Sunday, March 25, 2012

බලන බැල්මෙන් පෙම්වතා හදුනාගනිමු




බැල්ම කියන්නේ හුගාක් දෙනෙක්ගේ හිත පැහැර ගන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට කිසිදාක නොදුටු කෙනෙක් බලපු එක බැල්මකින් අපේ හිත් ඔවුන් කෙරෙහි බැදුනු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ "බැල්ම" කියන දේ ප්‍රබල දෙයක් කියන එකයි. ඒ කොහොම උනත් ආදරේ කරන දෙන්නෙක් අතර තියෙන සදාදරණිය බැල්ම ඔවුන්ගේ හිත් වලට කොයිතරම් සමීපද....?


ඉතින් ඔයාලගේ පෙම්වතා ඔයාලා දිහා බලනවා ඇත්තේ හුගාක් ආදරෙන් වෙන්න ඇති. එත් අමතක කරන්න එපා එයා ඔයාලා දිහා බලන බල්මෙනුත් ඔහුගේ හිත හදුනා ගන්න පුළුවන්.විශේෂයෙන් ඔහු ඔබ හා දොඩමලු වෙද්දී ඔබ දිහා බලන බැල්මෙන් හොඳේ. ඉතින් මම ඔයාලට ඒ ගැන කියලා දෙන්නම්.


දෑස් දෙස එක එල්ලේම බලාගෙන කතා කරන පෙම්වතා 


බුද්ධිමත් , ඒ වගේම අවංකයි. තම පෙම්වතියට වචනෙකින්වත් බොරුවක් නොකියන මොවුන් ආදරේට ආදරේ කරයි. අහිංසක ගතිගුණ තිබෙන අතර හිත නිතරම තැන්පත් , නිර්මානශිලියි. එහෙත් ඉක්මන් කෝපයට පත්වෙන මොවුන් බොහෝ විට තම මතය තහවුරු කරගැනීමට උත්සාහගනී. දුර දිග නොබලා වැඩ කරයි.


ඔබේ මුණ දෙස බලාගෙන දෑසින් ඉඟි බිඟි පාමින් කතා කරන පෙම්වතා


මදක් රාගධිකයි. එහෙත් එය ප්‍රදර්ශනය කිරීමට මැලි වේ. කැපී පෙනීමට කැමැත්තක් දක්වයි. සමාජයේ ඉඅනප්රිය පුද්ගලයින් බවට පත්වේ.මෙවැනි පුද්ගලයන් කාන්තාවන් අතරේ බොහෝ ජනප්‍රියයි. එහෙත් මුල් ආදරය අවසාන ආදරය කරගැනීමට උත්සාහගනී.ආදරයේ වියෝව දරාගැනීමට ඔවුන්ට ශක්තියක් නැත. ඒ නිසා පෙමින් පැරදුනු විටක පළි ගැනීමට උත්සාහගනී.


ඔබේ පපුව දෙස එක එල්ලේ බලාගෙන කතා කරන පෙම්වතා.


එතරම් අවංක නොවේ. රාගධිකයි. එකවර පෙම්වතියන් කිහිප දෙනෙක් වුවද ඇසුරු කිරීමට දක්ෂයි.නිර්මානශිලියි.කලාත්මක දේ ගැන වැඩි ඇල්මක් දක්වන අතර ඕනෑම දෙයක් ඉක්මනින් වටහා ගැනීමට ශක්තිය තිබේ.නිතරම පෙම්වතිය තනිකර ගැනීමට උත්සාහගනී.මෙවැනි පෙම්වතුගෙන් ඈත්වීම ඔබගේ ජිවිතයට යහපත්ය.


ඔබේ මුහුණ දෙස පමණක් බලාගෙන කතා කරන පෙම්වතා


ජිවිතයේ සියලු දුක්ගැහැට කර්මය අනුව සිදුවන බව කියයි. සිත එක තැනක රඳවා ගනී. පෙම්වතියට දැඩි ඇල්මක් දක්වයි. තීරණ ගැනීමේදී දෙවරක් සිතා නොබලයි. අවංක ගතිගුණ තිබෙන මොවුන් සමාජයේ කැපී පෙනෙයි.


