...
ReplyDeleteහ්ම්ම් තැන්ක්ස් හිතු.. බලන්නකෝ කතාවේ ඉතුරු ටිකත් :)
Deleteමගෙ යාලුවෙකුත් ඇක්සිඩන්ට් එකක් වෙලා කෝමා එකකින්ම මැරුනා. කවදාවත් සිහිය ආවෙ නෑ.
ReplyDeletehenryblogwalker the Dude
එහෙමද? එකනම් දුක හිතෙන සිද්දියක්...
Deleteහ්ම්ම්.. ඊට පස්සෙ.. :(
ReplyDeleteබලන්නකෝ :)
Deleteමුල ඉඳන් කියවල නැති හන්ද කොටස් 5 ම එක හුස්මට කියවගෙන ගියා. කතාව ෂොක්.. මරු.. එල
ReplyDeleteබොහොම ස්තුති යාලු.. ඉතිරි ටිකත් කියවන්නකෝ :)
Deleteමේ කොටසත් කියෙව්වා...
ReplyDeleteස්තුති ඔබා මාමේ
Deleteකොහොම හර් ජීවිතේ බේරුනානේ..
ReplyDeleteඑකනම් එහෙම තමයි :)
Deleteකතාව මුල ඉඳන් කියවන් ආව.මේ විස්තර කරන හැඟීම් ගොඩාක් දැනෙනව යාලු..ලස්සන කතාවක්...
ReplyDeleteගොඩාක් සතුටුයි මටත් :)
Deleteඊළඟ කොටසත් බලමුකෝ.... මම මේ කොටස් තුනක් විතර එක දිගට කියවන් යන ගමන්... :D
ReplyDeleteපන්සලට ගිය බවුද්දයෝ මොකටද දෙවියන්ගේ කැමැත්ත ගැන කියන්නේ ? එක නම් හරි නැහැ දරුවෝ..
ReplyDelete