ඔබ දෙස නොබලා බිම බලාගෙන කතා කරන පෙම්වතා


ලජ්ජාශිලිය. අවංක ගති පැවතුම් තිබේ. ආදරය කිරීමට දැඩි බියක් දක්වයි. එහෙත් පෙම්වතියට පැනට හා සමානව ආදරය කරයි.පුංචි දෙකට පවා හිත සසල කරගන්නා මොවුන් හිතින් බොහෝ විට දුක්විඳියි.


ඔබේ දෙකකුල් දෙස බලාගෙන කතා කරන පෙම්වතා


ජීවිතය ගැන අනන්තයටම සිතන්නන්ය. ආදරයට ආදරය කරයි. පෙම්වතියගෙන් සිදුවන පුංචි වෙනසක් වුවද වැඩියෙන් දැනෙයි. මිතුරන් වැඩිපුර හිටියත් සමීප කරගන්නේ  කිහිප දෙනෙකු පමණයි. ඔහු සැබෑ ආදරවන්තයෙකි.


නිශ්චිත ඉලක්කයක් නැතුව ඔබේ සිරුරේ ඕනෑම තැනක් බලාගෙන කතා කරන පෙම්වතා


නිතර තම අදහස් වෙනස් කරගැනී. ආදරය ගැන එතරම් දුරට විශ්වාසය නොතබයි. අනාගතය ගැන දැඩි බලාපොරොත්තු නැත. ලැබෙන ඕනෑම දෙයක් සතුටින් බාරගනී. ගුනවත්ය.


ප.ලි.
ඔන්න පෙම්වතියො මේක කියවලා පෙම්වතා ගැන හිතාගන්නකෝ හිකිස්‌.......,,,,
 පෙම්වත්තු නම් මට  ගුටි දෙන්න එයිද මන්දා :D

ප.ප.ලි. බොඳව ගිය දේදුනු අවසාන කොටසත් දැම්මා. බැලුවේ නැති අයට මෙන්න පාර.
 බොඳව ගිය දේදුනු- අවසාන කොටස

125 comments:

  1. මේකනෙ වැඩේ වර්ණා....ඔය පෙම්වත්තු එක දවසකට කතා කරන්නෙ ඇස්දිහා බලාගෙන..අනිත් දවසට මූණ බලාගෙන..තව දවසකට පපුව දිහා බලාගෙන ..ඊගාවට තව තව දිහා බලාගෙන..ඔය විදියට ඕක දවසින් දවසම වෙනස් වෙනවනෙ..එතකොට කෝමද ඔය සරුපයව තේරුම් ගන්නෙ..??..:D:D:D:D

    ReplyDelete
    Replies
    1. එකනම් බොන්න ඕනා ප්‍රශ්නයක්නේ. දැන් කාලේ ඉන්න පෙම්වත්තු නලක සමනල්ලු අනේ කිරිල්ලියෝ. එයාලව හොයාගන්න වෙනමම මෙතඩ් එකක් හොයාගන්න වෙනවා

      Delete
    2. සරුපයෙක් කියල හිතනව නම් කවදාවත් කොල්ලෙක් සෙට් කරගන්න එපා... පවු අසරණයෙක්.... :)

      Delete
    3. එම්බා කිරිල්ලිය තා සරුපයා කීවේ නිර්මල කොල්ලන්ටය.... කොල්ලන් නරක් කරන්නේ කෙල්ලන්මය.... ලස්සන දේ අගය කිරීම යහපත්ය එනිසා ඒ ලස්සන දේ රසවිඳිම අයහපත් නොවේ.... බැලුවට ගිලිනවයැ

      Delete
    4. @ වර්ණා,

      ඔයා බොනවද?

      Delete
    5. සාතන්@......මම සෙට් කර ගන්නෙ නැහැ..මාව සෙට් කර ගත්තොත් ඉතින් කරන්න දෙයක් නෑ...හැබැයි විශ නැති සරුපයෙක්..!

      Delete
    6. @ හරී- ඇයි මල්ලී කෙල්ලෝ බිව්වම මක් වෙනවද??
      @ කිරිල්ලී- ඔයා මොකද හිතන්නේ හැපින්නියෝ ගැන.. ??

      Delete
    7. @ නාකියා,

      වෙනසක් නෑ බං කොල්ලො බොනවා වගේම තමයි... ඇල්කොහොල් වලට ගෑණු පිරිමි භේදයක් නෑ.. වැඩිපුර ගත්තොත් වෙරි වෙනවා..

      Delete
    8. @ හරී
      පිස්සුද අනේ මම බොන්නේ නැහැ. මම බොන්නේ වතුල :)

      Delete
  2. මමනම් හොයාගන්න ඕනා බිම දිහා බලන එක්කෙනෙක්ව

    ReplyDelete
    Replies
    1. හී.හී..ෂෝයි....එතකොට එයාට නිතරම මැණික් හම්බ වෙනවලු..ඔයා හෙන රිච් වෙනවලු...:D:D

      Delete
    2. ඇනෝ- හා ඇත්තද එකත හොඳයි
      කිරිල්ලි- එක නේන්නම් මේ ඇනෝ රිච් වෙයි :)

      Delete
  3. මෙව්වට අපි කමෙන්ට් කරල වැඩක් නෑනෙ... හැබැයි ඉතිං මම නම් අන්තිම කැටගරියෙ... ආදරය ගැන එතරම් නෙමෙයි කෙහෙත්ම විස්වාසයක් නෑ... ගුණවත්ද කියල දන්නෙ නෑ... :)

    ReplyDelete
    Replies
    1. මම එක ලියද්දිත් හිතුවා ඔයා එක දැකලා ඔහොම කියයි කියලා :පි

      Delete
  4. දැන් අපිට කියන්න දෙයක් නැහැ නේ.කෙල්ලෝම කමෙන්ට් කරපුවායේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්ට එපා ඉතින්. මේ උපදෙස් අනුගමනය කරන්ට :පි

      Delete
  5. පිස්සු...

    මිනිස්සු(ගැහැණු / පිරිමි දෙගොල්ලොම ) ගැන ඔහොම නිර්ණායක හදන්ඩ පුලුවන්නම්.. එදාට මේ ඉර අනිත් පැත්තෙන් පායයි..

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත අනේ. දැන් ඉන්න අයගේ උඩින් ඔපෙ යටින් හපේ :/

      Delete
  6. වර්ණා ත් දන්නා දේවල් :)) අර පළවෙනි ජාතියේ එක්කෙනෙක් හොඳයි නේද..

    ReplyDelete
    Replies
    1. ඔව් නේද අක්කේ. ඒ කෙනෙක්ව තමයි මමත් හොයන්නේ :පි

      Delete
  7. හෑෆූ....මාව නිකන් කැලකෙනව වගේ අක්කියෝ.....

    ReplyDelete
    Replies
    1. අෆ්ෆේ නගෝ ඉක්මනින් ඉඳගන්න කැරකිල්ල වගේ නම් :පි

      Delete
  8. දැන් ඉතින් බලන විදියත් වෙනස් කරන්න වෙයි වගෙ . අපි රැවටෙයි ඕවට මෙකත් මෙ මෙගොලන්ගෙ 64න් එකක් ද කොහෙද කොල්ලන්ව අමාරුවෙ දාන්න ගොතපු.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක් අහ්හ් කට කට ලොකු ජෝන් කෑ ගහන්න එපා මෙයාලට ඇහෙයි අනේ :පි

      Delete
  9. අද ඉදලා ගෑණු ළමයෙක්ගේ ඇස් දිහාම බලාගෙන කතා කරන්න ඕන.. නැත්නම් බෑ මෙයාලා එක එක ඒවා හිතනවා..

    ReplyDelete
    Replies
    1. අන්න හරි දිනේෂ් අයියාට තේරුනා :)

      Delete
  10. Computer screen eken video chat karana boy friend kawuru wage kenek da?

    ReplyDelete
    Replies
    1. අනේ යන්න අනේ ඇනෝ මෙතන ඇවිත් ඕනේනැති පුරශ්ණ අහනවා :/
      ඔව්වට උත්තර මම දන්නේ නැහැනේ :පි

      Delete
  11. අපේ ගැන්සියේ සීනියර් අපිට වඩා වැඩිමල් ලොකු අම්මගේ පුතා තමයි අපේ හැම වැඩකටම ගුරා...ලව් කේස් වලටත් මූ තමයි උපදෙස් දෙන්නේ...මට මූ කී සැරයක් කිව්වද ඒ කෙල්ලගේ පපුව දිහා බලන්න එපා කියලා..මේ පෝස්ට් එකේ මාතෘකාව විතරයි දැක්කේ ඒක මතක් උනා...පස්සේ පපුව ගැන කියලා තියෙනව දැක්කම හිනා ගියා...බිම බලාගෙනම කථාකරනවා දන්නවනං..වැඩේ කියන්නේ ඔය පපුව නිසාමයි ඒකට ට්‍රයි කරෙත්...

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක් ආන්න බලන්න ඒ ලෝලු අම්මගේ ලොකු පුතා මේවා කලින් දන්නවා වගේ.. දැක්කද දැක්කද ඉගෙනගන්න ලමයි අද ඉඳන්ම :)

      Delete
  12. සිරාවටම කියන්නෙ ඔහොම එක තැනක් බලාගෙන කතාකරන එවුන් නම් ඉන්න ව්දියක් නෑ!

    ReplyDelete
    Replies
    1. ඔව් නේද.. හොයමු හොයමු එහෙම අයව,,,

      Delete
  13. ඔබීගෙන් අහන්න ඕනෙ ලව් කොරන කාලෙ එයාගෙ කොහෙ බලාගෙනද මන් කතා කලේ කියල

    ReplyDelete
    Replies
    1. හිකිස්‌.. ඔබා මාමට ගුටි කන්න වෙයිද මන්දා. :පි

      Delete
    2. නෑ...ශේප් එකේ අහල බලන්නං...

      Delete
  14. ඔක්කොටම කලින් එක්කෙනෙක් සොයාගන්න ඕන . ඊට පසේ බලන්න ඕන කොහේද බලන්නේ කියලා . වටිනා අදහස් ටිකක් :D

    ReplyDelete
    Replies
    1. අන්න ඔව් ගිම් අක්කේ. මමත් මුලින්ම එක්කෙනෙක්ව හොයාගන්න එපයි :)

      Delete
  15. හපොයි කෙල්ලනේ ඔය විදියට නං මනින්න ගියොත් විනාසෙ තමයි. මම නං බලනව හැම තැනක්ම. කවුරු උනත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. හෆොයි රාජ් අයියා හැමතැනකම බලනවලු .. ඒ කියන්නේ
      නිශ්චිත ඉලක්කයක් නැතුව ඔබේ සිරුරේ ඕනෑම තැනක් බලාගෙන කතා කරන පෙම්වත

      නිතර තම අදහස් වෙනස් කරගැනී. ආදරය ගැන එතරම් දුරට විශ්වාසය නොතබයි. අනාගතය ගැන දැඩි බලාපොරොත්තු නැත. ලැබෙන ඕනෑම දෙයක් සතුටින් බාරගනී. ගුනවත්ය.

      මෙන්න මේ වගේ කෙනෙක්ද :පි

      Delete
  16. දැන් ඔයා කැමති කොහේ බලාගෙන කතා කරණ අයටද

    ReplyDelete
    Replies
    1. as deka dihaa balaagena kathaa karaan kenekwa ale :)

      Delete
  17. මටනම් හිතෙන්නේ පලි එකේ දෙවනියට තියන එක වෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ මාව බේරගනියෝ හැක හැක හැක

      Delete
  18. මේක කියවල හැම පෙම්වතෙක්ම ඇස් දිහා බලන් කතා කරයි..එහෙම වුනොත් කොහොමද හොයාගන්නෙ.. :O

    ReplyDelete
    Replies
    1. මමත් මේ ගැන කලින් දැනගෙන හිටිය හන්දා ට්‍රයි කරලා කතා කලා... වැඩේ හරි අක්කේ... අනික තව ක්‍රමයක් තියෙනවා ඇස් දෙක දිහා මාරුවෙන් මාරුවට බලන්න්නත් හොඳයිලු....

      Delete
    2. @ සිත්රූ සිහින- මලා එකත් ඇත්ත තමයි,. අයියෝ එතකොට අපි කන්ෆියුස් වෙයිනෙ අහෝ :P

      @ ගැමියා- මල්ලි හොරා නේද දැක්කද

      Delete
  19. අපරාදේ වර්ණා මේ ලියපු එවුව මන් දැනගෙන හිටියානම් වයිපරේ දාගන්න කලින් හොඳට රඟපාන්න තිබුනනේ..

    ReplyDelete
    Replies
    1. හිකිස්‌ හොඳ වෙලාවට :P

      Delete
  20. හිකීස්... අපොය් මේක මට මීට මාස ගානකට උඩදී කියවන්න ලැබුනනම් හරියටම නිගමනයකට එන්න තිබුනා

    ReplyDelete
  21. හහ්..පාට පාට අක්ක මේ පුංචි කෙල්ලන්ව නරක් කරන්න නේද මේව ලියන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැක හැක උඹ පුංචි නැහැ දැන් හලි.. පුංචි කියලා හිතාගෙන ඇති.. මේවා ඉගෙනගනින් :P

      Delete
  22. ඔව්වායින් හොයන්න පුලුවන් නම් බැරියැ!

    ReplyDelete
    Replies
    1. හොයාගන්න සබී... පුළුවන් අනේ.. මම කියනවට කරන්දකෝ :පි

      Delete
  23. අර ශිහාන් සිංදුවකුත් කියන්නේ ඇස් දිහා බලං ආදරේ කියන්න කියල...

    හැමෝම ඇස් දිහා බලන්න ගියොත් නම් හැබැයි වැඩ වරදිනවා...

    ReplyDelete
    Replies
    1. ශිහාන් ඒ සින්දුව කියුවේ මගේ මේ තියරිය දැකලා තමයි බන් පට්ට පට පටාස්

      Delete
  24. අනේ මටනම් ඕවා විස්වාස කරන්න හිතෙන්නෙ නෑ අප්පා...
    තව එක එක දේවල් කියනවානෙ.කන බොන විදිහ, අදින විදිහ, නිදියන විදිහ...හාපොයි..............

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කේ. ඒවා ළඟදීම :)

      Delete
  25. කියවපු විදියට නම් හොදම කෙනා මෙයා. ඔබ දෙස නොබලා බිම බලාගෙන කතා කරන පෙම්වතා
    හොද වුනාට වැඩක් නෑ අනේ මූණ බලන්නැතුව කතා කරන අය නම් මට නම් පේන්න බෑ.
    ඇස් දිහාබලන් කතා කරන අයට කේන්ති යනවනම් ඒක හරිත් නෑ. මොකද මමත් හරි කේන්තිකාරියෙක් නිසා.
    දැන් ඉතිං වර්ණා මොකද කරන්නේ. කොයි දිහා බලන් කතා කරන කෙනෙක්ද අයියෝ හොයා ගන්නේ.....:D
    (මගේ ලගත් පත්තර පිටුවක් තිබුණා දැන්නම් තියෙද දන්නෙත් නෑ. පළමු හාදුවෙන් පෙම්වතා ගැන දැන ගන්න කියලා)

    ReplyDelete
    Replies
    1. හික්ස්
      බට්ටිට හාදු කීයක් ගන්න වේවිද දන්නේ නෑ හරි කෙනෙක්ව හො‍යා ගන්න. :P :D :D

      Delete
    2. බට්ටි අක්කේ මාර සිං එක. අක්කිට වෙනමම ක්‍රමයක් හොයන්න වෙනවා අනේ :)
      පළමු හාදුව අනේ අපොයි හැක හැක හැක

      @ කුබු- හිහි ඒවා කියන්න බෑ

      Delete
  26. හෆොයී මං කතා කරන්නේ අහක බලා ගෙන එතකොට කියන ඒවා හොදට අහ ගන්නත් පුලුවන් අපි දිහා බලන් ඉන්න උන් නෝට් කර ගන්නත් පුලුවන් හොදම දේ තමා ලග පාත ඉන්න ලස්සන ගෑනු ලමයි බලා ගන්ඩත් පුලුවන් ....... හික්ස්

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඒ කියන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ළඟ ඉද්දි වෙන කෙල්ලන්ට බැල්ම දාන විදිය. ඉස්සෙල්ලා ඩ්රින්ක් පස්සේ තින්ක් :D

      Delete
  27. හි හි මම නම් කිරිල්ලි කිව්ව විදියට හැම තැනම බලනවා 75%ක් විතර කෙලින්ම ඇස් දෙක දිහා බලන් ඉන්නවා...මම මේ කතාව අහලා තිබ්බ හින්දමයි ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න පුරුදුවුනේ...ආදරේට අවුරුදු දෙකයි... හරිම සාර්ථක ක්‍රමයක්

    ReplyDelete
    Replies
    1. හප්පේ..මෙන්න සරුපයෙක්..!!

      Delete
    2. අහ්හ් ගැමියා මෙහෙම හිටියට ලේසි පහසු නැහැ වගෙයි :P

      මෙයා සරුපයෙක් නෙමෙයි ඇනකොන්ඩා කෙනෙක් :D

      Delete
    3. ඕං බලන්න ගෑණු ලමයි කොයිතරම් චපලද කියලා.... ඇස් දිහා බලාගෙන කතා කරන්න කියලා මෙතන කෑ ගහලා, මෙච්චර ඇස් දිහා බලාගෙන කතා කරන අහිංසක පරම පිවිතරු කොල්ලෙක්ටනේ සරුපයා කියන්නේ.... සරුපයා කමක් නෑ කියමු ඒත් ඇනකොන්ඩා කිව්වම ඇඬෙනවනේ.....අඩු ගානේ කියහංකෝ ලස්සන සරුපයගේ විද්‍යාත්මක නාමයවත්

      කෙල්ලෝ මේ මිණුම් දඬු වලින් කොල්ලොන්ව මනින්න යනවනම් ඒ කෙල්ලන්ට සොරිම තමා මොකද ඇස් දිහා බලාගෙන පට්ට ලස්සනට කතා කරලා කෙල්ලන්ව මෝඩයා කරන කොල්ලෝ අම්බානක මම දැකලා තියෙනවා... උංම තමා අපිට උපදෙස් දෙන්නෙත්... ඉතිං මම ඒ උපදෙස් අරං අවුරුදු දෙකක් තිස්සේ එකම එක්කෙනෙක්ට විතරයි ඒවා පාවිච්චි කලේ..

      Delete
    4. පව් අනේ මේ ළමයා :පි

      Delete
  28. ඔන්න කොල්ලනේ කියවල බලල හොඳ බැල්මට් එකක් පුරුදු වෙයල්ලා. නැත්තම් පස්සේ දුක් වෙන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. එන්නේ එකනේ. මමත් මේ කොල්ලන්ට උදව්වක් කරන්න හැදුවේ

      Delete
  29. හෆ්ෆා... එහෙනම් කියන්න වෙන්නෙ පෙම්වතාට, "මේ ඇස් දිහා බලන්... දැන් වත් කියන්න මගේ රත්තරං" කියලා..

    හික්ස්ස්.. මරු මරු වර්ණෝ.. බැල්මෙන් වගේ තව තව විස්තර ටිකක් කියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. තව විතර ළඟදීම කෙල්ලේ , බලාගෙන ඉඳලා හොඳ කෙනෙක්ව දැලේ දාගමු අනේ අපි :P

      Delete
  30. අනේ මම හැම ඒවම බලනව නොවැ.. එතකොට ??

    ReplyDelete
    Replies
    1. එතකොට කොට කොට.. එතකොට නම් අනේ මන්දන්නේ නැහැ අප්පේ

      Delete
  31. ඇත්තටම ඔහොම කොල්ලන්ව මනින්න පුළුවන්ද?
    ඔක ඉතින් ඉන්න තුරාවටම එක තැනක් බලාගෙන ඉන්න එකක්යැ :D :D

    ReplyDelete
    Replies
    1. මනින්ඩ පුළුවන් අනේ.. :)
      ඔය මැනලා තියෙන්නේ උඩ කට්ටිය :පි

      Delete
  32. ale mamanam thaama hariyata dakalath naa

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙමද.. එහෙනම් හොඳ බැල්මට් එකක් පුරුදු වෙලා හා හා පුරා කියලා දැකගන්ඩකෝ...

      Delete
  33. ඔය ඉතින් නගා පවුල් කඩලා ගුටි කන්න හදන්නේ.:D නෑ ඇත්තට ඕව හැමතිස්සෙම හරියන්නේ නෑ නගෝ. දැන් මේක බලලා කෙල්ලෝ කොල්ලන්ව දාල ගියාම ඔයාට තමයි ඒ කොල්ලෝ ටික බාරගන්න වෙන්නේ.:P

    ReplyDelete
    Replies
    1. අහ්හ් බුදු අම්මෝ මටනම් බැරියෝ. මම දුවනෝ :පි

      Delete
  34. දැන් එතකොට ඒකත් එහෙමයි නේ.....කොල්ලොන්ට නම් එහෙම හරි මනින්න පුලුවන් එක ගැන සන්තෝස වෙනව අප්ප....කෙල්ලො එහෙමවත් මනින්න පුලුවන්ද.....බුදු අම්මෝ........

    ReplyDelete
    Replies
    1. අනේ යන්ඩ මෙයා යන්ඩ.. කොල්ලන්ගේ චංචල හිත නිසා තමයි මෙව්වා මෙහෙම නිර්මාණය වෙන්නේ. හලි තේරුනාද :පි

      Delete
  35. පාට පාට කෙල්ල මාර රිසර්ච් එකක්නේ කොරල තියෙන්නේ කොල්ලෝ ගැන. අර සැමා වගේ ඔය කියන හැම තැනම බලලා කතා කරන කොල්ලෝ මොන වගේ උන්ද අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. එහෙම උන්දලා ගේ හිත් පහු පහු වෙද්දී කොහු කොහු වෙනවාලු :පි
      ඒ නිසා මේවලින් එක බැල්මක් පුරුදු වෙන්ට :පි

      Delete
  36. මුණ බලන්නෙත් නැහැ.අහක බලන්නෙත් නැහැ.කතාකරන්නෙත් නැහැ.:P ( සිතිවිල්ලක් පමණි )

    ReplyDelete
    Replies
    1. එහෙනම් සුභ අනාගතයක් තමයි :)

      Delete
  37. දැන් මනුස්සයා ඇස් පේන්නෙ නැති කෙනෙක් නම්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් වෙන සාස්තරයක් අනුගමනය කරන්ට වෙයි

      Delete
  38. අර කකුල් දිහා බලාගෙන කතාකරන පෙම්වතා බලන් ගියාම හොඳ එකෙක්නෙ!! ඒක නම් හරිම පුදුමයි!! :D
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. එකනේ. මමත් හොයන්නේ ඒ වගේ එකෙනේක්ව තමයි :) :)))))

      Delete
  39. මම මේලක් එව්වා ඔයා දැක්කෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මම අදයි දැක්කේ. මමත් ඔන්න රිප්ලයි එකක් එව්වා

      Delete
  40. මම නම් කැමතී ඇස් දිහා බලාගෙන කතා කරන කෙනෙකුට. එතකොට ඇස්වලින් කතා කරන්ට පුලුවනිනේ. :D

    ReplyDelete
    Replies
    1. ඇස් කතා කරනවා.. අර සිංදුවකුත් තියෙන්නේ.. එන්නේ ඒ වගේද.. ශොයීඊඊ

      Delete
  41. මම නම් කැමතී ඇස් දිහා බලාගෙන කතා කරන කෙනෙකුට. එතකොට ඇස්වලින් කතා කරන්ට පුලුවනිනේ. :D

    ReplyDelete
  42. මේ ඔක්කොම බොරු... එච්චරයි..

    (මාවම උදාහරණෙකට අරන් කියු බව සළකන්න)

    ReplyDelete
    Replies
    1. අර ඕකනේ කියන්නේ ඉතින් එකපාරටම දඩස් ගාලා ඔක්කොම බොරු කිව්වම හරි යනවද.. අයියෝ මම පව්නේ

      Delete
  43. මේවා පෙම්වතියන් දැකීම පෙම්වතුන්ට අතිශය භයානක වියහැක..

    ReplyDelete
  44. අය්යෝ මම පරක්කුයිනේ!:-/
    අන්ධ පෙම්වතෙක් ගැන හිතන්නේ කොහොමද??:D

    ReplyDelete
    Replies
    1. එයලා හරිම හොඳයි කියලා තමයි :පි

      Delete
  45. පෙම්වතා, පෙම්වතිය බලන විදිය දැන ගන්න හැටිත් දාන්න බලන්න

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවා නැහැ. මොකද පෙම්වතිය බොරු කරන්නේ නැහැනේ :පි

      Delete
    2. අක්කට මන් උදාහරන දෙන්නද?? හී හී

      Delete
  46. දැන් ඉතින් කොහොම බැලුවත් කමක් නෑ. ඒ කාලෙ ගිහිල්ලා. මේ පෝස්ට් එක අවුරුදු ගානකට කලින් දැක්නම් හරි විදිහට බලන්න තිබුණා.

    ReplyDelete
  47. පෙම්වතෙක්ව හොයාගන්න ඕනා ඉස්සෙල්ලම

    ReplyDelete
  48. :D හෆ්ෆා.. මෙතනින් එක්කෙනෙක්වත් ඕනි නෑ වගේ..

    දැන් නංගා හොයන්නෙ කොයිවගේ කෙනෙක්ද.. :P

    ReplyDelete
    Replies
    1. මමනම් හොයන්නේ අක්කේ බිම බලන් කතා කරන කෙනෙක්ව

      Delete
  49. මේකේ අනිත් වර්ෂන් එක එහෙම හම්බවුණේ නැද්ද? පෙම්වතියන් ගැන තියෙන එක. මේක නම් තනිකරම ද්වේෂ සහගත මඩ ප්‍රහාරයක්!

    ReplyDelete
  50. මේක කිව්වෙ කව්ද අප්පා,
    නොබැඳ ඉන්නකෙනෙක්ද?හතරපස් පාරක් බැඳපු කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. මේක කියන්නේ මම කියලා හිතාගන්නකෝ :පි

      Delete
  51. අන්න හරි ඔහොම දමල තිබ්බහම ඔක්කොම කෙල්ලොන්ට ලේසිය් ,,කොල්ලෝ ටිකත් ප්‍රැක්ටිස් කරලා ම යය් කෙල්ලෝ හම්බ වෙන්න...

    ReplyDelete
    Replies
    1. එකනේ, බලන්න මම ඔයාලට කොච්චර ලොකු උදව්වක්ද කරන්නේ කියලා

      Delete
  52. ත්‍රීවිලේක තිබුන " මා ඔබෙ නම් - ඔබ මගෙ නම්, වෙන කාටවත් මොකෝ.? " කියල.

    ReplyDelete
    Replies
    1. හිහි,, එක ඇත්ත තමයි. වෙන කාටවත් මොකෝ

      Delete
  53. මමත් ගොඩක් ප්‍රමාද වෙලානේ මේ පැත්තට ගොඩ වැදුනේ...
    දැන් ඉතින් අපිට පෙම්වතියො නැහැනේ. ලව් කරන කාලේ කොහේ බලාගෙන කතා කලාද කියල මතක නැහැ
    මම ගොඩක් වෙලාවට කා එක්ක හරි කතා කරද්දී ඇස්දෙක දිහා බලාගෙන කතා කරනවා
    අමාරුමනම් කට දිහා බලාගෙන කතා කරලා, ආපහු ඇස්දෙක ගාවට එනවා.... :))))

    ඉස්සර පොඩි එකා කාලේ කෙල්ලෙක් එක්ක කතා කරද්දී පපුව දිහා බලන්නේ නැතිව කතා කරන්නේ හරිම අමාරුවෙන්, මම එපා කිව්වත් ඇස්දෙක ඒ පැත්තට ගිහින් බලන්නමයි හදන්නේ
    හරිම අමාරුවෙන් තමයි හිත හීලෑ කොරගත්තේ.... :(

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ ලොකු ප්‍රමාද වෙලා හරි ආවනේ.. ගොඩාක් සතුටුයි.
      අයියෝ ඔව් නේද.. හ්ම්ම් එහෙනම් ලබන ආත්මෙදිවත් මේවා උදව වෙයිනෙ...

      කෙල්ලන්ගේ පපුවට ඔයාලා ඔච්චර කැමතියිද අෆ්ෆා :පි

      Delete
  54. අනෙ අම්බෝ...මෙයා දන්න ඒවා!!!
    මේ එක්ස්පීරියන්ස් එකෙන්ද අක්කෙ ලිව්වෙ? හික්ස්...

    ReplyDelete
  55. දැන ගත්ත එක හොදයි.. සාමාන්‍යයෙන් මම කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලන තමයි කතා කරන්නේ.. ඒ උනාට ඉතින් පෙම්වතියක් හොයා ගත්තම කොහොම වෙයි ද දන්නේ නෑ.. :D

    ReplyDelete